Wednesday 11 April 2012

දුර වැඩියි කුමරියේ........



එක පාලු දිනයක..
මුලු හිතම හිස් වූ මොහොතක.
දෙනෙත් අල්වන ලස්සනම ලස්සන
පුංචි තරුවක්
හිනැහුනා මා එක්ක..
ආලෝක වර්ෂ ගනනක්...
ඈත අහසේ ඉදගෙන..
දුර වැඩියි කුමරියේ
කෙසේ ලංවෙමිද නුඹට..
පොලෝතලයේ ඉදගෙන..
කියා ගත නොහැකි තනිකමින්..
සුසුමක් පිටකරමින්..
තැබුවා පියවරක් ඉදිරියට...
ඉන් පසුව තවත් පියවරක්
එසේ පියවර තුනක්..
................................
පුදුමයක්මය..
නැවතුනේ මම මගේ පුංචි තරු කුමරිය ලග....
හිනාවක් නැගුනා සොදුරුම...
අමතක උනා මට
මම ආලෝකය බව...
                          
    ලියපු දිනය - මීට අවුරුදු තුනකට කලින්...හරියටම අවුරුදු තුනකට කලින් අදවගේ දවසක 
          

12 comments:

  1. තද කරන් අල්ලන් හිටපන්
    නිවි නිවි දිලෙන තරු නේ

    ReplyDelete
  2. ඇයි බං මේ අලුත් අවුරුද්ද ලඟ ලඟ එද්දී පරණ දේවල් ගැන ඕනවට වඩා දුක් වෙන්නේ?

    ReplyDelete
  3. ආලෝකය වෙලා හරි තරුව ගාවට ආව නේද.. ලා....ස්සනයි ගොඩක්

    ReplyDelete
  4. වෙන්ඩ රත්ගමයා මහත්මිය ගැන වගේ මේකත්.. එල එල ඈ!!

    ReplyDelete
  5. මරු.. අවුරුදු තුනකට පස්සේ ආයෙම මේක මතක් උනේ ඒ තරුව ගාවට ගියාවත්ද??

    ReplyDelete
  6. NASA එකට කියන්න වෙයි බොල..

    ආලෝක වර්ෂ ගනනක්...
    ඈත අහසේ ඉදගෙන..
    දුර වැඩියි කුමරියේ
    කෙසේ ලංවෙමිද නුඹට..

    :)

    ReplyDelete
  7. තරුව උඹ
    මෙලෝ රහක් නෑ
    උඹ අහසේ
    මම පොලොවේ
    උඹ දිහාම බලන් හිඳ
    මම කාලකන්නියි අද

    ReplyDelete
  8. ඔව්වා තමයි ඔය නක්ෂත්‍ර කාරයො කියන්නෙ ග්‍රහ තාරකාවලට කොච්චරනං මෙව්වා කොරන්ඩ පුලුවන්ද මිනිස්සුංව

    ReplyDelete

ඔබේ වචන මට හයියකි...මේතන ලියා යන්න(ඔන්න හොදින් කිව්වා..අඩෝ...ලිව්වේ නැතිනම් කපනවා ඩෝ...)