Wednesday 18 January 2012

නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් අපි *පේරා*





පහුගිය සති කිහිපය පේරාදෙණිය සරසවියට නම් හුස්මක් කටක් ගැනීමට හැකි වූ සති කිහිපයක් නොවුනි.විවිධ මාධ්‍ය සංදර්ශන,ගැටුම්,උද්ගෝෂන මැද කලබලකාරී සති කිහිපයක් ගෙවී ගියේය.


          ගැටලු සියල්ල ආරම්භ වූයේ පහුගිය 22 වන දින පේරාදෙණිය මහා ශිෂ්‍ය සංගමය මගින් ආරම්භ් කිරීමට යොදා තිබූ පාගමනත් සමගය.ගලහ හන්දියේ සිට කොළඹ කොටුව දක්වා සාමකාමී ලෙස පෞද්ගලික විශ්ව විද්‍යාල පනතට එරෙහිව සංවිදානය කර තිබූ මෙම පාගමන සදහා විශ්වවිද්‍යාල සිසු සිසුවියන් 8000ක් පමන සහභාගී වීමට නියමිතව තිබුනි.
         කරුනු කාරනා සියල්ල නිසිලෙස සූදානම් වූ අතර,සාමකාමී පාගමනක් සදහා 21 වන දින මධ්‍යම රාත්‍රිය වන විටද සූදානමෙන් සිටියෙමු.නමුත් 22 වන දින අලුයම 3 පමන වන විට නොසිතූ යමක් සිදුවිය.


"කැම්පස් එක වටේට හමුදාවෙනුයි පොලීසියෙනුයි දාලා"


නිදිමතේම අවදී වූ සියලු දෙනා කලබලයෙන් විවිධ දේ පවසන්නට විය.
උදෑසන 5 පමන වන විට එම ආරංච්ය සැබෑවක් බව සියලු දෙනාටම දැන ගන්නට ලැබුනි.විශ්වවිද්‍යාලය ඉදිරිපස මාර්ගය වසා දමා මාර්ගය අවහිර කරමින් 2000ක පමන නීතිය සුරකින මහත්වරු රැසක් සිසු පාගමන නැවැත්වීමේ අරමුනින් මග බලමින් සිටියේය.සාක්ච්චා වලින් පසු මුලු සරසවිය තුලම ක්‍රියාත්මක වන පරිද්දෙන් පන්ති වර්ජනයක් ආරම්භ කල අතර,ඉන් පසු 8000 ක් පමන සිසුන් ගලහ හන්දිය තෙක් පාගමන ආරම්භ කරමින් ගලග හන්දියට ගොස් සාමකාමී ලෙස විරෝධතාවයේ යෙදුනිඋද්ගෝෂනය අතර තුර සිසුන් නොවන යම් යම් පිරිස් උද්ගෝශනය කරමින් සිටිනා අතරට පැන කලහාකාරී ලෙස පොලීසියට හිරිහැර කිරීමට සැරසුනු අතර සිසුන්ගේ ප්‍රභල විරෝදය මත ඔවුන්ව එලවා දැමීට හැකි විය.ඔවුන් කාගේ හෙන්චයියන්දැයි අපි නොදනිමු
සිසූ උද්ගෝශනයට පෙර පේරාදෙණිය සිසුන්ගේ අම්මලා තාත්තලා කියාගත් පිරිසක් සිසුන්ට විරුද්දව පොලිසියේ රැකවල් මැද උද්ගෝශනයේ යෙදුනි.ඔවුන් කවුරුන්දැයි මාධ්‍ය මගින් හෙලි දරවු කර තිබේ.
       22 වන දින රාත්‍රී අසූචිවාහිනියේ කතාවක් ලෙසින් යන පුවත් වලට අපූරුවට නාටකයක් ලෙසින් උද්ගෝෂනය පිලිබදව අඩහැරය දිග හරින ලදී.
විශ්ව විද්‍යාල මිනීමරු සිසුන් පොලීසියේ අහිංසක මහත්වරුන්ට අතවර කරන්නට යන හැටිද,අහිංසක පොලිස් මහතුන් 2000ක් බයෙන් බලා සිටින ආකාරයද හරි අපූරුවට නාටකයට නැගුනි.
ඇත්ත ඇති සැටියෙන් පවසන්නේ නම් බොරුව පවසන්නේ කෙසේදැයි සිතා ගැනීමට නොහැක. 

රාත්‍රී 10 පමන වන විට 20 වසරකට පමන පසු සිසු අයිතීන් වෙනුවෙන් පෙනී සිටිමට ලියාපදිංචි වී තිබූ පේරාදෙණිය විශ්වවිද්‍යාලීය මහශිෂ්‍ය සංගමය ඇතුලු සියලු පීඨ ශිෂ්‍ය සංගම් තහනම් කරමින් නියෝගයක් ගෙන ආවේය.
දවස් දෙක තුනක් යන විට ඊට විරෝධතාවය දක්වමින් සරසවිය තුල ප්‍රදර්ශනය කර තිබූ කටවුට් සහ පෝස්ටර් වලින් ඉතුරුව තිබුනේ කිහිපයක් පමනි.ඉන්ජිනේරු පීඨය ඉදිරි පස තිබූ අඩි 100ක බැනර් දෙකක් දැවෙමින් තිබුනේ නිදහස් අධ්‍යාපනයද ගිනි ගන්වමිනි.
සරසවි ගිනි තබා නිදහස් අධ්‍යාපනයද ගිනි තැබීම ඇතමුන්ගේ අරමුන බව දනිමි.
එය එසේ වුවහොත් නිශ්මි බාලේලා ත්‍රිමා වෙනුරලා ගිය පාරේ යාමට නිදහස් අධ්‍යාපනයට ආදරේ කරන සියලු දෙනා සූදානමින් සිටිනු ඇත.....


අම්මා පෙවූ කිරි ලේ වල තිබෙන     තුරු
බැන්දත් මගේ මග වලකා ගල්       පවුරු
කැපුවත් දෙපා දෑතින් ගෙන කිහිලි    කරු
සුරකිමි සදා ඉගෙනුම පන තිබෙන    තුරු

Tuesday 17 January 2012

හන්තාන ගැන හිතෙන විකාර....



"ඔයා හදිස්සියේවත් පේරාදෙනිය කැම්පස් එකට සිලෙක්ට් උනොත්


හැමදාම උදේට ෆැකල්ටියට එද්දි කලබලයක් නැතුව හෙමීට එන්න..."


"ඒ මොකටද..."


"මැට්ටෝ..උදේ පාන්දරට තමා කැම්පස් එකේ ලස්සන පේන්නේ...ඒ


 ලස්සන කොච්චරද කියලා මම කියන්න දන්නේ නෑ පිස්සෝ...."


ඔයා ඇස් නටව නටව හිනා වෙවී කියපු හැටි...


" හ්ම්ම්ම්ම්ම්ම්ම්....."


මමත් ඕනවට එපාවට උත්තර දුන්නා...
එහෙම කියලා දැන් කොච්චර කාලයක් ගිහින්ද.
.

උදේ පාන්දරම හෙමීට හෙමීට මේ පාර දිගේ එන එක මගේ පුරුද්දක්


වෙලා.....

මම දකින මේ ලස්සන ඔයාටත් පෙන්නන්න මම මග බලාගෙන 


ඉන්නවා...


මම ආදරෙයි...ගොඩා......රියක් ආදරෙයි......


                                                        


                                                  2012/11/28
















දුර ඈත අක්බාර් පාලම උඩ ඉදන් හන්තාන දිහා බලාගෙන





 ඉන්නකොට,හන්තාන කන්දට උඩින් හද පායගෙන එන හැටි ගැන





 නිසදැස් ලියන්න හිතෙන්නේ නැති මගේ කවි හිතට ඔයාගේ ආදරේ





 ගැන විතරක්ම ලියන්න හිතෙන්නේ ඒ ආදරේ හන්තානට උඩින් පායන





 පුර හදටත් වඩා ලස්සන නිසා............



ඇත්තටම මම ආදරේයි.................


                                                   


                                              2011/12/16

















හන්තාන ගැන කවි ලියන්න පෙරුම් පුරන අය කොච්චර නම් ඉන්නවද.


පෙරේදා හැන්දෑවේ හයට විතර අක්බාර් පාලම උඩින් යනකොට හන්තානේ පැත්තකට ගින්නක්


 ඇවිලිලා...තද රතු පාටට අක්බාර් පාලම උඩට පේනවා


...ඒ ගින්න නිවන්න යන්න බෑ වගේම,මගේ හිතේ ඇවිලුන ගින්න නිවා ගන්න බැරුව මම ලත වෙනවා....



අද වෙනකොට හන්තානේ ගින්න නිවිලම ගිහිල්ලා...



ඒත් මගේ හිතේ ගින්දර කවදා නිවේවිද?........





                                                           2012/01/ 14         

Sunday 1 January 2012

මල්ලී ලංකාවෙන් දෙක වීම නිසා අයියාට ලැබෙන බෙනිෆිට්......





                               අපේ එකාටත් ඕනෑ නැති මගුලක් නැත.රටේම ඇති ඇට්ටර වැඩ කොර මූ ලංකාවෙන් දෙකද වූයේය.
මූ දෙක වීම අයියා වශයෙන් මට අම්බානෙක බලපායි.


                   අප මේ ටොපික් එකේදී සාකච්චා කොරන්නේ බෙනිෆිට් ගැන පමනි.
පලමු බෙනිෆිට් එක ලෙස මා දකින්නේ මල්ලීගේ මීඩියා කෝඩිනේටර් ලෙස කටයුතු කිරීමට අවස්තාව සැලසීමයි.එන තරමක් ඇමතුම් එන්නේ මගේ ජංගම දුරකතන අංකයටය.එය පට්ටා විනෝද රාජකාරියකි.වෙනදාට මොබිටෙල් ඩබල් බොනැන්සා එකෙන් එන කෝල් හැරෙන්නට මගේ ජංගම අටමගුලට කෝල් එන්නේ නැත.


                     පහු ගිය දොහේ එක් මාධ්‍ය ආයතනයකින් ඇමතුමක් ලැබුනි..
"හෙලෝ.....රවිදු ඉන්නවද...."
මාධ්‍ය සමග ගනුදෙනුවේදී පරිස්සම් වියයුතුය.ආචාරශීලී විය යුතුය..

"හෙලෝ..සුබ උදෑසනක් මහත්මයා.මම රවිදු මහත්මාගේ (නොදකින් මට මූට මහත්මා කියන්නට සිදුවිය ) සහෝදරයා කතා කරන්නේ..ඔබතුමා කවුද? "

"සුබ උදෑසනක්..අපි XXX පත්තරෙන් (XXX ලෙස දැමුවේ අසභ්‍ය පත්තරයක් නිසා නොව මාධ්‍ය ආයතනයේ නම නිර්නාමික කිරීමටය ).අපිට රවිදුගේ ඡායාරූපයක් ගන්න පුලුවන්ද.."

"ඉකේ...අපේ මල්ලි දැන්ම බදින්නේ නෑ යකෝ..චික් විතරක්..ඒ කිරිසප්පයගේ පොටෝ ඉල්ලන්න ලැජ්ජ නැද්ද"

"මහත්මයා වැරදියට තේරුම් අරගෙන..අපට ඕනෑ උඩුකය ඡායාරූපයක් පත්තරේට දාන්න ප්‍රතිඵලයත් එක්ක...."

"ආ ඒක මිසක්..එහෙම කියන්න එපැයි...මම හිතුවා මේ මංගල යෝජනා තීරයෙන් කතාකරනව වත්ද කියලා..උඩුකය නිරුවත් ඡායාරූපයක් නම් ඇති...ඕන නම් ඇදුම් අන්දවලා ගන්න.."

එක වරම අසභ්‍ය වදනින් බැන වදින සද්දයකුත් දඩාස් ගාන සද්දයකුත් සමග ඇමතුම විසංදි විය...
අද කාලයේ මාධ්‍ය ආයතන වගකීමෙන් තොරව කටයුතු කරනා බව බොද මීදුම් නාට්‍යයේ සංසලා නංගි ධනුක අයියාට කනට කර පැවසූ කතාව මට සිහිපත් විය...

            කෙසේ හෝ එක් වරක් දෙවරක් නොව කිහිප වරක්ම මල්ලීට පින් සිද්ද වෙන්නට පත්තරයට මුහුන ඔබා ගැනීමට මට අවස්තාව ලැබුනි.

   මල්ලිට පැමිනි කරදර අතර ටියුශන් සර්ලාගෙන් පැමිනි කරදරද අනන්තය අප්‍රමානය.මම අපමන වෙහෙසක් ගෙන මල්ලී හැදුවේ එක එකාට නම පෝස්ටර් වල හා හෑන්ඩ් බිල් වල ගසා ගැනීමට නොවන බව මම වගකීමෙන් ප්‍රකාශ කරමි.
                  මූ දැන් දේශපාලකයෙක් වගේය.යන යන තැන කතා පවත්වයි..මු දෙන්නේ හෙන පොර ටෝක් ය.
ලගදී දවසක පැවැත් වූ කතාවක මූ උජාරුවෙන් මෙසේ කියයි.....

"මම පොඩි කාලේ ඉදලම පිලිවලකට වැඩ කරා.(උන් මුගේ පුද්ගලික විස්තර නොදන්න නිසා හොදය ).ඇත්තටම මගේ ගම රත්ගම..."

එසේ කියනවා සමගම පන්තිය පුරා කසුකුසුවක් සමග හිනා හඩකි...

"ඇයි ඔයාලා හිනා වෙන්නේ රත්ගම කිව්වහම"

මල්ලී පෙරලා ප්‍රශ්න කරයි..

ඉස්සරහම සිටින කට හැකර පොඩි එකෙක් මෙසේ පවසයි..

"නෑ අයියේ..රත්ගම කියන නමෙන් මෙලෝ රහක් නැති බ්ලොග් එකක් ලියන මඤ්ඤන් බුවෙක් ඉන්නවා..අයියා ඒ ඩයල් එකගේ නෑයෙක් කියලා හිතලායි කට්ටිය හිනා උනේ..."

එතනින් එහාට මල්ලී "ර" යන්න කිව්වේද දෙවරක් හිතා බලලාය

            අපමන වාසි අතර අවාසි කිහිපයක් ද ඇත.මම ඒවා සැකව්න් ප්‍රකාශ කරමි.
දෙක වීමට පෙර මූ මට වැන්දේ අවුරුද්දට පමනි.ඉස්සරහට ඒ වදින එකත් නැත.
මූට කියා වන්දවා ගැනීමේ ආසාවක් මට නැත.(නෑ මම මේ සිරාවට කියන්නේ...අපිට මක්කටෙයි අනේ ඔය කාටවත් කියලා වන්ද ගන්නේ..)

                     අද හවස් වරුවේ බඩගින්න නිසා මාලුපාන් ගෙන්නා ගත්තෙමු..මාලුපාන් මල්ලත් රැගෙන ගෙට ගොඩ වූයේ මල්ලීය..චූටි මල්ලීට සහ මට මාලුපාන් එක බැගින් වෙන් කල මූ ගෙඩි දෙකක් ගත්තේය..ලංකාවෙන් දෙක වුවත් මූට බෙදාගෙන කන පුරුද්දක් නැත.වෙනදාට නම් දෙකක් ඇන චූටි එකා සහ මම ඉතුරු මාලුපාන් ගෙඩිය උදුරාගෙන කෑවද දැන් එසේ කිරීමට නොහැකිය.
ලාවට දෙකක් ඇන්නද මාධ්‍ය ආයතන වලින් ඒ සිදුවීම ටොම්බා සයිස් අකුරු වලින් මුල් පිට්ටේ දමයි.. 
''ලංකාවෙන් දෙවනියාට අමානුශික ප්‍රහාරයක්''
හිරේ යාමට මා තුල එතරම් කැමැත්තක් නැති බැවින් මම එක මාලුපාන් ගෙඩියකින් සෑහීමකට පත් වුනෙමි..
           මූ නිසා මට රටේ ලෝකේ මිනිස්සුන්ට පාටි දීමටද සිදුවී ඇත..පාටි නොදෙනා තුරු කැම්පස් එකට මාව වද්ද ගන්නේ නැති බවට තර්ජනය කරමින්  නිර්නාමික මිස්කෝල් වගයක් ඇවිත් තිබුනේය
කැම්පස් එකට ඇතුලු වූ සැනින් අල්විස් පොකුනේ පතුලේ ගැඹුර බැලීමේ අවස්තාවද ලැබෙනු ඇත..මක්කා කොරන්නද....
මෙහෙව් මල්ලී කෙනෙක් මටම වාසනාවක් ය....


ප.ලි - මල්ලීට (මේ පෝස්ට් එක දැකලවත් මට වැදපන් ඊලග අවුරුද්දේ )
             පෝස්ට් එක කොටය. ගෙදරින් පිටත් වීමට පෙර ඉක්මනට        දැමුවෙමි...අනේ දෙවියනේ මිඩ් exam එක කල් පලයා...න්