Saturday 14 May 2011

චින්තනලා, මංජුලා සහ මාලිංගලා.....


අද කාටවත් නොදැනෙන්න මංජුගේ රන් පදක්කම නැති වී තිබේ.එදා මංජුව කරේ තියාගෙන යන්නට සිටි බොහෝ දෙනක් මංජු සමග නැත.
මා මීට පෙරද මේ ගැන ලිව්වෙමි.මංජුගෙන් ශ්‍රී ලංකාවට ලැබුනු රන් පදක්කම වේල්සයට යද්දි අද මංජු සුසුම් හෙලනවා විය හැක.එදා රන් පදක්කම පිටින් රන් තලියකටත් වඩා වටිනා ක්‍රීඩකයකු අද වන විට මුල්ලකට දමා ඇත්තේ ඔහුගෙන්
තවත් ගත යුත්තක් නොමැති බැවිනි.
චින්තන ගීතල් විදානගේ රන් පදක්කම රැගෙන එන විටද තත්වය මෙයම විය.පදක්කම රැගෙන ලංකාවට පා නගන විට ඔහුට කාර් ලැබුනේය,ගෙවල් ලැබුනේය ක්‍රීඩා කරන්නටද අම්බානෙක භාන්ඩ ලැබුනේය.ඒවා සියල්ල කටින් ලැබුන දේවල් බව පසුව හොදාකාරවම වටහා ගත හැකියාව ලැබුනි.එදා චින්තන කාර් ,ගෙවල් ඉල්ලුවේ නැත.චින්තන ඉල්ලුවේ හද්දා පිටිසර පොලොන්නරුවට අංග සම්පූර්න ව්‍යායාම් මධ්‍යස්ථානය
ක් පමනි.කාර් ගෙවල් කෙසේ වෙතත් චින්තනට එය ලැබුනෙත් නැත.
අපේ කෙල්ලෝ කොල්ලන් මාස ගනන් මහන්සි වී දහඩිය මුගුරු දමාගෙන දිවා රෑ නොබලා පුහුනු වීම් කර ශ්‍රීලංකාවට ගෙන එන රන් රිදී ලෝකඩ හෝ ඕනෑම ජයග්‍රහනයකදී ගොඩ වඩා ගන්නේ දේශපාලුවෙකි.දිනුවාම අම්මා තාත්තටවත් නැති දරු කැක්කුමක් හැදේ.පලමු මල් මාලය දාන්නේද උන්නාන්සේය.ඒක එතනින් එහාට ගෙනියනවා නම් කමක් නැත.ඒ නමුත් සිදුවන්නේ එච්චරය.ආයේ උන්නාන්සේ එන්නේ තවත් කවුරුන් හෝ පදක්කමක් දිනා ගත් විටය.


මේ ලිපිය මංජුගෙන් ඇරඹුවද ගමේ මනුස්සයා ගැන නොලිව්වොත් එයද අඩුපාඩුවක් වනු ඇත..
ඉතින් ලසිත් මාලිංග දෙසට හැරෙමු.,
රත්ගම එක්ස්ප්‍රස් එහෙමත් නැති නම් සුද්දාට අනුව ස්ලින්ගා මලින්ගා යනුවෙන් හදුන්වන මාලින්ගටද වන්නේ කාගේවත් බයිටට් එකක් වන්නටය.සහතිකවම මාලිංගට පාදයේ
ආබාධයක් තිබුනි.ජනාධිපතිතුමාගේ ඩොක්ටර් අංකල්ගෙන් බෙහෙත් ගත් පසු නැවත ක්‍රීඩා කිරීමට හැකි ලෙසට සනීප වූවත් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කිරීමට තරම් සනීපයක් නැති බව ඔහු එක් වරක් දෙවරක් නොව කීප වරක්ම මාධ්‍යට ප්‍රකාෂ නිකුත් කලා හොදට මතකය.අදාල බලධාරීන්ට මාලින්ග සමග මුල සිටම ප්‍රශ්න තිබූ බව කියවේ.මාලිංගගේ කොන්ඩය ගැන විනය පරීක්ෂන කරන්නට ගිය හැටිද අමතක නොවේ.ක්‍රීඩකයන් අදින පලදින විදිහෙන් රටක කීරිතිනාමයට හානියක් වන බව සැබැවි.නමුත් ඒසේ හානියක් වන්නේ නොගැලපෙන විලාසිතා හෝ පරුශ හැසීරීම් නිසා බව අදාල බලධාරීන්ට චූටි මොල වලට නොවැටහීම දුකට කාරනයකි.
පිටිය මැදදී නිතරම සිනහවෙන් සිටිනා (හතරේ එකක් ගැහුවත් හිනා වෙන ක්‍රීඩකයකි) ක්‍රිකට් විචාරකයන්ගේ පවා පැසසුමට ලක් වූ මාලිගේ කොන්ඩය අපේ එවුන්ට ප්‍රශ්නයක් ය.හර්බුජාන්ලා ,රිකී පොන්ටින්ග්ලා , ශෝන් ටේට් ලා එක්ක තැබූ විට මාලිගේ හැසිරීම අංක 1 ට පවතී
.රත්ගම සිටින්නේ මැරයන්ම පමනක් නොව වැඩකරුවන්ය යන්නට මාලිංග හොද උදාහරණයකි.ඔහුගේ පුද්ගලික ජීවිතය ගැන විවිධ ප්‍රශ්න තිබුනත් ක්‍රීඩකයෙකු ලෙස ඔහු සුවිශේෂය.
ටෙස්ට් ක්‍රිකට් වලින් සමු ගැනීමට තීරනය කිරීම ඔහු දේශද්‍රෝහියෙකු කිරීමට මූලික හේතුව කර ගත් පාලක මන්ඩලය රටට ආතල් දෙන ප්‍රකාශ නිකුත් කරේ කිසිදු වගක් නොදැනය.පාදයේ ආබාධය නිසා ශ්‍රීලංකා ක්‍රිකට් සමග තිබූ ගිවිසුමද අවලංගු කර දැමූ පුද්ගලයින්ම අද කියන්නේ මාලිංගට පාදයේ ආබාධයක් නොමැති බවය.IPL සල්ලි නිසා ටෙස්ට් ක්‍රිකට් අත අරින්නට තරම් මාලිංග ගුනමකුවකු නොවන්නේ එබැවිනි.අනෙක් අතට මාලිංගගේ රස්සාව ක්‍රිකට් ගැසීමයි.සල්ලි හොයන්නේ ක්‍රිකට් වලින් නම් තවත් ටෙස්ට් ක්‍රීඩාකර ආබාධ නිසා බන්කුවට වී තරුන ක්‍රීඩකයෙකුගේ අවස්තාව කා දමනවාට වඩා මාලිංග ක්‍රියා කල ආකාරය අගනේය.පාලක මන්ඩලයට දුක ඇත්තේ මාලිංග යෑම ගැන නොවන බව සැබෑව. සියලුම ක්‍රීඩකයන් කලින් ගෙන්නා ගැනීමට පොර ටෝක් දුන්නාට සිංහ නාදය හකුලව ගන්නට ඔවුන්ට සිදු වුනේ පෙර කල වැරදි බැවින් බව අද සියලු දෙනාම දනී.අන්තිමට රත්ගම මාලිංග ,පොලොන්නරුවේ චින්තන සමග පමනක් නොව කන්ද උඩරට මංජු සමගද අපේ රටේ ජනතාව එකතු වී සිටින්නේ ඔවුන්ට ඇති සැබෑ ආදරය නිසාය..එය දේශපාලුවන්ගේ සල්ලි මලු වලට යට නොවන ආදරයක් බව පුන පුනා කීමටද උවමනා වන්නේ නැත.
ඉතින් මාලිංග...
ඔබේ යෝකර් පන්දුවෙක් එක්දින සහ 20-20 කඩුලු බිද වැටෙන හැටි නැරඹීමට රත්ගමයා තවමත් සූදානම්ය.
ඔබලාට ජය!!!!

35 comments:

  1. මාලිංගත් රත්ගමද?

    ReplyDelete
  2. රත්ගමයගේ කතාව ඇත්ත රත්ගමයෝ. දින්න දාට කෑගහන්න ඕන තරම් ඉන්නවා. ඒත් පැරදුනාම එකෙක් හොයාගන්න නෑ.

    ReplyDelete
  3. http://www.youtube.com/watch?v=54kwulfnvck

    ReplyDelete
  4. ලොවෙත් නෑ මචං... මේක අපි ඉස්සරහට අරන් යන්න ඔන...

    ReplyDelete
  5. දිනනදාට ෂා නියමයි කියලා.. කර වට මල් මාල දමනවා... එකක් දෙකක් අයියෝ පැරදුනාම ගොයියෝ මොකක්ද මේ කලේ අහනවාලු..

    ReplyDelete
  6. kreedayekuge vilasitha niyojanaya vanne kreedakaya kreeda karanu labana rate vinaya saha ehi athi yogiethawayay..malingage paudgalikathwayata kisiwak balapam nomathi muth ohu niyojanaya karanne srilankavai.ehidi ohuge vilasithawa sudusuda nadda yana vaga pilibada theeranathmaka gataluwak pavathi..manda siyaluma kreedakayan thamanage ruchikathwaya paridi ese vilasitha karannatan giyoth eya hipi team ekak lesa dis venava anivaryenma ema nisa ehidi varanayak thibiya yuthu yanna mage paudgalika mathayay.thawada malingata sabavinma ratata aadarayak thibenam IPL eka digata masa 2kata aasanna pramanayak sidi karanu labana vehesa pawa ohuge abadaya sadhaha sudusuda? over 4k damuwath eya tharaga 18k viveka nomathiwa sidukaranu labana kreeda kiriemaki. ohu test pitiyen samugaththa eka pilibada gataluwak natha. eya ohuge abadhaya nisaya.eya sadharanaya. namuth ohu vides sancharawala gos hasirunu asabya hasiriem nodana sadharaniieya karanna yana rathgamayada nodanuwath bava panava yay mata sithe.nathahoth thamange pradeshaye ekata adinava viya haka.malingage dhakshathawaya ithama ihalai. eth vides ratavala gos hasirunu aakara pilibada obama soya bala ohuge vinaya pilibada niernayakata obama paminenna.sadharaniya karanaya kala yuththe sadharaniya kalayuthu sadhaka pamani....

    ReplyDelete
  7. කුරුං ගුරුං
    තුති යැ
    ------------------------------------------------------------------------------------------------------
    තාරක Dilsh@n
    නැතුව නැතුව බොල
    ------------------------------------------------------------------------------------------------------
    මධුරංග
    අනිවා අයියේ... :0
    ---------------------------------------------------------------------------------------------------
    චතුවා
    ඔන්න උඩ ලින්ක් එකෙන් සිංදුව බා ගන්න
    ----------------------------------------------------------------------------------------------------
    Anonymous
    කරන තරම් ජඩ කම් කර කොන්ඩේ කොටට කපා කරාබු ගලවා ආ සැනින් ඔහු එල ක්‍රීඩකයෙක් වෙනවද? ලෝක කුසලාන අන්තිමට කප් එක ගන්න ඉන්දියාවේ නායකයා දෝණි ආවේ අත කොටට කපලා ස්කිනි එකක් ඇදලා..ඒක ඉන්දියාවට ප්‍රශ්නයක් නෑ..අපිට ප්‍රශ්නයකුත් නෑ..මොකද අපි දන්නවා දෝණි කියන්නේ මොන වගේ ක්‍රීඩකයෙක්ද කියලා ඔහුගේ හැසිරීමෙන්..ඒක නිසා භාහිර පෙනුවෙන් මිනිස්සු මනින්න එපා..හැකියාවෙන් මනින්න..හැදියාවෙන් මනින්න..
    මාලිංග ටෙස්ට් වලින් දැන් සමු ගත්තත් ඊට කාලෙකෙට කලින් ටෙස්ට් වලින් මාලින්ගව ස්කොඩ් එකෙන් කපලා දැම්මේ කවුද? ක්‍රීඩකයෙක් තවත් ක්‍රීඩා කරනවද නැද්ද කියලා තිරනය කරන්නවත් ඔහුට අයිතියක් නැද්ද... IPL වල එයා යවන්නේ ඕවර් හතරයි එක මැච් එකට..ඒකත් දෙක දෙක..ටෙස්ට් මැච් ගහනවා කියන්නේ එහෙම නෙමේ..අනික ගිහිල්ලා බෝල් කරගන්න බැරුව බංකුවේ වාඩි වෙලා හිටියත් බනින්නේ ඌටමයි..ඒක නිසා ඉන්දියාවේ මිනිස්සු වගේ උන්මාදයෙන් හැසිරෙන්න එපා..

    ReplyDelete
  8. ela ela machan..Jaya wewaa.._marter

    ReplyDelete
  9. ඒ කතාවනම ඇත්ත රත්ගමයෝ.. මොනවා උනත් මේ දේවල් වලින් වෙන්නේ මාලිංග තවත් කලකිරෙන එක...

    ReplyDelete
  10. මොන පක්ෂේ බලයට ආවත් ඕවා ඔහොම්මම තමයි...... ඔක්කොම එකයි

    ReplyDelete
  11. එල එල... සිරා මාතෘකාවක් ගැන සිරාවටම ලියල තියෙනව....

    ReplyDelete
  12. ජය වේවා මාලින්ග,,
    ගාල්ලේ අපි උබත් එක්ක...

    ReplyDelete
  13. කියන්ඩ වචන නැති තරම් එළ.. තවත් දෙයක් එකතු කරන්නම්.. ලසින් මාලිංගගේ කොණ්ඩේ විලාසිතාව නිසා ඔහු දිස්වුනේ පිටියේ "සිංහයෙක්" වගේ.. ක්‍රියාවෙනුත් ඔහු ඒ තරම්ම ආක්‍රමණශීලී පන්දු යවන්නෙක්..
    මේ හැම්දේම තියෙද්දිත් මට හිතාගන්ඩ බැරි එකම දේ තමයි... ඔහුගේ පන්දු වලට පිට පිට හතරේ පහරවල් වදින සමහර අවස්ථා වලත් නිර්ව්‍යාජව සිනාමුසුව ඉන්න ආකාරයයි..
    මංජු නැතිකර ගත්තේත් අපි.. අපි ගැන කොතරම් ආඩම්බරයෙන් කතා කරත් සුද්දට අපි කොච්චර බැන්නත් ඒ වගේ සමහර සුනඛ ගති.. අපේ ලොකු ලොක්කන් තුල තවමත් නොනැසී පැවත ඒම.. පුදුමයෙනුත් පුදුමයට කරුණක්ද මංදා..

    ReplyDelete
  14. සීතල අයියා
    :) :)
    ------------------------------------------------------------------------------------------------
    Dinesh
    කලකිරෙන්න දෙයක් නෑ..ඇතුලේ ඉන්න ඔක්කොමලා කලකිරිලා ඉන්නේ කියලයි මට හිතෙන්නේ
    -------------------------------------------------------------------------------------------------
    Anonymous
    කාටද බන් මාටර් ජය වේවා! :O
    ------------------------------------------------------------------------------------------------
    පූසා
    අනේ පූසෝ...මෙතන පක්ෂයක් කියලා නෑ බොල..අපෝ...පාට කන්නාඩි දාගෙන බලලා මේ පූසා..
    -----------------------------------------------------------------------------------------------
    සාතන්
    සිරාවට වෙලා තියනවා
    ----------------------------------------------------------------------------------------------
    yasi
    අන්න ගාල්ලේ කොල්ලො... :0
    ---------------------------------------------------------------------------------------------
    ප්‍රාර්ථනා
    හැකියාව බලන්නේ නැතුව බාහිර ඔපය බලන රටක් නේ ලංකාව.ලොක්කො හොයන්නේ සල්ලි..මම මේ පන දාගෙන මේකේ ලිව්ව කියලා උන් වෙනස් වෙන්නේ නෑ...වෙනස් කරන්නත් බෑ

    ReplyDelete
  15. ඔයාටත් ජය වේවා!

    ReplyDelete
  16. පට්ට පෝස්ට් එක මචන්. මෙහෙ එක ක්‍රීඩකයාට නිලධාරින් 25 ක් විතර ඉන්නවනේ. ඉතින් කොහෙද වැඩක් කරන්නේ.

    මේ දක්ෂයින් තිදෙනාටම ජයෙන් ජය පතමු.

    ReplyDelete
  17. ethakota malinga australiya gihin match 2k thahanam kare raa club gihin beela disco vala nomana vidiyata hasiruna nisa saha zimbabwedi gaththu pictures galle reguwedi ahuwela uge amma ethana vilapa thiya thiya adapu hati danne naththam danna ekkenekgen ahaganna rathgamayooo...ethakota koo kreedakayage thiyana vinaya..bahira swarupenn pena deya abyantharayenuth vechcha eka saha eva aus news paper vala giya akaraya lankave media vala denne nane bun,,,

    ReplyDelete
  18. රත්ගමයාගේ අදහස් එක්ක මමත් 100% එකගයි. මාලිංග ක්‍රිඩා කරන කිසිම විටක විනය විරෝධී ක්‍රියාවල යෙදුනු බවක් අපි අසා නැත. ඉතිං ඔහු කොණ්ඩය වවා සිටි පමනින් ඔහු විනය කඩ කලා වෙන්නේ කොහොමද?

    රත්ගමයා කීවාක් මෙන් ලසිත් මාලිංග තමාට 6 පාරක් ගැහුවත් පිතිකරුවාට බැනවදින කෙනෙක් නෙමෙයි...

    ReplyDelete
  19. බලාගන යද්දි රත්ගම ඉන්න ඔක්කොම කුප්පයෝනේ. හික්. අපි බලාගන ඉමු මාලි T20 ලෝක කුසලානෙ ගහන්නෙ කොහොමද කියල.

    ReplyDelete
  20. meke kyala tyena katawa sahathika attha, parajaya awajathakai kyanne ekane. but malinga gana kyanwanam malingata ipl eke wicket gyata mama uda panin na.indiawe aluth kollo malingage ball dan na.aapu gaman polu.e unata e yana hama wicket 1k ganema ape ratata wenne paduwak.wicket ganna ona unama over 1ta yocker 3k withara danawa.indiawe aun international gahannat issella malingage bole adunnanwa.un international gahanna gatta kaleka malingata wicket yawida.test walin yanna hetuwata qwe t20 gahannai, 50 over gahannai samuganne kyala.eth oya yana widyata tawa tika dawasakin wicket yana 1 nawatunama minihata national team 1th na.ipl team 1th na.ikman kotai ne.

    ReplyDelete
  21. හොඳ විචාරයක් රත්ගමයා මලේ....!

    ReplyDelete
  22. මාලිංග ඔය පලාතෙද බං ? ..

    උඹ කීවා සහතික ඇත්ත හතරක් ගැහුවත් හයක් ගැහුවත් මාලිංගගේ මූනේ මැවෙන හිනාව තමයි මම දැකපු මාලිංග විලාසිතාව !

    ReplyDelete
  23. සනා වගේ මාලිංග ඇඹරෙන්නෙ නෑ වාහෙ.

    ඩයන් ගෝමස් ගැන දන්නෝ මේව පෙර සිටම දනිති!

    ReplyDelete
  24. මේක කියවන්න, කොමෙන්ට් දාන්න දවස් ගානක් මහන්සි වෙලා දැන් කියන්න හිටිය දේවල් මතක නැහැ. මතක් වුනාම පස්සෙ එන්නං මේ පැත්තෙ ආයෙත්.(දන්නවනෙ වයසට යනකොට අමතක වෙනව වැඩියෙන්)

    ReplyDelete
  25. ජයග්‍රහනයට පියවරුන් දාහක් හිටියත් පරාජය අවජාතකයි මචෝ . . . . . මංජු ගැන මට කියන්න තියෙන්නෙ එච්චරයි . . ..

    ReplyDelete
  26. ඔ​හොම තමයි බං... මක්ක කොරන්නද?

    ReplyDelete
  27. මාලිංගයගෙ හිනාව කෝටියක් වටිනව ඕය්.පොරට හතරක් නෙවෙය් 100යේ පාරක් ගැහුවත් ඌ දාන කැ# හිනාව බලන් ඉන්න අපිට පේන විධියට නෙමෙය් අනිත් කොනේ ඉන්න බැට්ස්මන් ට පේන්නෙ. උගෙ ඇඟ සීතල වෙනව ඊළඟ ගිනි ගෙඩිය එන්නෙ මොන විධියටද කියල හිතා ගන්න බැරුව.
    ඉස්කෝලෙට විතරක් ක්‍රිකට් ගහපු උඹලට මට වගෙ නෙමෙය් සල්ලි කෝටී ගණන් වලට ගහන එවුන්ට කොහොමද කියල නිකන් හිතහල්ල.
    මාලිංගය වගෙ ගමේ පොල් ගස් අස්සෙ ක්‍රිකට් ගහල ලෝක වාර්තා තියන තැනකට ආපු එවුන් ගැන කවර කතා.
    බොලා අහල ඇතිනෙ හැට්රික් ගැන ක්‍රිකට් වල,මාලිංගය විතරය් මගේ හිතේ බෝල හතරකින් විකට් හතරක් ගත්ත එකම පොර වර්ල්ඩ් කප් හරි ඕනෙම ජාත්‍යන්තරබ් මැච් එකක.

    ReplyDelete
  28. පට්ටෙට ලියලා තියනවා මලයා. සහතික ඇත්ත.

    ReplyDelete
  29. අවස්ථාවාදීන් ඉන්න කොයි තැනත් වෙන්නෙ ඔය ටිකමයි මචං. ආයෙ බොක්සින්, ක්‍රිකට් කියල වෙනසක් නෑ. ඊටත් රටක් නියෝජනය කරන්න යන ක්‍රීඩකයට වඩා ඒකෙ පිටිපස්සෙන් ඉඳල පහසුකම් සපයන මිනිස්සු අලියො වෙන්න යනවනෙ. ඔන්න ඔතනයි හෙණේ බං.

    ReplyDelete
  30. malli kiyala thiyena de sahathika aththa......
    comment nokalata mama hemadama kiyawanawa,..
    digatama liyanna............!!!!!!!!

    ReplyDelete
  31. ජයග්‍රහනයට පියවරුන් දාහක් හිටියත් පරාජය අවජාතකයි මචෝ . . . . . මංජු ගැන මට කියන්න තියෙන්නෙ එච්චරයි . . .. ඒ වගේම “රත්ගම සිටින්නේ මැරයන්ම පමනක් නොව වැඩකරුවන්ය”.කියන කතාවත් 100% ඇත්ත

    ReplyDelete
  32. මාලින්ග ගැන කියල තියෙන ඔක්කොම දේවල් බොරු කියලා ඌම පෙන්නුවනෙ. හැම මිනිහෙක්ම සල්ලි වලට ආසයි තමයි.එත් මෙහෙමත් සල්ලි පෙරෙතයො?

    ReplyDelete

ඔබේ වචන මට හයියකි...මේතන ලියා යන්න(ඔන්න හොදින් කිව්වා..අඩෝ...ලිව්වේ නැතිනම් කපනවා ඩෝ...)