පලමු වතාවට අපගේ කතාව සෙනසුරාදා දිනයකටද යමුවේ...
උදෑසන හයේ කනිසමට නැගිට ගත් තරූශ මුහුන කට සේදීමටද ප්‍රථමයෙන් කොහු හැලී ගිය කොස්සක් කොහේදෝ තිබී සොයාගෙන ආවේය..
කාමරයේ අපිලිවටට තිබූ පොත් සියල්ල එක ගොඩකට එකතු කල ඔහු සිවිලිමේ තිබූ මකුලු දැල් කඩා ඉවත් කිරීමට පටන් ගත්තේය...
"කාලකන්නියා..."
ඔහු සිනාසෙමින් තමාටම මුමුනයි...
මකුලු දැල් කඩා දැමූ තරූශ කාමරය සම්පූරණයෙන් අතුගා දැමුවේය..
පොත් පත් ඔහේ විසිරී තිබූ මේසය පිලිවලට සෑදුවේය...
ඔහු තව දුරටත් රස්තියාදුකාරයෙක් නොවේ..කතාව ආරම්භයේදීම මම ඔහුට රස්තියාදුකාරයා යැයි කියමින් එය කොතෙක් දුරට ගැලපේදැයි නොදනිමියි කීවෙමි...
සැබැවින්ම දැන් ඔහුට එය ගැලපෙන්නේම නැත....
"ඔක්කොම වැඩ ඉවරයි.."
දැන් බලමු රස්තියාදුකාරයෙකුට කරන්න පුලුවන් මොනවද කියලා"
ඔහුගේ බොරලු පැහැ දෑස දිලිසෙමින් තිබුනි.....
අම්මාගේ කාමරයේ එල්ලා තිබූ කැලැන්ඩරය ඔහු ගලවාගෙන ආවේය.විභාගයට ඇත්තේ තවත් මාස දහයකට අඩු කලයක් බව කැලැන්ඩරයේ කොල පෙරලා බැලූවිට මැනවින් දිස් වේ..
මේ මාස දහය ඔහුට හොදටම ප්‍රමානවත් ය.ඉලංදාරියා කාලසටහනක් සැදුවේය...
ඉන්පසු හොදින් නෑවේය..වෙනදාටත් වඩා නැවුම් ගතියක් දැනේ..
අම්මා උදේ පාන්දර සාදා ගොස් තිබූ උදෑසන ආහාරය සීතල වී ගොස තිබුනත් අපුලක් නැතුව බඩට දාගත්තේය..
කාමරයට ගොස් පුටුව ඇදග්ත් ඔහු රාජකාරිය කිරීමට පටන් ගත්තේය..
ආදරයට කල නොහැකි දෙයක් නැත.ජීවිත වෙනස් කරන්නේ ආදරයයි..ඔබත් එක වාරයක් හෝ කාටම හෝ ආදරය කර ඇතැයි සිතමි.ඒ ආදරය හමුවේ ඔබ ජීවිතයට වැදගත් දේ හෝ නොවැදගත් දේ සිදුවන්නට ඇත.තරූශ නොදැන හෝ ඔහුගේ ජීවිතය ආදරයක් නිසා වෙනස් වෙමින් තිබුනි...
මේ සතියම ඔහුට පාඩම් කරන්නට ඉඩ හැර ඊලග සිකුරාදා දිනය වෙත අපි යමු...
වෙනදා කාටත් හොරෙන් ආදරය කල ජෝඩුවක් දැන් එලිපිටම ඔවුන්ගේ ආදරය පටන් ගෙන තිබුනි.අනුත්තරා සහ සකුන්තල ජීව විද්‍යා පන්තියේ සිටි ජනප්‍රියම යුවල වූවෝය.
"අරයා අලුතෙන් ඇවිල්ලා සකුන්තල අල්ලගත්ත නේ හලෝ..අපිට ඉතින් හුලං තමා.."
චික් බන්...මම කොච්චර කාලයක් බලන් ඉදියද..මේකි වැඩේ ගැස්සුව නේ..."
කෙල්ලන් ඒ විදිහට ඕපාදූප සොයද්දී කොල්ලෝ ද ඊට නොදවෙනි වූවෝය....
"සකුන්තලයා තමා බන් ඒකිට ගැලපෙන්නේ..ඌ බ්‍රයිටා..ඒකි පට්ට ලස්සනයි නේ බන්..අපි උඹලා දිහා හැරිලවත් බලාවිද ඉතින්"
"කොහොම හරි සකුවා කෙල්ලව අල්ල ගත්තා නේ...ඔව්ව ලොකු ලොකු අතු බන්..අපි අත නොදා ඉමු..ලස්සන කෙල්ලෝ අපිට උරුම නෑ.."'
අප කතා නායකයාට ඕපාදූප වලින් වැඩක් නැත..ඔහු ජීවිතයේ එකම එක වාරයක් ආදරය කලේය..ඒ ආදරය ඔහුට හිමි වන්නේ නැත..නමුත් තාමා ජීවිතය හදා ගත යුතුය..අද ඔහුව පිලිකුල් කරන අයට එදාට ඔහුව ඕනෑ වනු ඇත
පන්ති පටන් ගැනීමට විනාඩියකට හෝ දෙකකට කලින් ඔහු පන්තියට ආවේය..පන්තිය වෙනස් වී නැත..නමුත් ඔහු වෙනස් වී ඇත..වෙනදා තිබූ අවුල් වූ කොන්ඩය දැන් පිලිවෙලකට පැත්තකට බෙදා තිබුනි.හොදින් මැද තිබූ කමීසය චාම් ගතියකින් යුතු විය...
අවසාන පේලිය සමීපයේ ඔහු මදක් නැවතුනේය..අනුත්තරා ඊට පේලි ගනනකට ඈතින් සකුන්තල සමග අතින් හා ඇස් වලින් කතා කරමින් වුන්නාය...
ඉදිරි පස බංකුව දෙස බැලු ඉලන්දාරියා තමාගේ සුපුරුදු බංකුව දෙසද බැලුවේය..ඔහුට නොදැනීම බංකුවේ ලියා තිබූ මැකී යමින් පැවති වදනක් දෙස ඔහුගේ දෑස් යොමු විය...
"බුද්ධිමතින් බිහිවන්නේ පසු පස පේලියෙනි"
ඔහුට සිනහවක් ගියේය...තවත් වරක් නොහිතාම තම සුපුරුදු ආසනයේම ඔහු වාඩි වුනේය...පන්ති කාලය පුරාම ගුරුවරයාගේ හඩට පිටින් කිසිම දෙයක් ඔහුගේ දෙසවනට වැටුනේ නැත....
ගෙදරදී පෙර සටහන් බැලූ නිසා අද පාඩම ඔහුට තේරුම් ගැනීම ඉතාමත් පහසු විය.මෙච්චර කල් ගුරුවරයා පන දමාගෙන උගන්වා ඇත්තේ මේ දෙවල් දැයි ඔහු තනිවම සිතුවේය....
පන්තිය සුපුරුදු ලෙසම අවසන් විය....
සමාවන්න...
සුපුරුදු ලෙසම නෙවේ...තරූශ පෙරේරා යොදාගෙන කරනු ලැබූ විහිලු වලින් පන්තියට විනෝදයක් නොලැබුනි..ගුරුවරයාට පවා තරූශව අමතක වී ගොසිනි..ඔහු ඒ තරමට නිශ්ෂබ්දව සිටියේය.......
---------------------------------------------------------------------------------------------------
කාලය ගෙවී ගියේය...සකුන්තලගෙත් අනුත්තරාගේත් ආදර වදන් වලින් මගේ කතාව පිරවීමට අදහසක් නොමැත..වෙනත් ආදර කතාවක් කියවීමෙන් ඔබට ඔවුන්ගේ ආදර කතාව සහ ආදර දෙබස් තේරුම් ගැනීමට හැකි වනු ඇත..මගේ කතාව එක් රස්තියාදුකාරයෙක්ව සිටි තරුණ ඉලංදාරියෙකු ගැනය...ඉදින් මම ඔබට එය පමනක් කියමි...
තවත් මාසයකට පසු පන්තියේ මාසිකව පවත්වන පෙරහුරු විභාගය පැවැත් වුනි.වෙනදා ලෙඩ නිවාඩු දමා එයට නොපැමිනෙන සිසුන් පවා එයට පැමින සිටියෝය..උසස්පෙල කඩයිමට පෙර තමන්ගේ මට්ටම ඔවුන්ට බලා ගත යුතුය..සියල්ලෝම එය ලිව්වෝය..
පුදුම නොවන්න..අප ඉලංදාරියා වෙනදාට වචන 20 කට 30ක සීමා කරන ප්‍රශ්න පත්‍රය සම්පූර්ණයෙන්ම ලියුවේය..ජීවිතයේ පලමු වතාවට සතුට ඔහු වෙත පැමිනෙමින් තිබුනි....
සකුන්තල අනුත්තරා ඉරේශා යන සෙසු චරිතද විභාගයට මුහුන දුන්නෝය..
සුපුරුදු ලෙසම සකුන්තලට ප්‍රශ්න පත්‍රය අපේ භාෂාවෙන් කියනවා නම් ගේමක් තිබුනේම නැත...අනුත්තරා සහ ඉරේශා ගැන නම් මම නොදනිමි..ගැහැනු ලමුන්ගේ ඕපා දූප අපට කුමකටද....
-----------------------------------------------------------------------------------------------------
තවත් සිකුරාදාවන් දෙකක් පසු කිරීමට මම ඔබෙන් අවසර ඉල්ලමි...ඔබ අවසර දුන්නත් නැතත් මම එය පසු කරමි.මෙය මෙගාවක් කිරීම මගේ අරමුණ නොවේ..මෙය ආදර කතාවක් ද නොවේ...
එන්න අපි පන්තියට යමු....ගුරුවරයා පැමින සිටියේය...
"එදා දීපු ටෙස්ට් එකේ ලකුනු අද මගේ ලග තියෙනවා..මුල් කීප දෙනාගේ ලකුනු මගේ අතේ..අනිත් ටික පුරුදු විදිහටම නෝටිස් බෝඩ් එකේ දාලා ඇති...
ඔබත් මමත් පුල පුලා බලා සිටි අවස්ථාව එලඹී තිබේ..ගුරුවරයා තරූශගේ නම කියනු ඇත....අපි බලා සිටිමු....
"පලවෙනි තැන ලකුනු 91 ක් අරගෙන ලබාගන්නේ සකුන්තල සූරියබන්ඩාර"
සුපුරුදු අත්පොල්සන් නාදය පන්තිය පුරා රැවු දුනි..
ඔබේ බලාපොරොත්තු බිද වැටුනා නම් සමා වන්න..එහි තරූශ පෙරේරාගේ නම කියවුනේ නැත..පලවෙනි තැනට තබා මුල් තුන් දෙනා අතරවත් ඔහු සිටියේ නැත...කුමක් හෝ සිදු වී තිබේ...
එන්න අපි අනුත්තරා හා ඉරේශා පසු පසින් දැන්වීම් පුවරුව දෙසට යමු...ඉරේශා ලකුනු 70ක් ද අනුත්තරා ලකුනු 56 ක් ද ලබා සිටියාය..
"පලවෙනි පාරනේ ඩියර්..මට මුල් ටෙස්ට් එකට ලකුනු 40 යි...ඔයා හොදයි නේ..තව මහන්සි වෙන්න..සකුන්තලට ආඩම්බරයක් වෙන්න ඕන නේ එයාගේ නෝනා"
ඉරේශා සිනහ සෙමෙන් කීවාය..
ගැහැනු ලමෝ සතුටු සාමීච්චියෙන් පඩිපෙල බැස ගියෝය.ලකුනු ලැයිස්තුවේ සියල්ල නොවෙනස් ය..ඒත් එක වෙනසක් සිදුවී ඇත...
පන්තිය හිස් වූයේය..ඒත් එක බොර පැහැ දෑසක් පමනක් දැන් වීම් පුවරුව දෙස බලාගෙන සිටියෙය...ඒ දෑස අයිති වූයේ වෙනස කල පුද්ගලයාටය..ලැයිස්තුවේ අවසානයට ඔහුගේ නම නැත.වෙනදා 250 ක් වූ සිසු සිසුවියන් ගෙන් අවසාන ස්ථානය නිසැකවම හිමි කරගන්නා තරූශගේ නම අද එතැන නැත..
තරූශ පෙරේරා ලකුනු 79 යි 18 වන ස්ථානය...
ඔහුට කොපමන සතුටක් දැනුනේද මම දනිමි.කතාව ලියනා මමද වරෙක පන්තියේ තිස් හතලිස් ගනන් වල සිටියෙමි.. එක් වරක් පමනක් පාඩම් කර ලියූ විභාගයකදී මම සය වැන්නා වූයෙමි..ඉදින් කොපමන සතුටක් දැනුනේද යන්න මම දනිමි..ඔබලාට එය දැනී තිබේදැයි කීමට නම් මම දන්නේ නැත....
අපේ කතාව වෙනස් වෙමින් තිබේ...පොත් ගුල්ලන්ට යන එන මං නැති වීමේ කාලය අත ළගය..
සකුන්තල,
ඔබ පරිස්සම් වන්න....අතින් පයින් ඔබව පැරැද්දූ ඉලංදාරියා දැනුමෙන්ද ඔබට බිම වැටෙන්නට පහර දෙනු ඇත..එදාට ඔබ හැම අතින්ම පරාදය...ඒ දවස එන තෙක් අපි බලා සිටිමු..............
-------------------------------------------------------------------------------------
තව කොටස් දෙකක් හෝ තුනක් වගේ තමා තියෙන්නේ....හෙට මට හදිස්සියේම කොළඹ යන්න වෙලා..හෙට කියන්නේ සිකුරාදා...ඒක නිසා කතාව ඉවර කරන්න ටිකක් පරක්කු වෙයි..මම දැනට දවසට එක පෝස්ට් එක වෙන්න දැම්මා..ආයේ ගෙදර එන්නේ ඉරිදට තමා..ඒක නිසා ඉරිදා සදුදා අහගරුවාදා ඇතුලත කතාව ඉවර වේවි...අර නායකත්ව පුහුනු මගුලකුත් තියෙනවා නේ..ඒක එන කලින් ඉවර කරන්නත් ඕන...