Saturday 3 March 2012

පොශ් අක්කාගේ දෙක........

නිමිත්ත - සාහිත්‍ය මාසය වෙනුවෙන් කැටයක් එකතුකිරීමට යාම

 


කැටේ අරන් යනකොට අපි පාර දිගේ                  පාන්දරින්
එයත් හිටියා බස් රථයේ මැදට වෙන්න              උජාරුවෙන්
කොන්ඩේ වනලා ඇදලා හිටියේ වැඩි හරියක් ඇග   එලියෙන්
සිනාසුනා මමත් ඉතින් ඇහැක් ගහලා කට           කොනකින්

අම්මේ තාත්තේ අයියේ අක්කේ       බලන්
පේරාදෙණියේ අපි ආවේ කැටේ       අරන්
මාරුකාසි තියෙනව නම් අතට          අරන්
දෙන්න අපිට බය නැතුවම පින්       පුරවන්

තෙලක් ගහලා බස් එකටම      ඇඩෙන්නට
කැටේ අරන් ආවා මම                ඉක්මනට
ටිකෙන් ටිකම කිට්ටු උනා ඇය         ලගට
එලිය බලන් හිටියා ඇය පොශ්           කමට

අනේ මෙයා මේ පේරාදෙණියෙ          කැට
කරන්නේ නෑ වැරදි වැඩක් ඔයා            හට
ඔයා නෙමෙයි ගෙනියන්නේ මම       එහෙට
තියෙනව නම් පොඩි රුපියල මට       දෙන්ට 

ආයේත් කට කොනෙන් රවා සොදුරු        එයා
චික් විතරක් බැලැඩි නොන්සන්ස් කියලා    කියා
ඇරලා පසුම්බිය උකුලෙන් අරන්               තියා
රුපියල් දෙකේ කාසිය මට දීලා                ගියා

දාහේ බ්ලවුස් ඇදගෙන මුන් පාරේ      යති
ටයිඩ් ඩෙනිම් ඇදගෙන විලි වහ        ගනිති
ස්මාර්ට් පෝන් කනේ ගහන් ගී         අහති
දහයේ කොලේ හංගාගෙන දෙකක්     දෙති

42 comments:

  1. බස් ගාස්තු වැඩියි යකො.. ඒ අස්සෙ උඹලා ඇවිල්ලා ඉතිරි දෙකත් ඉල්ලද්දි.. මිනිස්සු කොම දෙන්නද..
    කුරයිනෙ..
    උඹලටත් අම්මපා ලස්සන චිත්ත කැල්ලක් දැක්කාම.. කෙල හලාගෙන ආ :D

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත බනියෝ....

      Delete
    2. අඩේ.. රුපියල් ම දෙකක් දීලා නේ.. පට්ටයි නේ..

      Delete
  2. බොට දෙකක්වත් හම්බවෙච්ච එක ගැන සන්තෝශවියං රත්තො.

    ReplyDelete
  3. ඔයා කියවපුවට එයා දෙකක් හරි දුන්න. එතකොට එයා පෙන්නපුවට ඔයා කීයක් දුන්නනද ?

    ReplyDelete
  4. ඔයා කියවපුවට එයා දෙකක් හරි දුන්න. එතකොට එයා පෙන්නපුවට ඔයා කීයක් දුන්නනද ?

    ReplyDelete
  5. තොගෙ දෙකත් ගත්තෙ නැති එක ගැන සතුටු වෙය

    ReplyDelete
  6. උඹව දැකල එහෙම හරි දුන්න මදැයි බං.

    ReplyDelete
  7. කැම්පස් ගියත් හරි මූගේ මොළේ නැතී
    මිනිසුගේ මුදලින් මුන් ඉගෙන ගතී
    බස් ගානේ මිනිසුන්ගෙන් හිගා කතී
    දුන්නු ගානටත් අලි පඩි ටෝක් දෙතී

    ReplyDelete
  8. අය්යේ ඇත්ත තිත්තයි කියලා කොමෙන්ට් මැකුවාම පැනිරහ වෙන්නේ නෑ. අය්යාගේ කතාවට අපේ අදහස් එපාද? මේවා ලියනවනම් මේවට දාන කොමෙන්ට් වලටත් අය්යා උත්තර දෙන්න. කොමෙන් මකන එකනම් මහ පජාත වැඩක් නේද අය්යේ?

    ReplyDelete
    Replies
    1. මල්ලී බීලද? නැති නම් බොනවද?
      ඇත්ත නමින් එන්න උත්තරයක් දෙන්නම්..හොදේ...
      ප.ලි - මොකක්ද දන්නේ නෑ මැකුවේ නේ..ඒකත් ආයේ එන වෙලාවක ලියලා යන්නකෝ..

      Delete
  9. හිගන්නොන්ට දෙන්න සල්ලි කොහෙද හිඟන්නෝ ළඟ.

    ReplyDelete
  10. :D ආශ්චර්යට යන ගමන හරි ගනං බං! ඒක වෙන්න ඇති අතේ සතේ නැත්තේ!

    ReplyDelete
  11. අම්මෝ ඔය කැට සීන්නම් මතක් කරන්න එපා

    ReplyDelete
  12. මම නම් සල්ලි දාන්නේ නෑ කැට වලට....

    ReplyDelete
  13. බොලා කැට අරන් බස් එක යන කලට..
    තවත් හිඟන්නන් අඩු නැත බස් එකට...
    යන එන තෙල් බේත් කරුවෝ සනසන්ට
    පිංකැටයක් කැඩුවත් බෑ සමාර වෙලාවට...

    ReplyDelete
  14. පට්ට ඇත්ත! පට්ටම ඇත්ත!

    ReplyDelete
  15. හිකිස්... බස් ගාස්තු වැඩියි නේන්නම්.. එහෙවු එකේ කොහොම එයා සල්ලි ගොඩක් දෙන්නද මෙයා.. හෙ හෙ

    ReplyDelete
  16. පොශ් අක්කට බැන්නෙනම් එය වැරදි යි
    …මම නම් බනින්නෙ හැමදාමත් උබට යි

    ……යන්නෙ නම් අනිත් සැරෙ කැටෙ අරන්
    …පහෙ කට්ට ගානට වත් හිල හදහන්

    ReplyDelete
  17. ඇඳුමෙන් පැළදුමෙන් මිනිස්සු මනින්න එපා මචං. සල්ලි ඇතා නැතා උඹලා අපි කවුරුත් කැමතියි ලස්සනට ඇඳ පැළදගෙන යන්න. අපිට වඩා කෙල්ලෝ කොහොමත් කැමතියි! අනික අද කාලේ වියදමුත් සැර එකේ ලද දෙයින් සතුටු වෙයං!

    ReplyDelete
  18. දැන් නම් කැට නැහැ නොවැ..

    ReplyDelete
  19. අපිත් කැට කරන කොට අනන්තවත් ඕව වෙලා තියෙනවා .. 10 කොලේ දීල ඉතුරුත් ඉල්ලනවා ...

    ReplyDelete
  20. හික් හික් ගුටි නොකා දෙක දුන්න එකම මදෑ.....

    ReplyDelete
  21. මරු කවි ටික ඉරු..

    ReplyDelete
  22. මාර වැඩක්නේ.දාහේ බැරි නං එක්දාස් පන්සීයේ ඇන්දත් කාටවත් මොකද?? සල්ලි දෙන්න කියලා නීතියක් නැනේ.අනිත් එක ඔච්චර අනිත් මිනිස්සුන්ට කියන්නේ , ඔය කැම්පස් ළමයි බොන්න වියදම් කරන සල්ලිත් ඕවට දෙන්නකෝ.ඔයත් අඳින්නේ නැතුව ඒ සල්ලිත් එකට දාන්න.

    ReplyDelete
    Replies
    1. රත්ගමයෝ උඹ ෂුවර් එකටම කැටේ අල්ලලා තියෙන අක්කා මෙයා තමා.... :D

      Delete
    2. he he...ne man bus wala yanne ne...:P

      Delete
    3. පලයන් ගෑනියේ යන්ට....පාරේ බස් එකකවත් ගිහින් නැති උඹලා වගෙ එවුන් හිතන්නේ තමන් ගැන විතරයි

      Delete
    4. බස් එකේ ගියත් මම හිතන්නෙත් මං ගැන විතරයි බං ඇනෝ... :D

      Delete
    5. උඹත් තමන් ගැන විතරක් හිතන එක මහ වීර වැඩක් කියල හිතන් ඉන්න එකෙක් බව නම් පේනවා.......

      Delete
    6. තමන් ආත්මාර්ථකාමියෙක් කියල ලෝකෙට පෙන්න පෙන්න ඉන්නෙ නැතුව ඒ නරක ගතිගුණය පොඩ්ඩක් අඩු කර ගන්න උත්සහ කරපන් "සෝරෝ"

      Delete
    7. අපි දැනං හිටිය ZORRO නං අනුන් ගැනත් හිතන මිනිහෙක්.... :p

      Delete
  23. ඔය පල්ලෙහා පැත්තේ එවුන්ට නුවර කෙල්ලෙක් දැක්කාම ඉවසගන්න බැ. කාලකන්නි.උන්ට පේරාදෙණියට එන්න දෙන්න හොඳ නැ.නුවරටමයි බනින්නේ.ඊට පස්සේ එනවා පේරාදෙණියේ රින්ගන්න..

    ReplyDelete
  24. ආහ්.... මල්ලී.... සාහිත්‍ය උලෙළේ කැටේ කොරනවා වගේ ආ....
    හොදා හොදා !

    ReplyDelete
  25. ඔය දෙකත් නොදෙන අය ඉන්න එකේ ඕවා ගැන හිතන්න එපා මලයා...

    ReplyDelete
  26. ලැබුනු දෙකෙන් සතුටු වෙයන්....

    ReplyDelete
  27. ඇහ්.. උඹට දෙකක්ම හම්බු උනාද.. සන්තෝස වෙයං මලේ. තව අවුරුද්දකින් නැත්නං දෙකකින් බොලාටත් අර හිඟන්නන්ට උනා වගේ බස් ගානෙ කැට හොල්ලන්න තහනං කොරයි.

    ReplyDelete
  28. To malya cruise:-පලයන් ගෑනියේ යන්ට....පාරේ බස් එකකවත් ගිහින් නැති උඹලා වගෙ එවුන් හිතන්නේ තමන් ගැන විතරයි

    ReplyDelete
  29. To malya cruise:-පලයන් ගෑනියේ යන්ට....පාරේ බස් එකකවත් ගිහින් නැති උඹලා වගෙ එවුන් හිතන්නේ තමන් ගැන විතරයි

    ReplyDelete

ඔබේ වචන මට හයියකි...මේතන ලියා යන්න(ඔන්න හොදින් කිව්වා..අඩෝ...ලිව්වේ නැතිනම් කපනවා ඩෝ...)