Friday 8 July 2011

නායකත්ව පුහුනුවේ ඇත්ත.......


සති තුනක් ගෙවී ගියේය..මා නායකයෙකු උනාද නැද්ද යන වග මම දන්නේ නැත..පුහුනුව කුජීතය..ගත්තු ආතල් එක උපරිමය.

        ඇස් බී මාමාගේ නායකත්ව පුහුනුව ගැන මාගේ නිර්ව්‍යාජ අදහස් මම පහතින් දක්වමි.කෑම්ප් එක තුලදී ගත් ආතල් ගැන ලිවීමට ගියොත් වෙනම බ්ලොග් එකක් සෑදීමට සිදුවනු ඇත.
පලමුව මාගේ විවේචනය දිග හරිමි...

                     අප කදවුරේ සිටි බහුතරයක් අවසාන දවස වන තෙක් සිටියේ නොයිවසිල්ලෙන් සිටි බව නොරහසකි.අප බිලට් එකේ සිටි 64 දෙනාගෙන් 60 දෙනෙක්ම සිටියේ පුහුනුව ගැන කලකිරීමෙනි.නමුත් ලබා ගත් ෆන් එක ගැන ඔවුන්  සතුටු උනේය.

පුහුනුව කිසිසේත්ම ප්‍රායෝගික නැත..උදෑසන ශාරීරක සුවතා අභ්‍යාස සහ සරඹ අභ්‍යාස හැරුනුකොට දවසේ ඉතිරි වේලාව වෙන්කර තිබුනේ දේශන සදහාය.දවස් 21න් 15ක් පමනම මෙම දේශන ක්‍රියාදාමය සිදුවිය.දේශන සදහා වැඩ කරන පැය 12න් පැය 7ක් ම වැය වී තිබුනි.දේශන කිසිසේත්ම ප්‍රායෝගික නැත.නායකයෙකු සතු ලක්ෂන,නායකයෙකුගේ හැකියාවන් තිරයේ දමා කොතෙකුත් පෙන්නුවද ඒවා ප්‍රායෝගිකව ලබා දෙන්නේ නැති නම් පුහුනුවෙන් ඇති වැඩක් නැත.දේශන වලට සහභාගි වීම සදහා සිසුන්ගේ තිබූ උනන්දුව නම් ඉතමත් අල්පය.සහභාගී වූ අයද කරේ තැනින් තැන නිදා ගැනීම පමනි.
                කරන්නට දෙයක් තිබුනේ නැතිම තැන අප බිලට් එකේ සිටි 64 දෙනාම පුහුනුව භාර මේජර්වරයාව මුන ගැසීමට ගියෙමු.ඔහුත් සමග දේශන ප්‍රායෝගික නොවීමේ ගැටලුව සාකච්චා කලෙමු.ඔහු ලබා දුන් පිලිතුරු අනුව ඔවුන්ට මේ සදහා කල හැකි යමක් නැති බව වැටහුනි.හැන්දෙන් ගෑරුප්පුවෙන් කන රූප වල පින්තූර දමා කොතෙකුත් පෙන්නුවද එය ප්‍රායෝගිකව භාවිතා වන්නේ නැති නම් කිසිදු තේරුමක් නැත.බහුතරයක් දේශන වල තත්වය මෙය විය.
ප්‍රථමාධාර දේශනයද මෙයට සමාන විය.දේශකයාගේ දේශනය අවසානයේ ඉතා කුඩා ප්‍රායෝගික පුහුනුවක් ලබා ගැනීමට තරම් සිසුන් වාසනාවන්ත විය.නිදාගෙන සිටි අයද කබ කඩ දමමින් ඒ දෙස බලා සිටි ආකාරයෙන් දේශන ප්‍රායෝගික කිරීමේ වැදගත්කම මනාව වැටහුනි.
උසස් අධ්‍යාපන ඇමති තුමා පැමිනෙන දිනයේදි පමනක් සියලුම බිලට් ඉතා පිරිසිදුව තබා ගත්තෙමු.රජයේ නාලිකාවක් පැමින එය වීඩියෝ කරගත්තේය.ඉතින් ගෙදර සිට රූපවාහිනිය නරඹන අපේම අම්මලා තාත්තලා සිතන්නේ මුන් සිරාම නායකයෝ කියාය.නමුත් අපි අපි ගැන දනිමු.බූස්ස කදවුරේ සිටි අයට උසස් අධ්‍යපන ඇමති තුමා තැබූ හැදුනුම්පත් පොල්ල ගැන නම් කවදාවත් අමතක නොවනු ඇතැයි සිතමි.
නායකත්ව ලක්ෂන පුහුනු කල හැකි බවක් මම නොදැක්කෙමි.එම ලක්ෂන ඇති පිරිස පමනක් සෑම කටයුත්තකදීම මූලිකත්වය ගත්තෝය.අනෙක් අය කලේ බිලට් වලට වී නිදා ගැනීම පමනි.පුහුනුව ඔවුන්ට ආතලල් එකක් පමනක්ම වී තිබුනේය.
             කිසිම දිනක pt නොගිය අයද , දේශන සදහා නොගිය අයද අප අතර සිටියේය.වැදගත් වන්නේ නායකයෙකු ලෙස ලක්ෂන පෙන්නුම් කරන පුද්ගලයාවම පමනක් උලුප්පා දැක්වීම නොව සැගවී සිටින පුද්ගලයන් එලියට ගැනීමය.මේ සම්භන්දවද අපි දිගින් දිගටම සාකච්චා කලෙමු.නමුත් ඒ සදහා ක්‍රමවත් වැඩපිලිවලක් නැත.
පුහුනුව අතරතුර සංගීත සංදර්ශනයක් ද dj night තුනක් ද කැලිප්සෝ එකක් ද අවසන් දිනයේදී ගිනිමැල සංදර්ශනයක්ද පැවැත් වුනි.සංගීත සංදර්ශනය සංවිධානය කලේ යුද හමුදාවේ සෙබල සෙබලියන් ය.කැලිප්සෝ එකද එසේමය.අප විසින් සංවිදානය කලේ dj night තුන සහ ගිනිමැල සංදර්ශනය පමනි.dj night එක සෑම වරම සංවිධානය කලේ ද එකම පිරිසකි.ගිනි මැල සංදර්ශනය සංවිදානය කලේ 20කට අඩු පිරිසකි.අනෙක් අය බිලට් වලට වී එම කටයුතු සංවිධානය වන තුරු හොදට නිදා ගත්තේය.
මෙම පුහුනුවේදී එකම චරිත නැවත නැවත කැපී පෙනුනි.එසේ වන්නේ අනෙක් අය අවස්තාවන් නොගත් නිසා බව මාගේ හැගීමයි.අප කල යුතු වන්නේ ඔවුන්ටද අවස්තාවන් ලබා දීමය.නමුත් එය එසේ කිරීමට හැකියාව සීමිතය.පුහුනුව තුල ෆන් ගැනීමට අවස්තා උපරිම තිබුනත් නායකයෙකු විමට පුහුනු වීමට නම් අවස්තා අවම විය.
රජයේ නාලිකාවකින් පැමින අපගේ සොහොයුරෙකුගෙන් නායකයෙකු ලෙස ඔහු ලබා ගත් අත්දැකීම් විමසුවේය..
"අයියේ....මම නායකයෙක් උනේ ස්ටෑන්ඩ් එකේ වල බහින කාලේ"ඔහුගේ පිලිතුර එය විය.

      පන්ති යන කාලයේ සිටි ලද බොලද චරිත මෙහි සිටියේම නැති තරම් ය.සමාජය සමග බොහෝ දුරට ගැටී තෙම්පරාදු වූවෝ බහුතරයක් මෙහි සිටියෝය.
                 බාදක දිවීම සහ ක්ෂනික තීරන ගැනීම සදහා වූ ප්‍රායෝගික පුහුනු වැඩමුලු මාගේ සිත් ගත්තේය.එවැනි වැඩමුලු වලින් පුහුනුව පිරී තිබුනේ නම් මීට වඩා නායකයින් බිහි කිරීමට එය හේතුවක් වනු ඇත.


නායකත්ව පුහුනුව පිලිඹද විවේචනයන් මෙයින් අවසන් කරමි.මෙහි ඇති හොද පැති ගැනද මේ ලිපියේම මම සදහන් කරමි.

උදෑසන ශාරීරික සුවතා කිරීමෙන් නැවුම් ගතියක් සියලු දෙනාටම ලැබුනු බව මම පිලි ගනිමි.සමාජයේ සැගවී සිටි සමහර චරිතයන් එලියට ගැනීමටට අපට හැකි විය.එයට පුද්ගලිකව මමද මැදිහත් උනෙමි..මා සමග සිටි 64 දෙනා එකිනෙකාගෙන් සෑහෙන දුරට වෙනස් වූයේය.ඒ අතර සැගවුනු දක්ෂතා ඇති බොහෝ දෙනා මාගේ නෙත ගැටුනේය.මම ඔවුන් සියලු දෙනා ගැනම අවදානයෙන් පසු වුනෙමි.මොවුන් සැගවී සිටීම එක් අතකට සෑහෙන්නම දුකය.
                      ගැහැනු ලමුන්ට සමාජශීලී වීමට ගොඩක් අවස්තාව ලැබුනු බව මාගේ විශ්වාසයයි.පිරිමි ලමුන්ට වඩා මේ පුහුනුව වැදගත් වන්නේ ගැහැනු ලමුන්ට බව මා සමග සිටි අයෙක් පැවසුවේය.
           හමුදාවේ කොල්ලෝ කෙල්ලන් ගැනද සෑහෙන දේවල් කිව යුතුය.නායකයෙකු වීමට ඔවුන් දෙස බලා සිටියද එය ඇති යැයි මට හැගේ.ඔවුන් තුල ඇති විනය කැපවීම ගැන පැවසීමට වචන නොමැතිය.
කවුරු කෙසේ කිව්වත් මෙය හමුදා පුහුනුවක් නොවන බව මම පවසමි.කිසිම ලෙසක හමුදාවේ නීති රීති අපට ක්‍රියාත්මක නොවුනි.අපි නිදහසේ සිටියෙමු..නංගිලා මල්ලිලා යැයි ඔවුන් අපිට අමතයි...අයියේ අක්කේ යැයි අපිද පෙරලා ඔවුන්ව ඇමතුයෙමු..
කිසිම විටක අපට අඩුපාඩු නොවීමට ඔවුන් වග බලා ගත්තේය.අප අතින් කුමන වැරැද්ද සිදු වුවද එය ඔවුන් ඉවසුවේය.
බිලට් වල සිටි සොයුරන් සොයුරියන් පට්ටම සහෝදර බැම්මෙන් සිටියෝය.එකෙක් ලෙඩ වුවොත් අනෙකා ඔහු ගැන අපමන තැවෙයි.හොර ලෙඩ අරගෙන නිදා ගත් අයද නැතුවාම නොවේ..එම රසකතා වෙනම ලිපියකින් ගෙන ඒමට මම අදහස් කරගෙන සිටිමි.
සමස්තයක් ලෙස ගත් විට නායකත්වෙන් අපි යම් දෙයක් ගත්තෙමු.නමුත් එය වියදම් කල මුදල හා සැලකූ විට ඉතා අල්ප බව මාගේ හැගීමයි.එම මුදලට සරිලන පුහුනුවක් අප නොලැබුවේ මම වැඩපිලිවෙලේ ඇති සංවිධානාත්මක නොවන බව නිසාය.හමුදාවන් කොපමන සංවිධානය වුවත් ඔවුන්ට ක්‍රමවත් වැඩපිලිවලක් ලැබී තිබුනේ නැත.
               "අපිට මීට වඩා දේවල් කරන්න පුලුවන් මල්ලිලා..ඒත් අපි කරන්නේ කරන්න කියපු දේ..ඊට පිටින් පොඩ්ඩක් වත් එලියට යන්න අපිට බෑ.." මේ වචන අප සාකච්චා කල මේජර්වරයාගේය...
සැමගෙන් සමුගත් දින හැගීම්බර දිනයක් වූයේය.ගොඩක් අය එලිපිටම හැඩුවේය.අනෙක් අය හිත් වලින් හැඩුවෝය..
කෑම්ප් එකම අද පාලුවට ගොස් ඇත..නායකයින් වන්නට පෙරුම් පිරුවෝ අද තැන් තැන් වල විසිර ගොස් ඇත...
මට සිරාවටම පාලුය.වෙනදා ඇසෙන කෑකෝ ගැසීම් නැත..තේ පෝලිම් නැත.කෑම පෝලිම් නැත..නිදා ගැනීමට හෝ ලෙක්චර් එකක් නැත....
මමද හඩමි.....නමුත් කදුලු එන්නේ නැත...
 ---------------------------------------------------------------------------------
යන දවසේ අපි හැමෝමලා මෙහෙම කිව්වා
තනුව දෙවැනි බුදුන් ලෙස ගීතයට අනුරූපය

මිතුරු දමින් අප
එක්ව බැදී හිඳ
සෙනෙහෙ සිතින් අද
ඔබට ගයමු අප
හැරදා// යනදා

රටට ණයක් නැති දිරිය පුතෙකි නුඹ
අපට මවක් බඳු දිරිය ලඳකි නුඹ
ඒ දිරියෙන් ලොව ජය ගන්නායුරු
අපට කියා දුන් ඇදුරු තුමයි නුඹ
හැරදා//යනදා

සිනහ කඳුළු හැම එකට බෙදා ගෙන
සොදුරු ලොවක් අප තැනුවෙමු හැම විට
යනමුත් අද,හෙට, අප දුර ඈතට
සොදුරු මතක හැම පොපියයි නෙතු අග
හැරදා// යනදා

මවගෙ සෙනෙහෙ නැති පියෙකුද ලඟ නැති
තනි වු සිත් ලඟ සුපිපි සුවඳ මල
ඒ පියුමින් ගත් රොන් හැරදා අද
යන්නේ කෙලෙසද කදුලැලි මග හැර
හැරදා//යනදා

61 comments:

  1. අපරාදේ රජයේ සල්ලි !!!!!
    ඇතල් වැඩවලට රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන එකම රට මේක විතරමද මන්දා !!!! මොනා උනත් මල්ලි ෆන් එකක් ගත්තානම් එච්චරයි අපට ඕනේ.
    යන්න කලින් මල්ලිගේ තිබ්බ කුප්ප ගති වලට මොකද උනේ ? වැඩි උනාද අඩු උනාද?
    මේකා පුහුණුවට ගිහින් කෑම්ප් එක විනාස කරලා ආවද මන්දා !!!

    ReplyDelete
  2. මගේ වෙලාවට මං A/L කලේ නැත.. :D

    මට මතක් වෙන්නෙ අපි බ්‍රිටිශ්කවුන්සිල් එකේ පුහුනුවකට ගිය කාල වකවානුව.. එහිදි ගියගමන්ම කාමර අස්පස් කර. වැඩ පටන් ගන්නට ඌ අතර.. ගෙදර පැමිණෙන්න ඔන්න මෙන්න තියෙද්දිත් පොඩි Game එකක් කලෝය.. අපි සිටය සතිය පුරාවටම කලේ Game ය.. එවායේ වටිනා කම කියා නිමකල නොහැක..!
    මටද අසන්න වෙන්නෙ මෙය නායකත්ව පුහුණවක් ද කියාය..

    එලෙසින්ම රතුකුරුස සංවිදානය මගින් කල දින දෙකක කදවුරේදී.. දරපලන් උයන එකේ සිට රෙදී හොදාගැනීම දක්වාම අප කරගතයුතු විය.. එලිසින් එව්වා සිරාය..
    SB මාමට මංඤංදැයි වරෙක මට සිතෙ...!

    ReplyDelete
  3. බිලට් එක යනු කුමක්ද?

    ReplyDelete
  4. අද දවස ඇතුලත ඔය නායකත්ව පුහුණුව ගැන ඔය කතාවම ඇසුන දෙවෙනි වතාව..
    කලින් කියපු එකා නම් දියතලාවේ හිටියේ..ෆන් නම් උපරිමයි ලු..මම ඇහුවම බොල දැන් උබට නායකත්ව ලක්ෂණ තියෙනවද කියලා..ඌ කියපි ගියපු එකාම තමා කිසි වෙනසක් නැහැ කියලා..
    අයියෝ සල්ලි කිව්වලු !!!

    ReplyDelete
  5. "වැදගත් වන්නේ නායකයෙකු ලෙස ලක්ෂන පෙන්නුම් කරන පුද්ගලයාවම පමනක් උලුප්පා දැක්වීම නොව සැගවී සිටින පුද්ගලයන් එලියට ගැනීමය."

    මේ කතාවට නම් මම් ගොඩක් ලයික්ය.

    ReplyDelete
  6. ගැහැනු ලමයි සමාජසීලී වෙන එක තමා මටත් පේන හැටියට ඕකෙන් වෙන හොදම වැඩේ...
    උබල ඔය ගත්ත කියන ෆන් මහ මෙලෝම රහක් නැති ඒවනෙ බන්...අපි නිවසේ සිට ක්ලාස් එකට යන මාර්ගයේ කෑල්ලකට ටෝක් කරල ඔයිට වඩා ආතල් එකක් ගන්නව...
    මේ ඒක නෙමේ රතෝ කෑල්ලකට එහෙම ඇහැ කැරකුනේ නැද්ද ;)

    ReplyDelete
  7. අඩෝ තෝ ෆන්එකක් ගත්තනං එච්චරයි (අඩුගානේ ඒකවත් ගත්තනේ) තෝ නායකයෝ වෙන්න ආපුඋන්ව කුප්පයෝ කරාම අනිත් නායකයෝ වීම ගැන කවර කතාද... උබ කරපු කුප්ප වැඩත් කිව්වනං පෝස්ට් එක කියවගෙන යනකොට කුප්ප කම අඩුවෙලාද කියලා හිතෙනවා....

    ReplyDelete
  8. camp eka dala enakota thiyena duka mama 2006 idan dannawa...adanawa neweyi adenawa...post eken mata terenne kisima sanwidanayak thibila na kiyala...
    gathtah athal tika kiyannako balanna kuppa mahaththayo..:P

    ReplyDelete
  9. අනේ මන්දා අප්පා... අයියෝ සල්ලි කේස් එකක්ද මේක

    ReplyDelete
  10. lectures gana kathawa nam Attha.meke mata wirudda wenna deyak na.camp 1 withark nemei bn hamogema hith paluwata gihin.eda anthima dawase ape set eken wen wena mohotha wenakam mama hitan hitye mama maha gal hithak tyena kenek kyala.Army eke aiyalagei, ape aungei Kandulu
    dakkama matath nikanma kandulu awa.mamath eken gattha nayakathwa puhunuwak na.
    habai ara army Aiyalage winaya diha balalanam godak dewal igena gattha.e wagema supirima supiri Yaluwo tkak hoya gattha.
    ape Billet eke aunge 4to ekak dammata thanks.mamath innawa bn.lajjawe ba.

    ReplyDelete
  11. මේ ඇවිත් තියෙන්නේ මලයා.. උඹ නායකයෙක් උනාද?? එකනම් ඇත්තටම අපිටත් ප්‍රශ්නයක් තමා.. ප්‍රායෝගික නොවන වැඩ සටහනකට අපරාදේ මුදල් වියදම් කරලා තියෙන බවක් තමයි පේන්න තියෙන්නේ.. කමක් නෑ ගත්තයි කිවුව ෆන් ගැනත් කියපන්කෝ.. එතකොට ඒ ගැනවත් හිතලා සතුටු වෙන්න පුලුවන්නේ...

    ReplyDelete
  12. පුහුණුවට ගියපු නොගිය මං ඕවා ගැන නොදනිමි. ගිය හැම එකාම කීවේ පට්ට ආතල් කියාය. ඇත්තම කීවොත් ගිය උන්ගේ වෙනසක් නම් පෙනෙන්නට නොතිබුණි.. :D

    තොපිට සති තුනක ආතල් පැකේජ් එකක් රුපියල් 6000ක පමණ සුලුමුදලකට ලබා දුන් ඇස් බී මාමාට පිං දීපිය.. :D

    ReplyDelete
  13. අපරාදේ රජයේ සල්ලි කියන්නත් බෑ ...කියන්න වෙන්නෙ අපරාදේ අපේ සල්ලි කියලා. මොකද රජය ගෙනියන්නෙ අපේ බදු සල්ලි වලින්නේ...

    ReplyDelete
  14. චතුවාගේ කතාවම තමයි මටත් කියන්න තියෙන්නේ..

    ReplyDelete
  15. අනේ මන්දා මේ වෙන වැඩ

    ReplyDelete
  16. ඒ "කෑම්ප් එකේ හම්බුවෙච්ච කෙළි පොඩ්ඩ" කියලා පෝස්ට් එකක් දාන්න බැරි වෙයිද?

    ReplyDelete
  17. රත්ගමයා මෙහෙම දෙයක් තියනවනේ බං... අපිට පුලුවන් අස්සයෙක්ව වතුර ලගට ගෙනියන්න විතරනේ බං වතුර බොන නොබොන එක අස්සයගෙ වැඩක්නේ
    අන්න ඒකයි මේ වැඩසටහනේ තියන ලොකුම වැරැද්ද.. වතුර බීපු උන් වතුර බිවුවා නොබීපු උන් අනාතයි.. ඒත් බං අපේ කැම්ප් එකේදිනම් වතුර නොබීපු උන්ට පොවන්න හොද උත්සහයක් ගත්ත ඒ පොලිස් නිලදාරීන් ටික.. අනිත් අය කොහොමද දන්නෙ නැ ඒත් මගෙ වෙනසක් තියනව කියලා මම දන්නව..
    අනික නායකයෙක්ම වෙන එක නෙමේ නේද වැඩසටහනේ අරමුන... සමාජයට වැදගත් මිනිස්සුන් කොටසක් බිහි කිරීම නේ..
    උසස් පෙල ඉහලින් සමත් කියන්නේ සාමන්ය හොද අද්යාපන මට්ටමක් තියන කොටසක් ඉතින් ඒ කොටසින් ඒ වැඩේ කරන්න ගන්නව කියන්නේ ඒ කරන වැඩේ සාර්තකත්වය බලාගන්න තියන හොදම විදිහක් නේ.. දැන් කෑම්ප් එක ගැන මේ විදිහට විවේචන අදහස් දැක්වීම් එද්දි අනිවාර්යෙන් ඊලග අවුරුද්දේ මේක මෙයිට වඩා හොදට කරනවනේ.. මොකද වැරදුන තැන් දන්නවනෙ දැන්..

    ප.ලි.-
    ප්‍රායෝගීක ක්‍රියාකාරකම් මදි එකන්ම් අඩුපාඩුවක් කියලා මමත් පිලිගන්නවා..

    ReplyDelete
  18. නායකයෙක් වීම කෙසේ වෙතත් රත්ගමයගෙ කුප්ප කම ටිකක් අඩු වෙලා වගෙයි.
    පුහුණුවෙන් තමන්ගෙ බැච් එකේ කට්ටියට අමතරව වෙන කැම්පස්වල අයත් එක්කත් ෆිට් වෙන එක වෙනවා. ඒකනම් හොඳයි. මමනම් ආසාවෙන් හිටියේ අනේ අපිට තිබුනෙ නෑනෙ ඔව්වා කියලා. දැන් හිතෙනවා හොඳ වෙලාවට තිබුනෙ නැත්තෙ කියලා.හොඳට තෙල් ගැහුවා කියලයි ආරංචිය...
    ඉස්සර මමත් ටිකක් පැත්තකට වෙලා ඉන්න මනුස්සයෙක්. දැන්නම් එහෙම නෑ. ඔහොම වියදම් කරලා නීතියට තිතට දුන්න පුහුණුවක් නිසා නෙවෙයි. බැච් එක එක්ක එකට ඉදල, එකට රැග් වෙලා, එකට ෆන් ගත්ත නිසා. ඒත් රැග් 1 හොඳයි කියලා මට කියන්න බෑ හැම කැම්පස් එකේම තියෙන්නෙ එක විදියෙ රැග් නෙවෙයි නිසා. අපිනම් තවමත් කතා කර කර හිනා වෙන්නෙ රැග් කාලෙ ගැන...

    ReplyDelete
  19. "අයියේ....මම නායකයෙක් උනේ ස්ටෑන්ඩ් එකේ වල බහින කාලේ" මේ කතාවෙ මගෙ සිත් ගත්තම තැන මේකයි.

    වැඩක් කරන තැන 1000ක් හිටියත් වැඩේ කරන්නෙ හතර පස් දෙනයි කියන එක ඔයාට අදට වඩා තව අවුරුදු 4 (හෝ අදාල කාලෙන්) කින් පස්සෙ මීටත් වඩා හොඳට තේරෙයි කියල හිතනවා. ඒක ස්වාභාවය. සති 3 ක training එකකින් තියා අවුරුදු 4 ක training එකකින් පස්සෙවත් ඒක වෙනස් වෙන්නෙ නෑ.
    මෙතනින් ඉස්සරහට ඉතින් නායකයෙක් වෙනවද නැද්ද කියන එක තමාට අයිති කාරණයක්.....

    ReplyDelete
  20. ආ මල්ලී...... අල්ලපු ගෙදර කෝමද ඉතින්......

    අපිත් ලෙක්චර්ස් වල නම් නිදා ගත්තා. හැබැයි ‍නිදාගෙන ඉන්න අයව නැඟිට්ටවලා ඉතාමත් හොඳින් කරපු ලෙක්චර්ස්තුත් තිබුනා. ප්‍රායෝගික ක්‍රියාකාරකම් මදි එක නම් අඩු පාඩුවක් තමා.

    අපේ නිවාසයේ නම් ගිනි මැල සංදර්ශනයට හැංගිලා හිටපු සියළුම දෙනාව ඉදිරියට දැම්මා. අනික ඉතින් බිලට් ගැන මොකට කියනවද. 10ට ලයිට් නිමලා 12 වෙනකම් කියව කියව මහ හයියෙන් හිනා වෙනවා. හැබැයි උදේට හැමෝම ලේස්තියි. ඇඳවල් නම් කවදා කවුරු බලන්න එයිද කියලා සැකේට හැමදාම අපි හැදුවා.

    දුක නම් තමා. පෝලිම් නැ. පෝලිමේ රස කතා නැ.ඇත්තටම හොඳට විනෝද නම් උනා හුස්ම ගන්නවත් ඉඩ නැති කාලසටහන් අස්සේ.

    ReplyDelete
  21. රටටම පරගාතේ..,පොඩ්ඩන්ට මළ වාතේ කිව්වලු.. හික්ස්..මදැයි අපි බලන් හිටියා රත්ගමයා නායකයෙක් වෙලා එනකම්..අනේ මන්දා මේකගේ කුප්ප ගති වැඩ් වේලාද මන්දා.. :P

    ReplyDelete
  22. මධුරංග අපිට කිසිවක් ලියන්න තියලා නැහැ වගේ ..ඇත්තටම කො අර තිබ්බ කුප්ප කම මට පෙන විදිහටනම් 2 වෙනි පොස්ට් එකේදිනම් බඩු තියේන්නමඩ ඕනා...

    ReplyDelete
  23. පුහුණුව ගැන කියනවනම් උපරිමයි.... මුගෙන් "කුප්ප" වචනේ අයිං වෙච්ච හැටි බලපංකො... :D :D වෙන සහතික මොකටෙයි..

    ReplyDelete
  24. ාහිඳම ලිපියක් මල්ලි...මං උඹෙන් බලාපොරොත්තු උනෙත් මෙහෙම දෙයක් විතරයි..මං හිතුව දේට වඩා උඹ අබමල් රේණුවක්වත් උඹේ ලිපියේ වෙනස් කරලා නැහැ.

    ඔතනදී තව පුංචි දෙයක් තියේ මල්ලි..මම දන්න ටික විතරයි කියන්නේ... පුහුණුව ඔයිට වඩා තව ටිකක් ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඇතුවයි මූලික සැලැස්ම හදලා තිබුනේ..ඒත් උඹම දන්නවනේ ඕකට ආව විරෝධයේ තරම..එතනදී කරපු සංශෝදන හින්දයි ඔය දේ උනේ..ඕක උඹලට විතරක් නෙවෙයි ඇත්තම යුධ පුහුණුවෙදිත් සිද්ධ වෙන දෙයක්..

    උදාහරණයක් හැටියට කිව්වොත් පුහුණුව තද වැඩි වීම නිසා කොල්ලෝ පැනල යන්නයි..අළුතින් බැ‍‍ඳෙන්න කොල්ලෝ අඩු වෙන කාලෙටයි හමුදා කෝස් වලත් තත්වය පහත දානවා..ඒක අනිවාර්යයෙන්ම කෙරෙන දෙයක්..අරමුණ තමා ඉන්න ටික රඳා පවත්වා ගැනීම සහ විරෝධය අවම කිරීම..

    හැබැයි එහෙම කෝස් වලට අපි කියන්නේ බබා කෝස් කියලා... අළුතින් බැජ් එකක පාසවුට් වෙනකොටම සමහර වෙලාවට ආරංචිය යනවා ඔන්න බබා කොස් එකක් පාසවුට් වෙලා කියලා..එහෙම බබා කොස් කරපු අයගේ හැමදාම අඩු පාඩු තිබුනා..

    හැබැයි ඒකේ ලොකුම පාඩුව උනේ මල්ලි එහෙම කෝස් කරපු අහිංසක කොල්ලන්ටමයි..මොකද පුහුණුව අඩුයි කියන්නේ අනිවා යුද්දෙදි මුලින්ම මැරෙන ගොඩටයි උන් ටික වැටෙන්නේ..අහලා ඇතිනේ බ්‍රොයිලර්ලා ගැන...

    මෙතනදිත් උනේ ඒකමයි..කෝස් එක බබා උනා... ඒත් ආරම්භයක් හැටියට එහෙමවත් නොකලනං ඔය වැඩේ ඔය තරමටවත් කෙරෙන්නේ නැහැ..ඒත් මං දන්න තරමටනං ඊ ළග පාර අයට කොස් එක ඔයිට වඩා තදටත් ක්‍රමවත්වත් කෙරෙනවා..එක අතකින් උඹලා යුගයක ආරම්කයින්..

    මේකත ගැන හුග දෙනෙකුට ප්‍රශ්න තියෙනවා..මං දන්නවා උඹටත් එහෙමයි කියලා..අපි බලමු ඉස්සරහ ගැන...කොහොම උනත් දැන් ඊ ළගට තියෙන ගමන ගැන අවධානය යොමු කරහං..උඹට වාසනාවන්ත අනාගතයක් හිමි වේවා..!

    @නදී...

    බිලට් එක කියන්නේත් අර බැරැක්ක කියන්නෙත් අපේ තනිකඩ නිවස්න වලටයි.
    ඒවත් නිකං ඉස්පිරිතාල වගේ..හැබැයි තට්ටු ඇඳන්..ඇඳකට එක ගානේ ලොකර්..ඇඳුම් වැටක් එහෙමත් තියෙනවා..තැනින් තැනට සුළු වෙනස්කම් තියේ..ඒත් පොදුවේ ඔහොම තමයි..නිකං ඉස්කෝල ගොඩනැගිලි වගේ තමා

    ReplyDelete
  25. මෙතන කොමෙන්ටුවත් ඇතෑරිම අවැසිම නැති වුවත් මා විශ්වවිද්‍යාල සිසුවකු වශයෙන් ලද අත්දැකීම් හා ඔබ විශ්වවිද්‍යාලයට එන්නට පෙර නායකත්ව පුහුණුවෙන් ලද අත්දැකීම් සංසන්දනය කලහොත්, ඔබට විශ්වවිද්‍යාලයට එන්නට ප්‍රථම, විශ්වවිද්‍යාල පරිසරය හා එහි ඇති අඬුලුහුඬු කම් ගැන මනා අවබෝදයක් ලබා ගැනීමට හැකිවී ඇති බව නම් සතුටින් දැනුම් දි සිටිමු. නමුත් නායකත්ව පුහුණුවලැබූ හමුදා කඳවුර තරම් විශ්වවිද්‍යාලය පට්ටම ආතල් තැනක් නොවන්නට පිලිවන. මන්ද, ඔබට මෙහි ඇති අඩුපාඩු සහ උගන්නවන අයගේ අඩුපාඩුකම් ගැන ඔබ මේජර්වරයා සමග කතා කල ආකාරයට අදහස් හුවමාරුකරගැනීමට ඇති අවකාශය අඩුවීමට පුලුවන. විශ්වවිද්‍යාලය තුලින්ද නැගීසිටින නායකින් අතලොස්ස හැරුනු විට අන් බහුතරය කඳවුරේදී මෙන්ම බලාසිටින්නන් වනු ඇත. අවසන ක්‍රියාකාරීනායකයාටද වැඩකිරීමට එපාවන වටපිටාවක් තත්වයක් බිහිකිරීම ඔව්න්ගෙන් ලැබෙන එකම සහයෝගයම වෙයි.
    එමෙන්ම නායකත්ව පුහුණුවට වියදම්කොට ලබාදුන් නායකත්ව කුසලතාව මෙන්ම මෙහිද උපාදිය වෙනුවෙන් වියදම් කරන තරම් දෙයක් උපාධිදාරියාට නොලැබේ.
    ඉතිං අනාගත විශ්වවිද්‍යාල සිසුවකු වන ඔබට ජය.

    ReplyDelete
  26. අර කිව්වත් වගේ වෙන මොන රටේද බං 6000ට සති 3ක් ආතල් දෙන්නේ? හික් හික්!! ඒක නෙවෙයි, දැං කැම්පස් ගියාට පස්ටෙස උඹලාව රැග් කරන්න ආවොත් මොකද කරන්නෙ?

    ReplyDelete
  27. ඉහික් ඉහික්.. නායකයා කියන්නෙ මොකටදෑ...???

    ReplyDelete
  28. උබ මේකෙ ඉතින් හොද විතරයි නෙ කියල තියෙන්නේ...

    කියන්න නරක දේවල් තිබිලම නෑ වගේ.. මම හිතුවෙ බත් වල තිබ්බ වැලි කැට ගැන වත් කියයි කියලා...

    කැම්පස් එකට යද්දි මචං දැන් උබලට හම්බෙන්නෙ කලින් අදුරන කට්ටියක්.. අලුත් කට්ටියක් නෙවෙයි.. ඒක නිසා රැග් කරන එක අමාරුයි මොකද උබලගෙ සංවිධානයක් තියන නිසා.. ඒකත් මේකෙ සැගවුව අරමුණක්.. හැමෝටම නායකයො වෙන්න බෑනේ.. මග පෙන්නුවාම එතනට යන්න උබල දැන ගන්න ඕන.. කොහොමත් ඉස්සරහට ඇගිල්ලෙන් ඇන ඇන කියල දෙන්න කවුරුවත් නෑ...

    කුප්පයා.. දැන් වත් හැදියන්...!!!

    කැම්පස් ලයිෆ් එකට ජය වේවා...!!! සුබ පතනවා මචං බොක්කෙන්ම...!!!

    ReplyDelete
  29. රත්ගමයෝ...යහතින් ආවැයි බොලා....අනේ හැබැයි කොහොම කීවත් කුප්ප කමනං ටිකක අඩු වෙලා වගෙයි....

    (ඔය වැඩසටහන කරන උන්දැලා මේ බ්ලොග් දෙක තුනවත් කියවලා ඊලඟ පාරවත් ඔය අඩු පාඩු හදාගත්තොත් හොඳයි...හිකිස්)

    ReplyDelete
  30. මටනම් කියන්න තියෙන්නේ උඹ ගත්ත නායක පට්ටමුයි ආතලුයි . සේරම පරිස්සම කරගෙන ආයෙමත් කුප්ප කතාවක් ලියන්න වරෙන් කියලයි . උඹ ඉතින් කොහොමත් නායකයා කියලා අපි දන්නවා නේ !.. :පී

    අර ගෙනිච්ච සුදු රෙදි වලින් මොකද බං කලේ ?

    ReplyDelete
  31. මේ ගැන කාරණා 7ක් ලියන්න තියනව

    01) මාර්යාගේ කමෙන්ටුවේ තියන විදිහට ඉදිරි පුහුණු සිදු නොවේවා !!!

    02) නායකයින් බිහි කල නොහැක අදාල පරිසරය සැකසීම පමණක් සිදුකල හැක

    03) දවස් 21ක පුහුණුවකින් සාර්ථක නායකයෙක් වී ලෝකයේ නමක් තැබු එකෙකු සිටී නම් සනාථ කරන ලෙස අභියෝග කරමි (අභියෝගය එස්.බී ගේ සීට කඩේ ගිය හැම එකාටම විවෘතය )

    04) වියදම් කල මහජන ධනය , වැඩ නොකරන බලාගාර , නැව් නො එන වරාය සැදීම ට වඩා කිසිදු වෙනසක් නොමැති කබාසිනියාවක් පමණය

    05) අඩුම තර්මේ මෙම පුහුණුවේ හොඳ නරක දෙකම එකම ලිපියක ලියා තැබීමට තරම් විචාර බුද්ධියක් තිබු රත්ගමයාට මාගේ ප්‍රණාමය

    06)ගොනායකත්ව පුහුණුවට ගොස් නායකයන්වූ , ආතල් ගත් , ඇවිත් කඩේ ගිය ආදරණීය සොයුරනේ 65, 000 වටිනා ලැප්ටොපයක් 71,000කට පමණ සහන මිලකට නුඹලාට ලැබීමට නියමිතය (ආරංචි පලවී ඇති විදිහට )

    07) මෙය යුගයක ආරම්භය බව මාරයා කියා ඇත . සැබවින්ම ඔව් . නමුත් එම යුගය සුභ දායක එකක් නම් නොවේ .

    ReplyDelete
  32. thota hondata thela waduna neda waren tho campus eka paththe arinna puke

    ReplyDelete
  33. මලේ ඕක Polish මාමලා දල කරානම් කොමද?

    ReplyDelete
  34. හොඳා හොඳා... පුහුණුවෙ ඉතුරු ටික campus එකෙන් දේවි....

    ReplyDelete
  35. මේ වියදම් කරන සල්ලි කැම්පස් වල පහසුකම් ඇතිකරන්න දුන්නානම්....

    ReplyDelete
  36. ඔය කියන ෆන් එක අක්බාර් එකේ ද (බ්ලොම් එකේද, අනිත් තැන්වලද) ගත හැකිය. මේජර් ලා පට්ට වාතයෝ වීම හැර එහි වැඩි වෙනසක් නැත.

    ඔබ කියා නැති එකම දේ නම් - ඔතන හිර කූඩුවක් සේ ඔබව හිරකර ගෙන සිටි බවයි!

    මං එස්බී ගේ ටොෆිය ලොවින්නට යන බව කියා ඔබ දැමූ ලිපියට කමෙන්ටුවක් ලෙස එය ලිව්වා මතකයි නේද?

    ReplyDelete
  37. නායකයෙක් බිහිවෙන්න එකෙක් හිටියට මදි. සමූහයක් එකතුවුන තැනකින් තමයි නායකයන් මතුවෙන්නෙ. පන්ති කාමරයේ/ ටියුෂන් ක්ලාස් එකේ/ ඉරිද පොලේ/බස් එකේ/ හමුදා බිලට් එකේ/ කැම්පස් එකේ/ රැකියා ස්ථානයේ ඔබ සමූහයක් සමග එකතු වෙනවා. වැදගත් වෙන්නෙ ඔබ සිටින කණ්ඩායමට නායකත්වය දෙනවද නැත්නම් බිහිවෙන නායකයෙකුට සහයෝගය දෙනවා ද කියන එක. දෙකෙන් එකක්වත් කරන්නේ නැත්නම් තමයි වැඩක් නැත්තෙ.
    හැමෝටම නායකයන් වෙන්න බැහැ. එහෙම උනොත් ලොකු අවුලක් වෙනව.
    ඉතින් ඔය කියන නායකත්ව පුහුණුවට ගිහින් දේශනයන් අහගෙන ඈනුම් ඇර ඇර හිටියා විතරක් නම් ලැබුනු අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගෙන නැහැ. ලිපිය කියවකොට මට හිතුන දෙයක් තමයි 'අපරාදේ මම ගෙවන බදු සල්ලි, නිකම් නාස්ති කරනවා' කියලායි.

    ReplyDelete
  38. හ්ම්ම්.... තාම පලවෙනි අවුරුද්දනේ...

    ReplyDelete
  39. මේ ලිපිය උඹ ලිව්වා ට පරිස්සමෙන්.....ආන්ඩුව උණත් ඕකෙන් පෙරළෙන්න ඉඩ තියෙනවා..

    ReplyDelete
  40. නායකයෙක් වී කැම්පස් යන අපේ රත්තාට ජය.

    ReplyDelete
  41. KATA THIBBA PALIYATA LIYANA THOPILA WAGE KALAKANNINTA OYA THARAM WIYADAM KARALA PUHUNUWAWAL DENA EKA THAMAI LOKUMA PADUWA KALAKANNI YAKKU

    ReplyDelete
  42. රත්ගමයාට ජය.... ඒක නෙමෙයි, මොන කැම්පස් එකටද සිලෙක්ට් වෙලා තියෙන්නෙ???

    ReplyDelete
  43. හෙහ් හෙහ්.... නායකයෙක් කියන්නේ මොන වගේ එකෙක් දැයි කියා මට නම් නොතේරේ.........!

    ReplyDelete
  44. රතෝ හැබැට මොන මොන්ටිසෝලියටදැ සිලෙක්ට් උනේ?

    ReplyDelete
  45. අපේ පාලකයෝ අපි ඉල්ලන්නේ නැති දේවල් දෙන්න පුදුම උනන්දුවක් තියෙන්නේ.. අධ්‍යාපනේ, උසස් අධ්‍යාපනේ මෙච්චර ප්‍රශ්න තියෙද්දී කවුරුත් ඉල්ලුවේ නැති නායකයො හැදිල්ලක්... ගහෙන් ගහ වහල ප්‍රශ්න විසදන්න සිරා ක්‍රම...

    ReplyDelete
  46. රත්ගමයෝ.. උඹ ගැන ආඩම්බරයි කොලුවෝ ඇත්ත ඇති හැටියෙන් දැකලා ඒ ගැන හොඳත් නරකත් ලියපු එක ගැන..
    කොහොම වුනත් මේ වෙනකම් ඔය පුහුණුව ලබපු එවුන්ගෙන් කියවපු අහපු දේවල් වලට අනුවනම් මේක නිකම් ඒ ලෙවල් වලට වැඩියෙන්ම්ම කටු කාපු එවුන්ට ආතල් එකක් දෙන්ට සෙට් කරපු එකක් වගෙයි මටනම් හිතෙන්නේ...

    ReplyDelete
  47. උඹ නැති පාඩුව පහුගිය දවස් වල හොදට දැනුනා...මලයෝ.
    මොක කොහොම උනත් යහතින් ආපු එකම මදැයි.

    උඹ අත්විදපු දේ..උඹට දැනුන විදිහට ලියලා තියෙනවා.

    කෝ අර කුප්ප කතා සෙට් එක.
    ඒක දානකං තමයි හැමෝම බලාන ඉන්නේ...

    ReplyDelete
  48. තලාතුඔය නේවි කෑම්ප් එකේ කස්ටිය නම් කී දෙයින් පිට ගියාහුය..
    හයික් එකට අමතරව දවස් දෙකක් ට්‍රිප් ගියාහුය..
    ගැටුම් කළමනාකරණයට නේවි එකේ අය දමා උද්ගෝෂණයක් ස්ංවිධානය කොට කණ්ඩායම් ලෙස ඇක්ශන් ගන්ට කීවාහුය...
    හැඳි ගෑරුප්පු තිබ්බ සෙට් 30 න් කණ්ඩායම් අනුව කන්ට දුන්නාහුය.. (කස්ටිය 170ක් හිටියාහුය )
    ප්‍රථමාධාරත් කණ්ඩායම් වශයෙන් නේවි නළු නිළියන් දමා ප්‍රායෝගිකව කළාහුය.
    නිවාඩු තිබූ ඉරිදා දින වලත් වටිනා දේශන තිබුණාහුය.. (බොක්කටම වදින ඒවාය. )
    මඩේ එරුණු ලොරි ගොඩ ගන්ට තිබ්බේය..
    හයික් ගිහින් උයාගෙන කෑහ..
    සංගීත තරඟයක් තිබුණේය.. නේවි බෑන්ඩ් සහ වෙනත් බෑන්ඩ් එකක්ද ආවාහුය..
    නින්ද ගියේ නීතිය දේශන වලදීය, නායකත්වයටත් ටිකක් නින්ද ගියාහුය..
    සයිකොලොජි පට්ටය..
    හැමෝටම ස්ටේජ් එකට නගින්ට වුනාහුය.. පවර්පොයින්ට් ප්‍රසන්ටේෂන් කරන්ට වුණාහුය..
    හැමදාම බිලට් ඉන්ස්පෙක්ශන් තිබ්බාහුය, ඒ නිසා අපි අස් කළාහුය, අතු ගෑවාහුය...
    ගත් ආතල් විලි ලැජ්ජා ඇතිව මෙතන දමන්නට බැරිය..
    අන්තිම දවසේ,
    නේවි කල්චරල් ටීම් එකෙන් ඇවිත් නැටුවාහුය.
    කොච්චර එපා කීවද මිස්ටර් නැතිනම් මිස් කියාම කතා කලාහුය..
    අපේ පෙරඩ් එකක් තිබ්බාහුය, අන්තිමට සෙමෙන් ගමනේ එද්දී බෑන්ඩ් බීට් එකට හිටපු සර්ලා මැඩම්ලා අක්කලා අයියලා අත්පුඩි ගැසුවාහුය අම්මප මට නම් ඇඩෙන්නටම ආවාහුය.. සද්ද බද්ද නැතිව මේක ටයිප් කරනකොටත් කඳුලු එන්නාහුය.... :(

    ReplyDelete
  49. සති තුනක වැඩසටහනකින් නායකයෙක් හදන්න බෑ. ඒත් සාර්ථක නායකයෙක් වෙන්න තියන ආරම්භක පියවරක් වෙන්න පුළුවන්. හැබැයි ඒක හැමෝටම ඇප්ලයි කරන්නත් බෑ බං. එහෙම පුළුවන් නම් හැමෝම නායකයො වෙන්න එපාය. එහෙම වෙන්න නෑනෙ කොයිම කලෙකවත්.

    ඕනෑම දෙයක හොඳ සහ නරක දෙකම තියනව. ඒකෙන් හොඳ වෙන්කරල ගන්න පුළුවන් එකා අඩියක් හරි ඉස්සරහට තියයි. අමතක කරන්න එපා කිසිම වෙලාවක අනුන්ට තමන් මෙහෙයවන්න පුළුවන් යම් තාක් දුරකට විතරයි. එතන ඉඳල තමන් පාර හොයාගෙන යන්න ඕනෙ.

    දෙපැත්තම සමබරව ලියන්න තරං උඹේ හිත සමතුලිත වෙච්ච එක නං අගෙයි මලේ

    ReplyDelete
  50. මල්ලියේ උඹ ඇත්ත ඇති සැටියෙන් නියමෙට දාලා තියනවා ...

    "අයියේ....මම නායකයෙක් උනේ ස්ටෑන්ඩ් එකේ වල බහින කාලේ"

    හිතට වැදුන කතාවක් සහතික ඇත්ත කියලා තියෙන්නෙ, හුඟක් කොල්ලො තමන්ගේ ප්ලේස් එක හදා ගන්නෙ ඔය වල බහින කාලේ තමා ......

    ReplyDelete
  51. අනේ බන් අතක් පයක් කඩාගන්නැතුව යහතින් ආපු එකම මදෑ.

    ReplyDelete
  52. උඹ අත්විදපු දේ..උඹට දැනුන විදිහට ලියලා තියෙනවා.

    ඔච්චරයි කියන්න තියෙන්නෙ
    අපි දෙයක් කරනකොට ගොඩක් වෙලාවට කරන දෙයක් තමයි අපි හදාගත්තු රාමුවක ඉඳගෙන ඒකට මූන දෙන එක . ඉතින් උඹේ රාමුවෙ හැටියට උඹ කොච්චර හොඳක් උනත් හොයන්නෙ කොහෙද නරක කියලා.

    ඒකටම හරියන නිළධාරියෙකුත් හම්බ වෙලා. මට හිතෙන ඇත්ත දේ මම කියන්නෙ සුවර් එකටම ඔය නම් SF ගෙ ගෝලයෙක් වෙන්න ඕනි.මම දැකපු එකම ඔය පුහුනුව නරකයි කියපු පොස්ට් එක මේක.

    හිතට තට්ටු කරල බලහන් ඕක මහින්දගේ ආණ්ඩුවෙන් නැතිව ඔය වෙන ආණ්ඩුවකින් කොරා නම් උඹ ඕකට ඔය මානසිකත්වයෙන් මූන දෙන එකක් නෑ .

    ReplyDelete
  53. මේ ලිපිය දැක්කෙ අද ඔයාගේ සටහන කියවල පුහුණුව ගැන වැටහීමක් ඇති වුනා.අපි නායකයො වෙන්න ඕන පිට(රටේ) උන්ට නෙවෙයි අපිටමයි රත්ගමයෝ.50000 ලැප්ටොප් ලක්‍ෂයයි කියල 70000 ට දෙන්න හැදුවයි කියන්නේ ඇත්තද?

    ReplyDelete
  54. ඕකෙදි ජාතිකාභිමානය ගැන ලෙක්චර් දුන්නේ නැද්ද? අපේ රජතුමා වර්ණනා කරලා, තව වෙන අයව එපා වෙන විදිහට දේශපාලන වශයෙන් නම්ම් ගන්න, වගේ මොනවද කරේ ? රජයට පක්ෂග්‍රාහී වෙන්න කිව්වේ නැද්ද?
    මම හිතන්නේ ඕක දුන්නට පස්සේ කැම්පස් යන උන්ට එකේදී රැග් වෙන්නත් දෙන්න ඕනි එතකොට වෙනස තේරෙන පිරිසක් ඇති වෙනවා.
    මම කියන්නේ රැග් කියලා බලු විදිහට ඒක එකාට තරහින් දෙන දෙන රැග් නෙවෙයි කොමන් රැග්. අපි විදලා තියෙන්නේ එහෙම රැග් එකක් එකයි එහෙම කියන්නේ. එතකොට තේරෙනවා එහෙම රැග් එකක් කොච්චර නායකත්ව පුහුණුවක් දෙනවද කියලා. එකත් නැති කරා ගත්තේ ශිෂ්‍යයෝ ම තමයි.

    ReplyDelete
  55. ඕනිවට වඩා physical දීල ..

    ReplyDelete
  56. අඩේ මමනම් හිතුව මේකෙන් වැඩක වෙයි කියල. බලන ගියාම තවත් ටිපිකල් මහින්ද රාජපක්ස වැඩක්... අෆෝයි......

    ReplyDelete
  57. මට නායකයො හිරිකිතයි... හිරිකිතේ බැහැ..හිරිකිත කතා කියන්න කුප්පයා ආයේ අපු එක ගැන සතුටුයි...

    ReplyDelete
  58. oyage blog eka gana hari lokuwata ne oya hithagena inne. blog ekak liyana eka maha loku deyak nemei ochchara uda paninna epa

    ReplyDelete
  59. මට දැන් කැම්පස් එකෙන් යන්න තව මාසයයි දෙකයි තියෙන්නෙ....මම පේරා වල හොඳට රැග කාල කොළඹට ආපු එකෙක්. මට පේන විදිහට ඊට වඩා සිරා ආතල් එකක් උඹල අරගෙන තියනව. ලෙක්චර්ස් නං ඉතිං කැම්පස් එකේ ඒවා ඔයිට එහා. ප්‍රායෝගික පැත්තත් තව ටිකක් තිබුනනං මරේ මරු...

    එක්කෙනෙක් කියල තිබුනනෙ මේක පුහුණුව නරකයි කිව්ව එකම පෝස්ට් එක මේක කියල. හිතාගත්තැහැකි එයාගෙ මානසිකත්වය ගැන. මේ පෝස්ට් එකේ මේ පුහුණුව නරකයි කියපු තැනක් මම නං දැක්කෙ නෑ. පොඩි විවේචනයක් ඇර. හැම දෙයක්ම පාට කණ්නාඩි වලින් නැතුව ටිකක් බුද්ධිමත්ව හිතන්න පුළුවන් පිරිසක් ලංකාවෙ නැති එක ගැන දුකයි.

    මොන දේ උනත් පළවෙනි සැරේ වරදිනවා. ඊළඟ සැරේ මේ වැරදිච්ච තැන් ටික හරියට හදාගෙන කරාම හරිනෙ.

    ReplyDelete
  60. මන් මේ උඹ උඩින් ලියල තියෙන තර්ජනෙට බයෙයි ලිවුවේ ඩෝ . දැන් නායකයෝ වැඩි වෙලා මල සමයමක් වෙනවා උඹල කැම්පස් ගියාම මේ පාර.. කොහොමටත් ඒ ජීවිතේ ජොලි බන් විඳපන් එක ටිකක් විඳ වන්නත් වෙනවා ඉතින්..

    ReplyDelete
  61. campus රැගෙන් ලබන නායකත්ව පුහුණු ගැන නම් මන් දන්නේ නැත.
    නායකත්ව පුහුණු කෙසේ වෙතත් හොද තෙලක් නම් ලැබේ.
    එම තෙල කා අපි හිරේ නොවටුනේ පුරුවේ වාසනාවකිනි (එකල SB හිටියේ නැත).

    නායකයන් වීම කෙසේ වෙතත් අනුන්ගේ තෙල කා රට පෙරලි කරන්න නොයා campus
    නොවසා නියමිත කලට out වෙනවා නම් වියදම් කල මුදල පාඩු නැත.

    මෙහි රට පෙරලි යන්න වෙනුවට ශිෂ්‍ය අයිතීන් රැකීම, සාදාරන සමාජයක් සැදීම,
    දනපතියන්ව බංග කිරීම ආදේශ කරගත හැක. මෙසේ කීම ගැන තරහ නොවන්න. කටුක සත්‍ය එයයි.

    අසාධාරණයට විරුද්දව තරුණ සිත් උසි ගැන්වීම අමාරු නැත. කොතරම් සාමකාමී පෙළපාලියක්/ උද්ගෝෂණයක් උවත් තත්පර ගණනක් ඇතුලත සාමකාමී බව නැති කිරීමද අමාරු නැත. එතරම් කට්ටියද ඕනෑ නැත.

    අත්ත බිදෙයි පය බුරුලෙන්....!

    ඔබ සියලු දෙනාට ජය වේවා!!!

    ReplyDelete

ඔබේ වචන මට හයියකි...මේතන ලියා යන්න(ඔන්න හොදින් කිව්වා..අඩෝ...ලිව්වේ නැතිනම් කපනවා ඩෝ...)