Sunday 7 August 2011

ජනක සර්............................



පොත පතයි ජීවිතෙයි
මතකයි...
කියා දුන්න ඔබ අපිට...
එපා හොයන්නට ගුරුත්ව කේන්ද්‍රය
එපා සමතුලිත කරන්න වස්තුවක්
තමන් සමතුලිත වෙන්න....
කෙලින් වැඩ කරන්න...
අපිට නොදැනෙන්න
ලියා තැබුවා අපේ හිත් වල....
ඒකාකාර ප්‍රවේගයෙන්
ජීවිතේ ගෙනියන්න....
එපා ත්වරණය කෙදිනවත්,
නොලිව්වත් පොත් පත් වල...
ඇදී තිබුනා අපේ හිත් වල...
දෙන්න බලයක් ඔබ හිතට
දිනන්නට මේ ජීවිතේ....
ජය ගන්න කෙදිනක හෝ
වැජඹෙන්න මේ ලෝකයේ.... .


අදින් පසු අප විසිර යාවි,
ඔබ අපට දුන් අත් වැල බිදේවි.....
මතකේ ඇති තුරු ඔබේ පාඩම්
වැටෙන්නෑ අප ජීවිතේ...

දයාබර ජනක සර්,
මහා බර වචන නෑ අපිට....
අපි තාම පොඩි උන්...
ඔබ කතා කරා අපෙ හිත්වලට
ඉගැන්නුවා ආදරෙන් අපිට....
අපි යන්නම් සර්,
ගිහින් එන්නම් කියා නොව
හැමදාම ඉන්නම් කියා ඔබ සමග......
පුදුම නොවන්න.....
ඔව්,
ඔබ ඉන්නවා අප සමග හැමදාම......
පොත පතේ නැති උනත්...
අපේ පුංචි හිත් වල...


                        මේ දවස් වල බ්ලොග් එක පොඩ්ඩක් අප්සට්..ඒක නිසා මුකුත් අලුත් දෙයක් ලියන්න හිතෙන්නෙම නෑ.කතා නම් මහ ගොඩක් තියෙනවා කියන්න..ඒත් බ්ලොග් එකේ ලෙඩේ නිසා කොච්චර වෙලා තිබුනත් දාන්න හිතෙන්නේ නෑ..මේක හදලා දෙනවා කිව්ව සදරු සර් මගුලක ගිහිල්ලනේ..ඉතින් පොර එනකල් මෙහෙම ලාවට නිසදැස් වලින් ශේප් වෙනවා...

26 comments:

  1. ජනක වගේද බොල පුස්සැල්ල සර් කියද්දී

    ReplyDelete
  2. මාත් ජනක සර්ගෙ ගියේ හරි නිදහස් මනුස්සය නේ.
    කොටින්ම බදින්න නැකතක්වත් බලල නෑ.
    ගෙදට්ට පෙන්නන්න ඕන නිසා බොරු වෙලාවක් එයාම හදලා.
    (දැක්ම)

    ReplyDelete
  3. ගුරුවරයා කියන නම ලද්දට හැමෝටම සැබෑ ගුරුවරු වෙන්න බෑ.. ඒකනේ සමහර චරිත විතරක් දරුවොන්ගේ හිත් වල අමරණීය වෙන්නේ..

    ReplyDelete
  4. දුර බැහැරින් සිටින සරසවි කඩ ඉමට
    දුර බැහැරින් සිටින කොලබට දරු දැරිය
    පෙන්වා දෙමින් යන මාවත් දියුණුවට
    ඔබ කරනා මෙහෙය දැනෙනවා දැනුදු මට

    සරසවි යන්න නොව දියුණට යන පාර
    ගණිතය මෙන්ම දිවි ගැටලුව විසදීම
    ඔබ දෙන වදන් වල ඇති ඒ ලොකු හයිය
    වෙනුවෙන් ඉඩක් මගේ බ්ලොගයේත් ලැබෙනු ඇත

    ReplyDelete
  5. ජනක සර් ට ජය වේවා..

    ජය..

    ReplyDelete
  6. මමත් ඒ ලෙවල් කාලේ පන්තියකට ගියා, විෂය ඉගෙන ගත්තටත් වඩා ලොකු ආදර්ශයක් ඒ ගුරුතුමන්ගෙන් මම ලැබුවා.... ඔහු.. අමිත් පුස්සැල්ල ගුරුතුමා...

    විෂය ඉගැන්වීමෙන් එහා ගිය විශාල මෙහෙයක් කරන ගුරුවරු ගොඩාක් ඉන්නවා... ඔවුන් සියලු දෙනාටම බොහෝ පින්... !!!

    ReplyDelete
  7. නදුන් උයනයි චාටර් කොල්ලයි වගේ මාත් ගිහින් තියෙන්නේ අමිත් පුස්සැල්ල ගුරු තුමාගේ පංති වලට. !!!!

    අන්න නියම සර්ලා !!!!!1 පටේ පට්ට.

    ReplyDelete
  8. ජීවිතේ ගැන කියලා දෙන ගුරුවරු හරි අඩුයිනෙ...එහෙම ගුරුවරු ළමයිනෙ හිත් වලින් මැකෙන්නෙ නෑ... සාදාකාලිකවම රැදෙනවා...

    අමිත් පුස්සැල්ල සර් ගෙ මාත් ගියා....සර් නම් ගොඩාක් ආදර්ශ ගන්න පුළුවන් චරිතයක්...:)

    මේ ජනක සර් ටත් දීර්ගායුෂ ප්‍රාර්ථනා කරනවා...!!!ජය...!!!

    ReplyDelete
  9. @චාටර් කොල්ලා-කට තිබ්බ පලියට කියවන්න එපා බුරුවො...මුකුත් දන්නෙ නැත්නම් කට වහගෙන හිටපන්

    ReplyDelete
  10. කමෙන්ට් එකක් දාන්න හිතුනෙ කට්ටියගෙ කමේන්ට් දැකලා.
    ජනක සර් ගැන ගොඩක් දේවල් අහල තියනවා.අපේ යුනි එකට දකුණු පලාතෙන් එන අයගෙන් 99.99% මේ සර් ගෙන් තමා ඉගනගෙන තියෙන්නෙ.
    මමත් අමිත් පුස්සැල්ල සර්ගෙ පන්ති ගියේ. අදටත් සර් ට පුදුම ආදරයක් තියෙන්නෙ. ගුරුවරුන් අතර ගුරුවරයෙක්...

    ReplyDelete
  11. මමත් ගියේ ජනක සර්ගෙ කාලාස්... කැම්පස් නොගියේ අපේ වරදින්...

    ReplyDelete
  12. math janaka srge clz yana kenek... pusuma widye sahallu charithayak..hugak watina sr kenek.. ape jiwithe hugak waradi hadagnna puluwn widiyata apita avawada dena sr kenek.. janaka sr...

    ReplyDelete
  13. මමත් ගියේ ජනක සර්ගෙ ක්ලාස් එකට තමා (මාතර)...ඒලෙවෙල් වලට ගණිතය ඉගෙන ගන්න සර්ගෙ ක්ලාස් එකට ගියත් ගණිතයට වඩා බොහෝ දේවල් සර්ගෙන් ඉගන ගත්තා...ඇත්තෙන්ම අනිත් සබිජෙට් ගොඩ දාගන්නත් ඒ උපදෙස් ගොඩාක් වැදගත් වුනා...
    ජනක සර්ට වඩා ගණිතය දන්න තවත් ගුරුවරු ලංකාවෙ ඕන තරම් ඇති..ඒ වුනත් ගුරුවරයෙක් විදියට මට තාමත් හම්බවුන හොඳම ගුරුවරයා ජනක සර්...
    රත්ගමයො මෙහෙම කිව්වට තරහ වෙන්න එපා හොඳෙයි...ජනක සර් ගැන කියන්න උබ ලිව්ව මේ කවි මදියි කියලයි මට නම් හිතෙන්නෙ...
    ජනක සර්ට ජයෙන් ජය...

    ReplyDelete
  14. මම හිතන්නෙ මෙතන කමෙන්ට් දාපු අයගෙන් වැඩිමලා මම.ඒ කියන්නෙ ජනක සර්ගෙ ක්ලාස් ඉස්සෙල්ලාම යන්න ඇත්තෙ මම.ඒව‍ගේ ගුරුවරයෙක් ආයෙ ජීවිත කාලෙම මුනගැහෙන්නෙ නෑ ෂුවර්.

    ReplyDelete
  15. "ගොඩක් අය සතුටු කරලා සතුටු වෙන්න, ඒ මුල්ම කෙනා අම්මයි තාත්තායි කර ගන්න..." ජනක සර් අපිට කියලා දුන්න දේවල්වලින් හොඳටම මගේ හිතට වැටුන උපදෙස තමයි ඒක... තවමත් ඒ වචන ටික සර්ගෙ කටහඬින්ම මගේ හිතේ රැදිලා තියෙනවා...

    ReplyDelete
  16. මම බයෝ කලත් ජනක සර්ගෙ මාස දෙකක් මුලින් ගිය කාලෙ ඉඳන් දැනටත් [දැන් බයෝ නෙ කරන්නෙ.] මටත් ෆිට් වෙච්ච සිරාම සිරා සර් ජනක සර්.

    ReplyDelete
  17. කාටද බං ජනක සර් කියන්නේ...

    ReplyDelete
  18. නෙත්මානේ නොවුනත්
    ඔබ පෙවූ ගුණ සුවදත්
    එලිය දෙයි තවමත්
    ඊයේ අද තව හෙටටත්

    දැනුම තරගය දිනුමට
    දිරිය සටනේ දිවියට
    තමන්ටද තව පරහට
    සැබෑ විරුවෙකු එලියට

    ගණිතයේ ඇති රස වින්දා
    විසිරී ගිය සිත බැන්දා
    මනුදම් ගුණදම් රන්දා
    අප සරසවියට කැන්දා

    ReplyDelete
  19. බලාගෙන ගියාම කට්ටියම ගිහින් තියෙන්නේ ජනක සර්ගේ නේ???
    කියන්න වචන නෑ ජනක සර් ගැන නම්...මගේ ජීවිතෙත් හම්බ වෙච්ච හොඳම ගුරුවරයෙක්..

    ReplyDelete
  20. මේ රටේ හොද ගුරුවරු ගොඩක් ඉන්නවා.ඇත්තටම ඒලෙවල් ගුරුවරු ශිෂ්‍යයන්ට තමන්ගෙන් ඉටුවිය යුතු යුතුකම් හොදින් ඉටු කරනවා.ඒකට විශ්ව විද්‍යාල වල.දැන් රත්ගමයාලත් ලගදිම යනවනේ ගියාම තේරෙයි.

    ReplyDelete
  21. මම ගිය පන්තියට අල්ලපු පන්තියේ තමා ජනක ස්ර් ඉගැන්නුවේ...

    ආ ඒක නෙවෙයි.. ස්ර් කියවනව ද බ්ලොග්...

    ReplyDelete
  22. ජනක, පුස්සැල්ල, සර් ල දන්නැති වුනත් ලිව්වෙ නැත්තන් කපනව කිව්ව හින්ද ඔන්න ඔහෙ ශේප් වෙන්ඩත් එක්ක කොමෙන්ට් එකක් දැම්ම, දැන් කැපිලි කෙටිලි වලින් බේරුනා නේද?

    ReplyDelete
  23. මෙන්න මූ නිසදැස් ලියනවෝ......

    ReplyDelete
  24. අනිවා.. මමත් දැක්මේ ගියේ.. සර් අපිට කවමදාකවත් අමතක වෙන්නේ නම් නෑ.. ඒක් ඉර හඳ වගේ ෂුවර්..

    ReplyDelete
  25. කොහොම හරි සර්ගේ මේල් එඩ්‍රස් එක හොයලා මේක මේල කොරපං .........

    ReplyDelete

ඔබේ වචන මට හයියකි...මේතන ලියා යන්න(ඔන්න හොදින් කිව්වා..අඩෝ...ලිව්වේ නැතිනම් කපනවා ඩෝ...)