Monday 31 January 2011

ලෝක කුසලානය සහ කලාව විකිනීම



අපේ රටේ ජනප්‍රියම ක්‍රීඩාව ක්‍රිකට් ය.එය අවිවාදයෙන් පිලිගත යුතුය.ලෝක කුසලානයට ඇත්තේ තවත් මාසයකටත් වඩා අඩු කාලයකි..
කලාකරුවා යනු අපේ රට නියෝජනය කරන්නා වූ වටිනා සම්පතකි.මේ වන විට කලා කරුවා යනු එදා වේල වෙනුවෙන් කඩේ යන බොම්බයි මොටයි චරිත බවට පත් වී අවසානය.රූපවාහිනී හෝ ගුවන් විදුලිය දැමූ විට වැඩිපුරම ඇහෙන්නේ මොවුන් අපේ රටට ලොක කුසලානය ගෙන ඒමට දරනා මහන්සියයි..එකාට එකා නොදෙවෙනි වෙමින් එක පිට එක ලෝක කුසලානය වෙනුවෙන් ගී නිරමානය වේ.ගීතය ගයා අවසානයේ පවසන්නේ ''මේක වෙනස්ම ගීතයක්.අපේ රට ගැන කැක්කුමක් ඇති වෙන විදිහට තමා මේක නිර්මානය කරලා තියෙන්නේ.රට වෙනූවෙන් යුතුකම මම ඉටු කරා'' ආදී වදන්ය.
             මේ කලා කරුවාම එදා සුනාමිය වෙනුවෙන් ගී ගැයුවේය....නියගයකටද ගී ගැයුවේය..වහිනා විටද ගී ගැයුවේය..මහින්ද රාජපක්ෂ ජනාධිපති කරන්නට ගී ගැයුවේය. ඒ ගීත මගින් වේරලියද්දලා,සහේලිලා රූකාන්තලා ගොඩ ගියෝය..අද ගීතය යනු එදා වේලා හම්බකර ගන්නා මගක් වී අවසානය...ඔය කලා කරුවාම ඔඩෙල් එකෙන් බඩු හොරකම් කර හිරිකිත ලෙස තවමත් රගපායි..අදාල මාධය ආයතනද තම කුට්ටිය වඩා ගැනීමට ඒවා යට ගැසීමට උත්සහා කරයි.. විශිෂ්ට කලාකරුවෙකු වන ජයලාල් රෝහන මහතා පැවසූ වදනක් මෙහිදී සිහිපත් කිරීමට කැමැත්තෙමි.."අද කඩේකට යන්න බෑ..ගියාම මුලු ඇගම චෙක් කරනවා...ඒ මිනිස්සු හිතන්නේ අපිත් හොරු කියලා..ඔන්න ඕකයි අද කලාකරුවගේ තත්වය"
                                      එදා 1996 ලෝක කුසලානය දිනා ගැනීමට පසු නිර්මානය උන 'පුන්සද පායා මගෙ රට දිලෙන්නා'' ගීතය තවමත් අපට අමතක නැත්තේ එය හතු පිපෙන්නා මෙන් නිර්මානය වූවක් නොවු බැවිනි.අද ලෝක කුසලානය වෙනුවෙන් කොපමන ගී නිර්මානය වී ඇද්දැයි කිසිවෙක් නොදනී..
                    එසේම......


                    අද ගායකයා යන වචනයට තේරුමක් දීමට සමත් කිසිවෙකුත් නොසිටී...හෙට ඔබත්,මමත් අපි සැවොමත් ගායකයෝ වෙමු..මක්නිසාද ඔබට,මට අපිට ගීතයක් ගායනා කරන්නට නොහැකි බැවිනි......


                        --------------------ඉලන්දාරියා වෙනුවෙන් අපි ---------------

Saturday 29 January 2011

රත්ගමයා අලුත් තැනක ආයේ බ්ලොග් එක ලියනවලු...........



රත්ගමයා බ්ලොග් කෙරුවාවට ඇවිල්ලා මාස 6ක් විතර ඇති මයේ හිතේ.මේ මගේ අලුත් බ්ලොග් එක..''කලින් බ්ලොග් එකට මොකද මලයෝ, උනේ'' කියලා ගොඩක් අය මගෙන් අහනවා.
ඒක ගොඩාක් දිග කතාවක්..රත්ගමයා ලියපු මාස 3 මගේ ජීවිතේ වැඩියෙන්ම සතුටු උන මාස කීපයක් තමා..ජීවිතේ විදින්නේ කොහොමද කියලා බ්ලොග් ලියන කාලේ ඉගෙන ගත්තා.ඉස්සර සමහර විට මාසෙකට බ්ලොග් පෝස්ට් 20ක් විතර දානවා.මාස 3ක් ඇතුලත ගොඩාක් යාලුවෝ හම්බුනා.එයාල තාමත් බ්ලොග් එක ලියනවා..ඒත් රත්ගමයා බ්ලොග් එක නැවැත්තුවා..නැවැත්තුවම ගොඩක් අය හෙව්වා..ඊමේල් ආවා ගොඩාක්..මුහුනු පොතේ දන්න දන්න හැම කෙනාම ඇහුවේ මොකෝ යකෝ ලියන්නේ නැද්ද කියලා.මට දෙන්න උත්තරයක් තිබුනේ නෑ..මාසයක් ඇතුලත 10,000 ක් බ්ලොග් එක බලලා තිබ්බා.. 80ක් විතර යාලුවෝ රොත්තක් හිටියා..
මෙච්චර කට්ටිය රත්ගමයට ආදරේ කරනව කියලා මම දැනන් ඉදියේ නෑ..අඩුම ගානේ මම වත් දැනන් ඉදියේ නෑ මට ලියන්න පුලුවන් කියලා.ඒත් ලියන පෝස්ට් එකකට කොමෙන්ට් වැඩටෙනකොට දැනෙන සතුට කියලා නිම කරන්න බෑ..දැන් රත්ගමයා අලුතෙන් බ්ලොග් එක පටන් අරන්...ඒ නමින්ම වෙනස් තැනක..ගොඩක් දෙනෙක් දන්නේ නෑ ඒක...රත්ගමයත් ලියන්න කම්මැලි වෙලා..මොකද කියන්න දන්නේ නෑ..ඉස්සර රත්ගමයව ඉස්කෝලේ යාලුවෝ හිතන් ඉදියේ නිකම්ම නිකම් කොල්ලෙක් කියලා..ඒත් රත්ගමයා මට වටිනා කමක් දුන්නා...දැන් මොකක් හරි ලියමනක් ලියව ගන්න උනාම කියන්නේ...''අඩෝ. අරූට ලියන්න පුලුවන් ඔය වැඩේ ඌට බාර දෙමු කියලා....ඉතින් මේ රත්ගමයා මට වටිනවා...දැන් ඉතින් ආයෙත් වැඩ පටන් ගන්න කාලේකියලයි මම හිතන්නේ..මගේ ඉස්සර යාලුවෝ ඔක්කොම ආයේ මේ පැත්තේ එයි කියලා හිතනවා.......


ඔන්න කට්ටීය ලෑස්ති නේ....නැවතත් බ්ලොග් අවකාෂයේ කුප්පම කුප්ප...අප්පිරියම බ්ලොග් එක පටන් ගන්නයි යන්නේ.......එනව නේ මේ පැත්තට.......???

Wednesday 26 January 2011

~~නිහඩ ලොව බිදින්න~~

ජීවිතේ හරිම පුදුමාකාර දෙයක්.....ඉලංදාරියාගේ කතාවත් අහමු....
 ----------------------------------------------------------------------------------------------------------
මිනිස් ජිවිතය හරිම පුදුමාකාරය, විටක සතුට දොරේ ගලා යයි, විටක දුක් කරදර නිමක් නෑතිව පෑමිනෙයි.මගේ ජිවිතයෙත් මම සතුටින් කාලය ගතකල කාලයක් තිබුනා. හරිම සෑහෑල්ලුවෙන් මම ජීවිතය විදිමින් හිටියා. ඒත් කාලයා මගේ සතුට උදුරාගෙන එවෙනුවට කදුළුවල ඝනකම මට තිලිණ කලා. අද මම මේ ලියන හෑමදේම මට සටහන් කරන්නට තිබුනේ මීට හුග කලකට කලින්. මම මේ ගෑන සටහන තබන්නට සිතු සෑම මොහොතකම එය වෑලකී ගියා.
 එත් අද මේ සියල්ල පවසා ඔබේන් උපකාරයක් බලාපොරොත්තු වන තරමටම කාලයේ අදෘශ්යමාන හස්තයට මම නතුවෙලා. යමක් කමක් තේරෙන කාලයක ඉදලා මගේ තිබුන හිනය උනේ රුපවහිනි සංස්කාරක වරයෙක් වෙන්න. මම හෙමින් හෙමින් විවිද කඩයිම් පසුකරමින් ජිවිතේ ඉදිරියට ගෙවාදමමින් සිටියා. අතර තුරදී මට ලංකාවෙ ප්රසිද්ද රෑපවාහීනි වැඩසටහන්  ආයතනයකින් මගේ සිහින රැකියාවට කැදවීමක් ලැබුණා... මම ඉතාමත් ආශාවෙන් රෑකියවෙ නිරතවෙමින් තවදුරටත් රුපවාහිනී මාධ් පිලිබදව ඉගෙන ගත්තා. රුපවාහිනි අධ්යක්ෂනය,  නිශ්පාදනය පිලිබදවත් මට ඉගෙන්ගන්න ලෑබුනා .. වගේම රූපවාහීණී වැඩසටහන් සහාය අධ්යක්ෂණයටත් අවස්ථාවන් ලැබුනා. නමුත් තනතුර හොබවන්නට මට අවස්ථාව ලැබුනේ එකම එක ඒකාන්ගික ටෙලි නාට්යයක පමණයි.. මේ කාලයෙදි තමයි මගේ ජිවිතේ සතුටින්ම ගතකරපු කාලය, ඒත් සතුට පෑවතුනේ ඉතාම කෙටි කාලයක් පමනයි ... මේ කාලය තමයි මගේ ජිවිතේටකනකොකා හඩන්න පටන් ගත්තේ.. මම දෑක්ක හෑම හීනයක්ම මගේ ඉදිරියේදීම බොදවෙලා සේදිලා ගියා.
හිටි හැටියෙම මගේ එක කනක ශ්රවනය දුර්වල උනා. එක්කම ටික දවසකින් එය සම්පුර්නයෙන්ම නෑසීගියා. එවගේම අනිත් කනෙත් ශ්රවනය දුර්වල වෙන්න පටන් ගත්තා. පළමු කනේ ශ්රවනය දුර්වල වෙන්න පටන් ගත් මොහොතේ සිටම අද දක්වාම වෛද් ප්රතිකාර සදහා යොමු උනා. නමුත් අවාසනාවට මගේ කන් දෙකේම ශ්රවණතත්වය පහල  යාම නතරකරගන්නට බෑරි උනා. සියල්ල මෙසේ වෙද්දි මාස තුනක කාලයක් සදහා මට ශ්රවණාධාරකයක් බාවිතා කිරීමෙන් පිහිටක් ලබා ගත්තා. නමුත් තව තවත් මගේ කනට සම්බන්ධ ස්නයු දුර්වල වුනා. මගේ ඈසෙමින් තිබු එකම කනත් නෑසී ගියා(බිහිරිඋනා). මෙ සියල්ල සිදුවී දෑන් වසර එකහමාරක ටත් වඩා කාලයක් මම බිහිරි බව විදිමින් සිටිනවා. මේකාලය තුල මම ජිවිතේ දී වින්ද වේදනාව කියා නිම කරන්නට මට පුලුවන් කමක් නෑ.. . ගොඩක් වෙලාවට මගේ බ්ලොග් එකේ මම මගේ දුක කවි ලෙසින් පිට කලා.
මම කෙමෙන් කෙමෙන්න සමාජ ගතවිම අත්හරිනු ලෑබුවා. ගෙදර අය පවා යමක් මට පෑවසීමට ඈත්නම් කොලකෑලිවල ලියා දෙමින් අදටත් ..මා සමග සංනිවේදනය ගොඩනෑගිමට මහත්වු ප්රයත්නයක් දරමින් සිටිනවා.මම ගෙවාදෑමු මුසල කාලය පුරාවටම මම මගේ යහලුවන් ගෙදර අය සහ බොහෝ දෙනා සමග අදහස් හුවමරු කලේ කොල කෑලිවල ලියමින්. වෛද් වරුන්ගේ මතය වී ඈත්තේ තවත් අනපේක්ෂිත කාලයකින් මගේ කතා කිරිමත් නෑතිවනු ඈතිබවයි.
ජාතික රොහලේ උගුර කන නාසය පිලිබද ප්රධාන විශේෂඥ වෛද් ශාන්ත පෙරේරා යටතේ සෑත්කමක් කල අතර එයිනුත් කිසිම ප්රතිඵලයක් සිදුවුනේ නෑ ... නමුත් දෑන් මාහට ශ්රවනය නෑවත ලබා ගෑනීමටනම් කර්නශන්ඛ බද්යක් කලයුතු බව වෛද් නිගමනයයි. ඒසදහා අවශ් කරන උපකරනය ගෙන්වා ගෑනීම සදහා යන වියදම වු රුපියල් ලක්ශ 30(මිලියන 3) ක්වු විශාල වියදම මටවත් මගේ පවුලේ කිසිවෙකුටවත් දෑරිය නොහෑකි මුදලක්...
මගේ නෑදයනුත් මම මෙතෙක් කල් හම්බ කල මිතුරනුත් ඔවුනට හැකි ලෙසින් උදවු කිරීමට ඉදිරිපත් වෙමින් සිටිනවා. ජනාධිපති අරමුදලෙනුත් මුදලක් බලාපොරොත්තුවෙන් සිටින අතර මා සමග මගේ ඉලන්දාරියාබ්ලොග් අඩවිය සමගින් මා හා ඒකාත්මික වු වර්චවල් මිතුරන්ගෙනුත් හැකි උපකාරයක් බලාපොරොත්තුවෙන් මාගේ මේ සටහන තැබීමට සිතීමී. මා මෙවැනි සටහනක් තැබීමට කිසි දිනකත් නොසිතුවෙමි නොපැතුවෙමි. නමුත් මිනිසුන් අසරන වන්නේ නොපැතූ නොසීතු අවස්ථාවන් වලදීය. මාගේ බ්ලොග් අඩවිය තුලින් මා ගොඩක් හිතෛහී මිතුරන් හදුනා ගත්තා. වර්චුවල් අවකාශයෙන් තොර අවංක බැදීම් ඇති කර ගත්තා. සමහරුන් මා රෝහල් ගත වී සිටි කාලයේ මාගේ සුවදුක් විමසීමට පැමිණියා. වචනවලින් උවත් බ්ලොග් මිතුරන් මාව සෑහෙන දිරිමත් කලා. ඔවුනට අනේක වාරයක් ස්තූති. වර්වුල් මිතුරු කමවත් මට නොපැවතුනානම් මගේ ජීවිතය කිසිදු ශබ්දයක් නොමැති කලු වර කාමරයක තනිවුනා හා සමානයි මට වරෙක සිතෙයි.
ඉතින් මිතුරනේ මා හා ලැබැදිව සිටි ඔබගෙන් මා මේ උපකාරයක් බලාපොරොත්තු වන වෙලාවයි. ඔබට හැකියාවක් ඇතිනම් මට මගේ ආබාධය සුව කර ගැනීමට අත් වැලක් වෙන්න ඔබට අනේක වාරයක් ස්තුතියි. මේ සමග මගේ රෝගය හා සම්බන්ධ ලිපිද ඉදිරිපත් කරමි.  
ස්තුතියි!.
විමසිම්
0772332071 
0718050116
facebook :


D.M.D.T.B. දිසානායක
බෑංකු ගිනුම් අංක 71408612 
(ලංකා බෑංකුව මාතලේ )





Friday 21 January 2011

මතකද.............



මෙය නිසදැසක් යැයි නොකියමි..
කතාවක්ද විය හැක....
හිත රිදවන වේදනාවන්ගෙන් ස්වල්පයක් පමනි...
දයාබර මිතුර
...මතකද......
අර දෙක වසර ලග තියෙන බෝගන් විලා ගස් පේලිය....
තාමත් ඒ වගේමයි....
උදේ පාන්දරම අපිත් එක්ක හිනා උන හැටි...
තාමත් ඒවා හිනා වෙනවා....
හැබැයි ඒ අපි එක්ක නෙමයි....
මතකද.....
උඹලා අපි සෙලම් කරපු පිට්ටනිය....
දැන් නම් ලස්සනට හදනවා.....
අපේ සද්දෙන් පිරිලා තිබුන හැටි...
තාමත් ඒ සද්දේ ඇහ්නවා....
හැබැයි ඒ අපේ නෙමේයි....
මතකද......
අපි ආදරේට කියපු කන්නන්ගරේ.....
තාමත් ඒ වගේමයි....
science day කාලේ ලස්සනට සරසපු හැටි....
තාමත් day වලට ලස්සනට සරසනවා....
හැබැයි ඒ අපි නෙමෙයි....
මතකද..
උඹලා අපි අකුරු කරපු පන්තිය.....
අපි ගුලි වෙලා ඉදපු අන්තිම දෙස් පේලිය....
තාමත් ඒ වගේමයි...
ඩෙස් එක පුරවලා අපේ නම් කොටපු හැටි.....
තාමත් ඒ වගේම නම් තියනවා....
හැබැයි ඒ අපේ නෙමයි.....
උබට මතකද අපේ ඉස්කෝලේ..
මතක් වෙන හැම වෙලාවෙම කදුලු උනාවිද.....
මම ඊයේ ඉස්කෝලේ ගියා,..
අත්සන් වගයක් ගන්න....
ගේට්ටුවෙන් පාස් එකක් අරන් ඇතුලට යන්න ඕන බන්....
පාට ඇදුමට එහෙම කරනවලු....
අපේ මල්ලි මට හිනා වෙනවා....
දැන් එයාලගේ කාලෙලු...
අපි ඉස්කෝලෙට පිට අයලු....
ඇත්ත වෙන්න ඇති...
ඒකාලේ ඇදපු සුදු ඇදුම් දැන් අපිට හිරයි බන්...
ඔව්...
අපේ ඉස්කෝලෙට අපිව දැන් පිට එවුන්..........
ඒත් තවමත් අපි ආදරේයි......රිච්මන්ඩ් නමට අපි ආදරෙයි.....

Sunday 16 January 2011

අවසන් නිසැදැස.......



මට ලියන්න්න පුලුවන්....
හුගාක් දුක හිතෙන විදිහට ලියන්න පුලුවන්..
හොදයි...
මම මෙහෙම ලියන්නම්..
රෑ අහසේ තරු පායලා..
ලස්සනට දිලිසෙනවා...
 ඉතින්..
මට ගොඩාක් දුක හිතෙන විදිහට ලියන්න පුලුවන්..
දන්නවද....
මම එයාට ආදරේ කරා...
සමහර විට එයත් මට
ආදරේ කරන්න ඇති...
අද වගේ දවසක මම එයාව
තුරුල් කරන් අතොරක් නැතුව
සිප ගන්න ඇති..
ඔව්.....
එයා මට ආදරේ කරා...
සමහර විට මමත් එයාට ආදරේ කරන්න ඇති...
එ ඇස දෙකට
ආදරේ නොකර ඉන්නේ කොහොමද....
ඉතින්....
මට ලියන්න පුලුවන්....
රාත්‍රිය අනන්තයි...
එයා මගේ ලග නැති නිසා...
ඒ බව තවත් වැඩි වෙනවා...
අහසින් වැටෙන වැහි බිදු වගේ...
කවි පද එකෙන් එක ලියවනවා...
මගේ ආදරයට....
ඔව්...
මගේ ආදරයට....
එයාව ලන් කරගන්න බැරි උනා.....
ඉතින් කවි වලින් වැඩක් තියෙනවද....
මගේ ඇස් එයාව හොයනවා....
වෙනදට වගේ සීතලට තුරුල්
වෙලා ආදරේ
කරන්න කියලා දෙන්නේ කවුද?
මම කොච්චර ආදරේ කරාද...
එයා කොච්චර ආදරේ කරාද...
අර බලන්න....
තරු මට කතා කරනවා..
එයා ඉන්න ඕන අහසේලු...
නැහැ නැහැ....
මම යන්න දෙන්නේ නෑ...
ඒත්....
එයා ගියොත්
මට ලියන්න පුලුවන්.....
ගොඩාක් දුක හිතෙන විදිහට
ලියන්න පුලුවන්...
සමනල්ලු ගොඩාක් මල් වලට ඇදිලා යනවා....
ඒත් එක ආඩම්බර සමනලයෙක්
නිල් පාට ඇස් වල කදුලු පුරවගෙන
එකම එක රෝස මලක් දිහා
බලාගෙන ඉන්නවා...
ඉතින්....
මට ලියන්න පුලුවන්...
ගොඩාක් දුක හිතෙන විදිහට
ලියන්න පුලුවන්....

Tuesday 4 January 2011

ආදරේ අහස තරම්...............

                      .
                                         මතකද...ඉස්සර අපි පන්ති යන දවස්....සතියකට දවස් 4ක් වත් අපි හම්බෙනවා....මගේ උනුහුමට තුරුලු වෙලා..ඇස් 2ක දිහා බලාන හිටිය හැටි..ඒ ලස්සන දවස්...හරියට පරන ආදර කතාවක් වගේ....එකින් එක එකින් එක මතක් වෙනවා....පිස්සු කෙල්ල..දැන් මේක කියවලා හිනා වෙනවා ඇති...හ්ම්ම්..මට මැවිලා පේනවා....එක දවසක් අපි මාතර ගිහින් වෙරලට ගිහින් රැලි පාගනකොට මගේ කකුලට පෑගිලා ඔයාගේ සෙරෙප්පුව කැඩුනා....අනේ මගේ පිස්සු කෙල්ල...අඩපු හැටි....දැන් යන්නේ කොහොමද කියලා...අඩලා අඩලා මගේ සෙරප්පු 2 අරගෙන දාගත්තා...
                                          කලුතර බෝධිය වදින්න ගිහින්...මට මල්,පොල් තෙල්,හදුන්කූරු ගේන්න අමතක වෙලා..මම කඩෙන් ගන්න යනකොට මගේ දිහා බලලා හිනාවෙලා..''වස්තු ,මම මල්,හදුන්කූරු,පොල්තෙල් ගෙනාවා'' කියපු හැටි.උදේ පාන්දර 4ට නැගිටලා මල් කඩලා..ඔයා දන්නවද වස්තු..ඒ වගේ පුන්චි දේවල් වලින් ආදරේ කොච්චර වැඩි වෙනවද කියලා...ආ....මට වස්තු කියන්න පුරුදු කරේ ඔයා තමයි...ඔයාට මම වස්තු..මට ඔයා වස්තු.....බෝධිය වදිනකොට ඇස් 2ක පියාගෙනම කොචර වෙලාවක් වැන්දද...මතකයිද...

මමත් බලාගෙනම ඉදියා ලස්සන.ඇස් වහගෙන මොන මොනවද මුමුනනවා..වැදලා ඉවර වෙලා ඇහුවම කිව්වා හිතන දේවල් කාටවත් කියන්න හොද නෑ ..එතකොට ඒවා ඉටු වෙන්නෙ නෑ ලු..එත් මම දන්නවා ඔයා අපේ අනාගතේ ලස්සන වෙන්න පැතුව කියලා....
           මගේ වස්තු ගොඩක් අහිoසකයි.මට කේන්ති ගියාම බැනගෙන බැනගෙන යනවා..එත් ඔයා කවදාවත් මට එහෙම බැනලා කතා කාරල නෑ..මම සැර කරාම ඉකි ගගහා අඩනවා.ඉතින් මම කොහොමද බනින්නෙ ඔය ඇස් දිහා බලගෙන....වස්තු මට සමාවෙන්න කිව්වම හිනාවෙනවා අඩ අඩ...මට දැන් මැවෙනව රත්තරන් ඒ දේවල්...
    
                               මට ගැලපෙනම කෙනා තමා ඔයා..මට මේ තරමට ආදරේ කරන්නඑපා ..මට ණයකාරයෙක් වෙන්න වෙයි ඔය ආදරේ ආපහු දෙන්න බැරි උනොත්.........මගේ නියපොතු කන පුරුද්ද නැවැත්තුවෙත් ඔයා..ඇගිල්ල කටේ දාගෙන නියපොතු හපනවා දැක්ක ගමන් මගේ අතට හයියෙන් ගහනවා.ඊට පස්සෙ ඔරවලා බලනවා..'අයේ නියපොතු කෑවොත් ඇත්තමයි මම යන්නම යනවා'.එහෙම කී පාරක් කියල ඇද්ද..කෝ ගියාද ඉතින්..හු හු හු....මාව දාල යන්න බෑ නේ...මට ඔයාව කිසිම වෙලාවක මතක් වෙන්නේ නෑ නේ වස්තු..බය උනා නේද?ඇත්ත කිව්වේ.මතක් වෙන්නේ අමතක උන කෙනෙක්ව..ඔයාව කොයිම වෙලාවකවත් මට අමතක වෙන්නෙ නෑ..නිතරම මගේ මතකෙ ඔයා ඉන්නවා.
                                 ඔයා ගොඩක් ආසයි නේද රෝස මල් වලට.අද උදේ මම නැගිටල බලනකොට ලස්සන රෝස මලක් පිපිලා අපේ වත්තෙ..ඒ ලස්සන ඔයාට පෙන්නන්න විදිහක් නෑ..කමක් නෑ..ආයේ තව දවසක ලස්සනම ලස්සන රෝස මලක් පිපෙවි..එදාට දෙන්නත් එක්කම ඒ ලස්සන බලමු....
                               ආදරේ අහස තරම්...............

(මේක පරිප්පු 500 ක් ගෙනාපු ගොට්ටෙ ලියාල තිබ්බ කතාවක්....අනේ මම දන්නෙ නෑ ඕන්..හිතට වැදුන නිසා දැම්මේ....ඔයාලත් බලන්නකෝ කඩෙ ගියාම පරිප්පු ගේන කොල වල මේ වගේ දේවල් තියෙනවද කියාලා,....මේක පට්ට ආතල් ලොකයක් නෙව...........)

Monday 3 January 2011

මට ඉරිසියයි අපේ ආදරේ ගැන.................

                                                                                                                                                                                                                                                                              
ආදරණීය වස්තු.......


මම ඔහේ ලියාගෙන යන්නම්..මොන වගේ දේවල් ලිය වේවිද දන්නේ නෑ..
ආදරේ කරන හැමෝමලා මම වගේ ද දන්නේ නෑ..මට අපේ ආදරේ ගැන ඉරිසියයි වස්තු.මට ලෝබයි ඔයා ගැන.ඒක කියා ගන්න බැරි බොලද හැගීමක්.මම ඔයාව ගොඩාක් විශ්වාස කරනවා.මම දන්නවා ඔයා ඒ විශ්වාසේ ගොඩාක් රකිනවා කියලා.මමත් ඔයාගේ විශ්වාසේ හැමදාම රකිනවා..අනේ රත්තරන්...ඒත් මට ගොඩාක් ලොබයි නේ ඔයා ගැන......
 ඔයාට මතකද ඊයේ දවල් මම ඔයාට කෝල් එකක් ගත්තා...ඒත් ඔයා ආන්සර් කරේ නෑ නේ...මම පිච්චි පිච්චි ඉදියේ...ගොඩාක් දුක හිතුනා..ඇයි කියන්න මම දන්නෑ නෑ..
ඊට කලින් සතියේ කෝල් එකක් ගන්නකොට waiting කියලා වැටෙනවා...ඒ වෙලාවේ නම් දරා ගන්න බැරි තරම් දුකක් දැනුනේ...ඔයා ආයේ කෝල් කරනකල් මම කොට්ටෙට ඔලුව තද කරන් ඇඩුවා..මම දන්නවා ඒ කතා කරන්නේ ඔයාගේ යාලුවෙක් තමා කියලා..ඒත් රත්තරනේ මට ඒක දරා ගන්න බෑ...අනේ ඇයි මට මෙහෙම වෙන්නේ... මතකද තව දවසක් ඔයා අර ලස්සන නලුවෙක් ඉන්නේ....මට නම වත් හරියට මතක නෑ...අන්න එයා ගැන කිය කිය අගේ කරපු හැටි..එයාගේ රගපෑම් ගැන කියපු හැටි....මමත් ඔහේ අහගෙන ඉදියා විතරයි....මම ඔයාට කවියක් ලියල දුන්නම ඔයා ඒක කියවලා මාවත් ඒ වගේම අගේ කරනවා....ඒත් මට අනිත් අය ගැන කියනව අහන් ඉන්න බෑ වස්තු...දෙවියනේ...!!! මට ඔයා ගැන ඉරිසියයි රත්තරනේ..;ඔයා මගේ...මගෙම විතරයි......
මතකද ඔයා ලග තිබුන අර නිල්පාර ඉරි ඉරි තිබුන ගවුම..ඒක ටිකක් විතරකොටයි කියලා එකම එක දවසයි මම ඔයාට කිව්වේ..ඊට පස්සේ දවසෙම ඒ ගවුම තව දික් කරන් ඇදන් ඇවිල්ලා "දැන් මේ ගාන ඇතිද පැටියෝ" කියලා ඇහුවේ....මතකද......පිස්සු මැන්ටලේ.....මම දන්නවා ඔයා මම කියන දේවල කරනවා කියලා....මම ආස නෑ කවුරුවත් ඔයා දිහා බලනවට...මට ඉරිසියයි පැටියෝ ගොඩාක්....


 වෙලාවකට මට හිතෙනවා ඔයා වගේ ලස්සනම ලස්සන කෙල්ලෙක් මම වගේ කැතම කැත කොල්ලෙක්ව තෝර ගත්තේ මොකටද කියලා...මම ඔයා ව තෝර ගත්තේ ඔයා ලස්සනම නිසා විතරක් නෙමේ කියලා ඔයාට මම අනන්තවත් කියලා තියෙනවා නේ....ඔයා ලස්සන නිසා මට ඒකටත් ඉරිසියයි....මට පිස්සුද මම දන්නේ නෑ...එත් මට ඉරිසියයි නේ....මට මේක නැති කරගන්න විදිහක් කියලා දෙන්න කෝ රත්තරනේ...මම ඔයාට ආදරේ.....ඔයා ඊටත් වඩා මට ආදරේ...අනේ....ඒ වගේ ආදරයක් මට කවදාවත් ලැබෙන එකක් නෑ...
දන්නවද වස්තු...ඔයාගේ ආදරේ...අපේ ආදරේ ගැන...අනිත් අයටත් ගොඩාක් ඉරිසියා ඇති නේද.....ඒ ගැන නම් මට පොඩ්ඩක් වත් ඉරිසියා නෑ..
                                    ආදරේ අහස තරම්
                                                                                                            
                                                                                                           ඔයාගෙ පිස්සු කොල්ලා

                                      (කඩල 250ක් ගෙනා ගොට්ටේ තිබූ කතාවකි )

Saturday 1 January 2011

ආදරේ කාටද?????


වෙලාව රෑ 7ට විතර ඇති..ජන්ගම දුරකථනය නාද උනේ කෙටි පනිවිඩයක් ලැබුන නිසා..කාගෙන්ද කියල දැන දැනත් මම බැලුවා...ආහ්.....මගේ යාලුවෙකුගෙන්..හොද යාලුවෙකුගෙන්.එයාගෙන් ලොකුම ලොකු ප්‍රශ්නයක්..

ඉරුට වඩා අපි සදුට ආදරේ කරන්නේ මොකද අහනවා..අනේ මන්දා මොනවා කියන්නද කියලා.ඇත්ත්ටම අපි ආදරේ ඉරුටද,සදුටද?

ගොඩක් අය කියයි සදුට කියලා.සදු ලස්සනයි..හැඩයි...ඉරුට වගේ නෙමේ සදුට ගොඩාක් ලන්වෙන්න පුලුවන්.

තරු ගොඩාක් වට කරන් පුන්චි එලියක් විහිදගෙන කොච්චර ලස්සනට අහසේ පායනවද,,,ඒ ලස්සන කියලා නිම කරන්න බෑ...අපේ බ්ලොග් ලියන කට්ටියත් කොච්චර දෙනෙක් සදු ගැන නිසැදැස් ලියල තියෙනවද?

හැමෝමලා සදුට ආදරේ කරන්නෙත් ඉරුට නපුරුකම් කරන්නෙත් ඇයි?

මෙන්න තව ටිකකින් ආයෙත් මැසේජ් එකක්.. ඒත් සදු ගැනමයි....සදුට ආදරේ හිතිලද කොහේද...

මම ඉරු...මම සදුට වඩා ඉරුට ගොඩක් ආදරේ...එයාට මම ඒක කිව්වා...මම ආදරේ කරන්නේ ඉරුට කියලා...මට ඒකට හේතු කියන්න පුලුවන් කමක් තිබුනේ නෑ....සල්ලි ඉවරටම ඉවර වෙලානේ අප්පා ෆෝන් එකේ....

ඊට පස්සේ එයා එක දිගට මැසේජ් එව්වා..මම අසරණ වෙලා බලන් ඉදියා...සදු ගැන ගොඩක් අගේ කරලා...මේක ඔයා කියවනවා..මම දන්නවා ඒ බව......මේ ඉරු...ඇත්තම ඉරුට ආදරේ කරන්නේ මොකද කියලා කියන්නම්...

ඔව්..ඔයා කියනවා සදු ලස්සනයි..ගොඩාක් ලස්සනයි..සදුට ලන් වෙන්න පුලුවන්..ඔව්..ගොඩාක් ලන්වෙන්න පුලුවන්..සදේ එලිය ගොඩාක් අඩුයි...ඔව්..සදු ලස්සනයි...සදුගේ එලිය අයිති කාටද කියලා ටිකක් හිතුවද...අනුන්ගේ එලියෙන් බැබලි බැබලි ඉන්න සදු ඔච්චරම වටිනවද? ඉරුට ලන් වෙන්න බැරුව ඇති..ඒත් ඉරු නිසා ඔයා..මම..අපි හැමෝමලා හුසම ගන්නවා..ජීවත් වෙනවා...ලස්සන කියන දේ අපි හැමෝම කොච්චර ලේසියෙන් රවට්ටනවද? ලස්සනට රැවටෙන්නේ නැතුව වටිනාකමෙන් කෙනෙක්ව මනින්න...

ඒක තමා මේ ඉරුට..මේ රත්ගමයට කියන්න ඕන....හිතන්න...තාමත් ආදරේ සදුටද?

(මේක ඉරුයි...සදුයි ගැන ලිව්ව උනාට හැබෑ ජීවිතේටත් අදාල වෙනවා කියලා අමතක කරන්න එපා....)