ලා රෝස රොබ රෝසි මල් වැටුන ගුරු පාරේ
පටලවා අප දෑත් පිය නැගූ හැටි සිහිවේ
හැරදමා මගේ දැත ඔහු තුරුලේ හිටි තාලේ
මතකයෙන් විසිකරන හැටි කියා දෙනු මැණිකේ
පැය ගනන් වරු ගනන් ඔබ හින්දා ගෙව ගෙවා
පොද වැස්සේ සීතලට තෙමි තෙමී සිටි එදා
ඒ වගෙම වහිනවා අහස් කුස දෙදරවා
තෙමෙන්නට කවුරුවත් නෑ සිටියේ ඔබ නිසා
කදුලු නෑ අඩන්නට ඇසුත් බොද වී ගියා
වෙර දරමි හිනැහෙන්න දෙනෙත් පිස දම දමා
ආදරේ දුක දන්න පුංචි හිත හඩවලා
හිනැහෙමින් මගේ මැණික ඔහු තුරුලේ සැනසුනා
ලස්සනයි සහෝ ..
ReplyDelete'ආදරේ දුක දන්න පුංචි හිත හඩවලා
හිනැහෙමින් මගේ මැණික ඔහු තුරුලේ සැනසුනා' මේ ටිකට තමා මම ආසම! :)
ඒ වචන ටික තමා මම ආසම නැත්තේ වගේම අඩ අඩා ලිව්වේ...
Deleteපව්..!!! මූ පුදුම දුකක් විදින්නේ..
ReplyDeleteබලමු...තව ටික කාලයක්..
Deleteදැන් හැමතැනම කවි නොවැ :)
ReplyDeleteතව ටික දවසයි...
Deleteදුකතමා.
ReplyDeleteටික කාලයක් දුකයි :ඩී
Deleteසත්‍ය සිද්ධියක්ද මන්දා...
ReplyDeleteසත්‍ය සිද්දියක් තමා
Deleteබඩු පැකට් වගේ
ReplyDeleteපැකට් කරලා රට යවලත් ඉවර්යි
Deleteමරු ඈංගල් එක.
ReplyDeleteඔය ෆොටෝ එක ගන්න සරච්චන්ද්‍ර වලේ දන ගහගෙන දුක් විඳින් ඇති නේද?
දන ගහලා බිම වැටිලා දිගා වෙන්ඩත් උනා :ඩී
Deleteලස්සනයි..දුකයි ....
ReplyDeleteහැම ලස්සන දෙයක්ම ඉවර වෙන්නේ දුකකින්...
Deleteපොටෝ එක වගේම කවියත් සුන්දරයි...මටත් මේ අත්දැකීම පොදුයි...
ReplyDeleteහැමදාම මම ආවත් මේ පැත්තේ... රත්ගමයා තව නාවෙ ඒ පැත්තෙ...
ඉන්න ඉන්න එනවා ඒපැත්තටත්
Deletegodak duka hitena a wagema lassana kavi tikak ayya......
ReplyDelete'ආදරේ දුක දන්න පුංචි හිත හඩවලා
ReplyDeleteහිනැහෙමින් මගේ මැණික ඔහු තුරුලේ සැනසුනා' .....
මේක නම් පොල්ලෙන් ගැහුවා වගේ කොල්ලෝ..
වජිරදේවි තාම ඒ ගැන හිතනවා...
පොල්ලෙන් ගැහුවට වැඩක් නෑ නේ....ඔහු තුරුලේ සැනසෙද්දි මමයි පොල්ලෙන් ගහගන්න ඕන
Deleteඅර ‘දන ගහලා බිම වැටිලා දිගා වෙලා‘ ගත්තු ෆොටෝව නම් ලස්සනයි. කවි නම් දුකයි. ලේන්සුවක් එහෙම ලඟ තියෙනවැයි.
ReplyDeleteලේන්සුවත් එක්කම එයාටම දුන්නා...පඩුරු ගැටගහන්න
Deleteඅපිට රොබරෝසියා යායක් නෑ.ඒ වගේම තමයි අපිනං ඕං ගෑනු දාලා ගියා කියලා දුක් වෙන්නෑ.තොපිට එපානං එක් වාරයක් අපා - අපිට එපා පන්සිය වාරයක් තොපා කියලා සතුටෙං වෙන එකක් කර ගන්නවා.
ReplyDeleteඑක කෙල්ලෙක්ට සීමා නොවුනම ඉතින් එහෙම කොරන්නත් පුලුවන් :ඩී
Deleteරත්තටත් කෙලවෙලා වගෙයි.
ReplyDeleteකෙලම වෙලා ගිහිල්ලා
Deleteරත්තත් කවි කාරයා වෙලා ආයෙම.. එල එල.. සුභ පැතුම්.. :)
ReplyDeleteකවි ලියන්න ඉතින් අවුරුදු හතරක් ඉදලා බූට් එකක් කන්නම ඕන
Deleteකවියනං ලස්සනයි...
ReplyDeleteඒත් ඉතිං වෙච්ච දේ බලනකොට..
අනේ මන්දා මොනා කියන්නද කියලා..
කියන්න දේවල් ඉතුරුවෙලා නෑ
Deleteමේ තකහනියේ කෑල්ලකුත් දාගෙන බූටකුත් කාගෙන !
ReplyDeleteමූ සෑහෙන්ඩ දියුණු බුවෙක් නෙව !
දියුනුවීමේ රහස්
Deleteවිරහව කියන එකේ පොඩි රහකුත් තියනව.නැත්තම් මෙහෙම වචන එන්නෙ නෑ
ReplyDeleteදුකයි තමා. කවිටිකත් ලස්සනයි . ගෑනු ළමයා බ්ලොග් එක කියෙව්වා වත්ද . ඔන්න ඔහේ කාරියක් නැහැ . කඳුළු පිහදාගෙන හිනාවෙන්න බලන්න . බලන් ගියහම ලොකු චන්ඩි වගේ හිටියත් කොල්ලන්ටත් හදවතක් තියෙනව . දැන් කාලේ බුට් දෙන කොල්ලන්ට වඩා කෙල්ලෝ වැඩිද මන්ද
ReplyDeleteසැලෙන්න එපා රත්ගමයා,ඕක එක පාර බැරි උනත් ටික කාලයක් යද්දී අමතක කරන්න පුළුවන් වේවි මචං.උඹ සිරාවටම ආදරේ කරපු නිසයි තාමත් ඔව්වා අමතක කරන්න අමාරු..........
ReplyDeleteහ්ම්ම්ම්ම්...........
ReplyDeleteහිත අඬවා ඔහු තුරුළේ
සැඟව ගිය මැණිකට
යන්න දීපන් මලේ
නුඹේ මැණික ලඟ එනවා..
අනේ..
ReplyDeleteසත්තමයි මට දුකයි..
මහා ගොඩාක්..
බොරු නෙවෙයි,
මේ බලන්න ඇස් වල කඳුලූ.....
හැම කඳුලූ බිංදුවකම,
අපේ මතක විතරයි!!!!
ලස්සනයි.. දුකයි රත්තෝ....
අඩේ මෙව්වටද බං ඔය රොබරෝසියා මල් කියන්නේ :ප
ReplyDeleteලස්සනයි නිසදැස,දුකයි...
හැමෝම බූට් කාලා තියෙනවා බලන්ම් ගියාම :)
ReplyDeleteසුපුරුදු ලෙස කොමෙන්ටුව යොදමි!! ඌරාගේ මාළු ඌරාගේ ඇඟේ ම තියා කපමි!!
ReplyDeleteජය වේවා!
හ්ම්ම්ම් එහෙමද වුනේ....
ReplyDeleteඇඩෙනවා.....
ReplyDeleteඅවුරුදු 4ක් ගියාට පස්සෙත් බූට් තියන්නෙ මහා භයානක කොටි කතක්ද මන්දා.......!
ReplyDeleteO.o
මටත් ඔය වගේම අත්දැකීමක් තියනව බන් ඕකම තමා, දුකයි තම බන් අපි ඇත්තටම ආදරේ කරපු එක්කෙනක් අපිට පෙන්නම වෙන එක්කනක් එක්ක ගියාම,අපි කියල මොනවා කරන්නද නොලැබෙන දෙයකට අඩලා වැඩක් නැ මචන්,
ReplyDelete