Wednesday 18 January 2012

නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් අපි *පේරා*





පහුගිය සති කිහිපය පේරාදෙණිය සරසවියට නම් හුස්මක් කටක් ගැනීමට හැකි වූ සති කිහිපයක් නොවුනි.විවිධ මාධ්‍ය සංදර්ශන,ගැටුම්,උද්ගෝෂන මැද කලබලකාරී සති කිහිපයක් ගෙවී ගියේය.


          ගැටලු සියල්ල ආරම්භ වූයේ පහුගිය 22 වන දින පේරාදෙණිය මහා ශිෂ්‍ය සංගමය මගින් ආරම්භ් කිරීමට යොදා තිබූ පාගමනත් සමගය.ගලහ හන්දියේ සිට කොළඹ කොටුව දක්වා සාමකාමී ලෙස පෞද්ගලික විශ්ව විද්‍යාල පනතට එරෙහිව සංවිදානය කර තිබූ මෙම පාගමන සදහා විශ්වවිද්‍යාල සිසු සිසුවියන් 8000ක් පමන සහභාගී වීමට නියමිතව තිබුනි.
         කරුනු කාරනා සියල්ල නිසිලෙස සූදානම් වූ අතර,සාමකාමී පාගමනක් සදහා 21 වන දින මධ්‍යම රාත්‍රිය වන විටද සූදානමෙන් සිටියෙමු.නමුත් 22 වන දින අලුයම 3 පමන වන විට නොසිතූ යමක් සිදුවිය.


"කැම්පස් එක වටේට හමුදාවෙනුයි පොලීසියෙනුයි දාලා"


නිදිමතේම අවදී වූ සියලු දෙනා කලබලයෙන් විවිධ දේ පවසන්නට විය.
උදෑසන 5 පමන වන විට එම ආරංච්ය සැබෑවක් බව සියලු දෙනාටම දැන ගන්නට ලැබුනි.විශ්වවිද්‍යාලය ඉදිරිපස මාර්ගය වසා දමා මාර්ගය අවහිර කරමින් 2000ක පමන නීතිය සුරකින මහත්වරු රැසක් සිසු පාගමන නැවැත්වීමේ අරමුනින් මග බලමින් සිටියේය.සාක්ච්චා වලින් පසු මුලු සරසවිය තුලම ක්‍රියාත්මක වන පරිද්දෙන් පන්ති වර්ජනයක් ආරම්භ කල අතර,ඉන් පසු 8000 ක් පමන සිසුන් ගලහ හන්දිය තෙක් පාගමන ආරම්භ කරමින් ගලග හන්දියට ගොස් සාමකාමී ලෙස විරෝධතාවයේ යෙදුනිඋද්ගෝෂනය අතර තුර සිසුන් නොවන යම් යම් පිරිස් උද්ගෝශනය කරමින් සිටිනා අතරට පැන කලහාකාරී ලෙස පොලීසියට හිරිහැර කිරීමට සැරසුනු අතර සිසුන්ගේ ප්‍රභල විරෝදය මත ඔවුන්ව එලවා දැමීට හැකි විය.ඔවුන් කාගේ හෙන්චයියන්දැයි අපි නොදනිමු
සිසූ උද්ගෝශනයට පෙර පේරාදෙණිය සිසුන්ගේ අම්මලා තාත්තලා කියාගත් පිරිසක් සිසුන්ට විරුද්දව පොලිසියේ රැකවල් මැද උද්ගෝශනයේ යෙදුනි.ඔවුන් කවුරුන්දැයි මාධ්‍ය මගින් හෙලි දරවු කර තිබේ.
       22 වන දින රාත්‍රී අසූචිවාහිනියේ කතාවක් ලෙසින් යන පුවත් වලට අපූරුවට නාටකයක් ලෙසින් උද්ගෝෂනය පිලිබදව අඩහැරය දිග හරින ලදී.
විශ්ව විද්‍යාල මිනීමරු සිසුන් පොලීසියේ අහිංසක මහත්වරුන්ට අතවර කරන්නට යන හැටිද,අහිංසක පොලිස් මහතුන් 2000ක් බයෙන් බලා සිටින ආකාරයද හරි අපූරුවට නාටකයට නැගුනි.
ඇත්ත ඇති සැටියෙන් පවසන්නේ නම් බොරුව පවසන්නේ කෙසේදැයි සිතා ගැනීමට නොහැක. 

රාත්‍රී 10 පමන වන විට 20 වසරකට පමන පසු සිසු අයිතීන් වෙනුවෙන් පෙනී සිටිමට ලියාපදිංචි වී තිබූ පේරාදෙණිය විශ්වවිද්‍යාලීය මහශිෂ්‍ය සංගමය ඇතුලු සියලු පීඨ ශිෂ්‍ය සංගම් තහනම් කරමින් නියෝගයක් ගෙන ආවේය.
දවස් දෙක තුනක් යන විට ඊට විරෝධතාවය දක්වමින් සරසවිය තුල ප්‍රදර්ශනය කර තිබූ කටවුට් සහ පෝස්ටර් වලින් ඉතුරුව තිබුනේ කිහිපයක් පමනි.ඉන්ජිනේරු පීඨය ඉදිරි පස තිබූ අඩි 100ක බැනර් දෙකක් දැවෙමින් තිබුනේ නිදහස් අධ්‍යාපනයද ගිනි ගන්වමිනි.
සරසවි ගිනි තබා නිදහස් අධ්‍යාපනයද ගිනි තැබීම ඇතමුන්ගේ අරමුන බව දනිමි.
එය එසේ වුවහොත් නිශ්මි බාලේලා ත්‍රිමා වෙනුරලා ගිය පාරේ යාමට නිදහස් අධ්‍යාපනයට ආදරේ කරන සියලු දෙනා සූදානමින් සිටිනු ඇත.....


අම්මා පෙවූ කිරි ලේ වල තිබෙන     තුරු
බැන්දත් මගේ මග වලකා ගල්       පවුරු
කැපුවත් දෙපා දෑතින් ගෙන කිහිලි    කරු
සුරකිමි සදා ඉගෙනුම පන තිබෙන    තුරු

135 comments:

  1. ගමේ කබ්බා.. දැන් දෙන්නෙ කැම්පස් ටෝක්ය..
    කාලය මැවු වෙනසක අරුමේ.. :D

    අම්මා පෙවූ කිරි ලේ වල තිබෙන තුරු
    බැන්දත් මගේ මග වලකා ගල් පවුරු
    කැපුවත් දෙපා දෑතින් ගෙන කිහිලි කරු
    සුරකිමු දෙපා දෑතින් ගෙන කිහිලි කරු

    මේක ෆැකල්ටිය ඉස්සරහා ලොකු අකුරෙන් ගහලා තිබ්බා නේද ?

    ReplyDelete
  2. කියලා වැඩක් නැහැ. මුන් මේක මරාගෙන කනවා. නිදහස් අධ්‍යාපනයනට දෙයියන්ගෙම පිහිටයි!

    ReplyDelete
  3. @bunny ඕක ලිව්වේ මම ඩෝ...හික්
    කවුද යකෝ කබ්බා වල් හාවෝ

    ෴නිමිල හිරණ්‍ය෴
    කතා කොර වැඩක් නැතිමය

    ReplyDelete
  4. පුළුවන් නං ගහපල්ලකො දවසක අර අම්මල තාත්තල සෙට් එකට. හැබෑටම උං කාගෙ අම්මල තාත්තලද?

    ReplyDelete
  5. අංක එක - දැන් නිදහස් අධ්‍යාපනය නැතිකරනවාය කියල උඹ උඩපනින්නේ මොන පදනමෙන්ද (උඹලගේ මහ එවුන් ඔලුවට පොවල තියන බයිලාව නම් අහලම එපා වෙලා , රත්ගමයාගෙන් තර්කානුකූල යමක් බලාපොරොත්තු වෙනවා )

    අංක දෙක - ඔය පාගමන ගියාමය කියමු , පාගමනට බයේ ඇමති තමන්ගේ වැඩ අකුල ගනියිද ? ජනතාව උඹලගේ පණිවුඩේ තේරුම් ගනියිද ? නැත්නම් නුවර-කොලඹ පාර බ්ලොක් කරගෙන සමයම් නටනව කියල බැන බැන යයිද ? පාගමන ගියා නම් දවස් ගාණක් රූපවාහිනිවල සිරස් තල වලින් ඕක දකින මිනිස්සු "අනේ මේ ළමයි නිදහස් අධ්‍යාපනය රැකගන්න මහන්සි වෙන තරමක් කියල දුක් වෙයිද ? ජනතාවගේ සල්ලි වලින් කැම්පස් ගිහින් ඉගෙන ගන්නේ නැතුව කාලකණ්නි වෙච්ච උන් කියල බැන වදියිද ?

    ReplyDelete
    Replies
    1. ජන අරගල කොල්ලෝ ජන අරගල!

      Delete
    2. එදා මේ මෝඩ හරක් පාර බ්ලොක් කරලා මිනිස්සු කී දාහක් පාරේ පැය කීයක් රස්තියාදු උනාද කියලා මුං දන්නේ නෑ. අපේ රටට දියුණු වෙන්න බැරි කැම්පස් වලින් එලියට එන බහුතරය මෝඩ හරක් නිසා. ඔය කෑ ගගහා පාරවල් වල යන වෙලේ පොඩ්ඩක් දියුණු රටවල් දිහා බලපල්ලා.

      Delete
    3. කොච්චර කිවුවත් වැඩක් නැත තව වසර ගනකින් තේරුම් ගනීවි පහුවෙන දවසක වටිනාකම.

      කියන්න හිතුනු හැම දේම බුවා කියා ඇත.
      අරගල කොර කොර හිටහන් මලේ ඔය කියන නිදහස් නැති අධ්‍යාපනේ හදාරන උන් බොලාව පහුකරන් දුවනව ඩබල් එකේ. කවදහරි උඹලට රස්සවල් වලට තරඟ කරන්න වෙන්නෙ උන් එක්ක එතකොට මේ බ්ලොග් එක තිබ්බොත් මෙතන්ට ඇවිත් අපි ආයේ ඔය ගැන කතා කරමු.

      Delete
    4. @බුවා :
      මචං අහසට ගලක් ගැහුවොත් ඒක අඩුම ගානේ පොල් ගහක් උඩින්වත් යයි.අහසේ ගෑවුනේ නෑ කියලා නිකා හිටියොත් මුකුත් ම නෑ. ඒ නිසා අපිට කරන්න පුලුවන් දේ අපි කරනවා.

      පුංචි පුංචි දිය බිංදු එකතු වෙලා තමයි මචං ගඟක් හැදෙන්නේ. ඒ නිසා අපි පටන් ගන්නේ පොඩි තැනින්. අපි මෙහෙම පාගමන් කරලා රටේ මිනිස්සුන්ව දැනුවත් කරනවා. නිකන් කෑ ගගහා ජොලියට පාගමන් යන්නේ නෑ. යන මග මිනිස්සුන්ව දැනුවත් කරනවා. දැනුවත් කරලා රටේ මිනිස්සුන්ගේ සහයත් ලබා ගන්නවා. රටේ මිනිස්සුන්ගේ සහයත් එක්ක ලොකු ලොකු පුටු වලට බලපෑම් කරන එක එච්චර අමාරු නෑ.

      Delete
    5. කෝ දැන් උඹල ඔහොම කරල දිනාගෙන තියෙන්නේ මොනවද ? උඹ කැම්පස් එන්න හිතන්නත් කලින් ඉඳන් කැම්පස් වල හිටපු කරපු ඉල්ලීම්ම නේද උඹලත් කැගහල ඉල්ලුවේ , අද ඊයේ කැම්පස් ගිය රත්ගමයා ඉල්ලන්නෙත් ඒවම නේද , කෝ වෙනසක් වුනාද ? වෙන එකක් තියා පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන ලංකාවේ පිහිටුවන එක නතර කරගන්න පුලුවන් වුනාද ? , එදා හිටියට වඩා ජනතාවක් උඹලගේ දැනුවත් කිරීම් වලින් උඹල වටා එකතුවෙලා ඉන්නවද ? උඹල අහසටය කියල ගහන ගල් උඹලගේ ඔලුවලටමයි වැටෙන්නේ

      Delete
    6. නිදහස් අධ්‍යාපනයේ පියා18 January 2012 at 21:43

      @බුවා :
      රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රජයට පවරාගෙන කැළණිය විශ්ව විද්‍යාලයට අනුයුක්ත කරපු එක අමතක වෙලා වගේ.

      තව දෙයක් තමා නවත්තලා දාපු පේරාදෙණිය සම සෞඛ්‍ය විද්‍යා පීඨය නැවත පටන් ගත්තේ ශිෂ්‍ය අරගල වල ප්‍රථිඵලයක් !

      බුවා මොන ප්‍රයිවට් කැම්පස් එකෙන් ද උපාධි කොල කෑල්ල ලියවා ගත්තේ ?

      Delete
    7. ඔය පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සීන් එක සිද්ද වෙලා දැන් දශක දෙකකටත් වැඩීයිනේ . ඒක වහගත්තාය කියල අනෙක් පෞද්ගලික අධ්‍යාපන ආයතන දාන එක වැලකුනේ නැනේ .ඔබතුමාලා මෙච්චර කල් දිනාගත්තා ඉල්ලීමක් ප්‍රමානය කරපු අරගල ප්‍රමාණයත් එක්ක සසඳල බලන්න ඵලදායීතාවය . උපාධි කොලය කියන්නේ කසාය සීට්ටුවක් වගේ ලියාගන්න පුලුවන් එකක් නෙවෙයි . එහෙම උපාධි කොලයක් ලියාගත්තත් ඒකෙන් රැකියාවකට සත පහක වටිනා කමක් නැ .උපාධිය ගත්ත පමණින් මොකෙක්වත් අමුතු පොරක් වෙන්නේ නැ , වැඩ පුලුවන් එකාටයි රස්සා තියෙන්නේ . වැඩ පුලුවන් එකෙක් හැදෙන්නේ නිකන් ඉගෙන ගෙනද සල්ලී දීල ඉගෙන ගෙන්ද කියන එකේ බලපැමක් නැ . ලෝකේ අනික් සියලුම රටවල මුදලට දෙන උපාධිත් ඔය කියන විදිහට සල්ලි දීලා "ලියවා ගන්න " ඒවාද ? , ඒ විශ්ව විද්‍යාල අතරින් ලංකාවේ නිකන් උගවන්වන විශ්ව විද්‍යාල පලමු 1000ට වත් නැත්තේ ලියවා ගැනීමේ අඩුපාඩුවක් නිසාද

      Delete
    8. "අපි මෙහෙම පාගමන් කරලා රටේ මිනිස්සුන්ව දැනුවත් කරනවා"
      රෙද්ද! පාගමන් කරලා පාරවල් බ්ලොක් වෙලා පැය ගණන් මිනිස්සු පාරේ රස්තියාදු වෙනකොට ඒ මිනිස්සුන්ට උඹලගේ බම්බු මතක නෑ එවෙලෙට උඹලගේ අහිංසක අම්මලයි තාත්තලයි තමයි බැනුම් අහන්නේ!

      Delete
    9. //තව දෙයක් තමා නවත්තලා දාපු පේරාදෙණිය සම සෞඛ්‍ය විද්‍යා පීඨය නැවත පටන් ගත්තේ ශිෂ්‍ය අරගල වල ප්‍රථිඵලයක් !//]

      දොස්තර ගොල්ලයි දොස්තර ශිෂ්‍යයොයි කචල් දාපු හින්දා නේද සම සෞඛ්‍ය පීඨය වැහුවේ????

      Delete
  6. //එය එසේ වුවහොත් නිශ්මි බාලේලා ත්‍රිමා වෙනුරලා ගිය පාරේ යාමට නිදහස් අධ්‍යාපනයට ආදරේ කරන සියලු දෙනා සූදානමින් සිටිනු ඇත.....//

    තණකොල කන වුන් එදාට වඩා අඩු බැව් මාගේ හැඟීමයි . ඔය මිය ගිය වුන්ගේ මරණයෙන් පාඩුවක් වී නම් ඔවුනගේ දෙමව්පියන්ට හා පවුල්වලට පමණය . පෞද්ගලික උසස් අධ්‍යාපනය ඉතා සාර්ථකව ශ්‍රි ලංකාවේ ක්‍රියාත්මක වෙමින් ඇත . සල්ලි තියනා උන් පිටරට ගොසින් ද ඉගෙන ගෙන ලංකාවට පැමිනේ . එස්.බී ගේ පනතෙන් කෙරෙන්නේ පෞද්ගලික අධ්‍යාපනය විධිමත් කිරීමක් මිසක් අලුතෙන් ඇරඹීමක් නොවේ . නිදහස් උසස් අධ්‍යාපනය ලංකාවේ සිසු පරපුර පමණක් ලබනා වරප්‍රසාදයකි . එය අයිතියක් කොට ගෙන දියව් දියව් කිව්වාට වැඩක් නැත . රජයට අවශ්‍ය නම් නතර කිරීමේ හැකියාවක්ද ඇත . නිදහස් උසස් අධ්‍යාපනය වෙනුවෙන් වැය කරනා මුදල් වෙනුවෙන් උසස් පෙල සමත් වී විශ්ව විද්‍යාලයට නොතේරුන බහුතරයක් සිසුන්ද බදුගෙවා දායක වී ඇත . ඒවායින් උඹලාට ඉගෙන ගැනීමට අයිතියක් ඇත . නමුත් අර පිරිසට මුදල් ගෙවා ඉගෙන ගැනීමේ හැකියාවක් නැතැයි කීමේඅ හැකියාවක් උඹලාට නැත

    ReplyDelete
    Replies
    1. @බුවා
      මචන් මම ඉගෙන ගත්තේ nibm එකේ මම 2007 AL 3S maths වලින් මම දැන් Software company 1ක වැඩ කරනවා මට මාසෙට 45ක් ලැබෙනව. නමුත් මත එක්ක 1st shy A /L කරලා campus ගිය කට්ටිය ටහ campus ඇතුලේ.
      මට හිතෙන විදිහට campus අයට තියෙන්නේ
      තව පිරිසක් තමන්ට වඩා හොඳ අධ්‍යාපනයක් ලබයි, තමන්ට තරඟයක් වෙයි, තමන්ගේ රැකියා අවස්ථා ටික ඩැහැගනියි, ක්ෂේත්‍රෙය් තමන්ට ඇති ඒකමතික/ නිෂේධ බලය නැතිවෙයි, තමන්ගේ උපාධියට සමාජයේ දැනට තියෙන පිළිගැනීම අඩුවෙයි කියලා තියෙන කුහකකම සහ බය.
      අපිට අල වලින් campus යන්න බැරිඋන කියල අපි කාල ඇදල ඉන්න නරකද? අපේ Degree 1 quality මදිනම් private company වලින් ජොබ් දෙයිද?

      Delete
  7. @බුවා - මම ප්‍රමාදය! කියන්න ගිය ඔක්කොම කියා අැත.!

    ReplyDelete
    Replies
    1. කියන්න ගිය ඔක්කොම බුවා විසින් කියා අැත!

      Delete
  8. බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! සමඟ එකඟයි!!!!

    ReplyDelete
  9. ගොවි කම්කරු ශිෂ්‍ය තරුණ
    බලවේගය පාරට ගෙන
    යූඇම්පිය පන්න දමන - සොරි පරණ පුරුද්දට වැරදුනා
    පොදු පෙරමුණ පන්න දමන
    පටන් ගනිමු අපේ සටන

    ReplyDelete
  10. බුවා විශ්වවිද්‍යාලයකට යන්න බැරිවුණා කියල නිකන් කැම්පස් ගිය උන්ට බනින්න එපා

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. ගිය උන්ට බනින්න හේතුවක් නැ මට . නමුත් ඒ ගිය අය වැරදි තැනක ඉඳන් කථා කරන කොට පෙන්වා දෙන්න අයිතියක් තියනවා , මොකද ඒ අය ඉගෙන ගන්නේ ජනතාවගේ සල්ලි වලින් ,

      Delete
    3. @ තනි අලියා>>
      ///තොපි දවස තිස්සෙම ගිරව ගහල ලඟ ඉන්න එකාවත් කපාගෙන ඉස්සරහට ගිහිල්ල කැම්පස් ගියාම....///

      මොනවද මේ කියන කුණුහරප
      බැරි වෙච්ච එක ඒ මනුස්සයාගේ නොහැකියාව... (ක්‍රමවේදය වැරදියි කියනවනම් ඒ ලෙවල් වෙනස් කරන්න කියලයි කතා කරන්න ඕනේ.)
      හොඳට වැඩ කරලා ඉගෙන ගත්තු එකාට ඉරිසියා කරන්න එපා...
      ඔය කියන වචන වලින් බහුතරයකින් පේන්නේ හිතේ තියෙන ඉරිසියාව
      තමන්ට යන්න තියෙන මග වැරදුනානම් වෙනත් මගත් සොයා ගන්න උත්සාහ කරන්න
      එවැනි මගවල් ඕනේ තරම් තියෙනවා...

      හැබැයි පුතෝ උඹල රජයෙන් අලුතින් දාන්න හිතාගෙන ඉන්නේ පුද්ගලික වී.වී. වලටත් SLIT එකේ, NIBM එකේ ගණන් වලටම කෝර්ස් කරන්න යන්න හිතං ඉන්නවනම් අන්න වැරදුන තැන.

      Delete
    4. මම යන්න මගක් හොයාගෙන තියෙන්නෙ යාලුව.

      ඔය කැම්පස් නොයන කට්ටිය නොයා ඉන්නෙ බැරි කමටම නෙවෙයි.

      එ්ලෙවල් වලිං තේරෙන හැමෝම බුද්ධිමත්තු නෙවෙයි. හැලෙන උං ගොන්නුත් නෙවෙයි. කෙල්ලො බල බල අරක්කු බිබී ඉඳං මොරටු ගිය උං ඔ්න තරං මං දැකල තියනව, මැරීගෙන වැඩකරල යන අතක් නැති උනුත් ඉන්නව. තමුසෙල වගේ අං තට්ටු අාපු අයට එ්ව පේන්නෑ.

      ඔය කැම්පස් සමහරු තමුන්නාන්සෙ කියන ක්‍රමේට හොඳට වැඩ කරල ගිය මිනිස්සු නෙවෙයි. සිලබස් එකක් කටපාඩං කරගත් දැනුම නැති අය.

      රජයෙං කොහෙද පුද්ගලික විශ්වවිද්‍යාල දාන්නෙ. පුද්ගලික කියන්නෙ පුද්ගලික නෙ?

      //හැබැයි පුතෝ උඹල රජයෙන් අලුතින් දාන්න හිතාගෙන ඉන්නේ පුද්ගලික වී.වී. වලටත් SLIT එකේ, NIBM එකේ ගණන් වලටම කෝර්ස් කරන්න යන්න හිතං ඉන්නවනම් අන්න වැරදුන තැන.// මට ප්‍රස්නයක් නෑ. කරන්න පුලුවන් කෙනෙක් හරි අඩු ගානෙ කරයිනෙ.කවුරුවත් නොකර ඉන්නවට වඩා . අනිත් මිනිස්සුන්ටත් ඔය ඉහත නං කරපුව තියෙන්නෙ...

      ඔය ඉරිසියාවෙ කතාවට නං ඉතිං කියන්න තියෙන්නෙ මෙහෙමයි.

      අපෙත් යාලුවො ඉන්නව කැම්පස් වල ඉන්න. එ් අයට උඹලට වගේ අතීතෙ අමතක වෙන්නෑ. එ් අය ඉතිං වරිං වර කතා කරල ඉතිං විවිධ තොරතුරු දෙනව අපට. ළඟදි කතා කරපු දෙන්නෙක් කියපු ප්‍රධානම දෙක තමයි

      1. උගන්නන එ්ව අමාරුයි බං
      2. අපේ ලෙක්චරර්ස් ල නං කියන්නෙ අපට දෙන ලකුණ test එක ලියන්න කලිංම තීරණය කරල ඉවරයි කියල.

      Delete
    5. ලොක්කගෙ අදහස පහල කමෙන්ට වලදි ක්‍රමාණුකූලව වෙනස් වෙලාද කියලත් හිතෙනව!

      Delete
    6. ඔයාට වගේ අලි මොළයක් වගේම අංතට්ටුවකුත් මටනම් නැත.... :))

      මගේ අදහස් දැනගන්න නම් මම දාපු ඔක්කොම කමෙන්ට් ටික කියවලා බලන්න, නිවිහැනහිල්ලේ
      මම මේ බ්ලොග් එකේ විතරක් නෙමෙයි බුවාගේ බ්ලොග් එකෙත් මීට දවස් ගානකට කලිනුත් මගේ අදහස් කියල ඇති
      මගේ අදහස් වල වෙනසක් උනේ නැහැ

      ///තොට කුණු පණුව ගහල තමා මැරෙන්න ඔ්න කාලකන්නිය!///
      මම මෙතන කමෙන්ට් කලේ මෙන්න මේ වගේ ඔයා ලියල තිබුණු ඉරිසියාකාර වෛරී පුහු වචන ටික සම්බන්ධවයි

      පිස්සුවෙන් සහ දැඩි වෛරයකින් ඔහේ කියෝගෙන යන ඔයාට ඒවායේ තියෙන කරුණු පේන්නේ නැතුව ඇති
      ඔයා මෙතන හැසිරෙන විදිහෙන් සහ කමෙන්ට් දාන ක්‍රමයෙන්ම පේනවා ඔයාගේ තරම

      මම කියන්නේ පු.වී.වී. දාන එකට විරුද්ධයි කියල නෙමෙයි. ඒවා දාන්න ඕනේ විදිහ සහ ඒවායින් පසුව ඇති කරන්න ඕනේ ක්‍රියාදාමය ගැනත්, පසුව රජයේ වී.වී. වලට නරක කලක් නොයා යුතුයි කියන මතයේ ඉඳගෙනයි මම හැමතිස්සෙම කතා කරන්නේ

      ඔයා පිස්සුවෙන් වගේ කමෙන්ට් කරලා ගිහිං තමයි බලන්නේ අනිත් කෙනා මොනවද කියල තියෙන්නේ කියලා
      ඒකෙන්ම හිතා ගන්න පුළුවන් ඔයා තනි අලියෙක් බව....:))))

      ///කෙල්ලො බල බල අරක්කු බිබී ඉඳං මොරටු ගිය උං ඔ්න තරං මං දැකල තියනව, මැරීගෙන වැඩකරල යන අතක් නැති උනුත් ඉන්නව.///
      ඔයාට ඔය කරුණු වාර්තා කරන්නේ මේ කියපු ජාතියේ අයද, ඒ අය එහෙමනම් මේ පාර උනා වගේ ප්‍රශ්න පත්තර බලද්දී වැරදීමක් වෙලා ගියපු අය වෙන්න ඇති.

      ///01. උගන්නන එ්ව අමාරුයි බං///

      මොරටුවේ උගන්නන ඒවා අමාරු වෙන්න පුළුවන් තමයි. මොකද ඒවායේ උගන්නනේ තාක්ෂණික විෂයන්
      ඒවා කොහොමත් හැමෝටම ලේසි වෙන්නේ නැහැ
      ඒත් එකෙන් කියවෙන්නේ නැහැ අර මැරීගෙන වැඩ කරලා කැම්පස් යන්න බැරි වෙච්ච අයට මොරටුවේ කෝර්ස් එක ලේසි වෙයි කියලා

      ///02.අපේ ලෙක්චරර්ස් ල නං කියන්නෙ අපට දෙන ලකුණ test එක ලියන්න කලිංම තීරණය කරල ඉවරයි කියල///

      මේ ගැනනම් කියන්න තියෙන්නේ මෙච්චරයි
      මොරටුව ගැන එළියේ ඉඳගෙන "ලු" ප්‍රත්‍යයෙන් කතා කරන ඔයා වගේ කෙනෙක්ගේ බයිලා අහගෙන මොරටුව ගැන මම අදහසක් ඇති කර ගන්නේ නැහැ
      මොරටුව ගැන කාගෙන් හරි අහුලා ගත්තු දේවල් කියවන ඔයාට වැඩිය මම හොඳට මොරටුව ගැන දන්නවා,
      ඒ නිසා ඔයා මේ කියන කතාව බොරු වචන ටිකක් කියන එක විතරක් මම කියන්නම්

      ඔයා ඉගෙන ගන්නේ හෝ ගත්තේ මොරටුවේ නෙමෙයිනේ, ඔයා මේ කියන දේවල් "ලු" ඝනයේ ඒවා, ලොකු වටිනාකමක් නැහැ.

      හැබැයි මේ ක්‍රමය අනිත් වී.වී. වල තියෙනවලු...:)))
      (ඇත්තද කියන්න මම දන්නේ නැහැ, අහල තියෙනවා විතරයි)

      ///රජයෙං කොහෙද පුද්ගලික විශ්වවිද්‍යාල දාන්නෙ. පුද්ගලික කියන්නෙ පුද්ගලික නෙ?///
      රජයෙන් දාන්නේ නැති බව ඇත්ත, ඒත් UGC එක හරහා පාලනය වෙන ඒවා
      එහෙම නැතුව දැනටත් දාල තියෙනවා වගේ රජය හරහා පාලනය නොවන ඒවා ගැන නෙමෙයි මම කතා කලේ


      ///ලොක්කගෙ අදහස පහල කමෙන්ට වලදි ක්‍රමාණුකූලව වෙනස් වෙලාද කියලත් හිතෙනව!///

      ලොක්ක පහල කමෙන්ට් එක දාල තියෙන්නේ Jan 19, 2012 02:09 AM ට
      ඒ වගේම දැන් ඔයා මේ උත්තර දීල තියෙන කමෙන්ට් එක දාල තියෙන්නේ Jan 19, 2012 03:33 PM ට
      ඉතින් ඒකෙන්ම ඔයාට හිතා ගන්න පුළුවන් වේවි ලොක්ක පහළට යද්දී අදහස් ක්‍රමානුකුලව වෙනස් කරගෙනද,
      එහෙම නැත්නම් අලියා තමන්ගේ අලි බුද්ධිය කමෙන්ට් කියවද්දී හරියට පාවිච්චි කලාද නැද්ද යන වග... :))

      Delete
    7. //ඔයා මෙතන හැසිරෙන විදිහෙන් සහ කමෙන්ට් දාන ක්‍රමයෙන්ම පේනවා ඔයාගේ තරම.// මිනිසුන්ව නැලවීම පිලිකුල් කරමි. සමහරුන්ට හේතු දැක්වීම් ප්‍රමාණවත් නැත. හේතු දැක්වීම් ගෝචර වන්නේ අඩු ගානේ ඉඳගත්තාම තැලෙන්න හෝ මොළ අැති අයට පමනි. කෙසේ වෙතත් මම කුණු පණුවා කතාව කියා අැති කමෙන්ට් එකට පෙර කමෙන්ට් එක එතරම් සැර නොවූ බැවින් මගේ කමෙන්ටුව ඉවත් කරන්නට සිතුවෙමි :)

      //තොට කුණු පණුව ගහල තමා මැරෙන්න ඔ්න කාලකන්නිය!// එබට කියන ලද්දක් නොවේ. මම විවේක අැති විටක ඔබේ කමෙන්ට් කියවන ලදී. පාලනයක් අැතුව පු. වි .වි අැති විය යුතුය යන්නට එකඟයි. එබැවින් ඔබට සරිලන පරිදි ඔබට අයත් ගරුසරුව ලබා දීමට නොපසබට වෙමි. නමුත් අප හාල්පාරුවන් ලෙස සලකන්නන්ට එහෙම කිරීමට කරදර වීම අනවශයයි.

      //.......ඒ අය එහෙමනම් මේ පාර උනා වගේ ප්‍රශ්න පත්තර බලද්දී වැරදීමක් වෙලා ගියපු අය වෙන්න ඇති.//
      පැහැදිලිව අැසින් දුටු දෑ ය. කවුරුවත් කී දෑ නොවේ.

      ///01. උගන්නන එ්ව අමාරුයි බං/// කියන ලද්දේ කොළඔ විහ්වවිද්‍යාලයේ හා වයඹ විශ්වවිද්‍යාලයේ පිලිවෙලින් molecular biology හා food technology ද මොකද්ද හදාරන දෙදෙනෙකි.

      ///02.අපේ ලෙක්චරර්ස් ල නං කියන්නෙ අපට දෙන ලකුණ test එක ලියන්න කලිංම තීරණය කරල ඉවරයි කියල/// කොළම විශ්වවිද්‍යාලයේ කලමනාකරන පීඨයේ ශිෂ්‍යයාවකි.

      ///රජයෙං කොහෙද පුද්ගලික විශ්වවිද්‍යාල දාන්නෙ. පුද්ගලික කියන්නෙ පුද්ගලික නෙ?/// දැනට තියන එ්ව පාලනය වෙන්නෙ නැද්ද ugc එකෙන් (පොඩ්ඩක් හරි.)

      ///ලොක්කගෙ අදහස පහල කමෙන්ට වලදි ක්‍රමාණුකූලව වෙනස් වෙලාද කියලත් හිතෙනව!/// මෙතෙන්දි මම වැරදියි. දිනය බලා නැත. කනගාටුයි.

      Delete
    8. මමද එය පුද්ගලිකව බාර නොගත්තෙමි
      ඔබ අදහස් දක්වා තිබු විලාශය දුටු පසු මට සිතුනේ ඔබ පාලනයකින් තොරව හැසිරෙන තවත් එක තනි අලියෙක් කියාය
      නමුත් ඔබ තුල ඇති මිනිසා ඔබ අවධි කරගෙන සිටිනු දැකීම සතුටකි

      මෙහෙමයි සහෝදරයා, අපිට මිනිස්සු දිහා බාහිරින් බලල තීරණ ගන්න බැහැ
      ඒ ළමයි පිස්සු කෙලිනවා වගේ පෙනුනට සමහර විට එයාලට විෂය කරුණු පන්තියේදී උගන්වද්දීම එක පාර ඔළුවට යනවා ඇති.
      ඒ නිසා කෙල්ලෝ පස්සේ ගියත්, බීල පිස්සු නැටුවත් ඒ අයගේ ධාරණ ශක්තිය අනිත් අයට වඩා වැඩි ඇති
      ඒ නිසා වෙන්න ඇති එයාල කරදරයක් නැතුව කැම්පස් ගියේ
      එයාල අනිත් අයත් එක්ක පිස්සු නැතුව පලියට එයාල පිස්සෝ කියල හිතන්න බැහැ මටනම්

      වී.වී. දී උගන්වන කරුණු ඒ කාලයේදී අමාරු වගේ පෙනුනට පස්සේ නිවිහැනහිල්ලේ බැලුවහම සහ ඒවා නියමාකාරව තේරුම් ගත්තට පස්සේ එයාලට ඇත්ත තේරෙයි
      උපාධියක් කරද්දී ඒ පාඨමාලාවේ කරුණු අමාරු උනාට ඒවා තරමක මහන්සියකින් හෝ ග්‍රහණය කර ගැනීමට සිසුන් සමත් විය යුතුයි.
      ලේසි දේවල් ටිකක් උගන්වලා සහතිකේ දීල යවනවානම් උපාධියක කිසි වටිනාකමක් නැහැනේ
      අවශ්‍ය දේවල් අමාරු උනත් ඉගැන්විය යුතුයි
      තමන්ට විෂය කරුණු අමාරුයි වගේ පෙනෙද්දී සමහර මිනිස්සු කාට හෝ වැරැද්ද පටවා තමන්ගේ අඩුපාඩුව වහ ගන්න කල්පනා කරනවා
      නමුත් මහන්සිවෙලා වැඩ කරනවානම් අමාරු වෙන්නේ නැහැ

      ආචාර්යවරුන් සම්බන්ධ කරුණ ඔයා එක්කෙනෙක් දෙන්නෙක්ගෙන නෙමෙයි බහුතරයකින් අහල බලන්න
      ඔයාට ඔය කිව්වා කියන කතාව ඒ හැමෝමත් කියනවනම් විතරක් විස්වාස කරන්න
      වී.වී. සිසුවෙක් වශයෙන් විශ්ව විද්‍යාල ගැන සහ ඒවායේ ඇදුරන් සමගත්, පරිපාලනය සම්බන්ධවත් සමීපව කටයුතු කර ලබා ඇති අත්දැකීම් අනුව මට තේරෙන්නේ මේ කතා බහුතරයක් හුදෙක් කතා පමණක් බවයි

      ///දැනට තියන එ්ව පාලනය වෙන්නෙ නැද්ද ugc එකෙන් (පොඩ්ඩක් හරි.)///
      බොහොම සුළුතරයක් තමයි මම දන්න විදිහට
      නමුත් අලුතින් ගේන්න හදන ඒවායේ යාන්ත්‍රණය පැහැදිලි නැති එක අවුලක්...

      Delete
  11. බුවාගේ සිතුවිලි කියන්න ඕනි කරන සියල්ලම වගේ කියා ඇත

    ReplyDelete
  12. අනේ මන්දා... කියන්න හිතුන ටිකත් කියන්න එපා වුනා සමහර අය කියල තියෙන දේවල් නිසා...
    කවුරු කොහොම කිව්වත් බොක්කෙන්ම හිතට එකඟව ආපු අදහසක ප්‍රතිපලයක් විදියට ඔහොම සාමකාමී විරෝධතාවකට ගිහින් ඒකත් කඩාකප්පල් කරන්න පොලිසියෙන් අසාධාරණ හා පහත් විදියට කඳුළු ගෑස් ප්‍රහාර , බැටන් ප්‍රහාර වල අත්දැකීම් ලාපු කෙනෙක් හැටියට කියන්නේ....

    නිදහස් අධ්‍යාපනය දැනට ගමන කරමින් තිබෙන්නේ වලපල්ලටය....
    එයට විපක්ෂව කතා කරන බහුතරයක්ද එහිම පිහිටෙන් පාසල් අධ්‍යාපනය ලැබුවන්ය..
    තවත් කීමට දේවල් බොහෝ ඇතත් මගේ වැඩක් බලාගෙන නිකන් ඉඳීම හොඳ යයි සිතේ..

    "මේ යුගයේ අත්දකින නරකම දෙය නම් නරක මිනිසුන්ගේ බාල වැඩ නොව හොඳ මිනිසුන්ගේ නිහඬතාවයයි!!!"

    ReplyDelete
    Replies
    1. මෙහි සිටින කවුරුවත් නිදහස් අධ්‍යාපනය වලපල්ලට යැවියයුතු බව නොකියති. සිංහල තේරේ නම් කියන ප්‍රස්ණය මෙයයි. එ්ලෙවල් පාස් වෙලා කැම්පස් ගිය අය සමග තරහක් නැත(අනිත් උන්ව අතපල්ලෙන් වැටිච්ච ගානට කතා නොකරනතාක්.). නමුත් එසේ යා නොහැකි වූ අයට විකල්පයක් තිබියයුතු නොවේද?

      Delete
    2. @ගිනි කුරුල්ලා- නිදහස් පාසල් අධ්‍යාපනය සහ නිදහස් උසස් අධ්‍යාපනය එකිනෙක පටලවා ගන්න එපා . අනික කවූරුවත් නිදහස් අධ්‍යාපනය නැති කල යුතුයි කියල මෙතන කියල නැ

      Delete
    3. අපි අපේ වැඩක් බලාගෙන හිඳීම හොඳ ය.. බිබිලෙන් දොඩම් රට පටවන්න වරායක් හදලා දෙනවා කිව්වම දහනායක මහත්තයට ඡන්දේ දීලා දිනවපු ලංකාවේ බහුතරය ගැන කොහේ විශ්වාස කරන්න ද? හීන ලෝකේ ගිලිලා ඉන්න බුවාලාට තේරේවි අපි කියපු දේ තව කාලයක් ගියා ම.. එදාට ඉතින් ගලේ පහරපු බළල්ලු වගේ ඉඳීවි...

      Delete
  13. මල්ලියේ අපිත් මුලදි කිව්වෙ ඔහොම තමයි.

    ReplyDelete
    Replies
    1. ප්‍රශ්නේ තියෙන්නේ මුල අමතක වීමෙයි අයියේ..

      Delete
  14. "අරගල කරන්න. ඉගෙන ගන්න.
    ඉගෙන ගන්න. අරගල කරන්න."

    ReplyDelete
  15. මම උබේ ඉස්කොලෙ අය්ය කෙනෙක්,තව මාත් කැම්පස්. උබ දන්නවැති අපේම ඉස්කෝලෙ කන්නන්ගර මහත්තය නැත්නම් උබටයි මටයි මෙතන කතාකරන්න දෙයක් ඉතිරි වෙන්නෙ නෑ කියල.යකෝ,උබෙ ඔලුවට සින්නො දාපු තෙලෙන් නෙවෙයි,උබේ ඔලුවෙන් හිතපන් ඔය කරන වැඩේ සාධාරණද කියල.උබ කොහොමද ඔච්චර ඉරිසියාකරයෙක් උනෙ තව ලමයෙක් ඉගෙන ගන්න එකට??මොන රෙද්දෙන් උබ ඩිග්‍රිය ගත්තත්,වැඩට ගියාම තැන ලැබෙන්නෙ දක්ශයට.හරි,3නි පාරත් විභාගෙ ලියල කැම්පස් යන්න බැරි උන්ට උබ දෙන විකල්පෙ කියපන් මට??මේ කරන වැඩ වලින් විශ්ව විද්‍යාල ශිෂ්‍යයා කියන ප්‍රතිරූපය හෑවිලාම ගිහින් තියෙන්නෙ,අපිව බල්ලෙක්ටවත් ගනන් ගන්නෙනෑ දැන්.පාරකදි දැක්කොත් මොනාද මිනිහෙක් අහන්නෙ කියපන්,"අද කචල් නැද්ද?ස්ට්‍රක් ඉවරද"උබ කැගහන්නෙ ලක්ශ 65ක් දීල සල්ලි තීන පුතා ඩිග්‍රිය ගන්නො,දුප්පත් පුතා???ඕකනෙ,ටිකක් හිතපන් සල්ලි නැති එකාට ල0කාවෙ නෙවෙයි මොන තූත්තුකුඩියෙ ගියත් ඕක ගන්න බෑ,බොලාල කියන විදියට කැම්පස් යන්න බැරි උන් ගෙවල් වල තියන් නාකි කරන්න තමයි වෙන්නෙ.පාහර වැඩ කරන්නෙපා මනුස්සයො,අනිත් මිනිස්සුත් ආසයි තමුන්ගෙ නමට අගින් කොලිෆයිඩ් උනාට පස්සෙ එන කෑල්ලට.හරක් වගේ අනිත් උන්ගෙ අතකොලුවක් නොවී සාධාරනව හිතපන්.උබලැයි 1ක් මරාගත්තනම් උබල මෙහෙයවන උන්ට ඇති තා අවුරුදු 10කට මාකට් කරන්න,උබල ඉස්සරහට එන පොඩි උන්ගෙ අනාගතේ ගැන වද වෙන්නෙ,උබට උබේ හෙට දවස කොහොම වෙයි කියල කියන්න පුලුවන් කම තියාගෙනද???

    ~ආදී~

    ReplyDelete
    Replies
    1. තා පොඩි දෙයක් අමතක උනා,ඒත් බුවා ඒකත් කියල තීනව.උබලට අම්ම අප්ප හම්බ කරල දෙන තුට්ටු 2න් රටේ මිනිස්සු ගෙවන බදු වලින් ඉගෙන ගන්න පුලුවන්,අමතක කරන්නෙපා ඒ සල්ලි ඇතුලෙ කැම්පස් යන්න බැරි ළමයින්ගෙ සල්ලිත් තීනව කියල.බලපන් උබල කොච්චර කුහකද කියල,ලැජ්ජයි යකෝ.අරගල කරපන්,ඒත් මෙහෙම සක්කිලි වැඩ වලට නෙවෙයි.උබ මම ඇතුලු සමස්ථ විශ්ව විද්‍යාලීය ප්‍රජාවම ඉවරයි මලේ,අයේ අපිට නැති වෙන්න නම්බුවක් නෑ,ඉතිරි හරියට උබල එකතු වෙලා අන්තිම ඇණෙත් ගහපන්.

      //කැපුවත් දෙපා දෑතින් ගෙන කිහිලි කරු
      සුරකිමි සදා ඉගෙනුම පන තිබෙන තුරු//

      අනේ හුකේ නන්නානෙ තමයි.තෙලට,මොරාල් එකට ප්‍රශ්න විසදන්න බෑ.මෙතන උනත් බලපන් උබට තේරෙවි තා කමෙන්ට්ස් වැටෙනකොට මිනිස්සුන්ට අපි ගැන තීන ආකල්පෙ.
      ජය!!!
      ~ආදී~

      Delete
  16. අපේ ගමේ ගො0 ඈමතියෙකුගෙ ගො0 පුතෙක් ඉන්නවා.
    ඌ ඉස්කෝඅලේ ගිහිලා ඉගනගත්තේම නෑ අනිත් උන්ටත් පව් දුන්නා.

    දෑන් මේකා ලක්ශගානක් දීලා උපාදි කඩේක නීති උපාදියක් කරනවාලූ.
    ඵතකොට උගෙම පන්තියෙ හිටපු ඵ් හීනයම දෑකපු සාමාන්‍ය කොල්ලන්ට මොකද උනේ???
    උන්ගේ ප්‍රතිපල ඔක්කොම අවුල් උනා.උන් ගෙදරට වෙලා හූල්ලනවා.
    ගො0 ඈමතිපුතාලට තියන ආතල් අනිත් උන්ට කොහෙන්ද නේද??????
    ඔන්න ඔක තමයි නිදහස් අද්‍යාපනයේ මලගම.

    ReplyDelete
    Replies
    1. අැයි ඔය අනිත් කොල්ලන්ට නිදහස් අද්‍යාපනේ පිහිට ලැබුන් නැද්ද? අැයි කැම්පස් තියෙන්න ඔ්න තරං ! මං කිව්ව අාන්ඩුවේ. එ්වට යන්න කියන්නෙපෑ!

      Delete
  17. දැන් උබ කියන්නේ ඇමති පුතා ඉගෙන ගත්තු එක වැරදිද ?

    දුප්පත් එකාට බෑ හරි ඌ ගෙදර... එහෙම කියල ඇමති පුතත් ගෙදරට වෙලා මැර ක්‍රියා කර කර ඉන්න ඕනිද ?

    ReplyDelete
  18. අනික් ප්‍රශ්නෙ...

    ස්කෝල වල අගේට ඉන්න කොල්ලො කෙල්ලො... කැම්පස් ගිය ගමන් මොකද වෙනස් වෙන්නේ.. පොඩි එකා සන්දියේ ඉදන් අපි ලැබුවෙ නිදහස් අධ්‍යාපනේ නෙව. කැම්පස් ගිය ගමන් මොකද මේ වෙනස් වෙන්නේ..

    ඒත් ඒ සෙල්ලම් ඉවරයි එලියට ආවම..

    ආයේ ඌ වෙනස් වෙනවා.

    කැම්පස් එන පොඩි එවුන්ගෙ ඔලු වලට ලෙඩ දාන සෙට් වලට අහු නොවී ඔලුවෙන් හිතපල්ල බන්. ( nothing personal )

    ReplyDelete
  19. ආදී කියලා කමෙන්ට්කරලා තියෙන්නේ ආදි-වාසියෙක්ද කොහෙද.....
    පොරගේ මාර මොලේ....
    අද සාමන්‍ය මිනිස්සු ඵදවේල කන්න බෑරුව ඉන්නවා ලක්ශ 25-50 ට මොන උපාදිද???
    අද දුප්පත් මිනිහෙකුට ඉහලට යන්න පුලුවන් (සාදාරණව ) ඵ්කම ක්‍රමය තමයි අද්යාපනය ලබාගෑනීම.ඵ්කත් සල්ලි නෑති ඵකාට නිදහස් අද්යාපනයෙන් තමයි.
    දෑන් ඉස්සරහට මේ යන විදියට ප්‍රයිවට් උපාදි කඩ ආපුහාම කෑම්පස්වලට ල.0.ග.ම,රජයේ රෝහල් වලට ගියකල යනවා.
    ඊටපස්සේ පොඩිමිනිහට තෑනකට ඵන්න පුලුවන් ඵකම ක්‍රමයත් නෑතුව යනවා.
    ඊටපස්සේ දුප්පත් මිනිස්සුන්ට ජාවාරම්කාර සල්ලිලිකාරයන්ගේ වලව්වල පක්කලි වෑඩ කරන්න වෙනඵෙක වලක්වන්න කාටවත් බෑරිවෙයි.
    බලු සල්ලිකාරයෝ කෑමති නෑ පොඩිමිනිහාගේ දරුවෝ කවදවත් තමුන් පහුකරගෙන ඉස්සරහට යනවා දකින්න.ඔන්න ඔය ඉරිසියාව තමයි අද්‍යාපණය මුදලට විකුන්නන හේතුව.

    ReplyDelete
    Replies
    1. පුද්ගලික විශ්ව විද්‍යාල ගෙනවාම රජයේ විශ්ව විද්‍යාල වහනව හෝ නිදහස් අද්‍යාපනය නැති කරනවා හෝ කියල කවුරු හරි කිව්වද ?

      Delete
    2. හැම උපාධියකටම ලක්ෂ 25- 50ක් යන්නේ නැ , ලංකාවේ තියන ප්‍රසිද්ධ සහ ලමයි සැහෙන ප්‍රමාණයක් ඉගෙන ගන්න පහල තියන එක ආයතනයකවත් ලක්ෂ 25ක් යන්නේ නැ . ඔය මම හරියටම දන්න ආයතන ගැන විතරයි දාල තියෙන්නේ , අනික්වායෙත් ඉගෙන ගන්න යාලුවො ඉන්නවා ඒ අයට ලක්ෂ විසි තිස් ගණන් වියදම් කරන්න පුලුවන් අය නෙවෙයි .ඔය 50 කථාව අර මාලඹේ දොස්තර උපාධිය විතරයි , 20-30 අතර ඉන්නෙ ඒ ආයතනයේ අනික් උපාධිත් තව දෙක තුනකුත් විතරයි

      NIBM,SLIIT,IIT,APIIT,ACBT,ICBT,RIC(not sure),Cinec ,සහ පහුගිය අවුරුද්දේ වැඩ පටන්ගත්ත ආයතන තුනක් (පසුබිම හොඳ අනාගතයේදී පිලිගැනීමකට ලක්විය හැකි ) මේ ලයිස්තුවට අයිතියි

      Delete
    3. ඉතින් ඒක තමයි ඌ කියල තියෙන්නෙ.ඕක ගන්න බැරි එකාට කොහේ ගියත් ඕක ගන්න බෑ.එහෙම ගන්න බෑ කියල යමක් කමක් තියෙන මනුස්සයගෙ ලමය ඕක නොගෙන ඉන්න ඕනෙත්නෑ.බ0ග්ලාදේශ්,නේපාල් යන එකා කෝමත් යනව,බැරි එකා මෙහේ ඉන්නව.අනික ඔයා ඔහොම කියන්නෙ කලින් කොළඹ මහ රෝහලෙ අධ්‍යක්ශ හෙක්ටර් වීරසි0හ Russian MBBS තව හදිසි අනතුරු වාට්ටුව භාරව හිටිය අනිල් ජාසි0හ Russian MBBS.මෙයාල එහෙනම් කොහොමද අච්චර රජයේ උන් ඉන්දෙද්දි ලොකුම තැන් වලට ආවෙ? ලෙඩෙක් බේත් කරන්න ආවම දොස්තරගෙන් ඔය ප්‍රයිවට්ද රජයේ ඒවලද ඉගෙන ගත්තෙ කියල අහන්නෑනෙ.එකක් කියන්නම්,රජයේ උන්ට වඩා එන උන් මිනිස්සුන්ට මිනිස්සු කියල හිතල සලකාවි

      Delete
    4. නිදහස් අධ්‍යාපනයේ පියා18 January 2012 at 20:24

      @බුවා :
      බුවා ප්‍රයිවට් කැම්පස් එකකින් උපාධි කෑල්ලක් එල්ලගෙන මෙතන නිදහස් අධ්‍යපනයටත් කෙලවන්න හදනවා. මචං උබට එස් බී කීයක් දුන්නද ප්‍රයිවට් ප්‍රොමෝට් කරන්න ??

      මචං කෑවනම් බීවා නම් ගෙදර ගිහින් නිදාගනින්. අනුන්ගේ වලි වලට ඇඟිලි ගහන්නේ නැතුව.

      Delete
    5. @නිදහස් අධ්‍යාපනයේ පියා
      තාත්තෙ,කෙලවන හැටි කියපන් බලන්න මට.ආසයි දැනගන්න.උබල ඔක්කොම නැට්ට පාගගෙන කවුරුහරි කිව්ව දෙයක් ඔලුවෙ දාගෙන,එලො මෙලෝ නැතිව කියවනො

      Delete
    6. මම කොහොමෙයි නිදහස් අධ්‍යාපනේට කෙලවන්නේ , හැබැයි රජයේ විශ්ව විද්‍යාල වලින් එලියට එන උන් කරදර කාරයෝය කියන මතය සමාජ ගත කරල ඉස්සරහට එන ළමයින්ට පෞද්ගලික අංශයේ රස්සාවක් ගන්න බැරි තැනට පත්කරන උන් නම් කරන්නේ නිදහස් උසස් අධ්‍යාපනයට හානියක්

      Delete
    7. මම කියන්න ඕන ඒවා අනිත් අය කලින් කියල තීනව.ඒත් පොඩි දෙයක් මේකට එකතු කරන්නම්
      //බලු සල්ලිකාරයෝ කෑමති නෑ පොඩිමිනිහාගේ දරුවෝ කවදවත් තමුන් පහුකරගෙන ඉස්සරහට යනවා දකින්න.ඔන්න ඔය ඉරිසියාව තමයි අද්‍යාපණය මුදලට විකුන්නන හේතුව//
      නෑ,උබලගෙයි ඉරිසියාව තා ළමයෙක් හොදට ඉගෙන ගෙන කාලා බීල ඉන්නව දකින්න බැරි

      ~ආදී~

      Delete
  20. ඉතින් ඒක තමයි ඌ කියල තියෙන්නෙ.ඕක ගන්න බැරි එකාට කොහේ ගියත් ඕක ගන්න බෑ.එහෙම ගන්න බෑ කියල යමක් කමක් තියෙන මනුස්සයගෙ ලමය ඕක නොගෙන ඉන්න ඕනෙත්නෑ.බ0ග්ලාදේශ්,නේපාල් යන එකා කෝමත් යනව,බැරි එකා මෙහේ ඉන්නව.අනික ඔයා ඔහොම කියන්නෙ කලින් කොළඹ මහ රෝහලෙ අධ්‍යක්ශ හෙක්ටර් වීරසි0හ Russian MBBS තව හදිසි අනතුරු වාට්ටුව භාරව හිටිය අනිල් ජාසි0හ Russian MBBS.මෙයාල එහෙනම් කොහොමද අච්චර රජයේ උන් ඉන්දෙද්දි ලොකුම තැන් වලට ආවෙ? ලෙඩෙක් බේත් කරන්න ආවම දොස්තරගෙන් ඔය ප්‍රයිවට්ද රජයේ ඒවලද ඉගෙන ගත්තෙ කියල අහන්නෑනෙ.එකක් කියන්නම්,රජයේ උන්ට වඩා එන උන් මිනිස්සුන්ට මිනිස්සු කියල හිතල සලකාවි

    ReplyDelete
  21. අන්න මල්ලි නියම ට්‍රැක් එකට වැටිලා !!
    නිදහස් අධාපනය සුරකින එකේ වාසිය අපට නෙමෙයි අනාගත පරපුරට තියෙන්නෙ. අපි කෑ ගහන්නේ අනාගත පරපුරේ අයිතීන් වෙනුවෙන්.

    ReplyDelete
    Replies
    1. මොකද්ද අනාගත පරම්පරාවෙ ටිකදෙනෙක් කැම්පස් ගියාම සාමාන්‍ය බුද්ධියක් තියන උං පොඩි පොඩි ජෝබ් කොරකොර ඉන්න එකද?

      Delete
    2. කෑහල????????ඉතින් ඊට පස්සෙ???උබලට කෙල උනාට පස්සෙ උබලට කන්න අදින්න දීපු අහි0සක අම්ම තාත්තට මොකද වෙන්නෙ???උබ ඇහින් නොදැකපු අනාගත පරපුර වෙනුවෙන් කෑගහනො,කෑගහන්න ගිහින් පෙලපාළියක වෙඩි කාල මැරුනම,ඒ අනාගත පරපුර එයිනෙ නෙ උබලෑ අම්ම තාත්තා බලාගන්න.එහෙමනෙ නේ??තව උබේ මරණෙ මේ ගොන් තඩියා වගේ මාකට් කරන එකක් නෑනේ මොක්කුද වගයක් දිවි පිදුව කියල.අනේ බන්

      ~ආදී~

      Delete
    3. මුං කෑ ගහන්නෙ අනාගත පරපුරේ නොසැලකියයුතු තරම් කුඩා ළමයි සංඛ්‍යාවකගෙ අනාගතේ වෙනුවෙන්.

      Delete
  22. මාත් හිතන්නේ නිදහස් අධ්‍යාපනේ තියෙන්නෝනි...

    ReplyDelete
    Replies
    1. අනිවා! අනිත් මිනිස්සුන්ට යන එනමං නැති නොවී.

      Delete
  23. නිදහස් අධ්‍යාපනේ අනිවාර්යෙන් තියෙන්නෝන.එත් නිදහස් අධ්‍යාපනේ ලබා ගන්න නොහැකි වෙන පිරිසටත් විකල්පයක් තියෙන්නෝන.උන්ව මොකෝ මූදේ දාන්නද???ඔය අනාගත පරපුර වෙනුවෙන් කෑගහන උන්ගෙන් මම අහන්නෙ,AL 3නි පාරත් කැම්පස් එන්න බැරි උන්ට උබලා මොකද දෙන විකල්පෙ???

    අර තනි අලිය කියපු //exam pass වෙලා කැම්පස් යන්න බැරි වෙච්ච උන් තොපිට ෆ්‍රයිඩ්රයිස් කවන්න කුඹුරු කොටන්නද ඔ්න?// එකද?


    ~ආදී~

    ReplyDelete
  24. මෙතන කොමෙන්ට් කරපු හැම එකාම "අ"යන්න "ආ" යන්න ඉගෙන ගන්නේ කන්නන්ගර දෙවියා දුන්නු නිදහස් අධ්‍යාපනයට පින් සිද්ද වෙන්න. යකෝ නිශ්මි බාලේලා ත්‍රිමා වෙනුරලා එදා ඒ කරපු කැපකිරීම් වලට පින් දීපියව්.. එහෙම නොවෙන්න අදටත් ලංකාවෙ මිනිස්සු කරත්ත එලවනවා.. ලංකාවෙ සාක්ෂරතවය 90% ටත් වඩා වැඩි වෙලා තියෙන්නෙ ඒ නිදහස් අධ්‍යාපනය නිසා.. අද වගකීම අපේ අතේ.. අපි ඒ වෙනුවෙන් ත්‍රිමා කෙනෙක් වෙන්න දෙවරක් හිතන්නෙ නෑ..

    නිදහස් අධ්‍යාපනය පණ පුදා හෝ සුරකිමු..!

    ReplyDelete
    Replies
    1. කොච්චර නිදහස් අධ්‍යාපනේ ලබුවන් සිංහල නොතේරෙන එකනෙ කරුමෙ. කිසි එකෙක් කියන්නෑනෙ විශ්වවිද්‍යාල වහන්න, ඉස්කෝල වහන්න ඔ්න කියල, කියන්නෙ කැම්පස් යන්න බැරි වෙන අයට යන්න තනක් තියෙන්න ඔ්න කියල.

      කන්නංගර දෙයියංගෙ නිදහස් අධ්‍යාපනේ පිහිටෙං වත් සිංහල ටිකක් ඉගෙනගන්න.

      උසස් අධ්‍යාපනේ කියන එක නං නිදහසේ හම්බවෙන්නෙ කීයෙන් කී දෙනාටද? ඉතුරු උන් කරන්න ඔ්න කරත්ත පදින එකද?

      [ලංකාවෙ සාක්ෂරතවය 90% ටත් වඩා වැඩි වෙලා තියෙන්නෙ] ෂුවර්ද?

      Delete
    2. කන්නග්ගර මහත්තය නිදහස් අධ්‍යාපනය හඳුන්වා දුන්නේ දශක ගණනාවකට කලින් , කාලයත් එක්ක අධ්‍යාපන ප්‍රතිපත්ති විතරක් නෙවෙයි හැමදේම වෙනස් විය යුතුයි . ඒ වගේම රටක සාක්ෂරතාවය වර්ධනය වෙන්න අවශ්‍ය වෙන්නේ නිදහස් ද්වීතික අධ්‍යාපනය විතරයි .අනික මෙතන නිදහස් අධ්‍යාපනය නැතිකරන්න කථා කරන්නේ කව්ද ? අපේ තර්කය නිදහස් උසස් අධ්‍යාපනය නිසා උසස් අධ්‍යාපනය අහිමි වෙන අයට මුදල් ගෙවා ඉගෙන ගන්න හැකියාවක් තිබිය යුතුයි කියන එක සහ උන්ගේ බදු මුදල් දායක වෙලා ඉගෙන ගන්න විශ්ව විද්‍යාල ශිෂ්‍යාට ඒකට හොට දාන්න අයිතියක් නැය කියන එක . ත්‍රිමාල ගිය පාරේ එකෙකේ යවා ගන්න සමහර දේශපාලනික අනාථයො ටිකක් බලාගෙන ඉන්න බව නම් අපිට පේනවා . උඹලට ඕනි නම් ඉතින් ලණුව කාල ඒ පාරේ පලයල්ලා සුභ ගමන් !!

      Delete
    3. //කිසි එකෙක් කියන්නෑනෙ විශ්වවිද්‍යාල වහන්න, ඉස්කෝල වහන්න ඔ්න කියල,//
      කියන්න ඕනෙ වෙන එකක් නෑ මල්ලි.ඒක ඉබේම වේවි.මං මේ කියන්නෙ මං දැන් ඉන්න තැන වෙන දේවල් එක්කත් බලලා.

      මං කියන්නෙ නෑ ඒක දැන්ම සිද්ද වෙයි කියලා.ඒත් තව අවුරුදු 2-3ක් යනකොට එහෙම වෙන්න ගොඩක් දුරට ඉඩ තියෙනවා.

      මං ඇත්තටම ඔය උද්ගෝෂනේ දැක්කෙ නෑ.මොකද මං ටීවී බලන්නෙ නැති නිසා.ඒ නිසා ඒ ගැන අදහසක් දෙන්න අමාරුයි.

      Delete
    4. ඉබේම වෙයිනං උද්ගෝෂණේ කරන්න කැම්පස් වහන්න එපා , පහසුකං දෙන්න ect ect කියල. තමං අයත් වන සාපේක්ෂව කඩා ගණ්ඩායමක් බේරගන්න අනිත් අයව අසරණ කරන එක වැරදියි.

      Delete
    5. මං කිව්වෙ නෑ නෙ පුද්ගලික විශ්ව විද්‍යාල හොද නෑ කියලා. මං දැන් ඉන්න සයිට් එකත් පුද්ගලික විශ්ව විද්‍යාලයක්. බ්ලොග් ගඩොල් ලියලා තියෙන ලිපියෙ අදහස් වලට මම එකගයි.ඔයා ඒ ලිපිය කියවලා තියෙන බව මං දන්නවා. ;)

      Delete
  25. කිව යුතු දේවලින් බොහෝමයක් බුවා කියා ඇත...

    ReplyDelete
  26. @බුවාගේ සිතුවිලි: සහතික ඇත්ත මච0.උබ කලින් කිව්වට තාම තනකොළ කන එකෙක් දෙන්නෙක් ඉන්නව.මැරෙන්න කියපන්කො,මැරිච්ච එකා ජීවත් වෙලා හිටියටත් වඩා වටිනාකමක් මේ දේශපාලුවො ටික දේවි.මුන් ඉතින් අය්යලගෙ තෙල වැදිලනෙ ඉන්නෙ දැන්.කාපු කාලෙ වටිනාකම තේරෙවි කැම්පස් වහන් ඉදල රස්සාවක් කරන්න අවුරුදු 30දි විතර යන්න ලැබුනම.මේ හරක්ට තේරෙන්නෙනෑ මේ කතා කරන්නෙ නිදහස් අධ්‍යාපනේ නැති කරන එකක් ගැන නෙවෙයි,කැම්පස් යන්න බැරි ඈයොන්ට දෙන විකල්පයක් කියලවත්.

    @රත්ගමයා: උබ කියපන් මට මේක,උබලෑ මල්ලි,ල0කාවෙන් 2 වෙලා දැන් කැම්පස් යන්නනෙ ඉන්නෙ.හොදයි,ඌ එහෙම නොවී 2නි පාර 3නි පාරත් කරල කෙල උනානම් උබ මොකක්ද ඌට දෙන අවවාදේ සහ උබලැයි අම්මල තාත්තල ඌට දෙන අවවාදෙ??ගෙදර නිකන් තියන් ඉදිවිනෙ නෙ???ඇයි ඌ තා ඉගෙන ගන්න හොද නෑනෙ,කැම්පස් සිලෙක්ට් උනෙනෑනෙ.

    ~ආදී~

    ReplyDelete
  27. මේක කියෙව්වාම මට හිතුනේ මොකක්ද දන්නවද
    "යකෝ කැම්පස් යන්න කලින් යස අපූරුවට උන්න එවුන් කැම්පස් ගියාම හද්ද මැට්ටෝ වෙනවනේ"

    ReplyDelete
  28. රත්ගමයෝ,ගිනිකුරුල්ලා,තනි අලියා,මධුරංග,මචං ලා උබලට කැම්පස් යන්න තරම් ලකුනු මදි උනා නම්,,මම කිවුවේ සෙස්සෙන් වගේ මිස් උනා නම් අද උබලා මොකද කරන්නේ,,,

    ReplyDelete
    Replies
    1. දැං කරන එකම තමා! මුල ඉඳං කියෙව්වනං!

      Delete
    2. රත්ගමයෝ,ගිනිකුරුල්ලා,තනි අලියා,මධුරංග සෙට් එකටම නූලෙන් යන්න බැරිවෙනවා...හැබැයි උන් දුප්පත්...

      තනි අලියටත් යන්න බැරිවෙනවා..නූලෙන් නෙමෙයි ඌට එස් 3යි කියමුකො..හැබැයි මූගෙ තාත්තා පට්ට සල්ලි කාරයා...
      ඒක නිසා මූ පෞ.වි.වි ගිහින් ඩිග්‍රියක් ගන්නවා..

      අර මහන්සියෙන් වැඩ කරලා නූලෙන් ගැස්සුන උන් ගෙදර..

      එතකොට මොකද කියන්නෙ...

      Delete
    3. ඇනෝ - වැදගත්ම කතන්දරය තමා මතුකලේ ,ඔතනදි තමයි අසාධාරණයක් සිද්ධ වෙන්නේ ඒ කියන්නේ සල්ලි තියන එකා විතරක් උපාධිය ගන්න නිසා . අර දුප්පත් අයට ශිෂ්‍යත්ව ක්‍රමයක් හෝ ශිෂ්‍ය ණයක් ට්‍රයි කරන්න පුලුවන් (පෞද්ගලික විශ්ව විද්‍යාල සුලභ වීමත් එක්ක මේවා දකින්න ලැබෙනවා ගොඩක් රටවල ) ඒ වගේම පොඩි රස්සාවක් කරන ගමන් ඒ මුදලින් සහ අර්ධ ශිෂ්‍යත්වයකින් හෝ ණයකින් ඉගෙන ගන්න වගේ දේයක් වුනත් පුලුවන් (බිපිඕ එහෙම ලංකාවේ ඉස්සරහට අතිවෙන පාටක් තියෙන නිසා බැරි කමක් නැ ) , ඒ වගේම පුද්ගලික විශ්ව විද්‍යාල බහුල වුනොත් සල්ලි තියන දුර පලාත් කැම්පස් හෝ අකමැති පාඨමාලා වලට තේරුණ අය ඒවට නොයා තමන් කැමති පාඨමාලාවක් පුද්ගලික විශ්ව විද්‍යාල වල කරන්න හැකියාව තියෙනවා , ඒවයින් ලැබෙන ඉඩ කඩත් අර නූලෙන් මිස් වුනු දුප්පත් අයට ලබාගන්න හැකියාවක් තියෙයි . අසාධාරනයක් තියෙයි තමයි නමුත් ඇත්තෙන්ම මුදල් මත සිද්ධවෙන අසාධාරණය ලෝකේ හැම තැනකම හැම දේකම තියෙයි අපිට වලක්වන්න බැ . උදා - හිතන්න එක සමාන දක්ෂතා තියන ඉංජීනේරු ශිෂ්‍යයෙන් දෙන්නෙක් . එක්කෙනෙක් සති අන්ත වලදි සිමා වගේ අතිරේක සුදුසුකමක් සඳහා ඉගෙන ගන්නවා , අනෙක් කෙනා කැම වියදම දරාගන්නෙත් අමාරුවෙන් . දෙන්නම එකම ෆස්ට් ක්ලාස් අරන් උපාධිය සමත් වෙනවා . සුදුසුකම් දෙකක් තියන කෙනාට වැඩි අවස්ථාවක් ලැබෙන්නේ නැද්ද ? ඒ සඳහා හේතුව මුදල් නෙවෙයිද ?

      Delete
    4. @උඩඇනෝ :
      මට කැම්පස් යන්න ලඛුණු මදි උනා නම් කොහේ හරි පොඩි රස්සාවක් හොයාගෙන ජීවිතය ගැට ගහගන්න විදිහක් හදනවා. ඒ ඇරෙන්න පෞද්ගලික විශ්ව විද්‍යාල වලට වියදම් කරන්න අපට සල්ලි නෑ.

      අනිත් එක්ක උපාධියකට ලක්ෂ 65ක් හොයන්න කොහෙන් තියෙන සල්ලියක් ද ?

      ඔය දාන දාන උපාධි කඩය අපි වගේ දුප්පත් එවුන් වෙනුවෙන්ම දාන උපාධි කඩ නේ.
      ඒ නිසා අවුලක් නෑ. අනේ යකෝ !!!!

      නිදහස් අධ්‍යපනයයි රජයේ විශ්ව විද්‍යාලයි තියෙන නිසා යන්තන් උපාධිය අරගෙන හොද රස්සාවක් කරනවා. එහෙම නැති උනා නම් අපි වගේ එවුන්ට අබ සරණයි !!!!

      පෞද්ගලික විශ්ව විද්‍යාල හොදයි සල්ලි තියන එකාලට !!!!!

      Delete
    5. උඹට ඔච්චර අැම්මනං විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කමිශන් සභාවෙ පොත අරං බලාපන් පාඨමාලා වලට අවම සුදුසු කං මොනාද කියල.

      එ්ව තියන උං එ්ව නොකර ඉන්න ඔ්නද?

      කරන්න තියන හැම මගුලම ලක්ෂ හැටපහද? (මටනං එච්චර ගානක් ගියෙ නෑ)

      උඹල එකෙක් වත් සාමාන්‍ය බුද්ධියක් තියන උන්ට වෙන අසාදාරනේ කතා කරන්නෑනෙ.

      අනිත් එක ඉගෙනගන්න ඔ්න උන්ට ඉගෙනගන්න බැරි කම. මේ කොහෙවත් යන උං ගිරව ගහල ගිහිං වැඩකට අැති පාඨමාලාවල් කරද්දි එ්වට අාසාව තියන අපි මුල ඉඳං ඉගෙනගන්න ඔ්න. නැත්තං අර උඹ කියනව වගේ ජොබ් කටු කරකර ඉන්න ඔ්න. එ්කද උඹ දන්න සාධාරනේ.

      ඔහොම තමයි ඉතිං. කලාතුරකිං කෙනෙක්ට ලැබෙන දේවල් කෙනෙක්ට ලැබුනම විවිධ අං වර්ග එහෙම මතුවෙනව.

      Delete
  29. ඕකට තමයි පුතා ගොන් මොරාල් කියන්නේ. ඔයාට තාම ඕක තේරෙන්න නෑ. ඔයාට මොනව හරි උනොත් ඔය කෑගහන එකෙක් නෑ. අහිංසක දෙමාපියෝ විතරයි. ඔය 3rd year විතර වෙනකොට ඕක හොන්දට තේරෙයි.

    ReplyDelete
  30. yako rathgamayage malli 2 une thopi wage gewal walata wela boru karapu nisa neme wenna ati.u hodata padam karau nisa wenna ati...thopi
    igena ganna bari hatikare

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ඉගෙනගන්න පුලුවං බුඩ්ඩිමත්තුනෙ ඔය ගිහිල්ල කන පලාගන්නෙ පාරවල් ගානෙ කෑ ගහන්නෙ, ළමයින්ට වදදෙන්නෙ
      එතකොට
      අර වං කකුලට දකුනු කකුල කපන්නෙ, කෙල්ලංව දූෂනේ කරල උඩ තට්ටු වල ඉඳං බිම අතඅරින්නෙ, ect ect.
      තො වගේ කාලකන්නිංව වදාපු බැල්ලියංව වලදාපු තැං වලටත් හෙණ හත වදින්න ඔ්න!

      Delete
    2. @තනි අලියා :
      මචං කෙනෙක්ට බනිනකොට ඌට විතරක් බැනහන්. ඌව වදාපු දෙමවුපියන්ට බනින්නේ නැතුව. ඌ කරන කියන දේවල් වලට ඒ අහිංසක දෙමව්පියන් පලි නෑනේ !!!

      උබ දක්වපු අහදසේ වටිනාකමත් නැතු වෙනවා උබ පාවිච්චි කරපු වචන වලට.
      මචං උබලෑ අම්මට කවුරු හරි බනිනවා නම් උබට මොනවද හිතෙන්නේ ???

      අපි මචං මිනිස්සු එක්ක නැතුව මිනිස්සුන්ගේ මත එක්ක ගැටෙමු !!! මත එක්ක ගැටෙනකොට දෙමවුපියන්ව ඒවට ගාව ගන්න ඕනේ නෑ නේ ???

      අනිත් එක ඇනෝ (පිරිමියෙ/ගෑනියෙක්/නපුංසක ලිංගිකයෙක්) උනත් ඌව වදාපු අම්මට බනින එක මම අනුමත කරන්නේ නෑ.

      මම උබ කියපු දේට අදහස් දක්වන්නේ ඇනෝට තියෙන හිතවත්කමක් නිසා නෙමෙයි. කවුරු උනත් අම්මා කෙනෙක්ට කියපු පාහර වචන නිසා !!!

      ප.ලි.- බල්ලෝ සිංහල බ්ලොග් කියවන්නේවත් කමෙන්ට් කරන්නේවත් නැති බව උපකල්පනය කරමු !!!

      Delete
    3. සමහරු උන්නව එ් අයට උත්තර දීල පිරිමහන්න බෑ. තේරෙන භාශාවෙන් කියන්න ඔ්න. කියන එකා මොකා උනත් මට වැඩක් නෑ. මම කතා කරන්නෙ කියන එක ගැන විතරයි.

      Delete
  31. buwa kiyana eka sb gen salli aran uta kade yanawa.yana yana blog eke post ekata wada digai uge comment tika

    ReplyDelete
    Replies
    1. ඕව්නේ එස්.බි ට මේ බ්ලොග් වලින් එල්ලවෙන විරෝධය තදට දැනෙනවනේ , ඒ නිසානේ පනත ගේන්නත් බැරි . ඒක තමා මට සල්ලි දුන්නේ ඒ බ්ලොග් වලට ගිහින් පනතට කඩේ පලයන් කියලා

      Delete
  32. පෞද්ගලික විශ්වවිද්‍යාල පනත කියන නම විතරක් වෙනස් කරලා ගේන්න හදන පනත කියවලා බලපල්ලා.නිදහස් අධ්‍යාපනය ගෙනාපු වෙලාවෙ මාර්ටින් වික්‍රමසිංහ මහත්මයා කිව්වා බමුණු කුළයේ බිඳ වැටීම ඇරඹුනා කියලා.මේ අය හදන්නෙ ආපහු ඒක කණපිට ගහලා බමුණු කුළය ඇති කරන්න.පෞද්ගලික විශ්වවිද්‍යාල දැම්මට පස්සෙ රජයේ විශ්වවිද්‍යාල රකින්න රජය උනන්දු වෙයි කියලා කවුරු හරි හිතනවනං එයිට වඩ ගොං කමක් තවත් නෑ.දැනටත් පුළුවන් තරං ප්‍රතිපාදන කප්පාදු කරගෙන යන ආණ්ඩුව දැං ටික ටික රජයේ පාසල් වැහෙන්න අරිනවා වගේ කැම්පස් ටිකත් අත ඇරලා දානවා ශුවර්.

    ඔය ඉගෙන ගන්න කැක්කුම තියෙන ඈයො නිකංවත් කියනවද තව රජයේ කැම්පස් ටිකක් දාන්න කියලා? නෑනෙ.ඕක තමයි නියම කුහක කම.තව කැම්පස් දැම්මොත් රජයෙන් සල්ලි තියෙන එකාට වගේම නැති එකාටත් එක වගේ අවස්ථාවක් හිමි වෙනවා තරඟ කරන්න.

    උසස් පෙළ අසාර්ථක නිසා අපිට යන්න බැරි උනා ඒත් අපි දක්ෂයි කියන එකේ තේරුමක් තියෙනවද? උසස් පෙළ කියන්නෙ දක්ශතාව මණින එක ක්‍රමයක්.ඒක හරියට වේගවත්ම මිනිහා හොයන්න මීටර් 100 දුවන තරඟය තෝරගත්තා වගේ.මීටර් 800 දුවන එකෙක් කිව්වොත් මමයි වේගවත්ම එකා කියලා, එදාට අපි මීටර් 100 තරඟය අසාර්ථකයි කියලා අයින් කරලා සල්ලි තියෙන එකාට කප් එක දෙනවද?

    ReplyDelete
    Replies
    1. උසස් පෙල සමත් වීම කියන්නේ විශ්ව විද්‍යාල ප්‍රවේශයට තිය මූලික සුදුසුකම , ගැටලුව තියෙන්නෙ ඒ සුදුසුකම තියන උන්ට යන්න ප්‍රමාණවත් තරම් විශ්ව විද්‍යාල රටේ නැති එක .මදි නම් ඉතින් තව හදපල්ලා කියල කියන්න ලේසියි ඒත් හදල නඩත්තු කරන්න මුදල් වියදම් කරන්නේ කව්ද ? දිනුක මහත්තයද ? . රජයකට නොමිලේ නඩත්තු කරන්න පුලුවන් සීමාවක් තියනවා .වියදම් ආවාරණය කරගන්න හෝ මුදලක් අය කරනවා නම් පෞද්ගලික විශ්ව විද්‍යාලයක් ඕනි නැ රජයටම සම්පූර්ණ රාජකාරිය කරන්න පුලුවන් වෙයි , නමුත් විරුද්ධ වෙන උන් ඒහෙම එකකටවත් ඉඩ දෙනවද . ලොකේ තියන එකම දුප්පත් රට ලංකාව නෙවෙයි , ලංකාවට වඩා ඒක පුද්ගල ආදායම අඩු රටවලවත් නිදහස් උසස් අධ්‍යාපනයක් ක්‍රියාත්මක වෙන්නේ නැ . එහෙම තත්වයක තියන ප්‍රමාණය ගැන සතුටු වෙනව මිසක් තව තවත් නිකන්ම දීපල්ලා කියන එකේ තියන සාධාරණත්වය මොකක්ද ?

      Delete
    2. දැං උඹල කියන්නෙ විශ්වවිද්‍යාලවල යන්න බැරි වෙච්ච උං ගොන්නු කියලද? එහෙනං කියාපල්ල බලන්න බොලා කරල තියන බුද්දිමත් කං වල තරම!

      Delete
  33. මෙතන සමහරු රත්ගමයාට බනින්නේ මෝඩ කමටයි. විශේෂයෙන්ම කවදාකවත් නැති විදිටට මේ බ්ලොගයට ඇනෝලා ඇවිත් නේද? ඒ ඇයි?

    රත්ගමයා බබෙක් නෙමේ. ඌව බලෙන් කවුරු හෝ උද්ඝෝෂණයකට ගෙන ගොස් නැත. තමන් ගේ නැණ පමණින් කටයුතු කර තිබේ.

    උගේ පොලිටික්ස් ලියන් එක ගැන සහ උගේ මොල් සෝදලාය කියන අයටත් පොලිටිකල් ලයින් එකක් ඇත. මොල ද සේදී ඇත.

    ReplyDelete
    Replies
    1. රත්ගමයා බලෙන් උද්ඝෝෂනයකට ගෙනගියා නොවිය හැක , නමුත් කැම්පස් ගිය අපි විතරක් පොරවල් යන පොර මානසිකත්වය නම් ඔබේ මෙන්ම රත්ගමයාගෙත් දකින්නට ඇත .

      Delete
    2. රත්ගමයා උගේ නැන පමණින් කටයුතු කර තිබේද. එහෙනං උෟ ඉන්නෙ "ඉගෙන ගන්න ඔ්න ගිරව ගහන්න පුලුවන් අය විතරයි" කියන තැන ය. එබැවින් දැන් උෟ තමාටත් අනුන්ටත් ප්‍රයෝජනයක් නැති මළකණක් පමණි!

      Delete
    3. මගේ විසඳුම ලිව්වා හෙට දාන්නං!

      Delete
    4. @ බූවා,
      එහෙම පොරත්වයක් පෙන්වීමට මගේ කවදාක හෝ අදහසක් නැත.

      එලෙස ඔබට පෙනේ නම්, ඒක විශ්ව විද්‍යාලයේ සිටි වරද නිසා විය යුතුයි. මං විශ්ව විද්‍යාල එකක දෙකක නොව දහයක පමණ අවුරුදු තුන හතරක් නොව විස්සක් පමණ කල් මරලා තියෙන නිසා ඒක තවත් වැඩි ඇති.

      මොනවා කරන්නද? පච්චයක් කොටා ගත්තා හා සමානයි. හැව අරින්න ඕනෑ! නැත්තම් හම ගහන්න ඕනෑ!

      Delete
    5. @කතන්දර - පොරක් කියන්නේ ඉතින් ආය නරක කෙනෙක්යැ , කතන්දරගේ විසඳුම දාන්නකො , අපිටත් ඇවිත් මොනව හරි කියල යන්න පුලුවන් නේ . එස්.බී ගෙන් ගත්ත ගාණ කවර් වෙන්න තව තැන් දෙක තුනකවත් මොනව හරි ලියන්න ඕනි :)

      Delete
  34. වැඩක් නැහැ මචං මේ ගැන කතා කරලා...
    පු.වී.වී. කියන්නේ ඇතුවත් බැරි නැතුවත් බැරි දෙයක්
    නමුත් අපේ රටේ තියෙන රැකියා ප්‍රමාණය එක්ක සලකලා බලද්දී පු.වී.වී. පටන් ගත්තොත් රජයේ වී.වී. වල ළමයින්ට යන එන මං නැතිවෙන එකනම් ෂුවර්...
    ඒකට හේතුව අපේ රටේ ගොඩක් දුරට රජයේ ආයතන වලට වඩා හොඳ සේවයක් පුද්ගලික ආයතන වලින් ලබා දීම නිසා
    නමුත් කාලයත් එක්ක රජයේ ආයතන නැවත පුද්ගලික ආයතන හා තරඟ වැදී ඉදිරියට එන අවස්ථාත් නැතුවම නෙමෙයි
    බැංකු පද්ධතිය ඒකට හොඳ උදාහරණයක්
    නමුත් බැංකු කියන්නේ රජයට ලාබයක් එන තැනක්
    රජයේ වී.වී. වලින් කිසිම ලාබයක් රජයට නොලැබෙන නිසා ඒ වගේ තැනක් පුද්ගලික අංශය හා තරඟ කරයිද, එහෙමත් නැත්නම් අසාර්ථක බව පෙන්නලා කඩා වට්ටයිද කියන එකත් ගැටළුවක්
    එහෙම උනොත් ඉගෙන ගන්නත් පුළුවන් කම තියෙන දුප්පත් ළමයින්ට වෙන්නේ ලොකු අසාධාරණයක්

    ඉගෙන ගන්න බැරි හෝ පුළුවන් සල්ලි තියෙන පවුල්වල ළමයින්ට ඒ බලපෑම දැනෙන්නේ නැහැ
    රජයේ වී.වී. හොඳ නැත්නම් හරි විභාගේ ෆේල් උනානම් හරි එයාලට පු.වී.වී. වලට යන්න පුළුවන්

    ඒ නිසා පු.වී.වී. දාන ඒකෙන් පාඩුවෙන්නේ අපේ රටේ වැඩි හරියක් ඉන්න දුප්පත් පැලැන්තියට
    විභාගේ හොඳට පාස් උනාට පස්සේ යන්න වෙන්නේ ගරා වැටුණු රජයේ වී.වී. ටනම් සහ එළියට ආවට පස්සේ රස්සාවකට අයදුම් කලාම ගණන් ගන්නේ නැත්නම් ඒ ළමයින්ට මොකද වෙන්නේ
    ඒ වගේම තමයි ඒ ළමයින්ට පු.වී.වී. වල උපාධියක්‌ ගන්න ලැබෙන එකකුත් නැහැ සල්ලි නැති නිසා

    උඩ කට්ටිය අහල තිබුනේ විභාගේ දෙතුන් පාර විභාගේ කරලත් ෆේල් වෙන ළමයින්ට මොකද කරන්නේ කියලා
    ඒ අය ගැන හිතන්න කලින් අමාරුවෙන් විභාග පාස් කරපු දක්ෂ සහ දුප්පත් ළමයින්ගේ අනාගතේ සුරක්ෂිත කරලා ඉන්න ඕනේ කියලයි මම හිතන්නේ
    දක්ෂයාට තැනක් ලැබෙන්න ඕනේ කියන එක වැරදිනම්, ඒ ලෙවල් කියන විභාගේ ඕනෙත් නැහැ
    ඕ ලෙවල් වලින් වගේ පස්සේ තමන්ට ඇති හැකි විදිහට සල්ලි ගෙවල උපාධි ගන්න ක්‍රමයක්‌ ගැනයි එහෙනම් අපි කතා කරන්න ඕනේ
    එහෙම උනත් අපේ රටේ බහුතරයක් දුප්පත් ළමයින්ට වෙන්නේ ලොකු අසාධාරණයක්...

    දැනට NIBM එක ඇතුළු ඉහල බුවා දාල තියෙන ලිස්ට් එකේ තියෙන ආයතන වගේ ආයතන වල තියෙන ගණන් වලට ඔය කියන පිළිගත් පු.වී.වී. වල උපාධි ගන්න ලැබෙන එකක් නැහැ
    එහෙම හිතං ඉන්නවානම් ඒක හීනයක්‌ විතරයි

    මේ කියන දෙකම සිද්ධ උනාම දක්ෂ ඒත් දුප්පත් සිසුවාට වෙන්නේ කබලෙන් ලිපට වැටුනටත් වඩා හපන් දෙයක්...
    රජයේ වී.වී. වල තත්ත්වය සුරකින බවට ආණ්ඩුව කැපවෙනවා කියන එක සහතිකනම් පු.වී.වී. ආරම්භ කලාට කමක් නැහැ
    එහෙම කැප උනත් ඒ කැප වීම විශ්වාස කරන්න පුළුවන්ද කියන එකයි ඊළඟට තියෙන ලොකුම ප්‍රශ්නේ

    -------------------------------------------------------------------------------------------
    හැබැයි අපිත් ඉන්දියාවේ වගේ ක්‍රමේකට අපේ අධ්‍යාපනය සකසනවානම් පු.වී.වී. කියන්නේ ඉතාම හොඳ දෙයක්
    එහෙනම් උපාධිය අරගෙන ළමයෙකුට අවුරුදු 19, 20 වගේ වෙද්දී එළියට එන්න පුළුවන්
    ඒ වගේම පිටරට රැකියා වෙළඳපොල අරමුණු කරගෙන තමයි එහෙමනම් වැඩ කරන්න වෙන්නේ
    ඒක අපේ රටටත් ඉතාම හොඳ දෙයක් වෙනවා විදේශ විනිමය ගෙන්න ගන්න
    හැබැයි ඒකට අඩු මිළට උපාධි ගන්න පුළුවන් මට්ටමක් හදන්න ඕනේ,
    ඒ වගේම රජයේ වී.වී. ඉතාම ඉහල මට්ටමකින් පවත්වාගෙන යන්නත් ඕනේ

    ReplyDelete
    Replies
    1. එකේ මට්ටමට බැරි උනත් අනික් ආයතනවල මට්ටමට තමයි පෞද්ගලික උපාධියක මිල පවතින්නේ . ඇත්තටම කියනව නම් අලුතෙන් දාන්න දෙයක් නැ . පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන ඕනි තරම් තියනවා , විශ්ව විද්‍යාල වශයෙන් නැති වුනාය කියල සල්ලි තියන එකා ඉගෙන ගන්න එක වැලකිලා නැ . නව පනතින් යෝජනා වෙලා තීයෙන්නේ ඒ පෞද්ගලික උසස් අධ්‍යාපනය නියාමනය කිරීමක් . රාජ්‍ය අංශය නොවැටී පවත්වාගන්න එක අත්‍යාවශ්‍යයි තමයි , ඒ වගේම ඇමතිවරයා කියනවා වගේ පෞද්ගලික විශ්ව විද්‍යාල වලටත් ශිෂ්‍යත්ව ආදිය හරහා ශිෂ්‍යයින් ඇතුලත් කිරීමේ ක්‍රම ආදියත් , ලෝකේ බොහෝ රටවල තියන ආකාරයේ ශිෂ්‍ය ණය ආදියත් ඇතිවෙන්න ඕනි . රටේ රැකියා සංඛ්‍යාව අඩුයි නෙවෙයි ඇත්තම කථාව ලංකාවේ රැකියා වලට නිසි සුදුසුන් නැති එකය කියලයි සමහර ක්ෂේත්‍ර ප්‍රවීණයින්ගේ දේශන වලදි මම අහල තියෙන්නේ , කොහොමටත් ආර්ථික අවපාතය නිසා ඇතිවන ගැටලු කාරි තත්වය ඇරුණාම ලංකාව වගේ සංවර්ධනය වෙමින් පවතින රටක රැකියා ප්‍රමාණය එන්න එන්නම වැඩි වෙන එකයි සිද්ධ වෙන්නේ , ඒ වගේම ලංකාවේ සමහර රැකියා තියනව වර්ථමානයේදී උපාධිදාරින් අතින් සිදුනොවෙන එහෙත් උපාධිදාරින් විසින් වඩාත් සාර්ථකව කල හැකි .ඒ නිසා රැකියා ප්‍රමාණය පිලිබඳව නම් ගැටලුවක් ඇතිවෙන එකක් නැ . නමුත් රැකියාවලට සුදුස්සන් නොවන උපාධිදාරින් බිහිවීම නම් අවුලක් විය හැකියි. රජය කලා උපාධිදාරින් ප්‍රමාණය අඩු කරන්න යන්නෙත් ඒ නිසා වෙන්න පුලුවන්

      Delete
    2. පු.වී.වී. කියල අදහස් වෙන්නේ බුවා ඉහලදී කියල තියෙන ආයතන සහ ඒ හා සමාන මට්ටමේ ආයතනමනං මෙතන කිසි ප්‍රශ්නයක් නැහැ කියලයි මට හිතෙන්නේ
      එවැනි ආයතන තිබියදීත් ආණ්ඩුවෙන් එතකොට දැන් මේ කරන්න හදන්නේ මොකක්ද
      ඒවායේ ඉඩ ප්‍රමාණය මදිද උපාධි ගන්න හිතාගෙන ඉන්න ළමයින්ට යන්න...?

      නමුත් ඔය සුන්දර කතාවට වඩා වැඩි දෙයක් මේ යට ඇති බව මට හිතෙනවා

      ප්‍රවීණයෝ කියන උදවියගේ දේශනා ගැනනම් කතා කරල වැඩක් නැහැ
      රැකියා අඩුවක් තියෙනවා කියන එක ප්‍රයෝගිකව ඇත්තක්
      ඒකට හේතුව රැකියා වෙළඳ පොළ ඉලක්ක කරගෙන නෙමෙයි අපේ රටේ අධ්‍යාපන ක්‍රමය සැකසිලා තියෙන්නේ
      මොනවා හරි වර්ගයක රස්සා 10 ක් තියෙන තැනකට සුදුස්සන් 100 ක් 200 ක් හදන එකෙන් වෙන්නේ ඒ ළමයින්ගේ අනාගතය අඳුරු වෙන එක විතරයි
      ඒ ළමයින්ට විකල්ප ඇත්තෙත් නැහැ අන්තිමට

      කාලයත් එක්ක රැකියා ප්‍රමාණය වැඩිවෙන එක ඇත්ත
      ඒත් එළියට එන උපාධිධාරීන් ප්‍රමාණය ඊටත් වඩා වැඩි වේගයකින් ඉහල යනවා කියන එක තේරුම් ගන්න අමාරු නැහැ
      රජයේ වී.වී. වලින් පමනක්‌ නොවෙයි පු.වී.වී. හෝ එවැනි ආයතන වලිනුත් එළියට එන ප්‍රමාණය එන්න එන්නම වැඩි වෙද්දී මේක තවත් උඩු දුවයි
      රජයේ වී.වී. වල සමහර පාඨමාලා වලට ඇතුලත් කරගන්නා ළමයි ගාන සමහර අවුරුදු වල එක පාර දෙගුණයක් වගේ වැඩි කලා
      බුවා කියන්නේ එහෙම කරද්දීත් ඒවාට සාපේක්ෂව රැකියා බිහිවෙනවා කියලද

      මම කියපු විදිහට අපේ රටත් පිටරට රැකියා අරමුණු කරගෙන මේ පු.වී.වී. වැඩේ පටන් ගත්තේ නැත්නම් අනාගතයේදී රජයේ සහ පුද්ගලික අංශයේ දෙගොල්ලොම එකතුවෙලා රජයට එරෙහිව උද්ගෝෂණ කරයි රස්සා ඉල්ලලා

      බුවා ඉන්දියාව ගැන ගොඩක් උනන්දු මනුස්සයනේ
      මතක නැද්ද ඉන්දියාවේ තොරතුරු තාක්ෂණය හදාරලා එළියට ආපු තරුණයින්ට තරමක් මෑත කලෙකදී වෙච්ච දේ
      දුප්පත් පවුලකින්වත් කසාදයක් කරගන්න බැරි උනා ඔවුන්ට
      ඒකට හේතුව උනේ රැකියා නොමැතිකම සහ තිබ්බ රැකියාවල අස්ථාවර භාවය

      අපි අපේ ළමයින්ට එහෙම වෙන්න නොදී මේ දේවල් වලිනුත් පාඩම් ඉගෙනගෙන, නටන නාඩගමක් නැටුවොත් හොඳයි කියල මට හිතෙනවා

      Delete
    3. ඔව් බං හොඳ වෙලාවට ඇමරිකාවෙ නං දක්ෂයා තෝරල ස්ටීව් ජොබ්ස් ප්‍රින්ස්ටන් වලිනුයි බිල් ගේට්ස් හාවඩ් වලිනුයි උපාදි ගත්තා, කොන්ක්‍රීට් කුලසිංහ පේරා වලින් උපාදි ගත්තා. ඒ ලෙවල් බැරි එකා අදක්ෂය, උන් මක බෑවෙන එකමයි හොඳ! නැද්ද?

      Copenhagen Neurologist

      Delete
    4. ඔය ඇනෝ මහත්තය කමෙන්ට් එක සම්පුර්ණයෙන්ම කියවල එන්න බලන්න ආපහු...
      අනික ඔයා ලියල තියෙන වචන ටික මට තේරෙන්නේ නැහැ, ටිකක් මුග්ධ පාටයි ඒ වචන ටික

      ඒ ලෙවල් වලින් රජයේ කැම්පස් වලට යන්න බැරි වෙච්ච අයට යන්න දැනට තියෙන අවස්ථා මදිනම් ඒ වෙනුවෙන් තව අවස්ථා ඇති කරන්න ඕනේ, ඒකෙ කිසිම ගැටළුවක් නැහැ
      මම කතා කලේ එතනින් පස්සේ එන ගැටළු ගැන
      රැකියා අවස්ථා, පු.වී.වී. කියල අලුතින් ඇති කරන්න හදන වී.වී. වල පාඨමාලා ගාස්තු ගැන, එහෙම පු.වී.වී. ඇති කරලා රජයේ වී.වී. වලපල්ලට යා යුතු නැති බව...

      ///ඒ ලෙවල් බැරි එකා අදක්ෂය, උන් මක බෑවෙන එකමයි හොඳ! නැද්ද?///

      මමනම් එහෙම හිතන්නේ නැහැ
      ඔයාට එහෙම හිතෙනවද..?

      Delete
    5. @ලොකු පුතා - ඉන්දියාව ගැන උනන්දුයි තමයි , නමුත් උසස් අධ්‍යාපනයේදි ඉන්දියාවට වඩා ඕනි තරම් රටවල් තියනව උදාහරණ ගන්න . පනත ගේන්නේ විවිධ අංශ යටතේ (තරුණ සේවා සභාව , අයෝජන මණ්ඩලය ) තියන සියලුම ආයතන එක තැනක් යටතට අරන් නියාමනය කරන්නත් , අලුතෙන් දාන ඒවාත් යම් කිසි ප්‍රමති රාමුවක් යටතේ දාන්නත් . ඒ නිසා පනත ගේනාවයි කියල මහා ලොකු මිල ගණන් වැඩිවීමක් වෙන්නේ නැ . වෛද්‍ය උපාධිය වගේ ඒවා ඉහල මිලක තියෙයි ඒත් ඔබතුමා හිතනවද කලමණාකරන හෝ තොරතුරු තාක්ෂන උපාධියක් තුන් හතර ගුණයක් ගෙවල කරයි කියල සිහි බුද්ධියක් තියන එකෙක් .

      Delete
    6. උසස් අධ්‍යාපනයට උදාහරණ ගන්න නෙමෙයි, මම කිව්වේ අවශ්‍ය ප්‍රමාණයට වඩා IT උපාධි දෙන ආයතන විවෘත කරපු එකෙන් ඉන්දියාව මුල් අවධියේදී මුහුණ දීපු ප්‍රශ්නේ ගැන

      අන්තිමට ඉන්දියාව ඒ ශ්‍රමය රට පටවල ඒකෙ වාසිය ආපහු තමන්ගේ පැත්තට හරවා ගත්තා
      (මේ සම්බන්ධව උදාහරණ ගන්න ඉන්දියාව තරම් සුදුසු වෙනත් රටක් තවත් නැහැ බුවා... :)
      අවුරුදු 21 න් 22 න් MBA, MSc දෙන සහ රටට විදේශ විනිමය ලබා ගන්න එයින් උපරිම ප්‍රයෝජනයක් ගන්න වෙන කිසිම රටක් නැහැ කියලයි මට හිතෙන්නේ)

      අපේ අය ගොඩ දෙනෙක් සුදු කරපටි රස්සා ගැන වැඩි අවධානයක් යොමුකරන නිසා අපේ රටෙත් ඒ දේ ඇති වෙන්න ඉඩ තියෙනවා
      ඒ නිසා අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් එවැනි ආයතන වගේම උපාධිධාරීන් ඇති වෙලා ඉන්දියාවට වෙච්ච දේ වෙන්න ඉඩ තියෙනවා කියලයි මම කියන්නේ
      මම හැමතිස්සෙම කියන්නේ අවශ්‍යතාවයට වඩා නිපදවන්න බලාපොරොත්තු වෙනවනම් ඒ ටිකටත් කරන්න දෙයක් කලින්ම කල්පනා කරගෙන ඉන්න එක වඩා හොඳයි කියලා

      ///ඒත් ඔබතුමා හිතනවද කලමණාකරන හෝ තොරතුරු තාක්ෂන උපාධියක් තුන් හතර ගුණයක් ගෙවල කරයි කියල සිහි බුද්ධියක් තියන එකෙක් ///
      ඒක තීරණය කරන්න වෙන්නේ ළමයින්ට නෙමෙයි, පස්සේ කාලෙක ඇතිවෙන හෝ බලෙන් ඇති කරන ඩිමාන්ඩ් එක අනුවයි ඒක තීරණය වෙන්නේ
      ඒ වෙද්දී දැනට ඔය තියෙන ආයතන වල සහතිකෙට පිලි ගැනීමක් නැතිවෙලා අලුත් ආයතන වල වැඩි මිළට ගන්න තියෙන සහතිකෙට නම් තැනක් එන්නේ අපේ සිසුන්ට අපහසුවෙන් හෝ ඒ කරා යන්න සිද්ධ වේවි.

      Delete
  35. පොලිසිය ගහනකොට ගහන්නෙ උඹ බ්ලොග් ලියන රත්ගමයද කියල අහල නොවෙයි. අම්මගෙං අහල බොට ඕනැ මගුලක් කරගනිං.

    ReplyDelete
  36. මෙතන කමෙන්ට් වලින් පැහැදිලිවම පේනවා විශ්වවිද්‍යාල සිසුන් කෙරෙහි අනිත් අයගේ හිත යට තියෙන තරහව. ‘පුද්ගලිත විශ්වවිද්‍යාල ඇවිල්ලා අනේ තොපිට කෙළවෙයල්ලා‘ කියල හිතන බව. මොනව කරන්නද බුද්ධිය අඩුකම තමයි ඉතින්.
    මම කියන්නේ ඒලෙවල් වලින් තෝරා ගන්න බුද්ධිමතුන් පිරිසකට සල්ලි හින්දා අසාධාරණයක් වෙන්න ඉඩතියන්න බැහැ. රාජ්‍ය විශ්වවිද්‍යාල වලට සම්පත් නොලැබී පුද්ගලික විශ්වවිද්‍යාල ඉදිරියට එක එක වළත්වන්න බැහැ. මොන තරම් දක්ෂයෝ වුණත් හරියට ලැබ් එකක් නැතුව ප්‍රැක්ටිකල් එකක් වත් කරන්නේ කොහොමද. එහෙම වුණාම තමයි අසාධාරණය වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. විශ්වවිද්‍යාල ශීෂ්‍යයන් එක්ක තරහක් නෑ. නමුත් එ් අය කියනවනං එ් අය විතරයි ඉගෙනගන්න ඔ්න කියල එ්ක එච්චර හොඳ එකක් නෙවෙයි. එ් අය හිටියදෙං. අනිත් අය ඉගෙනගන්න ඔ්න.

      එ්ලෙවල් වලිං තේරෙන හැමෝම බුද්ධිමත්තු නෙවෙයි. හැලෙන උං ගොන්නුත් නෙවෙයි. කෙල්ලො බල බල අරක්කු බිබී ඉඳං මොරටු ගිය උං ඔ්න තරං මං දැකල තියනව, මැරීගෙන වැඩකරල යන අතක් නැති උනුත් ඉන්නව. තමුසෙල වගේ අං තට්ටු අාපු අයට එ්ව පේන්නෑ.

      ඔය එ්ලෙවල් වලිං තෝරගත්ත උංගෙ කතාවට කියන්න තියෙන්නෙ..... අකුරු කියවන්න පුලුවනිනං අරන් බලාපන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කමිෂන් සභාවෙ අත්පොත. මේ අවුරුද්දෙ z=1.8.. වන molecular biology වලටත් අවම සුදුසු කම කියල තියෙන්නෙ s3.

      මෙතන වෙලා තියෙන්නෙ ළමයින්ට යන්න තරං කම්පස් රටේ නැති එක. එ් අයට වෙන විකල්පයක් තියෙන්න ඔ්නි.

      ජීවත් වෙන්නෙ සහ එහෙම වෙන්න ඔ්නි උඹල විතරක් නෙවෙයි. සාමානය බුද්ධිය තියන එවුනුත් ඉන්න ඔ්න. වෙනේකක් තියා අයින්ස්ටයින් වත් දක්ශ ශිෂ්‍යයෙක් නෙවෙයි (දැං කියයි එයා මොකාද නලියනෙ මිනිහ කියල.)

      තමුසෙලාට ලැබ් නැතුව ප්‍රැක්ටිකල් කරන්න බැරිනං තමුසෙල කෑගහපල්ල පහසුකං දියව් කියල, එතකොට අපිත් එන්නං පුලු පුලුවං විදියට.

      Delete
    2. “කෙල්ලො බල බල අරක්කු බිබී ඉඳං මොරටු ගිය උං ඔ්න තරං මං දැකල තියනව, මැරීගෙන වැඩකරල යන අතක් නැති උනුත් ඉන්නව“
      එහෙම තමයි... ගොනෙක් අල්ලං අවුරුදු දහයක් විතර උගන්නපන්නෝ.. ඌත් හොඳ බ්‍රයිට් කේස් එකක් වෙයි..

      මට කිසි ප්‍රශ්ණයක් නෑ හැමෝම ඉගෙනගන්න එකට..

      Delete
    3. අරක්කු බීපු එකා ගියේ ප්‍රථම වතාවෙනි. කෙල්ලො බලපු එකා ගියේ දෙවන වතාවෙනි. උගෙ පලමුවර ප්‍රතිඵලය s s f දෙවන වර a a b.

      //මැරීගෙන වැඩකරල යන අතක් නැති උනුත් ඉන්නව// අැයි මේක අතෑරියෙ?

      //මට කිසි ප්‍රශ්ණයක් නෑ හැමෝම ඉගෙනගන්න එකට..// ඉහත කමෙන්ටවට මෙය නොගැලපේ. අංතට්ටුව රැකගැනීමට වලිකන බංකොලොත් බ්ලොග් කරුවෙකි.

      Delete
    4. අතාරින්න දෙයක් නැහැ.. ඒක තමයි කියල තියෙන්නෙ.... මැරීගෙන වැඩ කළාට වැඩේ හරියට කරගන්න බැරිනම් ඉතින් වැඩක් නැහැනෙ.

      අනික රැක ගන්න දෙයක් නැත්තං ඒත් මොනව කරන්නද..

      Delete
    5. හරි හරි, තව දවස් දෙකතුනක් අාතල් එකේ පොර වගේ ඉන්නකො. උඹේ ඉදිමුම බස්සන්න post එකක්ම ඔ්න!

      එ් පාර මේක අතෑරල
      //අරක්කු බීපු එකා ගියේ ප්‍රථම වතාවෙනි. කෙල්ලො බලපු එකා ගියේ දෙවන වතාවෙනි. උගෙ පලමුවර ප්‍රතිඵලය s s f දෙවන වර a a b.//

      Delete
    6. පොර වගේ කොහොම වෙතත් ආතල් එකේ තමයි අපි නං ඉන්නෙ... පෝස්ට් එකක් බැරිනම් දහයක් ලියපන් බන්.. මට මොකද.

      Delete
    7. මට මොකද කියල දැං අහන්නනං මරාගෙන මැරෙන්න එන්නෙ අැයි. හිටිය විදියකට අාතල් එකේ ඉන්න එපෑ!

      Delete
  37. ලංකාවේ තියෙන්නේ නිදහස් අධය්‍යාපනයක් නෙවෙයි. "නොමිලේ" අධය්‍යාපනයක්. "නිදහස්" හා "නොමිලේ" අතර ලොකු වෙනසක් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. නොමිලේ හරි නිදහසේ හරි ගන්න කියල හරි දීපු එකවත් හරියකට ගන්න බැරි වෙච්ච උන් වැඩි ප්‍රමාණයක් අපේ රටේ ඉන්නේ කියල අමතක කරන්න එපා.

      Delete
  38. මාගේ මතය නම් රජය පැත්තෙන් නිදහස් අධ්‍යාපනය තව තවත් වැඩි දියුණු කළ යුතුය...
    සිසුන් ගේ පැත්තෙන් කළ යුත්තේ නිදහස් අධ්‍යාපනයට වැඩි පහසුකම් දෙන ලෙස කෑ මොර දීම මිස, අධ්‍යාපන අවස්ථා අහුරන්නට කටයුතු කිරීම නොවේ.. පසු ගිය කාලයේ පුද්ගලික් වෛද්‍ය විද්‍යාලයට එරෙහිව හඬ නැගුවේ එහි ප්‍රමිතිය බාල නිසා, එය වසා දැමිය යුතු බවයි.. නමුත් විය යුතුව තිබුනේ එහි ප්‍රමිතිය ඉහල නංවන්න යැයි, එහි ඉගෙනගන්නා සිසුන් සමග අත්වැල් බැඳගෙන සටන් කිරීමයි...
    අපේ රටට පුද්ගලික හෝ රජයේ හෝ කාගේ හෝ උසස් අධ්‍යාපන ආයතන නම් තව දුරටත් අවැසි වේ.. එසේ නැතහොත් දැනුමින් පෙරට යන රටක් ගොඩ නැගීම උගහටය..

    පුද්ගලික සරසවි ඔස්සේ ජීවිතය ගොඩනගා ගත් මිතුරන් සිය ගනනක් දන්නා නිසා, කිසි දිනක එයට එරෙහි නොවෙමි.. ඔවුන් දවල් දවස පුරා රැකියාව කර, මුදල් උපයා ඒ මුදල උපාධියට වැය කළහ. සති අන්තයේ හෝ සවසට ඔවුන් උපාධිය හැදැරීය. ඔවුන්ට අපිට වගේ ලස්සන සරසවි දිවියක් නොතිබුන බව සැබෑය.කලා උලෙලවල්, ක්‍රීඩා තරඟ, නාට්‍ය, සංගීත - ඔවුන්ගේ සරසවි ජීවිතයේ බොහෝ අඩුපාඩුය. නමුත් ඔවුහු ඒ කාලය වෙහෙසුනේ මුදල් උපයා උපාධිය සම්පූර්ණ කරගැනීමටය.

    ඒ කෙසේ නමුත්, මෙවර එස් බී කොරන්නට යනදේ ගැන නම් මම විරුද්ධය.අදාල පණත ප්‍රභල සාමාජීය සාකච්චාවකට ලක් කළයුතුව තිබුණි. සියළු සිසුන් එකම ගොන්නකට දමා, ජෙප්පන් යැයි හංවඩු ගැසීමෙන් ඔහු සියළු සිසු පරපුරේම අප්‍රසාදයට ලක්වුණි.

    රත්ගමයා මල්ලියේ.. මේ බ්ලොග් අඩවියේ කොමෙන්ටු වලින් ඔබට පැහැදිලි වන්නේ සරසවිය ඇතුලත අපි ඇසුරු කරන සමාජයට වඩා වෙනස් මත දරන්නවුනුත් එයින් පිටත සිටින බව නොවේද?

    කෑ ගහපන්...!!! උද්ඝෝෂණය කරපන්... !!! හැමෝම වෙනුවෙන්... රට වෙනුවෙන්... !!! සරසවි එන අය මෙන්ම නොයෙන අයත් වෙනුවෙන්... !!!

    හොඳ රස්සාවක් හොයා ගෙන ළමයි 10 දෙනෙක්ට ටියුෂන් යන්න සල්ලි දෙන්න... එදාට උන් පේරා ඇවිල්ල කියයි, අපිට පාර පෙන්නුවේ "රත්ගමයා" කියල.... ඒ රත්ගමයා, ඔය ශිෂ්‍ය වීරයින්ට වඩා 10 ගුණයක් වටිනවා... මටනම්.. !!!
    තරහ වෙන්න එපා, මල්ලි , ඒත් මගේ මතය නම් මේකයි... !!!

    ReplyDelete
  39. මගෙ තාත්තා කරන්නෙ මැණික් බිස්නස්. හැබැයි එහෙමයි කියලා මම නිකං හිටියේ නැහැ. කොහොම හරි තාත්තාගෙ කන්ටැක් පාවිච්චි කරල ලංකාවෙ හොඳම ඉස්කෝලෙකට ආවා. කොළඹ ටියුෂන් ගියා. මං දෙවෙනි පාර ඒ ලෙවල් ඩෙන්ටල් සිලෙක්ට් වුනා. තාත්තා මැදිහත් වෙලා මාව එංගලන්තෙ පලමු පෙල විශ්වවිද‍යාලයක වෛද්‍ය විද්‍යා පාඨමාලවට ඇතුලත් කලා. මට ගේමකට තිබුනේ ටෝෆල් එක්සෑම් එකේ උන් ඉල්ලන ගාන පෙන්නන එකයි. ඒක නම් මම තුන් පාරක් කලා. අද මම පශ්චාත් උපාදියක් කරනවා උතුරු යුරෝපයේම විශේෂඥ ෆීල්ඩ් එකක. මෙහේ රිසර්ච් අනිවාර්යයි. පබ්ලිකේශන් තියෙන්ඩ ඕනෙ.

    ඔය මහලොකුවට උඩ දාන ලංකාවේ වෛද්‍ය උපාධිය ගැන ලංකාවෙ අය ඉන්නෙ ලොකු අධි තක්සේරුවක. මම මොට්ටයෙක් නෙවෙයි. තාත්තගේ සල්ලි නිසා විතරක් මේ උපාධිය ගන්ඩ බැහැ කැපවීම නැත්තම්. හැබැයි ඇත්ත පිලිගන්ඩ! ලංකාවෙ එක විශ්ව විද්‍යාලයක් වත් අඩු ගානේ ආසියාවෙ පලමු විශ්ව විද්‍යාල දහය ඇතුලෙවත් නැහැ. එහෙම අය නැගෙනහිර යුරෝපේයි රුසියාවෙයි ඩිග්‍රී වල ප්‍රමිතිය ගැන කතා කරන කොට මට හිනා යනවා. ඔය කියන ලංකාවෙ මෙඩිකල් ෆැකල්ටි එකකින් හරි ප්‍රසිද්ද ජර්නල් එකක පර්යේශණයක් පලකරල තියෙනෙවද? මේක මට ලංකාවේ කරන්ඩ පුලුවන් වුනා නම් මට ගිය වියදමෙන් 1/5කින් කරන්ඩ තිබ්බ. බය වෙන්ඩ එපා මම ආයි ලංකාවේ "ඉහල ප්‍රමිතියක් තියෙන දොස්තරලගේ" රැකියා නැති කරන්ඩ ලංකාවට එන්නේ නැහැ. මට එන්ගලන්තේ හරි ඇමෙරිකාවේ හරි දොස්තර රස්සාවක් හොයාගන්ඩ අමාරුවකුත් නැහැ. හැබැයි ප්‍රමිතිය ගැන බොරු සෝබන කතා කියන්ඩ එපා. ප්‍රමිතිය මනිනව නං ඒ ඒ නිර්ණායක තියෙනවනේ? මනිමු. පර්යේෂන පත්‍රිකා කීයද, ඒකෙන් කීයක් NEJM, ලාන්සෙට් වල දැම්මද කියල බලමු. නැතුව බොරුවට වචන දාලා කොලේ වහන්ඩ එපා!

    Copenhagen- Neurologist

    ReplyDelete
  40. ලංකාවේ කුහක, මරිමෝඩ කොදෙව්-මානසික ව්‍යාදියෙන් පෙලෙන්නන් සිතා සිටින්නේ ජීවිතේ ඔක්කොම කෙලි ඒ ලෙවල් විභාගයේ ප්‍රතිපල අනුව සිදු විය යුතු බවයි. මේ රටේ දොස්තරලා බහුතරයක් සිතා සිටින්නේ උං අමුතු මේ රටේ ඉහලම වෘත්තියක් කරන, රටේ ඉන්න ඔක්කොම උන්ට වැඳගෙන ඉන්න ඕනෑ කියලයි. වෙනත් රටවල දොස්තරකමත් තවත් එක් වෘත්තියක් පමණි.

    සල්ලි නොගෙවා පිනට අද්‍යාපනයක් දෙන තැන් නැත. අද ඔය පිනට දෙන අද්‍යාපනයට සල්ලි ගෙවන්නේ බදු ගෙවන බිස්නස් කාරයොයි, මැදපෙරදිග දුක් විදින කට්ටියයි කියලා මතක් කරගන්න.

    ReplyDelete
  41. එන්ගලන්තෙ, ලැට්වියාවේ, පෝලන්තෙ, රුසියාවේ ඉඳල එන එවුන් ඔක්කොම පාඩම් කරලම එන උංද? උන්ගේ තාත්තලට සල්ලි නැතුව වෙන්ඩ ඇති එහේ ගියේ නේද?

    එංගලන්තෙන් ආපු අයට මොන එක්සෑම් එකක්වත් නැහැ. උන්ගෙ පුක කොලඹින් පාස් අවුට් වෙච්ච MBBS එවුන් ලෙවකන හැටි දැකල නැද්ද?
    මීට පස්සෙ තප්පුලන එක ප්‍රසිද්ධියේ කරන්න එපා.

    -ඇනෝ පැනෝ

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්... ඔය නිදහස් අඩ්ඩියාපනේ ලබන කැම්පස් ලමයි ලකණු ගන්නෙම විභාග වලට ලියලනෙ. .... අපෙත් අඳුරන අය ඉන්නව කැම්පස් වල. උං උඹල වගේ අං අාපුහාම එකට හිටිය උංව අමතක වෙන කාලකන්නි නෙවෙයි.... උං නං ඉතිං අපට දෙනව විවිධ විස්තර... අම්මෝ... ලියපුවටමලු ලකුණු දෙන්නෙ. ... මූන බලල ලකණු දෙන්නෙම නෑලු..... පළයං බං යන්න.

      Delete
    2. තනියෝ , ඒකම තමයි යකෝ මම කියන්නෙ, මුං පුද්ගලික ඒවට විරුද්ධ උනාට එන්ගලන්තෙන් එන උන්ට නැවිල ලෙවත්කනවා. එතකොට අර දුප්පත් අයට බෑ තියරි නැහැ. මේ අපෙ රටේ ඉන්න උන් ඉගෙන ගන්නවට තමයි අකමැත්ත.

      -ඇනෝ පැනෝ

      Delete
    3. ඇනෝ පැනෝ -- කරුණාකර MBBS දොස්තර මහතුන් සඳහා වන FMG 16 විභාගය ගැන දැනුම යාවත් කාලින කරගන්න.
      http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=5623

      Delete
  42. මෙ කොමෙන්ටුව දාන්නෙ ද්වේශයෙන් නොවෙමි.
    මෙලිපිය තව අවුරුදු 10 කින් 15කින් ඔබ රට කරවන කල්හි, ඔබම කියවා බලන්න අද ඔබෙ අදහස් වලට එදිනට සිතෙනදෙ (අත්දැකීමෙන් ලියුවක්මි)

    ReplyDelete
  43. සරළ උත්තර තියෙද්දි වටේ යන එක ලංකාවෙ සිරිතනෙ. හයි මාක්ස් ගන්න 20000 නිකන් උගන්නව. ඉතුරු උන්ට ගෙවල ඉගෙනගන්න කැලේ පැතිවල තීන වි.වි පුළුල් කරනව. එතකොට එව්වට නැති පහසුකම් ඇතිකරගන්න සල්ලිත් තීනව උපාදියෙ ගුණෙත් රැකෙනව ( එහෙම එකක් තීනවනං )! දැන් කියයි ඇයි විසිදාහකට විතරක් ඔක්කොටම දීපියව් කියල. පුවිවි එපානං, ආන්ඩුවට සල්ලිත් මදිනං ( දැන් කියන්න එපා අරක කපල, මේක කපල ආන්ඩුවට සල්ලි හොයන්න පුලුවන් කියල , එව්ව මෙව්ව නැති ආන්ඩු කරන්න බෑ, හරියට නොකා හිටියත් රී ලෝඩ් දාන, ජීවිතේම ණය රෝලෙන් ගෙවන, බොරුවයි වංචාවයි පිරි මිනිසුඟෙන් හැදුන රටක ආන්ඩුව විතරක් කොහෙ කෙළින් යන්නද, ඒකේ ඉන්නෙත් අර මිනිස්සුමනෙ ) විකල්පෙ මොකද්ද? සල්ලි තීනම එකාට විකල්ප ඕනෙ නෑ. උන් රට යන එක අපි කාටත් නවත්තන්න බෑ. ඊළඟ ඉහල මැද උනුත් ටිකක් පස්සෙ ඉඩමක් කඩමක් විකුණල ගිහින් වළං හෝදල හරි උපාධිය ගන්න එක නවත්තන්නත් බෑ. එතකොට නවතින්නෙ ඔය දෙකම කරගන්න බැරි උන්. උන්ට අඩු ගානෙ මෙහෙ රස්සවක් කරනගමන් ඉගෙනගන්නවත් චාන්ස් එක නෑ! එතකොට එපා කියන උන් කරන්නෙම අර නැති උන්ට වළ කපන එක නෙමෙයිද? අනික මහපොළ එන්න කලින් ඔය ඔක්කොමල එක්කො අතේ සල්ලිවලින් එහෙම නැත්තං boc ණයක් අරන් හරි තමයි ඉගෙන ගත්තෙ. එතකොට අර සල්ලින් නැති අඩු මාක්ස් උන්ට ආයි එහෙම ණය දුන්නොත් උන් පු.වි.වි ගිහින් ඉගෙන නොගනීද? ණය අරන් ඉගෙන ගන්න එකා නිකං මෙලෝ රහක් නැති ජාතිවල ශාස්ත්‍රපති උපාධි හොයන්න යන්නෙ නෑනෙ ජොබ් නැති නිසා. ඉල්ලුම තීන "කළා"වක් තෝරගනියි සල්ලි ගෙවන්න ඕනත් නිසා. එතකොට ඔය කියන රැකියා අවුල උග්‍ර වෙන එක වෙයිද?

    ගිය උන් නොගිය උන් ගැනයි නොගිය උන් ගිය උන් ගැනයි තරහෙන් කියෝල වැඩක් නෑ. කරුමෙට ඊගො නිසා මුන් දෙගොල්ලො එකතුවෙලා යමක් කරන පාටකුත් නෑ. ඒ නිසා හැමදාම වගේ බැක් ටු..."ලකුණු මදිනං රට පැණපං පුතා...."

    ReplyDelete
  44. මෙතන සමහර එවුන් කියන දේවල් දැක්කම හිතෙනවා බං අපි මුන් වෙනුවෙන් ද මේ කෑ ගහන්නේ කියලා. සමහර එවුන්ගේ කතා වල හැටියට උන්ගේ ළමයි වෙනුවෙන් කෑ ගහන අපිට ගහල මදි කියලා හිතෙනවා.. මොනවා කරන්න ද බං..

    අපි යන්නේ කොයි පාරේ
    නිෂ්මි බාලේ ගිය පාරේ
    අපි යන්නේ කොයි පාරේ
    ත්‍රිමා වෙනුර ගිය පාරේ...

    ReplyDelete
    Replies
    1. මේ නිදහස් අධ්‍යාපනය බේරා ගන්නවා කියල ඔයාලගේ අරමුණ මොකක්ද?
      අලුතින් private ඒවා හදන එක නවත්වන එකද?
      SB ගේ පනත නවත්වන එකද?
      තියන private campus වාහන එකද?
      නැත්නම් වෙන මොනවා හරිද?

      ඔය කියන එක්කෙනෙක්වත් ඔය ගමන් ගියේ ඔහොම සිංහ පාර්ට් පිට නම් නෙමේ. ඔයාලට ඇත්තටම නිදහස් අධ්‍යාපනය ගැන හැගීමක් තියෙනවනම් කරන්න ඕන campus වහගන්න නැතුව හොදට ඉගෙන ගෙන රටට මිනිස්සුන්ට සේවයක් කරන එක. නැතුව පාරවල් වහල මිනිස්සුන්ව රස්තියාදු කරවල (ඒ මිනිස්සුන් ලවා අර ගෙදර ඉන්න දෙමව්පියන්ටත් නිකන් හචින් යවලා) තවත් රටට හා ඔයාලගේ අධ්‍යාපනයට වියදම් කරන අහිංසක මිනිස්සුන්ගේ ධනය නාස්ති කරන එක නෙමේ.

      ඔයාලගේ අරමුණ හොද වෙන්න පුළුවන්. ඒත් යන්න වැරදි පාරේ. කොහොමද වැරදි පාරේ කියල දන්නේ? මීට කලිනුත් ඔය පාරේ යන්න ගිහින් අන්තිමට කෙළවර උනේ campus ළමයින්ට ජම්බු ගහින් වැටුන ගැණු ළමයින්ට වගේ එලියට එන්නේ නැතුව හැංගෙන්න වෙලා. නිකන් නෙමේ පන බේරා ගන්න. කාගෙන්ද? ඒක කියන්න ඕන නැනේ. මොන ආණ්ඩුව ආවත් ඒක එහෙමම තමා.

      දැන් ඔය ගට අරන් එක එක්කෙනා ගිය පාරවල් ගැන කියල කෑ ගැහුවට ඒ කලේ ඔය පාරවල් වල ගිය අය ඒ ගමන ගිය කොහොමද කියල හොයල බලන්න. ඔහොම thrill එකේ නම් නොවේ ඒ ගමන් ගියේ.

      "මෙතන සමහර එවුන් කියන දේවල් දැක්කම හිතෙනවා බං අපි මුන් වෙනුවෙන් ද මේ කෑ ගහන්නේ කියලා. සමහර එවුන්ගේ කතා වල හැටියට උන්ගේ ළමයි වෙනුවෙන් කෑ ගහන අපිට ගහල මදි කියලා හිතෙනවා."

      ඔයාලා මාර කතානේ කියන්නේ. මෙතන ඉන්න කවුරු හරි (හරි මහජනතාවගෙන් කව්රුහරි හරි ) ඔයාලගෙන් ඉල්ලලා තියෙනවද ඕව කරන්න කියාල?ඔයාල අපි වෙනුවෙන් කියාල අපෙන්වත් අහන්නේ නැතුව දෙයක් කරලා පස්සේ කියනවා මෙන්න මේවා තමා අපි ඔයාල වෙනුවෙන් කලේ කියාල. ඉතින් ඔයා කියන්නේ අපිට ඕකට හුරේ දන්නා කියලද? රටේ මිනිස්සුන්ගෙන් සැහෙන ගොඩකට අර කලින් ගිය ගමන ගැන අත්දැකීම් තියනවා. ඉතින් ඔයාල අකමැති උනාට කරන්න දෙයක් නෑ ඕව කරනවට (තමන්ගේ අධ්‍යාපනය නවත්වාගෙන) මිනිස්සුන්ගෙන් බහුතරයක් සැහෙන තරහයි.

      ප ලි : මම රජයේ පාසලක ඉගෙනුම ලබා ලංකාවේ ප්‍රමුක විශ්ව විද්‍යාලයක ඉගෙනුම ලබා මට හැකි පමණින් මා (මහජනතාවගෙන්) ගත් ණය ගෙවමින් සිටිමි.

      Delete
    2. boru keyanna epa oya napunsaka alaekne.

      Delete
    3. ane obatumagena deyyoma balaganna oonee pram para gaanakata hariyanna ooone

      Delete
  45. මේකට කියන්න ඕනේ දේවල් ඔක්කොම මම මේ පොස්ට් එකෙන් කියා ඇත.
    http://xandaraya.blogspot.com/2012/01/blog-post.html

    ReplyDelete
  46. http://www.facebook.com/photo.php?fbid=279157302149902&set=a.172473149484985.44257.165131636885803&type=1&ref=notif&notif_t=like&theater

    ReplyDelete
  47. ලංකාවේ විශ්විද්‍යාල වල අධ්‍යාපනික ගුණාත්මකභාවය දැන් සැසදෙන්නේ ඇවිදින ඇටසැකිලි සිටින අප්‍රිකාවේ අසාර්ථක රජයන්ගේ අධ්‍යාපනික ආයතන වලට සාපේක්ෂවය. ලංකාවේ උසස් අධ්‍යාපනය බේරා ගැනීමට පොරමඩුල්ලේ එස්බියාවත් , අන්තරේ හීනමාන චාටර්කාරයන්වත් , තුන්වේල යහමින් කා කිරෙන් අත සෝදාගන්න නාමල් බෙබිවත් එන්නේ නැත. ලංකාවේ උසස් අධ්‍යාපනය උසස් මට්ටමකට ගෙන ආ හැක්කේ එහි අධ්‍යාපනය ලබන සිසු සිසුවියන්ට පමණි. පිකටින් යාම, දේශපාලන පක්ෂ වලට කඩේ යාම, පර පිඩක ආතල් එකෙන් නවක වදය දීම, ලිංගික අතවර කිරීම මේ සෑම දෙයක්ම කරන මොවුන් කරන නමුත් නොකරන එකම දෙය හරි හැටි අධ්‍යාපනයේ නියැලීම පමණි.

    නරඹන්න කොළඹ විශ්ව විද්‍යාලයේ සිසුන් පොලු පිහි අතැතිව උසස් අධ්‍යාපනයේ නියැලෙන අයුරු (කොහොමද ලී කෙලි සෙල්ලම සහ පිහිය? කොහොමද ඩිග්‍රිය කරනකම් සිවුර පටලවාගෙන පිරිවෙනෙන් පිනට ලඩා ගහගෙන පින් බත් කෙලින ගරුතර සංගරත්නය හැසිරෙන හැටි ) http://www.youtube.com/watch?v=lfxrReGbYNU

    මෙන්න රජරට විශ්ව විද්‍යාලයේ සිසුන් පිකටින් කරන හැටි (අයියලා එන්න කීවාම යන්න ඕනේ , නැත්තනම් පෝරියල් තමයි)

    http://www.youtube.com/watch?v=eIyVk3pRwKk&feature=related

    මෙන්න අර නලින් ද සිල්වා සීයා නිතර කියන ගර්හිත ජරාජීර්ණ බටහිර (ඇමරිකාවේ ) විශ්ව විද්‍යාලයක ඉගෙන ගන්නා ලංකාවේ ළමයි සාමකාමිව උත්සවයක් සමරන හැටි. (පේනවද මුන් කොකා කෝලද මොනවාද බොන හැටි , ඕවා ඉස්සර කොළඹ විශ්ව විද්‍යාලයේ බොන්න තහනම් ) http://www.youtube.com/watch?v=ri0erYYQ5dE

    දැන් ඉතින් මේවා වලට ඉරිසියා නොවී එක්කෝ උඹලගේ හරක් මඩු ටික හොඳ තත්වයකට අරගෙන වරෙල්ලා නැත්නම් ලබන ආත්මෙවත් උඹලා දැන් ඉන්න වදකාගාර වලට යන්න නොලැබී මේ වගේ එල තැන වල උසස් අධ්‍යාපනයේ දීමට හැකි වේවා කියා කටපුරා සාදුකාරයක් දීපන්. මීට සුදු සීයා

    ReplyDelete
  48. උබල මහ ලොකුවට පා ගමන් ගියට වැඩක් නෑ. උබල හරි අයිතින් වෙනුවෙන් පා ගමන් යන්නෙ නෑ. උබල ඇත්තටම අනෙක් ලමයින් ගැන කැක්කුමක් තියෙනවනම් අපෙ රටේ විබාග සමත් වෙන(S 3) තියෙන ලමයිනුත් විශ්ව විද්යාලය්ට අතුලහ් කරගනිල්ල කියල ඇය් උබල පෙලපාලි නොයන්නෙ.ඇය් උන්ට ඉගෙනගන්න හොද නැද්ද?උනුත් විබාග සමත් අය තමෛ. උබලගී තියෙන කුහකකම ප්‍රදර්ශනය කරන්න එප බොරුවට

    ReplyDelete
  49. කෙල පෙරාගෙන,නොන්ඩි වෙවි හිටපු එකෙක් ගිය උඩ :P
    ඔන්න s3 වඩා පොඩ්ඩක් වැඩි වෙලා කැම්පස් අහු උනාම දාන ටොක්ස් :ප්
    පව් ඕයි අර අම්මලා... බොට කන්න දුන්නෙ එකටවත් සලකපන්...


    තව අවුරුදු 5 කින් එලියට ඇවිත් අරගල කරපන්කො... අන්න එහෙම කරපන් පුලුවන්නම්..

    තොපිලගෙ තියෙන කුහක කමට ඉන්න කම් විතරක් බොරුවට කැගහනවා.
    ඉගෙන ගන්න උන්ටත් ඉන්න නොදි...

    ReplyDelete
  50. අම්මා පෙවූ කිරි ලේ වල තිබෙන තුරු
    බැන්දත් මගේ මග වලකා ගල් පවුරු
    කැපුවත් දෙපා දෑතින් ගෙන කිහිලි කරු
    සුරකිමි සදා ඉගෙනුම පන තිබෙන තුරු

    ReplyDelete
    Replies
    1. Surakinna deyak nnethoo, Nikan ugannana eka newatila nethoo. Nomilee adypanaya thawama denu lebeee.

      Delete
  51. ඔව්,
    අම්මා පෙවූ කිරි ලේ වල තිබෙන තුරු
    බැන්දත් මගේ මග වලකා ගල් පවුරු
    කැපුවත් දෙපා දෑතින් ගෙන කිහිලි කරු
    සුරකිමි සදා ඉගෙනුම පන තිබෙන තුරු

    ReplyDelete
  52. ubalata gahala madi - Amdon SIlva -

    ReplyDelete
  53. Accurately melted would mix of that have any one
    of the solution such as sweetie, quickly pull and it could be butter in addition to 1 may likely
    love this mouth-watering lunch break. The item of furniture occur the very best and also created
    full use of these two balconies while barbeque! A lot of these take intersected the kitchen
    at home and in a tremendous ways to regulate your life,
    especially for young women. Consider approximately Thirty feet is quite,
    400 easy Web-based the air just about all everywhere in
    the event you interest.

    Here is my homepage ... Extreme Toaster Stunt
    Bike (Http://Toasterovenpicks.Com)

    ReplyDelete

ඔබේ වචන මට හයියකි...මේතන ලියා යන්න(ඔන්න හොදින් කිව්වා..අඩෝ...ලිව්වේ නැතිනම් කපනවා ඩෝ...)