Sunday 15 May 2011

ඔබත් පට්ටම බෞද්ධයෙක්ද?.........



මෙය ලිවීමට හේතු රැසක් ඇත.ආසන්න පලමු සිදුවීම වූයේ මා හිතවත් මුස්ලිම් මිත්‍රයෙකුගේ නිවසේ භෝජන සංග්‍රහයකට සහභාගී වීමයි.බ්ලොග් මිත්‍රයෙකු වෙන යසියා ඇතිලු සැට් එකේ කීප දෙනකු සහභාගී වීමු..
වෙනත් ආගමක් ගැන ලිවීම මට අයිති දෙයක් යැයි නොසිතමි.
ඉදින් මම බුදු දහම ගැන ලියමි.
බුදු දහම නමින් 'මම පට්ටම බෞද්ධ පොරකි" ලෙස සිතාගෙන සිටිනා අය ගැන ලිවීමට මම අදහස් කලෙමි.
ඔබ හොදම බෞද්ධයෙකු නම් පලමුව කල යුත්තේ අන් ආගමකට හිතේ කැත යන ලෙස පහර දීමය.එය පට්ට බෞද්ධ කමේ ලක්ෂනයකි.බනිනා තරමට ඔබේ බෞද්ධ ගතිය ඉස්මතු වේ.ඔබ පොර වේ.අද බොහෝ දෙනා අනුගමනය කරන්නේ මේ න්‍යාය බව මනාව බැලු කල පැහැදිලි වේ.වෙනත් ආගමක් සම්භන්ධයෙන් බුදුන්වහන්සේගේ දේශනය කුමක් දැයි මම නොදනිමි.මක් නිසාද මම බෞද්ධයෙක් නොවන බැවිනි.පුදුම නොවන්න..මෙය කියවන ඔබ බෝ දෙනෙකුද බෞද්ධයන් නොවේ..
ඔබ සිරාවට බෞද්ධයෙක් දැයි මගේ සිත ප්‍රශ්න කරයි. හිතෙන් ලැබෙන පිලිතුර හමුවේ මා අම්බානෙක අසරණ වීමි.
සුද්දා සිංහලෙන් කීවොත් මම බෞද්ධයෙකු නොවෙමි.
පාසල් යන කාලයේ එක , දෙක වසරේදී මුලු පන්තියටම ඇසෙන්නට පට්ටම සද්දෙන් පන්සිල් පද පහ සමාදන් වුවද ඒවා පිලි පැද්ද බවක් මට කිසි කලෙක සිහි නොවේ.දහය එකොලහ වසර වන විට පන්සිල් පද නොකියන තරමට මාගේ බෞද්ධ කම හීන වී ගොස් තිබුනි.ඔබටද එය එසේම යැයි මම සිතමි.නමුත් මම නමට බෞද්ධයෙක් මි.ඔබද ඔබලාට අනුව බෞද්ධයෝය.බෞද්ධයෙකු වීමට ඇති මූලික සිල් පද පහ සුරැකීමට තරම් වත් හිතේ හයියක් නැති අපි පට්ට බෞද්ධයෝ ලෙස සමාජයට පෙනීමට උත්සහ කරන්නෙමු.
පන් සිල් පද වලින් මම පස් වන සිල් පදය හැර අනෙක් සියල්ලක්ම බිද දමා තිබේ.සමහර සිල් පද දින පතා බිද දමමි.නමුත් සමාජයට මම පට්ටා බෞද්ධයෙකු වෙමි.
මේ වෙසක් මාසයයි..
හරි හරියට දන්සැල් පැවැත් වේ.දන්සැල් දෙන්නෝ පට්ට බෞද්ධයෝය.ඔවුන් ලබන ආත්මයේ හෝ ඊලග ආත්මයේදී නිවන් ලගාකරගනී.
දන්සැලෙන් කන්නේ අපි වැනි කොල්ලෝ කුරුට්ටෝය.නැතිනම් තුන් වේලම යහතින් කෑමට හැකියාව ඇති සල්ලිකාරයෝය.දන්සැලේ පලමු පිගාන වෙන් වන්නේ ඒ වැනි කෙනෙකුටය.
අසරන දුප්පත් මිනිසාට අවසානයේ කන්නට ලැබෙන්නේ ඔවුන් හැමදාම කන දංකුඩ ටිකය.
නමුත් දන්සැල් දෙන්නෝ පට්ටම බෞද්ධය.
මේ ගැන ලිවීමට බොහෝ දේ ඇත.තවත් අම්බානෙක කරුනු ලියා මටද පට්ට බෞද්ධයෙකු වීමට හැක.මම මගේ හිතෙන් විමසීමි.මම තව දුරටත් පට්ටා බෞද්ධ නොවෙමි.
මීට අවුරුදු දෙකකට පමන පෙර මම මස් මාලු ආහාරයට ගැනීමෙන් වැලකී සිටියෙමි.ගෙදර මට වෙනනම උයන්නේ නැත.සමහර දාට මස් හොද්දක් සමග පරිප්පු ඇත.එදාට මට කන්නට වන්නේ පරිප්පු සහ බත්ය.ඉදින් අපේ ගෙදර මිනිසුන් මස් මාලු කමින් පට්ටා බෞද්ධයෝ වෙද්දී මා විතරක් නිකම් බෞද්ධ වන්නේ කෙසේද?එබැවින් මස් මාලු නොකෑමේ උපවාසය සති දෙකකට හෝ තුනකට සීමා කලෙමි.අදත් මම මස් කමි.ඒත් හරක් මස් නොකමි.එයද මා පට්ටා බෞද්ධයෙකි කිරීමේ හේතුවකි.ඕනෑම අලුගුත්තේරු මසක් කා හරක් මස් නොකා සිටීම පට්ටා බෞද්ධ කමේ ලක්ෂනයකි.
ඔබ අවසන් වරට පන්සල් ගියේ කවදාද..සමහර විට මේ ලගදී දවසක් යැයි ඔබ කියනු ඇත.සිරාවටම පන්සල් ගියේ කුමන හේතුවකටද...ඔබ විවිධාකාර පිලිතුරු දෙනු ඇත.බුදුන් කෙරේ ඇතිවන ශ්‍රද්ධාවෙන් පන්සල් ගිය අය හැර අනෙක් හේතු නිසා පන්සල් යන අය පට්ටා බෞද්ධයෝය.කොළඹ ලොකු ලොකු නෝනලාට පන්සල් යන්නට වෙනම කොස්ටුම් ඇත.මේකප් ඇත..මේකප් තට්ටු පිටින් දමා සංවර ඇදුමක් ඇදගත් නෝනලා ඔබ සහ මම අනේකවත් දැක ඇත්තෙමු..ඒ එතුමන් එතුමියලාගේ පට්ට බෞද්ධකමය..
මාගේ මුස්ලිම් මිතුරාගේ නිවසට ගොස් නැවත එන විට වේලාව රෑ 11 ත් පසු වී ඇත.එන ගමනේදී තවත් මිතුරෙකුගේ පට්ටම දේශනයකටද අවන් දුන්නෙමි.ඒ මිතුරාට අනුව ඔහුට ආගමක් නැත.ඔහුට ආගමක් නැති වීමට ඉදීරි පත් කරන කරුනුද යම්තාක් දුරට සධාරණය.ඔහුට අනුව ඔහු ආගමක් නැති අයෙකි.පන්සලට අවුරුදු ගානකින් ගොස් නැත.මුස්ලිම් මිතුරා අදහන්නේ ඉස්ලාම් ආගමය.ඔහු ඔහුගේ ආගමට අනුව ජීවත් වේ.මම පට්ටම බෞද්ධයෙක්මි.මමත් මාගේ ආගමට අවුව ජීවත් වේ.
නමුත් මොහොතක් සිතා බලන්න.. අපි ආගම මෙය යැයි කියමින් ආගමට පිටින් ජීවත් වන්නෝ නොවේද....?? ඉදින්....ඔබත් පට්ටම බෞද්ධයෙකු නොවේද....?

32 comments:

  1. මටනම් හිතෙන පරිදි, පන්සිල් සමාදන් නොවුනද ඒවා රකියි නම්, අනුන්ට හිරිහැර නෙවන සේ හිදීයි නම්, ලොකයට යම් තරමකින් හෝ උවමනා පුද්ගලයෙකු නම් ඔහු පට්ට බෞද්ධයෙකි..

    ReplyDelete
  2. "පන්සිල් පද පහ සමාදන් වුවද ඒවා පිලි පැද්ද බවක් මට කිසි කලෙක සිහි නොවේ."

    අඩේ පහම කැඩුවද බං? :D

    ReplyDelete
  3. මචං මේ කතාව නං සිරාවටම ඇත්ත... අපේ හුගදෙනෙකුගෙ ‍බෞද්ධකම උප්පැන්නෙට විතරයි (බොරු කියන්නෙ මොකටද මමත් ඇතුලත්ව).... ඒත් හුගදෙනෙක් ඔය පට්ට බෞද්ධයා බැජ් එක තමන්ම ගහගන්න යනව.... ඒත් උන් කරන වැඩ දිහා බැලුවහම මුං බෞද්ධද වෙන්නෙ කොහොමද කියල විතරක් නෙවෙයි මුං මේ ලෝකෙට ඉපදුනේ ඇයි කියල හිතෙනව.... උන් හිතන්නෙ උන් කරන හැම බලු වැඩක්ම මේ පට්ට බෞද්ධයා පට්ටමෙන් වහගන්න පුලුවන් කියල.... වැඩිය කියන්න ඕනෙ නෑ ලංකාවෙ ඉන්න පට්ටම(අනිත් අය පට්ටනං ඌ ඒකෙ වර්ගෙ විතර ඝනේ කිව්වත් වරදක් නෑ..)බෞද්ධයා ගැන හිතල බලන්නකෝ.... වෙන කවුරුත් නෙවෙයි ඒ අපේ(අපේ කිව්වට මගේ නං නෙවෙයි) මැරවින් සිල්වා(මහත්තය කියල හිතට එකගව කියන්න බැරි හින්ද කිව්වෙ නෑ)...

    ReplyDelete
  4. අපේ ආගම කිව්වහම කවුරු හරි කෙලින්ම අහන්නෙ "ඔයා වෙජිටේරියන්ද" කියල.
    එතනින්ම අපේ බෞද්ධ කම ඉවරයි..

    ReplyDelete
  5. මුකුත් නොකියමි. මම මුකුත් කියන්න ගියොත් උබෙයි මගෙයි දෙන්නගෙම ලේ කෝප වෙනවා... :D :D

    ReplyDelete
  6. චිත්තාලඹ්ඹන ප්‍රීතියට පත්විය...!

    ReplyDelete
  7. දෙයියනේ රත්ගම.... මමත් ෆට්ට බෞද්ධයෙක් ඕයි. හැබැයි උඹ වගේ අන්තිම 1 අරෙන්න 4ම කඩපු එකෙක් නෙවේ... 5ම කඩපු එකෙක්. ඉතිං මං උඹට වැඩිය පට්ටනේ...

    උඹ ලියලා තියෙන්නේ සහතික ඇත්ත බං.

    ReplyDelete
  8. උඹ කියපු දේවල් වලින් සියයට සියයක්ම මටත් අදාලයි. ඒ නිසා මමත් පට්ටම බෞද්ධයෙක් මි. “ඕනෑම අලුගුත්තේරු මසක් කා හරක් මස් නොකා සිටීම පට්ටා බෞද්ධ කමේ ලක්ෂනයකි“ කියන කථාව සහතික ඇත්ත. මදුරුවා වුනත් හරකා වුනත් හැමෝම ජීවීන්.

    ReplyDelete
  9. අනේ මංදා....... ඇත්තම කතාව.....

    ReplyDelete
  10. පට්ට හම්බයෝ ගැනත් ලියපකො.

    ReplyDelete
  11. "උඩින් ඔපේ යටින් හපේ" ලෝකෙට පේන්න බෞද්ධයෝ

    ReplyDelete
  12. අද වෙන කොට සාසනේ කන්න ඉපදුන ශ්‍රමණ වේශදාරියෝ කීදෙනෙක් නම් ඉන්නවද? ප්‍රසිද්දියට පින් කරන සල්ලිකාර නෝන මහත්තැන්ලා කියක් නම් ඉන්නවද? සදාචාරයට කියල කොටු දාල වල් සීන් පෙන්නන චැනල් කියක් නම් තියෙනවද? උතුම් ශිලය රකින උතුම් ධර්මය දේශනා කරන සිල්වත් සංඝයා වහන්සේට අගෞරව කරන උන් කියක් ඉන්නවද? ප්‍රශ්නේ තියෙන්නේ බුදුන් වහන්සේ දේශනා කරපු උතුම් ධර්මය අපි ආගමක් විදිහට අදහන එකේ මිසක් ධර්මයක් විදිහට පිලි නොපදින එකෙයි.

    ReplyDelete
  13. කතාවනම් සහතික ඇත්ත මල්ලී.. අපි ගොඩක් දෙනෙක් හිතන්නේ පොයට පන්සලට ගිහින් ආවම අපි හොද බෞද්ධයෝ කියලනේ.. අර කිවුවා වගේ පන්සිල් පද පහවත් ආරක්ශා කරන්න බැරිනම් ඊට එහා මොන කතාවක්ද? මටත් තියෙන්නේ ඔය ප්‍රශ්ණෙම තමයි..

    ReplyDelete
  14. පන්සල් ගිහින් පොතේ අස්සන්කරවන තරමටම මාරම බොදු නයකයොත් ඉන්නවනෙ මේරටේ.
    ඉතින් සමනය මිනිස්සු ගෑන මොන කතාද?

    ReplyDelete
  15. සමහර විට තාම මුස්ලිම් බත් ටික ඇගේ දුවන හින්දද දන්නේ නැහැ.ඒ ටික දිරවලා අහවල උනාම ඔය ගතිය හරියයි.

    ReplyDelete
  16. සිවුරු ඇඳන් එන හිමිවරු දුටුවිට පෝලිමට
    වටේ ඉන්න උන් වැටිලා උන්ට වදින කලට
    හිතේ මගේ යකා නටයි හිත ඇති කැතකමට
    එහෙයින් කෙලවාලන්නෙමි සිවුරු දරන උන්ට

    හම්බයෙක්ව ඉපදීලා තැනක් නොමැති කලට
    හිත යට මගේ ඔඩු දුවනා පැසවන වෛරයට
    අනේ ඉතිං මොනවානං කරමුද මම එයට
    කොනකපාල නම වැටුනයි පූරුවෙ කරුමයට

    ReplyDelete
  17. anunta deshana karanna kalin uba hadila idapankooo...

    ReplyDelete
  18. ඕක බෞද්ධයන්ට විතරක් අදාළ දෙයක් නෙමේ මලේ.... හැම ආගමකම, දර්ශනයකම උන්ට පොදුයි.... කලාතුරකින් එකෙක් දෙන්නෙක් ඇරෙන්ඩ වැඩිහරියක්ම ඉන්නේ නමට ආගම් කාරයෝ (මමත් ඇතුළුව).... මේක වෙනස් වෙන්ඩ ඔය ශාස්තෘන් වහන්සේලා ආයෙමත් මේ ලෝකෙට වඩින්ඩ ඕනේ.... ඒත් විශ්වාස නැහැ....

    ReplyDelete
  19. සහතික ඇත්ත . එත් බෞද්ධ කමයි වෙජිටේරියන් වීමයි සම්බන්ද වෙන්නේ කොතනින්ද . පන්සිල් වලත් සතුන් නොමරමි කීවට මස් මාළු කන්න එපා කියනවය . බුදුහාමුදුරුවොත් ඔය ගැන තරයේ නීති නොදැම්මේ කෑමට ඇති දේ පරිසරය අනුව වෙනස් වෙන නිසා වෙන්න ඇති. කුඩා දුපතක් වන ලංකාවට මාළු නොකා ඉන්න කියන එක විහිළුවක් . [රත්ගමත් වැඩිපුර ඇත්තේ මාළු නේද ] එහෙමනම් හින්දුන් වගේ ඇට ජාති මහා ගොඩක් කන්න ඕන. හිනදුන්ගෙනුත් තදම වෙජිටේරියන් කාරයෝ ඉන්නේ දකුණු ඉන්දියාවේ විතරයි. මගේ බෙන්ගාලි යාලුවෙක් කිවේ දෙවියෝ ඒ පළාතේ අයට මාළු කෑමට විශේෂ වරයක් දී ඇති බවයි.
    ප්‍රෝටීන් අඩු නොවී සමබල වෙජිටේරියන් ආහාරයක් ගන්න ඉතා හොඳ අවබෝදයක් අවශ්‍යයි .
    . පෝෂණය අඩු නොවී වෙජිටේරියන් වෙන හැටි ලඟදි ලිපියක් දැක්ක.හතු , ඇට වර්ග හුඟක් කන්න ඕන . නැත්නම් මන්ද පෝෂිත බවෙන් තමයි කෙලවර වෙන්නේ.
    මමත් හරක් මස් නම් කන්නේ නැහැ. ඒක ආගමට වඩා අපේ සංස්කෘතිය . ඉන්දියාවේත් දැන් වෙජිටේරියන් ලා බිත්තර හෙම කනවා.
    පන්සිල් පද පහම කැඩුවද ඔය වයසට. සත්තුත් මැරුවද .හරි ළමයෙක්නේ.
    උදේ හවා පන්සිල් ගන්න කෙනෙක් මාත් දන්නවා. එත් දෙන්නෙම අනුන්ට ගිනිගෙඩි.
    එත් මොනවා කරන්නද නමට හරි බුද්ධාගම රැකෙන්නත් එපාය. හැමෝම බුද්ධාගමේ දාර්ශනික පැත්ත ගැන විතරක් හිතුවොත් ඉස්සරහට පන්සලක් වත් දකින්න නැතිවෙයි.

    ReplyDelete
  20. මම ඔබේ ලිපියට පුර්න විරොදය පල කරමි හෑකිනම් බෞද්ධයෙක් වෙන්න උත්සහා කරන්න ඔබගේ මෝඩ තර්ක ගෑන දුක්වෙනවා මිසක සතුටු නොවන්න,,,

    ReplyDelete
  21. අදත් මම මස් කමි.ඒත් හරක් මස් නොකමි.එයද මා පට්ටා බෞද්ධයෙකි කිරීමේ හේතුවකි.ඕනෑම අලුගුත්තේරු මසක් කා හරක් මස් නොකා සිටීම පට්ටා බෞද්ධ කමේ ලක්ෂනයකි.

    හරක් මස් නොකන්නෙ බෞද්ධ කම නිසා නොවන වග තේරුම් ගන්න සි0හලයා ගෙරි මස් නොකෑ හේතුව ඔබ නොදන්නවා විය හෑක

    ReplyDelete
  22. ....කුප්පම කුප්ප කුජීතම කුජීත කතා ඇතුලත් බ්ලොග් අවකාශයේ අප්පිරියම බ්ලොගය...

    ඔබ ගෑන ඔබ තේරුම් ගත් හෑටි හරියටම හරි

    ReplyDelete
  23. ඔන්න හොදින් කිව්වා..අඩෝ...ලිව්වේ නැතිනම් කපනවා ඩෝ..
    :)

    ReplyDelete
  24. බුදු හාමුදුරුවෝ කිව් පලියට කරන්න කියලා කොහෙවත් ලියලා, කියලා නෑ. තමන්ට තේරෙනව නම් මම කරන්නේ හරි දෙයක්ද වැරදි දෙයක්ද කියලා ඒ ඇති. ඔතනට අමුතුවෙන් ආගම් ගාවගන්න ඕනෙ නෑ. අනෙක බුදු දහම ආගමක් නෙවේ. දර්ශණයක්... ආගමක් පිළිපැදීමට හෝ නොපිළිපැදීමට ඕනෑම කෙනෙකුට නිදහසක් ඇත. නමුත් තමාගේ වැරැද්ද වසා ගැනීමට ආගම දඩමීමා කරගැනීම වැරදිය.

    ReplyDelete
  25. මු ගෙ බ්ලොග් එකනම් මහා බලම වර්ගවෙ එක්ක කොටින්ම කිවුවොත් අපතයෙක් මුට කොමන්ට් කරන්නෙත් මුගෙ හෙයියන් රෑලත් මු වගෙ අය

    ReplyDelete
  26. මෙහි දක්වා ඇති කරුණු සත්‍යය.හරක් මස් නොකා වෙන මස් කෑම මමද කරමි.නමුත් එය පාපයකි.මේ ලිපිය මීට වඩා වෙනස් හා සාර්ථක අයුරින් ලිවීමට තිබුණි.තමන් විසින් බිදදැමූ පන්සිල් පද වල අංක සදහන් කිරීම තමාටම අපහාස කර ගැනීමකි.මෙච්චර විවෘත වෙන්න එපා මල්ලී.ඔබගේ බ්ලොගයේ දුටු ඉතාම අසාර්ථක එකම ලිපිය මෙයයි.

    ReplyDelete
  27. sinhala sanskruthiyai Bauddha sanskruthiyai patalawa gena wage.harak mas kanne nathi 1 sinhala sanskruthiyata aithi deyak. Buddhagamata anuwa mas kana1 pawak wenne chethanawa anuwa. Budu hamuduruwo piriniwan panna issella uru mas kawe a pinen chunda sukarata anagathe sowan wenna puluwan nisa.api rasa gana hitala, winodayata mas kana 1 tamai pawak wenne.

    ReplyDelete
  28. bitthara kana 1n pansil kaden na.mokada api dan kana bitthara farm bitthara.kikiliyek kukulek ekka ek unath natath kikili niyamitha kaleta bitthara danawa.kukulek ekka sansargaye yedila dana bitthara wala witharai jiwayak tyenne.api kana bitthara wala jiwayak na.eka nisa mas malu nokana kenekuta bitthara kawama thamange poshana awashyatha sapura ganna puluwan.

    anith de pansil katin kiwwe nathi unata e dewal hariyata pilipadinawanam e athi.

    ReplyDelete
  29. godak ayata thanta Bauddhayek wena 1 amarui kyala hitenne Budu dahamin kyawena jiwithe attha terum ara ganna akamathi nisa. Budu hamuduwot kauru hari Dewi kenek hadunwa dila apita e dewiyanta pray karanna qwanam, pansal enna niyamitha dawasak kyala nithiyak dammanam mita wada aya me agama anugamanaya karanna ida tibuna.mokada minissu kamathi dewi kenek innwa kyala hithagena eyagen eka eka dewal illana.eth Budu hamuduruwo minissunta ona de nemei diya yuthu de dunne.ape aya hindu dewa mandale Budu madurata ekkan awe ape ayath dewiyonta asa nisa.
    apita wena agam wala aya apita wada thamange agama adahanawa kyala hitenne e ayata e agamen karanna kyala tyenne eyala kamathi deya nisa.

    pansal yamai Bauddha kamai athare kisima sambandayak na.pansal noyana hoda Bauddhayo ona taram innawa.uda Bindi qwa wage Minissu Buddhagama hariyata terum gatthoth pansalak kyala deyk nathi wewi
    me lipiya asarthaka Bauddayekge Papoccharanayak widiyata ganna puluwan eta wada deyak meke na.nodanna deyak gana wiwechanaya karanna gos warige nahagena atha.topic 1 hoda unata anthrgathaye yamak natha.

    ReplyDelete
  30. පට්ට කතන්දර ටිකකි ඔබ කියා ඇත්තේ... අපේ බොරු බෞද්ධයන්ගේ රෙදි කෙලින්ම ගැලවෙන ආකාරයේ එකකි. කොල්ලා නං ලැයික්ය.... තව ලියපං මලේ මේ වගේ එව්වා..

    ReplyDelete
  31. අඩෝ මාත් කල්පනා කලේ ඔය සිද්දිය තමා.. එල තමයි මචන්... ආගම කියන්නේ මිනිස්සුන්ට ප්‍රතිපත්තියක්...චීවරදාරීන් අතරින් ස්වාමීන් මහන්සේල හොයන්න එමාරු රටක් මේක... මේ දවස් වල මචන් ත්‍රෙන්ඩ් එක සැරියුත් මුගලන් දාතු....පලයන් බලන්න......(මම ගියෙත් නෑ. ගියාද කියල කවුරුහරි අහුවොත් ගියා කියනවා...)

    ReplyDelete

ඔබේ වචන මට හයියකි...මේතන ලියා යන්න(ඔන්න හොදින් කිව්වා..අඩෝ...ලිව්වේ නැතිනම් කපනවා ඩෝ...)