Saturday 18 August 2012

උපාසකම්මා...


ඇයට වයස අවුරුදු හැටක් පමන වන්නට ඇත. සිල් රෙද්ද සුලගේ යා නොදී ගුලි කරගත් ඇය බුදුන් වදින්නට වූවාය.

"සාදු... සාදු..."

"නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස...."

"හිත වාවන්නේම නෑ... ඔබ ආයේත් එන්නේ නෑ.. මම තාම දන්නේ මා ඔබේ කියා..."

ගාථා තාලය බිදිමින් ඇයගේ ජංගම දුරකතනය නද දෙන්නට විය.

"හෙලෝ... කවුද මේ... තමුසෙට පිස්සුද ඕයි කෝල් අරන් කතා කරන්නේ නැත්තෙ.."

ඇමතුම විසන්දි කෙරුනි..

"බුද්ධං සරණ්ං ගච්චාමි..

ධම්මං සරණ..."

"හිත වාවන්නේම නෑ ඔබ ආයෙත් එන්නේ නෑ.."

"හෙලෝ.. තෝ දැනගනින් @#$%$ මම පදියතලාවේ මේරී.. තෝ මට අහුවුනොත් තොගේ හතරහන්දි කඩලා මෙතනම බාවනවා වල් බල්ලා.."

ජංගම දුරකතනය ක්‍රියා විරහිත කෙරුනි...

"පානාති පාතා වේරමනී සික්ඛාපදං සමාදියාමි"  

38 comments:

  1. අනේ ඉතිං එහෙම තමයි එකපාර සිතුවිලි දෙකකට සමවදින්න පුලුවං හැකියාව ඒ උපාසකම්මාට තියෙන්න ඇති...

    ReplyDelete
  2. අනේ සාධු! සාධු!

    ReplyDelete
  3. ඊට පස්සේ එහා පැත්තේ තියෙන දේවාලෙටත් ගිහින් අරූගේ ඔලුව හතරට පැලියන් කියල පොලුත් ගහල යන්න ඇති

    ReplyDelete
  4. he he he owa ohoma thamai rathgama mallia balannakoo oya hamuduruwange 4n wala thiyana ringing tones maleee malu :PP anuuuu

    ReplyDelete
  5. රත්ගම පැත්තේ ආච්චි කෙනෙක් වෙන්ඩෑ, මූ රත්ගම කියලා දාන්න බැරි කමට පදියතලාව කියලා දාලා....

    මැක්ස් මචං... ඉරිදා උදේට කළුතර අවට ඉඳන් කළුතරට එන බස් වල වෙන සීන් දැක්කම ඕවා මොනාද කියලා හිතෙනවා බං.

    ReplyDelete
    Replies
    1. හික්. අන්න සලකා බැලිය යුතු කථාවක්. බෝඩ් එකක් අරගෙන පාරට බහිමු කොහේද මේ ආච්චි කියලා අහගෙන :D

      Delete
  6. කෝල් කළා නං ඕවා අහගන්නත් වෙනවා! මීට පස්සේ රිං-කට් එකක් දීල නිකං ඉන්න.

    ReplyDelete
  7. දැන් කාලේ කවුරුත් ඔහොම තමයි. සිල් ගන්න එක දැන් විලාසිතාවක් වෙලා.

    ReplyDelete
  8. හිත වාවන්නෙම නෑ ඕයි මෙව්වා දකින කොට. හික්... ජය!!!

    ReplyDelete
  9. අනේ කාලේ වනේ වාසේ කිව්වලු...

    කලියුගේ.... කලියුගේ.....

    ReplyDelete
  10. රත්තා වැරදි නොම්බරේටද කෝල් කලේ.. :)

    ReplyDelete
  11. හොඳටම විස්වසද ඔය මේරි පදියතලවෙමයි කියලා..?
    හිත වවන්නේ නෑ අප්පා
    පොස්ට් එක සෝක්.... රත්ගම අයිය

    ReplyDelete
  12. ara ringin tone eke hatiyata mata hithena hatiyata ayye achchiwa,siya me lagadi dala yanna athi neda...??? :):)

    ReplyDelete
  13. මේක සිරා බන් . . පට්ට ම සිරා

    ReplyDelete
  14. හිහිහිහී.... හිත වාවන්නේම නෑ..
    වචන සියයයි.. කතාව උපරිමයි..!

    ReplyDelete
  15. හි හි.. :)

    ReplyDelete
  16. මැසේජ් එකක් කොටලා එව්වානම් අහරයිනේ රත්තෝ...

    ReplyDelete
  17. අනේ කාලේ වනේ වාසේ කියුවලු...

    ReplyDelete
  18. කාලේ හැටියට තාලය අලුත්....

    ReplyDelete
  19. එළ එළ ඔහොම කතා කීපයක්ම අහලා තියෙනවා නෙව.....

    ReplyDelete
  20. මේ කතාව මම් කියෝලා තියෙනවා 100 බ්ලොග් එකේ !

    ReplyDelete
  21. Thread එකක් දුවන උපාසක අම්මා කෙනෙක් වගේ! :)

    ReplyDelete
  22. සැ.යු :- ආච්චිලාට කෝල් කිරීමෙං වලකින්න...

    ReplyDelete
  23. සිල් ගන්න වෙලාවට ජංගම දුරකථනය ක්‍රියා විරහිත කොට තබන්න.

    ReplyDelete
  24. සිල් ගන්නවාද ? සයිලන්ට් කරනවද? හේ හේ... සේෆ්ටි ෆර්ස්ට්!!!

    ReplyDelete
  25. ජංගම දුරකථනය ඔබ කැපවීමෙන් ගොඩ නගා ගත් ශීලය බිද දැමීමට හේතු විය හැකියි...

    ReplyDelete
  26. අනේ අම්මපා කලියුග කාලේ හැටි තමයි

    ReplyDelete
  27. නියමයි.අපේ ගමේ උපාමක අම්මලාත් ඔය වගේ තමයි

    ReplyDelete
  28. මම කල්පනාකලේ රත්ගමයා. මේ පෝස්ට් එක උඹ හරි මම හරි දැම්මට කිසි අවුලක් නෑ. මේක වැරදිලාවත් හරී හෝ සාබිත් දැම්මානම් ජූලි හතයි නේ?
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
  29. ඕන්න ඔහොම තමා කොයි කවුරුත් සිල් ගන්නෙ අද කාලෙ.

    ReplyDelete
  30. හයියෝ සල්ලි කිව්වලු උපාසක අම්ම මොඩ් වෙලා

    ReplyDelete
  31. me kathawa hondai short & sweet.

    ReplyDelete
  32. පරුෂා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා ඒ වෙද්දී උපාසකම්මා කියලා තිබුණේ නැහැනේ :D

    ReplyDelete
  33. උපාසකම්මට Airplane mode ගැන බණ දේශනාවක් කරන්ටෝන. :P

    මේ කතාව හරි රත්ගමයො. මේ නාකි උදවියට පොඩිඋන් ෆෝන් settings උන්ට ඕන හැටියට දාල දෙනවා, ඒවා ඒ අයට ගැලපෙන්නෙ නෑ. අනන්තවත් ඕවා දැකලා තියෙනවා.

    ReplyDelete

ඔබේ වචන මට හයියකි...මේතන ලියා යන්න(ඔන්න හොදින් කිව්වා..අඩෝ...ලිව්වේ නැතිනම් කපනවා ඩෝ...)