Showing posts with label හිතන්න. Show all posts
Showing posts with label හිතන්න. Show all posts

Sunday, 21 July 2013

විසේකාර පෙම්වතී (My Girlfriend) - "පට්ට කෑල්ල බං"



සැප්තැම්බර් 30

මට අඩි දෙක තුනක් ඉදිරියෙන් ඇය ගමන් කරමින් සිටියාය.කුමක් හෝ හේතුවකට මම ඇයට වඩා අඩි දෙක තුනක් පසුපසින් ගමන් කලෙමි.
නැත..හේතුවක් නැත..මා සෑම විටම සිටියේ ඇයට පිටු පසිනි..
ඇගටම ඇලුණු ඩෙනිම් කලිසමෙන් ඇයගේ පශ්චාත් ප්‍රදේශය ඉස් මතුවී පෙනේ.ඇය අඩි 5කුත් අගල් 6ක් උස වූවත් දමා ඇති අගල් තුන හතරක් උස අඩි පාවහන් හේතුවෙන් ඇයගේ උස වැඩියෙන් පෙනේ.අමුතු ලෙස පීරා තිබූ කොන්ඩයට දමා තිබූ විලාසිතාව කුමක්දැයි මට තවමත් තේරුම් ගත නොහැකිය.ඉතින් මේ පිරිමි හිත හිරි වැට්ටීම අරුමයක් නොවේ.හිරි වැටුනේ මේ පිරිමි හිතම පමනක් නොවේ.ඇය පසු කර යන හැම පිරිමි හිතක්ම හිරි වැටී ගොස් ඇති බව, ඔවුන් ඈ දෙස බලන බැල්මෙන් වැටහේ..

"පට්ට කෑල්ල බං"

ඇය පසුකරගෙන යන හිරිමල් වයසේ කොලු ගැටයෙකු පවසනවා මාගේ සවනත වැටුනි.
තවත් බලා සිටිය නොහැක..පෙර කියූ අඩි තුන හතරක පරතරය අවම කර ගැනීමට හනි හනිකට මම පා තැබුවෙමි.කලබලයත් , ඉක්මන් ගමනත් නිසා වැරදීමකින් ඇයගේ දකුණු පාදය මත මාගේ වම් පාදය පතිත විය..එසැනි මාවෙත හැරුණු ඇය කට හඩ අවදි කලාය...

"ඌයීයා තාරක...මට රිදුනා"
ඔබගේ හිත්වලද ඇය ගැන බලාපොරොත්තු තිබුනා නම් කරුණාකර ඒවා ඉවත් කරගන්න..ඇය මාගේ පෙම්වතියයි.
මා ඇයගේ පාදය දෙස බැලූයෙමි..රක්ත වර්ණ ගැන්වූ නියපොතු දුඹුරු පැහැ මඩ තට්ටුවකින් වැසී ගොස් තිබුනි.සුදු පැහැති දකුණු කකුල ක්ෂණයකින් අවලස්සන කිරීම හේතුවෙන් මම මටම බැන ගත්තෙමි.

"සොරි නෙත්මි..වැරදිලා පෑගුනේ.."
"මැට්ටා.."

එක් අතක් මාගේ උරහිස මත තැබූ ඇය වම් පාදයට බර දි දකුණු පාදය ඔසවා ගත්තාය.අඩි 6කට වඩා උස තිබීමේ වාසිය එයයි.

"ඉන්නවකෝ හොද වැඩක් කරන්න "

ගමන් මල්ලෙන් එලියට ගත් ටිෂූ කඩදහියකින් දෙපා පිහිදන ගමන් ඇය තොදොල් වූවාය.
පාදය හොදින් පිස දමා ටිෂූ කඩදහිය අසල තිබූ කානුවක් වෙත විසි කල ඇය , මා වෙනතක් බලාගත් සැනෙකින් මාගේ පාදය මත ඇයගේ උස්වූ , වුල් වූත් සෙරෙප්පුව පතිත කලාය.

"ආවු.."

සිතුවාටත් වඩා වැඩි හඩකින් පිටවූ ඒ ශබ්දය වට පිටේ ගමන් කරමින් සිටි කිහිප දෙනෙකුගේම දෙනෙත් මා දෙස එල්ලවීමට හේතුවක් විය.
ඇය සිනා සුනාය..මා තුරුලු කරගෙනම සිනා සුනාය..විටෙක ඇයගේ ඔලුව මාගේ උරහිස මත තබාගෙන ඇය සිනාසෙයි.පිරිමියෙක් අඩි 6ක් වත් උස විය යුතුයැයි මම නැවත නැවත ඔබට කියන්නේ එබැවිනි...මේවා මට අමුතු දේවල් නොවීය.ඇය මට කෙලිලොල් ප්‍රේමවන්තියක්ම වූවාය.විසේකාරම ප්‍රේමවන්තියක් වූවාය.

"ආ...මෙන්න..."

තවත් ටුෂූ කඩදහියක් මාවෙත දිගු කරමින් ඇය පැවසයි.
මම මගේ දෙපා දෙස බැලූවෙමි..පෙරේදා අලුතෙන් පටියක් දැමූ නිසා රබර් සෙරෙප්පු කබල් දෙකේ වෙනසක් නොපෙනෙයි.
මා ජීවිතයේ සැබෑ තතු දැන දැනත් නෙත්මි මට ආලය කලාය..කැම්පස් වචන වලින් කිවතොත් ඇය මට බොක්කෙන්ම ලව් කලාය..
විශ්ව විද්‍යාලීය ජීවිතයේ මේ තාක් ගතකල අවුරුදු දෙක ඇතුලත ඇයගේ ආදරයේ අඩුවක් දක්නට නොලැබුනි.මම ඇයට කිසිදු තහංචියක් නොදැම්මෙමි.එසේයැයි කියා ඇය ඒ නිදහස අයුතු ලෙස ප්‍රයෝජනයට ගත්තේම නැත.මගේ හිතටත් වඩා මම ඇයගේ සිත විශ්වාස කලෙමි.එය අයිතිව තිබුනේ මටම පමනක් බව ,මම හොදාකාරව දනිමි.ඉතින් ඔබලා ඉරිසීයා නොකරන්න..ඇය මාගේ විසේකාර පෙම්වතිය වූවාය.
අඩුවක් තිබුනා නම් තිබුනේ ඇයගේත් මගේත් සමාජීය මට්ටමය.ඇය ඉහල පන්තියක එකියක් වූවාය.
එම වාක්‍යය තුල මා පහල පන්තියක එකෙක් බව ද ගැබ්ව තිබේ.එය සදහන් නොකලත් මාදෙස බලන්නෙකුට එය හොදින් වැටහේ.නෙත්මි ඒ කිසිවක් නොසැලකුවාය.ඉතින් ඒ ගැන මම තවත් හිතන්නේ කුමකටද?

------------------------------------------------

"ලොකු පුතේ......තාරක..."

මම කාමරයේ දොර රෙද්ද දෙස බැලූවෙමි..එය මෑත් කරමින් අම්මා කාමරයට ආවාය.

"පාඩම් කරනවද.."

"හ්ම්ම්ම්ම්"

කෙදිරියකින් පමනක් මම පිලිතුරු දුන්නෙමි..

"කවද්ද ආයේ යන්නේ?"

කතාවට මගෙන් ආරම්භයක් නොමැති තැන ඇය නැවත පැනයක් විමසුවාය.

"කැම්පස් එකටද?"

"හ්ම්ම්ම්ම්.." 
එවර කෙටි පිලිතුර ඇයගෙනි..

"අනිද්දා උදේම යන්න ඕනේ අම්මේ..එක්සෑම්  එක ඊලග සතියේ පටන් ගන්නවා.."
"හ්ම්ම්ම්ම්ම්"

දෙවරක් පමන මාගේ හිස අත ගෑ ඇය යන්නට හැරුනාය..මම නැවත පොත දෙසට ඔලුව හරවා ගත්තෙමි..

"ලොකු.."
"හ්ම්ම්ම්.."

ඔයා ලග රුපියල් 2000ක් විතර ගන්න නැද්ද පුතේ."

මාගේ මුහුණ දෙසවත් නොබලා ඇය විමසුවාය.සමහර විට කෙලින්ම මගෙන් විමසන්නට ඇයට ලැජ්ජා සිතෙන්නට ඇත.තැනින් තැන ඉරීගොස් තිබූ ගවුම් රෙද්දකින් මසා නිමකල ඇයගේ ඇදුම , තව තවත් පරන වීගොස් යැයි මට සිතේ..දැනට මාස කිහිපයක සිටම ඇය දහවල් කාලයේ ගෙදර වැඩ කරනා විට හැදගෙන සිටින්නේ එම ඇදුමමය.ඇරත් ඇයට ඇදුම් තුන හතරකට වඩා නොතිබූ බව මම හොදාකාරවම දනිමි..

"එච්චර සල්ලියක් කොහේද අම්මේ.සර්ලා පන්ති පටන් අරන් දැන් ටික දවසක් නිසා පෝස්ටර් ගහන්න දෙන්නේ නෑ. මහපොල සල්ලි වලින් තමා මෙච්චර දවසක් කෑවේ.කොහොම හරි මමත් class එකක් කරන්න හිතන් ඉන්නවා.ඒකත් ඉතින් කවද්ද කියන්න බෑ."

"හ්ම්ම්ම්ම්...මම හිතුවා මහපොල සල්ලි කීයක් හරි ඇති කියලා."

"අනේ නෑ අම්මේ...මොකටද?"

"මල්ලිට, දොස්තරලා ලියන පොත් වගයකුයි පෑන් වගයකුයි ගන්න ඕනලු..පලවෙනි අවුරුද්ද නිසා ඔක්කොම අලුතෙන් ගන්නෝන කියන්නේ.."

දොර රෙද්ද මෑත් කරමින් ඇය යන්නට සැරසුනාය.සමහර විට මගෙන් මුදල් ඉල්ලීම ගැන ඇයට ලැජ්ජා සිතෙන්නට ඇත.

"මම කිව්වා අයියට කෝල් එකක් දීලා අහන්න කියලා.හෙට අනිද්දට කෝල් එකක් එයි.සල්ලී කීයක් හරි හොයා ගන්න පූලුවන් උනොත් ඌට දෙන්න පුතේ.."

"බලමු අම්මා..මම මොනවා හරි කරන්න බලන්නම්.."

දොර රෙද්ද වැසෙනවාත් සමගම මම මුදල් පසුම්බිය අතට ගත්තෙමි.කොල ගොඩක් අස්සට වන්නට දමා තිබූ රුපියල් දෙදහසේ කොලය අතට ගෙන මම නැවත පොත දෙස බැලුවෙමි..

-----------------------------------------------------------------------------

අවසානයේ මම සියල්ල අහවර කර ගත්තෙමි...දැන් මුලු මුදලම සම්පූර්ණ වනු ඇත.
ගමන් මල්ල තුල ඔබාගෙන සිටි අවසාන පෝස්ටරයත් තාප්පයේ අලවා හමාර කල මම ඩෙනිම් කලිසමේ ඉහිරී ගොස් තිබූ පාප්ප ටික දකුණු අතින් ගසා පිස දැමූයෙමි.කෙසේ හෝ මෙම ඩෙනිම තව දවස් 5ක් වත් එක දිගට ඇදිය යුතුය.මෙහි කුණු ගෑවුනොත් අදින්නට කලිසමක් නොමැති බව මම දැන සිටියෙමි.

"දිවයිනේ  ජනප්‍රිය දේශක නදීර හෙන්නායක මෙහයවන රසායන විද්‍යා නව පන්ති ආරම්භය"

පොල්ගෙඩි අකුරින් පෝස්ටරයේ ලියා තිබූ වදන් කිහිපය අඩි විස්සක් තිහක් ඈතට ගිය පසුවද පෙනේ.
පාර අයිනට වන්නට නවතා තිබූ බයිසිකල් කටුවට නැගී නැවත වරක් පොස්ටරය කියවා බැලූවෙමි...
නදීර හෙන්නායක වෙනුවට තාරක ගුණවර්ධන නම පෝස්ටරයෙන් මතුවී මැකී යයි..
එය තනිකරම සිහිනයක් යැයි වටහා ගැනීමට මට හොදටම ඕනෑකම ඇත.නමුත් කෙදිනක හෝ එය සැබෑවක් වුවහොත්..
අනුන්ගේ පෝස්ටර් ඇලවීමෙන් මා ලද විශාලතම ආත්ම තෘප්තිය එයයි. මේ පෝස්ටර් ඇලවීමත් සිහින දැකීමත් ,විශ්ව විද්‍යාලට පැමිණි දින සිටම ඒකාකාරව සිදු කෙරේ.වෙනසක් වූවා නම් සිදු වූයේ පෝස්ටර් ඇලවීම වෙනුවෙන් වෙනුවෙන් ගෙවන මුදලේ පමනි..

බයිසිකලය මත නැගි මම තවත් පැය භාගයකට පමන පසු ටියුශන් පන්තිය ඉදිරියට පැමිනියෙමි.තට්ටු කිහිපයක උස ගොඩනැගිල්ල පැත්තකට වන්නට තිබූ මාර ගසට බයිසිකලය හේත්තු කෙලෙමි.

"නදීර සර් ඉන්නවද?"

කාඩ් මිටියක් දකුනු අතේ හිරකරගෙන,නිල් පෑනින් මේසයට තට්ටු කරමින් සිටි තරුණයාගෙන් මම විමසීමි.

"ඇතුලේ ඇති" යැ‍යි මුවින් නොකී හෙතෙම දකුණු අත කාර්‍යාල දෙසට දිගු කලේය.

ටියුශන් පන්තියට එන නානා ප්‍රකාර තරුණියන් අතරේ මට ඇයගේ මුහුණ මතුවී පෙනේ.ඇයගේ සිනහවන් මතුවී පෙනේ...සැප්තැම්බර් 30 වීමට තව වැඩි දවසක් නොමැත..නමුත් මා කෙසේ හෝ ඇයව පුදුමයට පත් කල යුතුමය.මාගේ විසේකාර පෙම්වතිය මා පුදුමයට පත්කල යුතුමය.
සමහරවිට මේ ඉතුරු කල රුපියල් දෙදහසක මුදල සෑහීමට පුලුවන.නමුත් එම මුදල මදි වුවහොත්..නැවත ඇයගේ රූපය මතුවී පෙනේ.ඒ සියුමැලි මුහුනට නොගැලපෙන සිනහ හඩක් එක් වරම මතුවේ...ඒ සමගම ශරීරයම සෙලවෙන බවක් දැනේ.

"තාරක...තාරක.."

"සර්"

නදීර හෙන්නායක මහතා මා ඉදිරියේ සිනහ සෙමින් සිටියි.

"මොකො බං..මොනවද හිතන්නේ.."

"මුකුත් නෑ සර්." මම සිනහසෙමින්ම පැවසීමි..

"ඔන්න ඕකනේ මම කැම්පස් කොල්ලොන්ට වැඩ දෙන්න කැමති නැත්තේ.පොඩ්ඩ ඇත්නම් මනෝ ගහනවා..හරි කියපන්..ඔක්කොම ටික ඇලෙව්වද?"

"ඇලෙව්වා සර්..මට දීපු Area එකම Cover වෙන විදිහට ඇලෙව්වා.."

"උඹත් එක්ක ආව අනිත් උන් නම් ගාන අරන් ගියා.උඹ විතරයි එන්න හිටියේ.මම හිතුවා උඹ පෝස්ටර් මිටියත් අරන් මාරු වෙලා කියලා.."

රුපියල් පන්සියයේ කොලය මාගේ අත්ලේ තබමින් හෙතම සිනාසෙමින් පැවසීය.

"හරිනේ...ආයේ වැඩක් ආවොත් මම කෝල් එකක් දෙන්නම්."

"සර්..." යන්නට හැරුනු ඔහු මාගේ ආමන්ත්‍රනයත් සමගම නැවතුනේය..

"මොකෝ ඒපාර"

"පොඩි උදව්වක් ඕනේ..මේ පන්සීයේ කොල හතර අරන් මට දෙදාහේ කොලයක් දෙන්න පුලුවන්ද?"

ඔහුට සිනහ ගියේය..එම සිනහවත් සහිතවම මුදල් පසුම්බිය අතට ගත් හෙතෙම දෙදහසේ කොලයක් පිටතට ගත්තේය.

අවසානයේ පන්සියයේ කොල හතර වෙනුවට දෙදහසේ කොලයක් මා අත්ල මත ගුලි විනි.පසුම්බිය එලියට ඇදගත් මම , එහි තිබූ කොල කෑලි කිහිපයක් අතරට තබා එය සගවා ගත්තෙමි...

--------------------------------------------------

හන්තාන කදු මුදුන මත ඇති දුරකතන කුලුණ දෙස මමත් ඇයත් අක්බාර් පාලම මතට වී බලා සිටියෙමු.අප පසුකර යන ඉන්ජිනේරු පීඨ සිසුන් මට නොදැනෙන්නට ඇය දෙස බලාගෙන යන බව මම හොදා කාරයෙන් දැන වුන්නෙමි.එය මට ආඩම්බරයට කරුණක්ද එසේත් නැතිනම් ඉරිසියා කිරීමට කරුණක් දැ‍යි මම නොදනිමි.

"අර Tower එක හදන්න ඕන කරන දේවල් කොහොම හන්තාන උඩට ගෙනිච්චද මන්දා"

සෑහෙන්න සංකීර්න ප්‍රශ්නයක් ලෙස ඇය පහු ගිය මිනිත්තු කිහිපයේදීම නොකඩවා මේ ගැනම මගෙන් ඇසුවාය.
නැත...එක් අතකට ඇයට ප්‍රශ්න විය යුත්තේ මේවාය.ජීවිතය ඉතා සැහැල්ලුවෙන් ගෙවා දමන ඇයට වෙන මොන ප්‍රශ්නද..?
මට සිහින් සිනහවක් මතු වේ..

"මොකො යකෝ හිනාවෙන්නේ..."

ඇය මා කොනිත්තයි...වට පිට යන අය තව තවත් අපදෙස බලයි..

"පිස්සියේ,අනිත් අයට පේනවා..."

"ඉතින් මොකො...මගේ නේ..."

"පිස්සු....මම මගේ විතරයි...මගේ අත..මගේ කට... මගේ..."

"ආ....කට ඔයාගෙද....ඉන්නවකෝ එහෙනම්..."
ඉන් පසු ඇය වටපිට බලයි..පාලම මතින් කිසිවෙකුත් ගමන් නොකරන තුරු හිත තදින් මා දෙතොල සිපගනී.විදුලි දහරාවක් ඇගපුරා ගලාගෙන යන ඒ තත්පර කිහිපය..

"ඇද්ද...දැන් කට මගේ...ම්ම්ම්ම්ම්ම්ම්..අයිස්ක්‍රීම් රසයි..." තම දෙතොල් දිවෙන් පිරිමදිමින් ඇය පවසයි..

ඇයට ආලය කිරීමට හේතු ඇසුවහොත් උඩින්ම ඇති හේතු කිහිපයට මේ විසේකාර බව ඇතුලත් විය යුතුමය.

"අයිස්ක්‍රීම් නෙමේ...ඔන්න ලිෆ්ස්ටික් තට්ටුවයි , මේකප් තට්ටුවයි ගැලවිලා බිමට වැටුනා..දැන් හැටි බලනවකෝ කන්නාඩියෙන්..කබරියෙක් වගේ.."

"ර්‍රර්‍රර්‍රර්‍ර...ඌරා.."
"තෑන්කියු අනේ..."
"කලවැද්දා.."
"තව ටිකක් තැන්කියු"
"ජිරාෆ්"
"හෙහෙ..ඉතින් මොකො ඔයා මේ ඌරා,කලවැද්දා,ජිරාෆ් එක්ක ඉන්නේ.."

"ඉන්නේද.."  ඇය නැවත වට පිට බලයි..ඉන්පසු පෙර කියූ විදුලියක් ගමන් කරන සුලු මොහොතක අත්දැකීම.

"ඉන්නේ ආදරේ නිසා.."

 ඔව්...සැබැවින්ම ඇය මට ආලය කලාය.පුරා වසර දෙකක් මුලුල්ලේ මාහා සිටියේ ඇය සැබැවින්ම මට ආලය කල බැවිනි..
ඉතින් මේ සැප්තැම්බර් 30 වන දින මම ඇයට විශේෂ යමක් දිය යුතුමය.

අහා....සමාවන්න..සැප්තැම්බර් 30 ,  මට එය මීට පෙර ඔබට සදහන් කිරීමට නොහැකි වින..ඇයගේ උපන්දිනය සැප්තැම්බර් 30 වන දිනට යෙදී තිබුනි.
ඉතින් පෙම්වතෙකු ලෙස මම ඇයට කුමක් හෝ විශේෂ දෙයක් ලබාදිය යුතුයමය.
ඔව්...එම විශේෂ දෙය කුමක්දැයි මම මේ වනවිටත් තීරණය කර හමාරය.සැබැවින්ම එය තීරණය කිරීම එතරම් අපහසු වුනේම නැත.

"නෙත්මි.."

"මොකො ඒ පාර"

"දැන් ඔයාට ඉන්න අර ටෙඩිබෙයාර් , බෝනික්කෝ Collection එකේ ඔක්කොම කීයක් විතර ඉන්නවද?"

"අනේ යනවා යන්න විහිලු නොකර..ආයේ ඒක අල්ලගත්තා මට විහිලු කරන්න.
"විහිලු නෙමේ..කියන්න ඉතින්.."

"විසි එකයි"

"ඉතින් තාත්තා මේ අවුරුද්දෙත් උපන්දිනේට එකක් අරන් දෙනවා කිව්වද?"

"පිස්සු...මම දැන් පොඩි එකෙක්යැ..අනික මට මේ ලොකූ ටෙඩි බෙයාර් කෙනෙක් ඉන්නේ..." නැවත පෙර කියූ විදුලිය ගමන් කල මොහොත...

"ඒත් ඉතින් මගේ ලග ඉන්න ඔක්කොම මේන් මෙච්චර සයිස්.."
ඇය දණහිස මට්ටමට අත තබා පෙන්නුවාය..ඒත් මම ආසයි මේන් මේ සයිස් එකෙකුට..."  
ඉගටිය තෙක් අත ඉහලට ගෙන ආ ඇය නව මට්ටම සලකුනු කලාය..මම දැක්කා ඒ සයිස් එකෙක් ඉන්නවා නුවර Shop එකක."

මම සිනාසීමි.ටිකක් අමුතු වීදිහකට සිනාසීමි.

"මොකො ඔහොම හිනාවෙන්නේ.."

"නෑ ඉතින්...ඔහොම එක එක සයිස් කඩවල විකුනන්න තිබුනම අහිංසක අපිට මොකද වෙන්නේ..."
"ආ....පෝ.......ඔයා නම්.....හඃ... හොද නෑ...."

ලැජ්ජාවෙන් තව තවත් ඇය මාහට තුරුලු වූවාය..

-----------------------------------------------------------------

"ඒයි.....මොනාද හිතන්නේ..."

ඇය තවමත් ටිශූ කඩදාසිය මාවෙත දිගු කරගෙනමය.මඩ තට්ටුව තවමත් පාදය මත තිබූ ලෙසටම තිබේ..
ටිශූ කඩදහිය ඇයගෙන් ගත් මම පාදය පිසදාගත්තෙමි..

"හරි යමු.."

ඇය වහ වහා මාගේ දෑතේ එල්ලීගත්තාය..

"ඉතින් දැන්වත් කියන්නකෝ තාරක..අපි කොහේටද යන්නේ කියලා"

"ඒවා දැන්ම කියන්නෑ...පොඩි කුතුහලයක් තියෙන්නත් ඕනේ නේ.."

"හුහ්.." 
ඇය ගස්සා ඉවත බලාගත්තාය.ඉන් පසුව කට ඇද කලාය..
සෙනග පිරුනු වීදී අතරින්, කහ ඉරි වලින් පාර මාරු වෙමින්ම අපි අදාල ස්ථානයට පැමිනියෙමු.
අහා...මට නැවත වරක් අමතක විනි.අපි මේ යන්නේ කොහේටදැයි ඔබට කීමට මට මතක නැතිවී ගොස් තිබුනි.සැබැවින්ම එය කුඩා ලමුන්ගේ කෙලි සෙල්ලම් බඩු විකිනීමට තබා තිබූ කඩයකි.එහි ඉදිරිපිට වීදුරු ඇසුරුම තුලින් නෙත්මිගේ ඉගටිය දක්වා උස්වූ බෝනික්කෙක් විය.

Rs:1999.99 .

 මිල සදහන් කල කොල කැබැල්ල බෝනික්කාගේ කරෙහි එල්ලා තිබුනි.

"තාරක.."
ඇය නොසන්සුන් හඩින් මා ඉදිරියේ දෑස් ලොකු කරගෙන බලාගෙන සිටියාය..

"ඔයා ඇත්තටම ඒක ගන්නද යන්න්?"

ඔව් කියන්නට මෙන් මම සිනහසුනෙමි...

"අනේ...ඒත් කොහෙන්ද සල්ලි....?"

"අනේ පිස්සී...ඔය ප්‍රශ්න වලට පස්සේ උත්තර දෙන්නම්..ඉස්සෙල්ලා අපි ඒක අරගෙන ඉමුකෝ..."

කඩය තුලට අඩිය තබනවාත් සමගම මාගේ ජංගම දුරකතනය නාදවන්නට විය..

"Malli Calling....."
ජංගම දුරකතනයේ තිරය මත සදහන් වී තිබේ..
දෙවරක් නොසිතාම ඇමතුම විසංදි කල මම නෙත්මිත් රැගෙන කඩය තුලට පිය මැන්නෙමි...
  
   නිමි.
 

  (නම් ගම් පමනක් නොව , කතාවද මනඃකල්පිතයි )
      

Tuesday, 11 September 2012

ඇස්.බී දිසානායකගේ පරම්පරාවට ගණදෙවි පිහිටයි!


ආදරණීය මාමි,

 මාමා කියා කියන්නද අයියේ කියා කියන්නද මට හිතා ගන්න බෑ අයියෝ,රනිල් නම් අයියා ඔයැයිට මම මාමි කියන්නම්.ඇත්තටම මාමි ඔයැයි උසස් අධ්‍යාපන ඇමති උනයින් පස්සේ මම කැම්පස් එකේ ඉන්න කාලෙට වැඩිය වැඩි කාලයක් ගත කරේ ගෙදර පවුලේ උදවිය එක්ක.අපිට එහෙම ගත කරන්න වෙන්නේ එක්කෝ වැකේශන් එකට නැති නම් වෙන විශේෂ නිවාඩු දවසක විතරයි.අපේ ලෙක්චරස්ලටත් එහෙමයි.ඒ සර්ලට ගෙදර ඉන්න වෙලාවක් ඇත්තෙම නැති තරම්.දැන් ඒ අදුරු යුගය නෑ.ඔයැයි සෝ ග්‍රේට් මාමි.මට ඔයාව අල්ලගෙන ඉබින්න හිතෙනවා.ඔයා කොට නිසා මට ඔයාගේ නලලම ඉඹින්න පුලුවන්.ඒත් ඉතින් රටේ මිනිස්සු මොනවා නොකියයිද මම ඔයාව ඉම්බොත්.එයාටට තේරෙන්නේ නෑ නේ මේ හැමදේම කරන්නේ ඔයා අපිට තියෙන ආදරේ නිසා කියලා.
ඇත්තටම මාමේ අර z මෙව්වා මෙහෙම කරලා මෙහෙම එකතුකරන විදිහ කිව්වේ මාමා නේද? හොරා,...බොරු කියන්න එපා හොදේ! මම දන්නවා ඒක හොයාගගන්න ඇත්තෙත් ඔයා කියලා.ඔයාගේ ඔය චූටි මොලේට ඔව්වත් මහ වැඩ නෙමේ නේ.
මාමටයි මාමගෙ උසස් අමාත්‍යංශේ අයටයි ඊට පහල අමාත්‍යංශේ අයටයි පින් සිද්ද වෙන්න අපේ මල්ලි තාම ගෙදර.අපි අවුරුදු දහතුනක් ඉස්කෝලේ ගියා.මල්ලිටයි මටයි කතා කරන්න හම්බ වුන වෙලාවල් ගොඩක් අඩුයි.දැන් මමයි මල්ලි දවසේ පැය විසි හතරෙම කතා කරනවා.පොඩි කාලේ කරන්න බැරි උන සෙල්ලම් අපි දැන් කරනවා.ඊයේ ගිනි ගිනි බෝලේ කරා.පෙරේදා කොපර කොපර පිපිඤ්ඤා කරා.අද උදේ එලුවන් කන්න යනකොට මල්ලි සිංහයා උනා එළුවට ගන්න කෙනෙක් නැතුව ඒක අතර මග නැවැත්තුවා.අපරාදේ...ඒ වෙලාවේ මාමා ලග ඉදිය නම් කියලා හිතුනා.
දැන් කැම්පස් වල ඉන්නේ කොටි නේද මාමේ.අපේ අම්මලට නම් විකාර.මම නම් බයෙන් ඉන්නේ අපේ මල්ලිව කැම්පස් යවන්න.හදිස්සියේ මල්ලිගේ නරක තැනක් කොටියෙක් කෑවොත්,මොකෝ ආයේ වවන්න කියලද..මාමා එක පාරක් පේරාදෙණියේ කැම්පස් එකට ඇවිල්ලා අර විවෘත කරපු මෙව්වා එකක් ආයේ විවෘත කරන්න ගිහින් කොටියා කෑව සිද්දිය අහනකොටත් ඇග කිලිපොලා යනවා.ඒක නෙමේ මාමේ..සරසවි වල ඉන්න ඇදුරෝ හෙන නෝටි කට්ටිය නේද? දෙන දේ කාලා ඇදලා ඉන්නේ නැතුව තව අනම් මනම් ඉල්ලන්නත් එනවා.හ..මට නම් පුදුම තරහක් එන්නේ එයාලා එක්ක.මේ කැම්පස් කියන ඒවා ඔක්කොම වහලා දාන්න ඕන.වහලා දාලා සල්ලි දීලා උගන්නන්න ඕන.එතකොට එයාලා ඉල්ලන දේවල් දෙන්න පුලුවන් නේ.
           දැන් නම් කැම්පස් කියන එක අපිටත් එපා වෙලා තියෙන්නේ.මාමාට ඕන උනෙත් ඒක නේද? මාමා හරිම කුප්පයි මාමේ.ලබන අවුරුද්දේ කැම්පස් යන්න තේරුන ලමයි දැන් කොත්තු දානවා , කඩවල් ගානේ බඩු විකුනනවා ..අන්න බලන්න එයාලා ස්වයං රැකියා වල නි‍යැලිලා ඉන්නේ.ඒක අපේ රටට කොච්චර හොදද? ලබන අවුරුද්දේ කැම්පස් එන ලමයි ගාන අඩු වේවි.ඊට පස්සේ තව අඩුවේවි.අපි මෙව්ව නැත්තටම නැති කරලා දාන්න ඕන.අන්න ඊට පස්සේ අර ලමයා කොත්තු දාලා , බඩු විකුනලා හම්බ කරන සල්ලි වලින් එයාටම එයාගෙ ඉගෙනීමට වියදම් කරගන්න පුලුවන්.අපේ අල්ලපු ගෙදර එකා මේ පාරත් විභාගේ ලිව්වා.මම දන්නවා ඌ මේ පාරත් ෆේල්.අන්තිම ගොන් මැටි හරකෙක්.පොරගේ පන්තියේ ඉන්නේ හෙන බ්‍රයිට් කොල්ලෙක්ගෙන් කොපි කරන්න ගියාම ඌ පෙන්නුවේ නෑ කිය කිය අඩනවා.ආයේ පාරක් විභාගේ ලියන්න ගියොත් නම් මම ඌට කනට දෙකක් ගහනවා.ඇයි වදේ මෙච්චර හොද රස්සා තියෙද්දේ මොන ලබ්බකට මේ විභාගේ ලියනවද මංදා.ඊලග පාර ඡන්දේ ඉල්ලන්න දාලා ඌව ඡන්දෙන් දින්නවනවා.ඊට පස්සේ බැරියෑ පොරටත් උසස් අධ්‍යාපන ඇමති වෙන්න.නැද්ද මම අහන්නේ.ආන්න ඊට පස්සේ පුලුවන් අර කොපි කරන්න නොදුන්න එකාගේ පඩි අඩු කරන්න.කොච්චර ඉගෙන ගත්තත් මෝටර් බයික් එකෙක් ලෙක්චර්ස් දෙන්න යන කොට අර වෙඩි නොවදින මෙව්වා එකකින් ඇවිල්ලා කොලොප්පම් කරන්න..හූ කියන්න..
මේ කරන කියන දේවල් වෙනුවෙන් මාමා ලබන ආත්මේ තව ටිකක් උස යන්න ඕන.
            ඉතින් මාමේ මම නවතින්නම්.මාමට තව තවත් අධ්‍යාපනේ කන්න ශක්තිය ලැබෙන්න ඕන.මාමා තව තව කෑගහන්න.තව තව කතා කියන්න.ඔය කක්කා කටින් පිටවෙන වචනයක් වචනයක් ගානේ රටේ මිනිස්සු ඇත්ත තේරුම් ගනීවි.ඔව්.පරක්කු වෙලා හරි උන් ඇත්ත තේරුම් ගනීවි.මාමට කපිල වස්තු ධාතූන්වහන්සේලාගේ පිහිටයි
 මාමාගේ අම්මට දෙවි පිහිටයි (ඒක කැම්පස් වල කොල්ලෝ කියන්න කියලා කිව්වේ )

සරසවි ආචාර්‍යවරුන්ගේ සටනට ජය වේවා!!

ප.ලි - මේක ආතල් එකට ලිව්ව එකක් නොවන බව සලකන්නේ.අමර මලෙන් ලිව්වේමි.

                         මේ ලියලා තියෙන අකුරු මොන තරම් ලොකු කතාවක් කියනවද?

Wednesday, 25 July 2012

"ආත්මගරුත්වය" - (කෙටිකතාව)


"නම"
"සිරිසේන"
"වයස"
"අවුරුදු 56යි මහත්තයෝ" 
 "මොනවා කරන්න ගිහින්ද කවව්ව ගත්තේ"
"අනේ මුකුත් කරන්න ගියේ නෑ මහත්තයෝ.අපේ ග්‍රාමසේවක මහත්තයගේ බල්ලා.මම ගේට්ටුවෙන් ඇතුලට යනකොටම දුවගෙන ඇවිල්ලා හැපුවේ.මට හෙල්ලෙන්න වත් වෙලාවක් තිබුනේ නෑ"
"හ්ම්ම්ම්.."

දොස්තර මහතා කුඩා සටහන් පොතේ  මොන මොනවාදෝ කුරුටුගානවා සිරිසේන බලාගෙන සිටියේය.කකුල රිදුම් දෙනවාට වඩා හිතේ ඇතිවෙන වේදනාව උහුලා ගත නොහැකිව සිරිසේන සුසුමක් හෙලුවේය.එක් අතකින් රුවන්ත හරිය.

කුඩා කල සිටම මුරණ්ඩු දරුවෙකු වූ රුවන්තව අසීරුවෙන් උස් මහත් කල හැටි සිරිසේනට සිහිවේ.

"මම කැමති නෑ තාත්තා එක එකා ලග හෑල්ලු වෙනවට.තමන්ට ආත්ම ගරුත්වයක් තියෙනව නේ තාත්තේ.ඇ‍යි මිනිස්සු ඉස්සරහ බාල්දු වෙන්නේ."
"එදා වේල බඩට දාගන්න නැති අපිට කොහෙන්ද පුතේ  ආත්ම ගරුත්වයක්"

 ඉන් පසු තව මොන මොනවාදෝ බර දේශපාලන වේදිකා වල ඇහෙන වචන කිහිපයක් රුවන්තගේ මුවින් පිට වූ බව සිරිසේනට යාන්තමට මෙන් මතකය. 

"තමුසෙලා තැන් තැන් වල ගිහිල්ලා බල්ලන්ට කියලා කව්වගෙන එනවා.ඒක ඉතින් ප්‍රශ්නයක් නෙමේ නේ.හැමදේම රජයෙන් නොමිලේම දෙන නිසා තමුසෙලට හොදයි.දන්නවද මේ ඉන්ජෙක්ශන් එකකට රජයෙන් කීයක් වියදම් කරනවද කියලා"

පියවි සිහියට ආ සිරිසේන,දොස්තර මහතාගේ පැනයට සිනා සීම පමනක් සිදු කලේය.
 
"හිනා වෙනවා ඉතින්..දන්නවනම් බල්ලෙක් ඉන්න පැත්තකින් වත් යන එකක් නෑ."

මෙතක් වේලා කුරුටු ගෑ සටහන් කොලය සිරිසේනගේ අතට දෙමින් දොස්තර මහතා පැවසීය.

"හතරේ කාමරේ මිසීට මේ තුන්ඩුව දෙනවා.එතනින් අද ඉන්ජෙක්ශන් එක විද්දට පස්සේ මේ තුන්ඩුවේ තියෙන දවසට වරද්දව ගන්නේ නැතුව ඇවිත් බෙහෙත් ටික විදගන්නවා."

දොස්තර මහතාගේ පිලිකුල් සහගත බැල්මට යටහත් ලෙස හිස කසමින් සිනහවකින් සංග්‍රහ කල සිරිසේන කාමරයෙන් එලියට ආවේය..

"ආත්මගරුවය"

සිරිසේනගේ දෙසවන් පිරවෙමින් සුලං රැල්ලක් කෑ ගැසුවේය.
 හතරවන කාමරයේ දොර අසලට ගිය සිරිසේන ඇතුලත දෙස විමසිලිමත් බැල්මක් හෙලීය.කුඩා පුටුවක පශ්චාත්භාගය අමාරුවෙන් රදවාගත් හෙදියක් බලමින් සිටි පුවත්පත පැත්තකට කර ඔහු දෙස බලනවා දුටු සිරිසේන සිනාසුනේය.

"මොකද"
"බෙහෙත් එකක් විදින්න මිසී"
අපහසුවෙන් පුටුවෙන් නැගිටගත් හෙදිය සිරිසේන අත තිබු තුන්ඩුකෑල්ල ඉල්ලා ගත්තේය.සමාවන්න..එය උදුරා ගත්තේය..
"කවද්ද කෑවේ?"
"අද,දැන් ටිකකට කලින් මිසී"
"තමුසෙලා ඉන්නකල් ඉතින් අපිට වැඩ නැතුවට වැඩ" 

සිරිසේනගේ මුවේ සුපුරුදු බයාදු සිනහව මතුවී නැතිවී යයි.
 
එන්නත විද ගැනීමෙන් අනතුරුව පාරට ආ සිරිසේන බස් නැවතුමට ඉබි ගමනින් ඇවිද ගීයේය.තමා බයගුල්ලෙක්ද..සිත ඔහුගෙන්ම විමසයි.

"වැඩක් කර ගන්න ඕන නම් ඒ ඕන දෙයක් විදගෙන ඔලුව පහත් කරගෙන ඉන්න වෙනවා සිරිසේනයෝ"
පියදාස මාමා වරෙක කිව් කතාවක් සිරිසේනගේ මතකයට නැගුනේය.
වේගයෙන් පැමිනි බස් රථයකට අත පෑ ඔහු හෙමි හෙමින් පාපුවරුවට ගොඩ වූයේය.

"අංකල්,ඉක්මනට නගින්න බැරිනම් කරුණාකරලා බහිනවද"

"ආත්මගරුත්වය"
කොන්දොස්තර කොලුවාගේ විදානයත් කකුල රිදුම් දෙන වේදනාවත් අතරින් සිරිසේනගේ දෙසවන් වලට කොහේදෝ සිට පැමිනි සුලගක් කෙදුරුවේය.බස් රථයේ රේඩියෝ හඩ අඩුවෙන් ඇසෙනා ඉසව්වක හිස්ව තිබූ ආසනයක් බලා වාඩි වූ සිරිසේන නැවත සිතුවිලි සයුරේ කිමිදෙන්නට විය

"කුඹුක්ගහ හන්දියේ රැස්වීමක් තියෙනවා පක්ෂේ ඉදිරි ගමන වෙනුවෙන්.අද කොඩි වැල් අදිද්දි මැම්බර් මහත්තයත් ආවා.තාත්තටත් එන්න කියලා උන්නැහේ කිව්වා" 
"මට උඹලගේ දේශපාලන හරුප තේරෙන්නේ නෑ පුතේ.මැම්බර් මහත්තයට කියපන් මේ පාර මට ඡන්දේ දාන්න වෙන්නේ නෑ කියලා"
"ඒ මොක්ද ඒ"
"තාම නැති වෙච්ච හැදුනුම්පත ලැබුනේ නෑ නේ පුතේ"
"වල් බල්ලා..ග්‍රාමසේවකයා දන්නවා තාත්තාගේ ඡන්දේ වැටෙන්නේ මැම්බර් මහත්තයට කියලා.තාත්තගේ හැදුනුම්පත හදන එක පරක්කු කරාම උගේ එකාට එක ඡන්දයක් හරි උඩට එන්න පුලුවන් නේ"
"ග්‍රාම සේවක මහත්තයටත් වැඩ වැඩියි පුතේ.ඡන්දෙට කලින් කොහොම හරි දෙන්න පොරොන්දු උනා"
"කටු කන බල්ලා.කොහේද..තාත්තා කොන්ද පහත් කරගෙන ඉන්නකල් ඕකුන් රජකරයි.තාත්තට කිව්වට වැඩක් නෑ නේ.මම දැන්ම ගිහින් උගෙන් අහගෙන එන්නම්කෝ හැදුනුම් පත නැත්තේ මොකද කියලා"
 "නෑ නෑ..පුතා යන්න ඕන නෑ..මමම ගිහින් එකලාසයක් කරගෙන එන්නම්"

"හිනැටිගල හන්දිය බහිනවා"

කොන්දොස්තර කොලුවා පිටුපස සිට කෑගසන හඩ කන වැකුනු සිරිසේන කල්පනාවෙන් මිදුනේය.

"දෙයියනේ..බහින තැනත් පහුවෙලා."

තමාටම දොස් නගා ගනිමින් ඔහු හනි හනිකට බස් රථයේ සීනුව නාද කරන්නට විය.

"ඕයි...තමුසේ ඕක කඩන්නද මිනිහෝ හදන්නේ..ඉන්නවා බස් එක හෝල්ට් එකේ නවත්තනකල්"

කොන්දොස්තර කොලුවාගේ ගෝරනාඩු හඩට සිරිසේන යටපත් විය.බස් රථය නැවැත්වූ පසු රිදුම් දෙන කකුලත් අද්දමින් සිරිසෙන බස් රථයෙන් බසින්නට විය.

"ඉක්මන් කරනවකෝ අංකල්...හරේ යං"

අවසාන අඩිය තියනවාත් සමගම බස් රථය පිටත් වීම නිසා සමබරතාවය බිද වැටුනු සිරිසේන ඇද වැටුනේය..බස් රථයෙන් නැගුනු දුහුවිලි වලින් සිරිර වැසෙද්දී,නැවත කොහේදෝ සිට පැමිනි සුලං රැල්ලක් සිරිසේනගේ දෙසවනට කෙදුරුවේය..
"ආත්මගරුත්වය"

Friday, 18 May 2012

හැඩට අදින යාචිකාව සහ අපි.... (සත්‍ය සිදුවීමකි)

 
මහනුවර ඉදලා මාතරට යන කෝච්චිය නිසා වෙනදටත් වඩා ගෙදර යන එක පහසුයි.අනිත් දවස් වලට වඩා කෝච්චියේ සෙනග පිරිලා ඉදියේ සති අන්තයේ දවසක් නිසා.
සෙනග අස්සෙන් මතු උනේ ගැහැනියක්.ඇගේ වම් අතේ ඔරලෝසුවක්,දකුණු අතේ ඉස්කෝලේ යන වයසේ පොඩි එකෙක්.කොල්ලා සපත්තු දාලා ලස්සනට ඇදලා හිටියා.ඇය ඇදලා තිබුනේ ලා රෝස පාට සායක්.ඒකටම හරියන හැට්ටයක්.පෙනුමෙන් නම් ඇය වැදගත් නෝනා කෙනෙක්.

කෝච්චි පෙට්ටිය දිහා එක පාරක් බලපු ඇය කතා කරන්න ගත්තා.

"අම්මේ තාත්තේ..මේ ඉන්නේ මගේ පුතා,

බලන්න එයා ඇදලා ඉන්න ලස්සන.එයා ඉස්කෝලෙත් යනවා.
එයාට
හොදට ඉගෙන ගන්නත් පුලුවන්.හැමදාම පන්තියේ පලවෙනිය.පෙන්නන්න පුතේ ඔය රිපොට් එක මේ මාමලා නැන්දලට..මේ බලන්න,මමත් ලස්සනට ඇදල ඉන්නේ.පරන වැරහැලි අදින්න මට ඕන කමක් නෑ.මගේ අසරණ මහත්තයාට අංශභාගේ හැදිලා.ඒ උනාට එයත් ලස්සනට අදිනවා.හැමදාම මම මගේ මේ අත් දෙකෙන් එයාව හෝදනවා.ඊට පස්සේ කවනවා.අපිට කෑමෙන් බීමෙන් අඩුවක් නෑ..මගේ මේ කටින් පොඩි එකා පල්ලා කියලා කවදාවත් බොරු කියන්නේ නෑ නෝනා මහත්තයා..අපි ජීවත් වෙන්නේ ඔයාලගේ පොඩි ආධාරයෙන්.රුපියලක් උනත් අපිට වටිනවා.අපිට දුන්නට පව් සිද්ද වෙන්නේ නෑ..අපි ලස්සන පවුලක්."

ඇගේ ක
තාව
ඉවර වෙනවත් එක්කම පොඩි එකා අත දික් කරගෙන කෝච්චි පෙට්ටිය මැද්දෙන් එනවා.දහයේ විස්සේ කොල අතරට පනහේ සීයේ කොලත් නිකම්ම වැටෙනවා..

ඔව්..ඒ පවුල හිගා කාලා හරි ලස්සනට ඉන්නවා.
ඒත් දෙවියනේ අපි?
(සත්‍ය සිදුවීමකි.)

Friday, 8 July 2011

නායකත්ව පුහුනුවේ ඇත්ත.......


සති තුනක් ගෙවී ගියේය..මා නායකයෙකු උනාද නැද්ද යන වග මම දන්නේ නැත..පුහුනුව කුජීතය..ගත්තු ආතල් එක උපරිමය.

        ඇස් බී මාමාගේ නායකත්ව පුහුනුව ගැන මාගේ නිර්ව්‍යාජ අදහස් මම පහතින් දක්වමි.කෑම්ප් එක තුලදී ගත් ආතල් ගැන ලිවීමට ගියොත් වෙනම බ්ලොග් එකක් සෑදීමට සිදුවනු ඇත.
පලමුව මාගේ විවේචනය දිග හරිමි...

                     අප කදවුරේ සිටි බහුතරයක් අවසාන දවස වන තෙක් සිටියේ නොයිවසිල්ලෙන් සිටි බව නොරහසකි.අප බිලට් එකේ සිටි 64 දෙනාගෙන් 60 දෙනෙක්ම සිටියේ පුහුනුව ගැන කලකිරීමෙනි.නමුත් ලබා ගත් ෆන් එක ගැන ඔවුන්  සතුටු උනේය.

පුහුනුව කිසිසේත්ම ප්‍රායෝගික නැත..උදෑසන ශාරීරක සුවතා අභ්‍යාස සහ සරඹ අභ්‍යාස හැරුනුකොට දවසේ ඉතිරි වේලාව වෙන්කර තිබුනේ දේශන සදහාය.දවස් 21න් 15ක් පමනම මෙම දේශන ක්‍රියාදාමය සිදුවිය.දේශන සදහා වැඩ කරන පැය 12න් පැය 7ක් ම වැය වී තිබුනි.දේශන කිසිසේත්ම ප්‍රායෝගික නැත.නායකයෙකු සතු ලක්ෂන,නායකයෙකුගේ හැකියාවන් තිරයේ දමා කොතෙකුත් පෙන්නුවද ඒවා ප්‍රායෝගිකව ලබා දෙන්නේ නැති නම් පුහුනුවෙන් ඇති වැඩක් නැත.දේශන වලට සහභාගි වීම සදහා සිසුන්ගේ තිබූ උනන්දුව නම් ඉතමත් අල්පය.සහභාගී වූ අයද කරේ තැනින් තැන නිදා ගැනීම පමනි.
                කරන්නට දෙයක් තිබුනේ නැතිම තැන අප බිලට් එකේ සිටි 64 දෙනාම පුහුනුව භාර මේජර්වරයාව මුන ගැසීමට ගියෙමු.ඔහුත් සමග දේශන ප්‍රායෝගික නොවීමේ ගැටලුව සාකච්චා කලෙමු.ඔහු ලබා දුන් පිලිතුරු අනුව ඔවුන්ට මේ සදහා කල හැකි යමක් නැති බව වැටහුනි.හැන්දෙන් ගෑරුප්පුවෙන් කන රූප වල පින්තූර දමා කොතෙකුත් පෙන්නුවද එය ප්‍රායෝගිකව භාවිතා වන්නේ නැති නම් කිසිදු තේරුමක් නැත.බහුතරයක් දේශන වල තත්වය මෙය විය.
ප්‍රථමාධාර දේශනයද මෙයට සමාන විය.දේශකයාගේ දේශනය අවසානයේ ඉතා කුඩා ප්‍රායෝගික පුහුනුවක් ලබා ගැනීමට තරම් සිසුන් වාසනාවන්ත විය.නිදාගෙන සිටි අයද කබ කඩ දමමින් ඒ දෙස බලා සිටි ආකාරයෙන් දේශන ප්‍රායෝගික කිරීමේ වැදගත්කම මනාව වැටහුනි.
උසස් අධ්‍යාපන ඇමති තුමා පැමිනෙන දිනයේදි පමනක් සියලුම බිලට් ඉතා පිරිසිදුව තබා ගත්තෙමු.රජයේ නාලිකාවක් පැමින එය වීඩියෝ කරගත්තේය.ඉතින් ගෙදර සිට රූපවාහිනිය නරඹන අපේම අම්මලා තාත්තලා සිතන්නේ මුන් සිරාම නායකයෝ කියාය.නමුත් අපි අපි ගැන දනිමු.බූස්ස කදවුරේ සිටි අයට උසස් අධ්‍යපන ඇමති තුමා තැබූ හැදුනුම්පත් පොල්ල ගැන නම් කවදාවත් අමතක නොවනු ඇතැයි සිතමි.
නායකත්ව ලක්ෂන පුහුනු කල හැකි බවක් මම නොදැක්කෙමි.එම ලක්ෂන ඇති පිරිස පමනක් සෑම කටයුත්තකදීම මූලිකත්වය ගත්තෝය.අනෙක් අය කලේ බිලට් වලට වී නිදා ගැනීම පමනි.පුහුනුව ඔවුන්ට ආතලල් එකක් පමනක්ම වී තිබුනේය.
             කිසිම දිනක pt නොගිය අයද , දේශන සදහා නොගිය අයද අප අතර සිටියේය.වැදගත් වන්නේ නායකයෙකු ලෙස ලක්ෂන පෙන්නුම් කරන පුද්ගලයාවම පමනක් උලුප්පා දැක්වීම නොව සැගවී සිටින පුද්ගලයන් එලියට ගැනීමය.මේ සම්භන්දවද අපි දිගින් දිගටම සාකච්චා කලෙමු.නමුත් ඒ සදහා ක්‍රමවත් වැඩපිලිවලක් නැත.
පුහුනුව අතරතුර සංගීත සංදර්ශනයක් ද dj night තුනක් ද කැලිප්සෝ එකක් ද අවසන් දිනයේදී ගිනිමැල සංදර්ශනයක්ද පැවැත් වුනි.සංගීත සංදර්ශනය සංවිධානය කලේ යුද හමුදාවේ සෙබල සෙබලියන් ය.කැලිප්සෝ එකද එසේමය.අප විසින් සංවිදානය කලේ dj night තුන සහ ගිනිමැල සංදර්ශනය පමනි.dj night එක සෑම වරම සංවිධානය කලේ ද එකම පිරිසකි.ගිනි මැල සංදර්ශනය සංවිදානය කලේ 20කට අඩු පිරිසකි.අනෙක් අය බිලට් වලට වී එම කටයුතු සංවිධානය වන තුරු හොදට නිදා ගත්තේය.
මෙම පුහුනුවේදී එකම චරිත නැවත නැවත කැපී පෙනුනි.එසේ වන්නේ අනෙක් අය අවස්තාවන් නොගත් නිසා බව මාගේ හැගීමයි.අප කල යුතු වන්නේ ඔවුන්ටද අවස්තාවන් ලබා දීමය.නමුත් එය එසේ කිරීමට හැකියාව සීමිතය.පුහුනුව තුල ෆන් ගැනීමට අවස්තා උපරිම තිබුනත් නායකයෙකු විමට පුහුනු වීමට නම් අවස්තා අවම විය.
රජයේ නාලිකාවකින් පැමින අපගේ සොහොයුරෙකුගෙන් නායකයෙකු ලෙස ඔහු ලබා ගත් අත්දැකීම් විමසුවේය..
"අයියේ....මම නායකයෙක් උනේ ස්ටෑන්ඩ් එකේ වල බහින කාලේ"ඔහුගේ පිලිතුර එය විය.

      පන්ති යන කාලයේ සිටි ලද බොලද චරිත මෙහි සිටියේම නැති තරම් ය.සමාජය සමග බොහෝ දුරට ගැටී තෙම්පරාදු වූවෝ බහුතරයක් මෙහි සිටියෝය.
                 බාදක දිවීම සහ ක්ෂනික තීරන ගැනීම සදහා වූ ප්‍රායෝගික පුහුනු වැඩමුලු මාගේ සිත් ගත්තේය.එවැනි වැඩමුලු වලින් පුහුනුව පිරී තිබුනේ නම් මීට වඩා නායකයින් බිහි කිරීමට එය හේතුවක් වනු ඇත.


නායකත්ව පුහුනුව පිලිඹද විවේචනයන් මෙයින් අවසන් කරමි.මෙහි ඇති හොද පැති ගැනද මේ ලිපියේම මම සදහන් කරමි.

උදෑසන ශාරීරික සුවතා කිරීමෙන් නැවුම් ගතියක් සියලු දෙනාටම ලැබුනු බව මම පිලි ගනිමි.සමාජයේ සැගවී සිටි සමහර චරිතයන් එලියට ගැනීමටට අපට හැකි විය.එයට පුද්ගලිකව මමද මැදිහත් උනෙමි..මා සමග සිටි 64 දෙනා එකිනෙකාගෙන් සෑහෙන දුරට වෙනස් වූයේය.ඒ අතර සැගවුනු දක්ෂතා ඇති බොහෝ දෙනා මාගේ නෙත ගැටුනේය.මම ඔවුන් සියලු දෙනා ගැනම අවදානයෙන් පසු වුනෙමි.මොවුන් සැගවී සිටීම එක් අතකට සෑහෙන්නම දුකය.
                      ගැහැනු ලමුන්ට සමාජශීලී වීමට ගොඩක් අවස්තාව ලැබුනු බව මාගේ විශ්වාසයයි.පිරිමි ලමුන්ට වඩා මේ පුහුනුව වැදගත් වන්නේ ගැහැනු ලමුන්ට බව මා සමග සිටි අයෙක් පැවසුවේය.
           හමුදාවේ කොල්ලෝ කෙල්ලන් ගැනද සෑහෙන දේවල් කිව යුතුය.නායකයෙකු වීමට ඔවුන් දෙස බලා සිටියද එය ඇති යැයි මට හැගේ.ඔවුන් තුල ඇති විනය කැපවීම ගැන පැවසීමට වචන නොමැතිය.
කවුරු කෙසේ කිව්වත් මෙය හමුදා පුහුනුවක් නොවන බව මම පවසමි.කිසිම ලෙසක හමුදාවේ නීති රීති අපට ක්‍රියාත්මක නොවුනි.අපි නිදහසේ සිටියෙමු..නංගිලා මල්ලිලා යැයි ඔවුන් අපිට අමතයි...අයියේ අක්කේ යැයි අපිද පෙරලා ඔවුන්ව ඇමතුයෙමු..
කිසිම විටක අපට අඩුපාඩු නොවීමට ඔවුන් වග බලා ගත්තේය.අප අතින් කුමන වැරැද්ද සිදු වුවද එය ඔවුන් ඉවසුවේය.
බිලට් වල සිටි සොයුරන් සොයුරියන් පට්ටම සහෝදර බැම්මෙන් සිටියෝය.එකෙක් ලෙඩ වුවොත් අනෙකා ඔහු ගැන අපමන තැවෙයි.හොර ලෙඩ අරගෙන නිදා ගත් අයද නැතුවාම නොවේ..එම රසකතා වෙනම ලිපියකින් ගෙන ඒමට මම අදහස් කරගෙන සිටිමි.
සමස්තයක් ලෙස ගත් විට නායකත්වෙන් අපි යම් දෙයක් ගත්තෙමු.නමුත් එය වියදම් කල මුදල හා සැලකූ විට ඉතා අල්ප බව මාගේ හැගීමයි.එම මුදලට සරිලන පුහුනුවක් අප නොලැබුවේ මම වැඩපිලිවෙලේ ඇති සංවිධානාත්මක නොවන බව නිසාය.හමුදාවන් කොපමන සංවිධානය වුවත් ඔවුන්ට ක්‍රමවත් වැඩපිලිවලක් ලැබී තිබුනේ නැත.
               "අපිට මීට වඩා දේවල් කරන්න පුලුවන් මල්ලිලා..ඒත් අපි කරන්නේ කරන්න කියපු දේ..ඊට පිටින් පොඩ්ඩක් වත් එලියට යන්න අපිට බෑ.." මේ වචන අප සාකච්චා කල මේජර්වරයාගේය...
සැමගෙන් සමුගත් දින හැගීම්බර දිනයක් වූයේය.ගොඩක් අය එලිපිටම හැඩුවේය.අනෙක් අය හිත් වලින් හැඩුවෝය..
කෑම්ප් එකම අද පාලුවට ගොස් ඇත..නායකයින් වන්නට පෙරුම් පිරුවෝ අද තැන් තැන් වල විසිර ගොස් ඇත...
මට සිරාවටම පාලුය.වෙනදා ඇසෙන කෑකෝ ගැසීම් නැත..තේ පෝලිම් නැත.කෑම පෝලිම් නැත..නිදා ගැනීමට හෝ ලෙක්චර් එකක් නැත....
මමද හඩමි.....නමුත් කදුලු එන්නේ නැත...
 ---------------------------------------------------------------------------------
යන දවසේ අපි හැමෝමලා මෙහෙම කිව්වා
තනුව දෙවැනි බුදුන් ලෙස ගීතයට අනුරූපය

මිතුරු දමින් අප
එක්ව බැදී හිඳ
සෙනෙහෙ සිතින් අද
ඔබට ගයමු අප
හැරදා// යනදා

රටට ණයක් නැති දිරිය පුතෙකි නුඹ
අපට මවක් බඳු දිරිය ලඳකි නුඹ
ඒ දිරියෙන් ලොව ජය ගන්නායුරු
අපට කියා දුන් ඇදුරු තුමයි නුඹ
හැරදා//යනදා

සිනහ කඳුළු හැම එකට බෙදා ගෙන
සොදුරු ලොවක් අප තැනුවෙමු හැම විට
යනමුත් අද,හෙට, අප දුර ඈතට
සොදුරු මතක හැම පොපියයි නෙතු අග
හැරදා// යනදා

මවගෙ සෙනෙහෙ නැති පියෙකුද ලඟ නැති
තනි වු සිත් ලඟ සුපිපි සුවඳ මල
ඒ පියුමින් ගත් රොන් හැරදා අද
යන්නේ කෙලෙසද කදුලැලි මග හැර
හැරදා//යනදා

Sunday, 22 May 2011

අසමජ්ජාතියෝ දෙන්නෙක් සහ කොන්දොස්තර මහත්මයෙක්..........



එක එක ජාතියේ කොන්දොස්තරලා අතරේ වෙනස්ම කොන්දොස්තර කෙනෙක් ඊයේ මට හමුවුනා
     ඊයේ දිලුම් අයියගේ අවසන් කටයුතු වලට සහභාගී වෙලා ගෙදර එන්න කොටුවට එනකොට වෙලාව 11 ත් පැනලා.ගොඩක් පරක්කු උන නිසා ඉක්මනින් ගිහිල්ලා නවත්තලා තිබුන මාතර කොළඹ බස් එකේ නැග්ගා.බස් එක ගමන පටන් ගන්නේ රෑ 12ට.මහන්සි වැඩි කමටද කොහේද ටිකක් විතර නින්ද ගියා.බස් එක නැවතුම් පලෙන් යන්න පිටත් වෙනකොටම වගේ පිටිපස්සේ ආසනය පැත්තෙන් කෙනෙක් කෑ ගහනවා ඇහුනා.


"අයියේ..බස් එක පොඩ්ඩක් නවත්තන්න..මේ ශීට් එකේ හිටපු දෙන්නා නෑ"

බස් ඩරයිවර් මහත්තයත් බස් එක ටික ටික හෙමීට ඉස්සරහට ගෙනිච්චා.ගෙනිහින් කලර් ලයිට් ඉස්සරහ නැවැත්තුවා.ඒ වෙලාවේ කහ පාට විදිලි බුබුල නිවි නිවී පත්තු වෙනවා.ඒක නිසා එතන නවත්තන එකේ ප්‍රශ්නයක් තිබුනේ නෑ.ටික බලන් ඉදියා.ඒත් ඒ දෙන්න නෑ.ඒත් ආසනේ බෑග් තියලා එහා පැත්තේ ඉදපු කෙනාටත් කියල තමා ගිහින් තියෙන්නේ.විනාඩි 10ක් විතර බස් එක නවත්තගෙන ඉදියා.ඒත් ඒ ගියපු දෙන්නා නෑ.බස් එකේ ඉදපු අයට ටිකක් විතර කේන්ති ගිහින්.මගේ ඉස්සර ශීට් එකේ ඉදපු මහත්මයෙක් කොන්දොස්තරට කෑ ගැහුවා..
"බස් එක ගන්නවා ඕයි.තව කොච්චර වෙලා ඉන්නද"
එහෙම කරන එක හරි නෑ නේ මහත්මයා.අපි තව විනාඩි දෙකක් බලමු.අපි ඔක්කොටම පරක්කු වෙනවා තමයි.සමහර විට ඒ ආසනේ ඉදපු මහත්වරු දෙන්නා මොකක් හරි ශරීඅර අවශ්‍යතාවයක් නිස එලියට ගියාද දන්නේ නෑ නේ..තව විනාඩි දෙකක් ඉන්න..මම බලලා එන්නම්'
 එහෙම කියපු කොන්දොස්තර මහත්මයා බස් එකෙන් බැහැලා ගියා.ගිහින් විනාඩියක් යන්නත් කලි අර ගියපු මහත්වරු දෙන්න (කතාව අවසානයේ උන්ට මහත්වරු කීම මම ඉල්ලා අස් කර ගනිමි ) එක්කගෙන ආවා.කතාවක් නැතුවම ඒ දෙන්නා බස් එකට නැග්ගා.
ඒ දෙන්නා බස් එකට නගිනකොට එයාල ඉදපු ආසනේ පොඩි බබෙක් එක්ක කාන්තාවක් වාඩි වෙලා ඉදියා.බස් එකට නැගපු ගමන් අරුන් දෙන්නා ඒකාන්තාවට සද්දේ දාන්න ගත්තා.

"ඕක අපි ඉදිපුඉ ශීට් එක කරුණාකරලා නැගිටින්න"

"අපි මොරටුවෙන් බහිනවා එතකල් යන්නද"

කාන්තාව බයෙන් උත්තර දුන්නා.

"නෑ නෑ..ඕකේ වාඩි වෙලා ඉදියේ අපි නේ..මොරටුව නෙමේ කොහේ උනත් කමක් නෑ ශීට් එක දෙන්න..පොඩි එක්කෙනා ඔය වාඩි වෙලා ඉන්න කාගේ හරි උකුලට දෙන්න"


නැගපු උන් දෙන්නා ගේ සද්දේ මුලු බස් එකටම ඇහෙනවා.අර කාන්තාව අසරන වෙලා.බයෙන් බලන් ඉන්නවා..කරන්න දෙයක් නෑ කියලා හිතුනම එයා බබාවත් වඩාගෙන නැගිට්ටා.පොඩි එකා මහ සද්දෙට අඩනවා.මේ කලබලේ අස්සේ තමා කොන්දොස්තර එතනට එන්නේ..
"මහත්මයා මේ..ඔයාල දෙන්නා එනකල් මේ බස් එකේ මිනිස්සු කොච්චර වෙලා බලන් ඉදියද..අන්තිමට ඔයාලව හොයන්න මට අර තොරන ලගටම යන්න උනා ( ප්‍රයිවට් සෑටෑන්ඩ් එකේ ඇති තොරණ).එච්චර දෙයක් මේ මිනිස්සු ඔයාලට කරා.ඒත් ඔයාලා දෙන්නට මේ ආසනේ විනාඩි 20කට මේ නෝනට දෙන්න බැරි උනා.ඔච්චර පහත් තත්වයට පත් වෙන්න එපා.

"මොකක්ද ඕයි කියන්නේ..අපි සල්ලි දීලා බස් එකට නැග්ගේ.වාඩි වෙලා යන්න නැති නම් අපි මේකට නගින්නේ නෑ නේ"

අසමජ්ජාතියෝ දෙන්නගේ සද්දේ හොදටම වැඩ්යි.ඒත් කොන්දොස්තර මහත්මයා නෙමේ සැලුනේ.

"තමුසේලා දෙන්නා කොහේ හැදිච්ච උන් ද දන්නේ නෑ.මෙන්න තමුසෙලාගේ ටිකට් වල සල්ලි.කරුනාකරලා බහිනවා බස් එකන්. සුනිල් අයියේ බස් එක පොඩ්ඩක් නවත්තන්න..බැහලා හොදට වාඩි වෙලා වෙන බස් එකක එනවා."

"අඩෝ...තෝ දැන ගනින්.තෝ ආයේ **** (ගමක නමක්) පැත්තෙන් බස් එක ගෙනියන්න නෙමේ වල් පරයා"

උන් දෙන්නා කොච්චර සද්දෙට කෑ ගැහුවත් අන්තිමට උන්ට බස් එකෙන් බැහැලාම යන්න උනා.මේක ලිව්වේ ඔබ වෙනුවෙන්..බස් එකේ නම සමරසිංහවීර ට්‍රැවල්ස්..
හැම කොන්දොස්තර කෙනෙක් මේ ඒ වගේ වෙනව නම් කොන්දා කොන්දා කියන්නේ නැතුව කොන්දොස්තර මහත්මයා කියලා කියන්න පුලුවන්..
ඒ සිද්දිය ගැන හිත හිත ගෙදර ආවා.එනකොට වෙලාව පාන්දර තුනයි...

Sunday, 15 May 2011

ඔබත් පට්ටම බෞද්ධයෙක්ද?.........



මෙය ලිවීමට හේතු රැසක් ඇත.ආසන්න පලමු සිදුවීම වූයේ මා හිතවත් මුස්ලිම් මිත්‍රයෙකුගේ නිවසේ භෝජන සංග්‍රහයකට සහභාගී වීමයි.බ්ලොග් මිත්‍රයෙකු වෙන යසියා ඇතිලු සැට් එකේ කීප දෙනකු සහභාගී වීමු..
වෙනත් ආගමක් ගැන ලිවීම මට අයිති දෙයක් යැයි නොසිතමි.
ඉදින් මම බුදු දහම ගැන ලියමි.
බුදු දහම නමින් 'මම පට්ටම බෞද්ධ පොරකි" ලෙස සිතාගෙන සිටිනා අය ගැන ලිවීමට මම අදහස් කලෙමි.
ඔබ හොදම බෞද්ධයෙකු නම් පලමුව කල යුත්තේ අන් ආගමකට හිතේ කැත යන ලෙස පහර දීමය.එය පට්ට බෞද්ධ කමේ ලක්ෂනයකි.බනිනා තරමට ඔබේ බෞද්ධ ගතිය ඉස්මතු වේ.ඔබ පොර වේ.අද බොහෝ දෙනා අනුගමනය කරන්නේ මේ න්‍යාය බව මනාව බැලු කල පැහැදිලි වේ.වෙනත් ආගමක් සම්භන්ධයෙන් බුදුන්වහන්සේගේ දේශනය කුමක් දැයි මම නොදනිමි.මක් නිසාද මම බෞද්ධයෙක් නොවන බැවිනි.පුදුම නොවන්න..මෙය කියවන ඔබ බෝ දෙනෙකුද බෞද්ධයන් නොවේ..
ඔබ සිරාවට බෞද්ධයෙක් දැයි මගේ සිත ප්‍රශ්න කරයි. හිතෙන් ලැබෙන පිලිතුර හමුවේ මා අම්බානෙක අසරණ වීමි.
සුද්දා සිංහලෙන් කීවොත් මම බෞද්ධයෙකු නොවෙමි.
පාසල් යන කාලයේ එක , දෙක වසරේදී මුලු පන්තියටම ඇසෙන්නට පට්ටම සද්දෙන් පන්සිල් පද පහ සමාදන් වුවද ඒවා පිලි පැද්ද බවක් මට කිසි කලෙක සිහි නොවේ.දහය එකොලහ වසර වන විට පන්සිල් පද නොකියන තරමට මාගේ බෞද්ධ කම හීන වී ගොස් තිබුනි.ඔබටද එය එසේම යැයි මම සිතමි.නමුත් මම නමට බෞද්ධයෙක් මි.ඔබද ඔබලාට අනුව බෞද්ධයෝය.බෞද්ධයෙකු වීමට ඇති මූලික සිල් පද පහ සුරැකීමට තරම් වත් හිතේ හයියක් නැති අපි පට්ට බෞද්ධයෝ ලෙස සමාජයට පෙනීමට උත්සහ කරන්නෙමු.
පන් සිල් පද වලින් මම පස් වන සිල් පදය හැර අනෙක් සියල්ලක්ම බිද දමා තිබේ.සමහර සිල් පද දින පතා බිද දමමි.නමුත් සමාජයට මම පට්ටා බෞද්ධයෙකු වෙමි.
මේ වෙසක් මාසයයි..
හරි හරියට දන්සැල් පැවැත් වේ.දන්සැල් දෙන්නෝ පට්ට බෞද්ධයෝය.ඔවුන් ලබන ආත්මයේ හෝ ඊලග ආත්මයේදී නිවන් ලගාකරගනී.
දන්සැලෙන් කන්නේ අපි වැනි කොල්ලෝ කුරුට්ටෝය.නැතිනම් තුන් වේලම යහතින් කෑමට හැකියාව ඇති සල්ලිකාරයෝය.දන්සැලේ පලමු පිගාන වෙන් වන්නේ ඒ වැනි කෙනෙකුටය.
අසරන දුප්පත් මිනිසාට අවසානයේ කන්නට ලැබෙන්නේ ඔවුන් හැමදාම කන දංකුඩ ටිකය.
නමුත් දන්සැල් දෙන්නෝ පට්ටම බෞද්ධය.
මේ ගැන ලිවීමට බොහෝ දේ ඇත.තවත් අම්බානෙක කරුනු ලියා මටද පට්ට බෞද්ධයෙකු වීමට හැක.මම මගේ හිතෙන් විමසීමි.මම තව දුරටත් පට්ටා බෞද්ධ නොවෙමි.
මීට අවුරුදු දෙකකට පමන පෙර මම මස් මාලු ආහාරයට ගැනීමෙන් වැලකී සිටියෙමි.ගෙදර මට වෙනනම උයන්නේ නැත.සමහර දාට මස් හොද්දක් සමග පරිප්පු ඇත.එදාට මට කන්නට වන්නේ පරිප්පු සහ බත්ය.ඉදින් අපේ ගෙදර මිනිසුන් මස් මාලු කමින් පට්ටා බෞද්ධයෝ වෙද්දී මා විතරක් නිකම් බෞද්ධ වන්නේ කෙසේද?එබැවින් මස් මාලු නොකෑමේ උපවාසය සති දෙකකට හෝ තුනකට සීමා කලෙමි.අදත් මම මස් කමි.ඒත් හරක් මස් නොකමි.එයද මා පට්ටා බෞද්ධයෙකි කිරීමේ හේතුවකි.ඕනෑම අලුගුත්තේරු මසක් කා හරක් මස් නොකා සිටීම පට්ටා බෞද්ධ කමේ ලක්ෂනයකි.
ඔබ අවසන් වරට පන්සල් ගියේ කවදාද..සමහර විට මේ ලගදී දවසක් යැයි ඔබ කියනු ඇත.සිරාවටම පන්සල් ගියේ කුමන හේතුවකටද...ඔබ විවිධාකාර පිලිතුරු දෙනු ඇත.බුදුන් කෙරේ ඇතිවන ශ්‍රද්ධාවෙන් පන්සල් ගිය අය හැර අනෙක් හේතු නිසා පන්සල් යන අය පට්ටා බෞද්ධයෝය.කොළඹ ලොකු ලොකු නෝනලාට පන්සල් යන්නට වෙනම කොස්ටුම් ඇත.මේකප් ඇත..මේකප් තට්ටු පිටින් දමා සංවර ඇදුමක් ඇදගත් නෝනලා ඔබ සහ මම අනේකවත් දැක ඇත්තෙමු..ඒ එතුමන් එතුමියලාගේ පට්ට බෞද්ධකමය..
මාගේ මුස්ලිම් මිතුරාගේ නිවසට ගොස් නැවත එන විට වේලාව රෑ 11 ත් පසු වී ඇත.එන ගමනේදී තවත් මිතුරෙකුගේ පට්ටම දේශනයකටද අවන් දුන්නෙමි.ඒ මිතුරාට අනුව ඔහුට ආගමක් නැත.ඔහුට ආගමක් නැති වීමට ඉදීරි පත් කරන කරුනුද යම්තාක් දුරට සධාරණය.ඔහුට අනුව ඔහු ආගමක් නැති අයෙකි.පන්සලට අවුරුදු ගානකින් ගොස් නැත.මුස්ලිම් මිතුරා අදහන්නේ ඉස්ලාම් ආගමය.ඔහු ඔහුගේ ආගමට අනුව ජීවත් වේ.මම පට්ටම බෞද්ධයෙක්මි.මමත් මාගේ ආගමට අවුව ජීවත් වේ.
නමුත් මොහොතක් සිතා බලන්න.. අපි ආගම මෙය යැයි කියමින් ආගමට පිටින් ජීවත් වන්නෝ නොවේද....?? ඉදින්....ඔබත් පට්ටම බෞද්ධයෙකු නොවේද....?

Saturday, 14 May 2011

චින්තනලා, මංජුලා සහ මාලිංගලා.....


අද කාටවත් නොදැනෙන්න මංජුගේ රන් පදක්කම නැති වී තිබේ.එදා මංජුව කරේ තියාගෙන යන්නට සිටි බොහෝ දෙනක් මංජු සමග නැත.
මා මීට පෙරද මේ ගැන ලිව්වෙමි.මංජුගෙන් ශ්‍රී ලංකාවට ලැබුනු රන් පදක්කම වේල්සයට යද්දි අද මංජු සුසුම් හෙලනවා විය හැක.එදා රන් පදක්කම පිටින් රන් තලියකටත් වඩා වටිනා ක්‍රීඩකයකු අද වන විට මුල්ලකට දමා ඇත්තේ ඔහුගෙන්
තවත් ගත යුත්තක් නොමැති බැවිනි.
චින්තන ගීතල් විදානගේ රන් පදක්කම රැගෙන එන විටද තත්වය මෙයම විය.පදක්කම රැගෙන ලංකාවට පා නගන විට ඔහුට කාර් ලැබුනේය,ගෙවල් ලැබුනේය ක්‍රීඩා කරන්නටද අම්බානෙක භාන්ඩ ලැබුනේය.ඒවා සියල්ල කටින් ලැබුන දේවල් බව පසුව හොදාකාරවම වටහා ගත හැකියාව ලැබුනි.එදා චින්තන කාර් ,ගෙවල් ඉල්ලුවේ නැත.චින්තන ඉල්ලුවේ හද්දා පිටිසර පොලොන්නරුවට අංග සම්පූර්න ව්‍යායාම් මධ්‍යස්ථානය
ක් පමනි.කාර් ගෙවල් කෙසේ වෙතත් චින්තනට එය ලැබුනෙත් නැත.
අපේ කෙල්ලෝ කොල්ලන් මාස ගනන් මහන්සි වී දහඩිය මුගුරු දමාගෙන දිවා රෑ නොබලා පුහුනු වීම් කර ශ්‍රීලංකාවට ගෙන එන රන් රිදී ලෝකඩ හෝ ඕනෑම ජයග්‍රහනයකදී ගොඩ වඩා ගන්නේ දේශපාලුවෙකි.දිනුවාම අම්මා තාත්තටවත් නැති දරු කැක්කුමක් හැදේ.පලමු මල් මාලය දාන්නේද උන්නාන්සේය.ඒක එතනින් එහාට ගෙනියනවා නම් කමක් නැත.ඒ නමුත් සිදුවන්නේ එච්චරය.ආයේ උන්නාන්සේ එන්නේ තවත් කවුරුන් හෝ පදක්කමක් දිනා ගත් විටය.


මේ ලිපිය මංජුගෙන් ඇරඹුවද ගමේ මනුස්සයා ගැන නොලිව්වොත් එයද අඩුපාඩුවක් වනු ඇත..
ඉතින් ලසිත් මාලිංග දෙසට හැරෙමු.,
රත්ගම එක්ස්ප්‍රස් එහෙමත් නැති නම් සුද්දාට අනුව ස්ලින්ගා මලින්ගා යනුවෙන් හදුන්වන මාලින්ගටද වන්නේ කාගේවත් බයිටට් එකක් වන්නටය.සහතිකවම මාලිංගට පාදයේ
ආබාධයක් තිබුනි.ජනාධිපතිතුමාගේ ඩොක්ටර් අංකල්ගෙන් බෙහෙත් ගත් පසු නැවත ක්‍රීඩා කිරීමට හැකි ලෙසට සනීප වූවත් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කිරීමට තරම් සනීපයක් නැති බව ඔහු එක් වරක් දෙවරක් නොව කීප වරක්ම මාධ්‍යට ප්‍රකාෂ නිකුත් කලා හොදට මතකය.අදාල බලධාරීන්ට මාලින්ග සමග මුල සිටම ප්‍රශ්න තිබූ බව කියවේ.මාලිංගගේ කොන්ඩය ගැන විනය පරීක්ෂන කරන්නට ගිය හැටිද අමතක නොවේ.ක්‍රීඩකයන් අදින පලදින විදිහෙන් රටක කීරිතිනාමයට හානියක් වන බව සැබැවි.නමුත් ඒසේ හානියක් වන්නේ නොගැලපෙන විලාසිතා හෝ පරුශ හැසීරීම් නිසා බව අදාල බලධාරීන්ට චූටි මොල වලට නොවැටහීම දුකට කාරනයකි.
පිටිය මැදදී නිතරම සිනහවෙන් සිටිනා (හතරේ එකක් ගැහුවත් හිනා වෙන ක්‍රීඩකයකි) ක්‍රිකට් විචාරකයන්ගේ පවා පැසසුමට ලක් වූ මාලිගේ කොන්ඩය අපේ එවුන්ට ප්‍රශ්නයක් ය.හර්බුජාන්ලා ,රිකී පොන්ටින්ග්ලා , ශෝන් ටේට් ලා එක්ක තැබූ විට මාලිගේ හැසිරීම අංක 1 ට පවතී
.රත්ගම සිටින්නේ මැරයන්ම පමනක් නොව වැඩකරුවන්ය යන්නට මාලිංග හොද උදාහරණයකි.ඔහුගේ පුද්ගලික ජීවිතය ගැන විවිධ ප්‍රශ්න තිබුනත් ක්‍රීඩකයෙකු ලෙස ඔහු සුවිශේෂය.
ටෙස්ට් ක්‍රිකට් වලින් සමු ගැනීමට තීරනය කිරීම ඔහු දේශද්‍රෝහියෙකු කිරීමට මූලික හේතුව කර ගත් පාලක මන්ඩලය රටට ආතල් දෙන ප්‍රකාශ නිකුත් කරේ කිසිදු වගක් නොදැනය.පාදයේ ආබාධය නිසා ශ්‍රීලංකා ක්‍රිකට් සමග තිබූ ගිවිසුමද අවලංගු කර දැමූ පුද්ගලයින්ම අද කියන්නේ මාලිංගට පාදයේ ආබාධයක් නොමැති බවය.IPL සල්ලි නිසා ටෙස්ට් ක්‍රිකට් අත අරින්නට තරම් මාලිංග ගුනමකුවකු නොවන්නේ එබැවිනි.අනෙක් අතට මාලිංගගේ රස්සාව ක්‍රිකට් ගැසීමයි.සල්ලි හොයන්නේ ක්‍රිකට් වලින් නම් තවත් ටෙස්ට් ක්‍රීඩාකර ආබාධ නිසා බන්කුවට වී තරුන ක්‍රීඩකයෙකුගේ අවස්තාව කා දමනවාට වඩා මාලිංග ක්‍රියා කල ආකාරය අගනේය.පාලක මන්ඩලයට දුක ඇත්තේ මාලිංග යෑම ගැන නොවන බව සැබෑව. සියලුම ක්‍රීඩකයන් කලින් ගෙන්නා ගැනීමට පොර ටෝක් දුන්නාට සිංහ නාදය හකුලව ගන්නට ඔවුන්ට සිදු වුනේ පෙර කල වැරදි බැවින් බව අද සියලු දෙනාම දනී.අන්තිමට රත්ගම මාලිංග ,පොලොන්නරුවේ චින්තන සමග පමනක් නොව කන්ද උඩරට මංජු සමගද අපේ රටේ ජනතාව එකතු වී සිටින්නේ ඔවුන්ට ඇති සැබෑ ආදරය නිසාය..එය දේශපාලුවන්ගේ සල්ලි මලු වලට යට නොවන ආදරයක් බව පුන පුනා කීමටද උවමනා වන්නේ නැත.
ඉතින් මාලිංග...
ඔබේ යෝකර් පන්දුවෙක් එක්දින සහ 20-20 කඩුලු බිද වැටෙන හැටි නැරඹීමට රත්ගමයා තවමත් සූදානම්ය.
ඔබලාට ජය!!!!

Tuesday, 5 April 2011

රත්ගමයා ගැන එක එකාට මෙහෙම හිතුනලු.....


සිහින උලෙල හමාර උනා නේ..එක එක්කෙනා අදුර ගත්තා..කට්ටිය පුදුම උනා.. 'අම්මට සිරි..අඩෝ මේ උඹද" කියලා නොකියපු එකෙක් නැති තරම්.
ඉතින් මම මේ දැන් කියන්න යන්නේ රත්ගමයා බක් මහා උලෙලට ආවම එක එකාට මගේ ගැන ඇති උන හැගීම්.. ( අරින් එව්වා නොව..සාමාන්‍ය එව්වය ) ගැන පොඩි විස්තරයක්..මේව හිතුනේ කාටද කියලා මම දාන්නේ නෑ...බලන අයම හිතා ගත්ත නම් හොදා ඕන්


1. නොදකින් ගල් පොට්ට්යා..කුප්පයි කුජීතයි කිව්වට මුගේ ඇති කුප්ප කමක් නෑ...තාම කිරි සප්පයා වගේ පොඩි එකා නේ


2. මැදෑ...මම කෝල් කොරන කොට මූ ඇවිල්ලා නේ...ඒ මදිවට අර තුන් පා දුවන තැන ඉදලා අතත් උස්සනවා..මම සංජු ටීචර් එක්ක වාඩි වෙලා ඉදපු එක මූ දැක්කා...දැන් ඕකටත් මොකක් හරි එකක් කියාවිද දන්නේ නෑ..


3. අපෝ...මූ ද මේ රත්ගමයා..නොදකින් විතරක්...මට වඩා පොඩ්ඩක් මිටියි නේ..මගේ ලෝකේ කිව්වට,ගාල්ලේ කිව්වට මේ පොට්ටයා මාව අදුර ගත්තෙත් නෑ...ගල් බෝතලයක් එහෙම තිබ්බ නම් මම අනිවා වැනෙනවා..එහෙනම් මාව අදුර ගනීවි...පහු ගිය ටිකේ බ්‍රෑන්ඩ් අරක්කු ලිව්වට අපි ගහන්නෙත් ගල් තමා..එදත් බෑ බෑ කිව්වට පොඩ්ඩක් අරන් ඉදියේ...


4. අලේ අප්පා...අක්ෂරේ එකට ලිව්වට,ෆේස් බුක් එකේ චැටක් දැම්මට අද නේ කොල්ලව දන්නේ...ඇස් වහක් කටවහක් නෑ සීදේවි කොලු පැටියා..රෝස වලාකුලක්ම පායන්න ඕන කොල්ලගේ මූනට


5. ආපු ගමන් වතුර ගහන්න කියලා කට්ටිය ෆෝර්ම් කොලේ හොද වෙලාවට..මූට රිටන් එක දෙන්න බැරුව නේ ඉදියේ..නිතරම සත්‍යයේ සටහන කිය කිය යනවා...හැබැයි මූට වැඩිය මම අම්බානෙක කොටයි නේ.පොඩ්ඩක් ගත්ත නිසාද දන්නෑ මූව මට පේන්නේම ලස්සනට නේ..ඒ මදිවට මූත් එක්ක ඉන්න අර කෙලි පොඩ්ඩ..හිටපියකෝ තොපිට මම හොද පදයක් හදන්න...මාර හෝරාවක්ම තමා


6. අපෝ...විලි ලැජ්ජාවේ බෑ..කොල්ලගේ උසට මායි පාසලේයි ෆුල් හොල්මන්..ලගට අඩ ගහලා දෙන්න එක්ක අතට අත දුන්නට ලගට යන්න බෑ..කොට බව පේනවා..මේ ජීවිතේම කලකිරෙනවා අප්පා කොට නිසා..


7. මැරිච්ච එකා ඇවිල්ලා..මරපු එකා ආවේ නෑ නේ..එනකල් ඉදියේ අල්ල ගන්න..ටිකක් හිනා වෙයන් කෝ මලේ...හිනා වෙනකොට උඹ හැඩයි අනේ


8. යන්තම් ටිකට් දෙකක් කඩා ගත්තා..බස් ඩ්‍රයිවර් උනාට කොන්දොස්තර වැඩෙත් කොරන්න ඕන නේ...

9. කෙහෙල් කොට්ටක් තිබ්බට මොකද මේ යකා අවුරුදු කුමාරයා උනා නම් අපේ මූනවත් බලන එකක් නෑ..දැක්ක නෑ පලවෙනි වටෙන් කැපිලත් යන උඩ


10. මයේ මල්ලියා හරි හැඩයි නේ...සුදු හංස පැට්ටෙක් වගේ


11. බල්ලෝ චූ කරා වගේ මුගේ බ්ලොග් එකේ ලියලා ගියාට මේකා මහ මිනිහෙක් නෙමේ නේ..පොඩි ඇම්බැට්ටයෙක් නේ..


14. ආපු වෙලේ ඉදලා පනුවා වගේ එහා මෙහා දිව්වට මොකද මූ අවුරුදු කුමාරාට ඉදිරි පත් වෙලා කියල දැක්කේ දැන් නේ...මට වඩා නම් මූ මාර හැන්ඩි කොල්ලෙක්



13. අපෝ...මුගේ රත්ගම ගතියක් ගෑවිලාවත් නෑ...හිටපිය තොගේ බ්ලොග් එක ජරා කොරන්න - ඇනොනිමසෙක්


15 .අපි එක එක චැනල් වල මේකප් දාගෙන ඉදියට මේ කොලු පැන්චා මාර හැඩයි නේ..මූව මේ තරගෙන් දිනෙව්වොත් මට අනිත් දවසේ මේ කොල්ලා එක්ක වැඩසටහනක් කොරන්න දෙන්නත් බැරි නෑ..අම්මෝ..මගේ හිත මට ශුවර් නෑ..ඒක නිසා මූව කපලා දාලා අර පිටි ගෝනියක් වගේ පැනි බූලියව කුමාරයා කොරන්න ඕන

මොහොමඩ් අස්සේ ඉදිය නම් ඌ මෙහෙම හිතාවි
වැඩි වෙලා මෙතන ඉන්න හොද නෑ..රත්ගම එකෙක් නිසා මුගේ ගාව අවි ආයුධ තියෙන්න පුලුවන්...

අපි ගෙදර යන අතරේ ගෙදර යන ගමන් මෙහෙම සීන් එකකුත් එකෙකුට හිතෙන්න ඇති
මේ ඇන්ටියගේ දූ පොඩ්ඩක් කොලඹ කැම්පස් එකේ..ඒක නිසා මේ බස් එකේම කොළඹ ගියොත් ගොඩ..අම්බලන්ගොඩින් බැහැලා කොලඹ යනවා ආයේ...ගෙම්බා ගෙනාවේ පිටි පස්සේ ඉදපු මම කියලා මුන් හිතන එකක් නෑ..

එක එකාව කට්ටිය අදුරනවද බලන්න කෝ....

Thursday, 31 March 2011

ලෝක කුසලානය දිනන්න නම්.................


අපි ඔක්කොමලා බලන් ඉන්නේ අප්‍රේල් මාසේ 2 වෙනිදා තියෙන අවසාන මහා තරගය දිහා නේ...සමහරු බලන් ඉන්නේ නම් අප්‍රේල් 3 වෙනිදා තියෙන සිහින බක් මහා උලෙල එනකල්..කොහොම හරි මම හිතුවා අපේ ක්‍රිකට් කණ්ඩායම මේ අවසාන මහා තරගයෙන් දිනන්න නම් මොන වගේ දේවල්ද කරන්න ඕන කියලා පොඩි පෝස්ට් එකක් දාන්න.....
ඉන්දියානු කන්ඩායම අවසාන මහා තරගයට ආපු එක පකිස්තානය ආවට වඩා හොද උනත් ඔවුන්ගේ රටේ ඔවුන්ගේ පිට්ටනියක ඔවුන්ගේ නරඹන්නන් ඉදිරියේ ක්‍රීඩා කරන එකේ වාසිය ඉන්දියානු කන්ඩායමට තියෙනවා..ඒත් ඒකම ඔවුන්ට මානසික පීඩනයක් ගේන හේතුවක් වෙන්නත් පුලුවන්..
ඔවුන්ගේ පිතිකරු ලැයිස්තුව ගත්තොත් මුල්පෙල පිතිකරුවන් ලකුනු අතර ඉන්නවා..නමුත් මැදපෙල එකපාරටම කඩා වැටෙන තත්වයක් තමයි තිබුනේ..රයිනා මැදපෙල ක්‍රීඩා කරන්න ගත්ත එකෙන් මැදපෙලත් ශක්තිමත් වෙලා තියෙනවා..
ශේවාග් සහ සචින්ගේ විකට් දෙක අපි ඉක්මනට ලබා ගන්න ඕන..ශේවාග් ඉක්මනට යන තරමට ඉන්දියාව ලබා ගන්න ලකුනු ගාන ඉක්මනට අඩු වෙනවා..මම දැකපු දෙයක් තමයි ශේවග් බවුන්සර් පන්දු වලට නිදැල්ලේ යන්න ඉඩ හරින එක..ඒක තේරුම් අරගෙන විකට් එක කෙලින් ඒ කියන්නේ විකට් ටු විකට් පන්දු යැව්වොත් ශේවග් ඉක්මනට දවා ගන්න පුලුවන්..ටෙන්ඩුල්කාර් ක්‍රීඩා කරපු විදිහට නම් ඔහුව දවා ගන්න ඉතාමත් හොද පන්දුවක් වැටෙන්න ඕනා..
ඊලගට අපි සලකා බලන්න ඕන ක්‍රීඩකයා තමා යුවරාජ් සිං.තරගාවලියේ වීරයා වෙන්න ඉඩකඩ තියෙන ක්‍රීඩකයෙක් තමා ඔහු..ඉන්දියාව මේ ලෝක් කුසලානයේ ගොඩක් දුරට යැපුනේ ඔහුගේ පිත්තෙන් රැස්කර ගනිපු ලකුනු වලින්..ඒක නිසා ඔහුවත් ක්‍රීඩාගාරයට ඉක්මනට යවන්න ඕන..රයිනා කියන්නෙත් ශුවර් කරන්න බැරි ක්‍රීඩකයෙක්...ඉන්දීය නායකයා දෝණි නම් මේ තරගාවලිය ලකුනු පැත්තෙන් හොද එකක් නෙමේ..ඒත් කොයි වෙලේ ක්‍රියාත්මක වේවිද දන්නේ නෑ..
      ඉන්දිය කන්ඩායම මුලින් පන්දුවට පහර දෙනව නම් ලකුනු 250ට අඩුවෙන් නියත වශයෙන්ම දවා ගන්න ඕනා..අපේ බැටින්ග් ලයින් අප් එක ගත්තොත් මුල් පිති කරුවන් තුන් දෙනා ගැන ලොකු බලාපොරොත්තුවක් තමා තියෙන්නේ...ඩිල්ශාන් සහ තරංගගේ හොද ආරම්භය ගොඩක් මේ තරගයට ඕන වෙනවා..සංගා ගැන ඉතින් කියන්න දෙයක් නෑ නේ..ඔහු දන්නවා ක්‍රීඩා කරන්න..හැම කෙනාටම වඩා..මහේලත් ඉදලා හිටලා වැදීමේ න්‍යායට නැතුව නිසැකවම වැදිමේ න්‍යාය පාවිච්චි කරොත් ගොඩම තමා..අපේ මැද පෙල ගැනත් කතා නොකරම නෑ..චාමර සිල්වා සහ තිලාන් සමරවීර
ලකුනු අතර නෑ..මම දැකපු දෙයක් තමයි චාමර සිල්වට පන්දුව ස්ථාන ගත කරන්න බැරි වීම..බෝල දහයක් ගැහුවොත් ඒ දහයම යන්නේ ෆීල්ඩ් එක අතට..හතරේ එකක් ගැහුවොත් ඊලග බෝල 10ම ලෑලි..චාමර කපුගෙදර අවසාන තරගෙදිවත් උත්සහ කරන එකක් නෑ කියලයි මම හිතන්නේ..කපුගෙදර එක තරගයකදි අසර්තක උනාම ඉතුරු තරග හැම එකටම දැම්මේ සිල්ව..ඒත් සිල්වා අසාර්තක වෙන කොට දිනන කන්ඩායම කියලා වෙනස් කරන්නේ නෑ..මේ වගේම දෙයක් ගිය පාර ලෝක කුසලානයේදිත් උනා..ඒක ක්‍රීඩකයට කරන ලොකු අසාධාරනයක්..ඊලගට මැතිව්ස් ගැන කතා කරමු..මැතිව්ස් කියන්නේ අපි හොයා ගත්තු හොදම ක්‍රීඩකයෙක්..මැතිව්ස් ඔය ගහන තැනට වඩා උඩට දාන්න පුලුඒන් නම් මීට වඩා ලොකු සේවයක් ගන්න පුලුවන්..ඒත් එහෙම දාන්න බැරි ඊට උඩින් දෙන්න අසර්ථක නිසා...
මම හිතනවා මැතිව්ස් සහ මුරලිගේ අබාධ තත්වයන් සෙනසුරාදා වෙනකොට හොද වේවි කියලා.
මුරලි වෙනුවට යවපු රන්දීව් මුරලිගෙන් වෙන්න පුලුවන් සේවය 75% ක් වත් කරාවි කියලා හිතන්න පුලුවන්..ඒත් මැතිව්ස් වෙනුවට වාස් නම් කොහෙත්ම ගැලපෙන්නේ නෑ..මැතිව්ස් කියන්නේ අපේ මැද පෙලේ කොදුනාරටිය.වාස් එතනට පොඩ්ඩක් වත් ආදේශ කරන්න බෑ..සමරවීර සහ සිල්වා රිද්මයේ නැතුව ඉන්න කොට වාස් එතනට කොහෙත්ම හරියන්නේ නෑ..ඒත් මම හිතන්නේ මුරලි සහ මැතිව්ස් අනිවාර්‍ය‍යෙන් අවසාන තරගයට ක්‍රීඩා කරාවි කියලා...එහෙම උනොත් ගොඩාක් හොදයි..
පන්දු යැවීම ගත්තොත් ශ්‍රීලංකාව ඉන්දියාවට වඩා ගොඩක් ඉදිරියෙන් ඉන්නේ..මාලිංග,මුරලි ඇරුනම මෙන්ඩිස් ක්‍රීඩා කරාවි අනිත් පන්දු යවන්න රංගන සහ කුලසේකර කියන දෙන්නගෙන් කෙනෙක් තමා ඇතුලට එන්නේ..මගේ මතය නම් කුලසේකර.. දග පන්දු වලට පහර දෙන ඉන්දියානු ක්‍රීඩකයන්ට කුලසේකර උත්තරයක් වේවි කියලා හිතනවා...
ඉන්දියාවේ කට්ටිය ගත්තොත් හර්බුජාන් ගෙන් පරිස්සම් වෙන එක හොදයි..පරිස්සම් වෙනවා කියන්නේ නරක බෝලේට අත දිග ඇරලා ගහන්න ඕනා.එතකොට තමා හර්බුජාන් වැටෙන්නේ...නේරා කියන්නෙත් ඉතා හොද පන්දු යවන්නෙක්...එහෙම නැති නම් තින්කින්ග් බෝලර් කෙනෙක්..නේරා පන්දු යවන්නේ තරගයට ඕන විදිහට..ඒ පන්දු වලිනුත් බේරෙන්න ඕනා...යුවරාජ් හොදට පන්දු යවලා තියෙනවා.
කොහොම උනත් එදා දවසේ හොදට සෙල්ලම් කරන කන්ඩායම සහ වාසනාවන්ත කන්ඩායම දිනාවි..ඉන්දියාවට වඩා අවසාන මහා තරග වල අපිට වාසනව තියෙනවා..
මුරලි සහ මැතිව්ස් වෙනුවට වාස් සහ රන්දීව් ගෙන්නුවේ කුප්ප කමකටද කියලත් හිතෙනවා..ඉන්දියන්කාරයෝ චූන් කරන්න කරපු කුජීත වැඩක් වෙන්නත් පුලුවන්.
 මැතිව්ස් සහ මුරලි 100%ක් සුව වෙන්න කියලා අන්තිමට ප්‍රාර්ථනා කරනවා....

Wednesday, 30 March 2011

වෙනස් විදිහට හිතන්න............


හැමදාම එක එක විකාර කතා කිය කිය ඉන්නේ නැතුව පොඩ්ඩක් වැදගත් ටොපික් එකක් ගැන ලියන්න හිතුනා..
ඔබ හිතන්නේ මොන විදිහට ද...උත්තරේ අනිත් හැමෝමලා හිතන විදිහට කියන එක නම් ඔබට මෙතනින් ඉස්සරහට ලිපිය කියවන්න අවසරයක් නෑ
අපි අපේ ජීවිත කාලෙදි අනුන් කරන දේවල් කොච්චර දවසක් කරලා ඇද්ද..හැමදාම හැමෝම කරන ඒව කරාම අපිට පැවැතමක් නැති වෙනවා..
පොඩ්ඩක් හිතන්න..
මම සරල උදාහරනයක් ගන්නම්
අයිසෙක් නිව්ටන්ගේ ඔලුවට එදා ඇපල් ගෙඩිය වැටුනේ නැතිනම් අද ගුරුත්වාක‍්රෂනය කියලා එකක් හොයාගෙන නෑ නේද...ඒත් එහෙම ඇපල් ගෙඩිය වැටිලත් නිව්ටන් කියන මනුස්සයා වෙනස් විදිහට ඒක ගැන හිතුවේ නැතිනම් ඒත් ගුරුත්වාක‍්රෂනය කියලා එකක් අද නෑ...අද අපි හැමෝමලා නිව්ටන්ට පින් දිදී ගුරුත්වාක‍්රෂනයක් ගැන කතාකරනවා..අන්න එතනදි නිව්ටන් වෙනස් විදිහට හිතුවා..ඒකෙන් එයා නිර්මානයක් කරා..දුන්නා ගුරුත්වාක‍්රෂනය කියලා ඒකට අර්ථ දැක්වීමක්..
මෙන්න සරල ප්‍රශ්නේ....ඔබත් අද එදා නිව්ටන් කියපු දේ පිලිගන්නවා නේද..ඇයි අපිටත් බැරි වෙනස් විදිහට හිතන්නේ...නිව්ටන් හිතුවට වඩා වෙනස් විදිහට අපිට හිතන්න බැරිද...පැහැදිලිවම පුලුවන්..ඒත් ඕන කමක් නෑ
 හයිඩ්‍රජන් පුරවපු බැලුමක් උඩ යන්නේ වාතයට වඩා සැහැල්ලු නිසාලු...ඉතින් කෝ එතනදි අර කියපු ගුරුත්වාක‍්රශනේද මොකක්ද එක..ඕක තියෙනව නම් බැලුම පොලවටම අදින්න ඕන නේ..
මෙච්චර ලොකු ගුරුත්වාක‍්රශනයක් තියාගෙන බැලුමක් පොලවට ඇදගන්න බැරි නම් එතන ඊට වඩා වැඩි දෙයක් තියෙනවා.සමහර විට ඔබට ඒකට විරුද්දව ඕන තරම් තර්ක ගේන්න පුලුවන්.සමහර නියමයන් බිද වැටෙන්න යනවා වගේ පේනව නම් ඒක හොයා ගත්තු විද්වත්තු ඒ නියමය වලන්ගු වෙන්න කියලා තත්ව දෙනවා..ඒ තත්ව වලින් කරන්නේ ඒ නියමයන් රැක ගන්න එක මිසක් ඇත්ත ලෝකෙට පෙන්වන එක නෙමේ..අපිත් එයාලා කියන්නේ ඇත්ත කියලාම හිතාගෙන හිටියොත් අපිට කවදාවත් වෙනසක් දකින්න බෑ....හිත ඇතුලෙන් තර්ක කරන්න....ඒ ඔස්සේ හිතන්න...වෙනස් වෙන්න...
මීට කලින් මම කියපු පිටසක්වල ජීවින්ගේ   එකිනෙකට වෙනස් කතා දෙක පොඩ්ඩක් වෙනස් විදිහට හිතපු අවස්තාවක්..
        මම හැම නිතරම වගේ මගෙන්ම මේ ප්‍රශ්නය අහගන්නවා....
"මම කියන්නේ කවුද?..මගේ ඇග ඇතුලේ ඉන්නේ කවුද...කාට වුවමනා විදිහටද මගේ අවයවයන් ක්‍රියාත්මක වෙන්නේ...."
ඒකට මට තාම උත්තරයක් හම්බෙලා නෑ..මහාචාර්‍ය‍යවරු කියන්නේ ඒක කෙරෙන්නේ සිතෙන් කියලා..ඉතින් කෝ සිත කියලා අවයවයක්..අන්න ඒක කොහේද තියෙන්නේ...
ගොඩක් වෙලාවට මම ආසයි සැහැල්ලුවෙන් හිතන්න..ගෙදරට ඇදන් ඉන්න ඇදුම ඇදගෙනම ගාලු යන වෙලාවල් ඕන තරම් තියෙනවා..ශෝට් එකක් ඇදගෙන රබර් සෙරප්පු දෙකක් දාගෙන යන්න තියෙනව නම් ඒ වෙනස තේරුම් ගන්න පුලුවන්...
ඇයි මට බැරි අදර කතා ලියන්න...ආදරේ ගැන කවි ලියන්න..දුක හිතෙන කතා ලියන්න..මට බැරුව නෙමේ...මට අඩවන්න පුලුවන් වචන වලින්..ඒක මම දන්නවා..මම ඒක කරලත් තියෙනවා
ඒත් මම මොකටද වෙන කෙනෙක්ව අඩවන්නේ...ඊට වඩා කොච්චර ලස්සනද හිනාව..අන්න ඒක තමයි මට වටින්නේ..හැමෝම ආදරේ ගැන කවි ලියද්දි මම වැසිකිලියක් ගැන විකාර කවියක් ලියන්නේ මම වෙනස් නිසා...ඒ වෙනසට මම ආස නිසා..
උඹට පිස්සු බන් කියපු නැති යාලුවෙක් මට නෑ.උඹ නම් මහා විකාර වෙනස්ම් චරිතයක් කියපු නැති එකෙක් නෑ.
එක දවසක් අපේ ඉස්කෝලේ ගුරු දෙගුරු රැස්වීම තිබ්බා..12 වසරේ අන්තිම වාරේ වගේ මම හිතන්නේ..අපිට සංයුක්ත ගණියට ඉගැන්නුවේ පතිරගේ කියලා සර් කෙනෙක්..අපේ අම්මා සර්ගෙන් ඇහුවා කොහොමද සර් අපේ පුතා පන්තියේ වැඩ කරනවද කියලා...සර් පොඩි හිනාවක් දාලා කිව්වේ මිනිහට නම් වැඩ පුලුවන්..හැබැයි හෙනම පඩත්තලයි කියලා..ඒ වචනය අල්ලගෙන අපේ කොල්ලො මට හින්ට් ගැහුවට මම ඒකෙන් වෙනසක් දැක්කා..ඔව් මට ප්‍රශ්න තිබ්බා..අනිත් අයට නැති ප්‍රශ්න මට තිබ්බා..ඉතිනි මම පන්ඩිත නොවී ඉන්නේ කොහොමද,,..මට පිස්සු....ඒ මම හිතන විදිහ..පිස්සෙක් ලෝකය දකින්නේ වෙනස්ම විදිහට..පිස්සෙකුට බැදීම් නෑ..හරිම සරලයි...ඌට හිතෙන්නේ අනිත් උන්ට පිස්සු කියලා...
තව වෙනස් විදිහකට හිතන්න පුලුවන් දේවල් ඕන තරම් තීයෙනවා..ඒත් ඒවා ඒ විදිහටම අනිත් අයට හිතේවිද කියන්න මම දන්නේ නෑ..
ගොඩක් අය ආසයි නේ කැපිලා පේන්න..ඇදුමෙන්..සුවදින්,ලස්සනින්,.... අන්න ඒ විදිහට කැපිලා පෙනීමට යාම තාවකාලිකයි...දැනුමෙන් කැපිලා පේන්න උත්සහා කරන්න..හැසිරීමෙන් කැපිලා පේන්න උත්සහ කරන්න..ක්‍රියාවෙන් කැපිලා පේන්න....අන්න එතකොට පැවැත්මක් තියේවි...හැමෝටම හැමදාම මතකේ තියේවි..අදටත් ජෝතිපාල මහත්මයව මතකේ තියෙන්නේ රූපේ ලස්සන නිසා නෙමේ..අදටත් විජය කුමාරතුංග මහත්තයව මතකේ තියෙන්නේ මේකප් එක නිසා නෙමේ...
මම හිතනවා හැමෝටම රත්ගමයව මතකේ තියේවි කියලා...ඒ මම ලස්සන නිසාවත් (ලස්සන නම් තමයි හොදේ) මම අදින ඇදුම් නිසාවත් නෙමේ...මම ලියන විකාර පිස්සු කතා නිසා.කොහේ කවුරු කියෙව්වත් මේක රත්ගමයගේ ස්ටයිල් එකට ලියපු කතාවක් කියලා කිය වුනොත් මම වෙනස් දෙයක් කරා වෙනවා.කුප්ප කතාවක්,කුජීත කතාවක්,,ඉකේයියා... කියලා කොහේ හරි කිවොත් රත්ගමයව මතක් වෙනව නම් මම වෙනසක් කරලා තියෙනවා.....තවත් උදාහරන ගොඩාක් දාලා මේ ලිපිය දිගටම ලියන්න පුලුවන්.ඒතකොට වෙනසක් නැතිවෙනවා...මෙතනින් නවත්තමු..
අද ඉදලා වෙනස් විදිහට හිතන්න...පුලුවන් වෙලාවට නෙමේ...හැම නිතරම.....

Wednesday, 23 March 2011

මැරිච්ච එකා ඇවිල්ලා..................................



මම නැති ටිකට හරි හරි ජංජාල නේ වෙලා තියෙන්නේ...යකෝ...දවස් තුනක් සයිබරෙන් ඈත් වෙලා ඉදියොත් මාව මරා ගන්නවා..
පොඩි විභාග වගයකට මම කැලනිය පැත්තේ ගියේ..මර්වියාගේ අඩවිය නිසා පන පිටින් එන්න පුලුවන්ද කියලා පොඩි සංකාවක් තිබ්බ නම් තමා...ඒත් බොලේ මැරෙන්න තරම් සයිකෝ නෑ නේ මට..
දවස මට මතක විදිහට සදුදා.කැළනියේ ගොහුන් ඉරිදා විභාග කට්ට ගොඩ දාලා මාමලාගේ ගෙදරත් දවසක් නැවතිලා ඉදලා එන්න කියලා අම්ම කියපු නිසා සදුදා දවසේ මම ඉදියේ අපේ මාමලාගේ ගෙදර..පුරුදු විදිහට බොද මීදුමේ සංසලා නංගි අර කොන්ද පන නැති එකා එක්ක හුරතල් වෙන ජුගුප්සජනක ටෙලි කතා මාලාව බල බල ඉදියේ..ජංගම දුරකතන රාජයා චාජ් වෙන්න ගහලා සෙටි එකේ (මම හිතන්නේ සෙටි එක එක් ලක්ෂ ගානක්..) වාඩි වෙලා අගල් 41 ඇල්.ඊ.ඩී ටීවි එකෙන් තමා බැලුවේ..
කතාව ඉවර වෙලා ෆෝන් එක ගන්නකොට මිස්කෝල් 15 ක්..අප්පටසිරි...කවුද බොල මේ අවේලාවේ..දන්නේ නැති නම්බර්ම 10ක් විතර..මම පොඩ්ඩක් බය වෙලා ගියා.ආයේ සුනාමියක් වත් එනවද දන්නේ නෑ කියලා..

දන්න නම්බර් එකකට තිබ්බේ ළමයගෙයි පොඩි මහත්තයගෙයි නම්බර් විතරයි..කොකටත් කියලා මම ළමයට මැසේජ් එකක් දැම්ම මොකො අවුල කියලා...ටික වෙලාවකින් මුගෙන් මැසේජ් එකක් එනවා උඹ මැරිලා කියලා බස් එකක කතාවක් යනවා මේ ඒක දැන ගන්න කියාලා..මමත් ඉතින් පිස්සුද බන් මම හොදින් කියලා රිෆ්ලයි කරා..ඊට පස්සේ ඉතින් ඕක වැඩිය ගනන් ගත්තේ නෑ...

                කොහොම කොහොම හරි ගෙදර ආවේ පෙරේදා රෑ..ඇවිල්ලා බැලුවම නේ වැඩේ මීටර් උනේ..මෙච්චර මේ සීන් එක දුර ගිහිල්ල නේ..මේකට වග කියන්න ඕනා අර සුලැගිල්ලා කියලා තමා ආරංචිය..බුකියේ මම ඔන්ලයින් උනා විතරයි ඌම මට ලින්ක් වගයක් එවනවා මේව බලපන් අයියේ,,මට සමාවෙයන් කියලා..එතකොට තමා කරුනු කාරනා දැන ගත්තේ..ගොඩක් අය කලබල වෙලා..සීමාව ඉක්මවා ගියපු විහිලුවක් නිසා..කොහොම උනත් පමන ඉක්මවා විහිලු හොද නෑ..ඒවගේම කොටියා අවෝ වගේ වෙන්නත් බැරි නෑ..

මම කවදා මැරේවිද කියන්න මම දන්නේ නෑ...ඒත් මැරෙන දවසට මැරෑවි..මීට කලින් මැරෙන්න ගිහින් තුන් පාරක් බේරුනා...පල වෙනි පාර කටු කම්බි වැටක් බෙල්ලෙ පැටලිලා එහෙම්ම ලිදට වැටුනා දවසක්...දෙවනි පාර බස් එකකට හැප්පිලා කකුල විතරක් කැඩිලා මාස තුනක් ඇදක් උඩ ඉදලා බේරුනා..තුන් වෙනි පාර සුනාමියට අහු වෙලා බේරුනා..හතර වෙනි පාර මොකක් වේවිද දන්නේ නෑ..

    මම නිසා ගොඩක් අය කලබල වෙලා...මම මේ ගැන ලියන්න නෙමේ ඉදීයේ..ඒත් සිදංගනා අක්කා ඇඩුවා කියලා කිව්වම ලියන්න හිතුනා..මම දන්නවා හැමෝමලා මට ඉන්නවා කියලා..ඉලංදාරි අයියා වගේ මමත් මේ බ්ලොග් එකෙන් හම්බකරගත්තු දේවල් තමා ඔය මනුස්සකම...මම වෙනුවෙන් අඩපු...හැමෝටම වගේම අර මෝඩ ඇගිල්ලටත් ස්තුති...බීම බොන්න සෙට් වෙලා ඉදපු උන්ගේ බඩට පාර වැදුනා අන්තිමට..

තව අවුරුදු හැත්තෑවකින් වරව්..බොලාට බීම බොන්න ඇහැකි...

Tuesday, 15 March 2011

කුප්පභිෂේකයේ අවසාන කුප්පයා...............




හතර වටේම ලයිට් පත්තු වෙනවා..මම ඉදියේ ඇස් ඇර ගන්නවත් බැරුව..
කිරි අප්පට විදුලි කොටාපි...මෙන්න කමල් මාමා මට පිටිපස්සෙ ඉදලා කෑගහගෙන දුවගෙන එනවා...

''මෙන්න අදත් ඔබ පුල පුලා බලා සිටි සිරිලාංකීය කුප්පාභිශේකයේ මෞලි මංගල්ලය''


ඉකේයියා....මේ මොන කුජීත වැඩක් ද බොල මට වෙන්න යන්නේ....

 " අවසාන සුපිරි තරු බබලන රාත්‍රිය..හතලිස් දහසක් කුප්පයන් අතරින් අවසන් 12 තෙක් පැමින ඔබ කුල්මත් කර..හිරි කිත වදනින් හිරි ඔතප් බිදි කුප්පයා....පිලිගන්න රත්ගමයා මහතා"

එහෙම කියාපු කමල් අයියා දැම්මේ නැතෑ මගේ කරට අත..
එහෙමනම් අපි විලි+ශ්ච මංඩලය හදුනා ගනිමු..හෙලයේ රිදී සීනුව..බෙන්තර ඇල්පිටියේ සුරූපිනිය.... නීතා සුමාරසිංහ මැතිනිය සාදරයෙන් පිලිගන්නවා...."

එහෙම කිව්වා විතරයි ලයිට් එලියක් වැට්ටා මල නාකි හෝන්තුවකගේ මූනට...දත් 32කම පෙන්නලා වැන්දා ප්‍රේක්ෂකාගාරෙට..මේ මොනවද යකෝ වෙන්නේ...මට හිතා ගන්න බෑ...

ඊලගට අසුන් ගෙන සිටින්නේ හෙලයේ කැලනි කුප්පයා...කාවන්තිස්ස රජ පරපුරෙන් පැවත ගෙන ආ.......මැරවින් සිල්වා"

ඒ පාර ලයිට් එලිය වැට්ටේ හරිම සිල්වත් මාමා කෙනෙක් ගේ මූනට...එතුමා හරිම වැදගත් විදිහටයි ඉදියේ..මගේ බය ටිකක් අඩු උනා එතුමාව දැක්කම...

"අවසාන වශයෙන් අපේ ආරාධනය පිලිගෙන පැමිනි...අරවින්ද යායේ කුමාරයා....සුදු මාධව නරවින්ද......."

ඒ පාර ලයිට් එලිය තට්ටයක් උඩට වැටුනා..තට්ටේ දිලිසෙනවා හිරි කිතේ බෑ...ඒ අස්සේ ඒ මාමා මනමාල හිනාවක් දාලා හිනාවෙනවා....
කමල් මාමා මගේ දිහාට හැරුනා... 
"කුප්පයන් හතලිස් දහසක් අතරින් අවසාන කුප්පයන් දෙදෙනා අතරට පැමිනීම ගැන මොකද හිතන්නේ"

මම පොඩි වැදගත් පෙනුමක් මවා ගත්තා ඕන්...කැමරා තීයෙනව නේ හැම පැත්තෙම.. 
"හ්ම්ම්ම්...හිරිකිතක් දැනෙනවා..." 

"ඒකත් ඉතින් කුප්ප කම තාමා.මට මතකයි මම පොඩි කාලේ ඉදලා කරන තරමක් කරේ කුප්ප වැඩ..අපේ අම්මා ඉදියප්පන් හැදුවා මටමතකයි...ගොඩක් දුක්බර අතීතයක් අපි ගත කරේ...මේ තරගෙත් එක්ක ගොඩක් දේවල් වෙනස් උනා...අම්ම දැන් ඉදි ආප්ප හදන්නේ නෑ....දැන් රුලන් විස්කෝත්තු විකුනනවා.."
 
පිටිපස්සෙන් ලාවට සංගීත සද්දයක් එනවා...හොදයි අපි තරගය පටන් ගමු,,,,

"ලෙස්ට් ප්ලේ ද කුප්පනයර්,,,,,"

"එහෙනම් යමු පලවෙනි ප්‍රශ්නයට..මෙන්න මේකයි ප්‍රශ්නය....
සිරි ලංකාවේ පවතින වැසිකිලි වර්ග කීයද? ඒ මොනවාද...."

"අපෝ....හරිම ලේසි ප්‍රශ්නයක් නේ..පොඩි කාලේ සමාජ අධ්‍යනයට අපි මෙව්ව කොච්චර නම් පාඩම් කොරාද.....පිලිතුර වැසිකිලි වර්ග තුනයි"

1.වල කකුස්සි
2.කොමඩ්
3.වැල්ල
 
 ඔව්.....
ඔබ රුපියල් දස දහසක් දිනා ගන්නවා..මෙන්න ඔබට හිමි චෙක් පත...මම මේක තියා ගත්තට කමක් නෑ නේ....

"අනේ කමක් නෑ...තිය ගන්න"

:අපි යමු ඔබට තියෙන ඊලග ප්‍රශ්නයට...මේක බහුවරන ප්‍රශ්නයක්..කොළඹ මැජෙක්ටික් සිටි වෙලද සංකීර්ණය තෙවෙනි මහලේ දකුනු අත පැත්තට හැරුනු පසු තිබෙනා වැසිකිලි පද්දතියට ඇතුලත් වීමේ ගාස්තුව කීයද?"

 a.රුපියල් 5 යි
b.රුපියල් 10යි 
c.රුපියල් 8යි සත 25යි
d.රුපියල් 9යි

අම්මෝ...හරිම ලේසි නේ...මට පෑනක් දෙන්න පුලුවන්ද....

කියපු හැටියේ පෑනක් හම්බුනා...මම හදුන්වා දීපු සමීකරනෙට ආදේශ කොරලා බලමු කීයද කියලා...

                       මුත්‍රා බර 7ක් = පොල් ගෙඩියක්
                      පොල් ගෙඩියක් = රුපියල් 70යි
      එම නිසා : මුත්‍රා බර 7ක් = රුපියල් 70යි
     දෙපැත්තම 7න් බෙදමු
                     මුත්‍රා බර 1ක් = රුපියල් 10 

හික්...ඒවත් ප්‍රශ්නද අයියේ අපි වගේ කුප්පයන්ට...පිලිතුර b රුපියල් 10යි

"ඔබට හොදටම විශ්වාසයි නේද පිලිතුර..එහෙනම් මම කොම්පුටරේට භාර දෙනවා...කොම්පුටර් ලොක් ආන්සර් බී රුපියල් දහයයි"

එතකොටම ලයිට් ඩිම් වෙලා ගියා බී උත්තරේ ලොක් උනා කොම්පුටරේ...ටික වෙලාවක් තටම තටම ඉදපු කමල් මාමා හයියෙන් කෑ ගැහුවා 

''ඔව්...ඔව් රුපියල් ලක්ෂයක් දිනා ගන්නවා පිලිතුර රුපියල් 10ක් තමා"

ඊලග සහ අවසාන ප්‍රශ්නේ දිනා ගත්තොත් ඔබට රුපියල් මිලියනක් හම්බෙනවා..ඔබ මොකක්ද මේකෙන් කරන්න බලාපොරොත්තු වෙන්නේ...

මම හිතන් ඉන්නේ මේ ඔක්කොම සල්ලි කොටස් වෙලද පොලේ ආයෝජනය කරන්න"

"ඉතාමත්ම හොද අදහසක්..මොන වගේ ව්‍යාපාර වලද ආයෝජනය කරන්න හිතන් ඉන්නේ.."

"වැසිකිලි ව්‍යාපාර වල තමා..පොඩි කාලේ අපිට යන උනේ වැල්ලට...එහා ගෙදර සෝමේ මාමලට අපේ වැසිකිලිය සින්න වෙලා තිබ්බේ..ඉතින් ඒ වැසිකිලිය බේර ගන්නවා මේ මුදල ලැබුනොත්"

"හොදයි මගේ බලාපොරොත්තුවත් ඒක තමා...එහෙනම් ඊලග ප්‍රශ්නයට යමු...මෙන්න මේකයි ප්‍රශ්නය..හොදට හිතලා පිලිතුරු දෙන්න"

"හෙට තරගය පාවා දෙන්නේ කවුද?"

ඈ යකෝ...මේක හරි කෙලියක් නේ...දැන් තරගේ පටන් ගන්න කලින් තරගේ පාවා දෙන එකා කවුද අහනවා....නොදකින් මෙහෙම රටක්

"හ්ම්ම්ම්ම්ම්ම්........යනවා කෝල් අ ෆ්‍රෙන්ඩ් උපකාරකයට....මට අරන් දෙන්න මහින්ද අසුන්දර අයියාව"

ඔව්..අපි දැන් මලාටෙල් දුරකතනයකින් ඇමතුම ගන්නවා...

"හෙලෝ...මහින්ද අයිය..ඔබේ මිතුරෙක් අපිත් එක්ක ඉන්නවා ප්‍රශ්නයකට උත්තරයක් අහගන්න..ඔව් අහන්න ප්‍රශ්නය ඔබට තත්පර 30ක් හිමි වෙනවා."

 "මහින්ද අයියේ....මේකයි ප්‍රශ්නේ...හෙට තරගය පාවා දෙන්නේ කවුද..."

අයියෝ...සිම්පල් ක්වෙශ්චන් නේ මල්ලි.....පොඩ්ඩක් ඉන්න පිටපත පෙරලලා බලනකල්.....හ්ම්ම්ම්....හෙට 2011.03.18...අහ්...මේ තියෙන්නේ...හෙට පාවා දෙන්න තියෙන්නේ ***** ක්‍රීඩකයට (දුම්කොල හා මධ්‍යසාර පනත නිසා කොටු කොටු දමමි )

"බොහොම ස්තූති මහින්ද අයියා...මම ඒ පිලිතුර භාරගන්නවා,,,,"
ඔව්....ඔබ මිලියනයක් ජයග්‍රහනය කරනවා.පිලිතුර නිවැරදියි..දැන් ඔබට අර වැසිකිලිය බේරා ගන්න පුලුවන්...අපි මේ ගැන විද්වත් විලි+ශ්ච මංඩලෙන් අදහස දැනගමු.....

නීතා නංගි මොකද හිතන්නේ රත්ගමයගේ හැකියාව ගැන..
මට කියාගන්න බැරි තරම් සතුටුයි...අල්ලගෙන කුචි කවන්න හිතෙනවා අනේ....අපේ පැත්තේ හැම පාරකටම කොන්ක්‍රීට් දාලා...මේක කරන්නේ තනි මගේ........."

ඇති ඇති ඔබ තුමියගේ අදහස,,,,,ඊලගට අපි යොමු වෙන්නේ කාවන්තිස්ස මහතා ලගට....

"ඔන්න මලේ ඔය නාමල නෙලා වරෙන්
අත්ත බිදෙයි පය බුරුලෙන් තබා වරෙන්"
මෙතන ඉන්න හැම එකාලම පිලි ගන්න ඕන විවාදෙකින් තොරව..මූ තමා මිනිහා..අඩෝ...උඹේ කුප්ප කම් රත්ගම තියා ගනින්..මගේ ආසනේට එක කොඩියක් දාන්න එන්න එපා උඹ...."

බොහොම ස්තූති....ඊලගටස සුදු මාධව අරවින්ද මහතා වෙත යොමු වෙමු..


මොනවා කියන්නද...ඔබ තාම පුංචි දළඹුවෙක්....මම දළඹුවෝ අල්ලන්නේ නෑ..කල් ගිහිල්ලා පිහාටු ආවම ඔබ සමනලයෙක්...අන්න එදාට මගෙන් පරිස්සම් වෙන්න..මම ඔබව අල්ලනවාමයි...අරවින්ද යායේ මල් පිපේවි එදාට..ස්තූතියි පැමිනියාට"

ඉකේයිය ...මේ මොන වලත්තයෙක් ද...මාව අල්ල ගන්න එනවා...මම අනුන්ගේ සමනලයෝ..වෙන එකෙක් අල්ල ගනින්...මගේ අල්ලන්න එන්නේ...වනචරයා...නරක සමනලයා.."

 මම ඒක කිව්ව විතරයි කැලනි සිරා විලි+ශ්ච මණ්ඩලයෙන් පැනගෙන ආවා...කවුද යකෝ සද්දෙ දාන්නේ...කුඩු කරනවා ඩෝ.....අඩෝ....කුඩු ලාල්...වරෙන්...ගල් ගහපාන්......"

ඒ අස්සේ කොහේ දෝ ඉදලා ආපු තඩි ගලක් මගේ ඔලුවට වැදුනා...බුදු අම්මෝ...මම එතනම දිගා උනා..


"තෝ තාම නිදිද..නැගිටපිය ගොන් හිවලා...වෙලාව බලපන් කීයද කියලා..."
සිහිනෙන් වගේ අපේ මල්ලිගේ කට හඩ ඇහුනා...ඇස් දෙක ඇරියම ඌ ඉන්නවා කොස්සකුත් අතින් අරන් මගේ ඉස්සරහ......

Friday, 25 February 2011

මොරටුව හා ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාල වල Aptitude Test එකම දවසේ.........



මුහුනු පොතේ කැරකි කැරකි ඉන්නකොට ඉන්බොක්ස් එකට මැසේජ් එකක් ආවා..ඉස්කෝලේ එකෙක්ගෙන් තමා මැසේජ් එක..මෑන්ට ආදරේට කියන්නේ ටුන්නා කියලා...
මෙන්න මේකයි මැසේජ් එක
  "මචන් මාර වැඩේ...මොරටුවේ Aptitude Test තියෙන දවස් වලම තමා ඌව වෙල්ලස්සෙත් Aptitude Test  තියෙන්නේ...මොකද කරන්නේ..."
 කිරි අප්පට විදුලි කොටපි කිව්වලු...
මට නම් මොරටුවෙන් ලියුම ආවා..ඒත් ඌවේන් ලියුම ආවේ නෑ...බලන් ඉදලා බෑ...කෙලින්ම ඇමතුවා ටුන්නාට
මම - මොකක්ද සීන් එක?
ටුන්නා - යකෝ එකම දවසේ Aptitude Test තියෙන්නේ ..මාර්තු 5යි 6 යි
මම - මල කෙලියයි..උඹට ලියුම ආවද? මට තාම ආවේ නෑ නේ..සදුදට ඒවි සමහර විට
ටූන්නා - ආවා යකෝ... එකම දවසේ තමා තියෙන්නේ
මම - උඹ චිනාගෙන් ඇහුවද? ඌත් දැම්ම නේ..ඌටත් ඒ දවස් මද?
ටුන්නා - ඔව් ඔව්...
මම - මම ඌටත් කෝල් එකක් ගන්නම් බලන්න
ඊට පස්සේ දුන්නා චිනාට කෝල් එකක්
බලනකොට වැඩේ ඇත්ත...
ටෙස්ට් දෙකම එකම දවසේ...
අම්මා දැන ගත්තොත් මෙතන ගිනි ගන්නවා..ගිනි අරන් අරෙහෙට මෙහෙට කෑ ගහනවා...හෙහෙ..එහෙම තමා අපේ අම්මා...
ඊට කලින් මම ගත්තා ඌව වෙල්ලස්ස කැම්පස් එකට කෝල් එකක්
පුද්ගලිය - හෙලෝ
මම - හෙලෝ..ඌව වෙල්ලස්සේ Aptitude Test තියෙන දවසේම............
පුද්ගලිය - ආ...මේ අංකටය කතා කරන්න
ඒ පාර ගත්තා ඒ අංකයට
මම - හෙලෝ ..මේ ඌව වෙල්ලස්සයි මොරටුවයි Aptitude Test දාලා තියෙන්නේ එකම දවසේ..මොකක්ද මේකට කරන්නේ
පුද්ගලිය - ආ....ඔව් එහෙම ප්‍රශ්නයක් තියෙනව තමයි..ගොඩක් දුරට ඒ දිනය මොරටුව විශ්ව විද්‍යාලයෙන් වෙනස් කරාවි...
මම - අපිට දැනුම් දේවිද ඒ ගැන
පුද්ගලිය- ඔව් දැනුම් දේවි....
ඇමතුම විසන්දි උනා.....

ඒ පාර ගත්තා මොරටුවට
මම - හෙලෝ..මේ ඌව වෙල්ලස්සෙයි මොරටුවෙයි Aptitude Test......
පුද්ගලයා - ආ...අද ඔෆිස් එකේ කවුරුවත් නෑ...හෙට කතා කරන්න.....
ඇමතුම ආයේ විසන්දි උනා
හීක්..මක් කොරන්නද අප්පා..මේ සිරි ලංකාව නේ....
විශ්ව විද්‍යාල පාලනාධිකාරියට ජය වේවා!!! මේ පෙන්නන්නේ ආණ්ඩුවේ කන්තොරු වලයි අපේ විශ්ව විද්‍යාල කන්තොරු වලයි තියන සමාන කම්....