Thursday 30 September 2010

රත්ගමයා , උදුපියලිය සහ අශීලාචාරයෙක්........


රත්ගමයා ඊයෙ ඉදලම මේ ලිපිය දාන්න ඉදියේ.ඒත් කාල කලමණාකරනයේ පොඩි අව්ලක් ආපු නිසා අදට කල් දැම්මා..ඊයෙ පුරුදු විදිහට අලුත් ලිපියට දාපු අදහස් කියවගෙන යනකොට(කියවගෙන ගියා කිව්වට ඒ අදහස විතරයි තිබුනේ)අදුරන්නේ නැති අමුත්තෙක් රත්ගමයට බැනලා අදහසක් දාල තිබුනා.එහෙම හැන්ගිලා අදහස් දක්වන්නෙ කොන්ද පන නැති උන් සහෝ..ඒක නිසා ඒ අදහස දපු කෙනා මේ ලිපියටත් අදහස් දානවනම් රත්ගමයා කැමති.හැබයි නමත් එක්ක.එතකොට රත්ගමයා වැරදි හදාගන්න පසුබට වෙන්නේ නෑ.....හැන්ගිලා කරන්න ඕන වැඩ 1යි රත්ගමයා දන්නේ..ඒ ලිoගික කටයුතු..ඒක නිසා සහොදරයා මගේ නවාතැනේ එහම වැඩ කරන්න ඉඩ නෑ කියල මතක තියා ගන්නකෝ......
මේ ලිපියට හේතුව ඒකම විතරක් නෙමේ..කාලේකින් අලුත් නිසැදැස් වගයක් කියවන්න ලැබුනා බ්ලොග් අඩවියක..නොසිදුවීම් කියල තමා නම නම් තිබුනේ(රත්ගමයා නම් අලුත් නිසා ඒක ඊයේ තමා කියෙව්වේ)ආදරය විරහව ගැන ලියන අස්සේ ඒ මිතුරා ලියලා තිබ්බේ උදුපියලිය ගැන..ආදරය විරහව වගේ වෙන මාතෘකා අතර ඒ වගේ එකක් දැක්කම රත්ගමයට කියවල බලන්න හිතුනෙ නිසදැස් වලට තියෙන ආසාවටම විතරක් නෙමේ..රත්ගමය ප්‍රතිපත්තියක් විදිහට මේ බ්ලෙග් එකේ නිසදැස් දාන්නේ නෑ කියලා හිතාගෙන හිටියේ..ඒත් මේකේ ඒ නිසදැස දැම්ම කියල වරදක් වෙන්නේ නෑ කියල හිතුවා...පද 2ක විතරක් දාන්නේ ..,නැති නම් රත්ගමයා ඒ නිසදැස අයිති නිර්මානකරුවට අසාධාරනයක් කරා වෙනව නිසා..ඔයාලත් ගිහින් බලන්න..

උඳුපියලි
කුඩා කොළ
කුඩා මල්
ලං වී බලන්න
ලස්සනය


රත්ගමයට කියන්න ඕන මෙච්චරයි..වෙනස් දෙයක් වෙනස් විදිහට කරන්න.එතකොට ලෝකයට අපිව මතක හිටීවි.හැමෝම කරන දේ කරොත් නිකම්ම නිකන් පුද්ගලයෙක් විතරයි.චරිතයක් වෙන්න වෙනස් දේ කරන්න.....පුද්ගලයො ආදරේ කරන්නෙ චරිත වලට......

Sunday 19 September 2010

පටන් ගන්න නෙව යන්නෙ..........

රත්ගමය ඉන්නේ රත්ගම නෙව....ඉතින් බල..මම අපෙ කොලු රචුවෙ හැත්ත බුරුත එක්ක කයිය දානකොට අපේ වහෙලා පට්ට ආතල් ගන්නවා...හිනාවෙනව..හුජ්ජ කරගන්නෙ නැති එක විතරයි....ඕන රෙද්දක් වෙන්න කියාලා රත්ගමයා හිතුවා මෙව්වා එකක කොටාලා දානවා කියාලා...ඔන්න අද ඉදලා රත්ගමයාට මක්කා හිතෙනවා කියාලා බලාපල්ලා කෝ.........නමෝවිතියෙන් වැඩ පටන් ගන්න තමා බලේ හදන්න..ඉවසාලා ඉදපියව්...