Monday 16 April 2012

චූටි මල්ලී - "සුදු පාට රේන්ද අල්ලන්නේ යට සායවල් වලනේ යකෝ"


නිවාඩුවට ගෙදර පැමින දැන් සති දෙකකටත් වඩා ගෙවී ගොස් තිබේ.කරන්නට වැඩක් නොමැති ලෙස ජීවිතය හිස්ව ගොස් ඇත.ඉද හිට රූපවාහිනිය ඉදිරියට ගොස් උන් පෙන්නන දෙයක් බලා සිටිනවා විනා කිසිදු අලුත් වැඩක යෙදීමට අවස්තාව නොලැබුනි.

"ඒ හලෝ....මේ...ලොකු අයියේ.."

දයාබර චූටි මල්ලීගේ ආදරණීය හඩින් මාගේ මනෝ ලෝකය කඩාබිද වැටුනි..

"ඔව් කියපන්..ඒ පාර මොකාටද එන්න හදන්නේ.."

ඔහුගේ මුවේ පිරී තිබූ සිනහව මාගේ ලමා කාලය සිහිගන්වන්නට විය.මා අවලම් වැඩකට අර අදින මාගේ කුඩා මුහුනේද මේ හැගීමම තිබූනා නේදැයි සිහි වී සිහින් සිනහවක් මා මුවෙන් ගිලිහේ

"මේ ඕයි..අන්න පොඩි අයියා තමුසෙගේ ෆෝන් එක අරන් ඇන්ග්‍රි බර්ඩ් ස්පේස් ගහනවා "

කේලම් ඇදහැලීමේ සහජ දක්ෂතාවය මැනවින් විදහා දක්වමින් දඩ කේලමක් මා ඉදිරියේ ඇද බැවේය.මූ මාගේ කපාපු පලුවක්මයැයි මා මීට පෙරද පැවසූවෙමි

"ඉතින්..ඌට ගහන්න දිය..උඹට මොකක්ද වෙන්න ඕන"

මම සැරෙන් ඇසීමි

"ඒක මට ඉල්ලලා දෙනවකෝ"

බයාදු මුහුනින් මා දෙස බලා සිටින චූටි මල්ලී ගැන මට මහත් අනුකම්පාවක් ඇති විය.චූටි මල්ලිගේ හිතේ ඇත්තේ පොඩි මල්ලීට කෙල වීමේ සද්ගුනවත් චේතනාවය.මුන් දෙන්නා කොටවා මම ආශ්වාදයක් ලබනා බව ප්‍රසිද්ද රහසකි.

"එහෙනම් ඉතින් කඩේට දුවලා දුවලා ගිහින් මට කන්න බයිට් පැකට් එකක් ගෙනෙන්..බෝල බයිට් නැති නම් නෙක්ටෝ එකක් ගෙනෙන් හරිය "

මාගේ කටින් අවසන් වචන කිහිපය නික්මීටට මත්තෙන් එය ඔහු වටහාගත්තේ සැමදා මා පගාව ලෙස ගන්නේ බයිට් පැකට් එක සහ නෙක්ටෝ බෝතලය බැවිනි.චුටි මල්ලී කඩේ යැවීම එක්තරා ආකාරයට විනෝදජනක ක්‍රියාවකි.

ඇතැම් දිනවල ඔහු බයිට් පැකට් ගෙනැවිත් රස කර කර ආහාරයට ගනී.ඔහුට දෙකක් ඇන බයිට් පැකට් එක උදුරාගෙන කෑම මාගේ විනෝදාංශයක් බව ඔහු මෙන්ම අම්මද දනී.ටොක්කක් කෑම හා බයිට් පැකට් එක අහිමි වීමේ දුකෙන් අම්මා වෙත දිව යන චූටි මල්ලී සැනසීමට ගත ගත වන්නේ තත්පර කිහිපයකි.

නැවත විනාඩි කිහිපයකින් මා වෙත  දිව එන ඔහු මට ඇනුම්පද කියයි,නිගරු කරයි.කොපමන දේ කීවත් නැවත් බයිට් පැකට් එක හිමි නොවන බව අද්‍යාත්මය විසින් ඔහුගේ නොවැඩුනු මනසට කෙරෙන්නාවූ බලපෑම නිසාම අවලාදයන් සියල්ල නතර කර දමා මා එහා පැත්තේ ඇති පුටුවට පැමින රූපවාහිනිය නරඹයි.

පෙර සිටම චූටි මල්ලී වැඩ බෙදාගෙන සිදු කිරීමට දක්ෂතාවයක් පෙන්නුවේය.අධ්‍යාපනය සම්භන්ධ ගැටලු පොඩි මල්ලීටත් සමාජයේ අවලම් කුප්ප වැඩ සම්භන්ධ ගැටලු මා වෙතටත් ඉදිරිපත් කිරීමට හේ පසුබට නොවේ.

"මේ අයියේ..ඕයි....මම බඩ්ඩක් අහන්නෙයි..."

"ඒ පාර මොන මගුලක්ද..අහපිය.."

ඔහේට මතකෙයි ගිය සතියේ අර අපි ඉස්සරහින් ගිය කෙල්ල..අර සුදු පාට රේන්ද අල්ලපු ගවුමක් ඇදන් ගියේ"

"සුදු පාට රේන්ද අල්ලන්නේ යට සායවල් වලනේ යකෝ.."

ඔහුට වඩා කාන්තා යට ඇදුම් ගැන වැඩි වැටහීමක් ඇති මා ආඩම්බරයෙන් පැවසුවෙමි.

"නෑ අයියෝ...අර කෙට්ටු එක්කෙනා..මම ඒ කෙල්ල යන වෙලාවේ තමුසෙගේ කකුල පෑගුවේ.."

"ඔව් ඉතින්...."

"මම එයාගෙන් පෑනක් ඉල්ල ගත්තා....මේ........"

 එසේ කියමින් ඔහු මට පෑනක් පෙන්නයි..විල්ල කටේ දමා උරච්චි කරනු ලැබූ තින්ත ඉවරවීමට ආසන්නව ඇති පෑන දෙස බලන්නෙකුට ජුගුප්සාජනක හැගීමක් පැමිනියද පෑන අත හැරියේ චූටි මල්ලී නොවේ.ඔහුගේ ලමා මනසට එය එක්තරා ආකාරයේ නැවුම් ආශ්වාදයකි.

"ඉකේ.....මොන මල ජරාවක්ද ඕයි ඕක...විසික්කරපිය එලියට.."

"අපෝ බෑ...මේක මම ලබන සතියේ ගිහින් දෙන්න ඕන"

මොකක්දෝ කියාගත නොහැකි අවලම් හැගීමකින් පිරී ගොස් ඇති ඔහුගේ දෑස කාන්තියෙන් බබලයි.. තවමත් කිරි සුවද ගොස් නැති මේකා මනමාලකම් කරයි.මූ මාගේ කපාපු පලුවක් බව මම පුන පුනා ඔබට කිව්වෙමි.

තවත් දින දෙකඉන් හෝ තුනකින් නැවත සුපුරුදු ජීවිතය වෙත පියමන් කල යුතුය.ලොකු මල්ලීද තවත් ටික දවසකින් විශ්ව විද්‍යාල ජීවිතයට අවතීරණ වනු ඇත..
ඉතින් චූටි මල්ලියේ..ඊට පසු මේ මුලු නිවසම උඹේ රජ දහන වනු ඇත...අවලම් අලුගුත්තේරු වැඩ නොකරන්න..මක්නිසාද යත්
BIG BROTHER IS WATCHING YOU!!!!

73 comments:

  1. හිකි හිකි, එළ මලයා! අයියා දැන් ඉතින් ෆිල්ම් එකක් බලනවා වගේ බලන් ඉන්න මුගෙ වැඩ!

    ReplyDelete
    Replies
    1. ඌට එච්චර උඩ යන්න දෙන්නේ නෑ ඩෝ/...

      Delete
  2. සිරාවට උබ බලනවද?

    ReplyDelete
    Replies
    1. බලන්න වෙන එකක් නෑ නෙව

      Delete
  3. පව් යකෝ මල්ලී . . .

    ReplyDelete
  4. ඉඳකිං, උඹ බලාගෙනමද ඉන්නෙ?

    ReplyDelete
    Replies
    1. නතුව ඉතින්...මූව හදා ගන්න එපැයි

      Delete
  5. අඩෝ.. උඹ කරපු එව්ව පොඩි එකාට කරන්න දෙන්නේ නැති එක නම් කැතයි හොඳේ! පෞද්ගලිකත්වයට ඉඩ දීපන්!

    ReplyDelete
    Replies
    1. මම බලාගෙන විතරයි ඉන්නේ..අකුල් හෙලන්නේ නෑ

      Delete
  6. අපොයි, චූටි මල්ලියත් කුප්ප වෙන්නයි යන්නේ... දුකේ බෑ.......

    ReplyDelete
  7. ලොකු අයියා ඔය කියනවා වගේ බලාගෙන ඉදියිද කියලා තමයි බය.. මේකට පේරාදෙණියට ගියාට පස්සේ ඕවා අමතකයි..

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත..එහේ ගියාම ඔක්කොම අමතකයි

      Delete
  8. මූ අර පොඩි එකාගේ මානව හිමිකම් උල්ලංඝනය කොරයි. මූ කල කුප්පකම් මලයාට කිරීමට නොදෙයි. කුජීතයි

    ReplyDelete
    Replies
    1. කවුද ඌට කරන්න එපා කිව්වේ..මම බලන් ඉන්නවා විතරයි

      Delete
  9. අයියා වගේම නෙව මල්ලිත් ..

    ReplyDelete
  10. ඕකනේ කියන්නේ...... යටම ටික දැක්කම ලියන්න හිටි එකත් අමතක උනා.

    ReplyDelete
    Replies
    1. යට බලන්න යනව නේ ඉතින් හැම තැනම

      Delete
  11. ඕකනේ කියන්නේ...... යටම ටික දැක්කම ලියන්න හිටි එකත් අමතක උනා.

    ReplyDelete
  12. This comment has been removed by the author.

    ReplyDelete
  13. මටත් මේ වගේ මල්ලි කෙනෙක් හිටියා නම් හොඳයි වගේ.

    ReplyDelete
    Replies
    1. අන්න හොද සිතුවිල්ලක්.....

      Delete
  14. කුප්ප රත්ගම පොඩි මල්ලිටත් බ්ලොග් උණ බෝ කරපන්කෝ බන්,,උබ දැන් පේරා ගිහාම මේක ආයේ නවත්තයි,,එක්කෝ මේ බ්ලොග් එකේ විස්තර පොඩි එකාට දියන්,,ඌ මෙතන ඉදන් ඉස්සරහට ගෙනියයි

    ReplyDelete
    Replies
    1. ලියයි ලියයි....මගේ චරිතේ ඉවර කරයි

      Delete
  15. මරු ඩබල බොල.. සතුට ඉතිරේවා.. !

    ReplyDelete
    Replies
    1. සතුට නෙමේ අවලම් කම ඉතිරෙන්න්නේ

      Delete
  16. ලිට්ල් රත්ගමය අයියට වැඩිය කුප්පයෙක් වගේ.

    ReplyDelete
  17. මූ කියන විදියටත්, අරූ බාලයා නිසාත්. ඌ තමයි දවසක පොර වෙන්නේ...

    ReplyDelete
    Replies
    1. ඌට එහෙම පොරක් වෙන්න දෙන්නේ නෑ බොලේ

      Delete
  18. Replies
    1. මම නම් ඉතින් හැඩයි...අරූ නම් කැතයි

      Delete
  19. මූ පොඩි එකාට හපන්නේ :D

    ReplyDelete
  20. මූ යකෝ අර පොඩි එකාටත් හොඳට උගන්නලා වගේ :D

    ReplyDelete
    Replies
    1. ඌ තනියෙම ඉගෙනගෙන ඒවා

      Delete
  21. පව් යකෝ... උඹල දෙන්නම එකතු වෙලා මැද එකාව බාවනවා...!

    ReplyDelete
    Replies
    1. ඌව බාවලා විතරක් මදි

      Delete
  22. අපොයි පොඩි එකා.........

    ReplyDelete
    Replies
    1. ඌට මක්ක වත් වෙලා නෑ..යසට ඉන්නවා

      Delete
  23. BIG BROTHER IS WATCHING YOU!!!! ලු .. හැක හැක හැක

    ReplyDelete
  24. මරු අයියයි මල්ලියි. අනේ වාසනාවන්.

    ReplyDelete
  25. ඔය යට සායට රේන්ද අල්ලනේ පූජනීය හන්දාදැයි සැකයක් ඇත. :D ;)

    ReplyDelete
    Replies
    1. ඔව්..සමහර දවස් වලට්ට මල් හිටන් පූජ කරනව නේ

      Delete
  26. පට්ට කුප්ප කුජිතයි ආ

    ReplyDelete
  27. පොඩි එකාට උගේ වැඩක් බලාගන්න දීලා ලොකු අයියා වෙන අතක් බලා ගත්තොත් නරකද... :))

    ReplyDelete
    Replies
    1. ලොකු පුතා හටියට එහෙම කරන්න බෑ නේ

      Delete
  28. ආදරශමත් අයියා කෙනෙක් ඉදිද්දි ඔහොම වෙන එක පුදුමයක් යෑ. : P

    ReplyDelete
    Replies
    1. අන්න නියමෙට තේරුනා

      Delete
  29. අපේ අයියත් ඔහොම පම්පෝරි ගැහුවා.ඒත් වැඩක් උනේ නෑ.

    ReplyDelete
  30. මටත් මල්ලිලා දෙන්නෙක් ඉන්නවා, Same sentiments about the youngest one.he.he.Nice read...

    ReplyDelete
  31. බලපං උඹේ නරක ආදර්ශ නිසා පොඩි එකත් නැහැදෙනවා බං.. :D

    ReplyDelete
  32. අයියලා මල්ලිලා සෙට් එකටම අල්ලන් දෙන්න ඕනෙ එකිනෙකාට කතා කරන කතා විලාසයට.

    ReplyDelete
    Replies
    1. ඇත්ත.. අමානුශික ලෙස කුප්පයි, ජුගුප්සාජනකයි..

      Delete
  33. පෑන විස්තර කරපු විදිහ තමයි මගෙ හිතට වැඩියෙන්ම ඇල්ලුවෙ! මේ..ඔහෙ මාතර පැත්තෙයි?

    ReplyDelete
  34. කුප්පයි කුජීතයි

    ReplyDelete
  35. අර සිංහල කියමනක් තියෙන්නෙ මහ එකා හිටගන කරනකොට පොඩි වුන් දුව දුව කරනවා කියලා.. බිග් බ්‍රදර් බලන් හිටපන්..ඌ උබේ කනෙනුත් රින්ගනකන් උබට හොයන්ඩ හම්බෙන්නෑ...

    ජයම පතමි !!!

    ReplyDelete
  36. පස්ට පස්ට මම ආසයි.වෙන මොකකටවත් නෙවෙයි ලියන විදිහට.ඒක නෙවේ පුතෝ මමත් ඉන්නේ මාකස් එකේ අන්තිම කාමරේ ඒ කියන්නේ 90 වේ.උඔ ඉන්නේ කීයෙද මම එන්නංකෝ දවසක සෙට් වෙන්න.සෙට් වෙන්න කීවේ මේ......කතා කරන්න

    මමත් ලියනවා බ්ලොග් එකක් සප් එකක් දාපන් මොනවා නැතත් පේරේ බොක්කට හරි. :පී

    ReplyDelete
  37. hoda welawata mata wage nangila dennek hitiye naththe man lokuma akka :(( unanam hitiyanam mallila hodai kiyala hithei :)))

    ReplyDelete
  38. මල්ලි තව ටික කාලෙකින් අයියව බලාගනි ..හී හී

    ReplyDelete
  39. බෝල බයිට් නැති නම් නෙක්ටෝ එකක් ගෙනෙන් හරිය...........hikz

    double meaning ද බන්

    ReplyDelete

ඔබේ වචන මට හයියකි...මේතන ලියා යන්න(ඔන්න හොදින් කිව්වා..අඩෝ...ලිව්වේ නැතිනම් කපනවා ඩෝ...)