උදේ පාන්දරම මහා ගාලගෝට්ටියකි.නිවි හැනහිල්ලේ නින්දක් වත් දාන්නට නැත.කුනුකෙල පිටින්ම කුනුහර්ප දෙකක් කියාගෙන ඇඳෙන් නැගිට්ටෙමි.වෙනදා වගේ නොව සරම ඇඟේම තිබුනි.මෙය නම් ආශ්චර්යයක්මය.එක්කෝ චූටි මල්ලී උදේ පාන්දරම කාමරයට පැමින සරම අන්දන්නට ඇත.
විවිධ මනස්ගාත සිතමින්ම මම කාමරයෙන් දොට්ට බැස්සෙමි.
ගේ ඇතුලේ හෙනම සද්දේය.
ලොකු මල්ලී චූටි මල්ලීට බනී,
චූටි මල්ලී ලොකු මල්ලීට බනී.
අම්මා මුන් දෙන්නාටම බනී.
අපේ අහිංසක ගෙදර හිංසක භාෂාවෙන් අමතනවාට මම කැමතිම නැත
අපේ අහිංසක ගෙදර හිංසක භාෂාවෙන් අමතනවාට මම කැමතිම නැත
ලොකු පුතා වශයෙන් යම් කිසි වගකීමක් ඇති නිසා මම මැද්දට පැන්නෙමි.
"මොකද යකෝ තොපිට වෙලා තියෙන්නේ උදේ පාන්දරම.තොපි දෙන්නටම ගහනවා මට කේන්ති ගියෝතින්.."
මල්ලිලා බය කරන රිසියෙන් මම නපුරු අයියාගේ චරිතයට ආවේශ උනෙමි.මට කේන්ති ගියොත් හෙන සැර බව උන් දෙන්නාම දනී.එවිට උන් කිසිවක් කියන්නේ නැත.මට නිතරම කේන්ති යන්නේ නැති බව උන් දෙන්නාම දනී.
"තෝ එනවද මුදරස්පලමෝ අපිට ගහන්න.අන්න අරෙහේ ඇඳට ගිහින් තව ටිකක් නිදා ගනින් පව් නොදී"
කුමක් හෝ නරක දෙයක් සිදු වී තිබේ.නැති නම් මල්ලිලා මෙහෙම කතා කරන්නේ නැත. ( හරි ඉතින් නිතරම මෙහෙම කතා කරන්නේ නෑ නේ..හ... )
මාගේ බයාදු මුහුන දුටු අම්මා මා බේරා ගැනීම උදෙසා සටනට අවතීර්ණ වුනාය.
"අයියට මෙහෙමද කතා කරන්නේ.මම කී පාරක් නම් කියලා තියෙනවද.ඔහොම කතා කරද්දී පාරේ යන කාට හරි ඇහුනොත් හිතාවි මේ ගෙදර වැඩිමල් අයට ගරු කරන්න දන්නේ නැති ගෙදරක් කියලා.සද්දේ අඩු කරලා කතා කරනවා."
අම්මාගේ ඔවදන මල්ලී පිලිගත් සැටියකි.කට හඩේ සැර මදක් බාල කල ඔහු නැවත අයියාට වදින ගාථාවෙන් මා ඇමතුවේය.
"මේ ඕයි..පව් නොදී යනවද? "
අද ගාථාවත් හෙනම කෙටිය.වෙනදට වල් ඉත්තෑවා,ගස් බල්ලා,දිගංචිය,පොට්ටයා වැනි පාලි සංස්කෘත වචන කිහිපයක්ද අන්තර් ගත වේ.
ඉල්ලන් ටිංකිරි ගා ගැනීමෙන් පසු නැවත කාමරය බලා යෑමට මා හැරුනා පමනි.
කවදත් මාගේ අතිජාත බොක්කේ ලව් පිට් එක චූටි මල්ලී මා ඇමතුවේය.
"ලොකු අයියේ.මම ඉස්කෝලේ යන්න ගත්තු අලුත්ම බෑග් එක මූ අරගෙන.දැන් එකේ කොහේ දාලද දන්නේ නෑ."
මට ඔහු ගැන හෙන අනුකම්පාවක් සිතුනි.චූටි මොල වලට බෑග් එකක් උවත් හෙන වටී.ලොකු අයියා වශයෙන් මම චුටි මල්ලී වෙනුවෙන් ඉදිරිපත් විය යුතුය.ඌ කාගේ උනත් හොද ලොකු අයියෙක්ගේ මල්ලි කෙනෙක්ය
"හොද හිතින් චූටි මල්ලිගේ බෑග් එක ආපහු දියන්.නැති නම් මම තොගේ තේ එකට ලුණු දානවා."
"ඔව් ඔව්..ලොකු අයියා තේ එකට ලුණු දායි,මම තේ එකට ජාපාල දානවා..හොඳ හිතින් මගේ බෑග් එක දියන් හික් මීයෝ."
පියවරක් ඉදිරියට තැබූ ලොකු මල්ලී, චූටි මල්ලීගේ බෙල්ලෙන් අල්ලා ගත්තේය.
"ඈ යකෝ..තෝ ඔහොමද මට කතා කරන්නේ.මම තොගේ අයියා නේද?"
බෙල්ල අත හරින්නේ නැතුවම චූටි මල්ලීගේ මූනට එබුන ලොකු මල්ලී කේන්තියෙන් පුපුරමින් අසයි.
"ඉතින් ඔයා ලොකු අයියට කතා කරන්නේ එහෙමනේ.හ..."
චූටි මල්ලී බයාදු ලෙස කීවේය.මමද බයාදු ලෙස හිනා වුනෙමි.
"ඌ ඒ ලොකු අයියා නිසා.පොඩි අයියලට එහෙම කතා කරොත් තොට දෙනවා දත් ටික බඩට යන්න."
මාගේ චූටි මල්ලීට අත උස්සනවා මට බලා සිටීමට නොහැකිය.ලොකු අයියා වශයෙන් මම මේ වගකීම බාරගත යුතුය.දඩි බිඩි ගා උන් දෙන්නාගේ මැද්දට පැන්නමි.
"අඩෝ...."
"ඇයි"
"නෑ ඉතින්..අපි සහෝදරයෝ තුන් දෙනෙක් වශයෙන් මේක සාකච්චා මාර්ගයෙන් විසඳගමු.හරිය..දැන් ඔන්න ඔය චූටි එකාව බිමින් තියපන් මයේ අම්මේ.."
"නෑ..මාව බිමින් තියන්න ඕන නෑ.මම තෝව කනවා..මගේ බෑග් එක දියාන් යකෝ...."
මූට කට පියන් ඉන්නට බැරි සෙයකි.මූ ඉල්ලන්නේ ගේමමය.ගමේ ගොඩේ හුජ්ජ කොල්ලන් සමග බෝල සෙල්ලම් කරන්නට ගොස් උන්ගේ පාට් අපිට දමන්නට එයි.අපිට කිව්වට මට දමන්නේ නැත.මල්ලිලා දෙන්නාම මට බයය.
මාගේ රහස් පරීක්ෂක බුද්ධිය භාවිතා කල යුතු අවස්ථාවකි මේ.
හරි..ඔන්න පටන් ගත්තා...
"මම මේ විශ්‍රාම ගිය රහස් පරීක්ෂකයෙක්.නිවාඩුවට ආවා දුවලෑ ගෙදර ජුංඩක් නැවතිලා යන්න. "
රහස් පරීක්ෂක කතාවක දෙබසකින්ම මම බෑගය සෙවීම ආරම්භ කිරිමට සැරසුනෙමි.
හරි..ඔන්න පටන් ගත්තා...
"මම මේ විශ්‍රාම ගිය රහස් පරීක්ෂකයෙක්.නිවාඩුවට ආවා දුවලෑ ගෙදර ජුංඩක් නැවතිලා යන්න. "
රහස් පරීක්ෂක කතාවක දෙබසකින්ම මම බෑගය සෙවීම ආරම්භ කිරිමට සැරසුනෙමි.
"බෑග් එක මොන පාටෙයි? අර පරණ කලු පාට එකමය."
"නෑ ඕයි..අලුතෙන්ම ගත්ත එකක්.නිල් පාට.ඒකේ හොර පොකට් තියෙනෝ."
මේ නම් ආස්චර්යයක්මය.ඉස්සර අපිද හොරපොකට් තිබූ බෑග් වලට ආසා කොලෙමු.එව්වායේ එක එක ඒවා දාගෙන පාසලට ගෙනිච්චෙමු.එක එක එව්වා කියන්නේ නරක දේවල් නොවේය.අපි පාසලට ඔයාලා වගේ නරක දේවල් ගෙනිච්චේ නැත.
"ඒකේ Kill Me කියලා ගහලා තිබ්බා.නිල් පාටයි.ටිකක් ලොකුයි කලින් එකට වඩා.කර පටි දෙක ම්හතයි."
ඒ වදන් ටික කියද්දී මාගේ ඇස් වලින් ඩොලර් පැන්නේය...
"ඒකේ කර පටිය කලු පාටෙයි,බෑග් එක ඇතුලේ පැන්සල් පෙට්ටියකුයි,පොත් දෙකකුයි තිබ්බය?.හොර පොකට් එකේ සෙලීනා ගෝමස් ගේ කී ටැග් එකකුත් තිබ්බද?"
"හෑ...ඔව් ඔව්.අන්න ඒක තමා.කොහේදිද දැක්කේ..?"
පෙරේදා කොළඹ යද්දී මම රැගෙන ගොස් ඇත්තේ මුගෙ බෑග් එකය.එය මම ගත්තා යැයි දැන ගත්තොත් මුන් දෙදෙනාම එක්වී මට පහර දෙනු ඇත.සෙලීනා ගෝමස් ගේ කී ටැග් එක ඇත්තේ මගේ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එක දාන ලාච්චුව විවෘත කරන යතුරේය.
කුප්ප බුද්ධිය යොදා මෙයින් ගැලවිය යුතුය.
"ඔව් මම දැක්කා..මම දැක්කා ඒක මෙන්න මූ අරගෙන පන්ති යනවා..ඇත්ත කියපන්..තෝ කොහේද චූටි මල්ලිගේ බෑග් එක දැම්මේ."
පොඩි මල්ලී දෙසට අත දික් කල මම ඌට චෝදනා කලෙමි.
පොඩි මල්ලී දෙසට අත දික් කල මම ඌට චෝදනා කලෙමි.
"මම ගත්ත බෑග් එකක් නෑ පොට්ටයෝ.."
උපැස් යුවල් පලඳින හැම අයියාටම මල්ලිලා කතා කරන්නේ පොට්ටයෝ කියාලා නිසා මට එය ගානක් නැත.
"ආ...උඹ ගත්තේ නෑ..හිටපන්කෝ...චූටි...ඔයා මුගේ කාමරේ බැලුවද?"
"ඔව් අයියේ..කාමරේ තිබුනේ නෑ..මම හැම අස්සක් මුල්ලක් නෑරම බැලුවා."
"හ්ම්ම්ම්..ඔයා මගේ කාමරේ බැලුවද?"
"නෑ..බලන්නද?''
"හෑ...නෑ නෑ...මම මේ නිකන් ඇහුවේ.කවුරු හරි උදේ කාමරේට ඇවිල්ලා මට සරම අන්දලා ගිහින් තියෙනවා.ඒකයි ඇහුවේ.."
"මම යකෝ සරම ඇන්දුවේ."
පොඩි මල්ලී පිලිතුරු දුන්නේය.
"ආ..එහෙමද...ටැන්කුයි ආ....චූටි..ඔයා කුස්සියේ පොඩ්ඩක් බලන්න.බෑග් එක.මම ආයේ මුගේ කාමරේට ගිහින් සර්ච් එකක් දාන්නම්."
"කුස්සියේ? කුස්සියේ කොහේද අයියේ බෑග්.."
"තොට ඒ පන්ඩිත කම් වැඩක් නෑ නේ..ගිහින් බලපිය.සීනි බෝතලේ තියෙන හරියේ බලපන්..මූ එතන තමා හංගන්න ඇත්තේ."
"බලන් ඉඳපල්ලා..අයියටයි මල්ලිටයි හම්බෙයි ලබ්බක්.මම යනවා ඇඟ හෝදගන්න.උබලට බෑග් එක හම්බුනොත් මටත් කියපන් හොඳේ"
තුවායත් කරේ දමා ගත් පොඩි මල්ලී පිටව ගියේය.ඔහුට පිටු පසින් චූටි මල්ලීද කුස්සිය දෙසට ඇවිදගෙන ගියේය.කරන දෙයක් ඉක්මනින් කල යුතුය.දඩ බඩ ගා මාගේ කාමරයට පැනගත් මම ,මේසය උඩ තිබූ බෑග් එක ගෙන පොඩි මල්ලීගේ කාමරයට පැන්නෙමි.බෑග් එක ඉක්මනීන් ඇද යටට විසි කල මම ටික වෙලාවක් කාමරයේ රැඳී සිටියෙමි..ඉන් පසු එක් වරම
"මෙන්නෝ....මූ බෑග් එක හංගපු තැන අහු වුනෝ..." කියා කෑ ගැසුවෙමි.
කාමරය සෙනඟින් පිරී යන්නට වැඩි වේලාවක් ගත වුනේ නැත.
"පෙනේද..මූ බෑග් එක හංගලා තියෙන්නේ ඇඳ යට.මට කාමරේට ආපු ගමන් සැක හිතුනා..දන්නව නේ ඉතින් මට ඕනම දෙයක් ඉක්මනට හොයා ගන්න පුලුවන් කියලා."
ටවල් එක සරමක් ලෙස හැද සිටි ලොකු මල්ලී කටත් ඇරගෙන මා දෙස බලා සිටී.සියල්ලෝම ඉදිරියේ ඔහුගේ රෙදි ගැලවීම ගැන මම හෙනම ප්‍රීතියෙන් සිටියෙමි.
නමුත් එක් වරම චූටි මල්ලී කටහඩ අවදී කලේය..
"ලොකු අයියේ.."
"හ්ම්ම්ම්ම්ම්,,,,"
"මම ඔයා කාමරේට එන්න කලින් ඇඳ යට හොඳටම හොයලා බැලුවනේ"
ලොකු අය්යා පව් වගේ :පී
ReplyDelete:P :P :D
Deleteහික් හික් හික්.. :D
ReplyDeleteමල්ලි චූටි නිසා හොදා.. :P
ඒකා චූටි සයිස් එකෙන් පමණි..
Deleteචූටි මල්ලි පොඩි එක නිසා හොදා ඌව රවට්ටන්න පුළුවන් නෙ :)
ReplyDeleteපිස්සුය?ඒකා චූටි වෙලා උන්නෙ මීට අවුරුදු ගානකට කලින්
Deleteමේක මරු... :)
ReplyDeleteටැන්කුයි ඈ..
Deleteපව් යකෝ පොඩි උන් දෙන්නා :)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
නෑ යකෝ උන් දෙන්නගෙ ලොකු අයියා පව් :P
Delete:-D
ReplyDeleteඔය සහෝදර සමාගම් ඔක්කොම එකයි
:D :D
Deleteඋඹලා තුන් දෙනාට වෙන වෙනම කාමරත් තියනවැයි???අපෙ අප්පෝ හෙණ ලොකු මාළිගාවක් වගේ ගේ පොඩ්ඩක් වෙන්ඩැති
ReplyDeleteඅපි තුන් දෙනා ඉන්නෙ තට්ටු තුනක ජුංඩන් ගේ පොඩ්ඩක
Deleteසරම අන්දපු නිසාවත් අරූට කෘතඥ වෙයං රත්ගමයෝ...
ReplyDeleteපොඩි මල්ලී..මෙව්වයි ඈ..
Deletehiks!
ReplyDelete:D :D
Deleteනියම කතාව..පව් හලෝ අර මල්ලි........:)
ReplyDeleteමේවා කියවනකොට අයියල මල්ලියා ගොඩක් හිටියනම් වෙලාවකට හොඳයි කියලත් හිතෙනවා :)
ජය!
මෙන්න එක්කෙනෙක් කතාව දාල... හුහ්!!!! අපි කියවයි ඔවුව.. :P මම නම අහක් ඇරලා එක අකුරක් කියවන්නේ නෑ ඇත්තමයි..
ReplyDeleteඒ .. අපේ ගෙදර ඔය හොර වැඩ කරන්නේ මං පොඩි එකා හලෝ.. හිකිස්!!! :D හොඳ වෙලාවට අපේ අයියා මේවා කියවන්නේ නැත්තේ..
කියෙව්වෙ නැත්තන් ලියපු දේ දැනගත්තෙ කෝමෙයි :P
Deleteඉන්නෝ මං අයියට කියන්න
පොඩි එකා උඹට සරම අන්දවන්න ඉස්සෙල්ල තවත් මොකවත් කළාද දන්නෙත් නෑ. :D
ReplyDeleteඉකේ කැත හිත :පී
Delete:D
ReplyDeleteඅනේ ලොකු එකාට තියෙන සැලකිල්ල...දුකේ බෑ
ReplyDeleteමටත් වාවන්නෙම නෑ..
Deleteඔන්න මම නම් සරම ගැන මොකවත් කියන්නෙ නෑ. රත්ගමයයි, රත්ගමයගෙ මල්ලියි දෙන්නම උදෙන්ම නැගිටල. :)
ReplyDeleteඋඹ කලබලේට බෑග් එක අස්කරේ නැතුව ඇතුලෙ තිබ්ච්චත් එක්කම නේද ගෙනිහින් දැම්මෙ. මම හිතුවෙ ‘පොඩි මල්ලිගෙ‘ කාමරේ තිබුණු ‘චූටි මල්ලිගෙ‘ බෑග් එකෙන් ‘ලොකු අයියගෙ‘ ලට්ට ලොට්ට එළියට ඇවිල්ල පොඩි එකාගෙ ටවල් එක කෙසේ වෙතත් උඹේ සරම ආයිත් පාරක් ගැලවෙයි කියල.
හී පොඩි මල්ලි ආයෙ නොගැලවෙන්න අන්දලා තිබ්බ හින්දා හොදට ගියා
Deleteහි හි අමු හොරෙක් මෙකානම්.
ReplyDelete//"ඒකේ කර පටිය කලු පාටෙයි,බෑග් එක ඇතුලේ පැන්සල් පෙට්ටියකුයි,පොත් දෙකකුයි තිබ්බය?.හොර පොකට් එකේ සෙලීනා ගෝමස් ගේ කී ටැග් එකකුත් තිබ්බද?"//
අහද්දිම හිතුනා හොරා රත්ගමයා කියලා හික් හික්.
හෙ හෙ ඕකනෙ බැරි..
Deleteඔහෙ හිටු.අපෙ නංගිටත් ඔය ගේමම දීල තියෙනව අනන්තවත් :) සහෝදර සමාගම් ඕම තමා
ReplyDeleteඉකේයියා..ඔයා ගෑනු බෑග් පාවිච්චි කරනවද? චී ඈ..
Deleteමේ කතාව නම් මරූ
ReplyDeleteස්තූතියි..!
Deleteහොඳ වැඩේ...
ReplyDeleteමල්ලි එක්ක shape නේ.. එහෙනම් අවුලක් නෑ
ෂේප් ෂේප්.. :ඩී
Deleteහික්!!
ReplyDeleteමෙහෙමත් පොට්ට අයියලා!!
ඇයි බොල රත්ගමයෝ ඔක ලොකු එකායේ කාමරේ ඇඳ යට හංගන්න තිබුනානේ.... ;))
ඒකා ඇටෑච් බාත් රූම් එකෙන් හදිස්සියෙ එලියට ආවොත් කියලයි චූටි එකාගෙ කාමරේ ඇඳ යටම හැංගුවෙ :පී
Deleteහූ ඈ :D
ReplyDelete:පී
Delete//තුවායත් කරේ දමා ගත් පොඩි මල්ලී පිටව ගියේය.ඔහුට පිටු පසින් චූටි මල්ලීද කුස්සිය දෙසට ඇවිදගෙන ගියේය.කරන දෙයක් ඉක්මනින් කල යුතුය.දඩ බඩ ගා මාගේ කාමරයට පැනගත් මම ,..//(එතැන් සිට)
ReplyDeleteබෑගය හැර ලැප්ටොප් එක රැගෙන තිස්දාහක් පමණ වටිනා VGA card එකක් හයි කරපු කම්පීතරේ පිහිටි මේසය ලඟට දිව්වෙමි. දුවන්නට ගොස් ටයිල් පොළොවේ පැය ලෙස්සු මා හෝම් තියටර් එකේ කොලම්න් එකක (සැටලයිට් එකක) එල්ලී දිවි රැක ගත්තේ මා වැටීමෙන් හානි වීමට නියමිතව තිබු ගරාජ් එකේ දොරේ රිමෝට් එක දිහා බලා සැනසුම් සුසුමක් හෙලීමනි.
මේසයේ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එක දාන ලාච්චුවට නොව අනෙකට ලැප දැම්මේ හයිබ්‍රිඩ් එකේ යතුර එහාට දමමිනි.
මෙව්වා කියලා අපේ ගෙදරට හොරු පනීද මංදා..දන්නවනම් කට පියන් ඉන්නෝකෝ..
Deleteපස්ටයි ඈ තවම හිනාව නතර උනේ නෑ
ReplyDelete:D :D (Y)
Deleteඅනේ පව් ලොකු අයියා...ඇදගෙනම නාලා.. නිකම් නෙමේ සබනුත් නැතුවම :P
ReplyDeleteචැහ් අපි කොහොමත් සබන් ගාන්නෑනෙ..ෂැම්පු තමා පාවිච්චිය..අවුරුද්දටම 1 බෝතලයයි :පී
Deletekathawa pastaya, AKM ge comment 1 pastamaya.
ReplyDeletePasu kathawa meseya-
Mallila gamayaata bima dagena pahara nodimata thiranaya kale, lihil daduwamak lesa ekagen 5 begin toku 10k hisata wadammawa genimata gamayaa yojana kala nisaya.
Ewwa prasiddiye kiyana 1 hari ne neda..
Deleteපවු ඈ අයියා..කුජිත වෙලා!
ReplyDeleteපිස්සුය..එහෙමත් වෙනවද? :පී
Deleteමට මේකට උත්තරයක් දීපිය. තොගෙ සරම තාම ඉනේ තියනවද ? ( මම කුප්ප බාසාවෙන්ම ලියුවෙ තොට තේරෙන්නැති වෙයි කියලා :-)
ReplyDeleteතෝත් හොඳට ලුණු ඇබුල් දාලා උයන්ඩ දන්... ආ ආ වැරදුනා වැරදුනා ලියන්ඩ දන්නවා නේද ? නියමයි ඈ..
තියෙනවා බං..මං වගේ නෙමෙයිනෙ..පොඩි මල්ලි හොදට ඒක අන්දන්න දන්නවා..
Deleteඑල ඈ
එදිරිගේ සාටරේ Part 2 වගෙයි
ReplyDeleteහෙ හෙ..ටැන්කුයි
Deletelol sahagathai :) ela ela
ReplyDelete:D (Y)
Deleteඅනේ මෙහෙම අය්යල මල්ලිලා ටිකක් .
ReplyDeleteසොයුරු පෙමක සොදුරු මතක සටහන්...
ReplyDeleteහේ හේ හේ.. පට්ට වැඩේ..
ආයෙත් අහලා..නවත්තපු තැන ඉදන් ඉස්සරහට තමා සොදුරුම :පී
Deleteහුටා.. අතටම මාට්ටු.. ෆට්ට ආ...
ReplyDeleteහෑ...මාට්ටු උන එක ෆට්ටයි?
Deletemalli kenek wasayen mata kiyanna thiyenne kuppay kiyala thamay raththa ayye. mallilage aithiwasikam wenuwen mallilama negi sitimu..........
ReplyDeletepala pala..awa methana negi sitinna :P
Deleteහෙහ් හෙහ් මාර අයිය මලෝ සෙට්ටෙකක්නේ.
ReplyDeleteලංකාවටම එකයි..:P
Deleteබෑග් හොරා කොහෙන්ද මන්දා දැනේ කිව්වලු.. :p
ReplyDelete:D :D කී ටැග් එකෙන්
Deleteඅයියාට ලැබෙන සැලකිලි පට්ටයි.
ReplyDeleteඅනේ අයිය පව්
ReplyDeleteඒක තමයි...:P
Deleteසරම ඔතාගන් ඔලුවේ..
ReplyDeleteකමක් නැද්ද බං....නිවාඩුවට ගෙදර ආපු දවසෙ ඉදන් මං ඇන්දෙ ඒක
Deleteනියම අයියලා මල්ලිලා... :D
ReplyDelete:D :D
Deleteසෙලීනා හිටියොත් එවරම තමයි :P
ReplyDeleteසෙලීනව ඇද යටට දානවද...:P
Deleteලොකු අයියට හෙන කින්ඩිය නෙහ්? ;D
ReplyDeleteඅපිටත් එක්ක ලැජ්ජයි
ReplyDeleteපොඩි මල්ලි සරම අන්දපු හින්දය?
Deleteඕන් මං අදමයිද කොහෙද ආවේ...මේ ලේබල් එකේ සේරම කතා ටික කියෙව්වා..හිකිස්..
ReplyDeleteටැන්කුයි ඈ..ආයෙම එන්න
DeleteBUZZ Blog Award එකක් දිනූ රත්තාට උණුසුම් සුභ පැතුම්!!!
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ටැංකුයි ඈ.... :ඩී
Deleteරැඩිකල් බ්ලොග්කරණය
ReplyDeleteරත්ගමයා ලියන - රත්ගමයා
ජය වේවා සුභ පැතුම්
ටැන්කුයි වර්ණා අක්කේ :)
Deleteයකෝ තොට සුබ පැතුම් !! ජය වේවා !!
ReplyDeleteයකෝ ස්තූතියි ....
Deleteසුභ පැතුම් මල්ලී,
ReplyDeleteඔබේ ජයග්‍රණය ගැන ඉතාමත් සතුටුයි .
හැමදාමත් ආසවෙන් කියවපු බ්ලොග් එකක් .
ජය වේවා !
ටැන්කුයි අක්කේ..... :)
Deleteහිහ්,..එල එල..මන් හිතුවෙ රත්ගමය බොග වහලවත් ඇති කියලා..
ReplyDeleteකාලෙකින් ආවෙත් නෑ..
අද උදේ අහඹු ලෙස පැමිනි ගමන් තමා දැක්කේ..
මරු ඈ..
නියම කතාව..
කොහොම හරි අවසානෙට හොදට ඇදන් හිටපු බොලාගෙ රෙද්දත් ගැලවුනා එහෙනම් ඈ... :D
එහෙම අත අරින්නේ නෑ බොල වටින කියන දේවල්
Deleteඔබ ලද ජයග්‍රහණය හෘදයාංගම ව අගය කරමි. තව තවත් යහපත් ව නිර්මාණ කාර්යයේ යෙදෙන්නට සුබ ප්‍රාර්ථනා ද කර සිටිමි...!!
ReplyDeleteබොහොම ස්තූති සර් :) ලයික් වලින් නැතුව ඔබතුමා ඇතුලු විද්වත් විනිශ්චය මණඩලයකින් මෙහෙම දෙයක් ලැබුන එක ලොකු දෙයක්
Deleteane matath mehma kattiyak hitiyanan,, shooii,, :)
ReplyDeleteමෙනම උන්? අපෝයි...
Deleteරත්ගමයෝ මෙන්න මගෙනුත් සුබපැතුම්.
ReplyDeletehttp://samakayawate.blogspot.com
ටැන්කුයි හොඳේ..:ඩී
Deleteජය ගත් ඔබට මාත් සුභපතනවා තව තවත් සාර්තක වේවා
ReplyDeleteස්තූතියි ඔබට..
Deleteකුජීත චාටර් බුවා රත්ගමයාගේ ජයග්‍රහනයට මගේ උණුසුම් සුභ පැතුම්|
ReplyDeleteතව තවත් කුජීත චාටර් කුප්ප නිර්මාණකරණයේ යෙදෙන්නට මෙය දිරියක් වේවා. :D
Dude, you are awesome!
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
ටැන්කුයි Dude..
Deleteහිනා හිනා... මරු කතාව...
ReplyDelete:ඩී :ඩී
Deleteරත්ගොමයා...
ReplyDeleteපොඩි හෙල්ප් එකක් ඕනි.
මමත් පොඩි බ්ලොග් කට්ටක් ලියනවා. කතා කියවන්නයි, කොමන්ට් කරන්නයි, කම්මැලි ඈයො වෙනුවෙන් මගෙ පෝස්ට් pdf හැටියට බාගන්න දාන්න මට හිතුනා.එතකොට ලේසිනෙ. මටත් හොඳයිනෙ :p
උඹේ නවල් එක වගෙ පීඩීඑෆ් හදන විදිහ කියලා දියන් පුලුවන් නම්...
ahh,
Deleteමන් හොයා ගත්තා,
යු....රේ....කා....
හත් ඉලව්වයි..ඇඳුම් තියෙනවද බලපං..:පී (උදව් කරන්න බැරි උනාට කනගාටුයි..දැනුයි කමෙන්ටුව දැක්කෙ)
Deleteමුන් දෙන්නා නම් කොලු තාත්තලා වගෙයි....
ReplyDeleteජයග්‍රහණයට සුභ පැතුම් !
ආයෙත් අහලා..
Deleteස්තූතියි සුභ පැතුමට..:)
අම්මට හුඩු.. උඹේ බ්ලොගේ පෝස්ට් එකක් කියෙව්ව පලවනි වතාව.. :D පට්ටෙට ලියල තියෙනව ඈ !
ReplyDeleteඑළ ඈ..කුප්ප ලෝකෙට වෙල්කම්..:ඩී
Deleteපට්ටම පට්ටෙට ලියලා තියෙනවා
ReplyDeleteකුප්පම කුප්ප ලොකු අයියා
මාරයි ජයපතනවා ඉදිරියට යන්න
හී..ටැන්කුයි ඈ
Deleteපට්ට බන් ....
ReplyDeleteටැන්කුයි :ඩී
Deletemare maru kathawa....
ReplyDelete:ඩී :ඩී
Deletemare maru kathawa....
ReplyDeletesorry.com thamay
ReplyDelete:පී
Deleteඑල මචං
ReplyDelete(Y)
Deleteyako blog eka ataarala dammada?
ReplyDeleteනෑ යකෝ..විභාගෙ තිබුණා
Deleteඑහෙනන් දෑන් ලියමුය?:D
Deletehttp://emoney.freeforums.org/
ReplyDeleteරත්ගමයා බලාගෙන යද්දී සහෝදර ප්‍රේමයෙන් වල්මත් වුන හොරෙක්නේ...හි හි...නියම කතාව රත්ගමයෝ.........
ReplyDeleteමඩ මඩ ඔව්ව මඩ..:ඩී..
Deleteපට්ට කතන්දරේ........උබෙ ස්ටයිල් එක නියමයි රත්ගමයො.......
ReplyDeleteඅයියෝ.. :3
ReplyDeleteපට්ට මචන්..මේවා කියවල තනියම හිනා වෙද්දි ගෙදර මිනිස්සු අහනවා,තොට පිස්සුද යකෝ තනියම හිනා වෙන්නේ කියලා .....හි හි හ් හි හි
ReplyDelete