Saturday 30 June 2012

මල්ලිලා වර්ජනය කරමු!!! - "අනේ බුදු අයියේ...මට වාවන්නේ නෑ මගේ දෙයියෝ...."


දුක් කරදර ගලාගෙන යනවා ඉවරයක් නැතුව.පහු උන සති ටික ගෙවිලා ගියේ හුස්මත් හදවතත් රත්කරලා..සමහර දේවල් අමතක කරන්න ඕන.අමතක කරන්න බැරි උනත් අමතක කරන්න ඕන.ඒවා අමතක කරලා දාන්න ඕන නිසා මම හිනා වෙලා මෙහෙම ලියනවා...

සති අන්තයේ දවසක් උවත් මම බිසී උනෙමි.නෑදෑ ගෙවල් කිහිපයකම යා යුතුය.ඒ අතර කැම්පස් එකේ මිතුරන් කිහිප දෙනෙකුගේ පුද්ගලික ජීවිතය කඩා කප්පල් කිරීමට උන්දලාගේ ගෙවල් වලද යා යුතුය.මා මක්කා කරම්දැයි සිත සිතා සිටින විටදීම ජංගම දුරකතනය දෙදරන්නට විය ( ඒකට කියන්නේ වයිබ්‍රේටරය කියාය.)  නන්නාදුනනා අංකයකි.සුදු වෑන් එකක් එක් ඇසකින් මතු වී අනෙක් ඇසින් නොපෙනී යයි.යකෝ මේ නම්බරේට බලහත්කාරකමක් වත් කරලද දන්නේ නෑ නමක් නැත්තේ..

"හෙලෝ"

"හලෝ..මම මේ අහවලා" (අහවලා යනු වලත්තයෙකුට යෙදෙන කෙටි යෙදුමක් නොව නිර්නාමික කිරීමට යෙදූ යෙදුමකි."

"ආ..අහවලා කියපන්"

"ඕයි හැන්දාවෙලා අපේ ගෙදට්ට වරෙන්.."

"ඒ...අර මක්කටෙයි"

"නෑ නිකන් බන්.අපේ මමීට උඹව බලන්න ඕන ලු."

හුටා මමී.මෙන්න මූ මට කඩ්ඩෙන් බනිනෝ.. 

"අඩෝ අවලම් වල් ඉත්තෑවා,සුදු රෙදි හොරා,උන්ඪුක පුච්චයා..ෆේස් ටු ෆේස් වර ඩෝ..කඩ්ඩෙන් කුනුහර්ප කියන්නේ නැතුව..මමී වෙන්ටු ද ශෝ,අයි වෝන්ට් ටු ගෝ ටු ද ටොයිලට්,සාමා අර බලන්න අතන සල් මල් පිපිලා.." 

 "තොට නට්ද යකෝ..අපේ අම්මට උඹව දකින්න ඕනලු"

"හෑ....යකෝ මම එච්චර ජනප්‍රියද බන්.ෆෝටෝ එකක් එවන්නෙයි"

"ෆෝටෝ නෙමේ යකෝ.උඹව ලයිව් දකින්න ඕනලු.."

"ඒ..ඔයත් එක්ක බෑ ඒයි..ඔට්ටු නෑ ඒයි..හ..සිංහලෙන් කියන්නෙත් නෑ තේරෙන්න..තලායි හොදේ.."

"යකෝ කකුස්සියෝ,උඹත් එක්ක අපේ අම්මට කතා කරන්න ඕනලු.ඒක නිසා හවහට අපේ ගෙදෙට්ට වර"

"අන්න එහෙම කියහන්.මම හවහට මගේ හයිබ්‍රිඩ් කාර් එකෙන් එන්නම්"

"ඕන @#$%& වර"

කට් කරන බොත්තම ඔබපු මම කරන්නේ මොකක්ද කියලා හිතාගන්න බැරුව තත්පර දෙකයි දශම පහක් බලාන උන්නා..මල්ලි ලංකාවෙන් දෙක උනත් හරි මම රටේම ජනප්‍රිය චරිතයක් වෙලානේ.අපේ මල්ලිට මෙහම තැනකට එන්න පාර කපපු z ස්කෝර් එක ගනනය කරන කට්ටියයි අධ්‍යාපනේ කරවන ඇමතිතුමාලයි ලබන ආත්මේ පරෙයියෝ වෙලා ඉපදෙන්න ඕන.එතකොට මම කූඩුවක දාලා ඇති කරනවා.හැමෝටම පලවෙනියා වෙන්න පුලුවන් එතකොට.

"ලොකු මල්ලියේ..."

මම ආදරෙයෙන් උන්දව ඇමතුවා..

"ඇයි පොට්ටයෝ.."

ඌ ආදරයෙන් මාව අමතනවා.අන්න බලන්න හැදෙන ගහ වචන භාවිතයෙන් දැනේ කියන්නේ ඔන්න ඕකටයි..

"මේ ඕයි...දැන් ඔය අලුත් z මෙව්වා එක එනකොට උඹ අන්තිමයා වෙලා ඉදීවියැ."

"එහෙම උනොත් මම අරූගේ අන්නශ්‍රෝතය කනවා.."

අපේ මල්ලිට තරහා ගිය පාරට ඌ මනුස්සයෙක්ය කියන එකත් අමතක වෙලා.ශරීර අවයවයක් පේන්න බෑ ඒක කන්නමයි හදන්නේ..

"කියන්න බෑ නේ බන්.දැන් ඔය z දෙක මෙන්න මෙහම අරන් මෙහම එකතු කරාම උඹ පලවෙනියා වෙන්නත් පුලුවන්."

මම උගේ ගැන ඇති උන ආත්ම අනුකම්පාවෙන් කිව්වා.මමත් ටිකක් ඔය z මෙව්වා එක හදන හැටි දන්නවා කියලා පොරට තේරෙන්න ඇති..

"අනේ බුදු අයියේ...මට වාවන්නේ නෑ මගේ දෙයියෝ...."

එකපාරටම සුනාමියක් ආවා වගේ මූ අඩන්න ගත්තා.දැන් ඉතින් හොයපන්කෝ කුවේනියක් මුහුදට බිලිදෙන්න (ඉතිහාසය පිලිබද මගේ දැනුම කෝමෙයි..) 

"ඇයි තෝ පලවෙනියා වෙනවා කිව්වම අඩන්නේ.ඒක ප්‍රීති වෙන්න ඕන කාරනයක් නේ යකෝ.."

"මට බෑ ඕයි එයාව දෙවනියා කරන්න..මට බෑ..මට වාවන්නේ නෑ.."

මූ ආයේ අඩනවා..

"එයා?? කවුද යකෝ මම නොදන්න එයා??"

ඌ දුවලා ගේ ඇතුලට ගිහින් තුන හතරට නවලා තිබුන පත්තර කෑල්ලක් මගේ අතේ ගුලි කරා..
ඒකේ පොල්ගෙඩි සයිස් අකුරෙන් ලියලා තියෙනවා..

"වානිජ අංශයෙන් ලංකාවෙන් පලමු තැන @#$^@#amp; දිස්ත්‍රික්කයේ @#$%& #$%^ දියණියට"

අප්පට සිරි..මෙයාද එයා..නෙද්දකින්...තෝ නම් හරිම පැනියෙක් තමා..

අන්න බලන්න ප්‍රිය පාඨකයිනි..දැන් කාලේ කෙල්ලෙකුට නිදහසේ ලංකාවෙන් පළවෙනියා වෙන්න නෑ නේ මේ වගේ නරක සමනල්ලු ඉන්නකල්..

අහවල් යාලුවට වුන පොරොන්දුව ඉටු කරන්නත් එක්ක උගේ ගෙදර දවල් කෑමටම යන්න කියලා මම හිතා ගත්තා.අද චූටි මල්ලී නෑ..ඌට පන්ති..ඒක නිසා ඌත් එක්ක පරම්පරා ගැටුමක් ඇති කරගන්න හේතුවක් නෑ..

දවල් 1 විතර වෙද්දි මම අහවල් යාලුවගේ ගෙදරට ආවා.සමහර විට මුන්ගේ අම්මා මට එන්න කියන්න ඇත්තේ උගේ ගැන විස්තර අහන්න වෙන්න ඇති.අපි හොද හැදිච්ච දරුවෝ උනාට මුන් එහෙම නෑ නේ.ඒකනේ අහවලා කියන්නේ..

 "ආ..පුතා ආවද...නියම වෙලාවට ආවේ..දවල්ට කාලම යන්න පුලුවන්.."

"අනේ ඕන නෑ ඇන්ටි..කරදර වෙන්න එපා."

මමත් ඉතින් අහිංසක පොඩි එකා වගේ ලාවට හිනාවක් දැම්මා..

"ඉතින් පුතා කොහොමද? මල්ලිගේ රෑන්ක් එකට එහෙම ප්‍රශ්නයක් නෑ නේ..?"

"ප්‍රශ්නයක් වෙන එකක් නෑ ඇන්ටි.අම්මා විභාගේට කලින් බෝධි පූජා , තොවිල් එහෙම කරලා නේ තියෙන්නේ.තාම ඒවා වැඩ කරනවා නේ."

"හී..හී....."

 "ඉතින් දැන් මල්ලි මොකද කියන්නේ..තව කොච්චර කල් බලන් ඉන්න වේවිද කැම්පස් යන්න?"

මේක හරි කෙලියක් නේ යකෝ..මාව ගෙන්න ගත්තේ මල්ලි ගැන අහන්නද? ඔන්න බලන්න මල්ලිලා උඩ ගියාම අයියලට වෙන දේ.අනේ මේ වගේ දුකක් කිසිම අයියා කෙනෙකුට වෙන්න එපා දෙයියනේ!!

"අනේ මන්දා...ඌ දැන් අර චාට‍ර් අකවුන්ටන් ද මොකක්ද එක කරනව නේ.."

"චාටර් නෙමේ යකෝ..චාටඩ්.."

"ආ...ඔව් ඒක කරනව නේ..ඒකේත් ඔන්න උඩින්ම ඉන්නවලු...මමත් ඉතින් ඔය වයසෙදි හරි හරි දස්කම් තමා කරේ ඇන්ටි..ඇන්ටිට කියන්න ඒකාලේ ස්පෝර්ට් මීට් එකේ විල් බැරක්ක තල්ලු කරන රේස් එකෙන් මම පලවෙනියා,තව තනි කකුලෙන් දුවලා පලවෙනියා..තව...."

"ආ...නෑ කමක් නෑ පුතා..ඊලග දවසේ එනකොට මල්ලිවත් එක්කගෙන එන්නකෝ..මම කෑම ලෑස්ති කරන්න යනවා.."

මේ ලෝකේ හරිම අසික්කිතයි..ඇයි යකෝ..මට පුලුවන් මේ වගේ කාට හරි මඩක් ගහලා දාන පෝස්ට් එකක් බ්ලොග් එකේ දාන්න විතරයි..ඒත් ඉතින් ඒකෙන් ඇති වැඩේ මොකක්ද..ඔන්න පත්තරේකට හරි පොඩි ලිපි කෑල්ලක් දාගන්න තියෙනව නම් ඒකත් එකක්.ඒත් ඉතින් පත්තරේ දාන්න පුලුවන් ඒවයැ ලියන්නේ.මේ ඔක්කොම අත ඇරලා පොතක් අරන් කාගෙන යන්න හිතෙන්නේ මේ වෙලාවට තමා.එත් දෙයියනේ කන්න උනත් කෝ පොත්...
ඇන්ටි ගිය හැටියේ මම යාලුවා ලගට කිට්ටු උනා..

"ඒ බං උඹට නංගි කෙනෙක් වත් ඉන්නවද? "

"ඇයි උඹ එහෙම අහන්නේ.." පොර මගෙන් අහනවා,

"නෑ ඉතින් උඹලගේ අම්මා අපේ මල්ලි ගැනම අහන්නේ මොකො මාව ගෙදරට ගෙන්නගෙන.මම කලු‍ය.හ..."

 "නංගි කෙනෙක් නම් නෑ බන්..ඒත් උඹ නම් කලුයි, කැතයි, උසයි.ඒ මදිවට කණ්නාඩි දෙකකුත් දාගෙන.උඹ වගේ පොට්ට‍යෙකුට දෙන්න නංගිලා අපේ ගෙදර නෑ."

නෙද්දකින්..මේ වගේ ගස් ගෙම්බෝ නේ අපිත් ආස්සරේ කරන්නේ..

මේ අවනඩුව මම කාට කියන්නද දෙයියනේ..අටේ ප්‍රවෘත්ති වලට වත් දාන්න ඕන..මේක මානව හිමිකම් කඩ කිරීමක්.අපහාසයක්..ඒත් දැන් කරන්න දෙයක් නෑ..දෙන බත් එකක් කාලා මෙතනින් මාරු වෙන්න ඕන.

"ආ...එන්න පුතා කෑම කන්න..."

ඇන්ටියා ගේ ඇතුලේ ඉදලා කෑගහනවා.

"වැඩිය මුකුත් හැදුවේ නම් නෑ පුතා..මේ හදලා තියෙන ඒවයින් මල්ලි කන්නේ නැති කෑම මොනව හරි තියෙනවද?"

යකෝ එතනත් මල්ලි..මේක හරිම අසික්කිත ක්‍රියාවක්..අපේ මල්ලි විතරයිද දන්නේ නෑ මේ ගෙදර උන්ට ටෙන්ඩර් දාලා තියෙන්නේ.මේකත් හරියට ක්‍රිකට් පෙන්නන්න CSN එකට දුන්නා වගේ තමා.අවුරුදු තුනකට මුන්ගේ ගෙදර කතා වෙන්නේ අපේ මල්ලි ගැනද කොහේ.

"ඒ මොකටද ඇන්ටි මල්ලි කන කෑම? "

මමත් ඉතින් පුදුමෙන් වගේ ඇහුවා.

"නෑ පුතා..මල්ලිටත් එක්ක බත් පැකට් එකක් දෙන්න කියලා බැලුවේ.."

ඇයි දෙයියනේ මේ ලෝකේ කුනුහර්ප මෙච්චර ටිකක් විතරක් හැදුවේ..මට මේ මතක් වෙන ටික මදි මෙතන කියන්න..

"ඌ කිසිම එලවලුවක් කන්නේ නෑ..ඌ කන්නේ තණකොල මලවලා විතරයි."

එහෙම කියන්න මට හිතුනත් මම එහෙම කිව්වේ නෑ.

"එහෙම ප්‍රශ්නයක් නෑ ඇන්ටි.එයා ඕන ජාතියක් කනවා.."

"එහෙනම් පුතා කන්නකෝ..මම ඉක්මනට බත් එක බදින්නම්.."

එහෙන් මෙහෙන් බත් ටිකක් අනාගෙන කාපු මම බත් පැකට් එකක් අරන් හෙමීට මාරු වෙලා ආවා..
අපි මේ අධ්‍යාපන රටාව වෙනස් කරන්න ඕන.මේක අයියලව පහත් කරන රටාවක්.මේකට එරෙහිව අපි හඩක් නගන්න ඕන..ඒක කරන්න සැලසුමක් හිතෙන් හදහද ගෙදරට එනකොට 4ත් පහුවෙලා...
-----------------------------------------------------------------------------------

ප.ලි - පහුගිය ටිකේම දාපු කමෙන්ට් වලට රිප්ලයි දාන්න බැරි උනා.ඒ මදිවට කාගෙවත් බ්ලොග් එකක් පැත්තේ එන්නත් බැරි උනා.අද සිට සුපුරුදු පරිදි බ්ලොග් අස්සේ රිංගනවා.මාත් සල්ලි සල්ලි කියලා බලන්නේ නැතුව ගත්තා අතේ ගෙනියන්න පුලුවන් කනෙක්ශන් එකක්.. ඒක නිසා පරිස්සමෙන් ඉන්න...රත්ගමයා සැරිසරනවාලු... 

101 comments:

  1. යකඩෝ ලංකාවෙන් 2 වුණාමත් මෙහෙම සැලකිලිද :D

    ReplyDelete
    Replies
    1. අයියලා බලුම වී යනවා ඊට පස්සේ....

      Delete
    2. උඹ කමෙන්ට් එකකට රිප්ලයි කරලා තියෙනවා දැක්කමයි!
      එල ඈ!

      Delete
    3. ඉදපන් ඉදපන්...දැන් දිගටම රිෆ්ලයි දානවා

      Delete
  2. මල්ලිගේ නම යනවා අයියගේ හම යනවා...... ඒකත් මරු.......

    ReplyDelete
    Replies
    1. ඌ නිසා ලියන්න දේවල් නම් ඕන තරම් සෙට් වෙනවා/.//

      Delete
  3. මං දන්නවා නංගි ලංකාවෙන් 5 වෙනියා වීම නිසා (සිස්සත්තෙන් හොදේ) අප්සට් ගිය අයියා කෙනෙක්. රතාත් එහෙමද දන්නෙ නෑ...

    ReplyDelete
    Replies
    1. ඊට වඩා අසික්කිත තත්වෙක නෙවෑ මම ඉන්නේ...

      Delete
  4. හිනා වුනා ඕයි බඩ පැලෙන්ඩ... හොඳ වැඩේ තෝවගේ අලුකුත්තේරු අයියා කෙනෙකුට.. ඔහොමමයි වෙන්ඩ ඕනා...

    මේ සිරාවටම අහන්නෙ.. උඹලෑ මල්ලි දෙකද.. ? එහෙනම් ඌට සුබ පැතුවා කියපන්..

    අපි බය වෙයි උඹ සැරිසැරුවට.. හෙහ්..

    ReplyDelete
    Replies
    1. හුටා බඩ පැලිලාය...මල්ලි දෙක වුනේ ගනනය කිරීමේ අවුලක් නිසාලු..

      Delete
  5. ඇයි බං සහෝදරයන්ට ඊරිසයා කරන්නෙ?

    ReplyDelete
    Replies
    1. කවුද යකෝ ඉරිසියා කරන්නේ...මම ඌට ආදරේ කරනවා.. <3

      Delete
  6. ඒකාවත් පේරාදෙණියට සිලෙක්ට් වේවා..!!! රත්තාගේ කුප්ප කිරි බීමවල් මාට්ටු වේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔහොම නපුරු දේවල් ප්‍රාර්තනා කරන්න එපා යකෝ....

      Delete
  7. මේක හරියන්නේ නෑ රත්ගමයෝ උබට මේ සෞර්ද ඩබල හැමදාම කෙනෙහිලිකම්නේ...

    ReplyDelete
    Replies
    1. අපි මේකට විරුද්දව පෙල ගැසෙන්න ඕන..අයියලාගේ සංගමයක් හදන්න ඕන

      Delete
  8. z score අවුල නිසා වැට උඩ results තියෙන මං වගේ ළමයින්ට යන කල දසාව මොකක් වෙයිද දන්නේ නෑ....... ආ... ඔයාගේ මල්ලිට සුබ පතනවා :)

    ReplyDelete
    Replies
    1. අපොයි නගේ...මල කෙලියකි.....

      Delete
  9. අයියෝ අයිය...!!!!!!

    ReplyDelete
    Replies
    1. අයියෝ තමා කියන්න වෙන්නේ

      Delete
  10. ඔහොම කෙරේමයක් හැදුවොත් කියහන් මලේ. මටත් ඕක පාවිච්චි කරන්ඩ ඕනා !

    ReplyDelete
    Replies
    1. හොයාගත්තු ගමන් මිස්කෝල් එකක් දෙන්නම් :ඩී

      Delete
  11. අන්න හරී.. අන්න හරී...
    ඔය කොනෙක්ශොමත් අරගෙන වරෙන්කො කැම්පස්...

    ReplyDelete
    Replies
    1. දැන් ඉතින් ඉවරයි...

      Delete
    2. මම මේ දවස එනකන් තමයි මෙච්චර කල් බලන උන්නේ.... මට හරි සතුටුයි

      Delete
  12. හැ හැ..
    මගේ මල්ලියා හුරතලා චන්ඩියාලු...
    පට්ට ඈ..

    ReplyDelete
  13. ;ගත්තා අතේ ගෙනියන්න පුලුවන් කනෙක්ශන් එකක්.;
    ගත්තටකමක්නෑබං,වැඩියපාවිචිචිකරන්නඑපා...

    ReplyDelete
    Replies
    1. අතේ ගෙනියන ඒවා පාවිච්චි නොකර මක්කා කොරන්නයි

      Delete
  14. අඩේ...
    උඹේ මල්ලි හැම දෙයින්ම උඹව පරද්ද්යි වගේ..... :p

    ReplyDelete
    Replies
    1. ඌ විල්බැරක්ක පැදලා එක උනේ නෑ මම වගේ

      Delete
  15. ඇත්ත කියපං, උඹ අර බත් එක මල්ලිට දෙන්නෙ නැතුව මගදි කෑව නේ?

    ReplyDelete
    Replies
    1. මට වැඩේමයි ඌට දෙන ඒවා කන්න...මම කෑවෙත් නෑ ඌට දුන්නෙත් නෑ

      Delete
  16. පට්ට සිද්දිය ඈ
    උඹ මල්ලිලාට මඩ ගහන නිසාමයි බොට ඔහොම වෙලා තියෙන්නේ..

    ReplyDelete
    Replies
    1. උන්ට මඩ ගහන්නේ උන් මට මෙහෙම කොරන නිසා නේ

      Delete
  17. hinawewi kiyewwa..kisi paaluwak naha..kammali nathuwa kiyawanna puluwan liyala thiyana widihata! :)

    ReplyDelete
    Replies
    1. හිනා වෙලා සතුටින් ඉදිය නම් එච්චරයි

      Delete
  18. එනපොට හොද නෑ රත්තෝ අරින්ඩ එපා ,මම උඹත් එක්ක..
    මිත්‍ර වරුනි මම තමුන්නාන්සේලාට කියන්න කැමතියි....................................

    ඒත් බං මම කියන්න කැමති උනාට මුන් අහන්න කැමතිවෙයිද දන්නේ නෑනේ. ඔන්න ඔහේ උඹම කියපං...! ජය...!

    ReplyDelete
    Replies
    1. අපි මේකට විරුද්දව ඒකාබද්ද හඩක් නගන්න ඕන..ඒත් කෝ මයික් එකක්?

      Delete
    2. අක්කපාලයගෙන් ඉල්ලුවනම් දෙයි..

      Delete
  19. කෝ බං උඹ අර බත් පැකට් එක මල්ලිට දුන්නද?

    ReplyDelete
    Replies
    1. ඌට දෙන්න මම බත් අරන් යන්න මට නට් යැ

      Delete
    2. අන්න කොල්ලෝ!එහෙම තමයි ඉන්න ඕනේ!

      Delete
  20. මලයා ගිනි බුලට් එක එහෙනං ඈ.... :)

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  21. mekai malli daskshaya une ayya nisa nee e hinada bath paket eka mallita denna athi neda

    ReplyDelete
  22. man meka kiyawanne pereda edalaaaa paluwe thanikame enna apita meka kiyawala fun ekak ganna puluwan thawa thawath liyanna labeewa hinawewiii kiyawanna pulun apata man medawaswala parana ewa okkoma kiyawannawa..:)

    ReplyDelete
    Replies
    1. මෙන්න මෙහම කමෙන්ට් වැටෙන නිසා තමා ලියන්න ආස හිතෙන්නේ...

      Delete
  23. math meka dakke lagadi. sook affa. digatama liyanna. jaya wewa..!!!

    ReplyDelete
  24. කොහෙද උඔ එතකොට ගියේ පස්ට පස්ට

    ReplyDelete
  25. ayyo.........rathgamaya ayyata una wadak.attatama oyage malli dekada?eka attanam eyata wish kala kiyanna hode...........tawath katha liyanna me wage...api enawa ewa kiyawanna......

    ReplyDelete
    Replies
    1. එනවට ස්තූතියි...හැමදාම නිකම්ම අරලිය වගේ ඉන්නේ නැතුව හොද ප්‍රොෆයිල් එකක් හදාගෙන බ්ලොග් එකක් ලියන්න උත්හසයක් දරමු :))

      Delete
  26. නිකමට හිතපන් රත්ගමයෝ.. මල්ලි එක උනානම් උඹට එල්ලෙන්න වන්නේ.. ඉවසපන් ඉවසපන්..

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඉතින් බ්ලොග් කෙරුවාවත් ඉවරයි....

      Delete
  27. එකත් නරකද එයි..මල්ලි ගේ බත් එකත් ඔයා කන්නකෝ ඉතින්..

    ReplyDelete
    Replies
    1. මම නම් කයි උන්දට දෙන බත්

      Delete
  28. ඈ යකෝ මල්ලි හින්ද උඹේ මූනත්තහඩුව පත්තරෙත් ගියා නේද? එහෙව් එකේ ඌට ඔහොමද සලකන්නෙ.

    ReplyDelete
  29. මාත් මේකෙ කමෙන්ට් දාන එක අතාරින්න කියලා හිටියෙ. ඇයි යකෝ ගහකට ගලකට කතාකරනවා වගෙ.
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. ආදරේ වැඩි උනාම එහෙමයි.,,

      Delete
  30. තමන්ගේ සහෝදරයට ඉරිසියා කරන සහෝදරයෙක් මම මේ දැක්කමයි,

    ReplyDelete
    Replies
    1. අන්න බලන්න ඉතින්...අපේ මල්ලි මට ඉරිසියා කරන හැටි..

      Delete
  31. වැඩක් නෑ බන් කතා කරල... මල්ලිල උඩ යනකොට අයියල වල පල්ලටම යනව... සන්තෝසෙ බැරුවා...

    ReplyDelete
    Replies
    1. ඒකාබද්ධ අයියලාගේ අපහසුතාවයට පත් වූවන් ගලවා ගැනීමේ සංවිධානයක් ගහමු

      Delete
  32. මට හිතෙන හැටියට නං ආයෙසැරයක් මෙව්වෑක මෙව්වකරල ගත්තම මල්ලි තව උඩටයයි. රත්ගම ළමය හ්ම්ම්...........ඔය ළමයත් උඩට යයි

    ReplyDelete
    Replies
    1. ඇති යන්තම් මගේ හොදක් ඇහුවා..විල් බැරක්ක පද්දලා තමා මට උඩ යන්න පුලුවන්

      Delete
  33. මේ මචං උබලගේ මල‍යට මොකුත් අඩුපාඩු එහෙම තියේනං කියන්ඩ කියපං.ඕනෙ උදව්වක් කරන්නං..

    ReplyDelete
    Replies
    1. ඌට මොලේ ටිකක් අඩුයි...

      Delete
    2. අයියට වෙන එකක් අඩුයි වාගෙ ;)

      Delete
  34. දැක්කමද කොහෙද රත්ගමයා කොමෙන්ට් කරනවා ;)

    ReplyDelete
    Replies
    1. දැන් ඉතින් නින්ද යයි බොලාට

      Delete
  35. මල්ලිට බාල කෙල්ලව බන්දලා උඹ වැඩිමල් කෙල්ලව බැඳපන්...

    ReplyDelete
    Replies
    1. අන්න ඒකනම් නියමයි...දෙන්නව ගන්න පුලුවන් නම් මරු

      Delete
  36. අපෙ අයිය බන් උඹෙ මල්ලි වගෙ මට කෙලින්නෙ..දෙන්නව මාරු කර ගමුද ඈ?

    ReplyDelete
    Replies
    1. සුහද හුවමාරුයැ?

      Delete
    2. යා යා ඒ වගෙ මෙව්ව එකක් තමය්!
      අපෙ අයියව ගනින්,අයියත් එක්ක දෑවැද්දකුත් එවනො :D

      Delete
  37. මල්ලිව ආදරෙන් මතක් කළා කියන්න ;)

    ReplyDelete
    Replies
    1. ඔන්න ඉතින් ඕකනේ..ඒතනත් ආදරෙන් මතක් කොරන්නේ මල්ලි විතරයි..

      Delete
  38. //අපේ මල්ලිට තරහා ගිය පාරට ඌ මනුස්සයෙක්ය කියන එකත් අමතක වෙලා.ශරීර අවයවයක් පේන්න බෑ ඒක කන්නමයි හදන්නේ..//

    හික්ස්ස්ස්... :D

    ReplyDelete
    Replies
    1. යකෝ..!! එතනට විතරද හිනා යන්නේ :/

      Delete
  39. එකගෙයි කන සිස්ටම් එක තාම තිබ්බනම් බොටත් මොනා හරි කරගන්න තිබ්බා නේද බං!

    ReplyDelete
    Replies
    1. අන්න එහෙම උනා නම් හොදා..පනතක් වත් ගේන්න ඕනා

      Delete
  40. මල්ලිට සුබ පැතුම් ..අය්යා ඔය කිව්වට සතුටු වෙන්න ඕනනේද

    ReplyDelete
    Replies
    1. නැතුව ඉතින්..උන්දට පින් සිද්ද වෙන්න මමත් පත්තරේ ගියා නේ

      Delete
  41. පට්ට සහෝදර ප්‍රේමේ :D
    මල්ලිට සුබ පැතුම්
    අයියන්ඩිගෙන් ගැලවිලා පුලුවන් වේවා කියලා ප්‍රාර්තනා කරනවා ;)

    ReplyDelete
    Replies
    1. ආදරේ තමා ඉතින්... :ඩී

      Delete
  42. තොපි තුන්දෙනා සමලිංගිකයොද

    ReplyDelete
    Replies
    1. ඇයි අහන්නේ..හොයනවද?

      Delete
  43. දැක්කනේ බං උබත් එමෙද උනා නම් කාට ද ආඩම්බර...?

    ReplyDelete
  44. රත්ගමයා කවදා හෝ උත්සාහයෙන් කැපවීමෙන් මල්ලිලා පරයා ඉහළට පැමිණෙන බැව් මගේ අක්මාවට මනාව වැටහුනි..... ඒ නිසා බිය නොවන්න ඉදිරිය හොදයි...

    ReplyDelete
  45. "අපි මේ අධ්‍යාපන රටාව වෙනස් කරන්න ඕන.මේක අයියලව පහත් කරන රටාවක්.මේකට එරෙහිව අපි හඩක් නගන්න ඕන" :ඩ් :ඩ්
    සහතික ඇත්ත රත්තො, දිගටම සැරිසරපං

    ReplyDelete
  46. අඩෙ උබෙ අති සුකොමළ.ආදරණීය.හිත්‍යිශි.අසමජ්ජාති,මල්ලි උබට සලකන විදියටම අපෙ නංගි කාරයත් මට සලකන්නෙ???මුන්ට ඉක්කෝලෙදි අයියලව පාගපන් කියල උගන්නනවද දන්නෑ.සික්.අති කුජීතයි :(

    ReplyDelete

ඔබේ වචන මට හයියකි...මේතන ලියා යන්න(ඔන්න හොදින් කිව්වා..අඩෝ...ලිව්වේ නැතිනම් කපනවා ඩෝ...)