Sunday 31 July 2011

සුභා අක්කා... ...


,මේ පෝස්ට් එක සංවේදී කරන්න පුල්වන්....ගොඩා...ක් සංවේදි වෙන්න ලියන්න පුල්වන්.ඒත් එහෙම කරලා තව තවත් අඩන්න දුක් වෙන්න මට බෑ.මොකද එයා වෙනුවෙන් හෙලන්න තවත් කදුලු මට නැති නිසා.
සුභා අක්කා....කවුද මේ....
මට වයස අවුරුදු 5ක් වෙනකොට මට හිටිය හොදම යාලුවා තමා මෙයා. එතකොට එයාට වයස 16ක් විතර වෙන්න ඇති..සුභා අක්කා කියන්නේ අපේ ගෙදර වැඩ වලට උදව්වට හිටපු කමලා නැන්දගේ දුව.අපේ මල්ලිටයි මටයි හිටපු හොදම යාලුවා තමයි එයා
පොඩි කාලේ මාව බලා ගත්තු කෙනා තමයි එයා..
ගොඩක් වෙලාවට පොඩි කාලේ මමයි අපේ මල්ලියි ගහ ගන්නවා..ඒ වෙලාවට දුවගෙන ඇවිල්ලා අපේ රන්ඩුව මැද්දට පැනලා ඒ රන්ඩු නවත්තන්නේ සුභා අක්කා..


             එයා හරියට මට සහෝදරියක් වගේ..මමත් එයාට ගොඩක් ආදරේ කරා..එයත් එහෙමයි.. මගේ අතින් අල්ලගෙන ඉස්කෝලේ වෑන් එක ලගටම ගෙනල්ලා ඇරලවනවා..ඊට පස්සේ තමා එයා ඉස්කෝලේ යන්න ඇදගන්නේ..මම ඉස්කෝලේ ඇරිලා කෙලින්ම දුවගෙන එන්නේ සුභා අක්කත් එක්ක සෙල්ලම් කරන්න...ඒක මහා පුදුම බැදීමක්


           මේ සිදුවීම උනේ මට වයස අවුරුදු 6 ක් විතර උනාම මම හිතන්නේ..එදා පුරුදු විදිහටම අපි වත්තේ සෙල්ලම් කර කර ඉදියා..
එතකොටම කොහේද ඉදලා දුවගෙන ආපු තඩි බල්ලෙක් බුරාගෙන අපේ දිහාවට එනවා..සුභා අක්ක්යි මමයි විතරයි මිදුලේ..අපි දෙන්නටම කර ගන්න දෙයක් නෑ..බල්ල කඩාගෙන ආවේ මගේ දිහාවට..සුභා අක්කට හොදටම පුලුවන් කම තිබුනා දුවලා බේරෙන්න..ඒත් එයා එහෙම කරේ නෑ..


              එයා කෙලින්ම දුවගෙන ආවේ මගේ දිහාට..ඇවිල්ලා මාව වඩා ගත්තා.වඩාගෙන අඩි දෙකක් තියෙන්න උනේ නෑ අර බල්ල අක්කව හැපුවා..මට හොදට මතකයි..මම අක්කගේ අතේ ඉදගෙන කෑ ගහනවා..අක්ක එක අතකින් මාව වඩාගෙන අනිත් අතින් බල්ලව එලවන්න මහන්සි ගන්නවා..ඒ මදිවට අක්කගේ කකුලෙන් ලේ ගලනවා..ඒත් අක්ක කොයිම මොහොතකවත් මාව අත ඇරියේ නෑ..
 අපේ කෑ ගැහිල්ල ඇහිලා අම්මලා දුවගෙන ඇවිල්ලා බල්ලව එලවලා දැම්මා.. ඌ පිස්සු බල්ලෙක් කියලා පස්සේ තමා දැන ගත්තේ..ලේ ගලන අස්සේ සුහා අක්කා අහනවා 'මල්ලිට කරදරයක් නෑ නේද ' කියලා..ඒක මට තාමත් මතක් වෙනවා අක්කේ..
කොහොම හරි අක්කට ගොඩක් අමාරු උනා..අක්කව කෙලින්ම ගෙනිච්චේ කරාපිටිය ඉස්පිරිතාලෙට..අවාසනාවට මට යන්න උනේ නෑ..
            ගෙදරට වෙලා මම හිටියේ ගොඩක් බයෙන්..අනේ සුභා අක්කට කරදරයක් වේවිද....මගේ හිතට ගොඩක් බයයි...
ටික වෙලාවකින් ආයේ අක්කව ගෙනාවා..අක්කගේ ඇස් වල කදුලු..මම ගොඩක් බය වෙලා...අඩනවා...අක්ක මගේ ලගට ආපහු ආවා..ඇවිල්ලා ඇහුවේ ආයෙමත් පරන ප්‍රශ්නෙමයි..."මල්ලිට තුවාල නෑ නේද"


          ඊට මාස තුනකට විතර පස්සේ අක්කායි කමලා නැන්දයි අපේ ගෙදරින් ගියා..ඒ යන දවසේ අපි ගොඩක් වෙලා ඇඩුවා...
තවත් අවුරුද්දකට ව්තර පස්සේ තමා අපිට ආරන්චි උනේ අක්ක ඇක්සිඩන්ට් එකක් වෙලා නැති වෙලා කියලා...එදා අපි ගියා මල ගෙදර...අක්කගේ ලස්සන මූන බැන්ඩේජ් පටි වලින් ඔතලා..ඒ අක්කද කියලා අදුර ගන්න බෑ..මම එතනත් කෑ ගගහා ඇඩුවා මේ ඉන්නේ මගේ අක්ක නෙමේ කියලා...
අදටත් මම ආදරේ සුභා අක්කට..මට ආදරේ කියලා ඔප්පු කරපු එක්කෙනෙක් තමා එයා....


      එයා අපිත් එක්ක හිටිය නම් සමහර විට එයාගේ ජීවිතේ විතරක් නෙමේ අපේ ජීවිතත් වෙනස් වෙන්න තිබුනා
එදා අර බල්ල මාව හැපුව නම් සමහර විට අද මම මෙතන නෑ....ඒත් අද ඒකේ අනිත් පැත්ත වෙලා ත්යෙන්නේ...මම මෙතන ඉන්නවා..මගේ අක්කා මෙතන නෑ...

                                                                         (අක්ෂරයට ලියූ ලිපියකි )

Thursday 28 July 2011

Twitter සිංහල - ඉංග්‍රීසි පන්තිය..........................



                  මේක Twitter එකේ රස කතාවක්.. සමහර ඉංග්‍රීසි වචන සිංහලට පරිවර්ථනය කරාම මරු මරු සීන් තමා වෙන්නේ.පහුගිය දවසක ටුවිටර් එකේ පටන් ගත්තු මේ සෙල්ලම සෑහෙන්ඩ ජනප්‍රිය උනා.ඒකේදී සිංහලට පෙරලිච්ච වචන ටිකක් දාන්න ඕන කියලා හිතුවා..මහජන සේවය පිනිසයි

  • cow girl = ගොං කෙල්ල
  • Food City = කෑම නගරය
  • Crysis = අඩන සහෝදරිය
  • wordpress = අකුරු මිරිකනවා
  • Call of Duty = වැඩට කතා කරන්න
  • Breaking News: කැඩි කැඩී එන ප්‍රවෘත්ති
  • GoDaddy = පලයං තාත්තේ
  • Iron man = මැදපන් මිනිහෝ
  • Werewolf = වෘකයා කෝ?
  • How I met your mother = මට තොපිලයි අම්මා හදිගැහිච්චි හැටි
  • Naughty America = වනචර ඇමරිකාව
  • x men = ලිංගික මිනිස්සු 
  • she is pretty = එයා හෙන කෑල්ල
  • Prince of Persia: The sands of time = නාමල් රාජපක්ෂ වැලිපිල්ලේ අකුරු කල කාලය
  • Son of a Bitch = බලු පැටියා
  • 64bit = හැටහතර මායම්
  •  What a wedding? = මොන මගුලක්ද?
  • Bat man - පිති මිනිහා
  • the Devil's Double - යකාගේ දෙක
  • Forest Gump = අනර්කලී  
  • Arsenic = නාථ දෙයියො 
  • I am number four = අද පෝලිම එච්චර දිග නෑ  
  • Java = ජරාව
  • Sourcerer's Stone = මායාකාරයාගේ ගල
  • motherboard = අම්මා පුවරුව
  • Cars 2 = කාර් දෙක
  • Android = අන්දරේ 
  • Roger that = රොජර් සෙනෙවිරත්න
  • prisoner of azkaban = සරත් ෆොන්සේකා
  •  Inception = හම්බන්තොට වරාය
  •  Microsoft = මාර සිනිදුයි
  • Attack of the Killer Tomatoes (1978) =පට්ට තක්කාලි වලට ගේම දියන්
  • Catch me If you can (movie) = සක්විති රණසිංහ 
  • Mission Impossible 4 = හතරපාරක් නැන්දම්මාට මාට්ටුයි..!  
  • Coca-Cola = කොකා කොල පාටයි
  • LMAO = මේවට මට පු*නුත් හිනා
  • IPhone = මම ෆෝන් එකක්
  • Electricity = පාඨලී  
  • Anonymous = අවලමා
  • Blow Job = පිඹින රස්සාව 
  • The Mist = බොඳ මීදුම්
  • The Forbidden Kingdom = ආසියාවේ ආස්චර්ය
  • Gay = ගේ කුරුල්ලෙක්
  • My friends hot mom = මගේ යාලුවගේ අම්මා පිච්චුනා 
  • Son of a Bitch = එස්.බී
  • Pirates Of The Caribbean = මහ රජතුමා හා සේනාව 
  • no country for old men = නාකින්ට රටක් නෑ  
  • Mother Fu*ker = තාත්තා
  • shemale = ධනුක  
  • piss = හුරිජ්ජ
  • 3idiots = මුතුහෙට්ටිගම, දුමින්ද හා මර්වින්  
  • Arpico = ආපි කෝ...... ආවදෙන්කෝ
  • Fuck you= හු*පිය! :P

    අම්මෝ....තව මහා ගොඩක් තියෙනවා...ඒ ටික බලන්න ඕන නම් මෙන්න මෙතනින් ගිහින් බලන්න
    තව වචන හිතට එනව නම් කමෙන්ට් එක විදිහට දැම්මත් අවුලක් නෑ... :)




    Saturday 23 July 2011

    මඤ්ඤන් කවි.....................


    අම්මේ හද පායලා
    ඊයේ හවස වහින්න ලගයි
    නුබේ හිත් අහස මගේ නේද
    දැන්වීම් ඇලවීම තහනම්

    එක එක විදිහේ දුරකතන
    සීයක් දෙසීය පහනයි
    මුකුත් නෑ කවුද බන් ඒ ආවේ
    දැන් පෙන්නනවා ෆිල්ම් එක

    මිස්කෝල් දහයක් එක දිගට
    පාන්දර නැගිටින්න
    පාපිස්ස හේදුවද
    චූ බරෙන් මම ඉන්නේ

    නිදි මතට කවි කියලා
    ආදරේ අහස තරම්
    මුහුදේ රැල්ල ගහනවලු
    දැන් වෙලාව කීයද

    කඩුවෙ කැපෙන්නේ නෑ
    නායකයෙක් වෙන්න ඕනා
    යෝගට් එකක් කනවද
    බිම ටයිල් අල්ලලා

    Monday 18 July 2011

    රත්ගමයාට 'Gay' කුරුලු ප්‍රගාරයක් ......

                         මෙන්න දැන් ලැබුනු විශේෂ පුවතක්.බ්ලොග් අඩවි රචක රත්ගමයා මහතා gay කුරුල්ලෙකුගේ ප්‍රහාරයට ලක් වී ඇත.මේ හදිසි ප්‍රහාරය සිදුවී ඇත්තේ ඊයේ මධ්‍යම රාත්‍රියේ twitter සමාජ ජාල අඩවියේ අවසාන tweet එක දැමීමෙන් පසුව බව ආරංචි වී ඇත.
    සිද්දියට අදාල tweet වාර්තා අප වෙත ලැබී ඇත.

    සංස්කරනය නොකල දර්ශන
    ( රත්ගමයා මහතා නිදා ගැනීමේ tweet එක පබ්ලිශ් කිරීම)

       රත්ගමයා මේ නිදා ගැනීමට කාලයයි..................................

                නම හෙලිකල නොහැකි පුද්ගලයා මේ මෙම අවස්තාවේ සිට හැගීම් ඇවිස්සෙන සුලු වාග් විලාශයක් භාවිතා කරන්නට යෙදුනි
     අදාල අවස්තාවේ තිර පිටපත් අප වෙත ලැබී ඇත..


     තව සුපුරුදු කුප්පකම් භාවිතයෙක් පසුව අදාල පුද්ගලයාගෙන් බේරියාමට රත්ගමයා මහතාට හැකියාව ලැබී ඇත.
              මේ සිද්දිය මුලු රටටම හෙලි කරන බව පැවසීමෙන් පසුව ලැබුනු තිර පිටපත් පහත පරිදි වේ


    කොල්ලෝ යන වචනය පුන පුනා භාවිතයට ගෙන ඇති බව තේරුම් ගැනීමට හැකියාව ඇත.
    tweet කිරීමෙන් නොනැවතුනු අදාල පුද්ගලයා රත්ගමයා මහතාගේ Facebook අඩවියේ බිත්තිය මතද විවිධ ආකාරයේ වදන් ලියා තබා ඇත.


             එතනින්ද නොනැවතුනු ඔහු chat එක හරාහාද අයුතු යෝජනා ඉදිරිපත් කර තිබේ.කාරණය මැනවින් පැහැදිලි වන්නේ එතැනදීය.මොහුගේ සැලසුම මුලු ලංකාවම අපචාරයට හසුකර ගැනීම බව වැටහේ.මෙය මොහු කාලයක් තිස්සේ කරගෙන එන ලද ක්‍රියාවලියක් බව අවබෝද කර ගත හැකිය.

    ඇනොනිමස්           - අඩේ කුප්පයෝ

    රත්ගමයා මහතා     - නෑ නෑ දාන්නේ නෑ බය නොවී ඉන්න

    ඇනොනිමස්         - අවුලක් නෑ බන්..උඹ දාපන් ඕක

    රත්ගමයා මහතා    - හෑ.....ඉකේ...කැතයි නේද..අනික ලංකාවේ තහනම් නේ

    ඇනොනිමස්        -  නෑ නෑ දාපන්.මේක දැම්මම 
    මට කැමති කොල්ලෙක් කෝල් එකක් දේවි නේ

    රත්ගමයා මහතා   - ඉකේ....මේ මොන විගඩමක්ද....මම මේක මුලු රටටම එලි කරනවා

    ඇනොනිමස්        - එලි කරාට කමක් නෑ.බ්ලොග් එකේ දාපන්. හොදේ

    රත්ගමයා මහතා   - හිරේ විලංගුවේ වැටෙන්න බෑ මට

            මොහු gay කුරුල්ලන්ගේ සංගමයේ ඉහල තනතුරක් දරන පුද්ගලයෙක් බව හෙලි වී ඇත.රත්ගමයා මහතාගේ ටුවිට් පරීක්ෂා කිරීමෙන් හෝ මුහුනු පොතේ බිත්තිය පිරික්සීමෙන් මොහුව සොයා ගත හැක
    ඔබත් පරිස්සම් වන්න.හෙට මොහුගේ ගොදුර ඔබ හෝ ඔබේ කිරි කැටියා විය හැකිය..වටහා ගන්න..
            ගේ කුරුල්ලන් දැල එලනා කාලය අත ලගය..

    ප.ලි - හුදෙක් විනෝදය සදහා පමනි..... (ස්ථානෝචිත කුප්පකම භාවිතයෙක් සාර්ථක ඵල නෙලා  ගැනීම )

    Saturday 16 July 2011

    කැම්පස් යාමට පෙර රත්ගමයා !!!!.......



    අඩෝ නිදි කුම්බරයා නැගිටපන්.දැන් දහයත් පහුයි.
    අපේ මලයගේ මිහිරි නාදයෙන් මා පුබුදු වන විට ඉර බැස යන්නට ඔන්න මෙන්න වී තිබ්බා..

    'අන්න අම්ම තෝව හොයනවා.ගිහින් කාපිය.බොට ඉතින් කනවා බොනවා ඇරෙන්න වෙන වැඩක් නෑ නේ..මල කැම්පස් පෙරේතයා.." 
    උදේ පාන්දරම අපේ මලයා අයියට නම්බු දීලා කතා කරනවා.අන්න හැදෙන මල්ලිලා..මට මුගේ දෙපැත්තෙන් දැනුනා මූ හැදෙන අවලම් ගහක් කියලා

    ලොකු පුතා...................!!!!!!!

    "අයියෝ...අදත් මොකක් හරි වැරැද්දක්ද මංදා...මේ ගෙදර මිනිස්සුන්ටත් මම නැති නම් බයිට් එකටවත් එකෙක් නෑ නේ..."

    ඇද යට තිබ්බ සරම ඇහිද ගෙන ඇද ගත්තු මම ලාවට වගේ කැලැන්ඩර් එක දිහා බැලුවා.හුටා...9ට ග්‍රාම සේවක හමු වීම.. ඊට පසු ඉස්පිරිතාලේ ගොස් මෙඩිකල් එකක් ගැනීම...

    නොදෝමකින් මේ කැම්පස් හුට්ටප්පර..පාඩුවේ නිදාගන්න දෙන්නේ නෑ නේ..ඇගපත චෙක් කොරන්නයි ග්‍රාමසේවක අංකල් මහත්තයට කියලා අත්සන් ගහන්නයි වැඩ ගොඩයි...මීට වඩා හොදයි දින විසි එකේ ආතල් එක අරගෙන උදේ හයට බොන ටී එක බීලා ලෙක්චර් එකකට ගිහින් නිදා ගත්ත නම්
    කාපන් කෝ රත්තො පරිප්පුව..

    "කෝ මේ ලොකු එකා...මෙහෙ වර...මල්ලිලා දෙන්නෙක් හැදුනා යස අපූරුවට..මූ වගේද..."

    යකෝ උදේ පාන්දරම මාව කන්න හදනව නේ අපේ අම්මත්

    "කෑම එක සීතල වෙලා...ඇවිත් කන්න නේද කිව්වේ...."

    "මක්කයි අම්මේ කන්න තියෙන්නේ බොම්බයි මොටයි ද"

    'බොම්බයි මොටයි නෙමේ හරකෝ කන්නයි බොන්නයි....'

    'ඉකේ....ඒ මොන ජරාවක්ද..... මට බෑ ඔය මල ජරාව කන්න'

    'තොට ඒ පැහිච්ච් කම් වලින් වැඩක් නෑ...වාඩි වෙයන් පුටුවෙන්'

    මමත් ඉතින් කරන්න දෙයක් නැති කමට වාඩි උනා.මේක ප්‍රජාතන්ත්‍රවාදය කඩ කිරීමක්.එහෙම කියලා නඩු දාන්නත් බෑ නේ.නඩු කියලා කීයක් නම් දාන්නද..අනික මම ශ්‍රී ලාංකිකයෙක් නේ..කොසු මිටත් අමෝරගෙන අම්ම මගේ දිහා බලාගෙන..

    "ඔන්න මයේ හොද පුතා....අම්මි කියනවා කන්න...."

    'හෑ....මේ මොකක්ද මේ වෙලා තියෙන්නේ....අම්මේ මොකෝ මේ...මම කන්නම්'

    'යකෝ...අම්මි කියනවා කාපන්..බොට සිංහල තේරෙන්නේ නැද්ද..එහෙම තමා ඔය ක්ෂනික මෙව්ව එක කන්න තියෙන්නේ''

    මේක හරි කෙලියක් නේ..මම මොන්ටිසෝරි යන කාලේ ඉදලා අහලා තිබ්බේ ක්ෂනිකව වෙන එක දෙයක් විතරයි.ඒකටත් අර බෙහෙතක් ගැහුවම හරියනවා.උපරිම තෘප්තිය කියලා ඇඩ් යන්නේ.දැන් එක එක ක්ෂනික මෙව්වා ඇවිල්ලනේ.මොනා කරන්නද රත්තො කාපන් මයේ කට කිව්වලු..

    "හරි...අම්මි කියනවා බොන්න..."

    'අනේ අම්මේ...මේ කන් කන් බූරූ සින් සින්නෝරු කරමුද.ඒක මීට වඩා චූන්..නැති නම් වන් ටූ ත්‍රී මම බලමි හරි කමක් නෑ'

    අපේ කෑම මේසේ හරි ජරමර.මේ ජරාව කොහෙන් උස්සගෙන එනවද මන්දා.මීට වඩා හොද නැද්ද කඩල ටිකක්,මුං ඇට ටිකක් හැදුව නම්..අපි කන්නේ නැති එක වෙනම කතාවක්.විහිලුවට හරි හදන්න ඕන නේද මම අහන්නේ...මේ වයසට සමබල ආහාර වේලක් ඕන නේ ගන්න
    කාලා බීලා තමා දත කට මදින්න යන ඕන..

    'අම්මියෝ....කෝ මයේ දත් බුරුසුව..'

    "උඹේ මොකක්?"

    "දත් බුරුසුව අනේ..අර කටේ දාලා දත් උරච්චි කරන්නේ..."

    "මම දන්නවා බොල දත් බුරුසුව කියන එකේ තේරුම.මම අහන්නේ උඹට කොහේද දත් බුරුසුවක්.."

    "ඒකත් හැබෑව.මට කොහේ තියන දත් බුරුසුවක් ද..උදේ පාන්දරම මාන්දම වගේ..තුන් වරක් තුන තුනම තමා"

    දඩි බිඩි ගාලා ඇගට වතුර දෙකක් හලා ගත්තු මම ඉස්පිරිතාලේ යනවද ග්‍රාමේ ගාවට යනවද කියලා කල්පනා කරා..
    වෙන මල දානයක් වෙන්න කියලා ග්‍රාමේ හම්බෙන්න යනවා.

    දැන් ලයිසමත් තියෙන නිසා මෝටර් බයික්කෙන්ම යන්න පුලුවන්.හෙල්මට් එකත් දාගෙන ලයිසන් එහෙම අරගෙන අදාල ලිපි ගොනු ටික ෆයිල් එකක දාගෙන නමෝ විත්තියෙන් බයික් එකට නැග්ගා..

    හුටා...මේකේ බේරෙක් තියන තැන මතක නෑ..

    "මල්ලියේ....මේ බයික්කේ බෙරේක් තියෙන්නේ මේ දකුනු පැත්තේ එකද වම් පැත්තේ එකද?"

    "අපෝ තෝ වගේ කැම්පස් යන එකෙක්..තෝ දවස් විසි එකේ නායකයා නේද..බයිසිකලේක බ්‍රේක් තියෙන තැන දන්නේ නෑ.ඔය කකුලෙන් පාගන්න තියෙන්නේ පස්සේ බ්‍රේක්.දකුනු අතට එන්නේ ඉස්සරහා බ්‍රේක්..."

    "මගේ හොද මල්ලියා..මම එනකොට උඹට ප්‍රීබයෝ ටෙක් අඩංගු යෝගට් එකක් ගේන්නම් තොගේ මොලේ වර්ධනේට.."

    "ඒක උඹම කාපන් අයියේ...මොලේ වර්ධනේ වෙන්නඕන මගේ නෙමේ උඹේ.."

    ඒකත් ඇත්ත..තාම චූටි මොල නේ..
    බ්‍රේක් එකයි ක්ලච් එකයි හොයා ගත්තු මම බයික් රාජයා ඉදිරියට ධාවනය කරන්න ගත්තා...

    ග්‍රාම සේවක (M.B.B.S)

    (මෝර වරල් විකිනීමට තිබේ )

    පත බෝඩ් එකක් ගහලා තියෙනවා.යකෝ මූට ඩිග්‍රි එකකුත් තියේ.ඒ මදිවට සයිඩ් බිස්නස් එකකුත් කරගෙන යනවද කොහේද..දිරිය පුරුෂයෙක් නේ අපේ ග්‍රාම සේවක මහත්තයා

    බයිසිකලේ ගේ ඉස්සරහා නවත්තලා සේවක මහත්තයගේ නිල නිවසට ඔලුව දැම්මා...

    "ගුඩ් මෝනින්ග් පුතා..මෝර වරල් ගන්නද?"

    "අනේ නෑ අංකල්..මේ කැම්පස් යන්න ලියකියවිලි වගයක් අත්සන් කරගන්න..."

    "තුක් ගල් ඉබ්බා..උදේ පාන්දරම කෑවා මගේ දවස,,තව ටිකකින් වරෙන් මෝර වරල් ගන්න එකෙක් ආවයින් පස්සේ තමා මම වැඩ කරන පටන් ගන්නේ.."

    "එහෙම කියන්න එපා අංකල්..මෙන්න මේ කොලේ පුරවලා අත්සනකුයි මහපොල ගන්න මෙව්වා එකට අඩු ආදායම් කෑල්ලකුයි දාලා දෙන්න...උන්ඩුකපුච්චෙ ගල් නැති වේවි මේ කරන කුසලකර්ම හේතුවෙන්.ඕන නම් මම මෝර වරලක් දෙකක් ගන්නම්."

    "හ්ම්ම්ම්ම්ම්....එහෙනම් සලකා බලන්න පුලුවන්..යමු ඇතුලට"

    ඉකේ...තනි පංගලමේ කොල්ලෝ ගේ ඇතුලට වද්ද ගන්න හදනවා.මොනා කරන්නද බයෙන් උනත් මම ඇතුලට ගියා

    ඇතුලේදි උන දේවල් සහ මෙඩිකල් එක ගන්න ඩොකා හමු වූ හැටි ඊලග කොටසින් බලාපොරොත්තු වන්න.

    රත්ගමයා ලියූ අබිලික් ලව් ස්ටෝරි එක දැන් pdf එකක් ලෙස පිට වී ඇත..නුඹ රහසින් ඇවිත්....
                                                 මෙතනින් බා ගන්න

    Thursday 14 July 2011

    රත්ගමයා සහ මරණ තුනක්...............

        

    හමුදාවට ගිහින් ආවට පස්සේ ලියන්න උනේ එක ලිපියයි.බ්ලොග් එකත් පාලුවට ගිහින්.ලියන්නේ මොනවද කියලා හිතාගන්න බැරුව ඉන්නකොට පොඩි පොඩි සිද්දි ටිකක් ඔලුවට ආවා..
    ජීවිතේ කියන්නේ හරිම පුදුම දෙයක්.මැරෙන්න කොච්චර ඕන උනත් මැරෙන්නේ නැති මිනිස්සු වගේම මැරෙන්න හිතපු නැති වෙලාවල් වලදි මැරෙන්න උන මිනිස්සුත් අපි අතරේ ඕන තරම් ඉන්නවා...

                  ඔන්න ඔහොම සිද්දි තුනක් මගේ ජීවිතේදිත් වෙලා තියනවා.ඒතුනම ගොඩක් පොඩියට ලියලා දාන්නම්.

         පලවෙනි සිද්දිය වෙනකොට මට වයස අවුරුදු හයක් විතර වෙන්න ඇති.ඉස්සර අපේ ගෙදර තිබුනා පාලුවට ගිය ලිදක්.ඕකේ වතුර පිරිලා තිබුනා.ලිද වටේටම කටු කම්බි වැටක් බැදලා තිබුනේ.
    පුංචි රත්ගමයා ඒ දවස්වල ගොඩක් ආසයි බයිසිකල් පදින්න.මහා වේගෙන් පැදෙගෙන ඇවිල්ලා බිම වැටිලා අතපය කඩා ගන්න පුදුම අමාරුවක් තමා තිබුනේ.
             ඔන්න ඉතින් මම බයිසිකලෙත් හයියෙන් පැදෙගෙන බෙල් එකත් ගහගෙන ලිදගාවින් යන්න එනවා.මගේ අවාසනාවට හරි බයිසිකලේ වාසනාවට හරි පත කලු ගලක් පාර මැද්දේ.පාරේ තියන ගල් බල බල කවුද ඉතින් බයිසිකල් පදින්නේ.(කලු ගල්) .මමත් ඉතින් ආපු වේගෙන්ම කලු ගල උඩින් රෝදේ තිබ්බා.මට පාලනය කරගන්න බැරි උන බයිසිකලේ මාවත් ඇදෙගෙනම ලිද පැත්තට ඇදිලා යනවා.මටත් කරගන්න දෙයක් නෑ.බ්‍රේක් ගහන්න හිතෙන්නෙත් නෑ..කඩාගෙන බිදගෙන ගියපු මමකෙලින්ම අර කටු කම්බි වැටේ පැටලුනා.
                            බයිසිකලේ ලිදේ කට ලග නැවතුනත් මගේ කකුල කටු කම්බි වැටේ ඇමිනිලා තියෙන්නේ.කම්බි වැටත් එක්කම මම ලිදට වැටුනා.කටු කම්බි කකුලේ පැටලිලා තිබුන නිසා මාව වතුරට වැටුනේ නෑ.ලිද ඇතුලේ ඔහේ එල්ලෙනවා.කකුලෙන් ලේ වැක් කෙරෙනවා.පොඩි එකා කාලේ බර නැති නිසා එල්ලි එල්ලි ඉන පුලුවන් උනා.මම මහ සද්දෙට මොර තියනවා.ලග පාත මොකෙක් වත් නෑ.වතුරට වැටුනොත් මම කපෝතියි.මගේ වගේ දෙගුනයක් වතුර පිරිලා ලිදේ.
              කොහොම හරි විනාඩි පහක් විතර කම්බි වැටේ ඇමිනිලා ලිද ඇතුලේ එල්ලි එල්ලි ඉදියා.පාරේ යන්න ගිය මනුස්සයෙක්ට සද්දේ ඇහිලා තමා මාව බේරගත්තේ.ඉස්පිරිතාලේ ගිහින් පිට ගැස්මට ඉන්ජ්ක්ෂනුත් ගහලා ගෙදර එක්ක ආවේ.අවුරුද්දක් විතර යනකල් මට ගෙදරින් බයිසිකල් තහනම් උනා.ඔන්න ඕකයි පලවෙනි සිද්දිය,..

    දෙවනි එක වෙනකොට මම නමය වසරේ.

       හැමදාම ඉස්කෝලේ ගියේ කෝච්චියේ.මොකද කෝච්චියේ ඉස්කෝලේ යන එක ලේසියි.බස් එකේ ගියොත් බස් දෙකක යන්න ඕන.
            එදා කෝච්චි තිබුනේ නෑ.ස්ට්‍රයික් එකක් නිසා වෙන්න ඕන.ඉතින් මමයි මල්ලි දෙන්නම බස් එකේ යමු කියලා කතා වෙලා රත්ගම හන්දියෙන් ගාල්ල බස් එකක් නැග්ගා.බස් එක තනි දොර තියන පොඩි රෝසා බස් එකක්.පිසි පස්සේ හැම සීට් එකක්ම පිරිලා.ඩ්‍රයිවර් ලග ශීට් එකයි ඊට එකක් පස්සේ ශීට් එකකුයි විතරයි තිබුනේ.මොනා කරන්නද..මම ගියා ඩ්‍රයිවරා ලග ආසනේට.මලයා ඊට පස්සේ ශීට් එකේ.
                ඩ්‍රැයිවරා යනවා දැන් බස් එක ඇරලා දාගෙන.මූට තදියම.කොහොම කොහොම හරි ලයිට් හවුස් හෝටලේ ලගට වෙනකල් මූ කරදරයක් නැතුව ආවා.ඔහොම ඇවිල්ලා හෝටලේ වංගුවෙදි ඉස්සරහෙන් ගියපු කාර් එකකට ඉස්සර කරන්න බස් එක දකුනට කැපුවා.හුටා...කෙලියා නේද...පත කන්ටේනර් තඩියක් මූනටම.ආයේ ඉතින් මොන කතාද..පොඩි රෝසා බස් එකක මූනට කන්ටේනර් මූනක් සෙට් උනාම වෙන දේ හිතා ගන්න පුලුවන් නේ.
    මම දැක්කේ කන්ටේනරේ ඉස්සරහට එනවා විතරයි.ඊට පස්සේ උනේ මොනවද කියලා දන්නේ නෑ.සිහිය එනකොට මම ඉදියේ ඉස්පිරිතාලේ ඇදක් උඩ.
              මල්ලි තමා පස්සේ මට විස්තරේ කිව්වේ.බස් එක කුඩුපට්ටම් වෙලා.මල්ලිට කරදරයක් වෙලා නෑ.මට එහා පැත්තේ ඉදපු අයියා එතනම මැරිලා.මාව එලියට ගන්න සෑහෙන ගේමක් දුන්නලු.අලවංගු දාලා ශීට් උස්සලා තමයි එලියට අරන් තියෙන්නේ.
    ඇක්සිඩන්ට් එකෙන් මගේ කකුලක් දෙකටම කැඩුනා.ඒත් මොකෝ.මම ජීවත් වෙනවනේ.

    ඔන්න ඕකයි දෙවනි සිද්දිය.

            වෙනි එක ඉතින් අපි හැමෝම දන්නව නේ.2004 දෙසැම්බර් 26.සුනාමි දවස..ඒ ගැන විස්තරයක් කරන්න ඕන වෙන එකක් නෑ.සුනාමි කතා අහලම ඇති වෙලා ඇති නේ කට්ටියට..
               ඒක නිසා රත්ගමයගේ මරන කතා සැට් එක මෙතනින් නිමා වෙනවා,
              අප්පටසිරි.,..අමතක උනානේ...හතරවෙනි පාරටත් එකෙක් මාව මැරුවනේ.අර ඇගිල්ලා රත්ගමයා මැරුනා කියලා ගෙනිච්ච කට කතාව..ඒක තව පොඩ්ඩෙන් අමතක වෙනවා...ඇගිල්ලට තියා කාටවත් රත්ගමයා ඩවුන් කරන්න බැරි උනා.
                මැරෙන එක කවද හරි කොහේදි හරි වේවි.ඒ දවස නොදැන් ඉන්න තරමට ජීවිතේ සතුටින් ඉන්න පුලුවන්.මැරෙන දවස දැන දැන ජීවත් වෙන මිනිස්සු කොච්චර විදවනවා ඇද්ද කියලා වෙලාවකට හිතෙනවා...
    මොනා කරන්නද...අපි ඉපදෙන මැරෙන මිනිස්සු..මේ කිසිම දෙයක් යනකොට කවුරුත් ගෙනියන්නේ නෑ නේ... 
    ---------------------------------------------------------------------------------------
    රත්ගමයා ලියූ අබිලික් ලව් ස්ටෝරි එක දැන් pdf එකක් ලෙස පිට වී ඇත..නුඹ රහසින් ඇවිත්....
                                                 මෙතනින් බා ගන්න

    Friday 8 July 2011

    නායකත්ව පුහුනුවේ ඇත්ත.......


    සති තුනක් ගෙවී ගියේය..මා නායකයෙකු උනාද නැද්ද යන වග මම දන්නේ නැත..පුහුනුව කුජීතය..ගත්තු ආතල් එක උපරිමය.

            ඇස් බී මාමාගේ නායකත්ව පුහුනුව ගැන මාගේ නිර්ව්‍යාජ අදහස් මම පහතින් දක්වමි.කෑම්ප් එක තුලදී ගත් ආතල් ගැන ලිවීමට ගියොත් වෙනම බ්ලොග් එකක් සෑදීමට සිදුවනු ඇත.
    පලමුව මාගේ විවේචනය දිග හරිමි...

                         අප කදවුරේ සිටි බහුතරයක් අවසාන දවස වන තෙක් සිටියේ නොයිවසිල්ලෙන් සිටි බව නොරහසකි.අප බිලට් එකේ සිටි 64 දෙනාගෙන් 60 දෙනෙක්ම සිටියේ පුහුනුව ගැන කලකිරීමෙනි.නමුත් ලබා ගත් ෆන් එක ගැන ඔවුන්  සතුටු උනේය.

    පුහුනුව කිසිසේත්ම ප්‍රායෝගික නැත..උදෑසන ශාරීරක සුවතා අභ්‍යාස සහ සරඹ අභ්‍යාස හැරුනුකොට දවසේ ඉතිරි වේලාව වෙන්කර තිබුනේ දේශන සදහාය.දවස් 21න් 15ක් පමනම මෙම දේශන ක්‍රියාදාමය සිදුවිය.දේශන සදහා වැඩ කරන පැය 12න් පැය 7ක් ම වැය වී තිබුනි.දේශන කිසිසේත්ම ප්‍රායෝගික නැත.නායකයෙකු සතු ලක්ෂන,නායකයෙකුගේ හැකියාවන් තිරයේ දමා කොතෙකුත් පෙන්නුවද ඒවා ප්‍රායෝගිකව ලබා දෙන්නේ නැති නම් පුහුනුවෙන් ඇති වැඩක් නැත.දේශන වලට සහභාගි වීම සදහා සිසුන්ගේ තිබූ උනන්දුව නම් ඉතමත් අල්පය.සහභාගී වූ අයද කරේ තැනින් තැන නිදා ගැනීම පමනි.
                    කරන්නට දෙයක් තිබුනේ නැතිම තැන අප බිලට් එකේ සිටි 64 දෙනාම පුහුනුව භාර මේජර්වරයාව මුන ගැසීමට ගියෙමු.ඔහුත් සමග දේශන ප්‍රායෝගික නොවීමේ ගැටලුව සාකච්චා කලෙමු.ඔහු ලබා දුන් පිලිතුරු අනුව ඔවුන්ට මේ සදහා කල හැකි යමක් නැති බව වැටහුනි.හැන්දෙන් ගෑරුප්පුවෙන් කන රූප වල පින්තූර දමා කොතෙකුත් පෙන්නුවද එය ප්‍රායෝගිකව භාවිතා වන්නේ නැති නම් කිසිදු තේරුමක් නැත.බහුතරයක් දේශන වල තත්වය මෙය විය.
    ප්‍රථමාධාර දේශනයද මෙයට සමාන විය.දේශකයාගේ දේශනය අවසානයේ ඉතා කුඩා ප්‍රායෝගික පුහුනුවක් ලබා ගැනීමට තරම් සිසුන් වාසනාවන්ත විය.නිදාගෙන සිටි අයද කබ කඩ දමමින් ඒ දෙස බලා සිටි ආකාරයෙන් දේශන ප්‍රායෝගික කිරීමේ වැදගත්කම මනාව වැටහුනි.
    උසස් අධ්‍යාපන ඇමති තුමා පැමිනෙන දිනයේදි පමනක් සියලුම බිලට් ඉතා පිරිසිදුව තබා ගත්තෙමු.රජයේ නාලිකාවක් පැමින එය වීඩියෝ කරගත්තේය.ඉතින් ගෙදර සිට රූපවාහිනිය නරඹන අපේම අම්මලා තාත්තලා සිතන්නේ මුන් සිරාම නායකයෝ කියාය.නමුත් අපි අපි ගැන දනිමු.බූස්ස කදවුරේ සිටි අයට උසස් අධ්‍යපන ඇමති තුමා තැබූ හැදුනුම්පත් පොල්ල ගැන නම් කවදාවත් අමතක නොවනු ඇතැයි සිතමි.
    නායකත්ව ලක්ෂන පුහුනු කල හැකි බවක් මම නොදැක්කෙමි.එම ලක්ෂන ඇති පිරිස පමනක් සෑම කටයුත්තකදීම මූලිකත්වය ගත්තෝය.අනෙක් අය කලේ බිලට් වලට වී නිදා ගැනීම පමනි.පුහුනුව ඔවුන්ට ආතලල් එකක් පමනක්ම වී තිබුනේය.
                 කිසිම දිනක pt නොගිය අයද , දේශන සදහා නොගිය අයද අප අතර සිටියේය.වැදගත් වන්නේ නායකයෙකු ලෙස ලක්ෂන පෙන්නුම් කරන පුද්ගලයාවම පමනක් උලුප්පා දැක්වීම නොව සැගවී සිටින පුද්ගලයන් එලියට ගැනීමය.මේ සම්භන්දවද අපි දිගින් දිගටම සාකච්චා කලෙමු.නමුත් ඒ සදහා ක්‍රමවත් වැඩපිලිවලක් නැත.
    පුහුනුව අතරතුර සංගීත සංදර්ශනයක් ද dj night තුනක් ද කැලිප්සෝ එකක් ද අවසන් දිනයේදී ගිනිමැල සංදර්ශනයක්ද පැවැත් වුනි.සංගීත සංදර්ශනය සංවිධානය කලේ යුද හමුදාවේ සෙබල සෙබලියන් ය.කැලිප්සෝ එකද එසේමය.අප විසින් සංවිදානය කලේ dj night තුන සහ ගිනිමැල සංදර්ශනය පමනි.dj night එක සෑම වරම සංවිධානය කලේ ද එකම පිරිසකි.ගිනි මැල සංදර්ශනය සංවිදානය කලේ 20කට අඩු පිරිසකි.අනෙක් අය බිලට් වලට වී එම කටයුතු සංවිධානය වන තුරු හොදට නිදා ගත්තේය.
    මෙම පුහුනුවේදී එකම චරිත නැවත නැවත කැපී පෙනුනි.එසේ වන්නේ අනෙක් අය අවස්තාවන් නොගත් නිසා බව මාගේ හැගීමයි.අප කල යුතු වන්නේ ඔවුන්ටද අවස්තාවන් ලබා දීමය.නමුත් එය එසේ කිරීමට හැකියාව සීමිතය.පුහුනුව තුල ෆන් ගැනීමට අවස්තා උපරිම තිබුනත් නායකයෙකු විමට පුහුනු වීමට නම් අවස්තා අවම විය.
    රජයේ නාලිකාවකින් පැමින අපගේ සොහොයුරෙකුගෙන් නායකයෙකු ලෙස ඔහු ලබා ගත් අත්දැකීම් විමසුවේය..
    "අයියේ....මම නායකයෙක් උනේ ස්ටෑන්ඩ් එකේ වල බහින කාලේ"ඔහුගේ පිලිතුර එය විය.

          පන්ති යන කාලයේ සිටි ලද බොලද චරිත මෙහි සිටියේම නැති තරම් ය.සමාජය සමග බොහෝ දුරට ගැටී තෙම්පරාදු වූවෝ බහුතරයක් මෙහි සිටියෝය.
                     බාදක දිවීම සහ ක්ෂනික තීරන ගැනීම සදහා වූ ප්‍රායෝගික පුහුනු වැඩමුලු මාගේ සිත් ගත්තේය.එවැනි වැඩමුලු වලින් පුහුනුව පිරී තිබුනේ නම් මීට වඩා නායකයින් බිහි කිරීමට එය හේතුවක් වනු ඇත.


    නායකත්ව පුහුනුව පිලිඹද විවේචනයන් මෙයින් අවසන් කරමි.මෙහි ඇති හොද පැති ගැනද මේ ලිපියේම මම සදහන් කරමි.

    උදෑසන ශාරීරික සුවතා කිරීමෙන් නැවුම් ගතියක් සියලු දෙනාටම ලැබුනු බව මම පිලි ගනිමි.සමාජයේ සැගවී සිටි සමහර චරිතයන් එලියට ගැනීමටට අපට හැකි විය.එයට පුද්ගලිකව මමද මැදිහත් උනෙමි..මා සමග සිටි 64 දෙනා එකිනෙකාගෙන් සෑහෙන දුරට වෙනස් වූයේය.ඒ අතර සැගවුනු දක්ෂතා ඇති බොහෝ දෙනා මාගේ නෙත ගැටුනේය.මම ඔවුන් සියලු දෙනා ගැනම අවදානයෙන් පසු වුනෙමි.මොවුන් සැගවී සිටීම එක් අතකට සෑහෙන්නම දුකය.
                          ගැහැනු ලමුන්ට සමාජශීලී වීමට ගොඩක් අවස්තාව ලැබුනු බව මාගේ විශ්වාසයයි.පිරිමි ලමුන්ට වඩා මේ පුහුනුව වැදගත් වන්නේ ගැහැනු ලමුන්ට බව මා සමග සිටි අයෙක් පැවසුවේය.
               හමුදාවේ කොල්ලෝ කෙල්ලන් ගැනද සෑහෙන දේවල් කිව යුතුය.නායකයෙකු වීමට ඔවුන් දෙස බලා සිටියද එය ඇති යැයි මට හැගේ.ඔවුන් තුල ඇති විනය කැපවීම ගැන පැවසීමට වචන නොමැතිය.
    කවුරු කෙසේ කිව්වත් මෙය හමුදා පුහුනුවක් නොවන බව මම පවසමි.කිසිම ලෙසක හමුදාවේ නීති රීති අපට ක්‍රියාත්මක නොවුනි.අපි නිදහසේ සිටියෙමු..නංගිලා මල්ලිලා යැයි ඔවුන් අපිට අමතයි...අයියේ අක්කේ යැයි අපිද පෙරලා ඔවුන්ව ඇමතුයෙමු..
    කිසිම විටක අපට අඩුපාඩු නොවීමට ඔවුන් වග බලා ගත්තේය.අප අතින් කුමන වැරැද්ද සිදු වුවද එය ඔවුන් ඉවසුවේය.
    බිලට් වල සිටි සොයුරන් සොයුරියන් පට්ටම සහෝදර බැම්මෙන් සිටියෝය.එකෙක් ලෙඩ වුවොත් අනෙකා ඔහු ගැන අපමන තැවෙයි.හොර ලෙඩ අරගෙන නිදා ගත් අයද නැතුවාම නොවේ..එම රසකතා වෙනම ලිපියකින් ගෙන ඒමට මම අදහස් කරගෙන සිටිමි.
    සමස්තයක් ලෙස ගත් විට නායකත්වෙන් අපි යම් දෙයක් ගත්තෙමු.නමුත් එය වියදම් කල මුදල හා සැලකූ විට ඉතා අල්ප බව මාගේ හැගීමයි.එම මුදලට සරිලන පුහුනුවක් අප නොලැබුවේ මම වැඩපිලිවෙලේ ඇති සංවිධානාත්මක නොවන බව නිසාය.හමුදාවන් කොපමන සංවිධානය වුවත් ඔවුන්ට ක්‍රමවත් වැඩපිලිවලක් ලැබී තිබුනේ නැත.
                   "අපිට මීට වඩා දේවල් කරන්න පුලුවන් මල්ලිලා..ඒත් අපි කරන්නේ කරන්න කියපු දේ..ඊට පිටින් පොඩ්ඩක් වත් එලියට යන්න අපිට බෑ.." මේ වචන අප සාකච්චා කල මේජර්වරයාගේය...
    සැමගෙන් සමුගත් දින හැගීම්බර දිනයක් වූයේය.ගොඩක් අය එලිපිටම හැඩුවේය.අනෙක් අය හිත් වලින් හැඩුවෝය..
    කෑම්ප් එකම අද පාලුවට ගොස් ඇත..නායකයින් වන්නට පෙරුම් පිරුවෝ අද තැන් තැන් වල විසිර ගොස් ඇත...
    මට සිරාවටම පාලුය.වෙනදා ඇසෙන කෑකෝ ගැසීම් නැත..තේ පෝලිම් නැත.කෑම පෝලිම් නැත..නිදා ගැනීමට හෝ ලෙක්චර් එකක් නැත....
    මමද හඩමි.....නමුත් කදුලු එන්නේ නැත...
     ---------------------------------------------------------------------------------
    යන දවසේ අපි හැමෝමලා මෙහෙම කිව්වා
    තනුව දෙවැනි බුදුන් ලෙස ගීතයට අනුරූපය

    මිතුරු දමින් අප
    එක්ව බැදී හිඳ
    සෙනෙහෙ සිතින් අද
    ඔබට ගයමු අප
    හැරදා// යනදා

    රටට ණයක් නැති දිරිය පුතෙකි නුඹ
    අපට මවක් බඳු දිරිය ලඳකි නුඹ
    ඒ දිරියෙන් ලොව ජය ගන්නායුරු
    අපට කියා දුන් ඇදුරු තුමයි නුඹ
    හැරදා//යනදා

    සිනහ කඳුළු හැම එකට බෙදා ගෙන
    සොදුරු ලොවක් අප තැනුවෙමු හැම විට
    යනමුත් අද,හෙට, අප දුර ඈතට
    සොදුරු මතක හැම පොපියයි නෙතු අග
    හැරදා// යනදා

    මවගෙ සෙනෙහෙ නැති පියෙකුද ලඟ නැති
    තනි වු සිත් ලඟ සුපිපි සුවඳ මල
    ඒ පියුමින් ගත් රොන් හැරදා අද
    යන්නේ කෙලෙසද කදුලැලි මග හැර
    හැරදා//යනදා