Sunday 8 May 2011

රත්ගමයාගේ වර්ඩ්කප් ගමන (අවසානය)..



එක එක විකාර කතා කියලා රට්ටු හිනස්සන එක දැන් ඇති වෙලා තියෙන්නේ..පටන් ගත්තු නිසා කියලම ඉවරයක් කරලා දන්නම් කෝ..මේවා නිසා වැදගත් දෙයක් ලිය උනේම නෑ..
මෙන්න ඉන්දියාවේ ගියපු පලවෙනි කොටස..මෙතනින් ගිහිල්ලා කියවපු නැති අය කියවල එන්න...
රත්ගමයාගේ වර්ඩ්කප් ගමන 1 කොටස

ඔන්න ආන්ටි මිහිරුයි..අංකල් තුල්සියි එක්ක මම යනවා කාර් එකේ..
කාර් එක ගිහිල්ලා නැවැත්තුවා එයාලගේ කිරි කිත්තලා ඉදන් ජීවත් උන මහා ලොකු ගෙදරක් ගාව..
"බහින්න පුතා..ඔන්න අපි ආවා අපේ ගෙදරට"
හානේ....මේක නිකන් හෝටලයක් වගේ නේ...මොනවද ඇන්ටි ගාන තීන්ත..බැබලනවා නිකන් ටජ් මහල වගේ"

බැහැලා ඉතින් සෙරප්පු එහෙම ගලවලා මම ගේ ඇතුලට යන්න ලෑස්ති උනා..
:හෝව් පුතා...ඔහොම ඉන්න"
තුල්සි නැන්දා මහ සද්දෙට බෙරිහන් දුන්නා...ඇයි යකෝ..තියපු අඩිය ආයේ ගන්නද...මමත් කට ඇරගෙන බලාගෙන ඉන්නවා..තුල්සියා ලොකු තැටියකට මදුරු කොයිල් එකක්ද කොහේද ගහගෙන ඇවිලා මගේ ඉස්සරහා හිට ගත්තා..
"අපේ ගෙදරට අමුත්තෙක් ආවම අපි හැමදාම මේක කරනවා..මේ තැටිය මූන වටේ තුන් පාරක් ගෙනියන්න ඕනා..ඊට පස්සේ මේන්න මේ කලේට පයින් පාරක් ගහලා ගෙට එන්න.."
ඉකේ ඇන්ටි..කොල්ලො ගෙට වෙන්නේ නෑ නේ...කෙල්ලො නේ ගෙට වෙන්නේ..අර මල් දාලා නාවන්නේ..."
"අනේ පඩත්තල නොවී ඉදින්..මේ අපේ රට..ආව නම් මේ කලේට ගහපිය"
කොහෙන්දෝ බය හිතෙන කට හඩක් ආවා..
තුල්සියා මගේ මූන වටේ තැටිය ගෙනියන කොට ඒ තාලෙට ගෙදර උන් අත්පුඩි ගගහා වැනෙනවා
"කබි අල්විදා..නා...කෙහෙනා...කබි අල්විදා නා කෙනෙනා...."
තැටියේ වැනෙන තාලෙට සිංදුවත් කියනවා..
තැටි පූජා මුට්ටි පූජා වලින් පස්සේ ඔන්න ගෙදරට ගොඩ වෙන්න චාන්ස් එක ආවා..අම්මේ බලන්න ඕන නේ ගේ...ගෙයක් නෙමේ මාලිගාවක්..
මම ඉගිහින් සැටි එකේ වාඩි වෙනකොටම ස්පෝර්ට් ඩෙක්ස් දෙකක් ගහ ගත්තු ටයිඩ් ශෝර්ට් එකකුයි ස්කිනියකුයි ඇදගත්තු අක්කා කෙනෙක් පඩි පෙල බැහැගෙන එනවා...
අප්පට සිරි...යකෝ මේ මහගෙදර ආච්චියා නේ..වයසටද කෙල්ලේ වැඩ කිව්වලු...
අ...ආච්චි අම්මේ...මම මේ බැලුවා කවුද කියලා....කොහේද මේ යන්නේ..කෙල්ල වාගේ"
කෙල්ල වගේ...වගේ නෙමේ යකෝ..කෙල්ල තමා...මම මේ යනවා තුල්සි දුවගේ පුතාගේ පුතාගේ පුතාගේ පුතාගේ දූගේ පුතාලා දෙන්න එක්ක කොපර කොපර පිපිඤ්ඤා කරන්න..පොඩි උන්ගේ...අනික මෙහේ සෙල්ලම් කරන්න කවුරුත් නෑ නේ මුන්ට"
යකෝ..පුතාගේ පුතාගේ......අම්මෝ....මේ ඉන්නේ හොලමනක්..නැතිනම් මමියක්....මේකේ ඉන්න උන් මැරෙන්නේ අවාරෙටද කොහේද..
එදා දවස බයෙන් බයෙන් මහගෙදර ගෙව්නා...රෑ නිදාගෙන ඊට පස්සේ දවසේ උදේ පාන්දරම ඇහැරෙන කොට මංමෝහන් අංකල්ගේ කාර් එක ගේ මිදුලේ නවත්තලා තිබ්බා..දඩි බිඩි ගාලා අපේ රටේ කොඩියත් අරගෙන මමත් කාර් එකේ නැගලා පිට්ටනියට ගියා..
මම යනකොට මෝහන් අංකල් ඇවිල්ලා සිට් වෙලා ඉවරයි...
"අලෝ...රත්තා...මෙහෙන් වාඩියක් දාමු..මොනවයි බොන්නේ... "
"මට දෙන්න යව්වනයේ පොපියන මෙව්ව එකක්.."
එයින් එකකුත් බොන ගමන් මම නිමමට වගේ මම ග්‍රවුන්ඩ් එක දිහා බැලුවා..කිරි සුදු පුතේ කිව්වලු...යකෝ...මේ ඉන්නේ ඉන්දියාවේ ටීම් එකයි අපේ උනුයි...පිට්ටනිය මැද්දට ඇවිල්ලා පුහුනු වෙනවා...
මමත් ටිකක් ඇහැ දාලා බැලුවා..දෝනියා කරත්ත රෝදයක් වගේ එකක් අල්ලගෙන..ඌට උගන්නන්නේ ගමේ නාකි ඩයල් එකක්...
"ආ..හරි..දැන් මේ විදිහට කරන්න....අල්ලගත්තා කැරකැව්වා ඇරෝ...."
ඌ දෝණිට හෙලිකොප්ටර් ශොට් එක කියලා දෙනවා...ඒ අස්සේ ඩිල්ශාන් කෙල්ලෙක් එක්ක....
"මේ බලන්න ඩිල්ශාන්....ඕ.....ඕ..මෙරි සාර්....අනේ මාත් එක්ක කරන්න ඩිල්ශාන්...."
චිකේ....මේකි සාරිය ගලවගන්න හදනවද...අපෝ..මම අහක බලා ගත්ත...ඊට එහා පැත්තේ මාලිංගයා පොලිස් අංකල් කෙනෙක්ගෙන් බෝල දාගන්න අහගන්නවා...
යකෝ...මෙච්චර හොදට පුහුනු කරද්දි මක්කට පුහුනුකරුවොන්ට ගානක් දීලා තියන් ඉන්නවද දන්නේ නෑ....
කොහොම හරි කාසිය වාසිය දාලා.....ඊට පස්සේ උන දේවල් මම කියන්න ඕන නෑ නේ..ඊ ටික ඔයගොල්ලො දන්නව නේ....ඔන්න ඔහොමයි රත්ගමයගේ ලෝක කුසලාන ගමන ඉවර වෙන්නේ.........

ප.ලි - කතාව ලියල ඉවරයි නේ..පොඩ්ඩක් හරි හිනා ගියාද? එහෙනම් එහෙම උනේ ඇයි කියලා පොඩ්ඩක් හිතුවදප? අපි මේ හිනා වෙන්නේ අපිටම නේද..මේ ලියවිලා තියෙන දේවල් ඔයාලා බැලුවේ නැත්තන් අපිට හිනා යන්නේ නෑ කියලා මම හොදටම දන්නවා..අද අපි රූපවාහිනිය කියන එකෙන් බලන්නේ මේව තමයි..මම කලිනුත් මේ වගේම ලියලා තියනවා..ඒවටත් මේ ටිකම අදාලයි..මතක තියා ගන්න..අපි මේ හිනා උනේ අපිටමයි..මම මේ පහර ගැහුවේ අපිටමයි..අපේ ජීවිත වලටමයි.. ඉතින්,.....ඇති තරම් හිනා වෙන්න...තහනම් නෑ..මොකද අපේ ජීවිත කියන්නේ හිනාවෙන් පිරුනු තැනක් නිසා.... තවත් එක එක විකාර කතා ලියලා ඒකා කාරී වෙන්න මට ඕන තරම් පුපුවන්..මේ සමාජයේ තව හිනා වෙන්න පුලුවන් දේවල් ඕන තරම් තියනවා...රැදී ඉන්න..මම හිනාව දෙන්නම්..මොකද....කදුලු වලට කරන්න බැරි දේවල් හිනාවට කරන්න පුලුවන් නිසා.... ජය වේවා!!!

22 comments:

  1. නියමයි කොල්ලො

    ReplyDelete
  2. "කදුලු වලට කරන්න බැරි දේවල් හිනාවට කරන්න පුලුවන්" මම මේ වාක්‍යට ගොඩාක් කැමතියි..

    ReplyDelete
  3. ලිවුවෙ නැත්තම් කපන්නේ මොකක්ද ඩෝ??? ;)

    ReplyDelete
  4. කවද්ද මචං බ්ලොග් එක වහන්නෙ ආයේ ?

    ReplyDelete
  5. නියමයි ඈ... කතා කරලා වැඩක් නෑ බං මේක ගැනනම්....

    ReplyDelete
  6. මටත් බනියගේ ප්‍රශ්නෙම ආවා,,කවද්ද ආයේ බ්ලොග් එක වහන්නේ,,

    ReplyDelete
  7. මචන් ඇත්ත තමා.. රජා වැඩිය නිසා තරගේ ලොස් විනා කියල මන් හිතුවෙ... බලාගෙන යනකොට උබනෙ ගම කාල තියෙන්නෙ... නොදකින්...ඇත්ත කතාව බන්.... ඉක්මනට ලග අතීතය අමතක වෙන සමාජයක් මේක... 2011 ලෝක කුසලානයක් තිබ්බද කියලවත් අපේ උන්ට මතක නැහැ... දැන් අහවල් එක එලියට දාගෙන ipl බලනවා.. (අහවල් එක කිව්වෙ දිව හොදේ)
    ජය වේවා

    ReplyDelete
  8. ඒ රත්තා ටික්ඩ එකට කීයක් ගියාද බං?

    ReplyDelete
  9. රත්ගම බ්ලොගය අති කුප්පං
    හිනා කකා කියවපං
    කිවුවත් මූ අති අප්පිරියං
    අපිට නම් මේවා පට්ට බොලං

    ReplyDelete
  10. අ‍ඩො මැච් එකට කලින් දවසෙ උබ පොඩි උන් ටිකක් එක්ක රත්ගම හරියෙ පාර අයිනෙ බෝල ගැහුවනේ.. උබ කොහොමද ඉන්දියාවෙ ගියෙ???

    ReplyDelete
  11. කාලෙකින් කුප්ප අඩවියට ආවා.... හි හි

    ReplyDelete
  12. ඔන්න මමත් අද මටම හිනා වුනා.

    ReplyDelete
  13. ඇත්තමයි බං හීනියට හිනාවක් ගියා...පස්සේ තමා දන්නේ කාටෙයි මම හිනා උනේ කියලා .

    ReplyDelete
  14. රත්ගමයාගේ වර්ල්ඩ් කප් ගමනේ හෙලි නොවු කතාව....... පහලින් බලන්න
    http://anything4every1.blogspot.com/2011/05/by.html

    ReplyDelete
  15. ඔන්න මමත් හිනා වුනා.

    ReplyDelete
  16. තාරක Dilsh@n
    නියමා......යි
    --------------------------------------------------------------------------------------------------------------------------------------------------
    සීතල අයියා
    උඹට තමා හිතලම ලිව්වේ මම... :))
    -------------------------------------------------------------------------------------------------------------------------------------------------
    Charith
    ඒක එක එකාගෙ එක එකාට වෙනස් වෙනව...
    ----------------------------------------------------------------------------------------------------------------------------------------------
    Bunny
    මට ඕන දවසක මම වහනවා..
    ----------------------------------------------------------------------------------------------------------------------------------------------
    රොබින්
    :))
    --------------------------------------------------------------------------------------------------------------------------------------------
    MaRLaN
    බොරු කියන්න එපා ඉතින්
    -------------------------------------------------------------------------------------------------------------------------------------------
    කුරුං ගුරුං
    එක්සත් ජාතික පක්ෂයට වෙන්න ඇති,
    ---------------------------------------------------------------------------------------------------------------------------------------------
    ItalyDilan
    ඒ පිලිතුරමයි
    -----------------------------------------------------------------------------------------------------------------------------------------------
    යසියා
    ඉතින් උඹත් බලන්නේ...මමත් බලන්නේ...ඔහොම තමා ඉතින් ජීවිතේ...
    ----------------------------------------------------------------------------------------------------------------------------------------
    prasanna86k
    නිකන් නේ ගියේ....ආරාධනයකින්..
    ----------------------------------------------------------------------------------------------------------------------------------------------
    බීටා
    උක්ත ආඛ්‍යාත වැරදි නේ
    ---------------------------------------------------------------------------------------------------------------------------------------------
    සුපර් මාරියෝ
    මම ඉතින් කවද්ද බන් ඇත්ත කිව්වේ..
    -------------------------------------------------------------------------------------------------------------------------------------------
    හසී
    කාලෙකින් තමා අක්කේ ලිව්වේ...
    -----------------------------------------------------------------------------------------------------------------------------------------------
    JHOTHISHALANKA
    හික් හික්...හිනාවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා...
    ----------------------------------------------------------------------------------------------------------------------------------------------
    හිස් අහස
    ඒක දන්නේ ඉතින් අර රතුපාට කෑල්ල දැක්කම නේ...
    -------------------------------------------------------------------------------------------------------------------------------------------
    කිඩෝ
    පහල තියෙන්නේ ටයිල් කරපු පොලවක් නෑ බන්
    ------------------------------------------------------------------------------------------------------------------------------------------
    අකීකරු හිත
    අප්පුච්චේ,...අර මාලුවා දගලන දැගලිල්ල මේ හිත හිනස්සන්න.. :))

    ReplyDelete
  17. කුප්පම කුප්පයි.............

    ReplyDelete
  18. ගොඩ කාලෙකට පස්සේ නියම ලිපියක් කියෙව්වා. එල එල රත්ගමයෝ. කතාව ඇත්ත

    ReplyDelete
  19. කොහෙද බොල අතුරුදහන් වෙලා හිටියේ..

    ReplyDelete
  20. හිනා කාල මැරුන

    ReplyDelete

ඔබේ වචන මට හයියකි...මේතන ලියා යන්න(ඔන්න හොදින් කිව්වා..අඩෝ...ලිව්වේ නැතිනම් කපනවා ඩෝ...)