Tuesday 14 June 2011

නුඹ රහසින් ඇවිත්...... ( 8 වන කොටස )


                     



ඔබ විභාගයට පාඩම් කරනා අවදියේ දින සති මාස ඉගීලී ගිය ඉක්මන ගැන ඔබ හොදටම දනී..
වේලාව දහවල් එක පසු උනා පමනි.දහවල් ආහාරය ගත් තරූශ අතීත සිද්දීන් සිතෙන් මෙනෙහි කරන්නට විය.

අනුත්තරා......

කොහේදෝ සිට පැමිනි සුලං පොදක් තරූශගේ අවුල් වූ කොන්ඩය තවත් අවුල් කලේය.
තමා හොදින් පාඩම් කරත් අනුත්තරා තමාට කැමති නොවන බව ඔහු සක් සුදක් සේ දනි.ඉලංදාරියා කන්නාඩියෙන් තම රුව බැලුවේය.ඇස් යට කලු වී ගොසිනි.පෙරදා බොර පැහැයට තිබූ ඇස් අද වඩාත් සුදුවට පෙනේ..තමා හොදටම කෙට්ටු වී ඇති බව තරුශ සිතුවේය.

ඉන් පසු අම්මාගේ කාමරයෙන් උස්සාගෙන ආ කැලැන්ඩරයට ඔහුගේ නෙත යොමු විය...

"හ්ම්ම්ම්ම්ම්....තව මාසයයි..." 

ඔහු කෙදිරුවේය..ගත වූ මාස දහය තුල වෙනස් වී තිබුනේ තරූශගේ රුව පමනක් යැයි සිතුවහොත් ඔබ වැරදිය.පෙර දැන සිටි දේවලට වඩා බොහෝ දේ ඔහු තම උසස් පෙළ විශයන් තුලින් දැන් දනි.

සමාවන්න...

ඔහු පෙර දී කිසිත් දැන සිටියේ නැත.මේ අප කතා කරන්නේ රස්තියාදුකාරයෙක්ව සිටි එකෙකු ගැනය.

සමහර හැගීම් මට තබා ඔහුටවත් විස්තර කල නොහැකි බව පමනක් කියමි.

ගත වූ මාස දහය තුල ඔහු තවත් යමක් වටහා ගත්තේය..ඒ ඔහු අනුත්තරාට දැක්වූ ඇල්ම ආදරය ලෙස විග්‍රහ කිරීම වැරදි බවය.තරූශ බොලද තරුණයෙකුව සිටි අවදිය පසු කරමින් සිටි.රස්තියාදුකාරයින්ටද වෙනසක් කල හැක..

විභාගය ගැන සිත සිත ඉන්නවාට වඩා විවේකයක් ගැනීම සුදුසුය.කොට කලිසමකින් හා සැහැල්ලු කමීසයකින් සැරසුනු තරූශ මුහුදු වෙරල දෙසට පියමැන්නේය.
---------------------------------------------------------------------------------

             නිදි මත දෑසින් අනුත්තරා පොත දෙස බලා සිටියාය.ඇයට පොතේ පාඩම් වලට වඩා පෙනුනේ සකුන්තලගේ රුවය.ආදරය මාස දහයක් පැරනි බව සැබෑය.ඒත් ගැහැනු ළමෝ ආදරයේදි සැමදා නැවුම්ය.

අනුත්තරාද තවත් එක් ආදරය කරනා ප්‍රේමවන්තියක් වූවාය.ආදරය නැමති බැදීම හමුවේ ඉගෙනීම නැමති වගකීම ඇය පැහැර හරිමින් සිටියාය.ඒ බව ඇයට අමතක වී තිබුනි.ඔබ ගැහැනු ළමයෙකු නම් ඇයට බැනීමට අයිතියක් ඔබට කොහෙත්ම නැත.මක්නිසාද යත් ඔබද නොදැනුවත්මම ආදරය හමුවේ නොයෙක් වගකීම් අමතක කර දමා ඇත්තෙකු බැවිනි.
                       සකුන්තල එසේ නොවුනේය.ඔහු පාඩම් වැඩ නොපිරිහෙලා සිදුකලේය.අනුත්තරාට මදි යැයි නොකියන තරමට ආදරයද කලේය..ඔබ සකුන්තලට අකමැති වූවට ඔහු දක්ෂ ඉලංදාරියෙකු බව මම පුන පුනා කීවෙමි...

මේ වල් පල් දෙඩවීම් ඔබට ඕනෑ නැති බව දනිමි.

එන්න අපි කතාවට යමු....

ජීව විද්‍යා පන්තිය අවසන් වීමට ඇත්තේ තවත් සතියක් පමනි.පෙර සතියේ පැවති අවසන් විභාගයට සියල්ලෝම හොදින් පිලිතුරු දුන්නෝය.

පළමු දෙබස අපි ගැහැනු ලමුන් දෙදෙනාගෙන් අරඹමු.ගැහැනු ළමෝ කොහොමත් ඕපාදූප කතා වලට දක්ෂය.

"තව සති දෙකකින් බයෝ ක්ලාස් එකත් ඉවරයි නේ අනු..ඔයයි සකුන්තලයි ඊට පස්සේ මීට් වෙන්නේ කොහොමද?"

ඉරේශා තම මිතුරුයගෙන් ඇසුවාය..

"අනේ මන්දා ඩියර්..මේ එක්සෑම් එකටත් වඩා මගේ හිතේ පත්තු වෙන්නේ ඕක.සකුන්තල නම් මෙඩිසින් යයි.ඒත් මම "

ඇය ප්‍රශනයක්ම තැබුවාය.මා ලියනා කතාවේ මූලිකම අර්තය ටිකෙන් ටික අනුත්තරාටද වැටහෙමින් තිබුනි.සෑම යොවුන් ආදරයක්ම විවාහයකින් කෙලවර නොවන බව ඔවුන්ට තේරුම් ගැනීමට තිබුනි.ඒත් ආදරය කරනා අවදියේ ඒවා තේරුම් ගැනීමට යන්නේ කවුද....

  "තරූශ මාරයි හලෝ..ගිය ටෙස්ට් එකට 83යි.පස් වෙනියා.මේ පාර ටෙස්ට් එකේදි සකුන්තලටත් හොද චැලේන්ජ් එකක් දෙන්න ඇති තරූශ.මොනව උනත් කොල්ලා හොදට පාඩම් වැඩ කරනවා ඇති..." 
පිටුපසම පේලියේ කොනේම සිටි ඉලංදාරියා දෙස බලමින් ඉගි කරමින් ඉරේශා කීවාය..ඇය අර අදින්නේ කුමකට දැයි මායම් ගැන දැනිමක් ඇති ඕනෑම පිරිමියෙකුට වටහා ගත හැක..

        දැන් ඔබ මාව විශ්වාස කල යුතුමය.මම ඔබට පලමුවද කීවෙමි.ගැහැනු ලමුන් කතාවන්නේ රස්තියාදුකාරයින් ගැන නොවේ.දක්ෂ ඉලංදාරීන් ගැනය...ඉරේශා අනුත්තරා පමනක් නොව අනෙක් ගැහැනු ලමයින් පවා තරූශ ගැන හොර රහසේ මිමිනුවෝය.අප කතානායකයා ගැන මට ආඩම්බරය...ඔබටද එසේම යැයි මම සිතමි..

ගුරුවරයා පන්තියට ආවේය.සියල්ල සංසුන් විය.


"එක්සෑම් එකට තව ටික දවසයි තියෙන්නේ.ගිය පාර ටෙස්ට් එකේ මාර්ක්ස් මගේ ලග තියෙනවා.මේ මාර්ක්ස් වලින් ඔයාලට තමන් ගැනම මිම්මක් ගන්න පුලුවන් වේවි.

කලින් විදිහටම නෝටිස් බෝර්ඩ් එකේ හැම කෙනෙක්ගේම ලකුනු දාලා ඇති.තම තමන්ගේ නමට ඉස්සරහා ගනිපු ලකුනු වල වර්ධනය බලාගන්න පුලුවන් වෙන්න හැම ටෙස්ට් එකකම ලකුනු පිලිවලට හදලා ඇත්තේ.."

උත්තර පත්‍ර ගැනීම සදහා ගුරුවරයා මදකට නිහඩ විය.

"තුන්වෙනි තැන ගන්නේ..... (එම සිසුවාගේ නම මම නොකියමි.ඔහු අපගේ කතාවට අදාල නැත)..

දෙවෙනි තැන ගන්නේ...හම්ම්ම්...පලවෙනි පාරට දෙවෙනි තැන ගන්නේ සකුන්තල සූරියබන්ඩාර....."

පන්තිය පුරා පන්තිය පුරා වෙනදා තිබූ අත්පොලසන් නාදය තිබුනේ නැත.සෑම තැනම කසු කුසුවවල් තිබුනි.එක එකා පලවිනි තැන අනුමාන කලෝය..

කොතරම් නොසන්සුන් කම් තිබුනත් ඔබත් මමත් නිසැකවම පලවෙනි තැන දනිමු..
අපි මොහොතක් ඉදිමු...ඔව්..අවසානයේ ගුරුවරයා එය කිව්වේය...

"පලවෙනි තැන තරූශ පෙරේරා"

 පන්තිය පුරා පැතිර ගිය නිහඩතාවය බිහිමින් අත්පොලසන් නදක් ආරම්භවිය.ඒ අතරින් අන්තිම පේලියේ සිටි තරූශ තම ත්‍යාගය ලබා ගැනීමට වේදිකාවට ගියේය...

ඔව්..
තරූශ නැවත පන්තියේ වේදිකාවට යමින් සිටියේය...ජීවිතය හරිම පුදුමාකාරය..

මීට කලකට පෙරද ඔහු නිතර නිතර වේදිකාවට ගියේය.අනුත්තරා පලමුව පැමිනි දිනයේද ඔහු වේදිකාවට නැගුනේය..

මේ වේදිකාව ඔහුට හුරු පුරුදුය...ඒත් අද දිනයේ වේදිකාවට නගින හේතුව ඔහුට හුරුපුරුදු නැත....


සැවොම නොසෙල්වී බලා සිටියෝය...

තරූශ වෙනස් වී තිබේ..ඔහුව වෙනස් කලේ ආදරය නොවේ.එය මම වගකීමෙන් කියමි..ආදරය යැයි සිතා සිටි හැගීමක් ,ජීවිතයේ හංගාගෙන සිටි සිද්ධින් සමුදායකට ප්‍රසිද්ධියේ පහර දුන් නිසා වර්ථමාන තරූශ අද වේදිකාවට නැග තිබේ..

අද සමාජයේ තරූශලා ඕනෑ තරම් සිටි.නමුත් වැදගත් වන්නේ ඒ තරූශලාද අපගේ තරූශ මෙන් සිතීම පමනි.තරූශ පන්තියේ පලවෙනියා කලේ කතාව ලියනා මම වත් කියවනා ඔබවත් ආදරය කලා යැයි සිතන අනුත්තරාවත් නොවේ..
තරූශ වෙනස් කලේ තරූශමය..
කතාව මෙතැනින් ඉවර නැත....ඉවර කිරීමටද සිතක් නැත....
         මා ඉදිරියේ සිටි ඔහු තවත් කියවමින් සිටියේය....

36 comments:

  1. එල ඉතිරි කොටස කියවනකං ඉවසිල්ලක් නෑ

    ReplyDelete
  2. ආසයි නේ.....
    ඕන්න ඉතින් හිච්චි කොල්ලත් බ්ලොග් ලියන්න සෙට් වුනා. පොඩි විසිට් එකක් දාලා, කොමෙන්ට් එකක් හෙම දාන්න.
    hichchikolla.blogspot.com

    ReplyDelete
  3. අඩෝ ඉතුරු කොටස දානකං ඉවසිල්ලක් නෑ බොල දාපන් පුලුවන් තරම් ඉක්මනට

    ReplyDelete
  4. Ela ela ..
    ඉතිරි කොටස....???

    රාසී

    ReplyDelete
  5. අම්මේ..ඇති යන්තම් දැනම...ඉක්මනට ඉතිරිය ලියන්න අයියා....

    ReplyDelete
  6. ඉතුරුව ඉක්මනට දාන්න...

    ReplyDelete
  7. නියමයි මචං. මට තරූශ ගැන ආඩම්බරයි.
    "මා ඉදිරියේ සිටි ඔහු තවත් කියවමින් සිටියේය...." මෙන්න මේ ටික විස්තර කරලා කියන්න පුලුවන්ද.

    ReplyDelete
  8. පිස්සු කොරවෙයි තරූෂයා මාරම ඩයල් එකක් නේ.. ඌ ස්ටේජ් එකට නගිනකොට සකුන්තලගෙයි අනුත්තරාගෙයි කටවල්,මූණවල් ගැනත් ලිව්වනං( එක්කෝ ඕන නෑ අපිට හිතාගත්තෑකි :D )

    ReplyDelete
  9. ෆට්ටා මචං කතා කරලා වැඩක් නෑ කතාව ගැනනම්

    ReplyDelete
  10. සුළඟිල්ල | pinkie
    මොකො බන් ඩී විතරක්...
    ------------------------------------------------------------------------------------------
    හසී
    ලියමි ඉක්මනටම...........
    ----------------------------------------------------------------------------------------
    hichchikolla
    ඔකේ.....
    ----------------------------------------------------------------------------------------
    කිඩෝ
    දානවා බන්...ඉදපල්ලලෝ...
    ------------------------------------------------------------------------------------------------
    Anonymous
    දානවා රාසි දානවා....
    --------------------------------------------------------------------------------------------------
    සිතුවිලි නිහඬයි /ලක්ශාන්
    අද රෑට දාමි.,....
    ------------------------------------------------------------------------------------------------
    නචියා
    ඒක කතාවේ ඊලග කොටසින් බලමු...කවුද මේ කතාව කියන්නේ...මොකද වෙන්නේ වගේ දේවල්....
    ----------------------------------------------------------------------------------------------
    sudheera
    ඒවා අපිට මක්කටෙයි.....ඌ අනාගතේ හදා ගත්ත නෙව...ඒ ඇති...

    ReplyDelete
  11. MaRLaN
    හලො....හමුදාකාරයා....

    ReplyDelete
  12. මල්ලි යන්න කලින් ඉවර කරාට කමක් නෑ ‍හෙටින් පස් ‍සේ මුකුත් දාන්න බැ.
    -මං 15 උ‍දේම යමි-

    ReplyDelete
  13. නියමයි, මම හිතුවා ඔය ටික වේවි කියලා.. සකුන්තලට වැලේ වැල් නැති වෙයිද අන්තිමේ

    ReplyDelete
  14. සුපිරි සහගතය..කියන්නට ඇත්තේ එපමනය..:)

    ReplyDelete
  15. නියමායි... ඔන්න ඔහොමනේ කතාවක් ගලාගෙන යන්න ඕනේ.මම හිතන විදිහට කතාව ඉවර වේවි.ලස්සනම ලස්සන අවසානයක්. ඉතුරු ටික ඉක්මනට ම ලියන්න.

    ReplyDelete
  16. අදනම් කතාව කියවද්දි ආවේ මම කතාවක් ලියනකොට තියෙනවටත් වැඩි අමුතුම ෆිට් එකක්.. කියන්න වචන නෑ මල්ලියේ.. අනිත් කිටසත් ඉක්මනට දාන්න..

    ReplyDelete
  17. supiri kuppayoo..eelaga eka kiyawanakan pissu wage

    ReplyDelete
  18. "ගැහැනු ලමුන් කතාවන්නේ රස්තියාදුකාරයින් ගැන නොවේ.දක්ෂ ඉලංදාරීන් ගැනය..." නෑ කොල්ලො. දඩබ්බර රස්තියාදු ලස්සන කොල්ලො ගැනත් කතා වෙනවා. උන්ගෙ රස්තියාදු දඩබ්බර කම ඇතුලෙ තියෙන අහිංසක කමටත් ආදරේ කරනවා.

    ReplyDelete
  19. 3 Idiots ෆිල්ම් එකේ කෑලි මතක් වෙනවා...

    ReplyDelete
  20. ඔබ ගැහැනු ළමයෙකු නම් ඇයට බැනීමට අයිතියක් ඔබට කොහෙත්ම නැත.මක්නිසාද යත් ඔබද නොදැනුවත්මම ආදරය හමුවේ නොයෙක් වගකීම් අමතක කර දමා ඇත්තෙකු බැවිනි.
    ...............හ්ම්ම්ම්.. ඇත්ත තමා...තරූශ ගැන ආඩම්බරයි,,, :))

    ReplyDelete
  21. අම්ම ගහයි බැට් එකෙන් කිව්වලු.....
    එල එල...

    ReplyDelete
  22. මං හිතුවා කතාව ඉවර කලා කියලා...මොකද මෙතන ඒකට හොද තැනක් හින්දා..ඒත් ඉවර නැත්තං අපි බලමු ඊ ළගට මොකද කියලා...කොහොම උනත් මෙතනට එනකල්ම රටාව නොබිඳ ඇවිත් තියෙනවා...හොඳටම හොඳයි රත්ගම මලයා...

    @පිණීබිඳු...
    100ට 200ක්ම එකඟයි...මගේ ජීවිතේ වැඩිම ගැහැණු ළමුන්ගේ ආර්ශණය ලැබුනේ ඔය කියන පිස්සු රස්තියාදුකාර කාලේ...

    ReplyDelete
  23. ඉතුරු ටිකත් ලියපන්‍ (ඔන්න හොදින් කිව්වා..අඩෝ...ලිව්වේ නැතිනම් කපනවා ඩෝ...)
    උපුටා ගැනීම - රත්ගමයාගේ බ්ලොගය

    ReplyDelete
  24. අඩේ මරු බන් මේක... ඊලග එක දාපිය ඉක්මනටම

    ReplyDelete
  25. තරූශ වෙනස් කලේ තරූශමය.. මේ කතාව වෙනස් පැත්තනට ගිය එක ගැන සතුටුයි ...ඉතිරියත් ඉක්මනට දාන්න මල්ලි

    ReplyDelete
  26. ඉතුරු ටිකත් දාහං රත්ගමයො.

    ReplyDelete
  27. සුපිරියේ උපරිම. මේක ඉවර කරන්න එපා බං. දිගටම ලියපන්. මෙගා ටෙලියක් වගේ ලියපන්. මේක මාරයි ඕයි... (y)

    ReplyDelete
  28. ඇත්තමයි.....superbbbbb මචං.
    හරිම රහට ලියනවා.
    උඹට..ජය....

    ReplyDelete
  29. කතාවෙ ඉතුරු ටිකත් ඉක්මනටම කියන්න.

    ReplyDelete
  30. අම්මට හුඩු ලිවිල්ලයි , ස්ක්‍රිරිප්ට් එකයි පට්ට හොඳේ .... , නියමට රසවින්දා .... , ඉතුරු ටිකත් ඉක්මනට දාපන් ...

    ReplyDelete
  31. උඹට මතකද මන්දා උඹව අවුරුදු උත්සවේ දවසෙ කතා කරපු වචන දෙක තුනට මම කිව්වේ මුලින් තිබුනා වගේ උඹේ පස්සේ පෝස්ට්වල ගතියක් නෑ කියලා... මම ඒක ඉල්ලා අස් කරගන්නවා මචං... මේකනම් මාරයි... උඹේ ඇතුලේ සිරාම කතාකාරයෙක් ඉන්නවා... චූටි අවුලක් දැක්කා නම්වල.. ඒ ඇරෙන්න ඉතිරි ටික මැක්සා...

    ReplyDelete
  32. This comment has been removed by the author.

    ReplyDelete
  33. වාවි !!! නියමයිනෙ.. ඕක තමයි වෙන්න ඕනි. බලමු ඉතුරු ටිකත්.. ඉක්මනට දාන්න...

    ReplyDelete

ඔබේ වචන මට හයියකි...මේතන ලියා යන්න(ඔන්න හොදින් කිව්වා..අඩෝ...ලිව්වේ නැතිනම් කපනවා ඩෝ...)