Tuesday 7 June 2011

නුඹ රහසින් ඇවිත්.... ( 4 වන කොටස )




           බස් රථයෙන් බැසගත් සකුන්තල සහ අනුත්තරා  සෙමෙන් සීරුවේ පන්තිය දෙසට පියනැගුවෝය...

"අනු...ඊලග සතියෙත් මම එන්නම් ඔයා එන බස් එකේම.නැති නම් අර රස්තියාදුකාරයා මොනවා කරයිද දන්නෙ නෑ ඔයාට" 

"අනේ එයා මට මොනවා කරන්නද පිස්සෝ..ඔයා එනව නම් හොදයි..මට පාලුවක් නැතුව බස් එකේ යන්න පුලුවන්.."

අනුත්තරා සිනහසෙමෙන් කීවාය.

ඒ වචන ටික සකුන්තලට හොදටම ප්‍රමාණවත්ය.ඔහු බලාපොරොත්තු වූවාටත් වඩා ලැබුන පිලිතුර සැනසිලිදායකය.

අනුත්තරාගෙන් සමුගත් සකුන්තල වහා වහා පන්තියේ ඉදිරිපසම පේලියට ගියේය.වාඩි වීමට තැනක් සොයා ගත නොහැකිව ලැතැවුන අනුත්තරාට පන්තියේ මැද හරියෙන් අතක් ඔසවා වනනු පෙනුනි.ඉරේශා වේලාසනින්ම පැමින පේලියක් අල්ලාගෙන සිටියාය.

ඔබත් මමත් පන්ති යන කාලයේ පටන්ම ගැහැනු ලමුන්ගේ මේ ක්‍රියාව සිදු වේ.පේලි ඇල්ලීම ඔවුන්ට විනෝදාංශයක් මෙන් විය.

"මාර වැඩේ නේ හලෝ..අද තරූශ බස් එකේදී ඕනේ නැති කතාවක් කිව්වනේ.බස් එකේ හැමෝම මමයි සකුන්තලයි දිහා බැලුවා.තරූශ නම් මහ ඕනවට වැඩියි..."

"මම කිව්ව්ව නේ ඩියර්..ඕකා ඔයාට විතරක් නෙමේ ඔහොම කරලා තියෙන්නේ..මේ පන්තියේ හැම කෙල්ලෙක්ටම ඔහොම තමා..අම්මලා රස්තියාදුවේ ගිහිල්ලා තාත්තලා නැති දරුවෝ හදාගෙන එනවා.අන්තිමට උන් අපිට තමයි වදේ.."

තරූශ ගැන ඔවුන්ගේ කතාව එතැනින් නිම විය...නමුත් එය සකුන්තල ගැන කතාවකට ආරම්භය විය.

සුන්දර ගැහැනු ලමෝ දෙදෙනෙකුට වැදගත් දක්ෂ ඉලන්දාරියෙකු ගැන කතා කිරීමට ඕනෑ තරම් දේවල් තිබේ.ඔවුන්ගේ කතාවට භාදා නොකර අපි අපේ කතානායකයා දෙසට යොමුවෙමු.ඔහු පන්තියට ආවාදැයි බැලීමටවත් අපට හැකි නොවිනි..සමහර විට ඔහු අද රස්තියාදුවේ යන්නටද ඉඩ තිබේ....

සමාවන්න මට වැරදී තිබුනි..

ඔහු සුපුරුදු ස්ථානයේ වාඩි වීගෙන සිටියේය.පන්තියේ අවසාන පේලියේ සිට බලාගත් අත බලාගෙන ඔහු සිටියේය..ඔහු බලාගත් අත අපිත් හෙමීට ඔහුට නොදැනෙන්නට බලමු...

අනුත්තරා දිසානායක.......බැල්ම නවතින්නේ එතැනින්ය..

අනුත්තරා සිනහසෙන විට තරූශගේ මුවේද ඇදෙන්නේ ඒ හා සමාන සිනහවකි..එය ඔහුට තේරෙන්නේ නැත.

ඔබ කාට හෝ නොදැනෙන්න ආදරය කර තිබේද..එසේ නම් ඔබත් ඇය දෙස මෙලෙසම බලා සිටින්නට ඇත.ඔබගේ මුවේද මෙවැනිම සිනහවක් නැගෙන්නට ඇත.ඇගේ සිනහව ඔබ සිතින් කොපමන වාරයක් බලා ඇද්ද..ඔබට ඇයට නොදැනෙන්නට කොපමන ආදරය කරන්නට ඇද්ද....

ඉලංදාරියාට නැගුනු සිනහව ආදරය නිසා ඇති වූවක් යැයි කීමට මම ඉක්මන් නොවෙමි.සමහර විට එය අද බස් රථයේදී ඇයව හෑල්ලුවට පත් කිරීම නිසා ඇති වූවක් වීමටද පුලුවන..
අනුත්තරා දෙස යොමු වූයේ තරූශගේ ඇස් පමනක්ම නම් ඔබ සැබැවින්ම සතුටු වනු ඇත.ඒත් සකුන්තල සූරියබන්ඩාරද විටෙන් විට පිටු පස බලමින් සිනහසෙමින් සිටියේය....

පන්තිය ඇරඹිනි....

 "ගිය සතියට කලින් සතියේ තිබ්බ ටෙස්ට් එකේ මාර්ක්ස් අද මම නෝටිස් බෝර්ඩ් එකේ දැම්මා..පළවෙනි තුන්දෙනාට පුරුදු විදිහටම තෑගි දෙන්න හදන්නේ"

පන්තිය පුරා අත්පොලසන් හඩක් නැගුනි.තෑග්ග කාටදැයි ඔබත් අනුත්තරාත් නොදැන සිටියාට පන්තියේ අනෙක් සියලු දෙනාම දැනගෙන සිටියෝ.....

"පුරුදු විදිහටම ලකුනු 93 ක් අරගෙන සකුන්තල සූරියබන්ඩාර මේ පාරත් පලවෙනි තෑග්ග ගන්නවා.."

ගුරුවරයාගේ හඩ පරදවන අත්පොලසන් හඩක් පන්තිය පුරා නැගුනි.ඒ හඩට වැඩියෙන්ම දායක වූයේ අනුත්තරා යැයි කීවොත් ඔබ පුදුම නොවනු ඇත.ආඩම්බරයෙන් නැගීසිටි තරුනයා සුපුරුදු ලෙසම තෑග්ග ගෙන තම බන්කුවේ වාඩි වූයේය.වාඩි වීමට පෙර අනුත්තරා දෙසද බැලීමට ඔහු අමතක නොකරේය...

එදිනත් පන්තියේ පාඩමට අමතරව තරූශ පෙරේරා යොදාගෙන ගුරුතුමා කරනු ලබන විහිලු වලින්ද පන්තිය පිරි පැවතුනි...

"ඔයාට මාර්ක්ස් කීයද දන්නේ නෑ නේ ඉරේශා" පන්තිය අවසානයේ අනුත්තරා ඇසුවාය..

"දන්නේ නෑ හලෝ...ශුවර් එකට අඩු ඇති..නෝටිස් බෝඩ් එකේ ඇති අපි ගිහින් බලමු..."

දෙදෙනාම දැන්වීම් පුවරුව අසලට පැමිනියෝය.පන්තියේ ලමුන්ගෙන් එතන පිරී පැවතුනි.කෙසේ හෝ අස්සෙන් රිංගාගත් තරුණියන් දෙදෙන ඉරේශාගේ නම තරගයට මෙන් සෙව්වෝයය..

"ආ...මේ තියෙන්නේ කෙල්ලේ...ළකුනු 68යි..හොදයි නේ...."

 "මොන හොදක්ද හලෝ...තාම ඉන්නේ B එකක මට්ටමේ නේ..."

"ඉතින් එහෙම තමා..එක පාරට වැඩිවෙන්නෙ නෑ නේ ලකුනු..සකුන්තලට වඩා ගන්න බලන්න..එතකොට ටික ටික වැඩිවේවි.."

"ඒක නම් කවදාවත් වෙන්නේ නෑ..සකුන්තල මාර බ්‍රයිට්....මට එයාව අල්ලන්න නම් තව හතර පාරක් වත් A/L කරන්න වේවි..ඒකට තරූශ....අපේ චූටි මල්ලි ආවත් එයාට වඩා හොදට ලකුනු ගනීවි.."

දෙදෙන නැවත සිනාසුනේය..

තරූශ පෙරේරා...ලකුනු 11 යි....සුපුරුදු පරිදි ලැ‍යිස්තුවේ අවසානය උරුමකරගෙන සිටියේය...

"හලෝ හලෝ....නෝනලා දෙන්නා ළකුනු බලනවා වගේ නේ...."

හඩ ආ දෙසට අනුත්තරගෙත් ඉරේශාගෙත් දෑස් යොමු විය.....

34 comments:

  1. එළ එළ... දිගටම ලියන්න අයියේ... :)

    ReplyDelete
  2. මම හිතුවෙ තරූශ රස්තියාදුකාරයා උනාට බ්‍රයිට් ඇති කියලා. කමක් නෑ. දිගටම ලියමු මලේ. ලස්සනයි කතාව.

    ReplyDelete
  3. නියමයි. ලස්සනට ගලාගෙන යනවා. අර තරූෂකාරයාට විභාගේ පාස් වෙන්න ක්‍රමයක් නැද්ද ??? ඒකාව නැති වෙන පොටක් තමයි වෙලා තියෙන්නේ. නවකතා චක්‍රවර්ති මිස්ටර් රත්ගම, මේ ඔබේ අවධානය පිණිසයි !!!!!

    ReplyDelete
  4. අද තමා දැක්කේ...... ඔන්න එක දිගට කොටස් 4ම කියෙව්වා........

    ඉක්මනට ලියන්න කියවන්න බලන් ඉන්නවා මල්ලියේ......... :)

    ReplyDelete
  5. මගේ හිතට ආපු තරූෂයානම් කෙල්ලෝ වැඩිය කෙයා කරන්නේ නැති එකෙක්..බලමුකෝ මූ මොකෙක් වගේ වෙයිද කියලා..එලකිරි රත්ගමයා

    ReplyDelete
  6. ඉතුරු ටික ඉක්මනට දාන්න..කතාවට සම වැදිල ඉන්නෙ..

    ReplyDelete
  7. කුප්පයි... කුජීතයි... ගම්පහ ඔරියන්ට් එකයි නුගේගොඩ රොටරියයි මතක් වෙනව යකෝ....

    ReplyDelete
  8. එක දිගට 3ක් ම බැලුවා .. එලzzz "යුගයේ ජුගුප්සාජනක රචකයා" වගේ ටටිටල් එකක් තමා නරකම නැ. පොතක් ගහමු...

    ReplyDelete
  9. Mage hitha southern eke ara angal 6 bankuwa wetha diwa gya.tama ridenawa wadi wela idala

    ReplyDelete
  10. එළ එළ... දැන් නියමෙට යනවා කතාව..... අනිත් ටිකත් ඉක්මනට දාපන්...

    ReplyDelete
  11. මමත් හිතුවෙ තරුෂ මුරණ්ඩු අරිෂ්ඨ ළමයෙක් වුනාට ඉගෙනීමට දක්‍ෂ ළමෙක් කියලා.අදනම් කතාව කියවනකොට ඒක චිත්‍රපටියක් වගේ මගේ හිතේ මැවිලත් පෙනුනා.

    ReplyDelete
  12. යුගයේ නවකතාකරු රත්ගම අප්‍රසන්න කුප්ප ආරච්චිගේ නවතම නවකතාව මරු ආ

    ReplyDelete
  13. එක හුස්මෙට කියව ගෙන ගියා..සුපිරියටම ලියලා තියෙනවා.ඊලග එකත් ඉක්මනට ලියලා දාන්න :D

    ReplyDelete
  14. සියළු කොටස් කියවීමි. කොටසක දිග තව වැඩි කරනු මැනවි. (ඔන්න හොදින් කිව්වා..අඩෝ...ලිව්වේ නැතිනම් කපනවා ඩෝ...(උපුටා ගැනීම මිස්ටර් රත්ගම්ස්ගෙනි))

    ReplyDelete
  15. ලස්සන කතාව... සයිබරේ පුරාම තරු පායලානේ...
    මොනවා උනත් අන්තිමට දිනන්න ඕන තරුශ...ඔන්න අනිත් කොල්ල දිනවන්න ඔට්ටු නෑ හරිය...?

    ReplyDelete
  16. ඊලඟට මොනවද වෙන්නේ කියලා බලාගෙන ඉන්නෙ...දිගටම ලියන්න

    ReplyDelete
  17. කතාව මල් හතයි මචං.. උඹේ බ්ලොගේ මම දාන පලමු කොමෙන්ට් එක.. කතන්දරගේ ලින්ක් එකකින් ආවේ.. කතාව මුල ඉඳලා එක හුස්මට කියවගෙන ආවා..එලකිරි වගේ ලියලා තියනවා, හැබැයි හිට්ස් වැඩි උනාට කතාව වැඩිය අදින්න යන්න එපා මචෝ.. තරුෂයාගෙ චරිතෙට මාත් ආසයි,ඒත් දැන් දැන් මූ වැඩේ කෙලෝ ගන්න වගේ යන්නේ..බලමු බලමු.. කතාවට ජය...

    ReplyDelete
  18. මම හිතුවා තරුශ රස්තියාදුකාරයා උනාට කෙල්ලන්ගේ ඇස් උඩ යන්න ළකුණු තියේවි කියලා.. ඉතින් ඊට පස්සේ??

    ReplyDelete
  19. මාත් හිතුවේ රස්තියාදුකාරයා වුනාට අරෑ හොද මීටරයක් කියලා බලමු පහුවෙනකොට ඌත් බ්‍රයිටෙක් වෙන්න බැරි නෑ.... අඩේ කුප්පයි බොල උබ ටික ටිකනෙ මේක දාන්නෙ හරියට නිකං මෙගා වගේම තමා පැය බාගයක් කිව්වට විනාඩි 15යි තියෙන්නෙ ටිකක් වැඩිපුර දාපන්කො මේ කතාව එකදිගට කියවගෙන යන්න පුලුවන් මෙහෙම කතා අහුවෙන්නේ කලාතුරකින් බොල.....

    ReplyDelete
  20. Admin : Trix Hunter
    ස්තූති වේවා!!!
    --------------------------------------------------------------------------------------
    පිණිබිඳු...
    පිස්සුද අක්කේ...ඌ රස්තියාදුකාරයෙක්,....
    ====---------------------------------------------------------------------------------
    මධුරංග
    ඌ තමා කතාවේ දුෂ්ඨයා...හික් හික්..
    ------------------------------------------------------------------------------------
    හා පැටික්කි (MS)
    ඉක්මනට ලියනවා අප්පේ....එක දව්සට එකක් දාලාත් බේරුමක් නෑ නේ.
    -------------------------------------------------------------------------------
    ජනරඟ විජඉදු දේවසුරේන්ද්‍ර
    අන්න හරි...ඌ කතා නෑ...ඔක්කොම හිතේ තමා....
    -------------------------------------------------------------------------------------

    ReplyDelete
  21. පැතලියා
    හෙට ඉතුරු කොටස දාමි..............
    ----------------------------------------------------------------------------------------
    සාතන්
    මේ ඒ පැත්ත නෙමේ නේ...මේ ගාල්ල නේ...
    --------------------------------------------------------------------------------------
    පිස්සු පුසා
    ඒක තමා ටයිටල් එක....
    --------------------------------------------------------------------------------------
    Gihan
    උඹ ඉදියේ පලවෙනි පේලියේ නෙමේද??
    -----------------------------------------------------------------------------------------
    නචියා
    හෙට දාමි.........

    ReplyDelete
  22. JHOTHISHALANKA
    බලමුකෝ...මේකෙන් කියවේවි මිනිස්සු ගන්න තිරණ කොච්චර දුරට අනාගතේට බලපාවිද කියලා...
    -------------------------------------------------------------------------------------
    ItalyDilan
    ඉතාලි නාකියා..
    ---------------------------------------------------------------------------------------
    දිල්
    ඊලග එක හෙට අක්කා....
    --------------------------------------------------------------------------------

    namila007
    දැන් හුස්ම ගනින් කොල්ලො..නැති නම් මට මරනෙට වගකියන්න වේවි...
    ---------------------------------------------------------------------------------------
    දොඩන්
    දිග වැඩි කොරන්නම්..ඒත් කට්ටියට කියවන්න අපහසු වෙනවා කිව්ව නිසා තමා කොටට දාන්නේ....
    ------------------------------------------------------------------------------------
    මන්තරකාරි
    තරූශ ජීවිතේ දිනාවි...ආදරේ ගැන නම් කියන්නේ නෑ....
    --------------------------------------------------------------------------------------
    sudheera
    කතාව අදින්නේ නම් නෑ...කොටස් දහයට අඩුයි....
    ------------------------------------------------------------------------------------
    Dinesh
    දැන්ම උඩ යන්නේ නෑ...ආදරේන් පරදින්න ඕන ජීවිත වෙනස් වෙන්න
    -------------------------------------------------------------------------------------
    කිඩෝ
    ඇයි බොල තොපිම නේ කිව්වේ කොටට දාන්න කියලා..දැන් කියනවා දිගට දාන්නලු...අල්ලලා ගිහිල්ලවත් ද බොට කතාව....ඇත්ත කියහන්..උඹත් මේ වගේද?

    ReplyDelete
  23. නියමෙට ගලාගෙන යනවා මලයා...අද තමා ගෙදර ඉදන් ආපහු ආවේ...කොටස් 4 එළ...දිගටම ලියපන් පුතා.........

    ReplyDelete
  24. This comment has been removed by the author.

    ReplyDelete
  25. :D :D හැමදාම පන්තියේ වැඩිම ලකුනු අරගෙන පලවෙනිය වෙලා ගෑනු ගොඩේ සෙවලය වගේ ඉදියට අපේ කොල්ලෝ පාඩම් කරන්න ගත්ත දවසට තොට යන එනමං නැති වේවි. :D :D :D

    ReplyDelete
  26. තරුශ = මං වගේ :D :D
    (ලකුණු වලිං :P) :D

    ReplyDelete
  27. නියමයි.....ඔහොම යාං.........

    ReplyDelete
  28. ane ithuru tikath ikmanata liyannako..

    ReplyDelete
  29. ගොඩාරියක් ලස්සනයි අයියා.මම ඔයා ලියන විදියට ගොඩක් ආසයි.all d best aiya.

    ReplyDelete
  30. පට්ට මචන් මාත් 4 ම බැලුව .. එල එල ..

    රාසී ...

    ReplyDelete
  31. ෂුවර් කෑල්ල තරුෂ වෙන්න ඇති ............

    ReplyDelete
  32. නියමෙට කතාව ගලාගෙන යනවා :)

    ReplyDelete
  33. hey hey meka elane, ape rathgama aiya fatta kalakami hadawathak tyana ela porakne................ sirama wada karayek ................. :D

    ReplyDelete

ඔබේ වචන මට හයියකි...මේතන ලියා යන්න(ඔන්න හොදින් කිව්වා..අඩෝ...ලිව්වේ නැතිනම් කපනවා ඩෝ...)