Tuesday 8 January 2013

එයා තාම චූටි කෙල්ලෙක්( පළමු කොටස ) - "සීනියර්ලා ඇයි දෙයියනේ මගේම පස්සෙන් විතරක් ඇවිල්ලා මටම වද දෙන්නේ"




රොබරෝසියා ගස් වල මල් පිපී ගෙන එමින් තිබේ.පේරාදෙණි සරසවි බිම මොකක්දෝ අලුත් බවකින් පිරී ගොස් ඇත.ඒ නවක සිසුන්ගේ ආගමනයද,එසේත් නැති නම් රොබරෝසියා මල් වල ලස්සන නිසාදැයි නොදනිමි.මේ කියන්නට යන කතාවේ මම චරිතයක් නොවෙමි.මම කතානායකයාද නොවෙමි.මම කතාව කියාගෙන යන්නා පමණක්ම වෙමි..

එන්න...අපි තවත් චරිතයක් දෙසට හැරෙමු.

ඇය සෙමෙන් සෙමෙන් අඩි තැබුවාය.කොළඹ කෙල්ලෙකැයි කියන්නට සුදුසු සියලු සුදුසු කම් ඇය සතු විය.දෑතේ ඇඟිලි වල සිට දෙපයේ ඇඟිලි දක්වා නේක වර්ණයන්ගෙන් පාට කර තිබේ.දෙතොල රෝස පැහැවී ඇත්තේ තොල් ආලේපන නිසාද එසේත් නොමැති නම් ස්වභාවයෙන්ම දැයි නොදනිමි.නමුත් මට පැහැදිලිව එකක් කිව හැක.කෙල්ල බියවී උන්නාය.සැබැවින්ම බිය වී උන්නාය.

"බලපන්කෝ...අරකි ගස්සන ගැස්සිල්ල.."

"යකෝ මේකි අතේ ඇඟිලි වල ඉදලා @#$%^ වෙනකල්ම පාට කරලද කොහේද"

 අතරින් පතර ජ්‍යෙෂ්ඨ සිසුවෝ මුනු මුනු ගායි..මාගේ භාෂා භාවිතය ගැන මට සමාවන්න...ඔවුහු විශ්ව විද්‍යාල සිසුන්ය.ඉතින් කටවල් වලට සීමා මායිම් නැත.

මම දැන් කතාවට ප්‍රවේශ වුනෙමි.කතා නායිකාව ඔබට හදුන්වා දුන්නෙමි.ඇයගේ නම නොදැන සිටියාට ඇයගේ හැඩරුව මෙසේ යැයි ඔබ මටත් වඩා හොදින් දැන සිටින බව මා දනිමි.

පේලියට යන නවක සිසුන් අතරේ ඇය කෙසේ හෝ කැපී පෙනෙයි.අනෙක් අය මෙන්ම ඇයද නවක සිසුවෙකුගේ අතෙහි එල්ලීගෙනය.යුවතියට මේවා පුරුදු නැත.ඇය අනෙක් පස සිටි තරුණයා දෙස බැලුවේ ඔහුගේ මුහුනෙන් හෝ ආත්ම විශ්වාසයක් ලබා ගැනීමටය.
සමාවන්න...ඔහු ඊටත් වඩා බිය වී සිටියේය.නවක වදය කාල සීමාව ඇයට නම් සැබැවින්ම ගෙවා දමනු අපහසු වනු ඇත.

"ඒයි...ඔහොම නැවතියල්ලා...."

කොහේදෝ සිට ආ විධානයකින් යුවතිය තැති ගත්තාය.අඩියක් වත් ඉදිරියට නොතබා ඇය සිටි තැනම නතර වූවාය.තරුණයාවද අතින් ඇද නතර කර ගත්තාය.

"උඹලා දෙන්නට හෙන හදිස්සියි නේද?"

උපැස් යුවලක් පැලඳ සිටි ජ්‍යෙෂ්ඨ සිසුවා ඇය දෙස බලාගෙනම සිටියාය.මාද එතැන සිටියා නම් කරන්නේ ඒ දෙයමය.ඇය දෙස බලා සිටියාට පාඩු වෙන්නේ නැත.යුවතිය එතරම් පියකරුය.
මෙතෙක් වේලා ඇයට 'ඇය' යැයි කියා ආමන්ත්‍රනය කර මට එපා වී ගොස්ය.එන්න...අපි ඔවුන්ගේ නම් දැන ගනිමු.

"ඒයි....ඔය අතින් අල්ලන් ඉන්න එකීගේ නම මොකක්ද?"

 උපැස් යුවල දෑතට ගනිමින් ගොරෝසු කට හඩින් ජ්‍යෙෂ්ඨ සිසුවා විමසුවේය.ගොරෝසු කටහඬ ඔහු මවා ගත් එකක්ද එසේත් නොමැතිනම් සැබෑවටම ඔහුගේ කට හඬදැයි මම නොදනිමි.මේ කතාව ගැන මම දැන සිටින අංශුමාත්‍රයට වඩා වැඩි යමක් ඔබට කීමටද බලාපොරොත්තු නොවෙමි.

පිලිතුරු දීම වෙනුවට නවක සිසුවා බිම බලා උන්නේය.සැබැවින්ම ඔහු ඇයගේ නම දැන සිටියේ නැත.

"චික්...මෙහෙමත් මෝඩයෙක්....කෙල්ලෙක් අතේ එල්ලිලා ඉන්නවා.. ඒකිගේ නමවත් දැනගෙන නෑ..."
මා එතැන සිටියා නම් ඒ දෙබස අනිවාර්‍යයෙන්ම මාගේ මුවින් ද පිට වෙනු ඇත.

"උඹ දන්නේ නැද්ද මේකිගේ නම? නම අහන්න උඹට ලැජ්ජද , නැති නම් මේකි උඹට කිව්වේ නැද්ද?"

යුවතිය දෙසට හැරුනු ජ්‍යෙෂ්ඨ සිසුවා ඇයව පුරුදු සම්ප්‍රදායෙන් ඇමතුවේය.
 "ඒයි මෙහේ බලපන්....මූ නම ඇහුවම උඹ නම කිව්වේ නැද්ද?"

කොහෙන් හෝ කැරකැවී කුමක් හෝ ගිනි ගෙඩියක් පාත් වෙන්නේ තම හිසට බව යුවතිය දැන සිටියාය.දෑස් වල බිමට පනින්නට ඔන්න මෙන්නව ඇති කඳුලු කැට දෙකකි.ඒවා දැන් වැටෙයි දැන් වැටෙයි යැයි ඇය බියෙන් උන්නාය..

"අයියේ...මම නම ඇහුවේ නෑ එයාගෙන්" තම ආත්ම ශක්තිය වදන් වලට පෙරලාගත් තරුණයා පැවසීය.

"අනේ....හැබෑට....ඇහුවේ නැද්ද? උඹේ නම මොකක්ද කියපන්කෝ ඉස්සෙල්ලා.."

"මම නිර්මාල්"

 "තොට කොන්ද පණ නැද්ද මේකිගෙන් නම අහන්න..උඹ අවුරුදු හතරක් මේකිත් එක්ක ඉගෙන ගන්නවා..නමක් දන්නේ නැතුව....දැන්ම අහගනින් නම.."

"තාරි"

තරුණයා නම අසන්නට පෙර ඇය පිලිතුරු දුන්නාය...

"අඩෝ.......මේකිගේ නම "තාරි" ලු බන්.... "

එම වදන් ජ්‍යෙෂ්ඨ සිසුවාගෙන් පිට වෙනවාත් සමඟම කොහේදෝ සිට පැමිණි තවත් සිසුන් පිරිසක් ඔහු වට කරගත්තෝය..

"ඒ...තාරි....ඇයි අනේ අකුරු දෙකේ නමක්..? "

"උඹගේ උප්පැන්න සහතිකේ නම ලියන්න තිබුනේ පොඩි ඉඩක්ද?"

"තාරි කියන්නේ තාරාවගේ ගෑනු සතා වෙන්න ඇති...උඹේ අතේ එල්ලිලා ඉන්න එකා තාරාවද?"

 එකිනෙකා පරයමින් කෙරෙන ජ්‍යෙෂ්ඨ සිසුන්ගේ නිමක් නැති නොහොබිනා විහිලු ඉවසාගෙන සිටීමට තරම් ඇයගේ සිත හැඩ ගැහී නොමැත.ඇය කොළඹ කෙල්ලෙකි.මේ රළු පරළු ගති කොහෙත්ම ඇයට හුරු නැත.මා පෙර කියූ කඳුලු කැට එකක් පසුපස එකක් ඇයගේ දෙනෙතින් කඩා වැටෙන්නට විය.යුවතිය හැඬුවාය.ඉකි ගසා හැඬුවාය...නමුත් විහිලු කොලොප්පන් වල නම් නිමක් නැත.

ඔබ මා විහිලු වලට සවන් දෙන අතරවාරයේ පටලවාගෙන සිටි දෑතක් එකිනෙකට තදින් වෙලී ගොස් තිබුනි..

"ජෝඩු වෙන්න කලින් අඳුරගෙන ඉදපන් යකෝ...දැන් පලයල්ලා..ගිහින් අනිත් උන්ට එකතු වෙයන්..."
දෑතට ගත් උපැස් යුවල නැවත පලඳා ගනිමින් ජ්‍යෙෂ්ඨ සිසුවා  විධානය දුන්නේය.

ඒ වචන ටික මුවින් ගිලිහෙන සැනෙන් නවක යුවල පටලවා සිටි දෑත් තවත් තද කරගනිමින් තම පීඨය දෙසට පිය මැන්නෝය....

"ඒ නංගි...හෙට එනකොට ඔය නියපොතු වල තියෙන ලිප්ස්ටික් ටිකයි තොල් වල තියෙන කියුටෙක්ස් ටිකයි ටිපෙක්ස්ට් කරලා හරි මකන් වරෙන්..නැති නම් කියපන්..අපි හොයලා දෙන්නම්.."

නොසන්ඩාල විහිලු හමුවේ පසු පස හැරීමටවත් පමා නොවූ දෙදෙනා පීඨ පොදු ශාලාවට ඇතුලු වූවෝය.

"ඇති යන්තම් එකකින් බේරුනා"

කතා කරන්නේ කොතනින්දැයි නොදැන සිටි නිර්මාල් යුවතියව කතාවට ඇද ගැනීමට සිතමින් කට හඬ අවදි කලේය.

"මාව බේරගත්තට තෑන්ක්ස් නිර්මාල්...සීනියර්ලා ඇයි දෙයියනේ මගේම පස්සෙන් විතරක් ඇවිල්ලා මටම වද දෙන්නේ"

"ඒ ඔයා ලස්සන නිසා"

තරුණයා ඒ වදන් තුන හිතා මතා කීවාද එසේත් නොමැති නම් ඔහුගේ මුවින් ඉබේ පිට වුනා දැයි මම නොදනිමි.නමුත් දැන් ඔහු එය කියා අවසන්ය..යුවතිය ලැජ්ජාවෙන් රතුවෙලාය..විනාඩියක පමණ නිෂ්ශබ්දතාවය බිඳිමින් නිර්මාල් කතා කලේය..

"ඔයාගේ නම තාරි ද? උප්පැන්නේ තියෙන්නෙත් එහෙමද?"

"නෑ නෑ..ඉස්කෝලේදී හැමෝම කිව්වේ තාරි කියලා..මගේ නම තාරිකා..පුරුද්දට තාරි කියලා කියවුනා."

"ඔයා කොළඹ කොහේද?"

"ඔයා කොහොමද දන්නේ? මම කොළඹ නෙමේ ඉතින්.ගම්පහ...."

"දන්නෙ නෑ....නිකමට හිතුනා...මම ගාල්ලේ..ඒක නෙමේ...හෙට එනකොට නම් අර අත්වල තොල්වල ගාන ඒවා අයින් කරන් එන්න වෙයි..."

"ඒක තමා මමත් බැලුවේ..අත් වල නම් අයින් කරන්න පුලුවන්..ඒත් මම තොල් පාට කරලා නෑ..."
මම සිතුවා හරිය..ඇයගේ දෙතොල්වල තිබුනේ ස්වභාවික රෝස පැහැයක්ය.

ගමන් මල්ල පොදු ශාලාවේ මේසයක් මත තැබූ යුවතිය කෑම පාර්සලය එලියට ගත්තාය.

"මම අද උදේ පාන්දර කෝච්චියේ ආවේ.අම්මා කෑම එකක් හදලා දුන්නා.ඔයා කාලද?."

පාර්සලය දිග හරිමින් ඇය විමසුවේය.

"නෑ...මම කෑම එකක් අරගෙන එන්නම්...එතකල් ඔයා කන්න.."

"එන්න...මේකෙන් කමු.." 
සාමාන්‍ය කතාවකදී නම් ඊලග දෙබස එය බව ඔබ අනුමානයෙන් කියනු ඇත. නමුත් එය එසේ සිදුවූයේ නැත.අප මෙන්ම නිර්මාල්ද එම දෙබස පිටවන තෙක් මදක් බලා සිටියා යැයි කීවොත් ඔබ පුදුම නොවනු ඇත.සුන්දර යුවතියකගේ බත්පත බෙදාගෙන කෑමට දෙවරක් සිතන්නේ කවුද..

මේවා සාම්ප්‍රදායික බොලඳ තරුණයෙකුගේ හා තරුණියකගේ දෙබස්ය.අමුතුවෙන් මේ දෙබස් කතාවේ ලියන්නට ඕනෑ නැත.මේ කතාව කියවන ඔබ මටත් වඩා හොදට ඒ අත්දැකීම විඳ තිබිය යුතුය.

 කැන්ටිම දෙසට යෑමට නිර්මාල් පා එසවූවා පමණි.

"ඒයි....උඹට මූත් එක්ක කෑම එක බෙදාගෙන කන්න ලැජ්ජද?" උපැස් යූවල පැලඳගත් ඔහු නැවත අපගේ කතාවට පැමිනියේය.
"මේ තාරාවි නංගි....මේකේ ඉන්න ඕන නම් ඔය ලොකුකම් ඔක්කොම අත ඇරලා ඉඳපන්.උඹ ගෙදරින් ගෙනාව බත් එක කන්නයි මූ කැන්ටිමෙන් කන්නයි දෙකක් තියෙන්න ඕන නෑ නේ...බෙදාගෙන කාපන්.."

හැරෙමින් තිබූ අඩිය නැවත මේසය දෙසට හරවාගත් නිර්මාල් ජ්‍යෙෂ්ඨ සිසුවාට පින් දුන්නේය.ඉඳලා හිටලා හරි ඔවුන් හොඳ වැඩ කරයි.බත් පත තමන් දෙසටද හරවාගෙන පලමු බත් කට මුව තුලට රුවා ගත්තේය..යුවතිය තවමත් ව්‍යාංජන බත් සමග අනමින් සිටියි.

කවදාවත් කවරෙකුවත් ඇයට උඹ යැයි කියා නැත.ඇයට ඇය ගැනම දුක සිතුනි.ඇයගේ උවමනාවට පේරාදෙණියට පැමිණීම ගැන ඇය සිතෙන් දුක් වූවාය.තාත්තා කිව්ව දේ අහලා ඕස්ට්‍රේලියා ගිහින් ඩ්ග්‍රිය කරා නම් ඉවරයි.. නිර්මාල්ට බත් කවන්න කියලා මට කිව්වොත්...ඇයගේ සිත දෙගිඩියාවකය.

 කෙල්ලෙක්ට කියා කවා ගැනීමේත් මොකක්දෝ අමුතු හැඟීමක් තිබේ.එය වචන වලින් විස්තර කල නොහැකිය.යුවතිය ඒවා දන්නේ නැත.නමුත් නිර්මාල් නම් දන්නා සෙයකි...
පාඨකය....මම ඔබට රහසක් කියමි...එම බත් කටක රස මමද දනිමි..

මදක් බලා සිටි ජ්‍යෙෂ්ඨ සිසුවා නැවත හැරුනේය.

පුදුමය...ඔහු එසේ කිව්වේ නැත.බත් කටවල් මාරුවෙන් මාරුවට කවන්නයැයි ඔහු කීවේ නැත.මා පෙර කියූ සම්ප්‍රදායට කුමක් වීද...දැන් නම් මා සිතේද සැකයක් ඉපදී තිබේ.
කතාවේ පළමු කොටසට ඔබ දැනගත් හරිය බොහෝම ඇතිය.කතාවේ කතා නායිකාවක් සිටියද කතා නායකයෙක් තවත් නොමැති සෙයකි.තීරණය ඇත්තේ මාගේ අතේය..තවත් කිහිප දවසකින් මම එය ලියා දමමි,,,,

-------------------------------------------------------------------------------------------------------

මතකයන් ......

සමහර විට කතාවක් ලියාගෙන යද්දී මට වෙච්ච දේවලුත් ලියවෙන වෙලාවල් තියෙනවා.මේ කැම්පස් එක..මේ පරිසරය හැම එකක්ම වගේ මටත් හුරුයි..ඒත් කවුරුවත් හිතන්න එපා මේක මගේ කතාව කියලා.
මගේ කතාව මීට වඩා වෙනස්..කතාව ලියද්දිත් මම මගේ ෆෝන් එක දිහා සිය පාරකට වැඩිය බැලුවා.බලන් ඉඳලා ඇස් දෙකත් රිදෙනවා..ඒත් එයාගෙන් එක මැසේජ් එකක් වත් නෑ... .කණ්නාඩි දෙක දාගෙන බලාගෙන ඉන්න ගියාම තමා වැඩිපුරම අමාරු..සමහරවිට හෙට එයා මට මැසේජ් එකක් දාවි..
ඒ අස්සේ කොහේදෝ ඉදලා එකෙක් දොරට තට්ටු කර කර කෑ ගහනවා....
"අඩෝ....කන්න යන්නේ නැද්ද..."
වෙලාව බැලුවම තමා මතක් උනේ..2ත් පහු වෙලා..පුරුදු විදිහටම කෑම එකකුත් අරගෙන කැන්ටිමේ පුරුදු බංකුවෙන්ම වාඩි උනා..අතින් කන්නත් පුරුදු නෑ වගේ...ආයේ පරන දේවල් මතක් වේගෙන එනවා,, 

වෙන් කලේ සිතකින් නොවේ..
වේදනා හදතුල තියා....
ජිවිතේ සිතුවම් කලේ....
ඔබෙ නම එතැනින් මකා...


117 comments:

  1. ජස්ට් අනදර් ලවු ස්ටෝරි!
    අවසානය අල!
    අනික්වා එළ!

    ReplyDelete
    Replies
    1. මේක දැකපු මට මළ
      පල පල! :ඩී

      අවසානය අනුමාන කරන්නට තවම කල් වැඩී..

      Delete
    2. //යකෝ මේකි අතේ ඇඟිලි වල ඉදලා @#$%^ වෙනකල්ම පාට කරලද කොහේද
      චැක් කරලා බැලුවනං නරකද?
      යටටම ගිහිං කමෙන්ට් කොටන්න කම්මැලි නිසා මෙතැන කෙටුවා..

      Delete
    3. තාරි දාගෙන ඉන්න සෙරෙප්පු වල ඇඩ් එකකට පෙනී ඉන්න කැමැත්තක් තියෙනවද බං..?

      Delete
  2. ලස්සනයි ඒක!!

    ReplyDelete
  3. කොල්ලෝ එළකිරි වගේ කතාවක්නේ. මට මතක් වුණේ අපේ කොමන් රැග් එකේදී බත් පාර්සල් හතරක් පහක් බෙරි වෙන්න අනලා කෑව කවා ගත්තු හැටි....

    …කතාවේ ඉතුරු ටිකත් ලියමු තාරිගෙයි තාරාවගෙයි :P

    ReplyDelete
    Replies
    1. කැම්පස් ගියා නම් රැග් උනා නම් ඉස්සරහට ලියන දේවල් පෞද්ගලික අත්දැකීම් වෙන්නත් පුළුවන්..
      ඉතුරු ටික කමින් සූන්.. :ඩී

      Delete
  4. ඉක්මනට ඉතිරි කොටස ලියපාං.. දැන් ඉතින් ඉවසිල්ලක් නෑ ඉතිරි ටික කියවන්න.. පට්ටයි බං..! :D

    ReplyDelete
    Replies
    1. ඉවසපන් ඉවසපන්..ඉවසන දනා අර මොකද්ද එකට මොකද්ද එකලුනෙ.. :පී

      Delete
  5. pastai gamayo. Ithuru tika kiyawanakal kisiwak noliyami.

    ReplyDelete
  6. දැනට නම් කතාව ලස්සනයි, ඉතිරි කොටස් ඉක්මනට දාන්න. මේ චරිත මට ගොඩක් හුරුපුරුදුයි වගේ දැනෙනවා. ;-)

    ජය වේවා....!! :)

    ReplyDelete
    Replies
    1. :ඩී පුළුවන් ඉක්මනට..

      Delete
  7. මරු..එළ කිරි වගේ ඊලග කෑල්ලත් ඉක්මනට දාහන් රත්ගමය්යේ..

    ReplyDelete
    Replies
    1. ටැන්කුයි..පුළුවන් ඉක්මනට දාන්නම්..

      Delete
  8. මචන්.. මම උඹට සුබ පතනවා පට්ට කතාවක් ලියන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියල...

    ReplyDelete
  9. කිව්වත් වගේ එළකිරි කතාව ඉතුරු කොටස් එක්ක නවල් එකක් කළා නම් මරු!

    ReplyDelete
    Replies
    1. එහෙම තමා හිතාගෙන ඉන්නෙ :)

      Delete
  10. menna thawat ekak.awasane kelaweyda dannena

    ReplyDelete
  11. ශාහ්හ්හ්හ්.. මේ තියෙන්නෙ නියමෙට... ඉතුරු කොටසත් දාන්නකො බලන්න.. ඇයි බං මේකට අර සෙලීනා කෙල්ලගෙ පින්තූරෙ නොදැම්මෙ? :p

    ReplyDelete
    Replies
    1. මයෙ ගෑල්ලමයගෙ පින්තූරෙ එහෙම හැම තැනටම දැන්නෑ හරිය..:පී

      Delete
  12. මේකනන් සුපිරි අයියෙ...අපිටනන් මේ අත්දැකීම් නැහැ නෙව තාම...ඒත් අවුලක් නෑ...ඉතුරු ටිකත් ඉක්මනට දාන්න...

    ReplyDelete
  13. මට නම් ලස්සන නෑ ඔය කතාකරන විදිය.. විශේෂයෙන් අපේ නංගිත් පේරාදෙණිය කැම්පස් එකේ පළවෙනි දවසේ ගිහින් ඇවිල්ලා අඬපු හැටි මතක් වෙන නිසා... ඊට පස්සෙන්දා ඉඳලා ඌ අලයෙක්.. යන්තම් ඇඬිල්ල නැවතුනා... මට නම් හෙන තරහක් ආවා මුලදිම.. ඒක තාම නැතිඋනේ නෑ....

    ( ඒ කියන්නෙ කතාව එළ... හි හි)

    ReplyDelete
    Replies
    1. ඕක කියන්න තිබ්බෙ වරහන් ඇතුලෙ ටික කලින් කියලනෙ..බය වෙනෝනෙ අප්පා..මං හිතුවෙ හිරු අක්කා යුද්ධෙ ප්‍රකාශ කරලා කියලා :ඩී

      Delete
  14. ම්ම්ම්...කතාව නියමයි වගේ. ඉතුරු කොටසත් දාමුකෝ බලන්න.....

    ReplyDelete
  15. ඉතුරු කොටසත් ඉක්මනින්ම බලාපොරොත්තු වෙමි.!!!.. :D

    ReplyDelete
    Replies
    1. මාර හදිසියක්නෙ අප්පේ තියෙන්නෙ :ඩී

      Delete
  16. ela kathawak wage ayeth..ela ela..podi,ekama eka awulak ahu una..poddak balanna...
    "පාර්සලය දිග හරිමින් ඇය විමසුවේය." kanawatada manda uktha akyatha awulak ahu una.

    ReplyDelete
    Replies
    1. පොඩි වැරදීමක්.. ස්තූතියි පෙන්නලා දුන්නට

      Delete
  17. ආසාවෙන් කියෙව්වා. ඉතිරි කොටසුත් ඉක්මනටම දාමු

    ReplyDelete
  18. අම්ම කලේගනේ හන්දියේ පොලට ගියා
    අම්ම එනකන් මගේ CT 100 බයික් එක තියාගෙන හන්දියට වෙලා ඉන්නකොට
    මගේ j 108 ජාවා 2.0 ෆෝන් එකෙන් ඔපෙරා මිනි 6.0 ඔන් කරන් එෆ්බී ආවා
    එතකොට කියෙව්වේ :P
    සුපිරි කතාව
    ඉක්මනට අනිත් කෑල්ල දනෝ

    ReplyDelete
    Replies
    1. මේ අධිරාජ්‍යන්ගේ හැටිය.. :පී

      Delete
    2. The අධිරාජ්‍යයා ochchara amaaruwen kiyanne nethuwa oya tika * daala karunu wasayen qwa nm hari.nedda rathgama aiye.......?

      Delete
    3. අධිරාජ්‍යයින්ට මක්කාවත් කීමෙන් වලකින්න..අම්මියෝ සුදු වෑන්..

      Delete
    4. තනුජා ඇන්ටි තරු දාන්න හොඳ නෑ කියල අම්ම කිව්වනේ :( :P
      යයා සුදු වැන් :P

      Delete
  19. lassanai a kathawa ayya.ane.....itiri tikath ikmanata liyala danna hode.......... :)

    ReplyDelete
    Replies
    1. ටැන්කුයි.. :) පුළුවන් ඉක්මණට දාන්නම්..

      Delete
  20. එළ මචං....ස්ටයිල් එකට මං ආසයි...කතාව කොහොම වෙතත් මේ ස්ටයිල් එක සුපිරි....!!!
    කතාව නම් අපිට අමුතු නෑ ඉතින්.....:D

    ReplyDelete
    Replies
    1. ඔන්න මුලින්ම වැරදි පාරක යන්නයි හදන්නෙ..

      Delete
  21. අහා අයේමත් පෙර විදි රසය (යකෝ කලින් කතාව ගැන කිවුවේ).. කතාව මරැ කලින් එක වගේ ඉක්මනට ලියපන් රතෝ.

    ReplyDelete
    Replies
    1. යකෝ පුදුම හදිස්සියක්නෙ..පොඩ්ඩක් හිටුකො.. :ඩී

      Delete
  22. මගෙ ලෝකෙ උඹ හොඳම රයිට වෙන්න තවත් කතාවක් එකතුවෙන සෙයකි. :D

    ReplyDelete
  23. //උපැස් යුවලක් පැලඳ සිටි ජ්‍යෙෂ්ඨ සිසුවා.....//
    මේ කවුද කියපන්......
    එල යකෝ එල! ! !
    දිගටම ලියපන්!!

    ReplyDelete
    Replies
    1. උන්දැ තමයි කතාව කියන කෙනා..උඩින්ම ලිව්වත් එක්ක..
      ටැන්කුයි යකෝ ටැන්කුයි..

      Delete
  24. උපැස් යුවල පැළඳ සිටින ජ්‍යෙෂ්ඨ සිසුවා 33 ද ඉන්නනෙ බන්

    ReplyDelete
  25. උපැස් යුවලක් පැලඳ සිටි ජ්‍යෙෂ්ඨ සිසුවා කවුද කීලා මං දන්නෝ... :D :D :D
    ජය වේවා!!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔයා හිතන කෙනා නෙමෙයි අලෝ.. :පී

      Delete
  26. :පී නැත නැත අක්කේ..ඇඟිලි නොගනිමි..දින පමණක්ම ගනිමි..

    ReplyDelete
  27. කතාවේ මුල් කොටසින් ම මාව අල්ලගත්තා... 32/32! :ඩී

    ReplyDelete
  28. සිරා බං.. උඹේ කලින් කතාවත් ඔක්කොම කියෙවුවා වගේ ඔන්න මං මේකත් කියවනවා.. හොද කොල්ලා වගේ ඉක්මනට ලියහං හොදේ..

    ReplyDelete
    Replies
    1. :ඩී පුළුවන් තරම් ඉක්මණට දාන්නම්..

      Delete
  29. නියමයි කොල්ලො.

    ReplyDelete
  30. ආයෙම රැග් සීසන් එක මතක් උනා. තවත් නැවක් ලඟ ලඟම එන පාටයිද මලේ ?

    ReplyDelete
  31. ලියපන් ඉතිරි ටිකත් ඉක්මනට... හැබයි තෝ මග අතෑරල දානව නෙමෙයි :D

    ReplyDelete
    Replies
    1. එහෙම අතඅරිනවද මං තාරිව... :ඩී

      Delete
  32. නියමයි මචං ලස්සනට ලියලා තියෙනවා ..හරියට නාට්‍යක් බලනවා වගේ ...

    --ජය---

    ReplyDelete
  33. දැන් එතකොට තාරි කියන්නෙ තාරාවගෙ ගෑණු සතාද?

    ReplyDelete
  34. Adamai comment karanne.sahodara samagame kata walata tama godak manaapa.mekat lassanai.oya liyana widiya lassanai.

    ReplyDelete
    Replies
    1. සහෝදර සමාගම මේ දවස්වල සී සී කඩ ගිහින්..දුකේ බෑ

      Delete
  35. හුග දවසකින් මේ පැත්තට ආවෙ....අඩෝව් ගම්පහ තාරිකාට එකෙක්වත් අත තියලා අහුවෙන්න එපා...අපිත් ගම්පහ කොල්ලො අරිද ?

    27 ගම්පහ එනවා නේද ? කාමරෙන් විස්තරේ බලාගන්න...

    ReplyDelete
    Replies
    1. දුක තමයි.. :පී එයාව නිර්මාල් අල්ලගෙනමයි ඉඳියෙ..

      Delete
  36. කතාව බලලා ඉමු. අර කණ්නාඩියා රත්ගමයද?

    ReplyDelete
  37. ඇයි බන් ඒකි නොදන්න කොල්ලෙක්ගෙ අතේ එල්ලිලා.. උඹ මොකටද උන්ගෙ පස්සෙන් ගිහින් උන් කියන ඒවා අහන්න ගියේ. අපිට කතාව කියන්නද ?

    ReplyDelete
    Replies
    1. නෝටි නේ..අනුන්ගෙ කතා අහන් ඉඳලා.. :පී

      Delete
  38. එක තැනක ඉදන් ලියපු එකම මදෑ

    ReplyDelete
    Replies
    1. :පී ඒ ලිව්වෙත් දෙපාරකට විතර..

      Delete
  39. හෆ්ෆේ.. මූ දැන් මේවත් ලියනවද. දිගටම ලියාගෙන යංකො බලන්න..

    ReplyDelete
  40. අප්පේ මලු තොයි කථාව

    ReplyDelete
  41. පට්ට පට පට...රත්ගමයා....මේ උඹේම කතාව නොවෙද?

    ReplyDelete
    Replies
    1. මගේ කතාව මීට වඩා වෙනස්.. :)

      Delete
  42. ඉතුරු ටිකත් ලියපං අපි එනවා බලන්ඩ

    ReplyDelete
  43. මෙය තවත් එක් කුජීත මෙගාවක් වෙවිද

    ReplyDelete
    Replies
    1. ගිගාවක් කරන්නෑ කියලා නම් සුවර්..

      Delete
  44. අවදිවන්න, අවදිවන්න, දීප්තිමත් දිනයකි උදා වෙලා තියෙන්නේ?

    ReplyDelete
    Replies
    1. මේක හීනයක් නෙමෙයි මාමේ.. :ඩී

      Delete
  45. උබ කතාවට පනින්නෙ නෑයි කියලා කොහොම හරි අන්තිමට උබව නොදැකපු උන්ට දැන ගන්ට කන්නාඩි දාන විත්තියත් කිව්වා නේද.. අනේ බොලවු.. උබලා වගේ උන්තමයි අහවල් ගඟෙන් එහාට ඇස් බැඳලා ගේන්ට කියන්නේ...

    ReplyDelete
    Replies
    1. මේක යකාගෙ වැඩක්නෙ..මේ ලංකාවෙ කණ්නාඩි දාන පේරෙ කැම්පස් එකට යන එකම එකා මං විතරද එතකොට..?

      Delete
  46. Lassanai..........

    ReplyDelete
  47. super....keep it up.(a qwe blog 1 udin thiyanna kiyala ;p)

    ReplyDelete
  48. ආ.. මෙන්න රත්ගමය ආයෙත් ජුගුප්සාජනක කතාවක් ලියන්න අරන්.. හුරේ..එළ එළ ආ... දැන් ඉතිං කඩි ගුල අවිස්සුව නං දිගටම ලියාපිය.... කලින් කතාවත් සේරම කියෙව්ව ඒ දවස්වල... ජයවේවා මලයා...

    ReplyDelete
    Replies
    1. මේ යන හැටියට මං අනික්වා නොලිව්වොත් සුදු වෑන් එකක් එවයි වගේ :ඩී

      Delete
  49. අමුතුම තාලේ කතාවක්. මේකවත් උඹේ අනික්වා වගේ වල් නොවී, කුජීත නොවී ගලා යාවි යැයි හිතනවා.


    මැවිලා පේනවා බං. පිස්සු හැදෙනවා. කඳුලකුත් වැටෙනවා ඒ අස්සේ..

    ReplyDelete
    Replies
    1. පිස්සු ආයෙ අමුතුවෙන් හැදෙන්න දෙයක් තියෙනවය?

      Delete
  50. සිරා story එක රත්ගමයෝ...අනිත් කොටස ලියනකම් බලාගෙන ඉන්නවා..

    ReplyDelete
  51. රත්ගමයාගේ කතාවත් දැම්ම නම් හොදයි නම් ගම් මන:කල්පිත කොරල හරි , ඉකමනට ඉතුරු දාන්නෝ
    [අයියා පේරා ඉංජිනියරින් ෆැකල්ටියේ ද ?]

    ReplyDelete
    Replies
    1. අඬලා හිනා වෙන්නද හිනාවෙලා අඬන්නද?

      Delete
  52. E laga kaalla thawath rasawath athai sithami

    ReplyDelete
  53. කැම්පස් යන්න තිබුනනම් කියල හිතුන මේ කතාව කියවද්දි..
    මමත් යන්න පෙරුම් පුරපු තැනක් තමයි පේරාදෙණිය කැම්පස් එක..
    නොගියත් හිතින් රසවිදින්න තරම් හොදට ලියල තිබුන. නියමයි.. :)

    ReplyDelete
  54. ඇත්තටම කැම්පස් යන්න හිතෙනවා යාලුවේ.. කතාව ඒ තරමටම ලස්සනයි.

    ReplyDelete
  55. pasta mth yanna oni campus ekata

    ReplyDelete

ඔබේ වචන මට හයියකි...මේතන ලියා යන්න(ඔන්න හොදින් කිව්වා..අඩෝ...ලිව්වේ නැතිනම් කපනවා ඩෝ...)