Thursday 31 March 2011

ලෝක කුසලානය දිනන්න නම්.................


අපි ඔක්කොමලා බලන් ඉන්නේ අප්‍රේල් මාසේ 2 වෙනිදා තියෙන අවසාන මහා තරගය දිහා නේ...සමහරු බලන් ඉන්නේ නම් අප්‍රේල් 3 වෙනිදා තියෙන සිහින බක් මහා උලෙල එනකල්..කොහොම හරි මම හිතුවා අපේ ක්‍රිකට් කණ්ඩායම මේ අවසාන මහා තරගයෙන් දිනන්න නම් මොන වගේ දේවල්ද කරන්න ඕන කියලා පොඩි පෝස්ට් එකක් දාන්න.....
ඉන්දියානු කන්ඩායම අවසාන මහා තරගයට ආපු එක පකිස්තානය ආවට වඩා හොද උනත් ඔවුන්ගේ රටේ ඔවුන්ගේ පිට්ටනියක ඔවුන්ගේ නරඹන්නන් ඉදිරියේ ක්‍රීඩා කරන එකේ වාසිය ඉන්දියානු කන්ඩායමට තියෙනවා..ඒත් ඒකම ඔවුන්ට මානසික පීඩනයක් ගේන හේතුවක් වෙන්නත් පුලුවන්..
ඔවුන්ගේ පිතිකරු ලැයිස්තුව ගත්තොත් මුල්පෙල පිතිකරුවන් ලකුනු අතර ඉන්නවා..නමුත් මැදපෙල එකපාරටම කඩා වැටෙන තත්වයක් තමයි තිබුනේ..රයිනා මැදපෙල ක්‍රීඩා කරන්න ගත්ත එකෙන් මැදපෙලත් ශක්තිමත් වෙලා තියෙනවා..
ශේවාග් සහ සචින්ගේ විකට් දෙක අපි ඉක්මනට ලබා ගන්න ඕන..ශේවාග් ඉක්මනට යන තරමට ඉන්දියාව ලබා ගන්න ලකුනු ගාන ඉක්මනට අඩු වෙනවා..මම දැකපු දෙයක් තමයි ශේවග් බවුන්සර් පන්දු වලට නිදැල්ලේ යන්න ඉඩ හරින එක..ඒක තේරුම් අරගෙන විකට් එක කෙලින් ඒ කියන්නේ විකට් ටු විකට් පන්දු යැව්වොත් ශේවග් ඉක්මනට දවා ගන්න පුලුවන්..ටෙන්ඩුල්කාර් ක්‍රීඩා කරපු විදිහට නම් ඔහුව දවා ගන්න ඉතාමත් හොද පන්දුවක් වැටෙන්න ඕනා..
ඊලගට අපි සලකා බලන්න ඕන ක්‍රීඩකයා තමා යුවරාජ් සිං.තරගාවලියේ වීරයා වෙන්න ඉඩකඩ තියෙන ක්‍රීඩකයෙක් තමා ඔහු..ඉන්දියාව මේ ලෝක් කුසලානයේ ගොඩක් දුරට යැපුනේ ඔහුගේ පිත්තෙන් රැස්කර ගනිපු ලකුනු වලින්..ඒක නිසා ඔහුවත් ක්‍රීඩාගාරයට ඉක්මනට යවන්න ඕන..රයිනා කියන්නෙත් ශුවර් කරන්න බැරි ක්‍රීඩකයෙක්...ඉන්දීය නායකයා දෝණි නම් මේ තරගාවලිය ලකුනු පැත්තෙන් හොද එකක් නෙමේ..ඒත් කොයි වෙලේ ක්‍රියාත්මක වේවිද දන්නේ නෑ..
      ඉන්දිය කන්ඩායම මුලින් පන්දුවට පහර දෙනව නම් ලකුනු 250ට අඩුවෙන් නියත වශයෙන්ම දවා ගන්න ඕනා..අපේ බැටින්ග් ලයින් අප් එක ගත්තොත් මුල් පිති කරුවන් තුන් දෙනා ගැන ලොකු බලාපොරොත්තුවක් තමා තියෙන්නේ...ඩිල්ශාන් සහ තරංගගේ හොද ආරම්භය ගොඩක් මේ තරගයට ඕන වෙනවා..සංගා ගැන ඉතින් කියන්න දෙයක් නෑ නේ..ඔහු දන්නවා ක්‍රීඩා කරන්න..හැම කෙනාටම වඩා..මහේලත් ඉදලා හිටලා වැදීමේ න්‍යායට නැතුව නිසැකවම වැදිමේ න්‍යාය පාවිච්චි කරොත් ගොඩම තමා..අපේ මැද පෙල ගැනත් කතා නොකරම නෑ..චාමර සිල්වා සහ තිලාන් සමරවීර
ලකුනු අතර නෑ..මම දැකපු දෙයක් තමයි චාමර සිල්වට පන්දුව ස්ථාන ගත කරන්න බැරි වීම..බෝල දහයක් ගැහුවොත් ඒ දහයම යන්නේ ෆීල්ඩ් එක අතට..හතරේ එකක් ගැහුවොත් ඊලග බෝල 10ම ලෑලි..චාමර කපුගෙදර අවසාන තරගෙදිවත් උත්සහ කරන එකක් නෑ කියලයි මම හිතන්නේ..කපුගෙදර එක තරගයකදි අසර්තක උනාම ඉතුරු තරග හැම එකටම දැම්මේ සිල්ව..ඒත් සිල්වා අසාර්තක වෙන කොට දිනන කන්ඩායම කියලා වෙනස් කරන්නේ නෑ..මේ වගේම දෙයක් ගිය පාර ලෝක කුසලානයේදිත් උනා..ඒක ක්‍රීඩකයට කරන ලොකු අසාධාරනයක්..ඊලගට මැතිව්ස් ගැන කතා කරමු..මැතිව්ස් කියන්නේ අපි හොයා ගත්තු හොදම ක්‍රීඩකයෙක්..මැතිව්ස් ඔය ගහන තැනට වඩා උඩට දාන්න පුලුඒන් නම් මීට වඩා ලොකු සේවයක් ගන්න පුලුවන්..ඒත් එහෙම දාන්න බැරි ඊට උඩින් දෙන්න අසර්ථක නිසා...
මම හිතනවා මැතිව්ස් සහ මුරලිගේ අබාධ තත්වයන් සෙනසුරාදා වෙනකොට හොද වේවි කියලා.
මුරලි වෙනුවට යවපු රන්දීව් මුරලිගෙන් වෙන්න පුලුවන් සේවය 75% ක් වත් කරාවි කියලා හිතන්න පුලුවන්..ඒත් මැතිව්ස් වෙනුවට වාස් නම් කොහෙත්ම ගැලපෙන්නේ නෑ..මැතිව්ස් කියන්නේ අපේ මැද පෙලේ කොදුනාරටිය.වාස් එතනට පොඩ්ඩක් වත් ආදේශ කරන්න බෑ..සමරවීර සහ සිල්වා රිද්මයේ නැතුව ඉන්න කොට වාස් එතනට කොහෙත්ම හරියන්නේ නෑ..ඒත් මම හිතන්නේ මුරලි සහ මැතිව්ස් අනිවාර්‍ය‍යෙන් අවසාන තරගයට ක්‍රීඩා කරාවි කියලා...එහෙම උනොත් ගොඩාක් හොදයි..
පන්දු යැවීම ගත්තොත් ශ්‍රීලංකාව ඉන්දියාවට වඩා ගොඩක් ඉදිරියෙන් ඉන්නේ..මාලිංග,මුරලි ඇරුනම මෙන්ඩිස් ක්‍රීඩා කරාවි අනිත් පන්දු යවන්න රංගන සහ කුලසේකර කියන දෙන්නගෙන් කෙනෙක් තමා ඇතුලට එන්නේ..මගේ මතය නම් කුලසේකර.. දග පන්දු වලට පහර දෙන ඉන්දියානු ක්‍රීඩකයන්ට කුලසේකර උත්තරයක් වේවි කියලා හිතනවා...
ඉන්දියාවේ කට්ටිය ගත්තොත් හර්බුජාන් ගෙන් පරිස්සම් වෙන එක හොදයි..පරිස්සම් වෙනවා කියන්නේ නරක බෝලේට අත දිග ඇරලා ගහන්න ඕනා.එතකොට තමා හර්බුජාන් වැටෙන්නේ...නේරා කියන්නෙත් ඉතා හොද පන්දු යවන්නෙක්...එහෙම නැති නම් තින්කින්ග් බෝලර් කෙනෙක්..නේරා පන්දු යවන්නේ තරගයට ඕන විදිහට..ඒ පන්දු වලිනුත් බේරෙන්න ඕනා...යුවරාජ් හොදට පන්දු යවලා තියෙනවා.
කොහොම උනත් එදා දවසේ හොදට සෙල්ලම් කරන කන්ඩායම සහ වාසනාවන්ත කන්ඩායම දිනාවි..ඉන්දියාවට වඩා අවසාන මහා තරග වල අපිට වාසනව තියෙනවා..
මුරලි සහ මැතිව්ස් වෙනුවට වාස් සහ රන්දීව් ගෙන්නුවේ කුප්ප කමකටද කියලත් හිතෙනවා..ඉන්දියන්කාරයෝ චූන් කරන්න කරපු කුජීත වැඩක් වෙන්නත් පුලුවන්.
 මැතිව්ස් සහ මුරලි 100%ක් සුව වෙන්න කියලා අන්තිමට ප්‍රාර්ථනා කරනවා....

Wednesday 30 March 2011

වෙනස් විදිහට හිතන්න............


හැමදාම එක එක විකාර කතා කිය කිය ඉන්නේ නැතුව පොඩ්ඩක් වැදගත් ටොපික් එකක් ගැන ලියන්න හිතුනා..
ඔබ හිතන්නේ මොන විදිහට ද...උත්තරේ අනිත් හැමෝමලා හිතන විදිහට කියන එක නම් ඔබට මෙතනින් ඉස්සරහට ලිපිය කියවන්න අවසරයක් නෑ
අපි අපේ ජීවිත කාලෙදි අනුන් කරන දේවල් කොච්චර දවසක් කරලා ඇද්ද..හැමදාම හැමෝම කරන ඒව කරාම අපිට පැවැතමක් නැති වෙනවා..
පොඩ්ඩක් හිතන්න..
මම සරල උදාහරනයක් ගන්නම්
අයිසෙක් නිව්ටන්ගේ ඔලුවට එදා ඇපල් ගෙඩිය වැටුනේ නැතිනම් අද ගුරුත්වාක‍්රෂනය කියලා එකක් හොයාගෙන නෑ නේද...ඒත් එහෙම ඇපල් ගෙඩිය වැටිලත් නිව්ටන් කියන මනුස්සයා වෙනස් විදිහට ඒක ගැන හිතුවේ නැතිනම් ඒත් ගුරුත්වාක‍්රෂනය කියලා එකක් අද නෑ...අද අපි හැමෝමලා නිව්ටන්ට පින් දිදී ගුරුත්වාක‍්රෂනයක් ගැන කතාකරනවා..අන්න එතනදි නිව්ටන් වෙනස් විදිහට හිතුවා..ඒකෙන් එයා නිර්මානයක් කරා..දුන්නා ගුරුත්වාක‍්රෂනය කියලා ඒකට අර්ථ දැක්වීමක්..
මෙන්න සරල ප්‍රශ්නේ....ඔබත් අද එදා නිව්ටන් කියපු දේ පිලිගන්නවා නේද..ඇයි අපිටත් බැරි වෙනස් විදිහට හිතන්නේ...නිව්ටන් හිතුවට වඩා වෙනස් විදිහට අපිට හිතන්න බැරිද...පැහැදිලිවම පුලුවන්..ඒත් ඕන කමක් නෑ
 හයිඩ්‍රජන් පුරවපු බැලුමක් උඩ යන්නේ වාතයට වඩා සැහැල්ලු නිසාලු...ඉතින් කෝ එතනදි අර කියපු ගුරුත්වාක‍්රශනේද මොකක්ද එක..ඕක තියෙනව නම් බැලුම පොලවටම අදින්න ඕන නේ..
මෙච්චර ලොකු ගුරුත්වාක‍්රශනයක් තියාගෙන බැලුමක් පොලවට ඇදගන්න බැරි නම් එතන ඊට වඩා වැඩි දෙයක් තියෙනවා.සමහර විට ඔබට ඒකට විරුද්දව ඕන තරම් තර්ක ගේන්න පුලුවන්.සමහර නියමයන් බිද වැටෙන්න යනවා වගේ පේනව නම් ඒක හොයා ගත්තු විද්වත්තු ඒ නියමය වලන්ගු වෙන්න කියලා තත්ව දෙනවා..ඒ තත්ව වලින් කරන්නේ ඒ නියමයන් රැක ගන්න එක මිසක් ඇත්ත ලෝකෙට පෙන්වන එක නෙමේ..අපිත් එයාලා කියන්නේ ඇත්ත කියලාම හිතාගෙන හිටියොත් අපිට කවදාවත් වෙනසක් දකින්න බෑ....හිත ඇතුලෙන් තර්ක කරන්න....ඒ ඔස්සේ හිතන්න...වෙනස් වෙන්න...
මීට කලින් මම කියපු පිටසක්වල ජීවින්ගේ   එකිනෙකට වෙනස් කතා දෙක පොඩ්ඩක් වෙනස් විදිහට හිතපු අවස්තාවක්..
        මම හැම නිතරම වගේ මගෙන්ම මේ ප්‍රශ්නය අහගන්නවා....
"මම කියන්නේ කවුද?..මගේ ඇග ඇතුලේ ඉන්නේ කවුද...කාට වුවමනා විදිහටද මගේ අවයවයන් ක්‍රියාත්මක වෙන්නේ...."
ඒකට මට තාම උත්තරයක් හම්බෙලා නෑ..මහාචාර්‍ය‍යවරු කියන්නේ ඒක කෙරෙන්නේ සිතෙන් කියලා..ඉතින් කෝ සිත කියලා අවයවයක්..අන්න ඒක කොහේද තියෙන්නේ...
ගොඩක් වෙලාවට මම ආසයි සැහැල්ලුවෙන් හිතන්න..ගෙදරට ඇදන් ඉන්න ඇදුම ඇදගෙනම ගාලු යන වෙලාවල් ඕන තරම් තියෙනවා..ශෝට් එකක් ඇදගෙන රබර් සෙරප්පු දෙකක් දාගෙන යන්න තියෙනව නම් ඒ වෙනස තේරුම් ගන්න පුලුවන්...
ඇයි මට බැරි අදර කතා ලියන්න...ආදරේ ගැන කවි ලියන්න..දුක හිතෙන කතා ලියන්න..මට බැරුව නෙමේ...මට අඩවන්න පුලුවන් වචන වලින්..ඒක මම දන්නවා..මම ඒක කරලත් තියෙනවා
ඒත් මම මොකටද වෙන කෙනෙක්ව අඩවන්නේ...ඊට වඩා කොච්චර ලස්සනද හිනාව..අන්න ඒක තමයි මට වටින්නේ..හැමෝම ආදරේ ගැන කවි ලියද්දි මම වැසිකිලියක් ගැන විකාර කවියක් ලියන්නේ මම වෙනස් නිසා...ඒ වෙනසට මම ආස නිසා..
උඹට පිස්සු බන් කියපු නැති යාලුවෙක් මට නෑ.උඹ නම් මහා විකාර වෙනස්ම් චරිතයක් කියපු නැති එකෙක් නෑ.
එක දවසක් අපේ ඉස්කෝලේ ගුරු දෙගුරු රැස්වීම තිබ්බා..12 වසරේ අන්තිම වාරේ වගේ මම හිතන්නේ..අපිට සංයුක්ත ගණියට ඉගැන්නුවේ පතිරගේ කියලා සර් කෙනෙක්..අපේ අම්මා සර්ගෙන් ඇහුවා කොහොමද සර් අපේ පුතා පන්තියේ වැඩ කරනවද කියලා...සර් පොඩි හිනාවක් දාලා කිව්වේ මිනිහට නම් වැඩ පුලුවන්..හැබැයි හෙනම පඩත්තලයි කියලා..ඒ වචනය අල්ලගෙන අපේ කොල්ලො මට හින්ට් ගැහුවට මම ඒකෙන් වෙනසක් දැක්කා..ඔව් මට ප්‍රශ්න තිබ්බා..අනිත් අයට නැති ප්‍රශ්න මට තිබ්බා..ඉතිනි මම පන්ඩිත නොවී ඉන්නේ කොහොමද,,..මට පිස්සු....ඒ මම හිතන විදිහ..පිස්සෙක් ලෝකය දකින්නේ වෙනස්ම විදිහට..පිස්සෙකුට බැදීම් නෑ..හරිම සරලයි...ඌට හිතෙන්නේ අනිත් උන්ට පිස්සු කියලා...
තව වෙනස් විදිහකට හිතන්න පුලුවන් දේවල් ඕන තරම් තීයෙනවා..ඒත් ඒවා ඒ විදිහටම අනිත් අයට හිතේවිද කියන්න මම දන්නේ නෑ..
ගොඩක් අය ආසයි නේ කැපිලා පේන්න..ඇදුමෙන්..සුවදින්,ලස්සනින්,.... අන්න ඒ විදිහට කැපිලා පෙනීමට යාම තාවකාලිකයි...දැනුමෙන් කැපිලා පේන්න උත්සහා කරන්න..හැසිරීමෙන් කැපිලා පේන්න උත්සහ කරන්න..ක්‍රියාවෙන් කැපිලා පේන්න....අන්න එතකොට පැවැත්මක් තියේවි...හැමෝටම හැමදාම මතකේ තියේවි..අදටත් ජෝතිපාල මහත්මයව මතකේ තියෙන්නේ රූපේ ලස්සන නිසා නෙමේ..අදටත් විජය කුමාරතුංග මහත්තයව මතකේ තියෙන්නේ මේකප් එක නිසා නෙමේ...
මම හිතනවා හැමෝටම රත්ගමයව මතකේ තියේවි කියලා...ඒ මම ලස්සන නිසාවත් (ලස්සන නම් තමයි හොදේ) මම අදින ඇදුම් නිසාවත් නෙමේ...මම ලියන විකාර පිස්සු කතා නිසා.කොහේ කවුරු කියෙව්වත් මේක රත්ගමයගේ ස්ටයිල් එකට ලියපු කතාවක් කියලා කිය වුනොත් මම වෙනස් දෙයක් කරා වෙනවා.කුප්ප කතාවක්,කුජීත කතාවක්,,ඉකේයියා... කියලා කොහේ හරි කිවොත් රත්ගමයව මතක් වෙනව නම් මම වෙනසක් කරලා තියෙනවා.....තවත් උදාහරන ගොඩාක් දාලා මේ ලිපිය දිගටම ලියන්න පුලුවන්.ඒතකොට වෙනසක් නැතිවෙනවා...මෙතනින් නවත්තමු..
අද ඉදලා වෙනස් විදිහට හිතන්න...පුලුවන් වෙලාවට නෙමේ...හැම නිතරම.....

Wednesday 23 March 2011

මැරිච්ච එකා ඇවිල්ලා..................................



මම නැති ටිකට හරි හරි ජංජාල නේ වෙලා තියෙන්නේ...යකෝ...දවස් තුනක් සයිබරෙන් ඈත් වෙලා ඉදියොත් මාව මරා ගන්නවා..
පොඩි විභාග වගයකට මම කැලනිය පැත්තේ ගියේ..මර්වියාගේ අඩවිය නිසා පන පිටින් එන්න පුලුවන්ද කියලා පොඩි සංකාවක් තිබ්බ නම් තමා...ඒත් බොලේ මැරෙන්න තරම් සයිකෝ නෑ නේ මට..
දවස මට මතක විදිහට සදුදා.කැළනියේ ගොහුන් ඉරිදා විභාග කට්ට ගොඩ දාලා මාමලාගේ ගෙදරත් දවසක් නැවතිලා ඉදලා එන්න කියලා අම්ම කියපු නිසා සදුදා දවසේ මම ඉදියේ අපේ මාමලාගේ ගෙදර..පුරුදු විදිහට බොද මීදුමේ සංසලා නංගි අර කොන්ද පන නැති එකා එක්ක හුරතල් වෙන ජුගුප්සජනක ටෙලි කතා මාලාව බල බල ඉදියේ..ජංගම දුරකතන රාජයා චාජ් වෙන්න ගහලා සෙටි එකේ (මම හිතන්නේ සෙටි එක එක් ලක්ෂ ගානක්..) වාඩි වෙලා අගල් 41 ඇල්.ඊ.ඩී ටීවි එකෙන් තමා බැලුවේ..
කතාව ඉවර වෙලා ෆෝන් එක ගන්නකොට මිස්කෝල් 15 ක්..අප්පටසිරි...කවුද බොල මේ අවේලාවේ..දන්නේ නැති නම්බර්ම 10ක් විතර..මම පොඩ්ඩක් බය වෙලා ගියා.ආයේ සුනාමියක් වත් එනවද දන්නේ නෑ කියලා..

දන්න නම්බර් එකකට තිබ්බේ ළමයගෙයි පොඩි මහත්තයගෙයි නම්බර් විතරයි..කොකටත් කියලා මම ළමයට මැසේජ් එකක් දැම්ම මොකො අවුල කියලා...ටික වෙලාවකින් මුගෙන් මැසේජ් එකක් එනවා උඹ මැරිලා කියලා බස් එකක කතාවක් යනවා මේ ඒක දැන ගන්න කියාලා..මමත් ඉතින් පිස්සුද බන් මම හොදින් කියලා රිෆ්ලයි කරා..ඊට පස්සේ ඉතින් ඕක වැඩිය ගනන් ගත්තේ නෑ...

                කොහොම කොහොම හරි ගෙදර ආවේ පෙරේදා රෑ..ඇවිල්ලා බැලුවම නේ වැඩේ මීටර් උනේ..මෙච්චර මේ සීන් එක දුර ගිහිල්ල නේ..මේකට වග කියන්න ඕනා අර සුලැගිල්ලා කියලා තමා ආරංචිය..බුකියේ මම ඔන්ලයින් උනා විතරයි ඌම මට ලින්ක් වගයක් එවනවා මේව බලපන් අයියේ,,මට සමාවෙයන් කියලා..එතකොට තමා කරුනු කාරනා දැන ගත්තේ..ගොඩක් අය කලබල වෙලා..සීමාව ඉක්මවා ගියපු විහිලුවක් නිසා..කොහොම උනත් පමන ඉක්මවා විහිලු හොද නෑ..ඒවගේම කොටියා අවෝ වගේ වෙන්නත් බැරි නෑ..

මම කවදා මැරේවිද කියන්න මම දන්නේ නෑ...ඒත් මැරෙන දවසට මැරෑවි..මීට කලින් මැරෙන්න ගිහින් තුන් පාරක් බේරුනා...පල වෙනි පාර කටු කම්බි වැටක් බෙල්ලෙ පැටලිලා එහෙම්ම ලිදට වැටුනා දවසක්...දෙවනි පාර බස් එකකට හැප්පිලා කකුල විතරක් කැඩිලා මාස තුනක් ඇදක් උඩ ඉදලා බේරුනා..තුන් වෙනි පාර සුනාමියට අහු වෙලා බේරුනා..හතර වෙනි පාර මොකක් වේවිද දන්නේ නෑ..

    මම නිසා ගොඩක් අය කලබල වෙලා...මම මේ ගැන ලියන්න නෙමේ ඉදීයේ..ඒත් සිදංගනා අක්කා ඇඩුවා කියලා කිව්වම ලියන්න හිතුනා..මම දන්නවා හැමෝමලා මට ඉන්නවා කියලා..ඉලංදාරි අයියා වගේ මමත් මේ බ්ලොග් එකෙන් හම්බකරගත්තු දේවල් තමා ඔය මනුස්සකම...මම වෙනුවෙන් අඩපු...හැමෝටම වගේම අර මෝඩ ඇගිල්ලටත් ස්තුති...බීම බොන්න සෙට් වෙලා ඉදපු උන්ගේ බඩට පාර වැදුනා අන්තිමට..

තව අවුරුදු හැත්තෑවකින් වරව්..බොලාට බීම බොන්න ඇහැකි...

Tuesday 15 March 2011

කුප්පභිෂේකයේ අවසාන කුප්පයා...............




හතර වටේම ලයිට් පත්තු වෙනවා..මම ඉදියේ ඇස් ඇර ගන්නවත් බැරුව..
කිරි අප්පට විදුලි කොටාපි...මෙන්න කමල් මාමා මට පිටිපස්සෙ ඉදලා කෑගහගෙන දුවගෙන එනවා...

''මෙන්න අදත් ඔබ පුල පුලා බලා සිටි සිරිලාංකීය කුප්පාභිශේකයේ මෞලි මංගල්ලය''


ඉකේයියා....මේ මොන කුජීත වැඩක් ද බොල මට වෙන්න යන්නේ....

 " අවසාන සුපිරි තරු බබලන රාත්‍රිය..හතලිස් දහසක් කුප්පයන් අතරින් අවසන් 12 තෙක් පැමින ඔබ කුල්මත් කර..හිරි කිත වදනින් හිරි ඔතප් බිදි කුප්පයා....පිලිගන්න රත්ගමයා මහතා"

එහෙම කියාපු කමල් අයියා දැම්මේ නැතෑ මගේ කරට අත..
එහෙමනම් අපි විලි+ශ්ච මංඩලය හදුනා ගනිමු..හෙලයේ රිදී සීනුව..බෙන්තර ඇල්පිටියේ සුරූපිනිය.... නීතා සුමාරසිංහ මැතිනිය සාදරයෙන් පිලිගන්නවා...."

එහෙම කිව්වා විතරයි ලයිට් එලියක් වැට්ටා මල නාකි හෝන්තුවකගේ මූනට...දත් 32කම පෙන්නලා වැන්දා ප්‍රේක්ෂකාගාරෙට..මේ මොනවද යකෝ වෙන්නේ...මට හිතා ගන්න බෑ...

ඊලගට අසුන් ගෙන සිටින්නේ හෙලයේ කැලනි කුප්පයා...කාවන්තිස්ස රජ පරපුරෙන් පැවත ගෙන ආ.......මැරවින් සිල්වා"

ඒ පාර ලයිට් එලිය වැට්ටේ හරිම සිල්වත් මාමා කෙනෙක් ගේ මූනට...එතුමා හරිම වැදගත් විදිහටයි ඉදියේ..මගේ බය ටිකක් අඩු උනා එතුමාව දැක්කම...

"අවසාන වශයෙන් අපේ ආරාධනය පිලිගෙන පැමිනි...අරවින්ද යායේ කුමාරයා....සුදු මාධව නරවින්ද......."

ඒ පාර ලයිට් එලිය තට්ටයක් උඩට වැටුනා..තට්ටේ දිලිසෙනවා හිරි කිතේ බෑ...ඒ අස්සේ ඒ මාමා මනමාල හිනාවක් දාලා හිනාවෙනවා....
කමල් මාමා මගේ දිහාට හැරුනා... 
"කුප්පයන් හතලිස් දහසක් අතරින් අවසාන කුප්පයන් දෙදෙනා අතරට පැමිනීම ගැන මොකද හිතන්නේ"

මම පොඩි වැදගත් පෙනුමක් මවා ගත්තා ඕන්...කැමරා තීයෙනව නේ හැම පැත්තෙම.. 
"හ්ම්ම්ම්...හිරිකිතක් දැනෙනවා..." 

"ඒකත් ඉතින් කුප්ප කම තාමා.මට මතකයි මම පොඩි කාලේ ඉදලා කරන තරමක් කරේ කුප්ප වැඩ..අපේ අම්මා ඉදියප්පන් හැදුවා මටමතකයි...ගොඩක් දුක්බර අතීතයක් අපි ගත කරේ...මේ තරගෙත් එක්ක ගොඩක් දේවල් වෙනස් උනා...අම්ම දැන් ඉදි ආප්ප හදන්නේ නෑ....දැන් රුලන් විස්කෝත්තු විකුනනවා.."
 
පිටිපස්සෙන් ලාවට සංගීත සද්දයක් එනවා...හොදයි අපි තරගය පටන් ගමු,,,,

"ලෙස්ට් ප්ලේ ද කුප්පනයර්,,,,,"

"එහෙනම් යමු පලවෙනි ප්‍රශ්නයට..මෙන්න මේකයි ප්‍රශ්නය....
සිරි ලංකාවේ පවතින වැසිකිලි වර්ග කීයද? ඒ මොනවාද...."

"අපෝ....හරිම ලේසි ප්‍රශ්නයක් නේ..පොඩි කාලේ සමාජ අධ්‍යනයට අපි මෙව්ව කොච්චර නම් පාඩම් කොරාද.....පිලිතුර වැසිකිලි වර්ග තුනයි"

1.වල කකුස්සි
2.කොමඩ්
3.වැල්ල
 
 ඔව්.....
ඔබ රුපියල් දස දහසක් දිනා ගන්නවා..මෙන්න ඔබට හිමි චෙක් පත...මම මේක තියා ගත්තට කමක් නෑ නේ....

"අනේ කමක් නෑ...තිය ගන්න"

:අපි යමු ඔබට තියෙන ඊලග ප්‍රශ්නයට...මේක බහුවරන ප්‍රශ්නයක්..කොළඹ මැජෙක්ටික් සිටි වෙලද සංකීර්ණය තෙවෙනි මහලේ දකුනු අත පැත්තට හැරුනු පසු තිබෙනා වැසිකිලි පද්දතියට ඇතුලත් වීමේ ගාස්තුව කීයද?"

 a.රුපියල් 5 යි
b.රුපියල් 10යි 
c.රුපියල් 8යි සත 25යි
d.රුපියල් 9යි

අම්මෝ...හරිම ලේසි නේ...මට පෑනක් දෙන්න පුලුවන්ද....

කියපු හැටියේ පෑනක් හම්බුනා...මම හදුන්වා දීපු සමීකරනෙට ආදේශ කොරලා බලමු කීයද කියලා...

                       මුත්‍රා බර 7ක් = පොල් ගෙඩියක්
                      පොල් ගෙඩියක් = රුපියල් 70යි
      එම නිසා : මුත්‍රා බර 7ක් = රුපියල් 70යි
     දෙපැත්තම 7න් බෙදමු
                     මුත්‍රා බර 1ක් = රුපියල් 10 

හික්...ඒවත් ප්‍රශ්නද අයියේ අපි වගේ කුප්පයන්ට...පිලිතුර b රුපියල් 10යි

"ඔබට හොදටම විශ්වාසයි නේද පිලිතුර..එහෙනම් මම කොම්පුටරේට භාර දෙනවා...කොම්පුටර් ලොක් ආන්සර් බී රුපියල් දහයයි"

එතකොටම ලයිට් ඩිම් වෙලා ගියා බී උත්තරේ ලොක් උනා කොම්පුටරේ...ටික වෙලාවක් තටම තටම ඉදපු කමල් මාමා හයියෙන් කෑ ගැහුවා 

''ඔව්...ඔව් රුපියල් ලක්ෂයක් දිනා ගන්නවා පිලිතුර රුපියල් 10ක් තමා"

ඊලග සහ අවසාන ප්‍රශ්නේ දිනා ගත්තොත් ඔබට රුපියල් මිලියනක් හම්බෙනවා..ඔබ මොකක්ද මේකෙන් කරන්න බලාපොරොත්තු වෙන්නේ...

මම හිතන් ඉන්නේ මේ ඔක්කොම සල්ලි කොටස් වෙලද පොලේ ආයෝජනය කරන්න"

"ඉතාමත්ම හොද අදහසක්..මොන වගේ ව්‍යාපාර වලද ආයෝජනය කරන්න හිතන් ඉන්නේ.."

"වැසිකිලි ව්‍යාපාර වල තමා..පොඩි කාලේ අපිට යන උනේ වැල්ලට...එහා ගෙදර සෝමේ මාමලට අපේ වැසිකිලිය සින්න වෙලා තිබ්බේ..ඉතින් ඒ වැසිකිලිය බේර ගන්නවා මේ මුදල ලැබුනොත්"

"හොදයි මගේ බලාපොරොත්තුවත් ඒක තමා...එහෙනම් ඊලග ප්‍රශ්නයට යමු...මෙන්න මේකයි ප්‍රශ්නය..හොදට හිතලා පිලිතුරු දෙන්න"

"හෙට තරගය පාවා දෙන්නේ කවුද?"

ඈ යකෝ...මේක හරි කෙලියක් නේ...දැන් තරගේ පටන් ගන්න කලින් තරගේ පාවා දෙන එකා කවුද අහනවා....නොදකින් මෙහෙම රටක්

"හ්ම්ම්ම්ම්ම්ම්........යනවා කෝල් අ ෆ්‍රෙන්ඩ් උපකාරකයට....මට අරන් දෙන්න මහින්ද අසුන්දර අයියාව"

ඔව්..අපි දැන් මලාටෙල් දුරකතනයකින් ඇමතුම ගන්නවා...

"හෙලෝ...මහින්ද අයිය..ඔබේ මිතුරෙක් අපිත් එක්ක ඉන්නවා ප්‍රශ්නයකට උත්තරයක් අහගන්න..ඔව් අහන්න ප්‍රශ්නය ඔබට තත්පර 30ක් හිමි වෙනවා."

 "මහින්ද අයියේ....මේකයි ප්‍රශ්නේ...හෙට තරගය පාවා දෙන්නේ කවුද..."

අයියෝ...සිම්පල් ක්වෙශ්චන් නේ මල්ලි.....පොඩ්ඩක් ඉන්න පිටපත පෙරලලා බලනකල්.....හ්ම්ම්ම්....හෙට 2011.03.18...අහ්...මේ තියෙන්නේ...හෙට පාවා දෙන්න තියෙන්නේ ***** ක්‍රීඩකයට (දුම්කොල හා මධ්‍යසාර පනත නිසා කොටු කොටු දමමි )

"බොහොම ස්තූති මහින්ද අයියා...මම ඒ පිලිතුර භාරගන්නවා,,,,"
ඔව්....ඔබ මිලියනයක් ජයග්‍රහනය කරනවා.පිලිතුර නිවැරදියි..දැන් ඔබට අර වැසිකිලිය බේරා ගන්න පුලුවන්...අපි මේ ගැන විද්වත් විලි+ශ්ච මංඩලෙන් අදහස දැනගමු.....

නීතා නංගි මොකද හිතන්නේ රත්ගමයගේ හැකියාව ගැන..
මට කියාගන්න බැරි තරම් සතුටුයි...අල්ලගෙන කුචි කවන්න හිතෙනවා අනේ....අපේ පැත්තේ හැම පාරකටම කොන්ක්‍රීට් දාලා...මේක කරන්නේ තනි මගේ........."

ඇති ඇති ඔබ තුමියගේ අදහස,,,,,ඊලගට අපි යොමු වෙන්නේ කාවන්තිස්ස මහතා ලගට....

"ඔන්න මලේ ඔය නාමල නෙලා වරෙන්
අත්ත බිදෙයි පය බුරුලෙන් තබා වරෙන්"
මෙතන ඉන්න හැම එකාලම පිලි ගන්න ඕන විවාදෙකින් තොරව..මූ තමා මිනිහා..අඩෝ...උඹේ කුප්ප කම් රත්ගම තියා ගනින්..මගේ ආසනේට එක කොඩියක් දාන්න එන්න එපා උඹ...."

බොහොම ස්තූති....ඊලගටස සුදු මාධව අරවින්ද මහතා වෙත යොමු වෙමු..


මොනවා කියන්නද...ඔබ තාම පුංචි දළඹුවෙක්....මම දළඹුවෝ අල්ලන්නේ නෑ..කල් ගිහිල්ලා පිහාටු ආවම ඔබ සමනලයෙක්...අන්න එදාට මගෙන් පරිස්සම් වෙන්න..මම ඔබව අල්ලනවාමයි...අරවින්ද යායේ මල් පිපේවි එදාට..ස්තූතියි පැමිනියාට"

ඉකේයිය ...මේ මොන වලත්තයෙක් ද...මාව අල්ල ගන්න එනවා...මම අනුන්ගේ සමනලයෝ..වෙන එකෙක් අල්ල ගනින්...මගේ අල්ලන්න එන්නේ...වනචරයා...නරක සමනලයා.."

 මම ඒක කිව්ව විතරයි කැලනි සිරා විලි+ශ්ච මණ්ඩලයෙන් පැනගෙන ආවා...කවුද යකෝ සද්දෙ දාන්නේ...කුඩු කරනවා ඩෝ.....අඩෝ....කුඩු ලාල්...වරෙන්...ගල් ගහපාන්......"

ඒ අස්සේ කොහේ දෝ ඉදලා ආපු තඩි ගලක් මගේ ඔලුවට වැදුනා...බුදු අම්මෝ...මම එතනම දිගා උනා..


"තෝ තාම නිදිද..නැගිටපිය ගොන් හිවලා...වෙලාව බලපන් කීයද කියලා..."
සිහිනෙන් වගේ අපේ මල්ලිගේ කට හඩ ඇහුනා...ඇස් දෙක ඇරියම ඌ ඉන්නවා කොස්සකුත් අතින් අරන් මගේ ඉස්සරහ......

Saturday 12 March 2011

මොනවද ගෑනියේ බලන්නේ..............



ටික දවසක ඉදලා ඉල්ලීම් එනවා..කුප්පයෝ ලියන්නේ නැද්ද යකෝ කියලා..
ඒ අස්සේ එකෙක් අපේ ගෙදරට කෝල් කොරලා රත්ගමයා ඉන්නවද කියලත් අහලා...ගන්නම දෙයක් නැති සතියක්..අම්මා අහනවා රත්ගමයා කියන්නේ කවුද කියලා..චූටි එකා  කියාපි ලොකු අයියා කියලා...ඒපාර අහනවා ඒ මොකද එහෙම කියන්නේ කියලා...මමත් ඉතින් කුප්ප හිනාවක් දාලා ශේප් උනා..මේකේ ලියන එව්ව දැක්ක නම් දැන්ම ගෙදරින් දොට්ට දානවා..
මෙච්චර දවස් නිෂ්ශබ්දව ඉදියේ වාර්ථා කොරන්න තරම් කුජීත සිදුවීමක් උනේ නැති නිසා...ඔන්න දෙවියනේ කියලා අද එකක් උනා..ඊයෙත් එකක් උනා.ඊයේ සිදුවීමට ඕන කරන දත්ත තාම විශ්ලේශනය කොරලා ඉවර නෑ..ඒක නිසා අද උන එක ඉස්සෙල්ලා දානවා...ඔන්න කතාව
අද ඌව වෙල්ලස්සේ ඇපිටුඩ් ටෙස්ට් එකේ අන්තිම දවස ..තියෙන්නේ ගාල්ලේ අප්‍රසිද්ද පාසලක.උදේම නැගිටලා වෙනදට හෝදන්නේ නැති මූන සෝදන් ලෑස්ති උනා..
රත්ගම හන්දියට වෙලා ඉදියේ බස් එකක් එනකල්..ඔන්න එනවා කතරගම කොලඹ බස් රාජයෙක්...අම්මෝ....විනාඩි 15න් ගාලු යන්න පුලුවන්...
         බස් එක නැවැත්තුවා මම ඉන්නවා දැකලා (නවත්තන්නේ නැතුව ගිය්ත් ඊලග දවසේ ඉදලා ඒ බස් එක රත්ගම ගහන්දියෙන් යන්නේ නෑ )
බස් එකට නැගල හිස් වෙලා තිබුනු ආසනයක වාඩි උනා..මගේ පැත්තේ ශිට් එකේ ඉන්නවා කපල් එකක්..මම හිතන්නේ ගොඩක් අඩු වයසේ දෙන්නෙක්..වයස 20 ක් 22ක් විතර ඇති...ඒ දෙන්නගේ ඔඩොක්කුවේ වයස අවුරුදු 2ක විතර පොඩි එකෙක්..
කොල්ලගේ අතේ බැලුම් බෝලයක් තියෙනවා...ටික දුරක් යනකොට බැලුම් බෝලේ පොඩී එකාගේ අතින් අත ඇරුනා...ඒක පාවේලා ගිහින් ජනේලෙකින් එලියට වැටුනා....ඔන්න දැන් මෑන්ගේ මූන බෙරි වෙලා..අම්මා දිහා බලනවා තාත්තා දිහා බලනවා...
කොලුවා- තාත්තේ බැලුමක් ඕනේ මට
තාත්තා -බැස්සම එකක් අරන් දෙන්නම්
කොලු - මට ඒක ඕනේ.....ඒකම ඕනෑ
ඔන්න අඩනවා..කන් අඩි පැලෙන සද්දෙට අඩනවා....කෑ ගහනවා...තාත්තා අහක බලාගෙන...ගානක් වත් නෑ පොරට නම්
අම්මා ඇඹරෙනවා...කරගන්නම දෙයක් නැති තැන අම්මා කරේ කොල්ලගේ කට තද කරා අතින්...
කෑ ගැහිල්ල දෙගුන කොරපු පොඩි එකා සුන්දර වදනින් අම්මව අමතනවා මෙන්න මෙහෙම..
''කට අත ඇරපන් යකෝ....මට හුස්ම ගන්න බෑ....මගේ බැලුම් බෝලේ හොයලා දියන්.....""
ඒ අස්සේ ඉස්සර ශීට් එකේ චූටි නංගා කෙනෙක් ඉන්නවා..වයස අවුරුද්දක් විතර ඇති..එයා මේ පොඩි එකා දිහා බල බල හිනා වෙනවා..මූට හෙන ලැජ්ජයි...
"මොනවද ගෑනියේ බලන්නේ...තොට හිනාද.තොගේ බෝලයක් නෙමේ නේ යකෝ..හැරියන් ඉස්සරහට..මගේ බොලේ හොයලා දියන් අම්මේ.....''
බස් එක බහිනකල්ම මුගේ කෑ ගැහිල්ල අඩු උනේ නෑ...අම්මට කර ගන්න දෙයක් නෑ..තාත්තා ඌට නෙමේ වගේ ඉන්නවා....අනේ මෙහෙමත් පොඩි උන් කියලා හිතුනා
                           මේකයි කියන්න ඕනෑ උනේ මට...අඩු වයසෙන් බැන්දම වගකීම් දරන්න ගොඩක් අපහසුයි... මේ ජෝඩුව දිහා බැලුවම ඒ බව හොදටම තේරුම් ගත්තා...


ඔන්න තොපි බදිනව නම් මාරයා  වගේ කල වයස එනකල් ඉදලා බැදපියව්...මෑන් ඔය ඉන්නේ ඔන්න ඔය හේතුව නිසා තමයි...කොහොමද කුප්ප කම,..


                              මේ කතාවත් බලමු  

Wednesday 2 March 2011

පුංචි ඡන්දයයි , පොලීසියයි , ලෝක කුසලානයයි......



මේ දවස් වල අපි බිසී වෙමු..එක අතකින් ලෝක කුසලානය පැවැත්වේ..තවත් අතකින් පුංචි ඡන්දයට පොරකති..ලෝක කුසලාන උනුසුම හමුවේ ඡන්දය කාගේ කාගේත් බයිට් එක වී ඇත..
 පාර්ලිමේන්තු මැතිවරනයකදී වියදම් කරන්නේ කෝටි ප්‍රකෝටි ගනන් ය..අත යටින් තවත් එවැනිම මුදල් කන්දරාවක් ගලාගෙන යයි..එසේ වියදම් කරාට පාර්ලිමේන්තුවට පැනගත්තාට කාටවත් පාඩු වන්නේද නැත..එය දියවන්නාව මැද නිවසට රින්ගාගත් හැම එකාම සහ රින්ගා ගැනීමට පොර කන හැම එකාම පාහේ දනී..කොටින්ම අපිද දනිමු..
පුංචි ඡන්දයට වියදම් කරන්නේ දාහේ ,සීයේ කොලය...ලගදී කරලියට ආ පන්දාහේ කොලයද විදුලි වේගයන් අතින් අතට මාරු වෙයි..
කොපමන මුදල් වියදම් කරද ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුගේ මූලික වැටුප රු 5000 කි.මාසයක් සදහා ලැබෙන මෙම රුපියල් 5000 ක මුදලට දිනපතා 5000 කොල විසි කරන්නේ ඒ ලැබෙනා මුදලට වඩා ගසා කෑමට දත මැදගෙනය..සිරාවටම ප්‍රාදේසීය සභා මන්ත්‍රීවරයෙකුට ගසා කෑ හැක..මුලින්ම ඇමතියෝ ගසා කති..ඉන් පසුව ඇමතියන්ගේ ගෝලයෝ ගසා කති.තවත් අතර මැදියෝ ගසා කති..
අවසානයේ ප්‍රාදේශීය සභාවෙන් ගසා කති..එතින් ඉතුරු වන සොච්චම් මුදල ඔබ අපට මහත් බැති සිතෙන් ලැබේ..
ඉතින් පුංචි ඡන්දයද බයිට් එකට ගැනීමේ වරදක් නැත..මර්වින් සිල්වා ගේ පටන් මහින්ද රාජපක්ෂ දක්වා ගමන් පටන් ගන්නේ මේ පුංචි ඡන්දයෙන් ය..
ලෝක කුසලානයද ඔහේ ගලාගෙන යයි.ලෝක කුසලානය අස්සේ අපේ පොලිස් පති තුමා මාර පොර ටෝක් වගයක් දුන්නේ ය..ඒ තරගාවලිය ආරම්භවිමට පෙරය..
  • .sks wú
  • r;s[a[d ÿï fndaïn
  • msyshd ;shqKq wdhqO
  • ùÿre fnda;,a" lEka
  • u;ameka /f.k tau fyda î meñKSu
  • cd;sl fldäh fkdjk fjk;a fldä
  • fldä i|yd fmd¨
  • lsisu wdldrhl igka mdG ,shQ fldä nek¾ í,elald¾Ü
  • wmydijk f,i ,shQ jdlH iys; fld<
  • ix.S; NdKav
  • f,ai¾ fmdhskaÜia o¾mK
  • jD;a;Sh ùäfhda leurd

 එතුමාට අනුව ලෝක කුසලාන තරග නැරඹීමට යන විට පුවරු රැගෙන යාමට බැරිය..බෝතල් ද බැරිය..කොටින්ම පපරයක් වත ගෙන යාමට බැරිය..
පපර බෑන්ඩ් සංගීතය යනු ශ්‍රී ලංකා ක්‍රිකට් සමග එකට යන එකකි..කොටින්ම ප්‍රේක්ෂකාගාරයෙන් ඇසෙනා පපර සද්දය යනු අපේ රටේ සංකේතයක් බදු විය. නමුත් අති ගරු පොලිස්පති තුමාට අනුව පපර හොද නැත..එව්වා ඔට්ටු නැත...හෙන මාධ්‍ය සංදර්ශනයක් පවත්වා පොර ටෝක් දුන් හැටි හොදට මතකය.. පකිස්තානය සමග පැවති තරගයේදී පපර පමනක් නොව දැන්වීම් පුවරුද ඕනෑ තරම් පෙනෙන්නට තිබුනි..එව්වා දකින විට සහ අසන විට අපේ රටේ පොලීසියේ ලොක්කාගේ කීම කොයිතරම් දුරට වලන්ගු වනවා දැයි ඔබට මට සිතා ගත හැකිය..
පොලීසිය ගැන මෙයට වඩා කතා නොකරමි..මාගේ බ්ලොගය කුජීත බව සැබැවි..නමුත් පොලීසිය ගැන දමා මෙය කුජීත තුප්පහි කර දැමීමට මගේ තුන් හිතේ වත් බලා පොරොත්තුවක් නොමැත...
බලාගෙන ගියාම මේ රට මාරය...කියා වැඩක් නැත...පාසල් වල ක්‍රීඩා උත්සව වලට ආරාධිත අමුත්තා ලෙස දැන් දැන් සහභාගී වන්නේ ඇමැති වරුන්ය..ඊට වඩා උපාධියක් ඇති ගුරුවරයෙක් සහභාගී කර ගන්නේ නම් හොද යැයි අපේ මුල් පුටු වල ගොන් නැටි වලට නොවැටහෙන්නේ මේ දේශපාලනය වටා ඇති බලය නිසාය..
ඔබද මමද බලයට ආසා වෙමු..ඒ අප ද සාමාන්‍ය මිනිසුන් වන බැවිනි...බලය ලැබුනු විට ඔබද මමද ක්‍රියා කරනුයේ එක එක ආකාරයටය...
ඒ ගැන තවත් කතා නොකරමි...මම රටට ආදරය කරමි...
මා දන්නේ එපමනකි....
බිකෝස් අයි ඈම් ශ්‍රී ලංකාය....