Saturday 1 January 2011

ආදරේ කාටද?????


වෙලාව රෑ 7ට විතර ඇති..ජන්ගම දුරකථනය නාද උනේ කෙටි පනිවිඩයක් ලැබුන නිසා..කාගෙන්ද කියල දැන දැනත් මම බැලුවා...ආහ්.....මගේ යාලුවෙකුගෙන්..හොද යාලුවෙකුගෙන්.එයාගෙන් ලොකුම ලොකු ප්‍රශ්නයක්..

ඉරුට වඩා අපි සදුට ආදරේ කරන්නේ මොකද අහනවා..අනේ මන්දා මොනවා කියන්නද කියලා.ඇත්ත්ටම අපි ආදරේ ඉරුටද,සදුටද?

ගොඩක් අය කියයි සදුට කියලා.සදු ලස්සනයි..හැඩයි...ඉරුට වගේ නෙමේ සදුට ගොඩාක් ලන්වෙන්න පුලුවන්.

තරු ගොඩාක් වට කරන් පුන්චි එලියක් විහිදගෙන කොච්චර ලස්සනට අහසේ පායනවද,,,ඒ ලස්සන කියලා නිම කරන්න බෑ...අපේ බ්ලොග් ලියන කට්ටියත් කොච්චර දෙනෙක් සදු ගැන නිසැදැස් ලියල තියෙනවද?

හැමෝමලා සදුට ආදරේ කරන්නෙත් ඉරුට නපුරුකම් කරන්නෙත් ඇයි?

මෙන්න තව ටිකකින් ආයෙත් මැසේජ් එකක්.. ඒත් සදු ගැනමයි....සදුට ආදරේ හිතිලද කොහේද...

මම ඉරු...මම සදුට වඩා ඉරුට ගොඩක් ආදරේ...එයාට මම ඒක කිව්වා...මම ආදරේ කරන්නේ ඉරුට කියලා...මට ඒකට හේතු කියන්න පුලුවන් කමක් තිබුනේ නෑ....සල්ලි ඉවරටම ඉවර වෙලානේ අප්පා ෆෝන් එකේ....

ඊට පස්සේ එයා එක දිගට මැසේජ් එව්වා..මම අසරණ වෙලා බලන් ඉදියා...සදු ගැන ගොඩක් අගේ කරලා...මේක ඔයා කියවනවා..මම දන්නවා ඒ බව......මේ ඉරු...ඇත්තම ඉරුට ආදරේ කරන්නේ මොකද කියලා කියන්නම්...

ඔව්..ඔයා කියනවා සදු ලස්සනයි..ගොඩාක් ලස්සනයි..සදුට ලන් වෙන්න පුලුවන්..ඔව්..ගොඩාක් ලන්වෙන්න පුලුවන්..සදේ එලිය ගොඩාක් අඩුයි...ඔව්..සදු ලස්සනයි...සදුගේ එලිය අයිති කාටද කියලා ටිකක් හිතුවද...අනුන්ගේ එලියෙන් බැබලි බැබලි ඉන්න සදු ඔච්චරම වටිනවද? ඉරුට ලන් වෙන්න බැරුව ඇති..ඒත් ඉරු නිසා ඔයා..මම..අපි හැමෝමලා හුසම ගන්නවා..ජීවත් වෙනවා...ලස්සන කියන දේ අපි හැමෝම කොච්චර ලේසියෙන් රවට්ටනවද? ලස්සනට රැවටෙන්නේ නැතුව වටිනාකමෙන් කෙනෙක්ව මනින්න...

ඒක තමා මේ ඉරුට..මේ රත්ගමයට කියන්න ඕන....හිතන්න...තාමත් ආදරේ සදුටද?

(මේක ඉරුයි...සදුයි ගැන ලිව්ව උනාට හැබෑ ජීවිතේටත් අදාල වෙනවා කියලා අමතක කරන්න එපා....)

16 comments:

  1. සුබ නව වසරක් වේවා....!

    ReplyDelete
  2. අහ්...එසේම වේවා හසි අක්කා

    ReplyDelete
  3. ඉරූ ..

    අළුත්ම අළුත් අවුරුද්දක වැඩ අල්ලලා වගේ !!

    ජයවේවා !!

    ReplyDelete
  4. හිහි...ඇල්ලුවා ඇල්ලුවා...දැන් ඉතින් වැඩ තමා

    ReplyDelete
  5. ඔච්චර සදුට ලන් වෙන්ටෝන නම් හදාගනින් රොකට් එකක් :P

    යකෝ සඳුට අමතන්න ස්මාර්ට‍ ලෝන් එකක් ගන්ට එපැයැ.. හුටා.. යකෝ මේ අවුරුද්දෙවත් ඔය මගුල වැදගත් නම්බරයක් කරගනින්.. ඔය හුලන් කෑලි එල්ලන් ඉන්නෙ.. මගුල..

    සදුට තව තව ලංවෙන්න රොකට් එකේ බලය වැඩීවේවා කියලා පතනවා..

    ඉරුටත් සඳුටත් සුභ නව වසරක් වේවා....

    ReplyDelete
  6. හ්ම් අළුත් නවා තැනක් වගේ .... සුභ පැතුම් මල්ලීයා........

    ReplyDelete
  7. ඉරයි ...සදුයි.......2ටම .....ආදරය කරමු.....................

    ReplyDelete
  8. මම නම් ප්‍රාර්ථනා කරන්නේ ඉරුගේ සඳු සදහටම ඉරුගෙම වෙන්න කියලා.. :)

    ReplyDelete
  9. මාත් ගොඩාක් කැමති සඳට.ඒත් මං දන්නවා හිරු නැත්තම් සඳු නෑ කියලා...සුභ නව වසරක් වේවා...දිගටම ලියන්නකෝ..

    ReplyDelete
  10. බොලා දෙන්නගේ වලිය කවද්ද ඉවර වෙන්නේ..?

    ReplyDelete
  11. එලකිරි මචන්.. උඹ ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕන නෑ. සිරාවට ලියනව නේ... මගෙනුත් සුභ පැතුම්..

    ReplyDelete
  12. හිරු සදු... අනේ මන්දා.

    ReplyDelete
  13. සිතුවිල්ලටත් ඕක මීටර් වුනේ දැන්නෙ... :D

    ReplyDelete
  14. මෙ මගේ පලවෙනි මෙව්ව එක.මොනව උනත් පොලොවට සාපේක්ශව ඒ එලිය අයිති හදටයි

    ReplyDelete
  15. මෙ මගේ පලවෙනි මෙව්ව එක.මොනව උනත් පොලොවට සාපේක්ශව ඒ එලිය අයිති හදටයි

    ReplyDelete

ඔබේ වචන මට හයියකි...මේතන ලියා යන්න(ඔන්න හොදින් කිව්වා..අඩෝ...ලිව්වේ නැතිනම් කපනවා ඩෝ...)