Thursday 23 August 2012

පේරාදෙණිය කැම්පස් එක ලස්සනයිද?

   
මේ ටොපික් එකේ තියෙන ප්‍රශ්නෙට උත්තරේ ඔය උඩින් තියෙන ඡායාරූපෙන්ම හම්බෙන්න ඇති නේ

දැන් මේක ලියන්නේ කොහොමද? ම්ම්ම්...සර්පයා යවන ආකාරයෙන් ලියනවද සාමාන්‍ය ආකාරයෙන් ලියනවද? හැමදාම සර්පයා යවන ආකාරයෙන් ලියලා ඇති වෙලා නිසා සාමාන්‍යාකාරයෙන් ලියන්නම් .

 
මේ ස්ට්‍රයික් එකක් නිසා කරනන් කිසිම වැඩක් නෑ.ගෙදර යන්නෙත් නැතුව කැම්පස් එකටම වෙලා ඉදලත් දැන් ඇති වෙලා.ඊයේ උදේ පාන්දරම ( 10 ට 11 ට විතර ) නැගිටපු ගමන් දැක්කේ ඇද ඉස්සරහා මේසේ උඩ කාගෙද මන්දා කැමරාවක් දාලා ගිහිල්ලා.
                                        මෙච්චර කාලයක් හිත හිත ඉදපු මෙව්වා එක අද ඉටු කරගන්න පුලුවන් කියන සිතුවිල්ලත් එක්කම කැමරාවත් අතින් ආරන් ඇදුමක් දාගෙන එලියට බැස්සා..
කොහෙන්ද පටන් ගන්නේ...ඉවර කරන්නේ කොහෙන්ද? හිතට අම්බානෙක ප්‍රශ්න ගොඩක්.ඇත්තටම පේරාදෙණියේ කැම්පස් එක පටන් ගන්නේ මෙතනින් ඉවර වෙන්නේ මෙතනින් කියලා පෙන්නන්න තරම් මායිමක් නැ.කැම්පස් එක වටේට වැටක් ගහලා නෑ නේ..
                                      ඉතින් ඕන දෙයක් වෙද්දෙන් කියලා මම ගහලා හන්දියෙන්ම පටන් ගන්න හිතුවා.කොළඹ ඉදලා එද්දි ගම්පොල පාරත් නුවර පාරත් වෙන් කරන පේරාදෙණිය හන්දියේ ඉදලා මීටර් 50ක් විතර නුවර පැත්තට යනකොට තමයි ගලහා හන්දිය තියෙන්නේ.පේරාදෙණිය උද්භිත උද්‍යානයට මුහුනලා තියෙන ගහලා හන්දියේ ඡායාරූපයක් තමා මේ තියෙන්නේ


  ගලහ හන්දිය




       ගලහ හන්දියේ දකුනු අත පැත්තට වෙන්න තියෙමේ මේ පුවරුව විශ්වවිද්‍යාලයේ ආරම්භය ලෙස සලකන්නත් පුලුවන්.



ගලහා හන්දිය ආරම්භවෙන තැනම තියෙන්නේ Medical Faculty එක.


 එතන ඉදලා තවත් මීටර් 100ක් විතර ගියපු තැන පාරේ දකුණු අත පැත්තට වෙන්න තියෙන්නේ විජේවර්ධන ශාලාව.ගලහා ඉදලා එනකොට හම්බවෙන ගැහැනු ළමුන්ට වෙන්කරලා තියෙන පලමු නේවාසිකාගාරය තමයි විජේවර්ධන ශාලාව.ඔය උඩින් තියෙන ඡා‍යාරූපයට හසුවෙලා තියෙන්නේ විජේවර්ධන ශාලාවේ කොටසක් විතරයි..


  විජේවර්ධන ශාලාව 


 විජේවර්ධනශාලාවට දකුණු පස තියෙන්නේ විද්‍යා පීඨය.මෙතන තියෙන රොබරෝසියා මල් ගස්වල මල් පිපෙන කාලෙට විද්‍යා පීඨ පුවරුව වටේට තියෙන තණ බිස්ස රෝස පාටට හැරෙනවා.මේ මල් පිපෙන කාලේ නෙමේ නිසා එතන මල් දකින්න නෑ


    විද්‍යා පීඨය ඉදිරිපිට ඇති පුවරුව

මේ පහලින් තියෙන ඡායාරූප දෙක මම ගත්තේ මල් පිපිලා මුලු කැමපස් එකම එකම මල් යායක් වෙලා තිබුන දවස් වල.



   රොබරෝසියා මල් පිපී බිම වැටෙන දිනවල විද්‍යා පීඨ පුවරුව අවට



                           මලල ක්‍රීඩා පිටියට මුහුනලා ඇති විද්‍යා පීඨ ගොඩනැගිලි.


විද්‍යා පීඨයට ඉදිරිපසින් පාරේ අනික් පැත්තට වෙන්න තමයි ජයතිලක ශාලාව තියෙන්නේ.ගලහා හන්දියේ ඉදලා එනකොට හම්බවෙන පලවෙනිම පිරිමි ළමුන්ගේ නේවාසිකාගාරය තමයි ජයතිලක ශාලාව.ජයතිලක ශාලාවේ ආකෘතියට අනුවම සැදුනු අරුණාචලම් ශාලාව , මාස් ශාලාව , මාක්ස් ශාලාව ,ජේම්ස් පීරිස් ශාලාව වගේ පිරිමි ලමුන්ගේ නේවාසිකාගාරත් තියෙනවා.ඒ ගැන ඉස්සරහට ලියන්නම්..


                                                   ජයතිලක ශාලාව


ජයතිලක ශාලාවත් , විද්‍යාපීඨයත් , විශ්වවිද්‍යාලීය මලල ක්‍රීඩාංගනයත් අරුණාචලම් ශාලවත් කියන මේ හතරම මැදි කරලා තියෙන මං සන්දියේ පිහිටා තියෙන පොකුන හදුන්වන්නේ අල්විස් පොකුණ එහෙමත් නැති නම් අල්විස් පොන්ඩ් එක කියලා.විශ්ව විද්‍යාලයේ මැද ලේස සලකන්නේ මෙන්න මේ කිව්ව අල්විස් පොකුන.

                                                          අල්විස් පොකුණ


අල්විස් පොකුණ තියෙන තැන ඉදලා බැලුවහම අරුණාචලම් ශාලාව පේන්නේ ඔන්න ඔය පහල තියෙන විදිහට.

                                                     අරුණාචලම් ශාලාව

අරුණාචලම් ශාලාවට හරියටම ඉදිරි පසින් පාරේ අනෙක් පැත්තට වෙන්නේ තියෙන්නේ විශ්ව විද්‍යාලීය මලල ක්‍රීඩාංගනය.
ලෝකයේ තියෙන ගල් අගුරු වලින් සෑදුන ධාවන පථ දෙකෙන් එකක් පිහිටලා තියෙන්නේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මෙන්න මේ මලල ක්‍රීඩාපිටියේ

                                                  මලල ක්‍රීඩා පිටිය

 මලල ක්‍රීඩාපිටියත් එක්කම තියෙන්නේ ක්‍රිකට් ක්‍රිඩා පිටිය.ක්‍රිකට් ක්‍රීඩා පිටියට අනෙක් පැත්තේ රග්බි ක්‍රීඩා පිටිය පිහිටලා තියෙනවා.
මේ ක්‍රීඩාපිටි තුනම තියෙන්නේ එක පෙලට.පාරේ ඉදලා බැලුවම මේ ත්‍රිත්වයම එක පෙලට බලාගන්න පුලුවන්


 ක්‍රිකට් ක්‍රීඩාංගනය


 
                                                    රග්බි ක්‍රීඩාංගනය

අදට මේ ටික දාලා නවත්තනවා..ඔක්කොම එකම දවසින් දාන්න ගියොත් ලෝකේ දිගම බ්ලොග් පෝස්ට් එක මේක වේවි.තව දවස් දෙක තුනකින් ඉතුරු පින්තූර ටිකත් දාන්නම්.මේක මතු සම්භන්ධ කරන්න කලින් ආයේ කියන්නේ මේ ඡායාරූප ඔක්කොම ගත්තේ මෙගා පික්සල් 8ක කැමරාවකින්.ආර මල් වැටිච්ච ෆොටෝ දෙක නම් ගත්තේ මගේ ඇන්ඩ්‍රොයිඩ් මෙව්වා දුරකතනයෙන් ( ඇඩ් එක නොමිලේ )

53 comments:

  1. කැම්පස් එකනම් ලස්සනයි. ඒත් මම ඒක ගැන අහලා තියෙන කතා නම් භයානකයි :/

    ReplyDelete
    Replies
    1. මොනවද ඒ භයානක කතා :O

      Delete
  2. පේරා කැම්පස් එක ගැන ඕන උනහපුළුවෙක්ට ආසාව ඇති වෙනවා චන්දන මෙන්ඩිස්ගේ “නිශ්චල චංචල දේපල“ පොත කියෙව්වම..
    සාහිත්‍ය මාසෙ ලගයිනේ.. ගීං ගන්න ඈ...
    පොටෝ ටිකනං පට්ට!!!!!

    ReplyDelete
  3. අර මල් බිම වැටිලා තියෙන ෆොටෝ එක පට්ට මචං
    ඕක ලස්සනයි කියලා අහල තිබ්බට දැක්කේ අද නො :)

    ReplyDelete
  4. ම්ම්ම්...ලස්සනයි රත්ගමයෝ..

    ReplyDelete
  5. කෝ අපේ කම්මලේ පොටෝ?

    ReplyDelete
  6. සිරා ෆොටෝ ටික

    ReplyDelete
  7. ජීවිතේ මම ගොඩක් ආස කරන තැනක් තමයි පේරාදෙණිය කැම්පස් එක. පින්තුර ටිකනම් පුදුම ලස්සනයි. ඉතුරු ටිකත් ඊගාව පොස්ට් එකෙන් දානවලුනේ.


    පින්තුර වලට වෝටර් මාක් එකක් දල නෑ නේද. උස්සන එකාලා බෑ කියල උස්සයි. මෙගා පික්සල් පොඩි ගානක කැමරාවකින් වුනත් ලස්සන නිර්මාණාත්මක පොටෝ ගන්න පුළුවන් හොඳ ඇහැක් තියනවනම්.

    ReplyDelete
  8. දන්නෝ දනිති, සෙස්සෝ නොදනිති.

    ReplyDelete
    Replies
    1. අනේ හුකේ..

      (තරහ අවසර රත්ගමයෝ මේක දැම්මට )

      Delete
  9. සුපිරි සුපිරි මගෙත් මේ වගේ අදහසක් තිබ්බා.මෙහෙම දෙයක් කරන්න.

    ReplyDelete
  10. මම නම් අදමයි මේවා දැක්කේ බං.තැන්කු වේවා අපි‍ටත් පෙන්නුවට.

    ReplyDelete
  11. photo tikanam goda................k lassanai.itiri tikath ikmanata danna ayya..... :)

    ReplyDelete
  12. campus yana chance ekak awe nathuwata wena chance ekakin pera giya masa 6k igenagana.mara lassanak tma.phota tika patta aa

    ReplyDelete
  13. ගෙදර මතක් වෙනවා... :(

    ReplyDelete
  14. හැමදාම දකින වගේ ෆොටෝ තමයි ඉතින් මේවා.

    ReplyDelete
  15. rathgamayo mama ubewa danne nam naha habai blog ekanam maru ahamben kiyawanne labune...maxa kammali nowi hoda deyak danne one hamadama apita balanne......

    ReplyDelete
  16. නියමයි නියමයි.. මුට මෙහෙම දෙයක් කරන්න හිතුන එකම මදෑ.. ඉතිරු ටිකත් ඉක්මනට දාමු..

    ReplyDelete
  17. කැම්පස් එක ලස්සනයි...සුන්දරයි... සමහර ඉන්න එවුන්/එකීල ගෙ හිත් කැතයි .ගොඩක් අය හොඳයි... කැත හිත් කැම්පස් එකේ පැල්ලම් ඇති කරයි.ලස්සන මකයි... අපි නිවාඩුවලට නිතරම මේ ලස්සන බලන්න එනවා කොලඹ ඉඳලා .... ගස් , පඳුරු යට, බන්කු වල ඇති තරම් පෙම් සුව විඳින්න ඉඩ කඩ, සුන්දරත්වය, නිදහස ඕනතරම්.... ඔබලා වාසනාවන්තයි. ජීවිතයේ සුන්දරම සමයක මෙවන් තැනක ගත වීම ඔබේ මුලු ජීවිතයටම අමතක නොවනු ඇත...ආයෙත් ලඟදීම එනවා.... මචෝ ,මල් පිපිලද තියෙන්නේ.... මේ දවස් වල අතුලට ආවට අවුලක් නැද්ද? -ASJ

    ReplyDelete
  18. ආනේ අපේ කැම්පස් එක! අයෙම කැම්පස් ගියා වගේ... ඩී

    ReplyDelete
  19. කැම්පස් එකනම් ලස්සනයි. එත් දැන් ඉන්න මිනිස්සු ලස්සන නැ. කට්ටියට දැන ගන්නත් එක්ක පුදුම හත ගැන දැම්මොත් මොකද.

    ReplyDelete
  20. මමත් ගලහට යන එන වතාවල කැම්පස් එකේ සුන්දරත්වය දැකලා තියෙනවා ...

    ReplyDelete
  21. පේරේ හැමදාමත් ලස්සනයි තමා,,

    ReplyDelete
  22. ඔය පාලු ගතිය යන්න සින්දුවක් කියපං. ඔන්න මගේ බොගේ ඇති...

    ReplyDelete
  23. අනේ!!! අප්පේ අපේ අම්මයි තාත්තයි සෙට් වුනේ පේරාදෙණියෙදිලු. අපිටත් කට කැඩෙනකම් කීවා.... "පේරාම පල" කියලා. කොහෙද බැරි උනානේ... දැන්නම් ඊරිසියාවේ බෑ අප්පා!!!!

    ReplyDelete
  24. මගෙ ජිවිතේ අ0ක එකට තිබුණ ඒත් අසත්පුරුෂ නෑදෑයන් නිසා නැති උන එම නිසාම තවමත් හදවතින්ම ඉකිබිදින එකම එක හීනය.ස්කෝලේ යන්න පටන් ගත්ත දවසේ ඉදලම ඕකට යනව කියන බලාපොරොත්තුවෙන්මයි පේරා කැම්පස් එක දිහාම බලගෙන ස්කෝලේ ගියේ.ඒ වෙනුවෙන් ගොඩක් මහන්සි උනා.නොමැරි මැරුනා. යන්න තිබුන එකත් නැති කරා. කාලකන්නි නැදැයෝ.දැනටත් කැම්පස් එක ඉස්සරහින් ගෙදර යද්දි කැම්පස් එක දිහ බලන්නේ හරිම දුකෙන්.. හරිම වෙදනාවෙන් කමෙන්ට් කරේ. හිතේ තියෙන දුක නිසාමයි.

    ReplyDelete
  25. ලස්සනම ලස්සනයි..:)

    ReplyDelete
  26. ඔන්න රත්තෝ මාත් එනවමයි ! මම එනකොට කුප්ප කුජීත රත්තා නැතිවෙයි කැම්පස් එකේ :(

    ReplyDelete
    Replies
    1. අපි ආවාම දාන්න පොටෝ ටිකක් ඉතුරු කරපිය :@ උඹ ඔක්කොම ලිව්වාම කැම්පස් එක ගැන අපි ලියන්නේ මොනවද . කුජීතයි බොල කුජීතයි :P :P

      Delete
  27. පේරාදෙණිය කැම්පස් එක ආශ්‍රිතව බිහි වෙච්චි සිංදු තොගේ දිහා බලපුවහම, කොච්චර සුන්දර ඇත්ද කියලා හිතා ගන්න පුළුවන්නෙ. ආසාවෙන් හිටියෙ මේ ගැන විස්තර දැන ගන්න. අනිත් ඒවත් ඉක්මනට දාපන්.

    ReplyDelete
  28. අම්මෝ පේරා ලස්සන ඇතිවෙන්ඩ දැක්කා.පවුල එහෙනෙ මචං.හැබැයි ඇත්තම කියන්ඩ ඕනෙ ඔහෙ සමහර උංගේ හිත් හරි කැතයි බං.(අපෙත් සමහර උං එහෙම තමයි )

    ReplyDelete
  29. අර පලවෙනි photo එකනම් මරු

    ReplyDelete
  30. For the reason that the admin of this site is working,
    no question very quickly it will be well-known, due to
    its feature contents.
    Feel free to surf my web site ; click here publishing

    ReplyDelete
  31. Z ස්කෝර් අවුල් නොගිය නම් අපිත් ඇතුලේ !

    ReplyDelete
  32. අඩේ මෙහෙම ෆොටෝ එකකින් හරි කැම්පස් එක දකින්න තියෙනවනම් මරු !
    ඔන්න අපේ කම්මලේ ෆොටෝ දැම්මෙ නැත්නම් උබ අක්බාරි ඉදලා හමාරයි පුතෝ !!! :)

    ReplyDelete
  33. මට නම් එන්න පුළුවන්කම තිබ්බා... ඒත් ඇර මානසික ලෙඩ්ඩුන්ගේ මහ ජරාම ජරා මෝඩ පහේ රැග් නිසා ඕන කමින්ම ලිස්ට් එකේ පස්සට දැම්මා.. නැතිනම් පෙරේ කැම්පස් එකට නම් මාර ආසයි.. මොකද ඒක තමා ලෝකේ තියෙන ලස්සනම කැම්පස් එක.. ඒක ගැන ආයේ කතා දෙකක් නෑ..
    මං මේ සුදාගේ සිතුවිල්ලක් ලහින්

    ReplyDelete
  34. පේරා එන්න පුළුවංකම තියෙද්දි මොරටුවට ආපු එක ගැන දුක හිතුනේ නැතුවාම නෙවෙයි

    ReplyDelete
  35. පොටෝ ටික ලස්සනයි... 60 - 70 දශක වල පේරාදෙණිය කැම්පස් එක මීටත් වඩා ලස්සනයි ලු... ඒ අදට වඩා ලස්සන මල් පිපිච්ච නිසා නෙමෙයි... ඉගෙන ගෙන අනාගතය ජයගන්න අධිෂ්ඨානයෙන් කැම්පස් ආපු අහිංසක සිසුන්/සිසුවියන් නිසා.. සැගවුන න්‍යාය පත්‍ර‍ තිබ්බෙ නැති ඔවුන්ගෙ කැම්පස් ජීවිතයේ සුන්දරත්වය මම පසුකලෙක එබදු අය අතින් ලියැවුන පොත් වලින් කියවලා තියෙනවා... ගලහා පාර දිගේ පෙම්වතියගේ අත අල්ලගෙන ගිහිල්ලා... ඒ කිට්ටුව තිබ්බ තැනකින් ඩයිනමයිට් කියලා කොල්ලො හදුන්වපු ලුණු මිරිසත් එක්ක ආප්පයක් කාලා හාන්තාන කදු ඉසව්වෙන් එන සීතල සුළගත් විදගත් අතීතය කෙතරම් සුන්දර වෙන්න ඇතිද කියලා හිතෙනවා...

    මගේ ඉංජිනේරු මිතුරෙක් පසුකලෙක මට හෙළිකල පේරාදෙණියේ ඔහු මුහුණ දුන් කුරිරු නවක වද සිද්ධීන් වලින් පස්සෙ මට ඒ ඉසව්ව පිළිබද ඇති වුනේ කළකිරීමක්....

    ReplyDelete
  36. කොල්ලො පරන ගලහ පාර පැත්තෙත් පලයන්......එහෙ දැන් කොහොමද කියල බලන්නත් ආසයි.......තව 'Lovers Lane' එක අමතක කරනව එහෙම නෙවෙයි

    ReplyDelete
  37. සැබවින්ම දැකීමට පින් කර ඇත්තෙමි!!!

    ReplyDelete
  38. නියම පින්තූර ටික සහෝ! නියමම නියමයි.:)

    ReplyDelete
  39. ලස්සනයි අනේ ... යන්න බැරි වෙච්චි එක බලලාවත් එන්න යන්න පුළුවන් වෙයිද දන්නේ නෑ... ලොකු උනහම යන්න ඕනේ ෆොටෝ ටිකක් කාරිය අරන් එන්න...

    ReplyDelete
  40. ඇත්තටම ලස්සණයි.අනිත් ටිකත් දාපන් රත්තෝ.කැම්පස් යන්න බැරි වුන එක ගැන හිතට පොඩි මෙව්වා එකක් එනවා ඉතින් මේවා දැක්කහම.

    ReplyDelete
  41. ඔය මල් වලට කියන්නෙ "රොබරෝසියා" කියලද ? ඉස්සර අපේ ගෙදරත් ඔය ගහක් තිබුනා.. අපිනම් කිව්වෙ දම්මල් ගහ කියලා.. මට මතක විදිහට.. ඒකල කාර්මික ජනපදය පැත්තෙ තාමත් තියනවා ඔය ගස් ( පේන්ඩ තියන විදිහට.. ඒ ගහක්මද කියලා පැහැදිලි නෑ )

    පේරාදෙනිය නම් ලස්සනයි.. උඹලා ගැන මට අවංකවම ඊරිසියයි.. ඒත් මෙහෙම ජීවිතේ අනිවාරතේ දියවෙලා යන එක ගැන නම් දුකයි..

    දැන් ස්ට්‍රයික් කොරලා තියෙන්නෙ, ශිෂ්‍යද ? අධ්‍යනද ? අනධ්‍යනද ?

    ReplyDelete
  42. අපිට ඉතින් ෆොටෝස් තමා :(

    ReplyDelete
  43. කැම්පස් එකේ හොල්මන්, අවතාර නැත්ද අයියා...???

    ReplyDelete
    Replies
    1. Thiyenawa kiyala kiyanawa dr hilda obesekara hall ekei akbar hall ekei man ahala thiyenawa yaluwa

      Delete
  44. සි‍රාවටම ලස්සනයි මචෝ

    ReplyDelete
  45. මරු මරු. අපි ඉතිං රට රට වල ගියාට කැම්පස් ගිහිං නෑනෙ. ස්තූතියි බලාගන්ඩ දැම්මට...

    ReplyDelete
  46. මමත් පේරාට මාර ආසයි...ඒත් හම්බ උනේ ජපුර විද්‍යා පීඨයට යන්න...එහේත් අවුලක් නෑ...මොනා උනත් Bsc එක කරලා Msc කරන්න නම් අනිවා පේරා එනවා.

    ReplyDelete
  47. උඹත් එක්ක කැම්පස් එකේ හිටපු දවස් ටිකේ මම ලිව්ව පෝස්ට් ටිකට ලින්ක් දැම්මා නම් වැඩේ ගොඩ නේ.. අමුතුවෙන් ලියන්න දෙයක් නෑ නේ!!
    :P

    ReplyDelete
  48. අඩෝ රත්ගමය එල හොඳේ මේ වැඩේ මන් දන්නවා උඹව මචෝ

    ReplyDelete

ඔබේ වචන මට හයියකි...මේතන ලියා යන්න(ඔන්න හොදින් කිව්වා..අඩෝ...ලිව්වේ නැතිනම් කපනවා ඩෝ...)