Monday 3 January 2011

මට ඉරිසියයි අපේ ආදරේ ගැන.................

                                                                                                                                                                                                                                                                              
ආදරණීය වස්තු.......


මම ඔහේ ලියාගෙන යන්නම්..මොන වගේ දේවල් ලිය වේවිද දන්නේ නෑ..
ආදරේ කරන හැමෝමලා මම වගේ ද දන්නේ නෑ..මට අපේ ආදරේ ගැන ඉරිසියයි වස්තු.මට ලෝබයි ඔයා ගැන.ඒක කියා ගන්න බැරි බොලද හැගීමක්.මම ඔයාව ගොඩාක් විශ්වාස කරනවා.මම දන්නවා ඔයා ඒ විශ්වාසේ ගොඩාක් රකිනවා කියලා.මමත් ඔයාගේ විශ්වාසේ හැමදාම රකිනවා..අනේ රත්තරන්...ඒත් මට ගොඩාක් ලොබයි නේ ඔයා ගැන......
 ඔයාට මතකද ඊයේ දවල් මම ඔයාට කෝල් එකක් ගත්තා...ඒත් ඔයා ආන්සර් කරේ නෑ නේ...මම පිච්චි පිච්චි ඉදියේ...ගොඩාක් දුක හිතුනා..ඇයි කියන්න මම දන්නෑ නෑ..
ඊට කලින් සතියේ කෝල් එකක් ගන්නකොට waiting කියලා වැටෙනවා...ඒ වෙලාවේ නම් දරා ගන්න බැරි තරම් දුකක් දැනුනේ...ඔයා ආයේ කෝල් කරනකල් මම කොට්ටෙට ඔලුව තද කරන් ඇඩුවා..මම දන්නවා ඒ කතා කරන්නේ ඔයාගේ යාලුවෙක් තමා කියලා..ඒත් රත්තරනේ මට ඒක දරා ගන්න බෑ...අනේ ඇයි මට මෙහෙම වෙන්නේ... මතකද තව දවසක් ඔයා අර ලස්සන නලුවෙක් ඉන්නේ....මට නම වත් හරියට මතක නෑ...අන්න එයා ගැන කිය කිය අගේ කරපු හැටි..එයාගේ රගපෑම් ගැන කියපු හැටි....මමත් ඔහේ අහගෙන ඉදියා විතරයි....මම ඔයාට කවියක් ලියල දුන්නම ඔයා ඒක කියවලා මාවත් ඒ වගේම අගේ කරනවා....ඒත් මට අනිත් අය ගැන කියනව අහන් ඉන්න බෑ වස්තු...දෙවියනේ...!!! මට ඔයා ගැන ඉරිසියයි රත්තරනේ..;ඔයා මගේ...මගෙම විතරයි......
මතකද ඔයා ලග තිබුන අර නිල්පාර ඉරි ඉරි තිබුන ගවුම..ඒක ටිකක් විතරකොටයි කියලා එකම එක දවසයි මම ඔයාට කිව්වේ..ඊට පස්සේ දවසෙම ඒ ගවුම තව දික් කරන් ඇදන් ඇවිල්ලා "දැන් මේ ගාන ඇතිද පැටියෝ" කියලා ඇහුවේ....මතකද......පිස්සු මැන්ටලේ.....මම දන්නවා ඔයා මම කියන දේවල කරනවා කියලා....මම ආස නෑ කවුරුවත් ඔයා දිහා බලනවට...මට ඉරිසියයි පැටියෝ ගොඩාක්....


 වෙලාවකට මට හිතෙනවා ඔයා වගේ ලස්සනම ලස්සන කෙල්ලෙක් මම වගේ කැතම කැත කොල්ලෙක්ව තෝර ගත්තේ මොකටද කියලා...මම ඔයා ව තෝර ගත්තේ ඔයා ලස්සනම නිසා විතරක් නෙමේ කියලා ඔයාට මම අනන්තවත් කියලා තියෙනවා නේ....ඔයා ලස්සන නිසා මට ඒකටත් ඉරිසියයි....මට පිස්සුද මම දන්නේ නෑ...එත් මට ඉරිසියයි නේ....මට මේක නැති කරගන්න විදිහක් කියලා දෙන්න කෝ රත්තරනේ...මම ඔයාට ආදරේ.....ඔයා ඊටත් වඩා මට ආදරේ...අනේ....ඒ වගේ ආදරයක් මට කවදාවත් ලැබෙන එකක් නෑ...
දන්නවද වස්තු...ඔයාගේ ආදරේ...අපේ ආදරේ ගැන...අනිත් අයටත් ගොඩාක් ඉරිසියා ඇති නේද.....ඒ ගැන නම් මට පොඩ්ඩක් වත් ඉරිසියා නෑ..
                                    ආදරේ අහස තරම්
                                                                                                            
                                                                                                           ඔයාගෙ පිස්සු කොල්ලා

                                      (කඩල 250ක් ගෙනා ගොට්ටේ තිබූ කතාවකි )

15 comments:

  1. කඩ්ල 250 කොලේට මෙය ලියූවෙ රත්ගම පැත්තෙ එකෙක් විය යුතුය.

    ReplyDelete
  2. පිස්සා කියනා එව්වා ගනන් ගන්නට එපා යැයි කියා සිටිමි............

    ReplyDelete
  3. අනේ උඹේ කඩල 250. ඊයේ මගෙත් එක්ක කිව්වා නේද මේක ලිව්වේ උඹමයි කියලා.. බොරුවට කඩල සීන් එකක් දානවා කියලා.. හරි හරි. මං කාටවත් කියන්නේ නෑ

    ReplyDelete
  4. මොකා ලිව්වත් මේ වගේ අය මමත් දැකලා තියෙනවා...
    අනේ මන්දා...ආදරේ කියන්නේ ඕකට වෙන්න ඇති...
    හරියට දන්නේ නැතෝ.............

    ReplyDelete
  5. එක පිටුවයිද තියෙන්නේ . අනෙක් පිටු ටිකත් හොයා ගත්තනම් . මේක ලියපු කෙනා හොයා ගන්න තිබුනා . හැබැයි මම ශර්ලොක් හෝම්ස් ගේමක් දුන්නා . ලියපු කෙනා ගැන විස්තර ජුංඩක් හොයා ගත්තා

    හැබැයි මේ අකුරෙන් අකුර හොඳට විශ්ලේශණය කරනකොට . මේක ලියපු එකා කන්නාඩි දානවා කියල හොයා ගන්න පුලුවන් තැනක් මට අහු උනා .ඒ වගේම මේක ලියපු එකා ඇඟේ හමන දුර්ගන්ධය යන්න සෙන්ට් ගහන එකෙක් .

    මේක ලියපු එකාව හොයාගන්න කරන්න දෙයක් තියනවා .රත්ගම හන්දියට ගිහිං රැකලා හිටියනම් මූව හොයා ගන්න පුලුවන් . මතක ඇතුව හිස් වැසුම් පාවහන් ගලවලා අතේ අරං යන්න . නැත්නම් ඌ ඒවත් උස්සන්න බැරි නෑ .

    ජය වේවා !!

    ReplyDelete
  6. ලස්සන ආදර කතාවක් නේ තිබිලා තියෙන්නේ. ඉස්සර අපි ඉස්කෝලේ යන කාලෙත් ඔය ලස්සන සිංදුවක් පොඩ්ඩක් වෙනස් කරලා කිය කියා හිටියා.

    පෙර දිනයක මා පෙම් කල යුවතිය
    අද රටකජු විකුනනවා
    මගේම ලියුමක් ගොටුව කරන් ඈ
    රටකජු විකුනනවා

    මගේම ලියුමේ මොනවා බලන්නද
    මා රටකජු කනවා
    ................

    හරියටම මතක නෑ ඉරු....

    ReplyDelete
  7. කඩලමද කෑවෙ කියල ෂුවර්ද? අද තමා මේ පැත්තෙ ආවෙ. සටහන නම් අපූරුයි සහෝ.

    ReplyDelete
  8. @මධූ හෙහෙ...මටත් මතකයි ඕක.....
    මම දැන් ඉරු නෙමේ...ආයේත් පුරුදු රත්ගමයම

    @පිණිබිදු කඩලම තමා...දිගටම එන්න....රත්ගමයා ගැන හොයලා බලන්න

    ReplyDelete
  9. මල්ලි මම හොයා ගත්තා මේක ලියපු ඉරිසියා කාරයාව... රත්ගම හන්දියට ගිහින් හූවක් තිබිබම කොල්ලෙක් දුව්ගෙන එනවලු කණ්නාඩිදාපු කලු කොලු ගැටයෙක් ඒ හැටි මහත නැහැ.. මේ සැරේ උසස් පෙළත් ගොඩලු ඒනිසා ළගදිම යුනි පැත්තේ යන්නලු ඉන්නේ.... මහ විසේකාර කොල්ලෙක්ලු... මට නං පේ...න්න...(පුළුවන්) හරි හිත හොද එකෙක්ලු

    ReplyDelete
  10. ඔයා බඩු ගන්න කඩේ මොකක්ද මල්ලි???? මුදලාලිට දුවෙක්වත් ඉන්නවද???? හික්ස්.....:P

    මාරම වදින කතාවකි....
    එතනින් එහා තිත් ගොඩකි..............

    ReplyDelete
  11. @සුදු අපොයි.....කෑගහන්න එපා......අම්ම දැක්කොත්... :O

    @හා අක්කා අපේ කඩෙන්ම තමා අක්කේ මම බඩු ගන්නේ...හෙහෙ...
    දුවෙක් නම් නෑ...මම තමා මුදලාලිගේ පුතා

    ReplyDelete
  12. ලියපන් ලියපන්.හොදට ලියපන්.ලියනගේ"ගෙ" කථා නැතුව

    ReplyDelete
  13. රත්ගමයා හිතේ තියන ඔක්කොම ලියලා අන්තිමට වු නෙවේ වගේ බොරු කතවක් මැද්දට දාලා...... මටත් ඔහොම හිතිලා තියනවා..... ඒත් ඒ ගැන වැඩිය හිතන්න එපා......

    ReplyDelete
  14. අනේ මගේ සුදු අයියත් මට මෙහෙම ආදරේ නම්

    ReplyDelete
  15. 😂 Puduma kada bn thiyenne mamat Rathgama paththe kadekin monawa hari aran yanna oona

    ReplyDelete

ඔබේ වචන මට හයියකි...මේතන ලියා යන්න(ඔන්න හොදින් කිව්වා..අඩෝ...ලිව්වේ නැතිනම් කපනවා ඩෝ...)