Wednesday 2 February 2011

පියඹා.... යනවා මා ආකාසයේ.....




පුරුදු විදිහටම මම විහාර මහා දේවී එක ඉස්සරහ පාරෙන් ඇවිදගෙන ගියේ කිසිම අරමුනක් නැතිව..ඉස්සර ඉදලම මේ පාර දිගේ ඇවිදගෙන යන එක මගේ පුරුද්දක් වෙලා තිබුනා.පාර දෙපැත්තේ අදින චිත්‍ර බලන්න මගේ හිත කොච්චර ආස කරාද කියලා මම වත් දන්නේ නෑ..එතන චිත්‍ර අදින අය ගොඩක් මාත් එක්ක හිතවත්.එතන ඉන්න ගොඩක් අය බලන් ඉදියේ මම ඒ පාරෙන් කොයි වෙලාවේ ද එන්නේ කියලා.අදින චිත්‍ර ගැන මගේ තේරුමක් නැති හිනා යන විචාර එයාලගේ හිත් වලට සතුටක් ගෙන දුන්න කියලයි මට හිතෙන්නේ..
         වෙනදා දැකලා නැති අලුත්ම කෙනෙක් චිත්‍රයක් දිහා ඔහේ බලාගෙන ඉදියා..එයා ලස්සනයි..ඔව් ගොඩාක් ලස්සනයි..මමත් පොඩ්ඩ පොඩ්ඩ එතනට කිට්ටු උනා..
 'ඔයාගෙද මේ චිත්‍ර... ''
 එයා මගේ දිහා බලලා අහින්සකව හිනා උනා
වෙනසක් තියෙනව අනිත් චිත්‍ර එක්ක බලද්දි..ගොඩාක් ලොකු වෙනසක්..අනිත් අය ගහක් ඇන්දොත් ඒක ගහක් කියලා කියන්න පුලුවන්..ඒත් ඔයාගේ චිත්‍ර වල ගහක් ඇන්දොත් ඒක ගහක් කියලා බෝඩ් කෑල්ලක් එල්ලන්න වෙනවා..''
පුරුදු විදිහටම මගේ විකාර කතා පෙට්ටිය පටන් ගත්තා.
එයා ටිකක් සද්දෙට හිනා උනා...
'අම්මෝ හිනා වෙනකොට තියෙන කැත..ඔහොම හිනා වෙන්න එපා..."
ඒපාර නම් මගේ පැත්තට හැරිනේ කේන්තියෙන්
'හෝව්....මාව කන්න එපා..මම අහින්සක හා පැටියෙක්...ඔය දත් වලින් මාව කීතු කීතු කරලා දාන්න හදන්න එපා''
හ්ම්ම්...දැන් නම් කතා කරන්න ලෑස්තියි වගෙ
"මේ....ඒක නෙමේ ලිහිණි...ඔයා අද නේද පලවෙනි පාරට මෙතනට ආවේ"
  කෙල්ලගේ කට ඇරැනා.... 
"කොහොමද මගේ නම දැන ගත්තේ"
"මම සාස්තර කියනවා..දන්නේ නැද්ද"
''අනේ විහිලු නෙමේ...කියන්න...''
      මම ඔයාගේ චිත්‍ර වල යටින් තියෙන නම බැලුවා..ලිහිණි ඉරුගල්බණ්ඩාර...ලස්සන නමක්"
'අම්මෝ....මම බය උන තරමක්‍..මම හිතුවා අපේ තාත්ති ඔත්තු කාරයෙක් වත් එවලද කියලා...:'
මම කොත්තු කාරයෙක් නෙමේ...ජොබ් එකක් හොයනවා..කොහොමත් කොත්තු දාන්න නම් බෑ"
'අපෝ...ඔයා එක්ක නම් වචනයක් කතා කරන්න බෑ...ඔහොම විහිලු කරන්න එපා..........."
'ඔයාට චිත්‍ර අදින්න පුලුවන්ද" ලිහිණි මගෙන් අහනවා..
මට තේරෙන්නේ නෑ අප්ප...හැබැයි කවුරු හරි අදින චිත්‍ර බලන් ඉන්න..ඒවට මොකක් හරි අප්සට් කතාවක් කියන්න නම් හොදට පුලුවන්"
'ඔව් ඔව්...ඒ බව පේනවා....."
  එදා අපි ගොඩක් වෙලා කතා කරා..ලස්සන හැන්දෑවක්..ඉක්මනට ගෙවිලා ගියා...
'ඔයා හෙටත් එනවද ලිහිණි'
 "ඇයි මගෙ චිත්‍ර වලට විකාර කියවන්නද..."
"ඔය ඉතින්..මම විහිලු කරන්නේ නැති උනාම ඔයාට විහිලු..."


"හි හි.....එනවා එනවා...මේ චිත්‍ර ටික ඉවර වෙනකල්ම එනවා....."
"ඔන්න මම හෙටත් බලන් ඉන්නවා මගේ විචාර පෙට්ටියත් අරන් ඔයා එනකල්"
 හරි හරි මැන්ටලේ......මම දැන් යන්න ඕන.."
"පරිස්සමෙන් යන්න ලිහිණි...ඔයාට බුදු සරණයි...."
ඒ අන්තිමට කියපු වචනේ එයාට ඇහුනේ නෑ....ඒක ආයේ කවදාවත් කියන්න වෙන එකකුත් නෑ...එදා ඉදලා අද වෙන කල් මේ විහාරමහා දේවි එකේ පුන්චි බන්කුව උඩට වේලා මම එයා එනකල් බලන් ඉන්නවා..ඔයා කොහේද ලිහිණි..ඉන්න තැනකින් මෙතනට පියාඹලා ඉන්න...මම තාම මෙතන බලන් ඉන්නවා............

50 comments:

  1. ඒ ලිහිණි කිරිල්ලිට පාර අමතක වෙලා වගේ. බංකුවෙන් නැගිටින්න කාලයයි.

    ReplyDelete
  2. උඹේ කට ගැනනම් කියන්න වචන නැහැ රත්ගමයෝ....
    බය වෙන්න එපා... ආයෙමත් දවසක ලිහිණිව මල්ලිට මුන ගැහේවී...

    ReplyDelete
  3. සිරා මේක නම්.....!!

    ජය වේවා.....!!

    ReplyDelete
  4. එක දවසින් ගොඩාක් ලං වුනා නේද? වැඩක් වෙන්නේ නෑ බං. කෙල්ලෙක් එනවා කියලා ආවේ නැත්තම්(හේතුවක් නැතුව) ආයේ එන්නේ නෑමයි :(

    ReplyDelete
  5. උබේ කුප්ප කටට ඒකි බය වෙන්න ඇති.... :D

    මට බොරු කියන්න බැ බං.. මෙකේ ආදර හැගීම් උද්දීපනය වෙලා මදි...උත්සාහාය අගේ කොට සලකනවා.. තව මීට හොද එකක් බලාපොරොත්තු වෙනවා.. එළය.. ජය වේවා..!

    ReplyDelete
  6. @පිණිබිඳු... බන්කුවෙන් නැගිටින්න හිතෙන්නේ නෑ නේ....බලාගෙන ඉන්නමයි හිතෙන්නේ......


    @Dinesh බලන් ඉමු නේ අයියා...එයි නේ ආයේ චිත්‍ර අදින්න.....

    ReplyDelete
  7. @සෝරෝ සිරාද දන්නේ නෑ....සත්‍ය සිදුවීමක් හැබැ‍යි..තැනයි...නමුයි වෙනස්....

    @පූසා කෙල්ල ආවේ නැති නම් උස්සනවා...දන්නේ නෑ මේ රත්ගමයගේ හැටි...ඉකේයියා :))

    ReplyDelete
  8. ඉරු.. උඹ මේක කිව්වාම මම හිතුවේ බොරු කියලා බං... මං හිතුවේ නෑ මේක මෙච්චර සීරියස් කේස් එකක් කියලා.. මොනවා කරන්න‍ද කොල්ලෝ... =((

    ReplyDelete
  9. මුගෙ කුප්ප ඉකේයියා කට නිසා, මේකව හෙ‍ටත් හම්බවුනොත් මගේ බිස්නයි ඉවරයි කියලා හිතලා වෙන තැනකට යන්න ඇති.....
    අවුලක් නෑ උඹ ඔහොම බලං හිටියට කවදා වෙනකන් වුනත්....ඒකි දැන් සතුටින් ඇති.පවු අහිංසකී.

    අහ් උඹ පව් නිසා මං දෙයක් කියන්නම්...නැගපන් යකෝ වෙන බස් එකක්....හික්ස්...

    ReplyDelete
  10. @Pirate Bunny තොට දැනෙන එකක් ඕනේ නම් මගේ පරන පෝස්ට් සර්ච් කොරලා බලාපිය...මේක සත්‍ය ඉන්සිඩන්ස් ඒකක්..ඒකයි දැනෙන්නේ නැත්තේ...

    @තාරක Dilsh@n සිරා වගේ...හැබැයි තැන් සහ නම් වෙනස්...අනික තාම බන්කුව උඩ නම් නෑ මම :))

    ReplyDelete
  11. @චතුවා (ළමයා) ඈ යකෝ...මම කවද්ද බොට මේ සීන් එක කිව්වේ....උඹ ඔය කියන්නේ වෙන සීන් එකක් වෙන්න ඇති...ඔහොම සීන් තුන හතරක්ම තියෙනවා....ඒ හැම එකේදිම මම බන්කුව උඩ.....ඒකනේ බන් වැඩේ... :)) ඉකේයියා කියපන් ඉතින්.....

    ReplyDelete
  12. @෴ හසියා ෴ මේ වෙන බස් එකක් තමා අයියේ...මෙහෙම බන්කු කතා තුන හතරක්ම තියෙනවා....හික්ස්..... මම නැගපු බස් ගාන මටවත් මතක නෑ.... :D

    ReplyDelete
  13. රත් ගමේ මල්ලී . අර අන්තිමට කියපු වචනේ ටිකක් හයියෙන් කිවුවනම් එයාට ඇහෙන ගානට .සමහර විට අද දෙන්නටම බංකුවක් උඩ ඉන්නත් තිබුනා .

    සමහර විට ලිහිණි දැන් බැංකුවක වැඩකරනවද දන්නේ නෑ නේද ?‍ එහෙනම් තවත් ඔය බංකුව රත්කරකර ඉන්නේ නැතුව ගිහිං වැඩක් බලාගන්න

    "මම සාස්තර කියනවා..දන්නේ නැද්ද" උඹ සාස්තර කාරයෙක්ද මචං ? මම හිතුවේ මැජික් කාරයෙක් කියලා ! :p

    මාව කපන්න එපා !

    ජය ..

    ReplyDelete
  14. :-/ එයා චිත්‍ර අඳින එක නවත්තලද.. අඳින චිත්‍ර විකුනන එක නවත්තලද..

    ReplyDelete
  15. ඇයි ආවේ නැද්ද... ????? :/ බොරුද කියලා තියෙන්නේ එනවා කියලා ? ඇයි එහෙම කිව්වේ ? ඉතින් වෙන චිත්‍ර තියෙනවානේ ඔයාට විචාර කරන්න ඇයි බලන් ඉන්නේ එයා එනකම්...?

    ReplyDelete
  16. @හිස් අහස අපොයි.....කපන්න වෙන්නේ අරකිව තමා...මේකි මගේ ඔක්කොම ලිපි ගොනු ටික දීලා වගේ.....දැන් ඉතින් මාව බ්ලැක් ලිස්ට් කොරන්න එපා සදරු අයියේ...... ලිහිණි‍ය කොහේ ඉදියත් මට කමක් නෑ දැන්...හික්ස්....ඉකෙයියා...... ;;)

    @තාරා මේකනේ තාරක්කේ.....කෙල්ල චිත්‍ර අදින්න එක නවත්ට්ලා නැතුව ඇති..විකුනන එකත් නවත්තන්නේ නැතුව ඇති...මම මේ බන්කු රත්කරනව වගේ තව කොල්ලෝ කී දෙනෙක් ඔය ලිහිනියා නිසා බන්කු රත් කොරනවද දන්නේ නෑ නේ..... =((

    ReplyDelete
  17. @නිම්ශා ආවේ නෑ නේ...ආව නම් මම කපෝති..මම මේ ෆුල් ජොලියේ ඉන්නේ ආවේ නැති නිසා....හික්ස්.. (මේක අර සිරීපාදේ නල්ලතන්නි ගැහැනු දැරිවිය ගැන කතාවක් නොවන බව සලකන්න...ඉකේයියා...) :))

    ReplyDelete
  18. සමහර විට අර තාත්තගෙ ඔත්තුකාරෙයක් උඹල දෙන්න ගෙ කිච් කිචිය දැකල ගෙදරට කියල ඊලග දවසෙ ඉඳන් එන්න එපා කිව්වද දන්නෙ නැ.

    ReplyDelete
  19. නල්ලතන්නි ගැහැනු ලමයා වගේ තමා...පොඩ්ඩක් කෙල්ලව මොඩිෆ්යි කරලා අරන්... ( අනේ මම නම් මුකුත් දන්නැ... ඉකේයියා....:P )

    ReplyDelete
  20. අපූරුවට ලියලා තියෙනවා යාළු

    ReplyDelete
  21. Gihan කොල්ලා2 February 2011 at 21:47

    වැඩේ හොඳා මට මුලදි කෙල්ල ගැන දුක හිතුනා උඹට අහුවුනා කියලා .බැලින්නම් ඒකිටත් මොලේ තියෙනවා

    ReplyDelete
  22. @පැන්da අප්පට සිරි..ඔව් නේ...මට එහෙම සීන් එකක් මතක් උනේ නෑ නම් තමා....කෙල්ල බයෙන් ඉදියේ තාත්තා ගැන...මොකක් හරි එහෙම සීන් එකක් තමා පැන්ඩා අයියේ...

    @නිම්ශා නෑ නෑ...ඒ කෙල්ල නෙමේ මේ...ඒ කෙල්ල නම් තාම මට කතා කරනව නේ....අනික එයත් හැඩයි...හැබැයි පොඩියි..... :-*

    @ayesha සත්‍ය සිදුවීමක් ඇසුරෙනි...ඉකේයියා :))

    ReplyDelete
  23. @Hasitha ජයසූරිය සිරා තමා....මම තාම බන්කුවේ බොලේ....

    Gihan කොල්ලා .. අන්න කොල්ලට තේරුනා.......:දිව දොට්ට

    ReplyDelete
  24. මම මේ දහඅතේ කල්පනා කරන්නේ මේකෙ වැරදි කාරයා කව්ද කියල රත්ගමයද අර කෙල්ලද නැත්නම් අපිද?

    ReplyDelete
  25. @JHOTHISHALANKA අනේ මම නම් අල්ල ගන්න එපා හරිය...මම හෙන අහින්සකයි... (අහින්සකයි = කුප්පයි )

    ReplyDelete
  26. ලස්සන කතාවක් !!!! දැන් ලිහිනි කොහේ ඇත්ද රත්ගමයෝ ? ඔයාගෙන් ගොඩක් ඈතට ගිහින් ද ? අදත් විහාරමහා දේවියේ බංකුව උඩට වෙලා බලන් ඉන්නේ ආදරය හන්දා බව වැටහුනා.

    ReplyDelete
  27. හරිම ලස්සනයි. මං හිතන්නේ ඔයා එක්ක කතා කලාට පස්සේ ලිහිණිට චිත්‍ර ඇන්ඳිල්ලයි, විකිනිල්ලයි දෙකම එපා වෙන්න ඇති. ;)

    ReplyDelete
  28. පව් බං මලේ උඹ දැන් නැගිටපන්.එයා එන්නෙ නෑ."පූස්" මලය අද්දැකීමෙන් කිව්වද මන්ද කොහොම උනත් උගෙ කටේ ඩොලර් දාන්න වටිනවා."කෙල්ලෙක් එනව කියල ආවෙ නැත්තන් ආයෙ එන්නෙ නෑම තමා"

    ReplyDelete
  29. ane kellatama monawa unath magic penawa wage penila thiyanwa issarahata wnna thiyan de.. eka ne awith naththe... hih hih... monawa unath harima hitha hoda kellek.. wena kenek ta me de una nan adanna thibuna.. ath deiyane wela thiyenne ape rathgamaya ta ne... hikiz.. eka nisa duka na...

    sadaru aiya mukuth kiyuwada magic gana??/ mata nikan ehema deyak ahuna wage??? mage kabe doshayak wath da???

    ReplyDelete
  30. @කොට ජීවිතේ මමත් මේ ඕක හිතුවා තමා...මාත් එක්ක කතා කොරන්න එක කෙල්ලෙක් වත් කැමති නෑ නේ..කතා කොරන එකා ඊලග දවසේ කොහොමටවත් කතා කොරන්නේ නෑ..

    @dinesh පූසට ඉව තියෙනවා...අත්දැකීමුත් තියෙනව..ඒ කියමනට නම් මම ලයික්.....ඉකේයියා...

    @නිරහංකාර අහිංසකාවි අහ්...තෝ ආවද...තෝ අහුවෙනකල් තමා ඉදියේ...කේලම් උලමි...තූ කට උඹේ...මට කෙල්ලෙක් වත් කැමති වෙන්නේ නැත්තේ උඹේ ඔය කට නිසා...

    ReplyDelete
  31. ඔය කට නිසා ඒ කෙල්ලට චිත්‍ර ඇදිල්ල ඉකේයියා වෙන්න ඇති

    ReplyDelete
  32. @අකීකරු හිත ඉතින් මම මක්කවහ් කිව්වේ නෑ නේ අක්කේ...අඩුගානේ ඉකෙයියා කියලවත් කිව්වේ නෑ

    ReplyDelete
  33. උබේ කට තමා කට!! එයාට උබව මතක අති හොදට

    ReplyDelete
  34. @සූර සරදියල් මේ කට නිසාඅ තමා කෙල්ලෙක් වත් කැමති වෙන්නේ නැත්තේ ඕන්

    ReplyDelete
  35. සීරුවෙන් මුලු පොස්ට් එකම කිය්ව්ව! ඊකේයිය... :p

    මොනව කරන්නද මචෝ.. දුක තමා.. මම හිතන්නෙ චිත්‍ර ටික ඉවරවෙලා ඇති! එකනෙ එය කියල තියෙන්නෙ... වෙන චිත්‍ර තියෙන තැනකට ෆලයන්....!!! ලිහිනි නැතත් වැහි ලිහිණියෙක් හරි හම්බවෙයිනෙ... :p

    ReplyDelete
  36. @පවිත්‍ර _ pavithra weerapperuma වැහි නැත්තන් අඩු ගානේ රජාලියෙක්,සුදු රෙදි හොරෙක් වත් හම්බෙයි නේ බොලේ......ඇහැ දාගෙන ඉන්නවා මේ බන්කුව උඩටම වෙලා

    ReplyDelete
  37. මාව සී...තල වෙලා ගියා බං. මගෙත් කට ඔහොම්ම තමා. උඹ නම් කෙල්ලො එක්ක විතරයි. ඒකට මම, කෙල්ලන්ගේ අම්මලා එකක්ත් ඒ දවස් වල විහිළු කොරනවා. දැන්නම් කට වැහිලා බං.

    මට නං ඉතිං ලිහිනි එයි කියලා කියන්න බැහැ. මොකද මං දන්නවනේ උඹේ හැටි. පුළුවන්නම් උඹේ මොබයිල් එක මට ඊමේල් එකක් දාපං බලන්න.

    ඉකේයියා මේ රත්ගමයා කෙල්ලෙක් නිසා චාටර් කන තරමක්...

    ReplyDelete
  38. @prasanna86k මේ එක කෙල්ලෙක් විතරයි අයියේ..කෙලි කතා තව කෝටියක් විතර තියෙයි...ඒවත් දාන්නම් ඉඩ ලැබෙන විදිහට... ඊමේල් ලිපිනය සොයමින්...

    ReplyDelete
  39. ඔය පාරේ තව ඕන තරම් බස් යනවානේ...එකකට අත දාන්න..කවුද දන්නේ ඉන්ටර්සිටි එකක්වත් සෙට් වෙයි නේ...සී,ටී,බීත් නරකම නෑ..

    ReplyDelete
  40. @Anonymous
    හික්ස්...හොද එකක් බලාලා අත දාන්න ඕන.......

    ReplyDelete
  41. අපෝ උබේ කට!! මොකද්ද බං ගියපු ඉස්කෝලෙ?

    ReplyDelete
  42. කතාව තව පාරක් හරියට කියෙව්වා. කලින් කොමෙන්ටුව ඉල්ලා අස්කර ගන්නවා මචං

    ReplyDelete
  43. නියමයි කොල්ලෝ.. නියමෙටම ලියල තියනවා.. මුලු බ්ලොග් එකම කියවලා තමයි මේකට කමෙන්ට් එකක් දාන්නෙ.. දිගටම ලියපන්..
    :ඩී :දිව දොට්ට:

    ReplyDelete
  44. @blog gadol හෙහෙ...ඇත්ත කතාවක් තමා....ඔහොම බන්කු සීන් ගොඩක් තියෙනවා....

    @kåʼnı @ SLSC එල එල...දිගටම එන්න හරිය.....

    ReplyDelete
  45. උඹ තවමත් බංකුව උඩ නේද. මං දැක්ක ඊයෙත් ග්‍රීන් පාත් එකේ යනකොට. ඔළුවට කාක්කොත් ජරා කරල. ඉකේයිය...... අද හවසත් දැක්කොත් මං කතාකරල යන්න නවතින්නං

    ReplyDelete
  46. @nawammawatha මම දැන් වෙන කිරිල්ලියෙක් ගැන හොයාගෙන යනගමන්

    ReplyDelete

ඔබේ වචන මට හයියකි...මේතන ලියා යන්න(ඔන්න හොදින් කිව්වා..අඩෝ...ලිව්වේ නැතිනම් කපනවා ඩෝ...)