Saturday 20 August 2011

අපි කාලකන්නියන් වීමු...............

          
හිමිදිරි උදයේ මා පුබුදු වන විට හිරු කුමරු නිල් අහසේ ඩොටේ නැග තිබුනි.අසිරිමත් උදෑසනකි...
වෙනදාට නම් සිරිමත් මගෙ සකි යහපත් ලමයෙකි යැයි කියන්නට වත් ගෙදර එකෙක් වත් නැත.ඒත් අද මොකක්දෝ අමුත්තක් ඇත..
          මේ දවස් ටිකේ ලොකු එකා උසස් පෙල ලියනවාය.(වෙනදාට ඌ පිටත් වන විට මා දොයිය..)එයට කියන්නේ ලියනවා නොව උසස්පෙලට වාඩි වෙනවා කියාය.
                අපි නම් උසස් පෙළට විභාගයට ගියේ වාඩි වෙන්නටය..ඒත් මූ නම් විභාගය ලියනවාමය.මීට පෙර දවස් වල මා අවදි වන විට ගෙදර මොකෙක් වත් නැත
                   අම්මා බෝධිපූජාවකට යයි.නමුත් අද එසේ නැත..මල්ලිට විභාගය දවල් වරුවේය...ගේ සාලයේ පමනක් නොව කාමර වලද දැඩි ඝන මීදුමක් ඇත.එය මී දුම නොව දුම් අල්ලන කබලෙන් නිකුත් වූ දුම බව නහය අල්ලා බැලීමෙන් මම වටහා ගත්තෙමි.මම නැගිට කාමරයෙන් එලියට ආවෙමි...
                  කරන්නට කිසිම වැඩක් නැත..අවුරුද්දක් තිස්සේ මා ගෙදරය.අනේ මම පව් යැයි සිතේ.උසස් පෙලක් කොර ගෙදට්ට නාකි වීමට සිදුව ඇත.හම රැලි වැටී කොන්ඩය ඉදී ඇතැයි කන්නාඩිය ඉස්සරහට ගොස් බැලූ මට පෙනේ.මෙහෙම ගියොත් දීග යාමට සිදු වන්නේ අවුරුදු 40ත් පැනලාය.නෙද්දකින්ය..පූරුවේ අවාසනාවකට උසස්පෙල සමත් වීමේ කරුමය මම ගෙවමින් සිටිමි.පරම්පරාවෙන් පරම්පරාවට මේ දුක විදීමට සිදුවේ නොවේදැයි සතුටු සිතින් විභාගයට යන්නට සැරසෙන ලොකු මල්ලී දුටු විට මට සිතේ.
                මල්ලී විභාගයට යාමට මත්තෙන් ගෙදරින් දොට්ට දැමීමේ නැකතක් ඇත.ඌ ලොකු ලමයෙක් වී දැන් අම්බානෙක කල් ය.කෙලි පැටව් ලොකු වන්නා සේම මූද ලොකුය.ඒත් මේ ගොබිලා දොට්ට දැමීමටද නැකතක් ඇත.
           නැකතට අනුව දොට්ට බහින මල්ලී ඉස්සරහට මල් පිරුනු වතුර කෝප්පයක් රැගෙන එන්නේ අම්මාය.කීප දොහක් කෝප්පය ඉල්ලා ගැනීමට මම තැත් කලෙමි.

'තොගේ අතට කෝප්පේ දීලා මේ කොල්ලගෙත් විභාගේ අනාත කරන්න බෑ'

   අම්මා මට නම්බු දී කතා කරාය.
              මල්ලි අම්මට දණ නමා වදී...තාත්තටද වදී....මගේ දිහාට හැරි කොලොප්පමට සිනා සේ..
මූ මට වදින්නේ නැත.මට වැන්දොත් විභාගය ෆේල් වේවියැයි මූ අන්ද විශ්වාසයක සිටී.කොහොමත් මූ මට වදින්නේ නැත.අවුරුද්දේ නැකැතට යාන්තම් අත් දෙක එකතු කලද වෙන කිසිම වේලාවක වදින්නේ නැත.

      'අඩෝ....ලොකු අයියට වැදපන් ගෙම්බා'

           කවදත් මාගේ සහයට සිටිනා චූටි මල්ලී ගේ අස්සක සිට මොර දෙයි...
      පොඩි මල්ලි යන තුරු සිට මම චූටි එකා ලගට යයි..

   "මොකෝ උඹ අද මගේ පැත්තට කතා කරේ..බොට මොකක් හරි වැඩත් තියේද මට කියලා කරවගන්න'

   'ලොකු අයීයේ..මාත් එක්ක පුස්තකාලෙට යමන් කෝ..'
  මාගේ පැත්තට කතා කිරීමේ හේතුව ඌ එලියට දමයි...මම සිනාසෙයි...
 ඌවත් පුස් සයිකලයේ දමා ගත් මම පුස්තකාලයට යමි.පොත් තෝරන්නේ මමය.ඌ කොරන්නේ බලා හිදීම පමනි.
      ඌ බලා හිදින්නේ මා පොත් තෝරන දෙස යැයි ඔබලා වැරදියට වටහා නොගන්න.ලමා පුස්තකාලයේ පොත් කියවන අහිංසක නංගිලා දෙස මූ අනිමිස ලෝචනය කරයි.
මෙහෙම චූටි මල්ලි කෙනෙක් මට වාසනාවක් ය.මූ හැමදාම පුස්තකාලයේ එන්නේ මේකට බව මට වැටෙහෙයි.
      අනේ අපිත් ඔය කාලේ පහු කරා නේදෝයි සිතා මම සිත හදා ගන්නෙමි.
පොතුත් රැගෙන ගෙදර ආ පසු චූටි මල්ලීගේ බජාර් එකෙන් අපේ ගෙදරට කඩාගෙන පනී...

"මෙන්න...අයීයේ....චූටි ඉන්නවා..."

'ඔන්න කාමරේ ඇති'

  මම පිලිතුරු දෙමි. කාමරයට රිංගන ඇච්චො බැච්චො මොන මොනවදෝ කුටු කුටු ගායි...

'ලොකු අයියේ...මම යනවා...අම්මට කියන්න සෙල්ලම් කරන්න ගියා කියලා'
    එහෙම කියනා ඌ අවලමේ යයි..සුපුරුදු ලෙස මා නිවසේ තනි වෙයි...බ්ලොග් එකේ කුරුටු ගෑමත් කන්නට ලැබෙන කෑම ටිකත් නැති නම් මට මේ ජීවිතේ එපා වී ගොස්ය.
මක් කොරන්නද...
උසස් පෙල සමත් වීමේ පව අපි ගෙවමින් සිටිමු නොවේදෝයි මට සිතේ...

Friday 12 August 2011

හිනා වෙන්න බැරි තරමට.....



වෙනදට මේ පත්තරේ අතට ගන්නේ එක එක විදිහේ ප්‍රවෘත්ති බලන්න උනත් පහු ගිය සති තුන හතරෙදි පත්තරේ අතට ගත්තු ගමන් ඇස් දුවන්නේ නිර්මාණ පිටුවට...
 එකේ තියෙන නිසදැස් එකින් එක කියවනවට වඩා කෙනෙක්ගේ නමක් හොයන එක මගේ දවසේ රාජකාරිය වුනා..

'සදලි නිම්සලා'

පත්තර පිටු අතරේ මගේ ඇස් මටත් තේරෙන්නේ නැතුවම එහේ මෙහේ දුවනවා..
ආ...මේ තියෙන්නේ....

හැරගියා

වහිද්දි හොදටෝම..
සිතත් හැඩුවා මතකයි..
අඩද්දී මුලු සිතම...
ඔබත් හැඩුවා මතකයි..
හඩද්දී ඔබ මා ගාව..
හැරගියා මම ඔබව..
මතකයි මතකයි මතකයි...
             -- සදලි නිම්සලා---

සදලි...මේ ඔයාමද දෙයියනේ!!
 අවුරුදු හතරක් තිස්සේ ඔයා මට දීපු නිසදැස් මිටිය මම එක අතකින් තුරුල් කර ගත්තා..කොල්ලො හරි බොලදයි..උන් බොලද බව එලියට පෙන්නන්නේ නෑ.
ඔව්...මමත් බොලද මම එලියට පෙන්නනේ නෑ...ඒත් මම බොලදයි දෙයියනේ...මමත් ආදරේ කරා..නොසෑහෙන්න ආදරේ කරා...
ආයෙමත් පත්තරේ අතට ගත්තු මම ඇද මිට්ටමට කොට්ටයක් තියාගෙන හේත්තු උනා..එදා දවස තාමත් ඇස් ඉස්සරහා මැවෙනවා...ඒ හැම වචනයක්ම මගේ කන් වලට ඇහෙනවා..දෙයියනේ!! මම බොලදයි...සෑහෙන්න බොලදයි...

'පිස්සු මෙන්ටලේ.....' මොනවද මෝඩියේ කල්පනා කරන්නේ.. අහස අල්ලන්න ප්ලෑන් එකක් වත් ගහනවද?

'හ්ම්ම්ම්ම්ම්ම්ම්.....නෑ '

'කියපන් බන්...මොකක්ද අවුල...ආයෙත් ගෙදරින් බර බරේද පැට්ටෝ...'

 'ගෙදරින් මොන ප්‍රශ්න ආවත් මම ආදරේ කරන එක නවත්තන්නේ නෑ කියලා ඔයා දන්නවනේ මලිතු'

මොකක් හරි ලොකු ප්‍රහ්ස්නයක වගේ..නැති නම් සදලි මෙහෙම හැසිරෙන්නේ නෑ

'එහෙනම් මොකක්ද අවුල..'

"මට මේ මගුලේ විභාගේ කරන්න බෑ..දැන් දෙපාරක් කරා..කිසි තේරුමක් නෑ නේ රත්තරනේ..ඔක්කොටම වඩා හපන් බයෝ පාඩම් කරන්න ගියාම.."

අපෝ...මේකද මේ මහ ලොකු ප්‍රශ්නේ...හැමදාම මේකට උත්තර බැදලා එපා වෙලා අප්පා..

'බෑ කියලා දෙයක් නෑ සදලි..ඔයාට පුලුවන්...මම ඒක දන්නවා හොදටම..ලස්සනට නිසදැස් ලියන එක වගේම මේ පාර එක්සෑම් හොදට ගොඩ දාලා මම ඉන්න ෆැකල්ටි එකටම එන්න පුලුවන් කියලත් මම දන්නවා...'

'මම ආර්ට්ස් කරානම් ඉවරයි මලිතු..එහෙනම් ඔයාව මට හම්බෙන්නෙත් නෑ..මේ කිසිම ප්‍රශ්නයක් ඇත්තෙත් නෑ..'

' ඇයි සදලි...මොකක්ද කියන්න දෙයියනේ වෙලා තියෙන්නේ...'

'මම පත්තරේකට බයෝ ඩේටා එකක් ෆිල් කරලා යැව්වා..එයාලා අලුතෙන ලියන කට්ටියට චාන්ස් එක දෙනවලු...මම එක්සෑම් කරන්නේ නෑ..මට කවදාවත් ඔයාව අයිති වෙන එකකුත් නෑ..ආයේ ජීවිතේ වරද්ද ගන්න බෑ මලිතු..මම දන්නේ ලියන්න විතරයි..ඊට එහා දෙයක් මට බෑ..'

'කමක් නෑ..ඔයා කැමති දෙයක් කරන්න සුදු මැණික..ඒත් ආදරේ මම ගොඩක්...'

එයාගේ හැකියාවට මම විරුද්ධ වෙන්නේ මොකටද...මම තනිවම හිතුවා...

පස්සේ අපි අතරේ විනාඩියක නිශ්ෂබ්දතාවයක්...
 
'මට ඔයාට ආදරේ කරන්නත් බෑ මලිතු..'

අන්තිමට එයා ඒක කිව්වා..ඔව් එයා ඒක කිව්වා..
එයාගේ තියෙන හීන වලට මගෙන් භාදාවක් වෙන හැටි එයා හරි අපූරුවට විස්තර කරා...
 ඔයා යන්න ගියා සදලි..

කදුලු පිරිච්ච ඇස් වලින් මම ආයේ පත්තරේ දිහා බැලුවා..ඔයා හොදට ලියනවා..ඇත්තටම ලස්සනට ලියනවා.මම වගේම ගොඩක් අය ඔයා ලියන ඒවා කියවනවා ඇති...
ගිය කෙනෙක් වෙනුවෙන් අඩන්න මම බොලද වැඩියි සදලියෝ....ඇත්තටම බොලද වැඩියි....

මතකය...
 හැර යන්න ගිය ඔබව..
සොය සොයා හැම තැනම...
හන්ගමින් කදුලු කැට..
නොසලමින් දෑස්පිය...
බලා හිදිනා...
මේ දෑස බොලද දෝ...
සිතුනා..මට සිතුනා


Sunday 7 August 2011

ජනක සර්............................



පොත පතයි ජීවිතෙයි
මතකයි...
කියා දුන්න ඔබ අපිට...
එපා හොයන්නට ගුරුත්ව කේන්ද්‍රය
එපා සමතුලිත කරන්න වස්තුවක්
තමන් සමතුලිත වෙන්න....
කෙලින් වැඩ කරන්න...
අපිට නොදැනෙන්න
ලියා තැබුවා අපේ හිත් වල....
ඒකාකාර ප්‍රවේගයෙන්
ජීවිතේ ගෙනියන්න....
එපා ත්වරණය කෙදිනවත්,
නොලිව්වත් පොත් පත් වල...
ඇදී තිබුනා අපේ හිත් වල...
දෙන්න බලයක් ඔබ හිතට
දිනන්නට මේ ජීවිතේ....
ජය ගන්න කෙදිනක හෝ
වැජඹෙන්න මේ ලෝකයේ.... .


අදින් පසු අප විසිර යාවි,
ඔබ අපට දුන් අත් වැල බිදේවි.....
මතකේ ඇති තුරු ඔබේ පාඩම්
වැටෙන්නෑ අප ජීවිතේ...

දයාබර ජනක සර්,
මහා බර වචන නෑ අපිට....
අපි තාම පොඩි උන්...
ඔබ කතා කරා අපෙ හිත්වලට
ඉගැන්නුවා ආදරෙන් අපිට....
අපි යන්නම් සර්,
ගිහින් එන්නම් කියා නොව
හැමදාම ඉන්නම් කියා ඔබ සමග......
පුදුම නොවන්න.....
ඔව්,
ඔබ ඉන්නවා අප සමග හැමදාම......
පොත පතේ නැති උනත්...
අපේ පුංචි හිත් වල...


                        මේ දවස් වල බ්ලොග් එක පොඩ්ඩක් අප්සට්..ඒක නිසා මුකුත් අලුත් දෙයක් ලියන්න හිතෙන්නෙම නෑ.කතා නම් මහ ගොඩක් තියෙනවා කියන්න..ඒත් බ්ලොග් එකේ ලෙඩේ නිසා කොච්චර වෙලා තිබුනත් දාන්න හිතෙන්නේ නෑ..මේක හදලා දෙනවා කිව්ව සදරු සර් මගුලක ගිහිල්ලනේ..ඉතින් පොර එනකල් මෙහෙම ලාවට නිසදැස් වලින් ශේප් වෙනවා...

Tuesday 2 August 2011

( තමුසේ ගේ ) මල ඉලව් ආදරේ.............


මම ඔයාට ආදරේ නෑ
නෑ නෑ..... වැරදුනා..
මම තමුසෙට ආදරේ නෑ
තමුසේ මට ආදරේ කරනන්න එපා..
තමුසෙගේ ආදරේ සාපේක්ෂයි නේ...
මගේ ආදරෙත් සාපේක්ෂයි...
මුකුත් කරන්න එපා....
ආදරේ කරන්න එපා...
මම කරන්නෙත් නෑ
මම මොකෙක්ද.....

මාර උජාරුවෙන් කියනව නේ....
අරූ ගැන මූ ගැන....
මට වඩා ගොඩක් උන් ආදරෙයිලුනේ
ඉතින්,
කරගන්නවා උන් එක්ක ආදරේ...
මල ඉලව්ව....
ඉතින් තමුසේ
ආදරේ කරන්න එපා..
රෙද්ද....
බය වෙන්න එපා
මම ආදරේ කරනෙන්ත් නෑ.....