Tuesday 17 July 2012

චීනෙන් ආ යාලුවා - " අඩෝ,.මට අමතක උනා බං xxx "


මේක මේ ඊයේ සිද්ද උන කතාවක්.කාලෙකට පස්සේ ඉස්කෝලේ අපේ Batch එකේ උන්ට සුහදව හම්බෙවන්න ඕන කරලා තිබුනා.ඉතින් එක දවසින් සංවිධානය කරගෙන උණවටුනේ Beach එකේ සුලුවෙන් set වෙන්න කියලා කට්ටිය Plan කරගෙන හිටියේ.

අපිටත් ඉන්නව නේ එක එක ජාතියේ යාලුවෝ.ඔය අතරේ ඉදියා පොරක් උසස් අධ්‍යාපනය වෙනුවෙන් චීනෙට ගියපු.අවුරුදු තුනකට පස්සේ ලංකාවට ගොඩ ගහපු මෑන්ස්ටත් මේ get එකට එන්ඩ සෑහෙන්න ඕන වෙලා තිබුනේ.අපේ කොල්ලො ටිකටත් ගෙන fit.මොකද චීනේ ඉදලා ආව නම් හොද හොද Brand ගෙනල්ලා ඇති කියලා තමා කට්ටිය කතා උනේ.

ඔන්න ඉතින් අදාල දවසේ පොර තව යාලුවෙකුට කෝල් එකක් දෙනවලු මෙන්න මෙහෙම.

"මචන් ඔසා,උඹලා අද get එකට යනව නම් අපේ ගෙවල් පැත්තේ ඇවිත් මාවත් දාගෙනම පලයන්.මගේ ගාව එනකොට ගෙනාපු බඩු වගයක් තියේ."

"අඩෝ..මරු නේ..එල එල..අපි ඔය පැත්තෙන් එන්නම්."

ඔන්න ඉතින් යාලුවෝ හතර දෙනෙක් නග්ග ගත්තු කාර් එක අදාල චීනේ යාලුවගේ ගෙදර ඉස්සරහා නැවැත්තුවලු.එක පාරක් හෝන් එක ගැහුවම පොර දොරත් ඇරගෙන එලියට එනවලු.පොරගේ අතේ බෝතල් දාපු පෙට්ටියක්.අපේ උන්ටත් දැන් හෙන සැටිස්ලු..

පෙට්ටිය අමාරුවෙන් උස්සගෙන ආපු මෑන්ස්  සහ කාර් එකේ යාලුවෝ අතර ඇති උනේ මෙහෙම සංවාදයක්.

"මචං ඔසා,ඩිකිය ඇරපන්.බෝතල් ටික ඩිකියට දාමු."
 
"අඩෝ ඩිකියට දාන්න එපා.කාර් එක වලක වැටුනොත් බෝතල් ටික කුඩු වෙන්න පුලුවන්.ඇතුල්ට ගනින්"

ඊට පස්සේ අපේ චීනෙන් ආපු යාලුවා මෙන්න මෙහෙම සීරියට් උත්තරයක් දුන්නලු.

"පිස්සුද බන්.ප්ලාස්ටික් කොකාකෝලා බෝතල් එහෙම කුඩු වෙනවද..ඔන්න ඔය ඩිකිය ඇරපන්"

එතනින් ඒ කොටස ඉවරයි..දැන් ඊලග කොටස.

ඔන්න කට්ටිය දාගත්තු කාර් එක උණවටුන බීච් එකට එන්න කලින් තියෙන ශෙඩ් එකේ නැවැත්තුව තෙල් ගහන්න.
පොර වගේ කාර් එකෙන් එලියට බැස්සේ අපේ චීනෙ ඉදලා ආපු යාලුවා.තෙල් ටැංකියේ පියන ලගට ගිහින් පොර හෙන ගේමක් දුන්නලු මූඩිය ඇරගන්න.විනාඩියක් විතර ට්‍රයි එක දුන්නත් මූඩිය ඇරගන්න තේරෙන්නේ නෑලු.බලන් ඉදලා බැරිම තැන පොර කාර් එකේ ඉන්න අනිත් යාලුවොන්ගෙන් උදව්වක් ගන්න හිතුවලු.

"අඩෝ..ඔසා..මේ  හු**  මූඩිය ඇරෙන්නේ නෑ නේ.මෙන්න මේ ප** ඇරපන්.."

කාර් එකේ උන්ට විතරක් නෙමේ මහපාරේ යන උන්ටත් ඇහෙන මහා සද්දෙන් අසභ්‍ය වචනෙ උදව් ඉල්ලීම ගැන අපේ සෙට් එක විතරක් නෙමේ ශෙඩ් එකේ උන්ටත් හෙන අවුල්ලු.වෙන වාහන වල ඉදපු අම්මලා පොඩි උන්ගේ කන් වහනවලු මූට බැන බැන.

ටිකක් වෙලා බලන් ඉදපු චීනෙන් ආපු යාලුවා කාර් එක ලගට ඇවිත් දොරත් ඇරලා මෙන්න මෙහෙම කිව්වලු..

"අඩෝ..මට අමතක උනා බං ලංකාවේ උන්ට සිංහල පුලුවන් කියලා." :)


(තවත් යාලුවෙකුගේ කතාවක් බලන්න මෙතන කොටන්න )

ප.ලි - මම කවදාවත් ඇවිල්ලා කමෙන්ට් එකක් වත් දාලා නැති බ්ලොග් තිබේ නම් කමෙන්ට් එකක් දාද්දි බ්ලොග් එකේ ලින්ක් එකත් එක්ක දාන්ඩ හොදේ!! ඒ පැත්තේ ඇවිල්ලා යන්න :ඩී )

79 comments:

  1. "අඩෝ..මට අමතක උනා බං ලංකාවේ උන්ට සිංහල පුලුවන් කියලා."

    ela baddakne

    ReplyDelete
  2. හ්ම්ම්.. දවසක් සුක් එකේදී අපේ එකෙක් බඩුවල ගණන් අහලා කිව්වා, "මේ හු** මෙච්චරම ගණන්ද බං?" කියලා. කඩේ හිටිය නේපාලියා කියපි "කොයි හු*** ගණන් තමා මල්ලි.." කියලා. අම්මා ගහයි බැට් එකෙන්.. ඌ ලංකාවේ එවුන් එක්ක ඉඳලා අවුරුදු 10 හොඳටම සිංහල පුළුවන්.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත.මගෙ යාළුවො දෙන්නෙකුටත් ඔහොමඋනා.ඌ බැන්නේ බංග්ලා&මියන්මාර් දෙන්නෙකුට.සුද්ද සිංහලෙන්.අරුන් දෙන්නත් නෝ සෙකන්ඩ්.බලනකොට දෙන්නම ලංකාවේ බර කාලයක් මහණවෙලා හිටපු උන්දැල...අපේ එකා ටවුන් ආවේ ඊට මාස ගානකට පස්සේ...

      Delete
  3. යකෝ ලංකාවේ මෙච්චර කොකාකෝල තියෙද්‍දි මූ ඒව චීනෙ ඉඳං උස්සගෙන ඇවිල්ලද? ඌත් උඹ වගේම පොරක් වෙන්න ඇති. :D

    ReplyDelete
  4. කුප්පයි බොල තෝ වගේම තොගෙ යාලුවොත්...

    ReplyDelete
  5. රත්ගමයගෙ වගේම ක්සැන්ඩරේගේ කතාවටත් හිනා..

    ReplyDelete
  6. ඔහොම සීන් වෙනවා නේන්නං.....! සමහර වෙලාවට අපිත් ඔය වගේම සුපර්මාර්කට් වලට ගිහිල්ලා සුද්ද සිංහලෙන් කතාරලා බලනකොට මෙහේ ඩුබායි ඉන්න එවුන්ටත් සිංහල පුළුවං....!

    ReplyDelete
  7. අඩෝ කාර් එක ඩ්‍රයිව් කරපු යාලුව කවුද..? එල කොල්ලෙක් වෙන්නැති නේ..? :P

    ReplyDelete
  8. සිරා පොරක් ඌ කොහොම හරි කොකා කෝලා බෝතල් ටිකක් අරගෙන ගමනට සැට් වුනා උඹලව අන්දවල :D

    ReplyDelete
  9. ඒ කියන්නේ පොර චීනේදී සුද්ද සිංහලෙන්ම කතාකරලා ...

    ReplyDelete
  10. විස්වාස කරහං බං ඕක ඔහොම වෙනවා! අපි අපි ඒ රටවල් වල සුද්ද සිංහලෙන් කතා කරනවා උන් දන්නේ නැති නිසා! මෙහෙ ආවම කතා කරලා ඉවර උනාට පස්සෙ මතක් වෙන්නේ ලංකාව කියලා!ඕකෙ අනිත් පැත්තත් වෙනවා! මං අපෙ අම්මට දොර වහන්න එපා මං එන්න වෙයි කියලා කිවා! අපේ අම්මා කට ඇරං බලං ඉන්නවා! පස්සෙ බැලින්නම් මං ඉන්න රටේ භාෂාවෙන් මං ඒ ටික කියලා තියෙන්නේ!

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් ... ඉතිං මචං උඹේ වෙලාව හොඳයි නේ. වැරදිලාවත් උඹට අම්මත් එක්ක කතාකරද්දි දෙපැත්ත මාරු වුනානම් උඹේ බත් කාඩ් එකත් කැපෙනව.

      Delete
  11. උඹටම හරියන පොරක් වගේ... :)

    ReplyDelete
  12. නයියාපන්ද17 July 2012 at 16:24

    මෙම කතා වහන්සේ ගෙ එන 'ඔසා',යනු මේ භවයේදී ඔසඳ දිසානායක නම් කුජීතයා ය.'චීනා' තේජාන් නානායක්කාර නම් වූ පජාතයා බව හුලස්වත්තේ නයියාපන්ද තුමන් විසින් දේශනා කර සේක.

    ReplyDelete
  13. අඩේ රත්තටම හරි යන යාළුවෝ සෙට් එකක් තමා. හික්ස් :)
    අර ඉහලින් කමෙන්ට් කරපු නයියාබන්දගේ කමෙන්ට් එකත් පට්ට !!!

    ReplyDelete
  14. අපේ එකෙක් කොල්ලුපිටිය හංදියේ හිටපු තායි කෙල්ලෙක් දිහා බලලා අපිට හොරෙන් කිව්වා.. කොහොමද අරකිගේ *ල් දෙක කියලා... ඒකි අපේ පැත්ත හැරිලා මුළු හෝල්ට් එකටම ඇහෙන්න "පල වේ** පුතා යන්න" කිව්වා... කොහොමද ආතල් එක...

    ReplyDelete
  15. තේජාන් පව් බං :D
    චීනෙ රගර් ගහන උන්ට කොකා කෝලා නිකං හම්බ වෙනවලු..උඹලව මතක් වෙලා ගේන්න ඇත්තෙ

    ReplyDelete
  16. දවසක් කොටුව ස්ටේෂන් එක ඉස්සරහා මගී පාලම උඩ කොරියන් ජෝඩුවක් පෑන් / පැන්සල් විකුණනවා... ඇදලා හිටිය ටී ෂර්ට් එකේ ගහලා තිබ්බෙ I love Korea කියලා.. සිරා ගිහිල්ලා How much ? කියලා ඇහුවම.. රැපියල් 20යි මල්ලි කියලා කිව්වා... සිරා කුජීතයි වේලාසන එතන සිංහලෙන් බැන්න නම්.

    ReplyDelete
  17. ඒ කියන්නේ චීනෙන් ආපු ඩයල් එක චීනේ හැම තැනම කුණුහරුප ප්‍රසිද්ධියේ කියන පොරක් වගේ. බනින්ඩයෑ උන්ට තේරෙන එකක්යෑ. රත්ගමේ මගේ පැත්තේ පස් පාගල නෑ ඕන්.. කියන්ඩ කියපු හන්දයි ලින්කුව දැම්මේ ආ http://sithumpethum.blogspot.com

    ReplyDelete
  18. ඔය යන විදිහට චීන්නුත් ලගදි හොද සුද්ද සිංහලෙන් කතාකරයි වගේ ;)
    චීනා එළ කොල්ලෙක් කොහේ ගියත් ලංකාවේ හිටපු විදිහ අමතක කරලා නෑ



    ප.ලි:http://madayagelokaya.blogspot.com/ මේකට ඇවිත් පල නැත්නම් ඒත් කරන්න දෙයක් නෑ මොකෝ මං උඹව බලෙන් අරන් එන්න යැයි ;)

    ReplyDelete
  19. මම හිතුවා චීන එක්කෙනක් ගැන කතාවක් කියලා ...බලද්දි මෙහේ එක්කෙනක් නේ

    ReplyDelete
  20. හික්ස්...
    චීනෙ සිංහල දන්න එවුං එහෙම යාළුවගේ අම්මා තාත්තා මතක් කරනවා ඇති..
    (ලිංක් දාලා කමෙන්ට් ඉල්ල ගන්න එක හරි නෑ නේ.. ඒක හිංදා ඕං දැම්මෙ නෑ..)

    ReplyDelete
  21. එල කතාව‍. ඒත් බං ලංකාවේ උන්ට ඇත්තටම සිංහල පුලුවන්ද කියල හිතෙනව සමහරු එක්ක කතා කරද්දි නම්. ජය වේවා!

    ReplyDelete
  22. මචං මොනව ද කපන්නේ? කේක් ද?

    ReplyDelete
  23. හි හි හි මරු කතා දෙක..:)

    ReplyDelete
  24. කුප්පයගේ කුජිත කතා ටිකෙන් ටික අයෙත් එනවා වගේ නේ? එල එල.. පහු ගිය කාලේ සිද්දි නැතුව වෙන ඕන එකක් මතක් කරපන්..:)
    එල!

    ReplyDelete
  25. එලස්..

    මගෙ ලින්ක් එක ඕනෙද ?

    ජය සහෝ !

    ReplyDelete
  26. කොකාකෝලාත් මේඩ් ඉන් චයිනා ඒවා වෙන්ඩ ඇති නේ....

    ReplyDelete
  27. උ චාටර් වුනාද

    ReplyDelete
  28. චයිනීස් කොකා කොළ රහද බන්?අපේ ඒවා වගේමද?


    www.myshouter.com

    ReplyDelete
  29. මටත් හිතෙනව දැන් ලංකාවෙ හිටිය ඇති වගේ කියල. මේ ඒකාකාරී වැදගත් සිංහල කතාකරල මට දැං එපා ....... වෙලා ඕං. මමත් යන්ඩෝන වෙන රටකට අත දිග ඇරල කුණුහරුප කියන්ඩ.

    ReplyDelete
  30. අපොයි අපිටත් ඕව වෙනවා . කටුනායකින් මාතෘ භූමියට පාතැබූ පසු හොඳට මතක තියා ගන්න ඕන

    ReplyDelete
  31. මචන් මේක උඹ විහිලුවක් වගේ කිව්වට සිරාවටම වෙන දෙයක්..

    අපිත් මෙහෙදි කට දිගෑරල බනිනවා ලඟ ඉන්න උන්ට..මටත් ඔහොමම උනානේ ඉතින් ලංකාවට ආවට පස්සෙ..සිරාවටම අමතක වෙනවා බන් වටේ ඉන්න උන්ට සිංහල පුලුවන් කියලා.. :-)

    උඹ බ්ලොග් එක පැත්තෙ නාවට කමක් නෑ.. ඒක හින්දා ලින්ක් එක දාන්නෑ.. :-)

    ReplyDelete
  32. පිස්සු බම්ප් වෙනවා ඈ!!
    තෝ වගේ චයිනිස් කොකාකෝලා බොන උන් මගේ බ්ලොගේ පැත්තේ නාවට කමක් නෑ!ඔනෙනනම් හොයන් වර! :පි
    එද්දී මතක කරලා කොකාකෝලා එකක් අරං වරෙන්! :D

    ReplyDelete
  33. දැනට ටික කලකට කලින් සුද්දෙක් ආවා මහන මෙෂින් එකක් අරගන
    ඒ රටේදි පාට්ස් නැ හදන්ඩ බැ කියලා රිටන් කරලා
    ඒ -ත්තා ලංකාවට ගෙනත්
    කඩ්ඩ බැරි හන්දා දැම්මා ලොක්කා ඉස්සරහට
    දෙන්නා කතා කරලා ලොක්ක මට විස්තරය කියුවා
    පැය බාගයක් යන්ඩ කලින් මම හදලා දුන්නා
    මු යන්ඩ කලින් පිටට තට්ටුවක් දාලා
    උඹනං මැජික් කාරයෙක් කියලා කියපි
    ආ සීංහල පුළුවන්ද
    මම මල්ලි අහවල් ngo ඒකේ වැඩ කරන්නේ
    වයිෆ් සිංහල
    අපරාදේ මම ඌත් එක්ක කතා නොකලේ

    උඹ අපේ පැත්තේ ඇවිත් නැ,මේ වගේ කතා සෙට් එකක් තියනවා

    මෙන්න පාර

    මෙන්න පාර

    ReplyDelete
    Replies
    1. දාපු ලීන්ක් එක අවුල්
      මෙන්න මේකට වරෙන්
      http://atampahura.blogspot.com

      Delete
  34. හෆෝ චීනේ ඉදන් ගෙනත් තියෙන්නේ කොකා කෝලා ද?
    හීඊඊඊ

    ReplyDelete
  35. මට ඔය වගේ වැඩක් වෙලා තියෙනවා. මම ඉන්දියන් කියල හිතල ඉන්දියන් කාරයෙක් එක දිගට මොනවාදෝ කුණුහර්ප වගයක් කියාගෙන කියාගෙන ගියා මෙලෝ මල හසරක් තේරුනේ නෑ.

    ප:ලි: මල්ලි මම බෙන්තර කොල්ලෙක්(ඉස්සර ) :ඩී
    එහෙනං ඇවිත් බලාපන් මෙන්න ලින්ක් එක

    http://awidda-paya.blogspot.com

    ReplyDelete
  36. මම දන්න කන්තොරුවකට සුද්දෙක් ඇවිත්. වැඩ අහවර වෙන වෙලවක තමයි ඇවිත් තියෙන්නෙ. ඉන්න කට්ටිය ගෙදර යන්න සූදානමින් නිසා කියලා සුද්ද සිංහලෙන්ම කියලා "බලහන්කො මෙ යකා ආපු වෙලාව" කියලා තව කට කැඩිච්ච කතාදෙක තුනකුත් කියලා. තමන් ආපු වැඩෙ ඉවර කරගෙන යන ගමන් අර කියපු කට්ටිය ළඟට ගිහින් "මම ගිහින් එන්නම් " කියලා කින්ඩි හිනාවකුත් දාලා.


    මම ආතම්මගෙ පෙට්ටගම ලියන ලොකුජෝන්

    ReplyDelete
  37. ප** අරින්නෙ කොහොමෙයි බොල?

    චයිනීස් කොකා කෝලා අමෘතෙ වගෙ...




    මෙලෝ රහක් නෑ :ඩී

    බලෙන් මගෙ බ්ලොග් එකට ගෙන්නගන්න එක හරි නෑනෙ.උඹටම හිතුනු දවසක වරෙන් :)

    ReplyDelete
  38. nadee
    ටිකක් විතරක් හොද මොකො??
    ------------------------------------------------------------------------------
    AmilaArt
    අපෝ....මීට වඩා අප්සට් කතා තියෙනවා මුගේ..
    -----------------------------------------------------------------------------
    ක්සැන්ඩර් | Xander
    එහෙනම් එපේ එකා විතරක් නෙමේ වගේ නාගෙන තියෙන්නේ...
    ------------------------------------------------------------------------------
    විමුක්ති
    හිකිස්...ඔය එන්නේ අබිලික් කතා ඔක්කොම එලියට
    -------------------------------------------------------------------------------
    Praසන්ன
    අපෝ...ඌ මට වඩා පජාතයි
    -------------------------------------------------------------------------------
    SpongBob
    මම කුප්ප නෑ හරිය.
    --------------------------------------------------------------------------------
    හරී
    :) :) හික් හික්
    --------------------------------------------------------------------------------
    දුමී
    දුමී අයියත් හොද හොද සිංහල කටු කාලා තියෙනවා වගේ එහෙදී :ඩී
    --------------------------------------------------------------------------------
    KaZ Gunasekara
    එල කොල්ලෙක් නෙමේ කලු කොල්ලෙක්..ඌට හෙනට බඩු කාර් එක ගෙනියන්න බැරි තරමට
    --------------------------------------------------------------------------------
    මඩිස්සලේ නිශාන්
    ගමන ගිහිල්ලත් ඌ අනුන්ගේ බඩු වලින් තමා සප්පායම් උනේ..
    --------------------------------------------------------------------------------
    රොබින්
    ඔව් ඔව්.ඌයි තව එකෙකුයි ඉන්නවා.දෙන්නා එක්ක එහේදී කුනුහර්පෙන්මයිලු කතාව
    --------------------------------------------------------------------------------
    Sabith
    හොද වෙලාවට දොර වහන සීන් එක වගේ සභ්‍ය දෙයක් කියවුනේ.නැති නම් කාලා හමාරයි
    --------------------------------------------------------------------------------
    DDT
    කාලා නෙමේ ගෙදර ඉදලත් හමාරයි
    --------------------------------------------------------------------------------
    අලුත් බුවා
    හපෝ...ඌව නම් මට ගැලපෙන්නේ නෑ
    --------------------------------------------------------------------------------
    නයියාපන්ද
    දැන් කොහොමද බොල අරූ පාරේ බහැලා යන්නේ...
    --------------------------------------------------------------------------------
    මධුරංග
    හිකිස්..ඌ කවුරු උනත් අපේ ගෝතයෙක් තමා. :)
    --------------------------------------------------------------------------------
    dilu (දිලූ*)
    :) :) :) :)
    --------------------------------------------------------------------------------
    araliya
    අදත් ඇවිල්ලා නිකම්ම හිනා වෙලා යනවා විතරයි නේ
    ---------------------------------------------------------------------------------
    Red Riding Hood
    මරේ මරු තමා ඉතින් කියන්න තියෙන්නේ
    ---------------------------------------------------------------------------------
    අභීත
    ඔය කතාව අපේ එකෙක් කිව්වට අභීත කියලා කෙනෙක්ට උන සීන් එකක්ලු.නැද්ද අභිත අයීයේ.. ;)
    ---------------------------------------------------------------------------------
    Vish
    ප්ව් යකෝ...නම කියන්න එපා උගේ..ඌ ආයේ රට යයි
    ----------------------------------------------------------------------------------
    සිරාගේ කාමරේ
    හොද වෙලාවට සංවර සිංහලෙන් කතාව ගිහින් තියෙන්නේ.
    ----------------------------------------------------------------------------------
    පැතුම් [සිතුම් පැතුම්]
    ඔව් ඔව්..චීනේ උන්ට තේරෙන්නේ නැති නිසා කට පුරවලා කතා කරනාවලු.
    ----------------------------------------------------------------------------------

    ReplyDelete
    Replies
    1. මොකක්ද බං මේ අළුත් රිප්ලයි බට්න් එකත් තියාගෙන මේ කරන්නේ ? පරණ පුරුදු අත් ඇරගන්න බැරිද ?

      Delete
    2. ඒක කරදරයි වගේ නේ දුමී අයියා..

      Delete
  39. MadayaMadaya
    ඔව් ඔව්..මූ චීනුන්ටත් චීන උගන්නන ජාතියේ පොරක්
    --------------------------------------------------------
    හසාරා බී - Hasara
    චීනේ උන් සුද්ද සිංහල කතා කරනවයි :ඩී
    ----------------------------------------------------------
    තරියා අබේ
    මූයි තව එකෙකුයි තමා ඉන්නේ.උන් දෙන්නම එහෙම ජාතියේ පොරවල්
    -----------------------------------------------------------
    Dilan Leelarathna
    අන්න එහෙම සීන් කෝන් එකකුත් තියෙනෙවා..
    -------------------------------------------------------------
    කවුළුව
    කිරි කිර්,.
    -------------------------------------------------------------
    හිරුහිමාවී
    ඔයිට වඩා දේවල් වෙලා තියෙනවා පොරට
    --------------------------------------------------------------
    ගිනි කුරුල්ලා
    හෙහෙ..සමහර දේවල් කොච්චර ට්‍රයි කරත් අමතක කරන්න අමාරුයි නේ බන්.බලමු කාලෙට ඉඩ දිලා
    --------------------------------------------------------------
    sAm (සෑම්)
    ඔය පැත්තේ ඉතින් ඉදලා ඉදලා හරි එනව නේ :ඩී
    --------------------------------------------------------------
    දිනුක
    කියන්න බෑ..මූ එහේ පාටියකින් උස්සන් ආවද කියලා
    -------------------------------------------------------------
    ruwan ranasinhe
    සෑහෙන්ඩ උනා
    --------------------------------------------------------------
    රශෝද්
    මම එව්වා නම් දන්නේ නෑ..මම දන්නේ නෙක්ටෝ ගැන විතරයි
    -------------------------------------------------------------
    Andrusha Medani
    ආ...දොස්තර නෝනා..හිනා නේ
    ---------------------------------------------------------------
    DDT
    එහෙනම් චීනේ තමා..ඒත් දැන් උනුත් කුනුහර්ප දන්නවලු ටික.අපේ එකා එහේ ගිහින් උගන්නලා
    --------------------------------------------------------------
    Bindi
    :) සෑහෙන්ඩ උත්සහායක් දරන්න වෙයි වගේ නොකියා ඉන්න
    ---------------------------------------------------------------
    සෙන්නා
    එහෙනම් එහෙත් හොද හොද කුජීත සිද්දි වෙනවා ඇති
    -----------------------------------------------------------------
    නාඩියා නාඩිරත්න
    කොකාකෝලා නම් නෑ..නෙක්ටෝ එකක් ගේන්නම්
    -----------------------------------------------------------------
    අටර්‍මපහුර
    හැකිස්..දැන් සුද්දොන්ටත් සිංහල පුලුවන් කාලයක් නේ
    ----------------------------------------------------------------
    Pramudi
    චීනේ තියෙන්නේ ඒවා විතරක් වෙන්න ඇති
    ----------------------------------------------------------------
    සුදීක
    ගුටි නොකා ආපු එක ලොකු දෙයක්.බෙන්තර ගගෙන් එහා වෙන්න ඇති
    ------------------------------------------------------------
    Loku John
    ඌට පොතු කබර නිසා ද දන්නේ නෑ සුදු වෙලා තියෙන්නේ
    -----------------------------------------------------------
    චූටි බටපොලයා
    ට්‍රයි එකක් දීලා බලපන්.. :ඩී
    -----------------------------------------------------------

    ReplyDelete
    Replies
    1. මොකක්ද බන් මේ කොරලා තියන අටමගලෙ...? අච්චර ලස්සනට රිප්ලයි බටොන් එකක් තියනකොට..

      Delete
    2. ඒක හෙන කරදරයි නේ,.ලෝඩ් වෙවී ආයේ රිෆ්ලයි කරන්න ගියාම

      Delete
  40. නොදකින් අර මූණු පොතේ දාල තිබ්බෙ අපි දැක්කා........ඔසා=ලැටී.....;)

    ReplyDelete
    Replies
    1. ස්ස්ස්ස්ස්...සද්ද කරන්න එපා බොල.

      Delete
  41. ai rathgamaya ayye me chuti araliyata ohoma baninne?mama paw nadda?

    ReplyDelete
    Replies
    1. කවුද දැන් බැන්නේ :O ;)

      Delete
  42. ai ayya kiyala tiyenne awilla hina wela yanawa witharai kiyala.

    ReplyDelete
    Replies
    1. නෑ ඉතින්..හැමදාම ඇවිල්ලා හිනා වෙලා යන එක ගැන කිව්වේ..

      Delete
  43. ඒ කියන්නේ මෑන් චීනේ සුද්ද සිංහලෙන් වෙන්නැති කතාව
    මට මේක බලද්දි “මචං“ පිල්ම් එකේ එන්ගලන්තේ එයාර්පෝට් එකට ගිහින් පිල්ම් එකේ බුවෙක් පාස්පෝට් එක චෙක් කරල දුන්නට පස්සේ එතන ඔපිසර්ට හු***න් කියල කියපු හැටි මතක් උනා.පස්සේ ඉන්ග්ලන්ඩ් කාරයා යූ ආ වෙල්කම් කියනවා

    ReplyDelete
    Replies
    1. යා යා..ඒ සීන් එක මටත් මතකයි :)

      Delete
  44. හික්. අපේ සෙට් එකකටත් ඔය වැඩේම ඉන්දියාවේදී වෙලා තිබ්බා. ලංකාවේ කෙල්ලෝ සෙට් එකක් වර්ණනා කරන්න ගිහින්

    ReplyDelete
    Replies
    1. ගුටිකාලා තිබ්බේ නෑ නේ?

      Delete
    2. වෙලාවට ගුටි කාලානම් නෑ...

      http://119sinhala.blogspot.com/2012/03/blog-post.html

      Delete
  45. අසරණ අහිංසක චීන්නු ටික :P

    ReplyDelete
  46. අඩේ පට්ට ඕයි..!!!!
    සිරා කතන්දර දෙක...

    ReplyDelete
  47. හැක් එල එල

    ReplyDelete
  48. ගණන් ගන්න එපා.......සුද්ද සිංහල කියන්නෙ..දැන් රාජ්‍ය භාෂාව වගේනෙ.....

    ReplyDelete
  49. මගේ යාළුවෙක් ඉරාන තරුණියක් බැඳලා ඉන්නව, එගොල්ලො ලංකාවට ආපුවෙලාවේ මගෙ යාළුවගෙ බිරිඳ ඇහුවා මගෙන් කොස් ගහක් පෙන්නල මෙකට සිංහලෙන් කියන්නේ මොකක්ද කියල මම කිව්වා "කොස්"කියල එයා ලැජ්ජාවෙන් අත්දෙකෙන් මුනවහගත්තා පස්සේ මගෙ යාළුවා හිනා වේවි මට කිව්වා ඉරානයේ "කොස්"කියන්නේ *** එකට කියල, මට පොලව පලාගෙන යන්න හිතුනා....

    ReplyDelete
  50. බලන් ඉන්නකොට පිටරටවල ඉන්න ඔක්කොම සුද්ධසිංහල්න්නෙ කතාව...හික්..එහෙම තමයි හෙලයො උනාම.

    ReplyDelete
  51. // "අඩෝ..මට අමතක උනා බං ලංකාවේ උන්ට සිංහල පුලුවන් කියලා.". පට්ටම ටෝක් එක....

    ReplyDelete
  52. අප්පි පජාතයි යකෝ.... :-)))

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  53. ලොලේ ලොල් ඔයවගේ දේවල් අනන්ත වෙනවා තමන් ඉන්න තැන අමතක උනාම.

    ReplyDelete
  54. අනේ මන්දා......................
    ආ මෙන්න මගේ බිලොග් ලිපිනය
    http://snimalka.blogspot.com

    ReplyDelete
  55. nice story
    http://blogwiki11.blogspot.com

    ReplyDelete
  56. මම මේ පාර වැරදිලා ආපු බුවෙක් ඈ? බොලොග් ලිවිල්ල ගැන මෙලෝ මගුලක් දන්නෙ නෑ.. මේ වගේ ලස්ස්න බ්ලොගක් කිරීම නම්.. හීනයක් වෙන්න එපා..
    http://badabatman.blogspot.com/

    ReplyDelete
  57. හි හි...ඔහොම තමා මිනිස්සුන්ට හරි ගියාම මුල අමතක වෙනවා...ලංකාවේ උන්ටත් ඉතින් හරියට සිංහල බෑනේ...එක නිසා හොඳයි...

    උමා(දසුන්)..

    ReplyDelete

ඔබේ වචන මට හයියකි...මේතන ලියා යන්න(ඔන්න හොදින් කිව්වා..අඩෝ...ලිව්වේ නැතිනම් කපනවා ඩෝ...)