Friday 18 May 2012

හැඩට අදින යාචිකාව සහ අපි.... (සත්‍ය සිදුවීමකි)

 
මහනුවර ඉදලා මාතරට යන කෝච්චිය නිසා වෙනදටත් වඩා ගෙදර යන එක පහසුයි.අනිත් දවස් වලට වඩා කෝච්චියේ සෙනග පිරිලා ඉදියේ සති අන්තයේ දවසක් නිසා.
සෙනග අස්සෙන් මතු උනේ ගැහැනියක්.ඇගේ වම් අතේ ඔරලෝසුවක්,දකුණු අතේ ඉස්කෝලේ යන වයසේ පොඩි එකෙක්.කොල්ලා සපත්තු දාලා ලස්සනට ඇදලා හිටියා.ඇය ඇදලා තිබුනේ ලා රෝස පාට සායක්.ඒකටම හරියන හැට්ටයක්.පෙනුමෙන් නම් ඇය වැදගත් නෝනා කෙනෙක්.

කෝච්චි පෙට්ටිය දිහා එක පාරක් බලපු ඇය කතා කරන්න ගත්තා.

"අම්මේ තාත්තේ..මේ ඉන්නේ මගේ පුතා,

බලන්න එයා ඇදලා ඉන්න ලස්සන.එයා ඉස්කෝලෙත් යනවා.
එයාට
හොදට ඉගෙන ගන්නත් පුලුවන්.හැමදාම පන්තියේ පලවෙනිය.පෙන්නන්න පුතේ ඔය රිපොට් එක මේ මාමලා නැන්දලට..මේ බලන්න,මමත් ලස්සනට ඇදල ඉන්නේ.පරන වැරහැලි අදින්න මට ඕන කමක් නෑ.මගේ අසරණ මහත්තයාට අංශභාගේ හැදිලා.ඒ උනාට එයත් ලස්සනට අදිනවා.හැමදාම මම මගේ මේ අත් දෙකෙන් එයාව හෝදනවා.ඊට පස්සේ කවනවා.අපිට කෑමෙන් බීමෙන් අඩුවක් නෑ..මගේ මේ කටින් පොඩි එකා පල්ලා කියලා කවදාවත් බොරු කියන්නේ නෑ නෝනා මහත්තයා..අපි ජීවත් වෙන්නේ ඔයාලගේ පොඩි ආධාරයෙන්.රුපියලක් උනත් අපිට වටිනවා.අපිට දුන්නට පව් සිද්ද වෙන්නේ නෑ..අපි ලස්සන පවුලක්."

ඇගේ ක
තාව
ඉවර වෙනවත් එක්කම පොඩි එකා අත දික් කරගෙන කෝච්චි පෙට්ටිය මැද්දෙන් එනවා.දහයේ විස්සේ කොල අතරට පනහේ සීයේ කොලත් නිකම්ම වැටෙනවා..

ඔව්..ඒ පවුල හිගා කාලා හරි ලස්සනට ඉන්නවා.
ඒත් දෙවියනේ අපි?
(සත්‍ය සිදුවීමකි.)

55 comments:

  1. රටේ වැරැද්දද ? මිනිස්සු හිතන විදිහේ වැරැද්දද මන්දා

    ReplyDelete
  2. එක්කො අපිත් ඔන්න ඔහේ හිඟාකමු බං...ඈ

    ReplyDelete
    Replies
    1. බොරු දාහක් කියල සල්ලි ඉල්ලන අයෙක්ට වඩා මේවිදියට ඉල්ලන කෙනෙක්ට දෙන්න හිතෙනව

      Delete
    2. ඔව් ඒක ඇත්ත බන්........

      Delete
  3. ඒකත් හැමෝටම කරන්න බෑ බං. තමන්ට තමන්වම මාකට් කරන්න හැකියාවක් තියෙන්න ඕනේ. ඔය හිගන්නෝ අතරේත් ලක්ෂපතියෝ වගේම අන්ත හිගන හිගන්නොත් ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. //තමන්ට තමන්වම මාකට් කරන්න හැකියාවක් තියෙන්න ඕනේ//
      අන්තිමට අපේ මට්ටම තීරණය කරන්නේ ‍මේකෙන් තමා..
      +++++

      Delete
    2. */තමන්ට තමන්වම මාකට් කරන්න හැකියාවක් තියෙන්න ඕනේ./*

      අද ඉන්ටවීව් එකකට යන්නත් එතනින් යන්නත් මේ දේ නම් අත්‍යවශයි.

      Delete
  4. මම නම් හිතන්නේ ඒ මනුස්සයා හරි ,මොකද තමන්ගේ නැති කම කියන්න ලැජ්ජ වෙන්න අවශය නැහැ නැතිකම කියලා ඉල්ලගෙන කන එක වංචාකරලා කනවට වඩා නම්බුයි...

    ReplyDelete
  5. කොහොමත් ඉතිං අපි කවුරැත්(වැඩිපිරිසක්) වැදගත් ශිඟන්නෝ තමයි(බස් වලට කෝදච්චි වලට නොනගින එක විතරයි වෙනස)

    ReplyDelete
    Replies
    1. දෙයියනේ .... රජතුමත් හිඟමනට වැටිල. අයියෝ ෂල්ලි ... :D

      Delete
  6. දැන් දැන් ඉන්නේ ක්‍රියේටිව් හිඟන්නෝ බලාගෙන ගියාම.

    ReplyDelete
  7. රටක් විදිහට ඔය ලොක්කො ඔක්කොම ගිහිං ඔය වගේම කතා කියලා එක එක රටවලිං හිඟා කාලා සල්ලි ගේන්නෙ බං.ඉතිං අර පවුල එහෙම කාපුවාම මොකෝ.

    ReplyDelete
  8. මාකටින් තමයි...

    ReplyDelete
  9. අපිත් ඕකම තමා අවුරුද්දේ අන්තිමට කරන්නේ. "අනේ සේර් මෙහෙම ඇඳලා හිටියට ක්‍රෙඩිට් කාඩ් වල නය ; පොඩිඋන්ට පන්ති ගාස්තුත් වැඩිකරලා.+++++++ මේකෙන් හම්බ කරන දෙයක්ම විතරයි,වෙනදෙයක් කරන්නවත් වෙලාවක් කොහෙද දවස් 7 ම මෙතැනනේ ....." කීයක් හරි ..//////"

    ReplyDelete
  10. හිතන්න දෙයක් ඉතුරු කරලා පෝස්ට් එක නවත්තලා...

    ReplyDelete
  11. අපි ඉතින් හිඟා නොකා හිඟා කනවනේ...මහින්ද මාමට පින්සිද්ද වෙන්න

    ReplyDelete
  12. මටත් දෙන්න හිතුනා බං කීයක් හරි... :-)

    සුභ වේවා!!! රාජ සම්පත්තිය ලැබේවා!!!

    ReplyDelete
  13. අඩේ රත්ගම අයියේ ඔයාගේ බොලොක්කෙ නම් එල...නමෝ වීත්තියෙන් මමත් බෝලොක්කයක් පටන් ගත්තා කස්ටිය පොඩි සප් එකක්‌ දෙන්නලාකෝ..........

    http://emptyaaa.blogspot.com/

    ReplyDelete
  14. නැති කමට බොරු කියලා හම්බ නොකර ඇත්ත කියලා ඉල්ලාගත්ත එක නම් වරදක් නෑ ඒත් වැඩේ තියෙන්නේ පොඩි එකාත් ලොකු වෙලා ඔය ජොබ් එකටම බහීවිද කියලයි .

    ReplyDelete
  15. මමත් හෙට ඉදන් පාර්ට් ටයිම් හිගා කනවා..

    ReplyDelete
  16. මම දන්නා හිගන්නෝ කීපදෙනෙකි.ඉන් සමහරෙක් දුප්පත් හිගන්නෝය.ඇතමෙක් පොහොසත්ය.දැරනියගල පැත්තේ එක හිගන්නෙක් තම දූවරුන් දෙදෙනා විවාහ කර දුන්නේ සුපිරි ආකාරයටය.දායාද වශයෙන් දෙමහල් නිවාසද සමගය.එවන් හිගන්නෝ සුපිරි හිගන්නෝ වෙති.මේ සහශ්‍රයයි,හිගාකෑමද නවීකරණය වෙනවා විය හැක.නුදුරේදීම දුරකථනයෙන් හිගාකෑමටද ඉඩ ඇත.එසේ උවද පුදුම වියයුතු නැත.මන්ද මෙය එක්තරා පිරිසකගේ ‍රැකියාවක් බැවිනි.මේ ගැන මට හිතෙනා දේ බොහෝය.සියල්ලම අකුරු කලහොත් එය පෝස්‍ටුවට වඩා බොහෝ දිගු වෙනවාය.නැත, නැත ඊටත් වඩා දිගු වෙනවාය.ඔබේ යාලුවෝ එය කියවනවාය.ඉන්පසු කමෙන්ට් කරනවාය.ඔබේ ලිස්ට් එකට වඩා මගේ ලිස්ට් එක දිග වෙනවාය. එවිට බොට තද වෙනවාය.ඒ බ්ලොග උබේ නිසාය.උබ ගේම ඉල්ලනවාය.හිගන්නා මම යයි කියනවාය,මට පරිභව කරනවාය.මම එයට අකමැතිය.එනිසා වැඩේ නවතනවාය.පසුව ලියනවාය.යටින්ම මෙහෙම ලියනවාය.බොට ජයම වේවාය..!

    ReplyDelete
    Replies
    1. ඇයි බං ඔය රිගින් ටෝන් කාරයො කරන්නෙ දුරකතනයෙන් හිඟාකෑම ජයටම

      Delete
  17. තව ටික දවසකින් උඹලා අපිටත් කරන්න වෙන්නේ හිඟා කන එක තමයි!

    ReplyDelete
  18. හිඟන්නෝ වුනත් එ අයත් මිනිස්සුනෙ, එ ගොල්ලන්ටත් ආසයි ලස්සනට ඇඳලා පිරිසිදුවට ඉන්න, මෙවගෙ ඇත්ත කියල ඉල්ලගෙන ජිවත් වන අය විශිෂ්ඨයි ඔය දෙශපාලක උතුමන්ට,ලොකු බිස්නස් කාරයන්ට වඩා (සමහර කම්පැනි වලින් වැඩක් කරලා සල්ලි ගන්න ගියහම මාස 2/3 දින දාලා චෙච්ක් දෙන්නෙ හරියට සතෙ අතෙ නැහැ වගෙ)....

    ReplyDelete
  19. බස් එකට නගින, ගෙදරට එන, පාරෙ දකින හැම හිඟාකන කෙනෙක්ටම සල්ලි දෙන කෙනෙක් මම. ඒත් මම කවදාවත් පොඩි ළමයින්ගෙ අතට නම් සල්ලි දෙන්නෙ නෑ.පොඩි ළමයි එක්ක හිඟා කන දෙමවුපියො ගැනත් මගෙ කිසිම පැහැදීමක් නෑ.

    දවසක් මම ක්ලාස් යන්න කලින් උදේ කන්න ගන්න ගියා මීගමුවෙ කැල්ටන් එකට. මගෙ ළඟට ආව පොඩි ළමෙක් මගෙන් සල්ලි ඉල්ලුවා.
    "අක්කෙ අනේ උදේට කෑවෙ නෑ, කන්න ගන්න කීයක් හරි දෙන්න. " ඔන්න ඔහොමයි ඉල්ලුවෙ.
    මම කරපු දේ "ඔයාට මම සල්ලි දෙන්නෙ නෑ , ඒත් කන්න අරන් දෙන්නම්" කියලා කැල්ටන් එකෙන් මාලු පාන් දෙකක් අරන් දුන්න. එහෙම දීලා කිවුවා දැන් යන්න ගෙදර කියලා. හා කියලා මාලු පාන් දෙක අතට ගත්තු ළමයා දිහා මම ටික දුරක් ගිහින් ආපහු හැරිලා බැලුවා. ගෙදර යනවා කියපු ළමයා කඩේට එන අනිත් අය පස්සෙනුත් ගිහින් සල්ලි ඉල්ලනවා. ඒ ඇති වුණ කලකිරීම මගෙ හිතෙන් අයින් වෙන්න සෑහෙන කල් ගියා.

    ReplyDelete
  20. හිඟන්නො ගැන හොඳට දැනගන්න ඕන නම් මහාචාර්ය නන්දසේන රත්නපාල මහතා ලියූ '' සිඟන්නා'' පොත හොයාගෙන කියවල බලන්න.
    අවුරුදු ගාණක් එතුමා ඇත්තටම හිඟාකාලා තමයි ඒක ලියල තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ආ .... මේක කිව්වම මතක් වුනේ. ඔය නන්දසේන රත්නපාල මහත්තය ඔය වගේ වැඩක් කරන බව ප්‍රසිද්ධ වෙච්ච කාලෙ දවසක් මහාචාර්ය සරත්චන්ද්‍ර මහත්තය තවත් කවුද එක්ක ගමනක් යනකොට හිඟන්නෙක් ඇවිල්ල එතුමට අත පෑවළු. ඉතින් සරච්චන්ද්‍ර මහත්තය ඒ කාලෙ හැටියට හිඟන්නෙක්ට සාමාන්‍යයෙන් දෙන ගානට වඩා ලොකු නෝට්ටුවක් හිඟන්නට දීල ළඟ හිටපු මනුස්සයට කිව්වළු “කවුද දන්නෙ, ඔය අපේ නන්දසේනද කියල“. මට මතක හැටියට ඔය කතාව දොරමඬලාව වැඩසටහනකදි නන්දසේන රත්නපාල මහාචාර්යතුමාම තමා කිව්වෙ. ඒ වගේම එතුම අතිජාත මිත්‍රයකුගෙ කඩේකට ගිහින් හිඟාකාපු හැටි වගේ රසබර සිද්ධි කීපයක්ම කිව්ව මතකයි.

      Delete
  21. ම්ම්ම්.. ඒකත් කලාවක්.. හැමෝටම එහෙම කරන්න බෑ...

    ReplyDelete
  22. මමත් හුඟක් දැකලා තියෙනවා.. දැන් ඉන්නෙ හොඳට ඇඳ පැලඳගත්තු වැදගත් ලෙස හිඟාකන් යාචකයො..

    ReplyDelete
  23. හිඟා කන එකත් හැමෝටම බෑ. හිඟන්නෙකුත් ව්‍යාවසායකයෙකුත් අතර ලොකු සමානකම් දකිනව මම.

    ReplyDelete
  24. හිගා කා ලස්සනට ජිවත් වීමෙන් ලැබෙන ආත්ම ගෞරවය කුමක්ද? මම නම් ලස්සනට ජිවත් වෙනවා කියන්නේ පොඩි හරි රස්සාවක් කර ඉන් ලැබෙන අදායමෙන් කාටත් අත නොපා ජිවත් වීමය. හැමෝටම හිගා කෑම කල නොහැක. හිගමන් දීමට රැකියාවක් කර මුදල් උපයන මිනිසුන් සිටිය යුතුය. ඔය කතාව ඇත්ත නම් ඔය කාන්තාව හා ළමය මැනවින් සංවිධාන වුන හිගන කල්ලියක සාමාජිකයන් විය යුතුය. මට දුක හිතෙන්නේ තමන් මහන්සි වී හම්බ කර රුපියල් 50, 100 දුන් රැකියා කරන අසරණයන් ගැනය. මම නම් ප්‍රතිපත්තියක් ලෙස හිගන්නන්ට මුදල් නොදෙමි. එත් හදිසියේ කරදරයක් වී කෙනෙක් මට ඇත්ත කියා මුදල් ඉල්ලුවනම් දෙමි. හිගන්නනට නම් කොහොමටවත් සල්ලි නොදෙමි. මන්ද
    ඉන් කිසි වැඩක් නොවන නිසාය. දිය යුත්තේ ඔවුන්ට රැකියා අවස්ථා මිස මුදල් නොවේ. කුලී වැඩක් කර හෝ මුදල් ඉපයීම නම්බුකාරය.මම සියලු දෙනාගෙන් ඉල්ලන්නේ හිගන්නට මුදල් ොදෙන ලෙසය හැකිතාක් ඔවුන් මග හැර යන්න.

    ReplyDelete
    Replies
    1. හ්ම් ... ඒකත් ඇත්ත, පහුගිය දවසක කොහේ හරි ලියල තිබිල කියෙව්ව, “මාළු දෙන්න එපා. බිලී පිති දෙන්න“ කියල.

      Delete
  25. ලක්ශපතියෝ උන හිගන්නොත් ඉන්වලුනේ රත්තෝ..

    ReplyDelete
  26. හුටා....මේක ඇත්තටම ඇත්ත කතාවක්ද බන්........හැබැයි ඉතින් අර රෙපා[රෙප් මහත්තය] කිව්වා වගේ,මේකත් හොද මාර්කටින් පාරක් තමා.....

    ReplyDelete
  27. හිඟන්නො නැත්නම් යාචකයො අතීතයේ සිටම නගරාශ්‍රිතව සිටී බව මම අහල තියෙනව. ඒ කාලෙ නම් ඒක ව්‍යාපාරයක් විදියට ගොඩනැගිල තියෙන්න නැතුව ඇති. මම නම් කැමතියි ඔය හැම හිඟන්නම හොඳට ඇඳල පැළඳල ලස්සනට පිරිසිදුවට ඉන්නවනම්. ඒ වුණාට ඉතින් ලස්සනට ඉන්න සමහරු වැරහැලි‍ ඇඳගෙන කුණු නාගෙන හිඟන ඉෆෙක්ට් එක අරගෙන තමා හිඟාකන්න එන්නෙ.

    ReplyDelete
  28. අපි ඔක්කොම පුලන්නො නොවැ..

    ReplyDelete
  29. අම්ම ගහයි...........

    ReplyDelete
  30. ඔහොම ඉල්ලං එන මිනිස්සු දෙන ටෝක් ඇහුවම අපිට පිස්සු හැදෙනවා!

    ReplyDelete
  31. Innovative begging!
    නම්බුකාර හිඟන්නෝ වැඩිහරියක් හිඟාකන්නේ ක්‍රෙඩිට් කාඩ් වලින්....

    ReplyDelete
  32. අර කිවත් වගේ.. ඉස්සරහාට
    අපි ලස්සන හිගන්නො.. ඔයාලාට කැශ් නැත්නම්.. ක්‍රෙඩිට් කාඩ් වලින් පේ කරන්නත් පලුවන්.. කියලත් ඉස්සරහාට ඔහොම ඉල්ලයි.. :)

    ReplyDelete
  33. මාකටින් තමයි .

    ReplyDelete
  34. මු අර ගොමස්ට ලයින් දලා පිටරටට කතාකරලා ඇන් හිඟාකනවා.. !! :D

    ReplyDelete
  35. දේසපාලකයින්ට..වඩා..ශිෂ්ඨයි....
    හොරෙන් කනවට වඩා.

    ReplyDelete
  36. ඒ අයගෙ රස්සාව හිඟාකෑම. මනුස්සයට අංසබගෙ හන්දා කමක් නෑ කියමුකෝ ඒත් අනාගතය බාරගන්න ඉන්න දරුවන්ව ඔය වැඩෙට පුරුදු කර ගන්න එකනම් වැරදියි

    ReplyDelete
  37. මොඩර්න් හිඟා කෑමේ තියරි එක වෙන්න ඇති. අලුත් සොයාගැනිමක්ද. මම මේ මෙහෙම එකක් ඇහුවමයි.

    ReplyDelete
  38. අපි දෙන චේතනාව හොද නම් එච්චරයි. තියෙන් එකාද හිගන්නද කියල වැඩක් නැහැ මචං..

    ජය !

    ReplyDelete
  39. අපි ඉන්න රටෙත් ඕක ගොඩක් වෙනවා. සමහර යාචක ගෑනු අතේ තියෙන්නේ හොදම ටෙලිපෝන්. දාන්නෙ ගොඩක් ගනන් සපත්තු,.. අනේ මන්දා.. අපිට වඩා හොදට ඉන්නව වගේ තමයි.. :D

    ReplyDelete
  40. මමත් ගොඩක් දවස්වලට ඔය කෙනා දකිනවා.මාරවිදිහේ ධනාත්මක කතා කියන්නේ.අලව්වේලු ඉන්නේ.සල්ලිත් තියනවලු.ඒත් ඉතිං අපි?

    ReplyDelete
    Replies
    1. අලව්වෙලු ඉන්නෙ....ඒ මාත් බන් අලව්වෙනේ....කව්ද මම නොදන්න බුවී....

      Delete
  41. ඇත්තම කිව්වොත්....සාමාන්‍ය රස්සාවක් කරල මාසෙට 20 ක් විතර ගන්න කෙනෙක්ට වඩා ඔය හිගන්නො පෝසත්.අඩුම තරමේ දවසකට 1500 යක්වත් පන්නල හොයනවා ,විශේෂයෙන්ම කෝච්චියේ හිගකන අය. office train එකකට ගොඩ උනාම වැඩේ ගොඩක් ලේසියි.
    සමහරු මුදල් හම්බ කිරීමේ පරමාර්තයෙන්ම සංවිදනාත්මකව හිගකනවා....උදේට ගෙනත් වැන් එකෙන් බස්සල යනව,හවසට ඇවිත් එක්කන් යනව....

    දියුණුවීමේ පහසුම මග හිගා කෑමයි....
    එත් චාටර්නෙ බන්...ඇත පය හතර හොදට තියෙද්දි හිගා කන එක...

    ReplyDelete
  42. රුපියල් 20ගානේ බස් 100ක නැග්ගොත් රුපියල් 2000
    දවස් 20ක් වැඩකලොත් රුපියල් 40000යි...
    බස් එකකින් රුපියල්20ට වඩා හම්බ වීම බෝනස්... අනිවා ලැබේ....
    වැඩිපුර වෙලා වැඩකිරීම... දවස් 20ට වඩා වැඩ කිරීම ඕටී... අනිවා කරයි
    75,000 ++

    ReplyDelete
  43. බලන් ගියාම හිගන්නොත් අපිට වඩා හොදයිනේ..

    ReplyDelete
  44. හොඳ නිර්මාණයක්

    ReplyDelete

ඔබේ වචන මට හයියකි...මේතන ලියා යන්න(ඔන්න හොදින් කිව්වා..අඩෝ...ලිව්වේ නැතිනම් කපනවා ඩෝ...)