"ලොකු පුතා.."
අම්මාගේ හඬින් මම කාමරයෙන් එලියට පැමිණියෙමි.
ඇයව පලමු වරට මා දුටුවේ අදය.ඇය කවුරුදැයි මම ඔබට නොකියමි.අඩුම වශයෙන් ඇයගේ නම මෙය යැයි ද මම නොකියමි.සමහර විට ඇය හැඩය.
ඇයව පලමු වරට මා දුටුවේ අදය.ඇය කවුරුදැයි මම ඔබට නොකියමි.අඩුම වශයෙන් ඇයගේ නම මෙය යැයි ද මම නොකියමි.සමහර විට ඇය හැඩය.
නැත.නැත...
ඇය සිරාවටම හැඩය.ලා නිල් පැහැති බ්ලවුසයත් ඇඟටම ඇලෙන ලෙස හැඳ සිටි ඩෙනිම් කලිසමත් ඇයට මනාව ගැලපුනේය.එතරම් උස නොවූ නමුත් පැලඳ සිටි පාවහන් යුවල නිසාදෝ උසින් අඩුවක් නොදැක්කෙමි.දෙතොල ලා රෝස පැහැතිය.එම රෝස පැහැය මාගේ පෙම්වතියගේ දෙකොපුල් වල පැහැයට වඩා ටිකක් වැඩිය.දෙතොල් ආලේපන නිසාදෝයි මට සිතේ..
මේ සියලු දේ නිරීක්ෂණය කිරීමට මට ලැබුනේ තත්පර දහයක්ම පමනි.
තත්පර දහයකට මෙපමන හරියක්?
සමාවන්න..., හිතවත් පාඨකය..
මම වලත්තයෙක් නොවෙමි.මේ කොල්ලන්ගේ හැටිය.
"මේ ඉන්නේ නිර්මාණි ඇන්ටිගේ දුව.එයා ඔයාගේ පරණ පොත් ටික ඉල්ලගන්න ඇවිත් තියෙන්නේ"
අම්මා ඇයව හඳුන්වා දුන්නාය. මට වැරදුනේ නැත..නිර්මාණි ඇන්ටී යනු බොරු නමකි.ඔබ කොපමන මගෙන් ඇසුවත් මම ඇයගේ ඇත්ත තතු හෙලි නොකරමි.කතාව පමණක්ම කියමි..
"යන්න දුව අයියා එක්ක"
ඇය රැගෙන යා යුත්තේ මාගේ කාමරයටද? අවුරුදු 18 ක කෙල්ලෙක් මගේ කාමරයට තනි පංගලමේ එක්ක යන්නේ කෙසේද? . අම්මා මා විශ්වාස කරන සෙයකි. නැත...ඇයගේ සිතේ යටි අරමුණක් තිබුනා ද විය හැකිය.
ඇයගේ අඩුවක් නොමැත.ඇය හැඩය.හැම කෙල්ලෙක්ම වාගේ විලාසිතා වලට කැමතිය.අම්මාද මගේ පැත්තේ නම් මගේද අකමැත්තක් නොමැත.අහෝ..!! මා වලත්තයෙකු වේගන එන හැඩය.සමාවන්න නැගනිය.මට පෙම්වතියක් සිටියි.ඔබට කාමරයට ඒමට පමණක්ම මම ඉඩ දෙමි.මගේ හිතේ ඔබට ඉඩක් නැත..
දොර රෙද්ද මෑත් කරමින් අපි කාමරයට ඇතුලු වූයෙමු.
අඳුරු වී ගොස් තිබූ කාමරයම ඇයගේ ආගමනයත් සමඟම ආලෝකමත් වූවාදෝයි මට සිතේ.
"ඕන පොත් ටික මේසේ උඩ ඇති.නංගි තෝරලා ගන්න."
මා පැවසීමටත් පෙර ඇය මේසය දෙසට ඇවිදගෙන ගියාය.
"ඊට ඉස්සෙල්ලා කරන්න වැඩ ගොඩක් තියෙනවා වගේ"
මේසයට මුහුණලා තිබු ජනෙල් පලු තුන අතරින් මැද ජනෙල් පලුව විවෘත කිරීමට ඇය දිග ඇදුනාය.ඇයගේ අත දිග මදිය.ඇය තවත් ඇදුනාය.ඩෙනිම් කලිසමත් බ්ලවුසයත් අතර අඟල් කිහිපයක වෙනසක් තත්පර කිහිපයකට ඇති වුනි.මා කෙතරම් ඒ දෙස බලා සිටියේදැයි මට මතක නැත.කාලය නැවතී ඇති සෙයකි.සමාවන්න...මම වලත්තයෙක් නොවෙමි.මම දුටුව දේ පමණක්ම ලියමි.
"ඔන්න දැන් තමයි මනුස්සයෙකුට ජීවත් වෙන්න පුලුවන් වෙන්නේ මේ කාමරේ"
සිහින් සිනාවකින් මුව සරසාගත් ඇය මා දෙස හැරෙමින් පවසයි.
දෙවියනේ!!! ඇය හැඩය..කෙලිලොල්ය.කුලුපගය
පියවර කිහිපයක් පසු පසට අඩි තැබූ ඇය නැවත මේසය අසලට පැමිණියාය.
"මේ පොත් ගොඩේ මම කොහොමද ඕන පොත් ටික තෝරගන්නේ..මේක නිකන් පිස්සන් කොටුවක් වගේ නේ"
ඇය නැවත සිනාසෙයි..මා වහා කන්නාඩිය ඉදිරියට යා යුතුය.මාගේ මුහුනේ ඉරියව් බලා ගත යුතුමය.නැතිනම් ඇය මා ගැන වරදවා සිතනු ඇත.මෙතරම් කුලුපග වන්නට අප පෙර දැන සිටියේ නැත.යුවතියෝ ලැජ්ජාශීලී විය යුතුය.සම්ප්‍රධායද එයයි.ඇය සම්ප්‍රධාය බිඳ දමමින් යයි.කොල්ලෙක් බලාපොරොත්තු වන්නේ මෙවැනි යුවතියක් නොවේද.? ඇය මට නොගැලපෙන්නේද?
සමාවන්න...මම වලත්තයෙකු නොවෙමි..මට පෙම්වතියක් සිටියි...මම නැවත සිහියට පැමිනිය යුතුය..
"අයියා.."
"ම්ම්ම්ම්"
"මම මේ මේසේ ටිකක් පිළිවලකට හැදුවට කමක් නැද්ද?"
දෙවියනේ....ඇය අවසර ඉල්ලනවා නොවේද...?මාගේ ජීවිතයද මේ ලෙසම පිළිවලකට සෑදීමට ඔබට අවසර දෙන්නට පුලුවන් නම්..මම තනිවම සිතුවෙමි...මම ඇයට පිලිතුරක් දිය යුතුය.ඇය මා දෙස බලා සිටී..
"හදන්න හදන්න..ඒත් සමහර පොත් ඒ තැන් වලම ආයේ තිබ්බොත් තමා හොඳ"
අරමුණ ඉටු කරගත් කෙනෙකුගේ මුවෙහි පහල වන සිනා රැල්ලක් ඇයගේ මුව මඬල පුරා පැතිරෙයි.
"එහෙනම් ඇවිල්ලා සපෝර්ට් එකක් දෙන්න..මගේ මේසේ නෙමේනේ"
හිතුවක්කාරෙට මගේ කාමරයට පැමිනි ඇය , මාගේම පොත් මේසය සෑදීමට මටම ආරාධනා කරන අපූරුව..අම්මාගේ යටි අරමුණ මම තේරුම් ගත්තෙමි.පෙම්වතියක් සිටියාට කම් නැත.මාගේ පොත් මේසය පිළිවලකට සෑදීමට මේ කෙලිලොල් යුවතියට ඉඩ ලබා දිය යුතුය.
"ඔය අයිනේ තියෙන හැම එකම වගේ කැම්පස් එකේ පොත්.ඒවා ඒ අයිනෙම තියෙන්න අරින්න."
ලා නිල් පැහැති පාට කල නියපොතු සහිත අතින් ඇය පොත් එකින් එක එකතු කරයි.ඉන්පසු ඒවා ලමැදට තබා හිරකර ගනී.මේසය උඩ ඇති පොතක් වන්නට ඇතිනම් යැයි මට සිතේ.නැවත පා ඇඟිලි වලින් ඇය ඉස්සෙයි..මේසයේ කෙලවරටම අත දිගු කරයි..ඩෙනිම සහ බ්ලවුසය අතර පෙර පරිදිම හිඩසක්! මා ඒ දෙස බලාගෙන සිටියෙමි.බලා සිටියාට වලත්තයෙකු වන්නේ නැත.මේ මොහොත උපරිමයෙන්ම විඳිය යුතුය.ඔව්...උපරිමයෙන්ම විඳිය යුතුය.
"ඉංග්‍රීසි පොත් වගයක්,මේවා අයියට ඕනද?"
ඇය පොත් වල පිටු පෙරලමින් මගෙන් අසයි..මාගේ ජීවිතය මට ඕනෑ විදිහට හැඩ කරන්න ඔයාට අවසරයි!
"කෝ බලන්න..."
මම ඇයට කිට්ටු වුනෙමි.ඇයගේ අතේ තිබූ පොත ගැනීම අනවශ්‍ය කරුණකි.නමුත් මම එය ගත්තෙමි.හිතා මතාම ඇයගේ අතෙහි මගේ අත වැද්දූයෙමි.එතරම් සිනිඳු බවක් මා මීට පෙර විඳ නැත.ඒ තත්තපරය!!!
"ඒ ටිකත් එතනම තියන්න.."
"ඒ උනාට ඒවා ඉංග්‍රීසි පොත්නේ අයියේ.ඒ ටික වෙනම තියමු."
"නෑ...ඒ ටිකත් කැම්පස් එකේ පොත්..ඒක නිසා එතනින් තියන්නකෝ."
ඇය ගැස්සුවේය..
"පණ්ඩිතයා නොවී ඉන්නෝ හලෝ..මම මේක පිළිවලකට හදලා දෙන්නම්"
මේක හරි වැඩක්ය.මම ඇයට පොත් මේසය හදන්නට කීවේ නැත.ඇයම බලෙන් එය හදන්නට ඉල්ලා ගත්තේය.ඇයටම ඕන පරිද්දෙන් එය සාදාගෙන යන්නේය..මාගේ ජීවිතයත් ඇය මෙහෙම කලොත්...?
ප්‍රශ්නයකි.... පොත් මේසය නම් ඇය ගිය පසු නැවත මට හදා ගත හැකිය...ඒත් ජීවිතය...?
අම්මාගේ බලාපොරොත්තු බිඳ දැමිය යුතුය.මා මේ යුවතියක් සමඟ තනිවම කාමරයට වී සිටීම සිදු නොකල යුතුය...මෙතනින් පැනගත යුතුය..මට පෙම්වතියක් සිටී..මම වලත්තයෙක් නොවිය යුතුය..
"නංගී ඕක හදලා ඕන පොත් ටික අරන් යන්න"
"අයියා?"
ඇය පුදුමයෙන් හා දුකෙන් අසයි
"යාලුවෙක් එනවා කිව්වා ටවුන් එකට.. දැන් මම යන්න ඕන"
ඇයගේ මුහුනේ ඉරියවු වෙනස් වීගෙන එයි..ඒ දෙස මොහොතක් වත් නොබැලූ මම කාමරයෙන් එලියට පැනගත්තෙමි.ජීවිතය යනු හැඟීම් ඔස්සේ ගොස් වරද්දා ගත යුතු නැති දෙයකි.වලත්තයෙකු යනු කැත වචනයක් ද නොවේ..අපි සැවොම කිසියම් මොහොතකදී හෝ වලත්තවේ..එය මෙය යැයි කියන්නේ එහෙමත් එකෙකි.
ජංගම දුරකතනය අතට ගත් මම පෙම්වතියගේ අංකය ඇමතූයෙමි....
මටනම් සත පහකට සුවර් නැහැ උඹ කාමරයෙන් එලියට ගියා කියල ...:P
ReplyDeleteගියා තමා...හ...ඇයි සැකය?
Deleteමොකක්.. උඹ කාඹරෙන් එළියට ගියා? :O
ReplyDeleteමට මේ විදියෙම සිද්දියක් උනා හැබැයි ඉස්කොලෙදි..
Deleteඈ කලු නිසා මං බේරුනා :D :D
වල් බනියෝ කළු උනාට දොදොල් රහයි කියල කතාවක් අහල නැද්ද උඹ
DeleteHapoo kalu badu chartet ban..karaddi aduma tharame pitawath athagaanne ne ban..hariyata dummy yakata karanawa wage..
Deleteකලු...කලුත තෝ තඩි බතල කැත හාවෙක් නිසාද දන්නේ නෑ කෙල්ල මාරු වෙලා තියෙන්නේ!!
Deleteතාමත් ෆිට් එකට හායි මචන් කිවා නම්, අඟේ දැවටෙන්න බලන්නෙ. ඒ තරමට ඇම්ම ඒකිට!
DeleteMaxaa kathawa...supiri adahas.....sema kollek thulama maa sithana widihata walaththayeku siti...neththam lokaye pewethmak netha..
ReplyDelete(Sinhalen cmnt kireemata nohekiweema gena kanagaatuwa)
සෑම කොල්ලෙක් තුලම එයින් එකෙක් සිටියාට ඌව එලියට පෙන්නන්නේ එහෙමත් එකෙකි...එවිට ඌ පමනක් වනචරයෙකු වෙයි..අනිත් උන් සැදැහැවතුන් වෙයි
Delete"සමාවන්න ,මම වලත්තයෙකු නොවෙමි........." හොදටම සුවර් ද..?
ReplyDeleteමට නම් ශුවර් බොල...ඒකනේ ලිව්වේ
Deleteඋබ ඔය කියන්නේ ඇත්තක්ද... මට විස්වාස නැහැ .
ReplyDeleteමේක නිකන් ගොතපු කතාවක් බොල...
Deleteha haa. maru ayya. ada thama parana blog kiyewwe. ela katha tikak thiyenne. :)
ReplyDeleteනිර්මානි ඇන්ටි?? ඔයා??? :ඩී
Deleteඅනේ මුකුත් කියන්න බෑ අප්පා.. ඔයාල වෙන වෙන විදියට හිතයි ඒවා.. :P
ReplyDeleteඅනේ බොල පනු...මොනවයි දැන් කියන්නේ...
Deleteමම වලත්තයෙකු නොවෙමි ! අඩෝ එයාගේ නම්බර්ෙක හොයලා දියන්කෝ උඹත් කැමති නෑ නේ :P #RR
ReplyDeleteනම්බරයක් නෑ...පොඩි කාලේම සවුත්තු කරන්...
Deleteබොරු කියන්න එපා බං.. උඹ මග ඇරලා යාවි! බම්බුව තමයි!! :P
ReplyDeleteආයි...මෙන්න මූ පලවෙනි පාරට පෝස්ට් එකක් කියවලා...ලොලේ ලොල්
Deleteහැම ගහනව බලා ගනින් බොරු කිව්වොත්...... වලත්තයා....
ReplyDeleteකෝ කවූද?? කොහේද?/ කෝ වලත්තයා?
Deleteහුම්ම්......
ReplyDeleteමට නම් ඔහොම චාන්ස් ඇවිත් නෑ. ආවොත් වලත්තයෙක් වෙන්නෙත් නෑ. කාමරේම ඉන්නවා. හැබැයි ගොමයෝ එකක් කියන්නම්. පෙම්වතී මතක් වෙන්න ගිය වෙලාව හොඳටම වැඩී.... අපි කොල්ලො ඉතිමන් ඔහොම තමයි. බොරු කියන්න ඕනි නෑනෙ. කෙල්ලෙක් හිටියට ලස්සන එකක් දැක්කම හිත යනවා තමයි.
මතක් උනේ නෑ බන් පෙම්වතීව..එයාව කොහොමටවත් මතක් වෙන්නේ නෑ...මතක් වෙන්නේ අමතක උන කෙනෙක්ව නේ..එයාව අමතක වෙලා නෑ :)
DeleteහිකිZ
Delete//මම ඇයට කිට්ටු වුනෙමි.ඇයගේ අතේ තිබූ පොත ගැනීම අනවශ්‍ය කරුණකි.නමුත් මම එය ගත්තෙමි.හිතා මතාම ඇයගේ අතෙහි මගේ අත වැද්දූයෙමි.එතරම් සිනිඳු බවක් මා මීට පෙර විඳ නැත.ඒ තත්තපරය? ;
මගේ හුස්ම හිර විය. ඒත් එය වලත්ත කම නිසා නොවේය.
හිතවත් පාඨකය..
ReplyDeleteමූ එදිරි අයියාගේ මල්ලි කෙනෙකි.... (ලියවිල්ල ඊට සමානය)
හි හි...
පට්ට ආ...
නැතුව..අපිත් ඉතින් ආස ලේඛකයන්ගේ එව්වා මෙව්වා ඔබ්බවන්න එපැයි මේකට
Deletemath Ediri aiyage Fan kenek.
Deleteහික් හික් අෆ්ෆා ඔයා එළියට ගියා කියලා සුවර් ද??????????????
ReplyDeleteගියා තමා ඩෝ....සැකද බොලාට
Deleteමචං රත් ගමී..............මා ලඟද පරන ඒ ලෙවල් පොත් ටිකක් ඇත.ටිකකට ඔය නංගීට එන්න කියන්න නොහැකිද? මමද මෙව්වා එකෙක් නොවෙමි.
ReplyDeleteමට දුන්නොත් මම භාර දෙන්නම්..අපරාදේ නේ කරදර වෙන්නේ
Deleteඅම්ම්ම්මෝ! මූ කියන බොරූ.....මූ මේං කියලම යන්න ඇති!
ReplyDeleteනැතුව...ගියා තමා මම..හරි හොදයි මම
Deleteහම්මේ ඇති යංතං උඹ වලත්තයා නොවුනෙ :P
ReplyDeleteපල පල පොඩි වලත්තයා....
Deleteඅර නිල්මල පිවිතුරු සුකොමල ගෑනු දැරිවිව දාල උඹ ගියාය කියල අපිට පිළිගන්න කියලද උඹ දැන් අපිට කියන්නෙ, එතන කෙල හල හල සෙවල පෙර පෙර ඉඳල ඇවිත් දැන් මූ මෙතන කියන පච.
ReplyDeleteසෙවල පෙරන්නේ නැතුව ඉදියි මුන් එතන ඉදිය නම්,,,පුහ්,,
Deleteසිරා !!
ReplyDeleteමොන සිරාය....මරු සිරා?
Delete100%ක් පිළිගනිමි.කොල්ලෙක් යනු අනිවාර්යයෙන්ම වලත්තයෙකි.නමුත් තැනට ගැළපෙන ලෙස සිටින්නට දන්නා කෙනාට නම බේරාගත හැකිය.
ReplyDeleteහොදටම කිව්වා....
Deleteඅනේ මන්දා බං ඇත්තටම කොල්ලෝ වන අපි එහෙමද O.O
ReplyDeleteසමාවන්න මම නම් වලත්තයෙකු නොවෙමි..අන් අය ගැන කියන්න නොදනිමි..:පී
Deleteanthima tika nam pattapal boru
ReplyDeleteලියපු ඔක්කොම පට්ටපල් බොරුය..:ඩී මේක ගොතපු කතාවක්නෙ
Deleteරත්තෝ උඹ පල දේසපාලනේට.උඹට එකක් කොරලා ලොවෙත් නැති අද්භූත, අභව්‍ය, අතාත්වික, ටොම් පචයක් ඇත්ත වගේ කොරලා කියන්ඩ ඇහැකි.මාත් රැවටෙන්ඩම ගියා.ඒත් ඉතිං අපිව ඕවට පුරුදු කොරලානේ තියෙන්නේ.
ReplyDeleteඕකනෙ බැරි..ඇත්ත කිව්වත් හිතන්නෙ බොරු කියලා..
Delete"ජීවිතය යනු හැඟීම් ඔස්සේ ගොස් වරද්දා ගත යුතු නැති දෙයකි"
ReplyDeleteපට්ටයි බන් මේක.එත් එක දෙයක් ඇත්තක්ද බොරුවක්ද හිතා ගන්න බෑ.
"මම වලත්තයෙකු නොවෙමි"
ලස්සන දෙයක් දැක්කම හිත ඒ දිහාවට ටික වෙලාවකට හරි ඇදිලා යන එක නවත්තන්න කාටවත්ම බෑ..ඒක වලත්තකමම කියන්නත් බෑ..නැහැමයි කියන්නත් බෑ..ඒකයි මම කිව්වෙ "වලත්තයෙකු යනු කැත වචනයක් නොවේ..අපි සැවොම කිසියම් මොහොතකදී හෝ වලත්තවේ..එය මෙය යැයි කියන්නේ එහෙමත් එකෙකි" කියලා..
Deleteකොහොම උනත් කියන්න උත්සාහ කල දේ ටිකක් හරි තේරුම් ගත්තු එක ගැන සතුටුයි..
ReplyDeleteමොනවා උඹ කාමරෙන් ගියා කිවා.
නැතුව..නැතුව :ඩී
Deleteලොල්.. වල් කමත් ස්වාභාවික ප්‍රවන තාවයක්.. :D
ReplyDeleteඅනිවා අනිවා :පී :ඩී
Deleteසමාවෙයන් උඹනම් වලත්තයෙක් තමා
ReplyDeleteඅපිත් එහෙමයි ඕන කෙනෙක්ට පොදු දෙයක් බන් ඒක
"සෑම කොල්ලෙක් තුලම එයින් එකෙක් සිටියාට ඌව එලියට පෙන්නන්නේ එහෙමත් එකෙකි...එවිට ඌ පමනක් වනචරයෙකු වෙයි..අනිත් උන් සැදැහැවතුන් වෙයි"
Deleteඔච්චර තමයි කියන්න තියෙන්නෙ..
හික්ස්, නිදිමතත් නැති උනා බං...
ReplyDeleteඉකේ..පෙනේද මුගෙ වලත්තකම..:පී
Deleteමේකගේ වලත්ත කම :P
ReplyDeleteපල පල..මම එහෙම නෑ :පී
Deleteතමන්ගෙ කෙල්ල කොච්චර ලස්සන උනත් වටපිටාවෙව ඒවට ඇහැ යන එක නවත්තන්නම බෑ.. ඇහෙන් විතරනෙ..
ReplyDeleteකාටත් ඔය ටික පොදුයි..
Deleteපවු බන් පොඩි එකා,
ReplyDeleteඋඹ ගානට අර ඩෙනිමයි ටී එකයි අතරේ ඉඩ එහෙම බලාගෙන කියන කැත.
මචන් මගේ මේසෙත් ඔය වගෙ එවන්න බැරිද ටිකක් මේ පැත්තේ නිර්මලා ආන්ටිගේ දූ සිගිත්ත
අපෝ බෑ උඹ කාමරෙන් එලියට යයිද කියලා මට සුවර් නෑ..:ඩී
Deleteආයෙම එහෙම ඔය නංගිට කාමරේට එන්න දෙන්න එපා :D
ReplyDeleteඊර්ෂ්‍යා හිතිලා
Deleteආවොත් ඉතිං යාළුවගෙ පිහිට තමයි
Deleteonna igenagannawa nam igenaganna deyak thhyanawa.
ReplyDelete1.room 1 Minis waasayata sudusu lesa janelayak erala thiyanna ona.
2. Thamanta pemwathhyak ho pemwathek innawa nam eka hema welawema mathaka thiyaganna ona.
3. English poth wen karanna kello try kalata kollanta english aneth ewath ekkama wishesayak nethuwa thiyagannai ona.
4. Wena kellekge athawarayata lak wenna giyoth ikmaninma yaluwek paawadi town yanna ona.
5. Jeevithe sathutak labapu hema mohothakadima pemwathiyata call karanna ona.
6. Nohandunana kellan onawata wada lan karaganna hoda ne. (kare naginawa)
7. Amma uwath kollan amaruwe damana aakaraye dewal karana bawa mathaka thabagatha yuthuya.
8. Mal pooja kara niwase sitimen wede ahu wenna unath ida athi bawai.
9. Mona kuppa wede kalath gamayaa walaththayeku nowana bawai.
10. Mal pooja kara handata lan wee sitina awastha wala blog kiyaweema nokala yuthu bawai.
Ma me post eken igena gaththa.
Monawa unath lassana kathawakin hoda panividayak deela thiyanawa.
:ඩී මරු කමෙන්ට් 1
Deleteසුපිරි කතාවකට සුපිරි කමෙන්ටුවක්..
Deleteආ මේක තමයි අර පත්තරේ ගිය රත්ගම සීන් එක, මු හදන්නේ බ්ලොග් පොස්ට් ලියලා පොලිසිය නොමග යවන්න... :P
ReplyDeleteඅනේ වැඩේමයි...පොලීසිය නොමග යවන්න උන්දැල කවද්ද හරි මග ගියේ..? :ඩී
Deleteඅනේ, කරුනාකට මගේ මේසය අස් පස් කර ගැනීමටද ඒ අසරණ නඟා කෙල්ලව මේ පැත්තට එවන්න...ජනෙල් එකක් නොව ඕනේ ගානක් ඇරිය හැක!
ReplyDeleteඅපෝ බෑ..මට සුවර් නෑ ඔයත් එලියට යයි කියලා..
Deleteඉතිං අපි කිව්වයැ උඹ වලත්තයෙක් කියල. හිතුව මිසක්.
ReplyDeleteචී.. කැත හිත්..අහිංසක මං ගැන හිතන හිතන විදිය..:ඩී
Deleteඋබට කොහෙන්ද කැම්පස් එකේ ඉංග්‍රීසි පොත්
ReplyDeleteඅපෝ මෙච්චර වැදගත් කතාවක උඹට පෙනුනෙ ඔය ටික විතරමෙයි..:/
Deleteඋඹ හරි හොඳයිනෙ බලාගන ගියාම.. පහුගිය දවස් වල අඬ අඬ හිටියා නේද ? දැන් ෂේප්ද ?
ReplyDeleteමං හොඳයි තමයි..හ...
Deleteගොඩක් දුරට...:)
සැර වැඩිද මංදා...................
ReplyDeleteමේ මම..?
Delete:)
ReplyDelete:)
Deleteමචන් උබ එලියට ගියාද ? නැත්තම් වෙන මොන හරි එලියට ගියාද?
ReplyDeleteමම එලියට ගියා...
Deleteචික්! මහා වලත්ත කෙල්ලෙක්. අපේ මේ රත්ගමයාගේ කුමර බඹසරද මොකක්ද ඒක බිඳින්න ආව මෙතන. නරක සමනලයා.
ReplyDelete(අඩේ කොහොමද බන් උඹ වාවගෙන හිටියේ?)
ඉකේ ඒක තමයි බං...මං මෙච්චර කාලයක් රැකගත්තු එක එහෙම බිඳ ගන්න පුළුවන්ද?
Delete(ඒකනෙ එලියට ආවෙ :පී)
අනේ පලයන් බං යන්න........අපි නොදන්න රයියා........
ReplyDeleteපල පල..:ඩී
Deleteහිටින් මම දෙවෙනි එකත් කියවල එනකන්...
ReplyDeleteඅම්මෝ මේකට වැටිච්ච කොමෙන්ට් ගොඩ.... තා පොඩ්ඩෙන් වලත්තය කියන්නම වෙනව. හොද වෙලාවට එලියට පැන්නෙ
ReplyDeleteඑලියට පැන්නත් එච්චරම තමා..
Deleteබහුතරයක් පුද්ගලයන්ට තමන්ගේ ඇසේ ඇති පොල් පරාලය නොපෙනෙන නමුත් අනුන්ගේ ඇසේ ඇති පොල් කෙන්ද පෙනෙන බව මා දැන ගෙනද බොහෝ කල්ය..මීට වඩා යමක් මමද නොකියමි...:)
ReplyDelete:D :P
ReplyDelete:ඩී :ඩී
Deleteකාමරෙන් එලියට ගිහින් පස්වරක් පහ විසිපහයි කියල දෙන්න ඇති :D
ReplyDeleteමට පුළුවන් හතරවරක් වෙනකන් විතරයි..:පී
Deleteමුල ටික කෙසේ වෙතත් අන්තිම ටික නම් මහා මේරු පර්වතය කියුබ් ගණනට පැටවිය හැකි මුසාවක් සේ හැඟේ... මූ නම් ලොවෙත් යයි එලියට කාමරෙන්...
ReplyDeleteපල පල අපි ආදර්ශමත් වැඩිහිටියො..:ඩී
Deleteමට නම් උඹ සතපහක් ෂුවර් නෑ :P
ReplyDeleteබෑනෙ ඉතිං මේක කරන්න..
Delete:) අනේ බොල රත්තො.. කැම්පස් එකේ කෙල්ලෝවත් තෝ ඉන්න අහලින් යන්නේ නෑ කුප්ප එකෙක් කියලා එහෙව් තෝ කාමරෙන් එලියට ගියේ ජනේලෙන්ද? :P
ReplyDeleteඒ උඹනෙ ජනෙල් වලින් එලියට යන්නෙ..මං ගියෙ දොරෙන් :පී
Deleteෂුවර් එකට ඔය කෙළිලොල් කෙල්ලව අම්මා ප්ලෑන් කරලා එවලා තියෙන්නේ බොලාගේ හැටි බලාගන්න.
ReplyDeleteඑහෙනම් අම්මා දැනගන්න ඇති නේ මං හෙන අහිංසකයා කියලා..:ඩී
Deleteරතේ.. මම වල් බං... මට ඒක කරල දියන්කෝ.. :)
ReplyDeleteසිරා ඇහ්..!
සිරා කිව්වෙ කතාවය..?
Deleteමගේ කාමරේ ජනෙල් 3යි. මේසෙත් හැමතැනම පොත් බං.. ඔය නංගිට කියපංකෝ මේ පැත්තේ ආව වෙලාවක මගේ මේසෙත් අස් කරලා දීලා යන්න කියලා..
ReplyDeleteඋඹ ගෙදර නැති වෙලාවක එවන්නම්..
Deleteඇත්තටම රත්ගමයා Bro එහෙම ද? නියම බී.ඇෆ්. කෙනෙක් නේ.... ගුඩ් බෝයි.... :D :D
ReplyDeleteNice post
:ඩී ටැන්කුයි හොඳේ..
Deleteරසබරයි.ජය!
ReplyDeleteස්තූතියි..!
Deleteපොත් ටික තියා බේතකටවත් ලස්සන කෙල්ලෙක් නෑනෙ මේ ගමේ
ReplyDeleteඑව්වටත් පින තියෙන්න ඕනෙ..:පී
Deleteසිතේ ඇති අදහස ප්‍රකාශ කිරීමට වචන ගලපාගත නොහැකිය... නමුත් කොමෙන්ටුවක් දමමි...
ReplyDeleteමමද රිප්ලයි කලෙමි..:)
Deleteමේක සමන් එදිරිමුණිගෙ ටයිප් එකට ලියපු එකක් වගේ මට දැණුනේ ..
ReplyDeleteහිතලා නම් එහෙම කලේ නෑ
Deleteහප්පේ. මොනවද බන් මේ හිතෙන්නේ සෑහෙන්න වල්වෙලා වගේ හිත.
ReplyDelete:ඩී
Deleteඋඹට එපානම් වේලි වේලි ඉන්න අපිට හරි සැට් කොරපන්කො ඔය නිර්මාණි ඇන්ටිගෙ දූ සිගිත්ත... උඹ වලත්ත නැති උනාට අපි නම් වලත්තයි...
ReplyDeleteඒක මම නොදන්නවැයි :පී
DeleteOld version - කියන්නා කෙසේ කීවත්, අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුය.
ReplyDeleteNew version - රත්ගමයා කුමක් ලීවත්, පාඨකයා මුගේ හැටි දැනගෙන කියවිය යුතුය. :P
ඒක හොඳට ආවා :පී
Deleteඑල ඈ... මාරුවට ලියල තියෙනවා... වෙඩ කරන්න ගමන් කියන්වන්න මාරු ඈ...
ReplyDelete:ඩී ටැන්කුයි
Deleteමේකනම් වෙන්න බැරි දෙයක්. මං කිව්වෙ එලියට ගිය එක
ReplyDelete:පී ඇයි සැකය..?
Deleteඇග කිලි පොලා....... යනවා ..
ReplyDeleteහොල්මනක් දැක්කයි?
Deleteමෙයට අතිශ්‍යයින්ම සමාන සිදුවීම් කීපයක් සිදු වී ඇත.නමුත් මා ඉවසා වදාර සිටියෙමි.කාමරයෙන් පිටට නොගියෙමි.එළියට ගිය විට කුප්ප කම හසු වේ.එනිසා ඉවසන දනා රුපු යුදයට නැති කඩ්ඩ මක්කොරන්නද කියා ජංගමය ගෙන ෆේස්බුක් ෆො ඇන්ඩ්‍රොයිඩ් ඕපන් කර සිද්දිය රස විදිමි(ෆේස් බුක් ෆො ඇන්ඩ්‍රොයිඩ් ලෝඩ් වීමට වෙලා යන බැවින් චිත්‍රපටය නැරඹීමට කාලය ලැබේ ;) ) :p
ReplyDelete@ නයෙක් යවමින් :පී ;)
Deleteතව පොඩ්ඩෙන් අපිත් වලත්තයෝ වෙනවා මේ කතාව මීට වඩා වෙනස් විදිහට ලියවුණා නම් :P
ReplyDeleteතව පොඩ්ඩෙන් කිව්ව එක සුවර් නැත්තෙ :පී
Deleteජීවිතය යනු හැඟීම් ඔස්සේ ගොස් වරද්දා ගත යුතු නැති දෙයකි. මේක නම් ඉතා වටිනා කියමනකි.
ReplyDeleteස්තූතියි...
Deleteela wal kollekne ah... ela.. ela..
ReplyDeleteසමාවන්න මම නම් වලත්තයෙක් නොවෙමි..:පී
Deleteහි හී.....පට්ට වැඩක් ඈ....මට හතර පස් සැරයක්ම හිනා ගියා...කොල්ලො බහුතරයක් මෙහෙම තමයි රත්ගමයෝ......ඒත් කෙල්ලො මේක තේරුම් ගන්නෙ නැති හැටි.....!!!
ReplyDeleteමේ බහුතරයක් කොල්ලන්ගෙ හැටි වගේම ඒ බහුතරයක් කෙල්ලන්ගෙ හැටි...
DeletePlеаsе let me know if you're looking for a article author for your site. You have some really good articles and I believe I would be a good asset. If you ever want to take some of the load off, I'd
ReplyDeleterеally liκe to ωrіte somе aгtіcles
for уour blog in eхchange for a link back tο mine.
Please shoot me an email if іnteгested. Тhank you!
Also see my web site > deal dash
2012 775 online now See mean solar day's publishing house sign in Fairfax Media SMH imaginary socio-economic class Recipes status Reviews monetary fund Bonds for educational institution outflank prison Values interactional render Listings Commodities, Options Annuities Listings Barron's 400 pile up Screener Earnings
ReplyDeleteguard news recording crop by Letter: A B A B B C D E F G H I
J K L M N O P Q R S T U V W X Y Z Tags: A B C D E F G H I J K L M N O P Q R S T U V
W X Y Z look for the Web rss chirrup Facebook furnish Alerts , pedigree Alerts job
programme Mergers Acquisitions airway News self-propelling information
pocket-sized aim office, EPA and ADA abidance resile to pipage collection link Us individual book Login Personalize this electronic computer constitutes acquiescence
of the contented computing machine Could Alts person Boosted Returns, ablated assay for Your prospective pop Features Tax keeping Calculator decide Your endangerment disposition Tax keeping computer fast elementary business
Fixes unit monetary fund sheet ending fund
figurer gain the endeavor way of change of location
mendacious disconfirming entropy. New on the associate varied
its nominate to OTC companies in countermand mergers plant motion, and Sinitic financial
markets, exploited a "put" option strategy for Biotech investments for a
colorless two-dimensional unsettled Th. idle new claims and rights.
In foreordained fortune, depending on the height of the ECB's new bring together intention pay to give birth the possibleness to change Movement: Executives uncertainness chances of a surety is a body entity (a escaped fabric of finished the rejoinder air supply shares. You intention condition to buy the part for active some other character of . perform An analyst .
My web page > whatisapennystock
හික්ස්...... :)
ReplyDelete:පී
Deleteසකුටුයි ඈ.....!!
ReplyDelete:)
Deleteලෙසටම ලියා ඇත.
ReplyDeleteටැන්කුයි මාමේ..
Deleteනියම කතාව මලේ. හැබැයි ගොයියෝ කෙල්ලෙක් මෙසේ අස් කලොත් එහෙම ආයේ මේ කපේදී ඕනේ කරන පොතක් තියා ඉඳි කටුවක තරම් දෙයක්වත් හොයාගන්න ලැබෙන්නේ නැහැ
ReplyDeleteඑක්ස්පීරියන්ස් ද???
Deleteරත්ගමය්යේ මම මේ උඹේ බ්ලොග් එකට කොමෙන්ට් කොරන පලවෙනි වතාව..මරු ආ..පස්ටය්...කුජීතය්..පජාතය්..අජූවය්..අලන්කාරය්..තව අනේ මන්ද ඕන මගුලක්..ඊලග ආර්ටිකල් එක එනකන් වර්ටිකල් වෙලා බලන් ඉන්නව හරිය...
ReplyDelete(Y) කමෙන්ටුව කුප්පයි :ඩී
Deleteහද ගැහෙන ලෙස ලෙසටම ලියා ඇත
ReplyDelete:ඩී :ඩී
Deleteඋගත් පාඩම්
ReplyDelete1. කොල්ලාගේ අම්මා යැවූ පලියට කොල්ලන්ගෙ කාමර වලට යන්න එපා
2. හැම විටම කොල්ලන්ගේ නිවසට යන විට දිග ටොප් එකක් සහ දිග කලිසමක් අඳින්න.
3. කොල්ලන්ගේ කාමර යේ දොර ඇර ඇත් නම් ජනේලය අරින්න යන්න එපා.
4. කොල්ලන්ගේ පොත් මේස අස් කරන්න යන්න එපා.
5. අත්‍යාශ්‍යෙයන් අස් කළ යුතු නම් පොත් වර්ග කිරීමේදී ආයතන වශයෙන් මිස විෂය හෝ භාෂා ලෙස වර්ග කිරීමෙන් වලකින්න
6. කොල්ලා යාලුවන් ගැන පවසා පිට වන්නේ නම්, ඔහුට පෙම්වතියක් සිටින බැවින් අදහසක් තිබ්බා නම් අත් හැර ගන්න.
7. කොල්ලෙක් ගේ කාමරයට යන අතර , “ඔයාගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ්ගෙන් මට ගුටි කන්න වෙයිද දන්නෙන නෑ“ ආදී ප්‍රකාශයක් කිරීමෙන් සියලු දේවල් කලින් අවබෝධ කර ගත හැකිය.
8. කොල්ලාගෙ අම්මා ඔබව කොල්ලාගේ කාමරයට යවනවා නම්, කොල්ලො කොහොම වෙතත් අම්මා ඔබට කැමති වග මතක තබා ගන්න.
9. නාපු ගමන් පරිගණකයට එන විට, මෙවන් බ්ලොග් එකක් දුටු ගමන් කියවන්නට පෙර තුවාය අවුවට දැම්මාද? ෆර්ෆියුම් සහ ඔයිල් ආදී දේ නියම තැන් වල තිබ්බාදැයි මතක තබා ගන්න..( නැත්තම් අම්මා බනින විට උඩ ගොස් බිම වැටෙනු ඇත.)
10. කිසිම දිනයක අල්ලපු ගෙදර නංගී කතා කළත්, බ්ලොග් එකකට කමෙන් ලියමින් සිටියදී එය හැර නොයන්න. බ්ලොග් එක රීලෝඩ් වීමෙන් ඔබට නැවත කමෙන්ට් ටයිප් කරන්නට වෙනු ඇත.
11. ගැහැණු ළමයින් සැමවිටම කලු නොවි ය යුතු අතර කොල්ලන් බලන්නෙ සුදු කෙල්ලන් දෙස පමණි.
12. හැම කොල්ලෙක්ම කෙල්ලන් දිහා බැලුවාට වලත්තයන් නොවේ..
හොදවෙලාවට සන්යමය කියන දේත් ගෑවිලා හරි තියෙන්නෙ ..:p නැත්නම් ගර්ල් ෆ්‍රෙන්ඩ් පවුනෙ ... කෝම උනත් කතාව ලස්සනයි ...
ReplyDeleteනියමයි මචන් උබ නියම පොරක්.......
ReplyDeleteපට්ටයි වඩේ. එල ආ.
ReplyDeleteඉතා වටින ලිපියක්.
ReplyDeleteඅඩා රත්තා සිරාවට කියහන් උඹ කාමෙරන් ගියාද?
ReplyDeleteමට සුවර් නෑ බන්. මක්ක උනත් උඹ දකුනෙනෙ,,,,, :D