Tuesday 27 December 2011

මල්ලී ලංකාවෙන් දෙක වීම හා මට කෙලවීම......

ටොපික් එක බැලූ විට පාඨකයාට ජුගුප්සාජනක හැගීමක් ඇතිවනු නිසැකය.
මක්කා කොරන්නද..කතාව ඇත්තය.අපේ කිරිසප්පයා ලංකාවෙන් දෙකය(උසස්පෙල මෙව්වා එකෙන්).ඌව ඉඹින්නට තරම් මට සිතේ.ඒත් ඌ මට කියා ඉම්ඹව ගන්නේ නැත.
පොර කොරේ කොමර්ස්ය.අයියා වගේ පොරක් වන්නට සයන්ස් කොර ඇන ගත්තේ නැත.ඒ අතින් ඌ දිනුම්ය..ඌ දිනනවා කියන්නේ අයියාද දිනුම්ය.
ඇස්.බී මමාගේ වැඩ සුපිරිය.ඒ ගැන කතා කොර නැති ලෙඩ දමා ගැනීමට බැරිය...
ඉතින් හිතවත් පාඨකය,
ඔන්න ඔය යටින් දාන කිරිබත් කෑල්ලක් කාලා ප්‍රීතිය බුක්ති විදිමු.වෙලාවක් ලැබුනු සැනින් මලයා සමග පවත්වන සම්මුඛ සාකච්චාවක් දැමීමට බලාපොරොත්තු වෙමි....
මලයෝ....උඹට ජය!!!!
           මීට,
          විශ්වාසි 
          ලොකු අයියා


පලි - මල්ලීට මංගල යෝජනා ඕඩර් බාරගනු නොලැබේ...

Sunday 4 December 2011

කාමරේ කම්මැලිකමට.....





හිත වාවන්නේම නෑ...
ඔබ ආයේත් එන්නේ නෑ..
මුලු කාමරේම පාලු වී ගියා.. \\


වෙන රූමෝ ඕන නෑ
ඇදි සරම සිහි වෙන්නෑ..
මම තාම දන්නේ ඉන තිහයි කියා.. \\


උකුලේ නිදාන උන්නු
කාලේ ආයේ එන්නේ නෑ නේ...
නිදියන්න බෑ මට ඉතින් \\

තුරුලු වී මා එදා...
ආදරේ කී ඔයා...
ඇයි ගියේ මාකස් ඉතින්....\\

Sunday 6 November 2011

කාලෙකට පසු...........


මාස දෙකකට විතර පස්සෙ ලියන පලවෙනි පෝස්ට් හිතෙට් එක.රත්ගමයට බ්ලොග් ලිවිල්ල එපා වෙලා කියලා කට්ටිය හිතුවද දන්නෙ නෑ.ඒත් මේ ලෝකේ මම ආසම කරන දේවල් වලින් ඉස්සරහින්ම තියෙන දේ තමා ලියන එක.කොලයක් අතට අරගත්තම ඒකෙන් කාක්කෙක් හදලා එහෙමත් නැතිනම් බෝට්ටුවක් හදලා ඒ කොලේ විසිකරලා දානවට වඩා දෙයක් කරන්න පුලුවන් කියලා මට හිතුනේ  මීට අවුරුදු තුනකට කලින්.කෙනෙකුට ලියපු නිසදැසකින් පටන් ගත්තු මගේ ලිවිල්ලට දැන් සෑහෙන්න කාලයක් වෙනවා.
ම්ම්ම්ම්ම්ම්....දැන් ලිවිල්ල ගැන පම්පෝරි ගැහුවා ඇති.මාස දෙකක් තිස්සේ කිසිම පෝස්ට් එකක් වැටෙන්න නැති හේතු උනේ මොනවද කියලා ගොඩක් අය දන්නේ නැතිව ඇති.
මීට මාස දෙකකට විතර කලින් වයඹ විශ්ව විද්‍යාලයෙන් පටන් ගත්තු කැම්පස් ගමන විශ්ව විද්‍යාල තුන හතරක කැරකිලා අන්තිමට මුලු ලෝකෙම තියෙන කැම්පස් අතර ලස්සනම කැම්පස් වලින් එකක්,එහෙමත් නැතිනම් මුලු ලංකාවෙන්ම තියෙන ලස්සනම කැම්පස් එක වෙච්ච පේරාදෙණිය කැම්පස් එකෙන් නැවතුනා.
මිනිස්සුන්ට එක එක හීන තියෙනවා.ඒත් ඒ හීන වලින් හැබෑ වෙන්නේ පොඩිම පොඩි ගානක්.මමත් එක මනුස්සයෙක්.මටත් පට්ට හීන තොගයක් තිබුනා.ඒ හීන වලින් එකක් තමා කැම්පස් එකකට යනවා කියන එක.මගේ තිබ්බ ඒ හීනේ සැබෑ වෙන්නේ සතුට දෙගුන තෙගුන වෙලා.
පේරාදෙණිය කැම්පස් එක,එහෙමත් නැතිනම් අපි ආදරේට කියන පේරේ..
ලංකාවේ තියන කැම්පස් වලින් වැටවල් බැදලා වෙන්කරලා නැති එකම කැම්පස් එක තමයි පේරාදෙණිය කැම්පස් එක.ඒකටත් හේතු ගොඩක් තියෙනවා.ඒවා ඔක්කොම ඉස්සරහට ලියන්න තියෙනවා.
ඒවා දැන්ම ලියන්න බෑ.කැම්පස් එකට ඇවිල්ලා මාසයක් පහු වුනත් අපි තාමත් පේරේ ගැන ඉගෙන ගන්නවා.පේරේ කැම්පස් එක අනිත් කැම්පස් වලට සාපේක්ශව මේතරම් දුරට ලස්සනට පිලිවලට තියෙන්නේ කොහොමද කියන එක අපි තාම ඉගෙන ගන්නවා.
ඉස්කෝල වල කෑ ගහලා,හූ තියලා,කෙල්ලොන්ට විහිලු කරලා ඩෙස් වල පෑන් වලින් කුරුටු ගාලා විකාර කරපු අපි තාමත් මේ කැම්පස් එකට අලුත්.පේරේ ඇතුලෙදි හැසිරෙන්න ඕන කොහොමද කියන එක මාසයක් මාස දෙකක් නෙමේ අවුරුදු ගානක් ගියත් ඉගෙන ගන්න එක මාර අමාරු වැඩක් කියන එක දවසින් දවස අපේ හිත් වලට තේරෙනවා.
ආපු මුල් කාලේ තේරුම් ගන්න අමාරු උන එක අතකට පට්ටම වදයක් උන දේවල් අපි හැමෝමලා මාරම ඕන කමකින් ඉගෙන ගන්නවා.පේරේ කියන්නේ අවුරුදු හතරක් නැතිනම් තුනක් යනකල් අපි ගොඩක් දෙනෙක්ගේ ගෙදර.100%ක් නේවාසිකාගාර විශ්ව විද්‍යාලයක් විදිහට සර් අයිවෝ ජෙනිග්ස් ගොඩනගපු පේරේ අද වෙනකොට ෆැකල්ටි නමයකින් සමන්විත වෙලා තියෙනවා.
පේරේ ඇවිල්ලා ඩිග්‍රියක් කියලා කොලයක් අරගෙන ඒකෙන් එලියට බහින්න රත්ගමයා වගේම රත්ගමයත් එක්ක සයන්ස් ෆැකල්ටියට ආපු ගොඩක් උන් ලෑස්ති නෑ.
මේ දවස් වල ජීවිතේ මටත් හොරෙන් ඔහේ ගෙවිලා යනවා.තව ටික දවසක් මේ විදිහට ගෙවිලා යාවි.ඊට පස්සේ රත්ගමයත් ජීවිතේ විදින්න පටන් ගන්නවා.
ඉතින්......
කැම්පස් නම් පේරේ තමයි....
පේරේ නම් සයන්ස් තමයි......

Saturday 20 August 2011

අපි කාලකන්නියන් වීමු...............

          
හිමිදිරි උදයේ මා පුබුදු වන විට හිරු කුමරු නිල් අහසේ ඩොටේ නැග තිබුනි.අසිරිමත් උදෑසනකි...
වෙනදාට නම් සිරිමත් මගෙ සකි යහපත් ලමයෙකි යැයි කියන්නට වත් ගෙදර එකෙක් වත් නැත.ඒත් අද මොකක්දෝ අමුත්තක් ඇත..
          මේ දවස් ටිකේ ලොකු එකා උසස් පෙල ලියනවාය.(වෙනදාට ඌ පිටත් වන විට මා දොයිය..)එයට කියන්නේ ලියනවා නොව උසස්පෙලට වාඩි වෙනවා කියාය.
                අපි නම් උසස් පෙළට විභාගයට ගියේ වාඩි වෙන්නටය..ඒත් මූ නම් විභාගය ලියනවාමය.මීට පෙර දවස් වල මා අවදි වන විට ගෙදර මොකෙක් වත් නැත
                   අම්මා බෝධිපූජාවකට යයි.නමුත් අද එසේ නැත..මල්ලිට විභාගය දවල් වරුවේය...ගේ සාලයේ පමනක් නොව කාමර වලද දැඩි ඝන මීදුමක් ඇත.එය මී දුම නොව දුම් අල්ලන කබලෙන් නිකුත් වූ දුම බව නහය අල්ලා බැලීමෙන් මම වටහා ගත්තෙමි.මම නැගිට කාමරයෙන් එලියට ආවෙමි...
                  කරන්නට කිසිම වැඩක් නැත..අවුරුද්දක් තිස්සේ මා ගෙදරය.අනේ මම පව් යැයි සිතේ.උසස් පෙලක් කොර ගෙදට්ට නාකි වීමට සිදුව ඇත.හම රැලි වැටී කොන්ඩය ඉදී ඇතැයි කන්නාඩිය ඉස්සරහට ගොස් බැලූ මට පෙනේ.මෙහෙම ගියොත් දීග යාමට සිදු වන්නේ අවුරුදු 40ත් පැනලාය.නෙද්දකින්ය..පූරුවේ අවාසනාවකට උසස්පෙල සමත් වීමේ කරුමය මම ගෙවමින් සිටිමි.පරම්පරාවෙන් පරම්පරාවට මේ දුක විදීමට සිදුවේ නොවේදැයි සතුටු සිතින් විභාගයට යන්නට සැරසෙන ලොකු මල්ලී දුටු විට මට සිතේ.
                මල්ලී විභාගයට යාමට මත්තෙන් ගෙදරින් දොට්ට දැමීමේ නැකතක් ඇත.ඌ ලොකු ලමයෙක් වී දැන් අම්බානෙක කල් ය.කෙලි පැටව් ලොකු වන්නා සේම මූද ලොකුය.ඒත් මේ ගොබිලා දොට්ට දැමීමටද නැකතක් ඇත.
           නැකතට අනුව දොට්ට බහින මල්ලී ඉස්සරහට මල් පිරුනු වතුර කෝප්පයක් රැගෙන එන්නේ අම්මාය.කීප දොහක් කෝප්පය ඉල්ලා ගැනීමට මම තැත් කලෙමි.

'තොගේ අතට කෝප්පේ දීලා මේ කොල්ලගෙත් විභාගේ අනාත කරන්න බෑ'

   අම්මා මට නම්බු දී කතා කරාය.
              මල්ලි අම්මට දණ නමා වදී...තාත්තටද වදී....මගේ දිහාට හැරි කොලොප්පමට සිනා සේ..
මූ මට වදින්නේ නැත.මට වැන්දොත් විභාගය ෆේල් වේවියැයි මූ අන්ද විශ්වාසයක සිටී.කොහොමත් මූ මට වදින්නේ නැත.අවුරුද්දේ නැකැතට යාන්තම් අත් දෙක එකතු කලද වෙන කිසිම වේලාවක වදින්නේ නැත.

      'අඩෝ....ලොකු අයියට වැදපන් ගෙම්බා'

           කවදත් මාගේ සහයට සිටිනා චූටි මල්ලී ගේ අස්සක සිට මොර දෙයි...
      පොඩි මල්ලි යන තුරු සිට මම චූටි එකා ලගට යයි..

   "මොකෝ උඹ අද මගේ පැත්තට කතා කරේ..බොට මොකක් හරි වැඩත් තියේද මට කියලා කරවගන්න'

   'ලොකු අයීයේ..මාත් එක්ක පුස්තකාලෙට යමන් කෝ..'
  මාගේ පැත්තට කතා කිරීමේ හේතුව ඌ එලියට දමයි...මම සිනාසෙයි...
 ඌවත් පුස් සයිකලයේ දමා ගත් මම පුස්තකාලයට යමි.පොත් තෝරන්නේ මමය.ඌ කොරන්නේ බලා හිදීම පමනි.
      ඌ බලා හිදින්නේ මා පොත් තෝරන දෙස යැයි ඔබලා වැරදියට වටහා නොගන්න.ලමා පුස්තකාලයේ පොත් කියවන අහිංසක නංගිලා දෙස මූ අනිමිස ලෝචනය කරයි.
මෙහෙම චූටි මල්ලි කෙනෙක් මට වාසනාවක් ය.මූ හැමදාම පුස්තකාලයේ එන්නේ මේකට බව මට වැටෙහෙයි.
      අනේ අපිත් ඔය කාලේ පහු කරා නේදෝයි සිතා මම සිත හදා ගන්නෙමි.
පොතුත් රැගෙන ගෙදර ආ පසු චූටි මල්ලීගේ බජාර් එකෙන් අපේ ගෙදරට කඩාගෙන පනී...

"මෙන්න...අයීයේ....චූටි ඉන්නවා..."

'ඔන්න කාමරේ ඇති'

  මම පිලිතුරු දෙමි. කාමරයට රිංගන ඇච්චො බැච්චො මොන මොනවදෝ කුටු කුටු ගායි...

'ලොකු අයියේ...මම යනවා...අම්මට කියන්න සෙල්ලම් කරන්න ගියා කියලා'
    එහෙම කියනා ඌ අවලමේ යයි..සුපුරුදු ලෙස මා නිවසේ තනි වෙයි...බ්ලොග් එකේ කුරුටු ගෑමත් කන්නට ලැබෙන කෑම ටිකත් නැති නම් මට මේ ජීවිතේ එපා වී ගොස්ය.
මක් කොරන්නද...
උසස් පෙල සමත් වීමේ පව අපි ගෙවමින් සිටිමු නොවේදෝයි මට සිතේ...

Friday 12 August 2011

හිනා වෙන්න බැරි තරමට.....



වෙනදට මේ පත්තරේ අතට ගන්නේ එක එක විදිහේ ප්‍රවෘත්ති බලන්න උනත් පහු ගිය සති තුන හතරෙදි පත්තරේ අතට ගත්තු ගමන් ඇස් දුවන්නේ නිර්මාණ පිටුවට...
 එකේ තියෙන නිසදැස් එකින් එක කියවනවට වඩා කෙනෙක්ගේ නමක් හොයන එක මගේ දවසේ රාජකාරිය වුනා..

'සදලි නිම්සලා'

පත්තර පිටු අතරේ මගේ ඇස් මටත් තේරෙන්නේ නැතුවම එහේ මෙහේ දුවනවා..
ආ...මේ තියෙන්නේ....

හැරගියා

වහිද්දි හොදටෝම..
සිතත් හැඩුවා මතකයි..
අඩද්දී මුලු සිතම...
ඔබත් හැඩුවා මතකයි..
හඩද්දී ඔබ මා ගාව..
හැරගියා මම ඔබව..
මතකයි මතකයි මතකයි...
             -- සදලි නිම්සලා---

සදලි...මේ ඔයාමද දෙයියනේ!!
 අවුරුදු හතරක් තිස්සේ ඔයා මට දීපු නිසදැස් මිටිය මම එක අතකින් තුරුල් කර ගත්තා..කොල්ලො හරි බොලදයි..උන් බොලද බව එලියට පෙන්නන්නේ නෑ.
ඔව්...මමත් බොලද මම එලියට පෙන්නනේ නෑ...ඒත් මම බොලදයි දෙයියනේ...මමත් ආදරේ කරා..නොසෑහෙන්න ආදරේ කරා...
ආයෙමත් පත්තරේ අතට ගත්තු මම ඇද මිට්ටමට කොට්ටයක් තියාගෙන හේත්තු උනා..එදා දවස තාමත් ඇස් ඉස්සරහා මැවෙනවා...ඒ හැම වචනයක්ම මගේ කන් වලට ඇහෙනවා..දෙයියනේ!! මම බොලදයි...සෑහෙන්න බොලදයි...

'පිස්සු මෙන්ටලේ.....' මොනවද මෝඩියේ කල්පනා කරන්නේ.. අහස අල්ලන්න ප්ලෑන් එකක් වත් ගහනවද?

'හ්ම්ම්ම්ම්ම්ම්ම්.....නෑ '

'කියපන් බන්...මොකක්ද අවුල...ආයෙත් ගෙදරින් බර බරේද පැට්ටෝ...'

 'ගෙදරින් මොන ප්‍රශ්න ආවත් මම ආදරේ කරන එක නවත්තන්නේ නෑ කියලා ඔයා දන්නවනේ මලිතු'

මොකක් හරි ලොකු ප්‍රහ්ස්නයක වගේ..නැති නම් සදලි මෙහෙම හැසිරෙන්නේ නෑ

'එහෙනම් මොකක්ද අවුල..'

"මට මේ මගුලේ විභාගේ කරන්න බෑ..දැන් දෙපාරක් කරා..කිසි තේරුමක් නෑ නේ රත්තරනේ..ඔක්කොටම වඩා හපන් බයෝ පාඩම් කරන්න ගියාම.."

අපෝ...මේකද මේ මහ ලොකු ප්‍රශ්නේ...හැමදාම මේකට උත්තර බැදලා එපා වෙලා අප්පා..

'බෑ කියලා දෙයක් නෑ සදලි..ඔයාට පුලුවන්...මම ඒක දන්නවා හොදටම..ලස්සනට නිසදැස් ලියන එක වගේම මේ පාර එක්සෑම් හොදට ගොඩ දාලා මම ඉන්න ෆැකල්ටි එකටම එන්න පුලුවන් කියලත් මම දන්නවා...'

'මම ආර්ට්ස් කරානම් ඉවරයි මලිතු..එහෙනම් ඔයාව මට හම්බෙන්නෙත් නෑ..මේ කිසිම ප්‍රශ්නයක් ඇත්තෙත් නෑ..'

' ඇයි සදලි...මොකක්ද කියන්න දෙයියනේ වෙලා තියෙන්නේ...'

'මම පත්තරේකට බයෝ ඩේටා එකක් ෆිල් කරලා යැව්වා..එයාලා අලුතෙන ලියන කට්ටියට චාන්ස් එක දෙනවලු...මම එක්සෑම් කරන්නේ නෑ..මට කවදාවත් ඔයාව අයිති වෙන එකකුත් නෑ..ආයේ ජීවිතේ වරද්ද ගන්න බෑ මලිතු..මම දන්නේ ලියන්න විතරයි..ඊට එහා දෙයක් මට බෑ..'

'කමක් නෑ..ඔයා කැමති දෙයක් කරන්න සුදු මැණික..ඒත් ආදරේ මම ගොඩක්...'

එයාගේ හැකියාවට මම විරුද්ධ වෙන්නේ මොකටද...මම තනිවම හිතුවා...

පස්සේ අපි අතරේ විනාඩියක නිශ්ෂබ්දතාවයක්...
 
'මට ඔයාට ආදරේ කරන්නත් බෑ මලිතු..'

අන්තිමට එයා ඒක කිව්වා..ඔව් එයා ඒක කිව්වා..
එයාගේ තියෙන හීන වලට මගෙන් භාදාවක් වෙන හැටි එයා හරි අපූරුවට විස්තර කරා...
 ඔයා යන්න ගියා සදලි..

කදුලු පිරිච්ච ඇස් වලින් මම ආයේ පත්තරේ දිහා බැලුවා..ඔයා හොදට ලියනවා..ඇත්තටම ලස්සනට ලියනවා.මම වගේම ගොඩක් අය ඔයා ලියන ඒවා කියවනවා ඇති...
ගිය කෙනෙක් වෙනුවෙන් අඩන්න මම බොලද වැඩියි සදලියෝ....ඇත්තටම බොලද වැඩියි....

මතකය...
 හැර යන්න ගිය ඔබව..
සොය සොයා හැම තැනම...
හන්ගමින් කදුලු කැට..
නොසලමින් දෑස්පිය...
බලා හිදිනා...
මේ දෑස බොලද දෝ...
සිතුනා..මට සිතුනා


Sunday 7 August 2011

ජනක සර්............................



පොත පතයි ජීවිතෙයි
මතකයි...
කියා දුන්න ඔබ අපිට...
එපා හොයන්නට ගුරුත්ව කේන්ද්‍රය
එපා සමතුලිත කරන්න වස්තුවක්
තමන් සමතුලිත වෙන්න....
කෙලින් වැඩ කරන්න...
අපිට නොදැනෙන්න
ලියා තැබුවා අපේ හිත් වල....
ඒකාකාර ප්‍රවේගයෙන්
ජීවිතේ ගෙනියන්න....
එපා ත්වරණය කෙදිනවත්,
නොලිව්වත් පොත් පත් වල...
ඇදී තිබුනා අපේ හිත් වල...
දෙන්න බලයක් ඔබ හිතට
දිනන්නට මේ ජීවිතේ....
ජය ගන්න කෙදිනක හෝ
වැජඹෙන්න මේ ලෝකයේ.... .


අදින් පසු අප විසිර යාවි,
ඔබ අපට දුන් අත් වැල බිදේවි.....
මතකේ ඇති තුරු ඔබේ පාඩම්
වැටෙන්නෑ අප ජීවිතේ...

දයාබර ජනක සර්,
මහා බර වචන නෑ අපිට....
අපි තාම පොඩි උන්...
ඔබ කතා කරා අපෙ හිත්වලට
ඉගැන්නුවා ආදරෙන් අපිට....
අපි යන්නම් සර්,
ගිහින් එන්නම් කියා නොව
හැමදාම ඉන්නම් කියා ඔබ සමග......
පුදුම නොවන්න.....
ඔව්,
ඔබ ඉන්නවා අප සමග හැමදාම......
පොත පතේ නැති උනත්...
අපේ පුංචි හිත් වල...


                        මේ දවස් වල බ්ලොග් එක පොඩ්ඩක් අප්සට්..ඒක නිසා මුකුත් අලුත් දෙයක් ලියන්න හිතෙන්නෙම නෑ.කතා නම් මහ ගොඩක් තියෙනවා කියන්න..ඒත් බ්ලොග් එකේ ලෙඩේ නිසා කොච්චර වෙලා තිබුනත් දාන්න හිතෙන්නේ නෑ..මේක හදලා දෙනවා කිව්ව සදරු සර් මගුලක ගිහිල්ලනේ..ඉතින් පොර එනකල් මෙහෙම ලාවට නිසදැස් වලින් ශේප් වෙනවා...

Tuesday 2 August 2011

( තමුසේ ගේ ) මල ඉලව් ආදරේ.............


මම ඔයාට ආදරේ නෑ
නෑ නෑ..... වැරදුනා..
මම තමුසෙට ආදරේ නෑ
තමුසේ මට ආදරේ කරනන්න එපා..
තමුසෙගේ ආදරේ සාපේක්ෂයි නේ...
මගේ ආදරෙත් සාපේක්ෂයි...
මුකුත් කරන්න එපා....
ආදරේ කරන්න එපා...
මම කරන්නෙත් නෑ
මම මොකෙක්ද.....

මාර උජාරුවෙන් කියනව නේ....
අරූ ගැන මූ ගැන....
මට වඩා ගොඩක් උන් ආදරෙයිලුනේ
ඉතින්,
කරගන්නවා උන් එක්ක ආදරේ...
මල ඉලව්ව....
ඉතින් තමුසේ
ආදරේ කරන්න එපා..
රෙද්ද....
බය වෙන්න එපා
මම ආදරේ කරනෙන්ත් නෑ.....

Sunday 31 July 2011

සුභා අක්කා... ...


,මේ පෝස්ට් එක සංවේදී කරන්න පුල්වන්....ගොඩා...ක් සංවේදි වෙන්න ලියන්න පුල්වන්.ඒත් එහෙම කරලා තව තවත් අඩන්න දුක් වෙන්න මට බෑ.මොකද එයා වෙනුවෙන් හෙලන්න තවත් කදුලු මට නැති නිසා.
සුභා අක්කා....කවුද මේ....
මට වයස අවුරුදු 5ක් වෙනකොට මට හිටිය හොදම යාලුවා තමා මෙයා. එතකොට එයාට වයස 16ක් විතර වෙන්න ඇති..සුභා අක්කා කියන්නේ අපේ ගෙදර වැඩ වලට උදව්වට හිටපු කමලා නැන්දගේ දුව.අපේ මල්ලිටයි මටයි හිටපු හොදම යාලුවා තමයි එයා
පොඩි කාලේ මාව බලා ගත්තු කෙනා තමයි එයා..
ගොඩක් වෙලාවට පොඩි කාලේ මමයි අපේ මල්ලියි ගහ ගන්නවා..ඒ වෙලාවට දුවගෙන ඇවිල්ලා අපේ රන්ඩුව මැද්දට පැනලා ඒ රන්ඩු නවත්තන්නේ සුභා අක්කා..


             එයා හරියට මට සහෝදරියක් වගේ..මමත් එයාට ගොඩක් ආදරේ කරා..එයත් එහෙමයි.. මගේ අතින් අල්ලගෙන ඉස්කෝලේ වෑන් එක ලගටම ගෙනල්ලා ඇරලවනවා..ඊට පස්සේ තමා එයා ඉස්කෝලේ යන්න ඇදගන්නේ..මම ඉස්කෝලේ ඇරිලා කෙලින්ම දුවගෙන එන්නේ සුභා අක්කත් එක්ක සෙල්ලම් කරන්න...ඒක මහා පුදුම බැදීමක්


           මේ සිදුවීම උනේ මට වයස අවුරුදු 6 ක් විතර උනාම මම හිතන්නේ..එදා පුරුදු විදිහටම අපි වත්තේ සෙල්ලම් කර කර ඉදියා..
එතකොටම කොහේද ඉදලා දුවගෙන ආපු තඩි බල්ලෙක් බුරාගෙන අපේ දිහාවට එනවා..සුභා අක්ක්යි මමයි විතරයි මිදුලේ..අපි දෙන්නටම කර ගන්න දෙයක් නෑ..බල්ල කඩාගෙන ආවේ මගේ දිහාවට..සුභා අක්කට හොදටම පුලුවන් කම තිබුනා දුවලා බේරෙන්න..ඒත් එයා එහෙම කරේ නෑ..


              එයා කෙලින්ම දුවගෙන ආවේ මගේ දිහාට..ඇවිල්ලා මාව වඩා ගත්තා.වඩාගෙන අඩි දෙකක් තියෙන්න උනේ නෑ අර බල්ල අක්කව හැපුවා..මට හොදට මතකයි..මම අක්කගේ අතේ ඉදගෙන කෑ ගහනවා..අක්ක එක අතකින් මාව වඩාගෙන අනිත් අතින් බල්ලව එලවන්න මහන්සි ගන්නවා..ඒ මදිවට අක්කගේ කකුලෙන් ලේ ගලනවා..ඒත් අක්ක කොයිම මොහොතකවත් මාව අත ඇරියේ නෑ..
 අපේ කෑ ගැහිල්ල ඇහිලා අම්මලා දුවගෙන ඇවිල්ලා බල්ලව එලවලා දැම්මා.. ඌ පිස්සු බල්ලෙක් කියලා පස්සේ තමා දැන ගත්තේ..ලේ ගලන අස්සේ සුහා අක්කා අහනවා 'මල්ලිට කරදරයක් නෑ නේද ' කියලා..ඒක මට තාමත් මතක් වෙනවා අක්කේ..
කොහොම හරි අක්කට ගොඩක් අමාරු උනා..අක්කව කෙලින්ම ගෙනිච්චේ කරාපිටිය ඉස්පිරිතාලෙට..අවාසනාවට මට යන්න උනේ නෑ..
            ගෙදරට වෙලා මම හිටියේ ගොඩක් බයෙන්..අනේ සුභා අක්කට කරදරයක් වේවිද....මගේ හිතට ගොඩක් බයයි...
ටික වෙලාවකින් ආයේ අක්කව ගෙනාවා..අක්කගේ ඇස් වල කදුලු..මම ගොඩක් බය වෙලා...අඩනවා...අක්ක මගේ ලගට ආපහු ආවා..ඇවිල්ලා ඇහුවේ ආයෙමත් පරන ප්‍රශ්නෙමයි..."මල්ලිට තුවාල නෑ නේද"


          ඊට මාස තුනකට විතර පස්සේ අක්කායි කමලා නැන්දයි අපේ ගෙදරින් ගියා..ඒ යන දවසේ අපි ගොඩක් වෙලා ඇඩුවා...
තවත් අවුරුද්දකට ව්තර පස්සේ තමා අපිට ආරන්චි උනේ අක්ක ඇක්සිඩන්ට් එකක් වෙලා නැති වෙලා කියලා...එදා අපි ගියා මල ගෙදර...අක්කගේ ලස්සන මූන බැන්ඩේජ් පටි වලින් ඔතලා..ඒ අක්කද කියලා අදුර ගන්න බෑ..මම එතනත් කෑ ගගහා ඇඩුවා මේ ඉන්නේ මගේ අක්ක නෙමේ කියලා...
අදටත් මම ආදරේ සුභා අක්කට..මට ආදරේ කියලා ඔප්පු කරපු එක්කෙනෙක් තමා එයා....


      එයා අපිත් එක්ක හිටිය නම් සමහර විට එයාගේ ජීවිතේ විතරක් නෙමේ අපේ ජීවිතත් වෙනස් වෙන්න තිබුනා
එදා අර බල්ල මාව හැපුව නම් සමහර විට අද මම මෙතන නෑ....ඒත් අද ඒකේ අනිත් පැත්ත වෙලා ත්යෙන්නේ...මම මෙතන ඉන්නවා..මගේ අක්කා මෙතන නෑ...

                                                                         (අක්ෂරයට ලියූ ලිපියකි )

Thursday 28 July 2011

Twitter සිංහල - ඉංග්‍රීසි පන්තිය..........................



                  මේක Twitter එකේ රස කතාවක්.. සමහර ඉංග්‍රීසි වචන සිංහලට පරිවර්ථනය කරාම මරු මරු සීන් තමා වෙන්නේ.පහුගිය දවසක ටුවිටර් එකේ පටන් ගත්තු මේ සෙල්ලම සෑහෙන්ඩ ජනප්‍රිය උනා.ඒකේදී සිංහලට පෙරලිච්ච වචන ටිකක් දාන්න ඕන කියලා හිතුවා..මහජන සේවය පිනිසයි

  • cow girl = ගොං කෙල්ල
  • Food City = කෑම නගරය
  • Crysis = අඩන සහෝදරිය
  • wordpress = අකුරු මිරිකනවා
  • Call of Duty = වැඩට කතා කරන්න
  • Breaking News: කැඩි කැඩී එන ප්‍රවෘත්ති
  • GoDaddy = පලයං තාත්තේ
  • Iron man = මැදපන් මිනිහෝ
  • Werewolf = වෘකයා කෝ?
  • How I met your mother = මට තොපිලයි අම්මා හදිගැහිච්චි හැටි
  • Naughty America = වනචර ඇමරිකාව
  • x men = ලිංගික මිනිස්සු 
  • she is pretty = එයා හෙන කෑල්ල
  • Prince of Persia: The sands of time = නාමල් රාජපක්ෂ වැලිපිල්ලේ අකුරු කල කාලය
  • Son of a Bitch = බලු පැටියා
  • 64bit = හැටහතර මායම්
  •  What a wedding? = මොන මගුලක්ද?
  • Bat man - පිති මිනිහා
  • the Devil's Double - යකාගේ දෙක
  • Forest Gump = අනර්කලී  
  • Arsenic = නාථ දෙයියො 
  • I am number four = අද පෝලිම එච්චර දිග නෑ  
  • Java = ජරාව
  • Sourcerer's Stone = මායාකාරයාගේ ගල
  • motherboard = අම්මා පුවරුව
  • Cars 2 = කාර් දෙක
  • Android = අන්දරේ 
  • Roger that = රොජර් සෙනෙවිරත්න
  • prisoner of azkaban = සරත් ෆොන්සේකා
  •  Inception = හම්බන්තොට වරාය
  •  Microsoft = මාර සිනිදුයි
  • Attack of the Killer Tomatoes (1978) =පට්ට තක්කාලි වලට ගේම දියන්
  • Catch me If you can (movie) = සක්විති රණසිංහ 
  • Mission Impossible 4 = හතරපාරක් නැන්දම්මාට මාට්ටුයි..!  
  • Coca-Cola = කොකා කොල පාටයි
  • LMAO = මේවට මට පු*නුත් හිනා
  • IPhone = මම ෆෝන් එකක්
  • Electricity = පාඨලී  
  • Anonymous = අවලමා
  • Blow Job = පිඹින රස්සාව 
  • The Mist = බොඳ මීදුම්
  • The Forbidden Kingdom = ආසියාවේ ආස්චර්ය
  • Gay = ගේ කුරුල්ලෙක්
  • My friends hot mom = මගේ යාලුවගේ අම්මා පිච්චුනා 
  • Son of a Bitch = එස්.බී
  • Pirates Of The Caribbean = මහ රජතුමා හා සේනාව 
  • no country for old men = නාකින්ට රටක් නෑ  
  • Mother Fu*ker = තාත්තා
  • shemale = ධනුක  
  • piss = හුරිජ්ජ
  • 3idiots = මුතුහෙට්ටිගම, දුමින්ද හා මර්වින්  
  • Arpico = ආපි කෝ...... ආවදෙන්කෝ
  • Fuck you= හු*පිය! :P

    අම්මෝ....තව මහා ගොඩක් තියෙනවා...ඒ ටික බලන්න ඕන නම් මෙන්න මෙතනින් ගිහින් බලන්න
    තව වචන හිතට එනව නම් කමෙන්ට් එක විදිහට දැම්මත් අවුලක් නෑ... :)




    Saturday 23 July 2011

    මඤ්ඤන් කවි.....................


    අම්මේ හද පායලා
    ඊයේ හවස වහින්න ලගයි
    නුබේ හිත් අහස මගේ නේද
    දැන්වීම් ඇලවීම තහනම්

    එක එක විදිහේ දුරකතන
    සීයක් දෙසීය පහනයි
    මුකුත් නෑ කවුද බන් ඒ ආවේ
    දැන් පෙන්නනවා ෆිල්ම් එක

    මිස්කෝල් දහයක් එක දිගට
    පාන්දර නැගිටින්න
    පාපිස්ස හේදුවද
    චූ බරෙන් මම ඉන්නේ

    නිදි මතට කවි කියලා
    ආදරේ අහස තරම්
    මුහුදේ රැල්ල ගහනවලු
    දැන් වෙලාව කීයද

    කඩුවෙ කැපෙන්නේ නෑ
    නායකයෙක් වෙන්න ඕනා
    යෝගට් එකක් කනවද
    බිම ටයිල් අල්ලලා

    Monday 18 July 2011

    රත්ගමයාට 'Gay' කුරුලු ප්‍රගාරයක් ......

                         මෙන්න දැන් ලැබුනු විශේෂ පුවතක්.බ්ලොග් අඩවි රචක රත්ගමයා මහතා gay කුරුල්ලෙකුගේ ප්‍රහාරයට ලක් වී ඇත.මේ හදිසි ප්‍රහාරය සිදුවී ඇත්තේ ඊයේ මධ්‍යම රාත්‍රියේ twitter සමාජ ජාල අඩවියේ අවසාන tweet එක දැමීමෙන් පසුව බව ආරංචි වී ඇත.
    සිද්දියට අදාල tweet වාර්තා අප වෙත ලැබී ඇත.

    සංස්කරනය නොකල දර්ශන
    ( රත්ගමයා මහතා නිදා ගැනීමේ tweet එක පබ්ලිශ් කිරීම)

       රත්ගමයා මේ නිදා ගැනීමට කාලයයි..................................

                නම හෙලිකල නොහැකි පුද්ගලයා මේ මෙම අවස්තාවේ සිට හැගීම් ඇවිස්සෙන සුලු වාග් විලාශයක් භාවිතා කරන්නට යෙදුනි
     අදාල අවස්තාවේ තිර පිටපත් අප වෙත ලැබී ඇත..


     තව සුපුරුදු කුප්පකම් භාවිතයෙක් පසුව අදාල පුද්ගලයාගෙන් බේරියාමට රත්ගමයා මහතාට හැකියාව ලැබී ඇත.
              මේ සිද්දිය මුලු රටටම හෙලි කරන බව පැවසීමෙන් පසුව ලැබුනු තිර පිටපත් පහත පරිදි වේ


    කොල්ලෝ යන වචනය පුන පුනා භාවිතයට ගෙන ඇති බව තේරුම් ගැනීමට හැකියාව ඇත.
    tweet කිරීමෙන් නොනැවතුනු අදාල පුද්ගලයා රත්ගමයා මහතාගේ Facebook අඩවියේ බිත්තිය මතද විවිධ ආකාරයේ වදන් ලියා තබා ඇත.


             එතනින්ද නොනැවතුනු ඔහු chat එක හරාහාද අයුතු යෝජනා ඉදිරිපත් කර තිබේ.කාරණය මැනවින් පැහැදිලි වන්නේ එතැනදීය.මොහුගේ සැලසුම මුලු ලංකාවම අපචාරයට හසුකර ගැනීම බව වැටහේ.මෙය මොහු කාලයක් තිස්සේ කරගෙන එන ලද ක්‍රියාවලියක් බව අවබෝද කර ගත හැකිය.

    ඇනොනිමස්           - අඩේ කුප්පයෝ

    රත්ගමයා මහතා     - නෑ නෑ දාන්නේ නෑ බය නොවී ඉන්න

    ඇනොනිමස්         - අවුලක් නෑ බන්..උඹ දාපන් ඕක

    රත්ගමයා මහතා    - හෑ.....ඉකේ...කැතයි නේද..අනික ලංකාවේ තහනම් නේ

    ඇනොනිමස්        -  නෑ නෑ දාපන්.මේක දැම්මම 
    මට කැමති කොල්ලෙක් කෝල් එකක් දේවි නේ

    රත්ගමයා මහතා   - ඉකේ....මේ මොන විගඩමක්ද....මම මේක මුලු රටටම එලි කරනවා

    ඇනොනිමස්        - එලි කරාට කමක් නෑ.බ්ලොග් එකේ දාපන්. හොදේ

    රත්ගමයා මහතා   - හිරේ විලංගුවේ වැටෙන්න බෑ මට

            මොහු gay කුරුල්ලන්ගේ සංගමයේ ඉහල තනතුරක් දරන පුද්ගලයෙක් බව හෙලි වී ඇත.රත්ගමයා මහතාගේ ටුවිට් පරීක්ෂා කිරීමෙන් හෝ මුහුනු පොතේ බිත්තිය පිරික්සීමෙන් මොහුව සොයා ගත හැක
    ඔබත් පරිස්සම් වන්න.හෙට මොහුගේ ගොදුර ඔබ හෝ ඔබේ කිරි කැටියා විය හැකිය..වටහා ගන්න..
            ගේ කුරුල්ලන් දැල එලනා කාලය අත ලගය..

    ප.ලි - හුදෙක් විනෝදය සදහා පමනි..... (ස්ථානෝචිත කුප්පකම භාවිතයෙක් සාර්ථක ඵල නෙලා  ගැනීම )

    Saturday 16 July 2011

    කැම්පස් යාමට පෙර රත්ගමයා !!!!.......



    අඩෝ නිදි කුම්බරයා නැගිටපන්.දැන් දහයත් පහුයි.
    අපේ මලයගේ මිහිරි නාදයෙන් මා පුබුදු වන විට ඉර බැස යන්නට ඔන්න මෙන්න වී තිබ්බා..

    'අන්න අම්ම තෝව හොයනවා.ගිහින් කාපිය.බොට ඉතින් කනවා බොනවා ඇරෙන්න වෙන වැඩක් නෑ නේ..මල කැම්පස් පෙරේතයා.." 
    උදේ පාන්දරම අපේ මලයා අයියට නම්බු දීලා කතා කරනවා.අන්න හැදෙන මල්ලිලා..මට මුගේ දෙපැත්තෙන් දැනුනා මූ හැදෙන අවලම් ගහක් කියලා

    ලොකු පුතා...................!!!!!!!

    "අයියෝ...අදත් මොකක් හරි වැරැද්දක්ද මංදා...මේ ගෙදර මිනිස්සුන්ටත් මම නැති නම් බයිට් එකටවත් එකෙක් නෑ නේ..."

    ඇද යට තිබ්බ සරම ඇහිද ගෙන ඇද ගත්තු මම ලාවට වගේ කැලැන්ඩර් එක දිහා බැලුවා.හුටා...9ට ග්‍රාම සේවක හමු වීම.. ඊට පසු ඉස්පිරිතාලේ ගොස් මෙඩිකල් එකක් ගැනීම...

    නොදෝමකින් මේ කැම්පස් හුට්ටප්පර..පාඩුවේ නිදාගන්න දෙන්නේ නෑ නේ..ඇගපත චෙක් කොරන්නයි ග්‍රාමසේවක අංකල් මහත්තයට කියලා අත්සන් ගහන්නයි වැඩ ගොඩයි...මීට වඩා හොදයි දින විසි එකේ ආතල් එක අරගෙන උදේ හයට බොන ටී එක බීලා ලෙක්චර් එකකට ගිහින් නිදා ගත්ත නම්
    කාපන් කෝ රත්තො පරිප්පුව..

    "කෝ මේ ලොකු එකා...මෙහෙ වර...මල්ලිලා දෙන්නෙක් හැදුනා යස අපූරුවට..මූ වගේද..."

    යකෝ උදේ පාන්දරම මාව කන්න හදනව නේ අපේ අම්මත්

    "කෑම එක සීතල වෙලා...ඇවිත් කන්න නේද කිව්වේ...."

    "මක්කයි අම්මේ කන්න තියෙන්නේ බොම්බයි මොටයි ද"

    'බොම්බයි මොටයි නෙමේ හරකෝ කන්නයි බොන්නයි....'

    'ඉකේ....ඒ මොන ජරාවක්ද..... මට බෑ ඔය මල ජරාව කන්න'

    'තොට ඒ පැහිච්ච් කම් වලින් වැඩක් නෑ...වාඩි වෙයන් පුටුවෙන්'

    මමත් ඉතින් කරන්න දෙයක් නැති කමට වාඩි උනා.මේක ප්‍රජාතන්ත්‍රවාදය කඩ කිරීමක්.එහෙම කියලා නඩු දාන්නත් බෑ නේ.නඩු කියලා කීයක් නම් දාන්නද..අනික මම ශ්‍රී ලාංකිකයෙක් නේ..කොසු මිටත් අමෝරගෙන අම්ම මගේ දිහා බලාගෙන..

    "ඔන්න මයේ හොද පුතා....අම්මි කියනවා කන්න...."

    'හෑ....මේ මොකක්ද මේ වෙලා තියෙන්නේ....අම්මේ මොකෝ මේ...මම කන්නම්'

    'යකෝ...අම්මි කියනවා කාපන්..බොට සිංහල තේරෙන්නේ නැද්ද..එහෙම තමා ඔය ක්ෂනික මෙව්ව එක කන්න තියෙන්නේ''

    මේක හරි කෙලියක් නේ..මම මොන්ටිසෝරි යන කාලේ ඉදලා අහලා තිබ්බේ ක්ෂනිකව වෙන එක දෙයක් විතරයි.ඒකටත් අර බෙහෙතක් ගැහුවම හරියනවා.උපරිම තෘප්තිය කියලා ඇඩ් යන්නේ.දැන් එක එක ක්ෂනික මෙව්වා ඇවිල්ලනේ.මොනා කරන්නද රත්තො කාපන් මයේ කට කිව්වලු..

    "හරි...අම්මි කියනවා බොන්න..."

    'අනේ අම්මේ...මේ කන් කන් බූරූ සින් සින්නෝරු කරමුද.ඒක මීට වඩා චූන්..නැති නම් වන් ටූ ත්‍රී මම බලමි හරි කමක් නෑ'

    අපේ කෑම මේසේ හරි ජරමර.මේ ජරාව කොහෙන් උස්සගෙන එනවද මන්දා.මීට වඩා හොද නැද්ද කඩල ටිකක්,මුං ඇට ටිකක් හැදුව නම්..අපි කන්නේ නැති එක වෙනම කතාවක්.විහිලුවට හරි හදන්න ඕන නේද මම අහන්නේ...මේ වයසට සමබල ආහාර වේලක් ඕන නේ ගන්න
    කාලා බීලා තමා දත කට මදින්න යන ඕන..

    'අම්මියෝ....කෝ මයේ දත් බුරුසුව..'

    "උඹේ මොකක්?"

    "දත් බුරුසුව අනේ..අර කටේ දාලා දත් උරච්චි කරන්නේ..."

    "මම දන්නවා බොල දත් බුරුසුව කියන එකේ තේරුම.මම අහන්නේ උඹට කොහේද දත් බුරුසුවක්.."

    "ඒකත් හැබෑව.මට කොහේ තියන දත් බුරුසුවක් ද..උදේ පාන්දරම මාන්දම වගේ..තුන් වරක් තුන තුනම තමා"

    දඩි බිඩි ගාලා ඇගට වතුර දෙකක් හලා ගත්තු මම ඉස්පිරිතාලේ යනවද ග්‍රාමේ ගාවට යනවද කියලා කල්පනා කරා..
    වෙන මල දානයක් වෙන්න කියලා ග්‍රාමේ හම්බෙන්න යනවා.

    දැන් ලයිසමත් තියෙන නිසා මෝටර් බයික්කෙන්ම යන්න පුලුවන්.හෙල්මට් එකත් දාගෙන ලයිසන් එහෙම අරගෙන අදාල ලිපි ගොනු ටික ෆයිල් එකක දාගෙන නමෝ විත්තියෙන් බයික් එකට නැග්ගා..

    හුටා...මේකේ බේරෙක් තියන තැන මතක නෑ..

    "මල්ලියේ....මේ බයික්කේ බෙරේක් තියෙන්නේ මේ දකුනු පැත්තේ එකද වම් පැත්තේ එකද?"

    "අපෝ තෝ වගේ කැම්පස් යන එකෙක්..තෝ දවස් විසි එකේ නායකයා නේද..බයිසිකලේක බ්‍රේක් තියෙන තැන දන්නේ නෑ.ඔය කකුලෙන් පාගන්න තියෙන්නේ පස්සේ බ්‍රේක්.දකුනු අතට එන්නේ ඉස්සරහා බ්‍රේක්..."

    "මගේ හොද මල්ලියා..මම එනකොට උඹට ප්‍රීබයෝ ටෙක් අඩංගු යෝගට් එකක් ගේන්නම් තොගේ මොලේ වර්ධනේට.."

    "ඒක උඹම කාපන් අයියේ...මොලේ වර්ධනේ වෙන්නඕන මගේ නෙමේ උඹේ.."

    ඒකත් ඇත්ත..තාම චූටි මොල නේ..
    බ්‍රේක් එකයි ක්ලච් එකයි හොයා ගත්තු මම බයික් රාජයා ඉදිරියට ධාවනය කරන්න ගත්තා...

    ග්‍රාම සේවක (M.B.B.S)

    (මෝර වරල් විකිනීමට තිබේ )

    පත බෝඩ් එකක් ගහලා තියෙනවා.යකෝ මූට ඩිග්‍රි එකකුත් තියේ.ඒ මදිවට සයිඩ් බිස්නස් එකකුත් කරගෙන යනවද කොහේද..දිරිය පුරුෂයෙක් නේ අපේ ග්‍රාම සේවක මහත්තයා

    බයිසිකලේ ගේ ඉස්සරහා නවත්තලා සේවක මහත්තයගේ නිල නිවසට ඔලුව දැම්මා...

    "ගුඩ් මෝනින්ග් පුතා..මෝර වරල් ගන්නද?"

    "අනේ නෑ අංකල්..මේ කැම්පස් යන්න ලියකියවිලි වගයක් අත්සන් කරගන්න..."

    "තුක් ගල් ඉබ්බා..උදේ පාන්දරම කෑවා මගේ දවස,,තව ටිකකින් වරෙන් මෝර වරල් ගන්න එකෙක් ආවයින් පස්සේ තමා මම වැඩ කරන පටන් ගන්නේ.."

    "එහෙම කියන්න එපා අංකල්..මෙන්න මේ කොලේ පුරවලා අත්සනකුයි මහපොල ගන්න මෙව්වා එකට අඩු ආදායම් කෑල්ලකුයි දාලා දෙන්න...උන්ඩුකපුච්චෙ ගල් නැති වේවි මේ කරන කුසලකර්ම හේතුවෙන්.ඕන නම් මම මෝර වරලක් දෙකක් ගන්නම්."

    "හ්ම්ම්ම්ම්ම්....එහෙනම් සලකා බලන්න පුලුවන්..යමු ඇතුලට"

    ඉකේ...තනි පංගලමේ කොල්ලෝ ගේ ඇතුලට වද්ද ගන්න හදනවා.මොනා කරන්නද බයෙන් උනත් මම ඇතුලට ගියා

    ඇතුලේදි උන දේවල් සහ මෙඩිකල් එක ගන්න ඩොකා හමු වූ හැටි ඊලග කොටසින් බලාපොරොත්තු වන්න.

    රත්ගමයා ලියූ අබිලික් ලව් ස්ටෝරි එක දැන් pdf එකක් ලෙස පිට වී ඇත..නුඹ රහසින් ඇවිත්....
                                                 මෙතනින් බා ගන්න

    Thursday 14 July 2011

    රත්ගමයා සහ මරණ තුනක්...............

        

    හමුදාවට ගිහින් ආවට පස්සේ ලියන්න උනේ එක ලිපියයි.බ්ලොග් එකත් පාලුවට ගිහින්.ලියන්නේ මොනවද කියලා හිතාගන්න බැරුව ඉන්නකොට පොඩි පොඩි සිද්දි ටිකක් ඔලුවට ආවා..
    ජීවිතේ කියන්නේ හරිම පුදුම දෙයක්.මැරෙන්න කොච්චර ඕන උනත් මැරෙන්නේ නැති මිනිස්සු වගේම මැරෙන්න හිතපු නැති වෙලාවල් වලදි මැරෙන්න උන මිනිස්සුත් අපි අතරේ ඕන තරම් ඉන්නවා...

                  ඔන්න ඔහොම සිද්දි තුනක් මගේ ජීවිතේදිත් වෙලා තියනවා.ඒතුනම ගොඩක් පොඩියට ලියලා දාන්නම්.

         පලවෙනි සිද්දිය වෙනකොට මට වයස අවුරුදු හයක් විතර වෙන්න ඇති.ඉස්සර අපේ ගෙදර තිබුනා පාලුවට ගිය ලිදක්.ඕකේ වතුර පිරිලා තිබුනා.ලිද වටේටම කටු කම්බි වැටක් බැදලා තිබුනේ.
    පුංචි රත්ගමයා ඒ දවස්වල ගොඩක් ආසයි බයිසිකල් පදින්න.මහා වේගෙන් පැදෙගෙන ඇවිල්ලා බිම වැටිලා අතපය කඩා ගන්න පුදුම අමාරුවක් තමා තිබුනේ.
             ඔන්න ඉතින් මම බයිසිකලෙත් හයියෙන් පැදෙගෙන බෙල් එකත් ගහගෙන ලිදගාවින් යන්න එනවා.මගේ අවාසනාවට හරි බයිසිකලේ වාසනාවට හරි පත කලු ගලක් පාර මැද්දේ.පාරේ තියන ගල් බල බල කවුද ඉතින් බයිසිකල් පදින්නේ.(කලු ගල්) .මමත් ඉතින් ආපු වේගෙන්ම කලු ගල උඩින් රෝදේ තිබ්බා.මට පාලනය කරගන්න බැරි උන බයිසිකලේ මාවත් ඇදෙගෙනම ලිද පැත්තට ඇදිලා යනවා.මටත් කරගන්න දෙයක් නෑ.බ්‍රේක් ගහන්න හිතෙන්නෙත් නෑ..කඩාගෙන බිදගෙන ගියපු මමකෙලින්ම අර කටු කම්බි වැටේ පැටලුනා.
                            බයිසිකලේ ලිදේ කට ලග නැවතුනත් මගේ කකුල කටු කම්බි වැටේ ඇමිනිලා තියෙන්නේ.කම්බි වැටත් එක්කම මම ලිදට වැටුනා.කටු කම්බි කකුලේ පැටලිලා තිබුන නිසා මාව වතුරට වැටුනේ නෑ.ලිද ඇතුලේ ඔහේ එල්ලෙනවා.කකුලෙන් ලේ වැක් කෙරෙනවා.පොඩි එකා කාලේ බර නැති නිසා එල්ලි එල්ලි ඉන පුලුවන් උනා.මම මහ සද්දෙට මොර තියනවා.ලග පාත මොකෙක් වත් නෑ.වතුරට වැටුනොත් මම කපෝතියි.මගේ වගේ දෙගුනයක් වතුර පිරිලා ලිදේ.
              කොහොම හරි විනාඩි පහක් විතර කම්බි වැටේ ඇමිනිලා ලිද ඇතුලේ එල්ලි එල්ලි ඉදියා.පාරේ යන්න ගිය මනුස්සයෙක්ට සද්දේ ඇහිලා තමා මාව බේරගත්තේ.ඉස්පිරිතාලේ ගිහින් පිට ගැස්මට ඉන්ජ්ක්ෂනුත් ගහලා ගෙදර එක්ක ආවේ.අවුරුද්දක් විතර යනකල් මට ගෙදරින් බයිසිකල් තහනම් උනා.ඔන්න ඕකයි පලවෙනි සිද්දිය,..

    දෙවනි එක වෙනකොට මම නමය වසරේ.

       හැමදාම ඉස්කෝලේ ගියේ කෝච්චියේ.මොකද කෝච්චියේ ඉස්කෝලේ යන එක ලේසියි.බස් එකේ ගියොත් බස් දෙකක යන්න ඕන.
            එදා කෝච්චි තිබුනේ නෑ.ස්ට්‍රයික් එකක් නිසා වෙන්න ඕන.ඉතින් මමයි මල්ලි දෙන්නම බස් එකේ යමු කියලා කතා වෙලා රත්ගම හන්දියෙන් ගාල්ල බස් එකක් නැග්ගා.බස් එක තනි දොර තියන පොඩි රෝසා බස් එකක්.පිසි පස්සේ හැම සීට් එකක්ම පිරිලා.ඩ්‍රයිවර් ලග ශීට් එකයි ඊට එකක් පස්සේ ශීට් එකකුයි විතරයි තිබුනේ.මොනා කරන්නද..මම ගියා ඩ්‍රයිවරා ලග ආසනේට.මලයා ඊට පස්සේ ශීට් එකේ.
                ඩ්‍රැයිවරා යනවා දැන් බස් එක ඇරලා දාගෙන.මූට තදියම.කොහොම කොහොම හරි ලයිට් හවුස් හෝටලේ ලගට වෙනකල් මූ කරදරයක් නැතුව ආවා.ඔහොම ඇවිල්ලා හෝටලේ වංගුවෙදි ඉස්සරහෙන් ගියපු කාර් එකකට ඉස්සර කරන්න බස් එක දකුනට කැපුවා.හුටා...කෙලියා නේද...පත කන්ටේනර් තඩියක් මූනටම.ආයේ ඉතින් මොන කතාද..පොඩි රෝසා බස් එකක මූනට කන්ටේනර් මූනක් සෙට් උනාම වෙන දේ හිතා ගන්න පුලුවන් නේ.
    මම දැක්කේ කන්ටේනරේ ඉස්සරහට එනවා විතරයි.ඊට පස්සේ උනේ මොනවද කියලා දන්නේ නෑ.සිහිය එනකොට මම ඉදියේ ඉස්පිරිතාලේ ඇදක් උඩ.
              මල්ලි තමා පස්සේ මට විස්තරේ කිව්වේ.බස් එක කුඩුපට්ටම් වෙලා.මල්ලිට කරදරයක් වෙලා නෑ.මට එහා පැත්තේ ඉදපු අයියා එතනම මැරිලා.මාව එලියට ගන්න සෑහෙන ගේමක් දුන්නලු.අලවංගු දාලා ශීට් උස්සලා තමයි එලියට අරන් තියෙන්නේ.
    ඇක්සිඩන්ට් එකෙන් මගේ කකුලක් දෙකටම කැඩුනා.ඒත් මොකෝ.මම ජීවත් වෙනවනේ.

    ඔන්න ඕකයි දෙවනි සිද්දිය.

            වෙනි එක ඉතින් අපි හැමෝම දන්නව නේ.2004 දෙසැම්බර් 26.සුනාමි දවස..ඒ ගැන විස්තරයක් කරන්න ඕන වෙන එකක් නෑ.සුනාමි කතා අහලම ඇති වෙලා ඇති නේ කට්ටියට..
               ඒක නිසා රත්ගමයගේ මරන කතා සැට් එක මෙතනින් නිමා වෙනවා,
              අප්පටසිරි.,..අමතක උනානේ...හතරවෙනි පාරටත් එකෙක් මාව මැරුවනේ.අර ඇගිල්ලා රත්ගමයා මැරුනා කියලා ගෙනිච්ච කට කතාව..ඒක තව පොඩ්ඩෙන් අමතක වෙනවා...ඇගිල්ලට තියා කාටවත් රත්ගමයා ඩවුන් කරන්න බැරි උනා.
                මැරෙන එක කවද හරි කොහේදි හරි වේවි.ඒ දවස නොදැන් ඉන්න තරමට ජීවිතේ සතුටින් ඉන්න පුලුවන්.මැරෙන දවස දැන දැන ජීවත් වෙන මිනිස්සු කොච්චර විදවනවා ඇද්ද කියලා වෙලාවකට හිතෙනවා...
    මොනා කරන්නද...අපි ඉපදෙන මැරෙන මිනිස්සු..මේ කිසිම දෙයක් යනකොට කවුරුත් ගෙනියන්නේ නෑ නේ... 
    ---------------------------------------------------------------------------------------
    රත්ගමයා ලියූ අබිලික් ලව් ස්ටෝරි එක දැන් pdf එකක් ලෙස පිට වී ඇත..නුඹ රහසින් ඇවිත්....
                                                 මෙතනින් බා ගන්න

    Friday 8 July 2011

    නායකත්ව පුහුනුවේ ඇත්ත.......


    සති තුනක් ගෙවී ගියේය..මා නායකයෙකු උනාද නැද්ද යන වග මම දන්නේ නැත..පුහුනුව කුජීතය..ගත්තු ආතල් එක උපරිමය.

            ඇස් බී මාමාගේ නායකත්ව පුහුනුව ගැන මාගේ නිර්ව්‍යාජ අදහස් මම පහතින් දක්වමි.කෑම්ප් එක තුලදී ගත් ආතල් ගැන ලිවීමට ගියොත් වෙනම බ්ලොග් එකක් සෑදීමට සිදුවනු ඇත.
    පලමුව මාගේ විවේචනය දිග හරිමි...

                         අප කදවුරේ සිටි බහුතරයක් අවසාන දවස වන තෙක් සිටියේ නොයිවසිල්ලෙන් සිටි බව නොරහසකි.අප බිලට් එකේ සිටි 64 දෙනාගෙන් 60 දෙනෙක්ම සිටියේ පුහුනුව ගැන කලකිරීමෙනි.නමුත් ලබා ගත් ෆන් එක ගැන ඔවුන්  සතුටු උනේය.

    පුහුනුව කිසිසේත්ම ප්‍රායෝගික නැත..උදෑසන ශාරීරක සුවතා අභ්‍යාස සහ සරඹ අභ්‍යාස හැරුනුකොට දවසේ ඉතිරි වේලාව වෙන්කර තිබුනේ දේශන සදහාය.දවස් 21න් 15ක් පමනම මෙම දේශන ක්‍රියාදාමය සිදුවිය.දේශන සදහා වැඩ කරන පැය 12න් පැය 7ක් ම වැය වී තිබුනි.දේශන කිසිසේත්ම ප්‍රායෝගික නැත.නායකයෙකු සතු ලක්ෂන,නායකයෙකුගේ හැකියාවන් තිරයේ දමා කොතෙකුත් පෙන්නුවද ඒවා ප්‍රායෝගිකව ලබා දෙන්නේ නැති නම් පුහුනුවෙන් ඇති වැඩක් නැත.දේශන වලට සහභාගි වීම සදහා සිසුන්ගේ තිබූ උනන්දුව නම් ඉතමත් අල්පය.සහභාගී වූ අයද කරේ තැනින් තැන නිදා ගැනීම පමනි.
                    කරන්නට දෙයක් තිබුනේ නැතිම තැන අප බිලට් එකේ සිටි 64 දෙනාම පුහුනුව භාර මේජර්වරයාව මුන ගැසීමට ගියෙමු.ඔහුත් සමග දේශන ප්‍රායෝගික නොවීමේ ගැටලුව සාකච්චා කලෙමු.ඔහු ලබා දුන් පිලිතුරු අනුව ඔවුන්ට මේ සදහා කල හැකි යමක් නැති බව වැටහුනි.හැන්දෙන් ගෑරුප්පුවෙන් කන රූප වල පින්තූර දමා කොතෙකුත් පෙන්නුවද එය ප්‍රායෝගිකව භාවිතා වන්නේ නැති නම් කිසිදු තේරුමක් නැත.බහුතරයක් දේශන වල තත්වය මෙය විය.
    ප්‍රථමාධාර දේශනයද මෙයට සමාන විය.දේශකයාගේ දේශනය අවසානයේ ඉතා කුඩා ප්‍රායෝගික පුහුනුවක් ලබා ගැනීමට තරම් සිසුන් වාසනාවන්ත විය.නිදාගෙන සිටි අයද කබ කඩ දමමින් ඒ දෙස බලා සිටි ආකාරයෙන් දේශන ප්‍රායෝගික කිරීමේ වැදගත්කම මනාව වැටහුනි.
    උසස් අධ්‍යාපන ඇමති තුමා පැමිනෙන දිනයේදි පමනක් සියලුම බිලට් ඉතා පිරිසිදුව තබා ගත්තෙමු.රජයේ නාලිකාවක් පැමින එය වීඩියෝ කරගත්තේය.ඉතින් ගෙදර සිට රූපවාහිනිය නරඹන අපේම අම්මලා තාත්තලා සිතන්නේ මුන් සිරාම නායකයෝ කියාය.නමුත් අපි අපි ගැන දනිමු.බූස්ස කදවුරේ සිටි අයට උසස් අධ්‍යපන ඇමති තුමා තැබූ හැදුනුම්පත් පොල්ල ගැන නම් කවදාවත් අමතක නොවනු ඇතැයි සිතමි.
    නායකත්ව ලක්ෂන පුහුනු කල හැකි බවක් මම නොදැක්කෙමි.එම ලක්ෂන ඇති පිරිස පමනක් සෑම කටයුත්තකදීම මූලිකත්වය ගත්තෝය.අනෙක් අය කලේ බිලට් වලට වී නිදා ගැනීම පමනි.පුහුනුව ඔවුන්ට ආතලල් එකක් පමනක්ම වී තිබුනේය.
                 කිසිම දිනක pt නොගිය අයද , දේශන සදහා නොගිය අයද අප අතර සිටියේය.වැදගත් වන්නේ නායකයෙකු ලෙස ලක්ෂන පෙන්නුම් කරන පුද්ගලයාවම පමනක් උලුප්පා දැක්වීම නොව සැගවී සිටින පුද්ගලයන් එලියට ගැනීමය.මේ සම්භන්දවද අපි දිගින් දිගටම සාකච්චා කලෙමු.නමුත් ඒ සදහා ක්‍රමවත් වැඩපිලිවලක් නැත.
    පුහුනුව අතරතුර සංගීත සංදර්ශනයක් ද dj night තුනක් ද කැලිප්සෝ එකක් ද අවසන් දිනයේදී ගිනිමැල සංදර්ශනයක්ද පැවැත් වුනි.සංගීත සංදර්ශනය සංවිධානය කලේ යුද හමුදාවේ සෙබල සෙබලියන් ය.කැලිප්සෝ එකද එසේමය.අප විසින් සංවිදානය කලේ dj night තුන සහ ගිනිමැල සංදර්ශනය පමනි.dj night එක සෑම වරම සංවිධානය කලේ ද එකම පිරිසකි.ගිනි මැල සංදර්ශනය සංවිදානය කලේ 20කට අඩු පිරිසකි.අනෙක් අය බිලට් වලට වී එම කටයුතු සංවිධානය වන තුරු හොදට නිදා ගත්තේය.
    මෙම පුහුනුවේදී එකම චරිත නැවත නැවත කැපී පෙනුනි.එසේ වන්නේ අනෙක් අය අවස්තාවන් නොගත් නිසා බව මාගේ හැගීමයි.අප කල යුතු වන්නේ ඔවුන්ටද අවස්තාවන් ලබා දීමය.නමුත් එය එසේ කිරීමට හැකියාව සීමිතය.පුහුනුව තුල ෆන් ගැනීමට අවස්තා උපරිම තිබුනත් නායකයෙකු විමට පුහුනු වීමට නම් අවස්තා අවම විය.
    රජයේ නාලිකාවකින් පැමින අපගේ සොහොයුරෙකුගෙන් නායකයෙකු ලෙස ඔහු ලබා ගත් අත්දැකීම් විමසුවේය..
    "අයියේ....මම නායකයෙක් උනේ ස්ටෑන්ඩ් එකේ වල බහින කාලේ"ඔහුගේ පිලිතුර එය විය.

          පන්ති යන කාලයේ සිටි ලද බොලද චරිත මෙහි සිටියේම නැති තරම් ය.සමාජය සමග බොහෝ දුරට ගැටී තෙම්පරාදු වූවෝ බහුතරයක් මෙහි සිටියෝය.
                     බාදක දිවීම සහ ක්ෂනික තීරන ගැනීම සදහා වූ ප්‍රායෝගික පුහුනු වැඩමුලු මාගේ සිත් ගත්තේය.එවැනි වැඩමුලු වලින් පුහුනුව පිරී තිබුනේ නම් මීට වඩා නායකයින් බිහි කිරීමට එය හේතුවක් වනු ඇත.


    නායකත්ව පුහුනුව පිලිඹද විවේචනයන් මෙයින් අවසන් කරමි.මෙහි ඇති හොද පැති ගැනද මේ ලිපියේම මම සදහන් කරමි.

    උදෑසන ශාරීරික සුවතා කිරීමෙන් නැවුම් ගතියක් සියලු දෙනාටම ලැබුනු බව මම පිලි ගනිමි.සමාජයේ සැගවී සිටි සමහර චරිතයන් එලියට ගැනීමටට අපට හැකි විය.එයට පුද්ගලිකව මමද මැදිහත් උනෙමි..මා සමග සිටි 64 දෙනා එකිනෙකාගෙන් සෑහෙන දුරට වෙනස් වූයේය.ඒ අතර සැගවුනු දක්ෂතා ඇති බොහෝ දෙනා මාගේ නෙත ගැටුනේය.මම ඔවුන් සියලු දෙනා ගැනම අවදානයෙන් පසු වුනෙමි.මොවුන් සැගවී සිටීම එක් අතකට සෑහෙන්නම දුකය.
                          ගැහැනු ලමුන්ට සමාජශීලී වීමට ගොඩක් අවස්තාව ලැබුනු බව මාගේ විශ්වාසයයි.පිරිමි ලමුන්ට වඩා මේ පුහුනුව වැදගත් වන්නේ ගැහැනු ලමුන්ට බව මා සමග සිටි අයෙක් පැවසුවේය.
               හමුදාවේ කොල්ලෝ කෙල්ලන් ගැනද සෑහෙන දේවල් කිව යුතුය.නායකයෙකු වීමට ඔවුන් දෙස බලා සිටියද එය ඇති යැයි මට හැගේ.ඔවුන් තුල ඇති විනය කැපවීම ගැන පැවසීමට වචන නොමැතිය.
    කවුරු කෙසේ කිව්වත් මෙය හමුදා පුහුනුවක් නොවන බව මම පවසමි.කිසිම ලෙසක හමුදාවේ නීති රීති අපට ක්‍රියාත්මක නොවුනි.අපි නිදහසේ සිටියෙමු..නංගිලා මල්ලිලා යැයි ඔවුන් අපිට අමතයි...අයියේ අක්කේ යැයි අපිද පෙරලා ඔවුන්ව ඇමතුයෙමු..
    කිසිම විටක අපට අඩුපාඩු නොවීමට ඔවුන් වග බලා ගත්තේය.අප අතින් කුමන වැරැද්ද සිදු වුවද එය ඔවුන් ඉවසුවේය.
    බිලට් වල සිටි සොයුරන් සොයුරියන් පට්ටම සහෝදර බැම්මෙන් සිටියෝය.එකෙක් ලෙඩ වුවොත් අනෙකා ඔහු ගැන අපමන තැවෙයි.හොර ලෙඩ අරගෙන නිදා ගත් අයද නැතුවාම නොවේ..එම රසකතා වෙනම ලිපියකින් ගෙන ඒමට මම අදහස් කරගෙන සිටිමි.
    සමස්තයක් ලෙස ගත් විට නායකත්වෙන් අපි යම් දෙයක් ගත්තෙමු.නමුත් එය වියදම් කල මුදල හා සැලකූ විට ඉතා අල්ප බව මාගේ හැගීමයි.එම මුදලට සරිලන පුහුනුවක් අප නොලැබුවේ මම වැඩපිලිවෙලේ ඇති සංවිධානාත්මක නොවන බව නිසාය.හමුදාවන් කොපමන සංවිධානය වුවත් ඔවුන්ට ක්‍රමවත් වැඩපිලිවලක් ලැබී තිබුනේ නැත.
                   "අපිට මීට වඩා දේවල් කරන්න පුලුවන් මල්ලිලා..ඒත් අපි කරන්නේ කරන්න කියපු දේ..ඊට පිටින් පොඩ්ඩක් වත් එලියට යන්න අපිට බෑ.." මේ වචන අප සාකච්චා කල මේජර්වරයාගේය...
    සැමගෙන් සමුගත් දින හැගීම්බර දිනයක් වූයේය.ගොඩක් අය එලිපිටම හැඩුවේය.අනෙක් අය හිත් වලින් හැඩුවෝය..
    කෑම්ප් එකම අද පාලුවට ගොස් ඇත..නායකයින් වන්නට පෙරුම් පිරුවෝ අද තැන් තැන් වල විසිර ගොස් ඇත...
    මට සිරාවටම පාලුය.වෙනදා ඇසෙන කෑකෝ ගැසීම් නැත..තේ පෝලිම් නැත.කෑම පෝලිම් නැත..නිදා ගැනීමට හෝ ලෙක්චර් එකක් නැත....
    මමද හඩමි.....නමුත් කදුලු එන්නේ නැත...
     ---------------------------------------------------------------------------------
    යන දවසේ අපි හැමෝමලා මෙහෙම කිව්වා
    තනුව දෙවැනි බුදුන් ලෙස ගීතයට අනුරූපය

    මිතුරු දමින් අප
    එක්ව බැදී හිඳ
    සෙනෙහෙ සිතින් අද
    ඔබට ගයමු අප
    හැරදා// යනදා

    රටට ණයක් නැති දිරිය පුතෙකි නුඹ
    අපට මවක් බඳු දිරිය ලඳකි නුඹ
    ඒ දිරියෙන් ලොව ජය ගන්නායුරු
    අපට කියා දුන් ඇදුරු තුමයි නුඹ
    හැරදා//යනදා

    සිනහ කඳුළු හැම එකට බෙදා ගෙන
    සොදුරු ලොවක් අප තැනුවෙමු හැම විට
    යනමුත් අද,හෙට, අප දුර ඈතට
    සොදුරු මතක හැම පොපියයි නෙතු අග
    හැරදා// යනදා

    මවගෙ සෙනෙහෙ නැති පියෙකුද ලඟ නැති
    තනි වු සිත් ලඟ සුපිපි සුවඳ මල
    ඒ පියුමින් ගත් රොන් හැරදා අද
    යන්නේ කෙලෙසද කදුලැලි මග හැර
    හැරදා//යනදා

    Wednesday 15 June 2011

    SB මාමාගේ නායකත්ව පුහුනු ටොපිය.............

                          
                 කෝටි විස්සක ටොපියක් ඔබට රස බැලීමට ලැබුනෝතින් ඔබ කොරන්නේ කුමක් ද?
    ඔබලා මක්කා කොරත් මම එය ලොවමි..කටේ දමා හපමි..චුට්ටි මුන් ඇටයක් ගානට ටොපිය පත්වනතුරු සිට හපා කමි....
    SB මාමා අපිට දෙන්නට යන්නේද මෙවැනි ටොපියකි.එය හොද හෝ නරක වේවා අපි එය රස බැලිය යුතුමය..
    මේ ටොපිය රස බැලීම ආවාට ගියාට කල නොහැක.ඒ සදහා මනා සූදානමක් ඕනෑ කොරයි.
    එසේ වන්නේ මෙය කටට ගත්තා හපලා දැම්මා ජාතියේ එකක් නොවන බැවිනි...
    මේ සදහා අප පහත සදහන් වියදම් දැරිය යුතුය....ආයේ ආයේ ටයිප් කිරීම ජුගුප්සාජනක නිසා මම ටිකක පමනක් දාන්නෙමි...


    • සුදු කැන්වස් (ඇන්ටි කෙනෙක් ගෙනත් දී තිබුනාය..ඉස්කෝලේ යන කාලේ දැමූ එව්වා තදය)  
    • නිල කොට කලිසම් (හොද වෙලාවට අපේ චූටි එකා තාම ඉස්කෝලේ යනවාය..උගේ ඉන මගේ ඉන සයිස් ය... ) 
    • සුදු ඇද රෙදි (මේක නිකන් පතිවත ටෙස්ට් කරලා බලන්න වගේ..සති තුනක් සුදු ඇද රෙදි කිලුටු නොකර ඉන්න ඕන ) 
    • පාස්පෝට් ප්‍රමාණයේ ෆොටෝ 3 ක්(බ්‍රහස්පතින්දා උදයේ විනාඩි පහෙන් ගැනීමට සිතා සිටිමි...)
    • ට්‍රැක් බොටම් (අහල පහල උන්ගෙන් ඉල්ලාගත්තෙමි)
    • දත් බුරුසුව සහ දත් බෙහෙත්..( ඒවා මොනවාදැයි මම නොදනිමි)
    • හාප් ශීට් සහ CR පොත් (ඉස්කෝලේ යන කාලේ පිසික්ස් Lab එකෙන් උස්සපුවා වගයක් තිබේ )
    • යට ඇදුම් දමා නැත..කෝකටත් ගත්තෙමි....

    පහුගිය දින දෙක තුලදී මම කෙසේ වෙතත් මාගේ අම්මා සහ තාත්තා ටොපියට කෑමට වුවමනා මුලද්‍රව්‍ය සියල්ලක්ම පාහේ හොයාගෙන තිබුනෝය.
    මට ඇත්තේ ටොපිය කෑම සදහා සහභාගී වීම පමනි...මම එය සතුටින් කමි... නායකත්වය කෙසේ වෙතත් පට්ටා ආතල් එකක් ගැනීමේ මූලික අභිප්‍රායෙන් යුතුව ඊටසහභාගී වෙමි....
    හොද වෙලාවට ටොපිය ඇත්තේ අල්ලපු ගමේ කදවුරේය.නැතිනම් තවත් වියදමක් දරාගෙන ඩොටේ ඇති කදවුරකට මකබෑවිය යුතුය.එක අතකට අල්ලපු ගමේ ඇති ටොපිය කන්නට මොකක්දෝ වගේය.ඩොටේ එකක් ආවා නම් ලැබෙනා ආතල් එක තවත් වැඩි කොරගන්නට හැක...
    කලින් ටොපිය කාපු ඇත්තෝ නම් එය රස යැයි කියති.ඒ රස මටද ලැබේවි යැයි විස්වාස කරමි..
    මෙය දේශපාලන කන්නාඩි දාගෙන නොබලන්න...තියෙන කුප්පකමට ඔහේ කොටාගෙන ගියෙමි....
    අවුරුදු 21 ක් තුල පලවා හැරීමට නොහැකි වූ මාගේ උපන් කුප්පකම දින 21කින් කෙසේ නම් පලවා හරින්නද.....
    මම කෙල බේරමින් සිටිමි...ටොපිය රස වනු නිසැකය.....
    ඔයින් මෙයින් පාඩු වන්නේ මාගේ අහිංසක බ්ලොග් එකටය...දින 21ක් මා නැතිව මෙය වල් වැදෙනු නිසැකය.......
    මා නැති අතරේ මොකෙක් හෝ පැමින මෙය වල් වැදීමට නොදී සුද්දකර දමනු මැනවි...

    Tuesday 14 June 2011

    නුඹ රහසින් ඇවිත්....... ( අවසාන කොටස )


               සුපුරුදු ලෙස නොවුනත් පන්තිය අවසාන විය..මාගේ කතාවද එතනින් අවසන් කර වෙනතක් බලා ගැනීමට මට හොදටම ඉඩ තිබුනි..නමුත් කතාව ඉවර නැත..ඔබට තව කියන්නට බොහෝ දේ තිබේ..මා මේ කතාව සම්පූර්ණ කල යුතුමය...ඔහු මා ඉදිරියේ තවත් කියවමින් සිටියේය...

                   විභාගය ඔබටත් මටත් තරූශටත් නොදැනෙන්නම අවසන් විය.ඒ අතර කාලයේ සිදු වූ සිදුවීම් ගැන විස්තර කිරීම තේරුමක් නැති දෙයක් යැයි හැගේ.තරූශ සකුන්තල අනුත්තරා සහ ඉරේශා වැනි ලක්ෂයකට ආසන්න වූ දරුවන්ද උසස්පෙල ජීවන කඩයිමට බියෙන් යුතුව මුහුන දුන්නහ.

    විභාග ප්‍රතිඵල ගැන ඔබට විශේෂයෙන් කිව යුතුය...

    ආදරය ඉගෙනීමට භාදාවක් කර නොගත් සකුන්තල ගාල්ල දිස්ත්‍රිකයෙන් 37 වෙනි ස්ථානයට පත් වී සිටියේය..අනුත්තරා සාමාන්‍ය සාමාර්ථ තුනක් ලබාගෙන උසස්පෙල සමත් වී තිබ් තිබුනද විශ්ව විද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් නොලැබුවේය.කෙසේ නමුත් ඉරේශා සුදුසුකම් ලැබුවාය.මේ කතාවේ ඉරේශාට දී තිබූ ඉඩ අඩු වුවත් ඇය සැබැවින්ම දක්ශ දැරිවියක් වූවාය...
    මොවුන්ගේ ප්‍රථිඵල ඔබට වැඩකට නැති බව මම දනිමි...

    තරූශ පෙරේරා නොහොත් රස්තියාදුකාරයෙකුව සිටි කතානායකයා...ගාල්ල දිස්ත්‍රිකයෙන් 9 වෙනි තැන ලබා කොළඹ වෛද්‍ය පීඨයට තේරී තිබුනි.ඔව්...ජීවිතය හරිම පුදුමාකාරය...මීට බොහෝ කලකට පෙර රස්තියාදුකාරයෙකුව සිටි අයෙකු ගැන ඔබට මම කීවා මතක ඇතැයි සිතමි...මේ ඔහුය..ඔහුමය...

    කාලය ගත වී ගොස් ඇත...

    මම සෙමෙන් ඉදිරිය බැලුවෙමි...උපැස් යුවලට යටින් පෙර තිබූ බොර පැහැ දෙනෙත් යුවල දිලිසෙමින් තිබුනි..පිලිවෙලකට පීරා නොතිබූ කෙස් රොදක් නලලට වැටී සුලගට ඒ මේ අත
    වැනේ.
    තම දීර්ඝ කතාව අවසානයේ ඩොක්ටර් තරූශ පෙරේරා සුසුමක් හෙලුවේය.

    සමාවන්න... ඔහු නිකම්ම ඩොක්ටර් තරූශ පෙරේරා නොව විශේෂඥ වෛද්‍ය තරූශ පෙරේරා විය.

     "ඩොක්ට, පේශන්ට සිහිය ආවා"
     කඩි මුඩියේ දොර හැරගෙන පැමිනි හෙදිය කීවාය...

    "යමුද බලන්න උඹේ ජීවිතේ වෙනස් කරපු සුරංගනාවිව..."

    මම ඔහුට ඔච්චමට මෙන් කිවෙමි...

    සිනහවකින් පිලිතුරු දුන් තරූශ නැගි සිටියේය..අප වෛද්‍ය ජීවිතයේ දී කොතරම් කිට්ටු මිතුරන් වුවත් මේ සිද්ධිය ඔහු කෙදිනකවත් මට පවසා තිබුනේ නැත...
    ජීවිත වෙනස් කරන්නේ ආදරයයි...මම වාට්ටුව වෙත යමින් සිතුවෙමි...

      අනුත්තරා ඉපල්වත්ත...ලෙඩාගේ ඇදේ එල්ලා තිබූ වෛද්‍ය වාර්ථාව මම කියවා බැලුවෙමි.අනුත්තරා දිසානායක ඉපල්වත්ත වී සිටියාය...ජීවිතය හරිම පුදුමාකාරය..ආදරය ඊට වඩා පුදුමාකාරය.
    බය වන්නට දෙයක් නැත..සියල්ල යහපත් ය.

    තාරුන්‍ය පසු කරමින් සිටියත් අනුත්තරා සැබැවින්ම සුන්දර වූවාය.රස්තියාදුකාරයෙකුගේ සිත ආදරයෙන් උමතුකීරීමට ඒ ලස්සන ප්‍රමානවත්ය...

    කෙදිනකවත් දැක නොතිබූ කෙනෙක් දෙස බලන්නාක් මෙන් තරූශ ඒ සුන්දරත්වය විදිමින් සිටියේය...
    මම ඔහුට භාදා කලමි..

    "තත්වය සාමාන්‍යයි.අපි දැන් යමු නේද ඩොක්ට"

    "හ්ම්ම්ම්...යමු"

    රෝහල් වැරෙන්ඩාව දිගේ අපි පිය මැන්නෙමු....

    වැඩි දුරක් ඇවිදයාමට අපට හැකියාව ලැබුනේ නැත...

     "doctor..do you have a moment to talk about Anuttara please"

    පසු පසින් නැගුනු හඩ අපගේ ගමන නවතාලීමට සමත් විය.

    "yes sure" 

    මටත් පෙර තරූශ පිලිතුරු දුන්නේය...

    "මම තරංග ඉපල්වත්ත"

    ඔහු අත දිගුකලේය...

    ඒ නම අසා පුරුදුය...ඒත් කොහේදීද.....මම මතක් කිරීමට උත්සහා කලෙමි...
    නමුත් පිලිතුර ඔහුගෙන්ම ලැබුනි...

    "මම මම සුළග F.M එකේ මීඩියා කෝඩිනේටර් විදිහට වැඩ කරනවා..අනුත්තරා කියන්නේ මගේ වයිෆ්.එයාට දැන් කොහොමද කියලා දැනගන්න පුලුවන්ද ඩොක්ට"

     ආදර කතා හරිම පුදුමාකාරය..කතා ලියන්නෝ සැමවිටම ලියන්නේ විවාහයකින් කෙලවර වෙන ආදර කතාවන් ය..ඒත් මාගේ කතාව එසේ නොවන බව මම කොතෙකුත් කීවෙමි.ඔබ සැම අත්විදිනා ජීවිත වෙල ඇත්ත මෙය නොවේදැයි මදක් නතර වී සිතන්න...

    සකුන්තල කොහේ දැයි මම නොදනිමි.මම තබා තරූශ වත් එය නොදන්න බව මට හැගේ..
    සියල්ලෝම විසිර ගොසිනි...ජීවිතය හරිම පුදුමාකාරය....

    "බයවෙන්න එපා..ඇක්සිඩන්ට් එක නිසා දකුනු කකුලේ අස්ථියකට හානියක් වෙලා තියනවා.ඒක නිසා මාස තුනක් විතර එක තැනට වෙලා ඉන්න වේවි.ඒ ඇරෙන්න කිසිම ආබාධයක් නෑ..."

    ඉපල්වත්ත මහතා සුසුමක් වාතලයට මුසුකලේය....

    'තෑන්ක් යූ ඩොක්ටර්..තෑන්ක් යූ වෙරි මච්" 

    පි නැවත එන්නට පිටත් වීමු..ඒ අතර ඉපල්වත්ත මහතා දුරකථනයෙන් අමතනු යාන්තමට ඇසේ...

    "බය වෙන්න එපා චූටි දුව..අම්මිට දැන් හොදයි...තාත්ති අම්මිව අරන් ඉක්මනට එනවා..."

    ඔව්...ජීවිතය පුදුමාකාරය....සැබැවින්ම පුදුමාකාරය...... 

    මේ සියල්ලට වඩා තරූශගේ මුහුනේ හැගීම් පුදුමාකාරය...ඔහු තව දුරටත් ආදරවන්තයෙක් නොවේ...ඔහු ආදරවන්තයෙක්ව සිටියේය..ඒ ආදරය ඔහුට ලැබුනේ නැත..ඔහුට තමා සකුන්තලට වත් ලැබුනේ නැත..පාසල් කාලය අවසානය සියල්ලෝ තැන් තැන් වල විසිර යද්දී ඔවුන්ගේ ආදරකතාවන්ද සුලගට මුසුවී ඔහේ පාවී යයි...

     

    "සහන්..හෙට මොකද කරන්නේ...වැඩක් නැති නම් හෙට අපේ ගෙදර ලන්ච් වලට වරෙන්...නුවංගි නිතරම කිය කිය ඉදියේ උඹලට හොදට ට්‍රීට් කරන්න ඕන කියලා..."  තරූශ සිනහසෙමින් කියයි....

     

    ආදරය හරිම පුදුමාකාරය..එය ඇතිවන්නේද එක්වරක් නොවේ....තරූශට ජීවිතය වැරදුනේද නැත...අනුත්තරා ජීවිතය වරද්දාගෙන තිබුනේද නැත..සකුන්තලද කොහේ හෝ සිට ජීවිතය ගොඩනගා ගන්නට ඇත...යතාර්ථය මෙය නොවේදැයි මගේ සිත ප්‍රශ්න කරයි...

     

    මම ඔබට කතාවක් කීවෙමි....එය ඔබ කොතෙක් දුරට තේරුම් ගත්තා දැයි මම නොදනිමි...කතාව කීමේ වගකීම මම මෙතැනින් අවසන් කරමි...තරූශ මෙන් රස්තියාදුකාරයෝ බොහෝ දෙනෙක් මෙය කියවන්නට ඇත...

     

    මම ඔවුන්ට අවවාදයක් දෙමි...අනුත්තරාලා ඔබට හිමි නොවුනා යැයි සිතා ජීවිතය පරාද කර නොගන්න...ජීවිතය ජය ගන්න..එදාට අනුත්තරාලා ඕනෑ තරම් ඔබ ගැන කතාවෙනු ඇත..මක්නිසාද යත් ඔබ තව දුරටත් රස්තියාදුකාරයෙකු නොවන බැවිනි...

     

     

    විශේෂ ස්තූතිය.. - මහ රෑ තිස්සේ මාගේ බ්ලොගයේ තිබූ අවුල සොයාබලා එය සාදා ගැනීමට උදව් කල හිස් අහසේ සදරු අයියාට..ඊයේ රෑ නිදි මැරීම නිසා අද දින වැඩට යාමට නොහැකි වීම ගැන මාගේ බලවහ් ශෝඛය ප්‍රකාශ කරමි...ස්තූති වේවා!!!

    නුඹ රහසින් ඇවිත්...... ( 8 වන කොටස )


                         



    ඔබ විභාගයට පාඩම් කරනා අවදියේ දින සති මාස ඉගීලී ගිය ඉක්මන ගැන ඔබ හොදටම දනී..
    වේලාව දහවල් එක පසු උනා පමනි.දහවල් ආහාරය ගත් තරූශ අතීත සිද්දීන් සිතෙන් මෙනෙහි කරන්නට විය.

    අනුත්තරා......

    කොහේදෝ සිට පැමිනි සුලං පොදක් තරූශගේ අවුල් වූ කොන්ඩය තවත් අවුල් කලේය.
    තමා හොදින් පාඩම් කරත් අනුත්තරා තමාට කැමති නොවන බව ඔහු සක් සුදක් සේ දනි.ඉලංදාරියා කන්නාඩියෙන් තම රුව බැලුවේය.ඇස් යට කලු වී ගොසිනි.පෙරදා බොර පැහැයට තිබූ ඇස් අද වඩාත් සුදුවට පෙනේ..තමා හොදටම කෙට්ටු වී ඇති බව තරුශ සිතුවේය.

    ඉන් පසු අම්මාගේ කාමරයෙන් උස්සාගෙන ආ කැලැන්ඩරයට ඔහුගේ නෙත යොමු විය...

    "හ්ම්ම්ම්ම්ම්....තව මාසයයි..." 

    ඔහු කෙදිරුවේය..ගත වූ මාස දහය තුල වෙනස් වී තිබුනේ තරූශගේ රුව පමනක් යැයි සිතුවහොත් ඔබ වැරදිය.පෙර දැන සිටි දේවලට වඩා බොහෝ දේ ඔහු තම උසස් පෙළ විශයන් තුලින් දැන් දනි.

    සමාවන්න...

    ඔහු පෙර දී කිසිත් දැන සිටියේ නැත.මේ අප කතා කරන්නේ රස්තියාදුකාරයෙක්ව සිටි එකෙකු ගැනය.

    සමහර හැගීම් මට තබා ඔහුටවත් විස්තර කල නොහැකි බව පමනක් කියමි.

    ගත වූ මාස දහය තුල ඔහු තවත් යමක් වටහා ගත්තේය..ඒ ඔහු අනුත්තරාට දැක්වූ ඇල්ම ආදරය ලෙස විග්‍රහ කිරීම වැරදි බවය.තරූශ බොලද තරුණයෙකුව සිටි අවදිය පසු කරමින් සිටි.රස්තියාදුකාරයින්ටද වෙනසක් කල හැක..

    විභාගය ගැන සිත සිත ඉන්නවාට වඩා විවේකයක් ගැනීම සුදුසුය.කොට කලිසමකින් හා සැහැල්ලු කමීසයකින් සැරසුනු තරූශ මුහුදු වෙරල දෙසට පියමැන්නේය.
    ---------------------------------------------------------------------------------

                 නිදි මත දෑසින් අනුත්තරා පොත දෙස බලා සිටියාය.ඇයට පොතේ පාඩම් වලට වඩා පෙනුනේ සකුන්තලගේ රුවය.ආදරය මාස දහයක් පැරනි බව සැබෑය.ඒත් ගැහැනු ළමෝ ආදරයේදි සැමදා නැවුම්ය.

    අනුත්තරාද තවත් එක් ආදරය කරනා ප්‍රේමවන්තියක් වූවාය.ආදරය නැමති බැදීම හමුවේ ඉගෙනීම නැමති වගකීම ඇය පැහැර හරිමින් සිටියාය.ඒ බව ඇයට අමතක වී තිබුනි.ඔබ ගැහැනු ළමයෙකු නම් ඇයට බැනීමට අයිතියක් ඔබට කොහෙත්ම නැත.මක්නිසාද යත් ඔබද නොදැනුවත්මම ආදරය හමුවේ නොයෙක් වගකීම් අමතක කර දමා ඇත්තෙකු බැවිනි.
                           සකුන්තල එසේ නොවුනේය.ඔහු පාඩම් වැඩ නොපිරිහෙලා සිදුකලේය.අනුත්තරාට මදි යැයි නොකියන තරමට ආදරයද කලේය..ඔබ සකුන්තලට අකමැති වූවට ඔහු දක්ෂ ඉලංදාරියෙකු බව මම පුන පුනා කීවෙමි...

    මේ වල් පල් දෙඩවීම් ඔබට ඕනෑ නැති බව දනිමි.

    එන්න අපි කතාවට යමු....

    ජීව විද්‍යා පන්තිය අවසන් වීමට ඇත්තේ තවත් සතියක් පමනි.පෙර සතියේ පැවති අවසන් විභාගයට සියල්ලෝම හොදින් පිලිතුරු දුන්නෝය.

    පළමු දෙබස අපි ගැහැනු ලමුන් දෙදෙනාගෙන් අරඹමු.ගැහැනු ළමෝ කොහොමත් ඕපාදූප කතා වලට දක්ෂය.

    "තව සති දෙකකින් බයෝ ක්ලාස් එකත් ඉවරයි නේ අනු..ඔයයි සකුන්තලයි ඊට පස්සේ මීට් වෙන්නේ කොහොමද?"

    ඉරේශා තම මිතුරුයගෙන් ඇසුවාය..

    "අනේ මන්දා ඩියර්..මේ එක්සෑම් එකටත් වඩා මගේ හිතේ පත්තු වෙන්නේ ඕක.සකුන්තල නම් මෙඩිසින් යයි.ඒත් මම "

    ඇය ප්‍රශනයක්ම තැබුවාය.මා ලියනා කතාවේ මූලිකම අර්තය ටිකෙන් ටික අනුත්තරාටද වැටහෙමින් තිබුනි.සෑම යොවුන් ආදරයක්ම විවාහයකින් කෙලවර නොවන බව ඔවුන්ට තේරුම් ගැනීමට තිබුනි.ඒත් ආදරය කරනා අවදියේ ඒවා තේරුම් ගැනීමට යන්නේ කවුද....

      "තරූශ මාරයි හලෝ..ගිය ටෙස්ට් එකට 83යි.පස් වෙනියා.මේ පාර ටෙස්ට් එකේදි සකුන්තලටත් හොද චැලේන්ජ් එකක් දෙන්න ඇති තරූශ.මොනව උනත් කොල්ලා හොදට පාඩම් වැඩ කරනවා ඇති..." 
    පිටුපසම පේලියේ කොනේම සිටි ඉලංදාරියා දෙස බලමින් ඉගි කරමින් ඉරේශා කීවාය..ඇය අර අදින්නේ කුමකට දැයි මායම් ගැන දැනිමක් ඇති ඕනෑම පිරිමියෙකුට වටහා ගත හැක..

            දැන් ඔබ මාව විශ්වාස කල යුතුමය.මම ඔබට පලමුවද කීවෙමි.ගැහැනු ලමුන් කතාවන්නේ රස්තියාදුකාරයින් ගැන නොවේ.දක්ෂ ඉලංදාරීන් ගැනය...ඉරේශා අනුත්තරා පමනක් නොව අනෙක් ගැහැනු ලමයින් පවා තරූශ ගැන හොර රහසේ මිමිනුවෝය.අප කතානායකයා ගැන මට ආඩම්බරය...ඔබටද එසේම යැයි මම සිතමි..

    ගුරුවරයා පන්තියට ආවේය.සියල්ල සංසුන් විය.


    "එක්සෑම් එකට තව ටික දවසයි තියෙන්නේ.ගිය පාර ටෙස්ට් එකේ මාර්ක්ස් මගේ ලග තියෙනවා.මේ මාර්ක්ස් වලින් ඔයාලට තමන් ගැනම මිම්මක් ගන්න පුලුවන් වේවි.

    කලින් විදිහටම නෝටිස් බෝර්ඩ් එකේ හැම කෙනෙක්ගේම ලකුනු දාලා ඇති.තම තමන්ගේ නමට ඉස්සරහා ගනිපු ලකුනු වල වර්ධනය බලාගන්න පුලුවන් වෙන්න හැම ටෙස්ට් එකකම ලකුනු පිලිවලට හදලා ඇත්තේ.."

    උත්තර පත්‍ර ගැනීම සදහා ගුරුවරයා මදකට නිහඩ විය.

    "තුන්වෙනි තැන ගන්නේ..... (එම සිසුවාගේ නම මම නොකියමි.ඔහු අපගේ කතාවට අදාල නැත)..

    දෙවෙනි තැන ගන්නේ...හම්ම්ම්...පලවෙනි පාරට දෙවෙනි තැන ගන්නේ සකුන්තල සූරියබන්ඩාර....."

    පන්තිය පුරා පන්තිය පුරා වෙනදා තිබූ අත්පොලසන් නාදය තිබුනේ නැත.සෑම තැනම කසු කුසුවවල් තිබුනි.එක එකා පලවිනි තැන අනුමාන කලෝය..

    කොතරම් නොසන්සුන් කම් තිබුනත් ඔබත් මමත් නිසැකවම පලවෙනි තැන දනිමු..
    අපි මොහොතක් ඉදිමු...ඔව්..අවසානයේ ගුරුවරයා එය කිව්වේය...

    "පලවෙනි තැන තරූශ පෙරේරා"

     පන්තිය පුරා පැතිර ගිය නිහඩතාවය බිහිමින් අත්පොලසන් නදක් ආරම්භවිය.ඒ අතරින් අන්තිම පේලියේ සිටි තරූශ තම ත්‍යාගය ලබා ගැනීමට වේදිකාවට ගියේය...

    ඔව්..
    තරූශ නැවත පන්තියේ වේදිකාවට යමින් සිටියේය...ජීවිතය හරිම පුදුමාකාරය..

    මීට කලකට පෙරද ඔහු නිතර නිතර වේදිකාවට ගියේය.අනුත්තරා පලමුව පැමිනි දිනයේද ඔහු වේදිකාවට නැගුනේය..

    මේ වේදිකාව ඔහුට හුරු පුරුදුය...ඒත් අද දිනයේ වේදිකාවට නගින හේතුව ඔහුට හුරුපුරුදු නැත....


    සැවොම නොසෙල්වී බලා සිටියෝය...

    තරූශ වෙනස් වී තිබේ..ඔහුව වෙනස් කලේ ආදරය නොවේ.එය මම වගකීමෙන් කියමි..ආදරය යැයි සිතා සිටි හැගීමක් ,ජීවිතයේ හංගාගෙන සිටි සිද්ධින් සමුදායකට ප්‍රසිද්ධියේ පහර දුන් නිසා වර්ථමාන තරූශ අද වේදිකාවට නැග තිබේ..

    අද සමාජයේ තරූශලා ඕනෑ තරම් සිටි.නමුත් වැදගත් වන්නේ ඒ තරූශලාද අපගේ තරූශ මෙන් සිතීම පමනි.තරූශ පන්තියේ පලවෙනියා කලේ කතාව ලියනා මම වත් කියවනා ඔබවත් ආදරය කලා යැයි සිතන අනුත්තරාවත් නොවේ..
    තරූශ වෙනස් කලේ තරූශමය..
    කතාව මෙතැනින් ඉවර නැත....ඉවර කිරීමටද සිතක් නැත....
             මා ඉදිරියේ සිටි ඔහු තවත් කියවමින් සිටියේය....