Friday 18 May 2012

හැඩට අදින යාචිකාව සහ අපි.... (සත්‍ය සිදුවීමකි)

 
මහනුවර ඉදලා මාතරට යන කෝච්චිය නිසා වෙනදටත් වඩා ගෙදර යන එක පහසුයි.අනිත් දවස් වලට වඩා කෝච්චියේ සෙනග පිරිලා ඉදියේ සති අන්තයේ දවසක් නිසා.
සෙනග අස්සෙන් මතු උනේ ගැහැනියක්.ඇගේ වම් අතේ ඔරලෝසුවක්,දකුණු අතේ ඉස්කෝලේ යන වයසේ පොඩි එකෙක්.කොල්ලා සපත්තු දාලා ලස්සනට ඇදලා හිටියා.ඇය ඇදලා තිබුනේ ලා රෝස පාට සායක්.ඒකටම හරියන හැට්ටයක්.පෙනුමෙන් නම් ඇය වැදගත් නෝනා කෙනෙක්.

කෝච්චි පෙට්ටිය දිහා එක පාරක් බලපු ඇය කතා කරන්න ගත්තා.

"අම්මේ තාත්තේ..මේ ඉන්නේ මගේ පුතා,

බලන්න එයා ඇදලා ඉන්න ලස්සන.එයා ඉස්කෝලෙත් යනවා.
එයාට
හොදට ඉගෙන ගන්නත් පුලුවන්.හැමදාම පන්තියේ පලවෙනිය.පෙන්නන්න පුතේ ඔය රිපොට් එක මේ මාමලා නැන්දලට..මේ බලන්න,මමත් ලස්සනට ඇදල ඉන්නේ.පරන වැරහැලි අදින්න මට ඕන කමක් නෑ.මගේ අසරණ මහත්තයාට අංශභාගේ හැදිලා.ඒ උනාට එයත් ලස්සනට අදිනවා.හැමදාම මම මගේ මේ අත් දෙකෙන් එයාව හෝදනවා.ඊට පස්සේ කවනවා.අපිට කෑමෙන් බීමෙන් අඩුවක් නෑ..මගේ මේ කටින් පොඩි එකා පල්ලා කියලා කවදාවත් බොරු කියන්නේ නෑ නෝනා මහත්තයා..අපි ජීවත් වෙන්නේ ඔයාලගේ පොඩි ආධාරයෙන්.රුපියලක් උනත් අපිට වටිනවා.අපිට දුන්නට පව් සිද්ද වෙන්නේ නෑ..අපි ලස්සන පවුලක්."

ඇගේ ක
තාව
ඉවර වෙනවත් එක්කම පොඩි එකා අත දික් කරගෙන කෝච්චි පෙට්ටිය මැද්දෙන් එනවා.දහයේ විස්සේ කොල අතරට පනහේ සීයේ කොලත් නිකම්ම වැටෙනවා..

ඔව්..ඒ පවුල හිගා කාලා හරි ලස්සනට ඉන්නවා.
ඒත් දෙවියනේ අපි?
(සත්‍ය සිදුවීමකි.)

Monday 14 May 2012

ආදරණීය ඔබා මාමා හෙවත් සොදුරු මිනිසාණෙනි,ඔබට නිවන් සුව!!!


උදේ පාන්දරම ලැබුනු දුරකතන ඇමතුමක්,
"මචං රත්තා පොඩි අවුලක්,"
"ඇයි මොකද?"

 එතනින් එහාට ඇහුන දේ විශ්වාස කරන්නේ කොහොමද කියලා බලාගෙන මම විනාඩියක් විතර හිතුවා.
ඒත් දෙවියනේ ඊයේ රෑත් මම ඔබා මාමා ලියපු පෝස්ට් එකක් කියව්ව නේ.
 සමහර දේවල් විශ්වාස කරන්නත් අමාරුයි.බ්ලොග් එකේ අකුරු ලියන්න අරගෙන කාලෙකට පස්සේ එක දවසක් බ්ලොග් එකේ පෝස්ට් එකකට මෙන්න මෙහෙම කමෙන්ට් එකක් දාලා තිබුනා.

"මම මේ බල්ලෝ චූ කරනවා වගේ කමෙන්ට් එකක් දාලා යනවා නෙමේ.මේක කියවලා මගේ බඩත් රිදෙනවා හිනා වෙලා"

ඒ වචන ටික අමතක වුනේ නැත්තේ අවුරුදු 20ක කොල්ලෙක්ගේ කටින් පිට වුන වචන ටිකක් නොවුනු නිසා.
ඒත් ඔබා මාමා වචන වලින් තරුණයි,අපිටත් වඩා තරුණයි.ඔබා මාමා කමෙන්ට් හැටියට දාන සමහර දේවල් අපි දාන පෝස්ට් එකකට වඩා රසවත් උනේ ඒකයි.
ඔබා මාමා ආයේ කිසිම බ්ලොග් එකක කමෙන්ට් එකක් දාන එකක් නෑ.ඒත් ඔබා මාමා ඉතුරු කරලා ගිය මතයන් විතරක් හැම බ්ලොග් පෝස්ට් එකකම එකතුවෙලා තියේවි....

හිතවතා නුඹ,
සුමිතුරා නුඹ,...
කදුලු බිදුවක් නෙතින් ගිලිහෙයි...
නුඹේ සමුගැන්ම හිත දවාලයි
දිවිය කුරිරු වී
නුඹව සොරකම් කලත්
නුඹේ මතකයන්
කෙසේ සොරකම් කරන්නද


 ආදරණීය ඔබා මාමා හෙවත් සොදුරු මිනිසාණෙනි,ඔබට නිවන් සුව!!!

Sunday 6 May 2012

අටපට්ටම සෑදීම - " කවුද යකෝ තේ ගොට්ට බිම දාලා ඊට උඩින් ජංගියක් දාපු වල් @#$%$ "



උදේ පාන්දරම් කාගෙද මන්දා මර ලතෝනියෙකින් මම උඩ ගිහින් බිම වැටිලා ඇහැරුනා.

"කවුද යකෝ මගේ නින්දට මෙව්වා කරන්නේ "

කෑගහපු එකාටත් වඩා මම සද්දෙට කෑගැහුවේ උගේ පරම්පරාවම සිහි කරන ගමන්.

"අඩෝ...රත්තෝ....අපි වෙසක් එකට කූඩුවක් හැදුවෝ..."

එහා කාමරේ ඉන්න මැන්ටල් ඩයල් එක පාන්දරම් බීලද දන්නේ නෑ කූඩුවක් ගැන කිය කිය කෑ ගහනවා.යකෝ කැම්පස් එකේ බෞද්ධ සංගමේ ඉදලත් කූඩුවක් හදන්න හිතෙන්නේ නැති මට කවුරු හරි එකෙක් අහිංසකව හදන කූඩුවක් වත් පේන්න බැරි හැටි.

ඒත් මෙච්චර ඉක්මනට කොහොමද කූඩුවක් හදන්නේ.උදේ පාන්දර මේකා සරම නැතුව කන්නාඩිය ඉස්සරහට ගිහිල්ලවත්ද දන්නේ නෑ..
ලාවට හිත කොනකින් මතු උන ඒ භයංකාර සිතුවිල්ලත් එක්කම මම ඇදෙන් බිමට බැස්සා.

"හත් ඉලව්වේ.."

අඩිය තිබ්බ ගමන් මොකක්දෝ උන්ඩුකපුච්ච්යක් මගේ කකුලට පෑගිලා කකුල කිලිපොලා ගියා.

"කවුද යකෝ තේ ගොට්ට බිම දාලා ඊට උඩින් ජංගියක් දාපු වල් @#$%$ "

 මුන් යාලුවොද මංදා..බලන බලන අත ඇදුම් කෑලි..ඒත් ඉතින් මේක මගේ ජංගි කොටයක් නේ.හෑ....මුන් මේකත් ශෙයාර් කරලා ඇදලද..

සැදැහැත් සිතින් මම පින් අනුමෝදන් කරන ගමන් එහා කාමරේට දිව්වේ හැදුවා කිව්ව කූඩුව බලන්න..

"3363 එක්ස්කියුස් මී...."

 දෙපාරක් දොරට පතබාලා අවසර අරගෙන මම දොර ඉස්සරහා හිට ගත්තා..

"යතුර හිලේ ඇති..ඇරගෙන වරෙන් "

කාමරේ ඇතුලෙන් ආපු විධානෙත් එක්ක මම හිල (දොරේ ) දිහා බැලුවා.හිලේ යතුරක් නෑ පපඩමෝ..ඇවිල්ලා ඇරපිය (දොර )

"එහෙනම් දකුනු පැත්තේ පඩිය උඩ බලපිය."

කැම්පස් එක පැත්ත පලාතේ නැති උගේ ගෑනු දැරිවිව අසභ්‍ය වචන දෙකක් ඉස්සරහට දාලා මම හිලෙන් අත දැම්මා ( දකුනු පැත්තේ පඩිය උඩ ).
 අතට අහු උන යතුරත් අරන් දොර ඇරගෙන කාමරේ ඇතුලට රින්ගුවේ මේකා හදපු කූඩුව බලන්න හිතාගෙන.

"හෑ...කෝ බොල කූඩු.තෝ උදේ පාන්දරට කෑවේ මුං ඇටද?"

මම එහෙම ඇහුවේ උදේට මුං ඇට කෑවම නරක හීන පේනවා කියලා ටීවී එකේ නූල්ඩස් ඇඩ් එකක් දැකපු නිසා.කියන්න බෑ නේ.වැරදිලා හරි ඇටයක් කටේ ගෑවුනා නම් මොන දෙයියන්ට කියන්නද..පව් නේ..කාගේ උනත් දරුවෙක් නේ..

"නෑ ඕයි රත්තෝ..මම මේ බැලුවේ මේ පාර අපිට කූඩු 30ක් හදලා එල්ලන්න තියෙනවා කැම්පස් එක වටේට.දවස් දෙකෙන් ඕක කොහොම කරන්නද කියලා.මගේ හිත කීරි ගැහිලා යනවා ඕයි කූඩුව මතක් වෙද්දි."

කූඩුව තොට බලහත්කාරකමක්වත් කරාද යකෝ ඕක කීරි ගැහෙන්න.කූඩු හදන වැඩේ හරිම සිම්පල්.කට්ටියක් යනවා බට කපන්න.තව කට්ටියක් යනවා වෙසක් කොල ගේන්න.තව ටිකක් කූඩු බදින්න,පාප්ප හදන්න,පාප්ප උලන්න,..
ඒ වැඩ ටික කොල්ලොන්ට කරන්න පුලුවන් නේ..අලවන වැඩේ කෙල්ලෝ ටික කරයි..

"එතකොට තෝ මොකක්ද කරන්නේ"

මගේ දිහාට වපර ඇහැදාපු පොර ඇහුවා.

"කෙල්ලො ටික බලාගන්නත් එකෙක් ඕන නේ බන්.ඒක මම කරන්නම්"

අනිත් උන්ට කලින් ඕන වැඩක් එක පාරටම භාර ගන්න මම යටහත්ව කිව්වා.

"තෝ කෙල්ලෝ බලන්නයි,අපි බට කපන්නයි.. අනේ යකෝ..."

"හා....නරකට තියේ..මම තමා අමාරුම වැඩේ කරන්නේ..ඒවයින් වැඩක් නෑ...බට කපන්න සෙට් එකක් යවමු..අපි කූඩු ටික බදිමු."

වැඩේ කෙරෙන්නත් ඕන නිසා මම එක හිතින්ම කිව්වා.

කොහොමින් කොහොම හරි කපපු බට ටික දවසක් විතර පහු වෙලා අපේ අතට ලැබුනා..

"මේ ඕයි,.රත්තෝ...මොන කූඩුවක්ද බන් හදන්නේ ?"

අපේ උන්ටත් මම නැතුව කිසිම වැඩක් කර ගන්න බෑ..

"ලංකාවේ බහුලව භාවිතා වෙන්නේ අටපට්ටමනේ බන්,ඒක නිසා අපි අටපට්ටම් හදමු"

මගේ යෝජනාවෙන් පස්සේ කට්ටියම ඒකට එකග උනා.හැම බැජ් එකකම ඉන්නව නේ එක මඤ්ඤන් බුවෙක් (තොපි මොකෝ මගේ දිහා බලන්නේ ) අන්න ඒ වගේ ඩයල් එකක් සෙනග මැද්දේ අත උස්සගෙන.යකෝ මම ප්‍රොපෙසර් කෙනෙක් වගේ නේ..

"හා..කියපන් බලන්න උඹට තියෙන ප්‍රශ්නේ,සර්වාංග සම්භන්ද එකක් නම් හොද ඩොකෙක් චැනල් කරපන්"

"නෑ අයියෝ,ලංකාවේ බහුලවම අටපට්ටම භාවිතා වෙන්නේ මොකද බන්"

මුන්ටත් තියෙන ප්‍රශ්න.මුන් අත උස්සලා ආපු උන්ද මන්දා.


"යකෝ..ඒක තමා ලේසිම..මෙන්න බලපන්.."

මම කඩදාසි කොලේකුයි පෑනකුයි ගත්තා.මුන්ට මූලික සිද්ධාන්තේ ඉදලම උගන්නන්න වෙනවා..

"මේ තියෙන්නේ අටපට්ටම.ඒක ටෙසලාකරනයාකාරයි නේ.ඒක නිසා සමමිතික අක්ශය ලම්භකව ඡේදනය කරන්න පුලුවන්.ඒක නිසා ඒකේ ලම්භසමච්චේදකය කැපෙන තැනට පයිතගරස් ප්‍රමේය දැම්මම සුලු වෙන උත්තරයක් එනවා.දශම ගානක් ආවොත් වර්ග මූලේ හොයන්න හෙන අමාරුයි නේ බන්..අන්න ඒකයි ලංකාවේ බහුලව භාවිතා වෙන කූඩු වර්ගය අටපට්ටම වෙන්නේ" 

මගේ බිද දාන්න බැරි තර්කෙන් පස්සේ හැම එකාම නිශ්ශබ්ද උනා..

 කොහොමින් කොහොම හරි කූඩු ටික හදලා කෙල්ලොන්ට බාර දීලා කූඩු ටික අලවත් ගත්තා..
වෙසක් එකට කලින් දවසේ රෑ..ඒකියන්නේ සිකුරාදා රෑ කූඩු වලට ලයිට් දෙන්න ගිහින් උන අප්‍රිය සහගත කතාව නෙක්ස්ට් එපිසොයිඩ් එකෙන් බලාපොරොත්තුවන්න...
 (වේලාව මදි නිසා කොට පෝස්ට් එකක් ලිව්වෙමි..)