හවස් වෙන්න වෙන්න නුවර වැව් බැම්මට හීනියට සීතලක් එනවා.දකුණේ ඉදලා ආපු අපිට මේ සීතල උහුලගන්නටිකක් අමාරුයි.වැව් බැම්ම උඩට වෙලා මාලිගාව දිහා බලාගෙන ඉන්නකොට කලුවර වැටෙනවා තේරෙන්නෙම නෑ.පේරාදෙණියෙ කැම්පස් එකට ඇවිල්ලත් අදට හරියටම අවුරුද්දක්.දෙවියනේ අපි වයසට යන ඉක්මන!!.
මේ කාලෙට කැම්පස් එක පුරාවටම රොබරෝසියා බල් පිපෙනවා.පුදුම ලස්සනක් ඒ මල් වල තියෙන්නේ.සමහරු මගෙන් අහනවා රොබරෝසියා මල් ගැන මෙච්චර ලියන්නේ මොකද කියලා.මම ඇරෙන්න ඒකට උත්තරේ දැනගෙන ඉදියේ ඔයා විතරමයි.ඔයත් එක්ක තුරුල් වෙලා මේ රොබරෝසි මල් අස්සේ ඇවිදින්න කොච්චර නම් හීන මැව්වද,දවස් දෙක තුනක් පිපිලා බිමට වැටෙන රොබරෝසියා මල් වගේම ඒ හීනත් පරවෙලාම බිමට වැටුන හැටි....
මීට අවුරුදු හතරකට කලින් ගාලු කොටු බැම්ම උඩ බංකුවක වාඩි වෙලා ඔයත් එක්ක හිනා වුන හැටි මට තාමත් මතක් වෙනවා.අවුරුදු හතරක් අපි ආදරේ කරා.සමහර විට ඊටත් වැඩි කාලයක් වෙන්න ඇති.ටියුශන් පන්ති අස්සේ කාතවත් නොදැනෙන්න හොර රහසේ අපේ ආදර කතාව ගලාගෙන ගියපු හැටි මතක් වෙනකොට හිනා වෙන්නද අඩන්නද කියලා හිත මගෙන්ම අහනවා..
කැම්පස් එකට එන්න දවස් දෙකකට කලින් ඔයාව හම්බ වුනෙත් ඒ කොටු බැම්ම උඩදිමයි.
"මොකෝ මැට්ටෝ මූන එල්ලන්"
"මුකුත් නෑ..කවද්ද යන්නේ කැම්පස්"
"අනිද්දා යන්නේ මැණික"
"ඊයා අනේ..මැණික කියන්නෙපා..ඒක කැතයි."
ඔයා මැණික කියනවට කැමති නැති බව දැන දැනම ඒ වචනේ කිව්වේ චුට්ටක් විතර කේන්ති ගස්සන්න.කේන්ති ගිහින් කම්මුල් වල ගැහෙනකොට ඔයා මාර ලස්සනයි.
"මෙන්න වැඩක්..මැණික නොකියා මොනවා කියන්නද?"
"වෙන මොකක් හරි කියන්න"
"හරි එහෙනම් බූරු පැට්ටෝ..තමුසෙ මගෙන් කන පලාගන්නේ නැතිව හිනා වෙලා ඉන්නවද.."
"ඊයා හිරූෂ..ඔයා හරි නරකයි...තමුසේ කියන්නේ ජරා වචනයක්.."
"ඔච්චර බොලද වෙන්න එප බං"
"හරි හරි බොලද නෑ.."
ටික වෙලාවක නිශ්ශබ්දතාවයක්.මම නැගිටල ඈත මුහුදට පුංචි ගල් කැටයක් විසි කරනකොටම ඔයා ආයෙත් කතා කරා..
"ඒක නෙමේ හිරූ."
"හ්ම්ම්ම්"
.කැම්පස් එකේ කෙල්ලෝ ගොඩක් ඉන්නවා නේ"
"හ්ම්ම් හ්ම්ම්..ගොඩක් ඉන්නව නම් තමා..ඒත් ඉතින් අවුරුදු හතරක් නඩත්තු කරපු සජිනි කියනේ මේ මෙන්ටල් කේස් එක අමතක කරන්නේ කොහොමද මම"
"ඔයාට නම් විහිලු..ඔය ඕන තරම් කොල්ලෝ කැම්පස් ගිහින් වෙන කෙල්ලොත් එක්ක යාලු වෙනවා..එහේ ගියාට පස්සේ ඔයාට මාව මතක් වෙන එකක් වත් නෑ."
"අන්න හරියටම කිව්වා.ඔයාව පොඩ්ඩක් වත් මට මතක් වෙන එකක් නෑ."
ඒ වචන ටික කියද්දි ඔයාගේ හිත කොච්චර දුකකින් පිරුනද කියලා මම හොදටම දන්නවා සජිනි.ඇස් දෙකම රතු වෙලා මූනත් බිමට හැරුනා.
"ඒයි මෙන්ටලේ..මේ බලපන් බං..මතක් වෙන්නේ අමතක වෙච්ච කෙනෙක්ව..ඔයාව මට කවදාවත් මතක් වෙන්නේ නෑ.මොකද හැම වෙලාවෙම හැම මොහොතෙම ඔයා මගේ මතකෙ ඉන්නවා."
ඔයාගේ ඔය ඇස් දෙක දිහා බලාගෙන මම කිව්වේ ඇත්තටමයි..ඇස් වලින් වැටුන පුංචි කලුදු කැටයක් අල්ලට අරගෙන විසි කරලා දැම්මේ හැමදාම ඔයා අඩන වෙලාවට ලගින් ඉදන් කදුලු පිහිනවා කියලා හිතාගෙන.
දෙවියනේ..මම මොනවද මේ මතක් කර කර මටම රිද්ද ගන්නේ.මගේ හිත සෑහෙන්න බොලදයි..කොල්ලොත් මෙච්චර බොලදයිද?
අමතක කරන්න ඕන දෙයක් හිතා මතාම අමතක කරන්න බැහැ කියන එක දැන දැනම මෙහෙම රිද්ද ගන්න එක මෝඩකමක්
"දැන් ඔයා මොකක්ද කරන්න ඉන්නේ..ජොබ් එකක් වත් කරන්න අදහසක් නැද්ද? "
"අදහසක් තියෙනවා.ෆැක්ට්‍රි එකක වැඩට එන්න කියලත් තියෙනවා.ඒත් යන්න කම්මැලි හිරූ"
"කම්මැලිකමේ ඉදලා බෑ නේ මැණික..ඔයා එතන වැඩට යන්න.ගිහින් හොදට වැඩ ටික කරන්න"
"ඔය ඉතින් ආයේ මැණික කිව්ව..හැමෝමලා පාවිච්චි කරන වචන අපි පාවිච් කරන්න හොද නෑ.."
"හරි හරි ගෙම්බෝ..ඔයා පරිස්සමෙන් ඉන්න.."
"ඔය ඉතින් යන්නද හදන්නේ."
"ඇදුම් ලැස්ති කරගන්න තියෙනවා සජිනි.අපි ආයේ දවසක ඉක්මනට හම්බෙමු"
ඉරත් ටිකෙන් ටික බැහැගෙන යනවා.ජීවිතේ තිබුන සතුටත් ටිකෙන් ටික මේ විදිහටම නැතිවෙලාම යනවා.මාලිගාව දිහාට නෙලුම් මල් අතේ තියාගෙන මහා ගොඩාක් මිනිස්සු ඇවිදගෙන යනවා.මේ හැමෝමලා යන්නේ බුදුන් වදින්න ද නැතිනම් එතනට ගිහිල්ලා තමන්ගේ ජීවිතේට මොනවා හරි ඉල්ලන්නද?
"මල් තියලා බුදුහාමුදුරුවොන්ගෙන් මුකුත් ඉල්ලන්න හොද නෑ" ඉස්සරම දවසක ඔයා මට කිව්වා යාන්තමට වගේ මතක් වෙනවා.මට පිස්සු හැදීගෙන එනව වත්ද?!! දෙයියනේ මම ඔයාව අමතක කරන්න ඕන!!
"මල් තියලා බුදුහාමුදුරුවොන්ගෙන් මුකුත් ඉල්ලන්න හොද නෑ" ඉස්සරම දවසක ඔයා මට කිව්වා යාන්තමට වගේ මතක් වෙනවා.මට පිස්සු හැදීගෙන එනව වත්ද?!! දෙයියනේ මම ඔයාව අමතක කරන්න ඕන!!
දින සති මාස ගෙවිලා ගියේ කට හඩින් විතරක් අපි දෙන්නව ලංකරවලා.ජංගම දුරකතනය හදපු කෙනාට පින් සිද්ද වෙන්න අපි දුරින් ඉදියත් හිත් වලින් ලං වෙලා ඉදියේ.දුරින් ඉන්න දෙන්නෙක් ඉක්මනට දුරස්ම වෙලා යනවලු.කවුදෝ දවසක් මට කිව්වා.
පහු ගිය මාස දෙක ඇතුලත ඔයාගෙන් කෝල් එකක් තියා කෙටි පණිවිඩයක් එන එකත් අඩු උනා..ඒත් මම පොඩ්ඩක් වත් අහිතක් හිතුවේ නෑ සජිනි..පොඩ්ඩක් වත් නෑ.
"පව්..උදේ ඉදලා ෆැක‍්ට්‍රියේ මැරිලා මැරිලා වැඩ කරනවා ඇති."
හැමදාමත් හිතේ තිබුනේ ඒ සිතුවිල්ල නිසා ඔයාට කරදර කරලා තවත් රිද්දවන්න මට ඕන උනේ නෑ
ගිය ඉරිදා මහ රෑ ජාමේ ඔයාට කෝල් එකක් ගත්තේ ඔයාව ඇහැරවන්න හිතාගෙන නෙමේ..එලි වෙනකල් පාඩම් කරලා හිතට ආපු තෙහෙට්ටුව පොඩ්ඩක් මග ඇරවගන්න..
ඒත් දෙයියනේ!! මර රෑ 1 ටත් ඔයාගේ ෆෝන් එක waiting.එක පාරටම ඒ කෝල් එක කට් කරලා මගේ කෝල් එකට ආන්සර් කරපු ඔයාගෙන් අහපු ප්‍රශ්න වලට ගොත ගගහා දීපු උත්තර හැම එකක්ම පිලි ගත්තා වගේ ඉදියට හිතෙන් දහස් වාරයක් මැරි මැරී ඉපදුනා..විභාගේත් පැත්තක දාලා සදුදා උදේ පාන්දරම කෝච්චියට නැග්ගේ ඒ හැම දෙයක්ම කතා කරලා විසදගන්න..
දවල් 3 ඉදලා හවස 7 විතර වෙනකල් ඔයා වැඩ කරන ෆැක්ට්‍රියේ ගේට්ටුව ගාවට වෙලා බලාගෙන ඉදියේ ඔයත් එක්ක විනාඩි 15ක් හරි කතා කරලා හිත හදාගෙන යන්න..
ඒත් දෙවියනේ...
ඔයා වෙන කෙනෙකුගේ අතේ එල්ලිලා හිනා වෙවී ආවේ අවුරුදු හතරක් කරපු මගේ ආදරේ මාස දෙකකින් අමතක කරලද මැනික...කැම්පස් යන කොල්ලෝ විතරද කෙල්ලෝ එක්ක යාලු වෙන්නේ??
ලා රෝස රොබ රෝසි මල් වැටුන ගුරු පාරේ
පටලවා අප දෑත් පිය නැගූ හැටි සිහිවේ
හැරදමා මගේ දැත ඔහු තුරුලේ හිටි තාලේ
මතකයෙන් විසිකරන හැටි කියා දෙනු මැණිකේ
පැය ගනන් වරු ගනන් ඔබ හින්දා ගෙව ගෙවා
පොද වැස්සේ සීතලට තෙමි තෙමී සිටි එදා
ඒ වගෙම වහිනවා අහස් කුස දෙදරවා
තෙමෙන්නට කවුරුවත් නෑ සිටියේ ඔබ නිසා
කදුලු නෑ අඩන්නට ඇසුත් බොද වී ගියා
වෙර දරමි හිනැහෙන්න දෙනෙත් පිස දම දමා
ආදරේ දුක දන්න පුංචි හිත හඩවලා
හිනැහෙමින් මගේ මැණික ඔහු තුරුලේ සැනසුනා
( මීට සෑහෙන්ඩ කාලෙකට පෙර ලියපු පද බැදුමකට කතාවක් ලිව්වෙමි..සත්‍ය සිදුවිමක් නොවේ )