Saturday 16 July 2011

කැම්පස් යාමට පෙර රත්ගමයා !!!!.......



අඩෝ නිදි කුම්බරයා නැගිටපන්.දැන් දහයත් පහුයි.
අපේ මලයගේ මිහිරි නාදයෙන් මා පුබුදු වන විට ඉර බැස යන්නට ඔන්න මෙන්න වී තිබ්බා..

'අන්න අම්ම තෝව හොයනවා.ගිහින් කාපිය.බොට ඉතින් කනවා බොනවා ඇරෙන්න වෙන වැඩක් නෑ නේ..මල කැම්පස් පෙරේතයා.." 
උදේ පාන්දරම අපේ මලයා අයියට නම්බු දීලා කතා කරනවා.අන්න හැදෙන මල්ලිලා..මට මුගේ දෙපැත්තෙන් දැනුනා මූ හැදෙන අවලම් ගහක් කියලා

ලොකු පුතා...................!!!!!!!

"අයියෝ...අදත් මොකක් හරි වැරැද්දක්ද මංදා...මේ ගෙදර මිනිස්සුන්ටත් මම නැති නම් බයිට් එකටවත් එකෙක් නෑ නේ..."

ඇද යට තිබ්බ සරම ඇහිද ගෙන ඇද ගත්තු මම ලාවට වගේ කැලැන්ඩර් එක දිහා බැලුවා.හුටා...9ට ග්‍රාම සේවක හමු වීම.. ඊට පසු ඉස්පිරිතාලේ ගොස් මෙඩිකල් එකක් ගැනීම...

නොදෝමකින් මේ කැම්පස් හුට්ටප්පර..පාඩුවේ නිදාගන්න දෙන්නේ නෑ නේ..ඇගපත චෙක් කොරන්නයි ග්‍රාමසේවක අංකල් මහත්තයට කියලා අත්සන් ගහන්නයි වැඩ ගොඩයි...මීට වඩා හොදයි දින විසි එකේ ආතල් එක අරගෙන උදේ හයට බොන ටී එක බීලා ලෙක්චර් එකකට ගිහින් නිදා ගත්ත නම්
කාපන් කෝ රත්තො පරිප්පුව..

"කෝ මේ ලොකු එකා...මෙහෙ වර...මල්ලිලා දෙන්නෙක් හැදුනා යස අපූරුවට..මූ වගේද..."

යකෝ උදේ පාන්දරම මාව කන්න හදනව නේ අපේ අම්මත්

"කෑම එක සීතල වෙලා...ඇවිත් කන්න නේද කිව්වේ...."

"මක්කයි අම්මේ කන්න තියෙන්නේ බොම්බයි මොටයි ද"

'බොම්බයි මොටයි නෙමේ හරකෝ කන්නයි බොන්නයි....'

'ඉකේ....ඒ මොන ජරාවක්ද..... මට බෑ ඔය මල ජරාව කන්න'

'තොට ඒ පැහිච්ච් කම් වලින් වැඩක් නෑ...වාඩි වෙයන් පුටුවෙන්'

මමත් ඉතින් කරන්න දෙයක් නැති කමට වාඩි උනා.මේක ප්‍රජාතන්ත්‍රවාදය කඩ කිරීමක්.එහෙම කියලා නඩු දාන්නත් බෑ නේ.නඩු කියලා කීයක් නම් දාන්නද..අනික මම ශ්‍රී ලාංකිකයෙක් නේ..කොසු මිටත් අමෝරගෙන අම්ම මගේ දිහා බලාගෙන..

"ඔන්න මයේ හොද පුතා....අම්මි කියනවා කන්න...."

'හෑ....මේ මොකක්ද මේ වෙලා තියෙන්නේ....අම්මේ මොකෝ මේ...මම කන්නම්'

'යකෝ...අම්මි කියනවා කාපන්..බොට සිංහල තේරෙන්නේ නැද්ද..එහෙම තමා ඔය ක්ෂනික මෙව්ව එක කන්න තියෙන්නේ''

මේක හරි කෙලියක් නේ..මම මොන්ටිසෝරි යන කාලේ ඉදලා අහලා තිබ්බේ ක්ෂනිකව වෙන එක දෙයක් විතරයි.ඒකටත් අර බෙහෙතක් ගැහුවම හරියනවා.උපරිම තෘප්තිය කියලා ඇඩ් යන්නේ.දැන් එක එක ක්ෂනික මෙව්වා ඇවිල්ලනේ.මොනා කරන්නද රත්තො කාපන් මයේ කට කිව්වලු..

"හරි...අම්මි කියනවා බොන්න..."

'අනේ අම්මේ...මේ කන් කන් බූරූ සින් සින්නෝරු කරමුද.ඒක මීට වඩා චූන්..නැති නම් වන් ටූ ත්‍රී මම බලමි හරි කමක් නෑ'

අපේ කෑම මේසේ හරි ජරමර.මේ ජරාව කොහෙන් උස්සගෙන එනවද මන්දා.මීට වඩා හොද නැද්ද කඩල ටිකක්,මුං ඇට ටිකක් හැදුව නම්..අපි කන්නේ නැති එක වෙනම කතාවක්.විහිලුවට හරි හදන්න ඕන නේද මම අහන්නේ...මේ වයසට සමබල ආහාර වේලක් ඕන නේ ගන්න
කාලා බීලා තමා දත කට මදින්න යන ඕන..

'අම්මියෝ....කෝ මයේ දත් බුරුසුව..'

"උඹේ මොකක්?"

"දත් බුරුසුව අනේ..අර කටේ දාලා දත් උරච්චි කරන්නේ..."

"මම දන්නවා බොල දත් බුරුසුව කියන එකේ තේරුම.මම අහන්නේ උඹට කොහේද දත් බුරුසුවක්.."

"ඒකත් හැබෑව.මට කොහේ තියන දත් බුරුසුවක් ද..උදේ පාන්දරම මාන්දම වගේ..තුන් වරක් තුන තුනම තමා"

දඩි බිඩි ගාලා ඇගට වතුර දෙකක් හලා ගත්තු මම ඉස්පිරිතාලේ යනවද ග්‍රාමේ ගාවට යනවද කියලා කල්පනා කරා..
වෙන මල දානයක් වෙන්න කියලා ග්‍රාමේ හම්බෙන්න යනවා.

දැන් ලයිසමත් තියෙන නිසා මෝටර් බයික්කෙන්ම යන්න පුලුවන්.හෙල්මට් එකත් දාගෙන ලයිසන් එහෙම අරගෙන අදාල ලිපි ගොනු ටික ෆයිල් එකක දාගෙන නමෝ විත්තියෙන් බයික් එකට නැග්ගා..

හුටා...මේකේ බේරෙක් තියන තැන මතක නෑ..

"මල්ලියේ....මේ බයික්කේ බෙරේක් තියෙන්නේ මේ දකුනු පැත්තේ එකද වම් පැත්තේ එකද?"

"අපෝ තෝ වගේ කැම්පස් යන එකෙක්..තෝ දවස් විසි එකේ නායකයා නේද..බයිසිකලේක බ්‍රේක් තියෙන තැන දන්නේ නෑ.ඔය කකුලෙන් පාගන්න තියෙන්නේ පස්සේ බ්‍රේක්.දකුනු අතට එන්නේ ඉස්සරහා බ්‍රේක්..."

"මගේ හොද මල්ලියා..මම එනකොට උඹට ප්‍රීබයෝ ටෙක් අඩංගු යෝගට් එකක් ගේන්නම් තොගේ මොලේ වර්ධනේට.."

"ඒක උඹම කාපන් අයියේ...මොලේ වර්ධනේ වෙන්නඕන මගේ නෙමේ උඹේ.."

ඒකත් ඇත්ත..තාම චූටි මොල නේ..
බ්‍රේක් එකයි ක්ලච් එකයි හොයා ගත්තු මම බයික් රාජයා ඉදිරියට ධාවනය කරන්න ගත්තා...

ග්‍රාම සේවක (M.B.B.S)

(මෝර වරල් විකිනීමට තිබේ )

පත බෝඩ් එකක් ගහලා තියෙනවා.යකෝ මූට ඩිග්‍රි එකකුත් තියේ.ඒ මදිවට සයිඩ් බිස්නස් එකකුත් කරගෙන යනවද කොහේද..දිරිය පුරුෂයෙක් නේ අපේ ග්‍රාම සේවක මහත්තයා

බයිසිකලේ ගේ ඉස්සරහා නවත්තලා සේවක මහත්තයගේ නිල නිවසට ඔලුව දැම්මා...

"ගුඩ් මෝනින්ග් පුතා..මෝර වරල් ගන්නද?"

"අනේ නෑ අංකල්..මේ කැම්පස් යන්න ලියකියවිලි වගයක් අත්සන් කරගන්න..."

"තුක් ගල් ඉබ්බා..උදේ පාන්දරම කෑවා මගේ දවස,,තව ටිකකින් වරෙන් මෝර වරල් ගන්න එකෙක් ආවයින් පස්සේ තමා මම වැඩ කරන පටන් ගන්නේ.."

"එහෙම කියන්න එපා අංකල්..මෙන්න මේ කොලේ පුරවලා අත්සනකුයි මහපොල ගන්න මෙව්වා එකට අඩු ආදායම් කෑල්ලකුයි දාලා දෙන්න...උන්ඩුකපුච්චෙ ගල් නැති වේවි මේ කරන කුසලකර්ම හේතුවෙන්.ඕන නම් මම මෝර වරලක් දෙකක් ගන්නම්."

"හ්ම්ම්ම්ම්ම්....එහෙනම් සලකා බලන්න පුලුවන්..යමු ඇතුලට"

ඉකේ...තනි පංගලමේ කොල්ලෝ ගේ ඇතුලට වද්ද ගන්න හදනවා.මොනා කරන්නද බයෙන් උනත් මම ඇතුලට ගියා

ඇතුලේදි උන දේවල් සහ මෙඩිකල් එක ගන්න ඩොකා හමු වූ හැටි ඊලග කොටසින් බලාපොරොත්තු වන්න.

රත්ගමයා ලියූ අබිලික් ලව් ස්ටෝරි එක දැන් pdf එකක් ලෙස පිට වී ඇත..නුඹ රහසින් ඇවිත්....
                                             මෙතනින් බා ගන්න

53 comments:

  1. මෝර වරල් විකිනීමට තිබේ? මොකද්ද ඒ කියව්වේ?

    ReplyDelete
  2. පවුලටම පිස්සුද කොහෙද

    ReplyDelete
  3. අය්යෝ උදේ පාන්දර හිනා වෙලා පන ගියා.
    ගොඩාක් තෑන්ක් යූ ඈ

    ReplyDelete
  4. බොල පියා වෙත මඩ ප්‍රහාරයක්! ;) පව් යකො

    ReplyDelete
  5. හෆ්ෆා. පට්ටයි රත්ගමයෝ... ඔය උඹේ හැටිද ? උපතෙන්මද නැත්නම් ???

    ReplyDelete
  6. මොනාද බන් මෝර වරල් කියන්නේ ?? ඒවා විකුණන්නේ මොකටද ?

    ඒ අතිරේක කථා ,,, යකෝ අර පෙරේතය තොපිව දවස් විසි එකක් තිස්සේ කඳවුරුවල දාගෙන හිටියෙත් දත් මදින්න පුරුදු කරන්නය කියල . ඒත් තොට දත් බුරුසුවක් වත් නැලු . අනේ මෙහෙම නායකයො

    ReplyDelete
  7. එල එල රත්ගමයො. කාලෙකින් උඹේ ඔය වගේ කතාවක් කියෙව්වෙ.

    ReplyDelete
  8. I wish u all the best.

    ReplyDelete
  9. හලෙ මගෙ කට... :P :P :P
    රෙද්දෙ මෙඩිකල් ගන්න ගිහින් දවස් දෙකක්ම චා උනා ඉස්පිරිතාලෙ..රු 500ක්ම ඉල්ලුවනෙ ඒක දෙන්නත්...
    මමත් 10ට නැගිට නැගිට හිටියා..දැන් 6ට ඇහැරෙනවා බං :((((((((((((

    ReplyDelete
  10. ඉහික් ඉහික්... එහෙනම් වැඩේ හරිවගේ.. ඊලඟ්ජ කොටසක් ඔනිත් නෑ.. අපි දන්නව අඑතුලෙදි විච්ච දේ..

    ReplyDelete
  11. ෆට්ටයිනෙ මේක... :)

    ReplyDelete
  12. උඹත් එක්ක බෑ බන්.. මම මේ කෙට්ටු වෙන්න ට්‍රයි කොරොනව..

    උඹ මේ මගුල් ලියනව...

    අති විශිෂ්ඨයි බොල

    ReplyDelete
  13. හයියෝ මේ කන්නයි බොන්නයි එව්වා කාලා මම් බඩ සවුත්තු කර ගත්තා. ඔව්වා අපට හරි යන්නේ නෑනේ.
    නියමෙට ලියලා තියෙනවා. කුප්ප කම බේරෙනවා !!!!

    ReplyDelete
  14. යකෝ මාර ගිරාම සේවකයෙක්නෙ ඌ. මෝර වරල් නෙවෙයි මඩු වලිගෙන් ඌට තලන්න ඕනෙ. හික් හික්!! මොනවා වුණත් මරු කතාව

    ReplyDelete
  15. ඉකේ කුප්ප්යි බොල... මෝර වරලා... :P

    ReplyDelete
  16. හෙ හෙ.....මගේ තත්වෙත් වැඩි වෙනසක් නැ බ0.....

    ReplyDelete
  17. හිනා කටයි.. බත් මොකටැයි කිව්වලු... හික්ස්... :
    D

    ReplyDelete
  18. මට ඔය ගිරාමයව සෙට් කරපන්.. මමත් කාලෙක ඉදල මෝර වරල් හොයනවා

    ReplyDelete
  19. තූ මේ රත්ගමයගෙ කට කපන්න ඕන කන ලගට යනකන්...

    ReplyDelete
  20. මට පේන විදියට රත්ගමයට මෝර කරලක් නෙමේ මෝල පොල්ලක් ලැබිල වගේ... එල එල එල... මරු.. ඊලග එකත් ලග ලග දාපන් ම්කම්මලිය වගේ නිදාගන්නේ නැතුව. දැන් තෝත් දින 21 නායකයෙක.

    ReplyDelete
  21. කාලෙකින් රත්තාගේ කුප්ප කතාවක් කියෙවුවා
    …එලැ

    ReplyDelete
  22. උඹ ග්‍රාමයට ජරාවක් වත් දුන්නද චරිත සහතිකේ ගන්න?

    ReplyDelete
  23. මෙක කියවන්න නම් ප්‍රීබයො ටෙක් තියෙන එකක් කාලම එන්න වෙනවා. නැත්නම් මගෙත් මොළේ අවුල් වෙනව.

    ReplyDelete
  24. මෙඩිකල් ගැන කියනවා නම් මම තාමත් කැම්පස් එකට දීලා නැහැ ඔය කියන මෙඩිකල් එක...හැබැයි කැම්පස් එකේ මෙඩිකල් සෙන්ටර් එකෙන් බෙහෙතුත් අරන් තියනවා....ඔය ග්‍රාමයෝ ගැන නම් කියලා වැඩක් නැහැ...මම කැම්පස් ගිය දවස වල ආදායම් සහතිකේ නිකන්ම දුන්නා..එත් ගිය පාර මල්ලිට ගන්න ගියාම රුපියල් 500 ක් ඕනේ කිව්වලු ඒක දෙන්න

    ReplyDelete
  25. @deeps
    ඔව්වානම් මොනාද ආදයම් සහතිකේට මාසික ආදායම 3500ක් දාන්න කියලා රු 750ක් ගත්තා ඒක හදන්න...මාසික ආදායමෙන් 1/4 ක් විතර ආදායම් වාරථාව හදන්න :D :D :D

    ReplyDelete
  26. මඩු වල්ගේ එකක් ගන්න තැනක් නැතුවේවිද බං එවුවා විකුනන තැනක් දන්නවා නම් මට කියපන් ..

    අනේ ඉතින් උඹලා කැම්පස් යන්න ඉගනගන්න කොයිතරම් දුක් විඳින්න ඇත්ද . ඉතින් බොලේ මේ පොඩි දුකක් දුකක්ද ?..

    සතුටින් කැම්පස් ගිහිං වරෙල්ලා . උපාධියක් ගත්තාට පස්සේ ඉතින් අපි වගේ පොඩි මිනිස්සු දිහා නොබලා ඉඳිල්ලා ..

    ReplyDelete
  27. උඹේ මොලේ වැඩිලා නෑ කියලා මල්ලී කිව්වා නේද . .

    අඩේ එහෙනම් උඹව හොඳ කැම්පස් යවන්න නෙමෙයි . . පාර්ලිමේන්තුවට යවන්න . ..

    පටන් ගැන්ම විදිහට ප්‍රාදේශීය සභාවෙන් චන්දේ ඉල්ලපන් කොල්ලෝ . ..

    ReplyDelete
  28. ඊලඟ කොටහ නොදා ඉඳිං මලේ. හිරිකිතයක් නැතුව බලන්න ඇහැක් එකෙක් නෙවෙයිනෙව ඊලඟ එන්නෙ.

    ReplyDelete
  29. ඔය ග්‍රාමසේවකලා හුඟ දෙනෙක් ඉගෙන ගන්න පිට ළමයින්ට උදවු කරන්න කැමති නැහැ.අම්ම හරි තාත්තා හරි ආණ්ඩුවේ සුළු රැකියාවක් කළත් බලන්නේ ඒක පෙන්නල හරි මහපොළ නැති කරන්න.හරියට ඒ අයගේ අතින් යනවා වගේ.බළමු ඊලඟ පෝස්ට් එකෙන් ග්‍රාමසේවක උබට සලකන විදිය

    ReplyDelete
  30. මොකක්ද බං ග්‍රාමයට තීන උපාධිය? මෝර වරල් ගැනනම් අර ඕනයගෙන් ඇහුවනං දෙයි ඇට්ටි හැලෙන්න.

    ReplyDelete
  31. හප්පා තාමත් ලාවට කුප්පකම තියනවා වගේ... එස්.බී. මාමට කියලා මූව තව දවස් 21කට නායකයෙක් කරන්න යවන්න ඕනේ
    ඇතුලේදි උන දේවල් සහ...... මොකක්ද යකෝ මේ කතාවේ තේරුම කුප්පයි ඩෝ

    ReplyDelete
  32. තාමත් කුප්ප කම එහෙම්ම තියෙනව නේ....
    කාලෙකින් බ්ලොග් එකක් කියවන්න එන්න ලැබුනෙ...

    ReplyDelete
  33. සිකේ ඇස්.බී මාමට බැරි උනා නේ මූව හදන්න,,කිවුවත් වගේ උබට ඔය කැම්පස් කෙරුවාව කොහොම වෙයිද මන්දා,,බැරිද ඇස්.බී මාමගේ පස්සේ එල්ලෙන්න

    ReplyDelete
  34. අම්මේ ඇති යාන්තම් පරන තත්වෙටම ඇවිත් තියයනවා.. ඔය මොන මගුලකට ගියත් මෙහෙම ලියන එක නම් නතර කරන්න එපා

    ඔන්න කිවා

    ReplyDelete
  35. උඹ තනියම ගේ ඇතුලට ගියා කියන්නේ උඹ මෙඩිකල් ෆේල්..

    ReplyDelete
  36. අපෝයි බුරුසුවක් නෑ කියන්නේ....ළගින් ගියොත් නහයක් නෑ :/ පව් වට පිටාවේ ඉන්න මිනිස්සු :D

    ReplyDelete
  37. රත්ගමය කැම්පස් යද්දි අපිට හොඳ හොඳ කතා ටිකක් අහන්න පුලුවන් වෙයි වගේ......

    ඇයි ඔය මෙඩිකල් එක කැම්පස් එකේ මෙඩිකල් සෙන්ටර් එකෙන් කරල දෙන්නෙ නැද්ද? අපි නම් ඒ දවස් වල කරගත්තෙ කැම්පස් එකේ මෙඩිකල් සෙන්ටර් එකෙන්මයි.

    ග්‍රාම සේවකල ගැන නම් කියල වැඩක් නෙ. මම දන්න කෙනෙක්ගෙ බර්සරි අයදුම් පතට ආන්ඩුවෙ වැටුප් සහතිකයක් අමුනල තියෙද්දිත් මූ ලියලනෙ නිර්දේශ නොකරමි කියල... මේ ලඟදි දවසක තව මල්ලි කෙනෙක්ගෙ මහපොල අයදුම් පත අත්සන් කරන්න බැ කියල, එ මල්ලිගෙ තාත්ත ඇඳුම් මහන ටේලර් මහත්තයෙක්.

    ඒත් ඉතින් අපි සරසවියෙදි දැක්ක මහා සල්ලි කාර පවුල්වල ලමයිනුත් යස අගේට මහපොල ගන්නව.... :O

    රත්ගමයට අපේ සුභ පැතුම් ...!!!

    ReplyDelete
  38. අඩෝ රත්තෝ.. උඹලයි කඩේ අර කන්නයි බොන්නයි එව්වා තියෙද ?
    මට එකක් දියංකො :D

    ReplyDelete
  39. රත්තට ග්‍රාමයගෙන් මෝර වරල් පාරක් හම්බවෙලා වගෙයි.
    කුප්පය වගේ නිදියගෙන ඉන්නෙ නැතිව ඉතුරු ටිකත් ලියහං.

    ReplyDelete
  40. මෙන්න පුරුදු රත්ගමය ගෙ බ්ලොග් පොස්ට් එකක්..අපූරුයි..ඔන්න එකක් එන කං තමා මම කැරකි කැරකී උන්නෙ..අනේ බං තරහ වෙන්න එපා..මම එදා ඉදන් උඹෙ බ්ලොග් එකට ආව මතක ඇති නෙ..ඒ වුනාට ඔය ලව් කතාව එහෙම කියවන්න හිත දෙන්නෙ නැ..මොනා කරන්නද බං හැදිල තියෙන කුප්ප විදිහ නෙ අපි..මේවව නම් කුජීත නැතුව බලල කමෙන්ට් එකක් දාල යනව..

    ලබන්නාවු කැම්පස් ජිවිතේට උනුසුම් සුභ පැතුම්..උඹට තුන රුවනෙ සරණයි..

    උඹ කැම්පස් යනව කියන්නෙ අපිට මරු බ්ලොග් පොස්ට් ටිකක් එනව කියන එක තමයි

    ReplyDelete
  41. මල් හතයි මචෝ !!

    ReplyDelete
  42. මේ කථාව කියවද්දි මට මතක් වුනේ තරුණයා පත්තරේ යන "එදිරිගේ සාටරේ" කියන විශේෂාංගය. ඒ වගේම ලියලා තියෙනවා. ඉදිරියටත් ලියන්න. සුභ පැතුම්.....

    ReplyDelete
  43. අප්පටබොල කැම්පස් යන හැමෝටම ඔහොමඩ්ද?

    ReplyDelete
  44. මරු කතාවක්...ලස්සනට ලියල තියෙනවා...

    ReplyDelete
  45. පිස්ටු හැදෙනවා.... තො හැමදාම බ්‍රේක් එක තියන තැන හොයනවද..??

    ReplyDelete
  46. හි..හී... දවසම ටීවි එකේද රත්ගමයෝ වැඩ?

    ReplyDelete
  47. අපිට නම් දවසින් මැඩිකල් අරන් ඉවරලු. අහන්න එපා කෝමද කියලා......

    ඔය මහපොළ නම් බැලුවෙවත් නැ. වැඩක් නෑනේ. අම්මයි අප්පයි දෙන්නම රජයෙනේ. ඒ නිසා ලේසි. නැත්නම් ගිරාම අංකල් ඉන්න වෙලාවක් හොයාගන්න එකත් කළුනික හොයනවටත් වඩා අමාරු වැඩේ.

    ReplyDelete
  48. අද තමයි මේ පැත්තට එන්න වෙලාවක් හම්බ උනේ බන්.. ඉල ඇදුනා බන් උබගෙ ජෝක් වලට... කියන්න දෙයක් හිතාගන්න බෑ.

    අම්මි කියනවා කන්න..
    අම්මි කියනවා බොන්න

    ReplyDelete
  49. හි හි මේ තියෙන්නෙ එලම කුප්ප කතා

    ReplyDelete
  50. අම්මා බොට හරි ආදරෙයි වගේ නේ .......

    ReplyDelete
  51. අමානුෂික ලෙස කුප්පයි!!!

    ReplyDelete

ඔබේ වචන මට හයියකි...මේතන ලියා යන්න(ඔන්න හොදින් කිව්වා..අඩෝ...ලිව්වේ නැතිනම් කපනවා ඩෝ...)