Saturday 17 March 2012

අඩෝ චූටි මල්ලි.........



අඩෝ..
චූටි මල්ලි....
මහා උජාරුවෙන් ඉදියා නේද උඹ
දැන් ඉතින් විදවපන්...
මහ රෑ තිස්සේ පොඩි බංකුවක් උඩ...
කලු ලෑල්ලක් දිහා බලන්...
දැන් හිතපන්....
තොගේ අයියලට හිනා උන හැටි
මතක් කරපන්...
අයියලා පන්ති යනකොට....
'මම හැමදාම පලවෙනියා'
උජාරුවෙන් කෑ ගහපු හැටි..
ටීවී එක ඉස්සරහට වෙලා
කකුල් උඩදාගෙන 
ස්කූබිඩූ බලපු හැටි...
දැන් උඹේ කාලේ....
දවස් හතේම පලයන් පන්ති...
මම කිව්වා උඹට.,..
හැමදාම පලවෙනියා වෙන්න බෑ කියලා...

(පසුගිය වාර විභාගයේ චූටි මලයා පන්තියේ වෙනියා පසු බැසීම නිසා අම්මා විසින් දැඩි තීරනයක් ගෙන මූව පන්ති යැවීමට තීරණය කරන ලදී...)

සෑහෙන කාලයක් ඩ්‍රාෆ්ට් වල සේව් වී තිබුනි.. :)

22 comments:

  1. පංති ගිහිල්ල උඹ කරපු කුප්ප වැඩ ටික ඌටත් කරන්න කියල දියං. :D

    ReplyDelete
  2. හරිනෙ දැන් ඉතින් චූටි මලේ පංති ගිහින් චූටිම චූටි කෙලි පැටික්කියෙක් දාගත්තම බොලාට කින්ඩිය දාවි........

    ReplyDelete
  3. ඌත් උඹ වගේ පන්ති යනවා කියලා රස්තියාදු ගහන්ඩ පුරුදු වෙයිද දන්නේ නැහැ..

    ReplyDelete
  4. චූටි උනාට ඌත් ඉතිං රත්ගමයගෙ මල්ලිනෙ. උඹ වගේම හිටී.

    ReplyDelete
  5. මූ කැම්පස් ගිහිල්ලත් තවම අර පොඩි එකාට ඉරිසියාව. හෙහ් හෙහ්.. හිත හොඳ පිස්ස කිව්ව වගේ වැඩක් උනොත් ?

    ReplyDelete
  6. මටත් ඕකම වෙලා තියනවා අප්පා..

    ReplyDelete
  7. කුජීතයි මූත් කවි ලියන්න පටං අරං පිට පිටම....

    ReplyDelete
  8. චූටි මලයට රත්ගමයගේ තියෙන සැලකිල්ල කවි ටිකෙන් පේනවා..චූටි මලය පන්ති ගිහින් කුප්ප වැඩ පුරුදු නොවී හොදට ඉගෙන ගච්චාවේ.

    ReplyDelete
  9. ඕකට කියන්නේ සහෝදර ප්‍රේමය කියලා...

    ReplyDelete
  10. උබ දැන් ඌව හලන්න යන්නේ,,බලපල්ලා ඌ උබලට දෙන්නටම කොකා පෙන්නයි

    ReplyDelete
  11. චුටි මලයත් අයියා වගේ වෙන පොටක් තමයි ඔය.. චූටි මලයෝ උඹනම් අයියා වගේ වෙන්න එපා..

    ReplyDelete
  12. පව් බං පොඩි එකා..

    ReplyDelete
  13. සෑහෙන කාලයක් ඩ්‍රාෆ්ට් වෙලා තිබුනානම් දැන් මලයා පන්ති ගිහින් ඉවරත් ඇති එහෙනම්.

    ReplyDelete
  14. පංති යන්න දීපං හැබැයි උඹ කරපුවා නං ඌට කරන්න කියන්න එපා....

    ReplyDelete
  15. හිකිස් පව් වැඩේ හැබැයි....

    ReplyDelete
  16. පිස්සාගෙ කතාවට එකඟ වෙමි.. මූ චූටි කාලෙ ඉදන්ම චූටි මල්ලිට ඉරිසියයි..!!
    මු මහ වසගෝරු කුජිත අයියා කෙනෙක්..
    තුක් විතරක්..
    :D

    ReplyDelete
  17. අසාමාන්‍යයි!!!

    ReplyDelete
  18. රත්ගමයා ඔය කවිය පොඩි එකා දැක්කානම් එකට ගොඩාක් සන්තෝස හිතෙයි නේ :p:P

    ReplyDelete
  19. හෙනම ලෙඩේ! පොඩි එකාට සප් එකක් දිය!

    ReplyDelete
  20. ඉරිසියාකාර අයියාගේ සැබෑවූ සිහිනය.

    henryblogwalker the Dude

    ReplyDelete

ඔබේ වචන මට හයියකි...මේතන ලියා යන්න(ඔන්න හොදින් කිව්වා..අඩෝ...ලිව්වේ නැතිනම් කපනවා ඩෝ...)