Showing posts with label ක්‍රීඩාව. Show all posts
Showing posts with label ක්‍රීඩාව. Show all posts

Saturday, 4 August 2012

මොකක්ද මේ #TPLSL කියන්නේ..


කාලෙන් කාලේ Twitter එක පැත්තේ එක එක වැඩ සිද්ද වෙනවනේ.මීට කලින් Twitter එක ගැන දාපු පෝස්ට් එකටත් සෑහෙන්න ප්‍රතිචාර තිබ්බා.ඒක ගෙඩි පිටින් කොපි කරලා facebook එකේ එක එක ලෝක වල එක එක වත්ත වල ක්‍රිකට් සමාජත් share කරන්න කිය කිය ගියා.
මේ දවස් වල නම් twitter එකේ ජනප්‍රිය අංග දෙකක් තියෙනවා.එකක් #TweetUpSL 3 .ඒක ගැන ඉස්සරහට විස්තර දාන්නම්කෝ..අනිත් එක තමා හෙට පැවැත්වෙන #TPLSL එක..හැබෑට ඒ මොකක්ද බොලේ...
ඒක ඇවිල්ලා ක්‍රිකට් තරගාවලියක්..හැබැයි මේකේ විශේෂත්වය වෙන්නේ Twitter සමාජ ජාල වෙබ් අඩවිය අස්සේ ඉදන් එක එකාව හම්බෙන කට්ටිය විතරක් සහභාගී වෙන එක.මේ ක්‍රිකට් තරගාවලිය සංවිධානය කරන්නේ Etisalat ආයතනය.ඕන්න හෙට දවසේ CH & FC ක්‍රීඩාංගනයට ආවොත් රත්ගමයත් ක්‍රිරිකට් සෙල්ලම් කොරනවා බලාගන්න පුලුවන් :ඩී
මේකට සහභාගී වෙන කණ්ඩායම් ගණන 12.ඕන්න එහෙනම් ටීම් ටික බලාගන්නකෝ


Team 1: 
 

Team 2
Team Hashtag

Team 3 

  4th team 

5th team  

Team 6

7th team in  

8th team   

Team9


මෙන්න මේක තමා කුසලානය දිනන ටීම් එක...

The 10th team   
 

  12th team

 

Wednesday, 18 May 2011

පාපැදියෙන් අවසන් ගමනට............



මේ ලිපිය පල වෙලා තිබුනේ ක්‍රීඩා සගරාවේ
...ක්‍රීඩාව කියන්නේ ජීවිතේට වැදගත්ම දෙයක්.ඒ වැදගත් දේ නිසාම මරනයට පත් උන ක්‍රීඩකයෝ අනන්තවත් ඇති..ඒ ලිපිය ගොඩක් දෙනෙක්ට වැදගත් වේවි කියලා හිතුවා..ඉතින් ඒ ගැන පොඩ්ඩක් දාන්නම්...

1.සෙර්සේ කොපි (ඉතාලිය)



සුපිරි පාපැදි ශූර ෆවුස්ටෝගේ මල්ලීය.සවාරි කිහිපයක් ජයගෙන සිටියේය.ඉතාලියේ තරගයකට සහභාගී වන විට පාපැදියෙන් වැටී අනතුරකට ලක්විය.එසේ වුවත් කිලෝමීටරයක් වූ තරගයේ ඉතුරු ප්‍රමානය නිම කරන ලදී.නමුත් පසුව මිය ගියේය..
උපත - 1923.03.19
විපත - 1951.06.29



2.ස්ටෑන් ඔකර්ස් ( බෙල්ජියම)



1950 සහ 1952 ප්‍රංශ සවාරියේ අනුශූරයාය.එවිට මාර්ග ධාවන ලෝක ශූරයාය.ඇන්ටිවර්ප් ධාවන පථයකදී වූ අනතුරකින් මිය යන ලදී
උපත - 1920.02.03
විපත - 1958.09.01



3.වවුටර් වේලෑන්ඩ්ට් (බෙල්ජියම)




2011 ඉතාලි සවාරියේ තෙවන අදියරේදී කදුකර මාර්ගයකදී සිදුවූ අනතුරකින් මිය ගියේය.ඔහු අනතුරට ලක් වූයේ තරගය නිමවීමට තවත් කිලෝමීටර් 25ක පමන දුරක් තිබියදීය.තරගය ඒ වනවිට ජයගෙන සිටියේ ඔහුය.
උපත - 1984.09.27
විපත - 2011.05.09



4.ටොම් සිම්සන් (බ්‍රිතාන්‍යය)


1965 නාර්ග ධාවන ලෝක ශූරයාය.1967 පැරිස් - නීස් සවාරියේ ශූරයාය.ප්‍රංශ සවාරියේ 13 වන අදියරයට සහභාගී වනවිට හදිසියේ මිය ගියේය..
උපත - 1937.10.30
විපත - 1967.07.13



5.ජින් පියරි මොන්සේරි(බෙල්ජියම)


1970 මාර්ග ධාවන ලෝක ශුරයාය.1968 මෙක්සිකෝ සිටි ඔලිම්පික් ක්‍රීඩා උලෙලේ 06 වැනි තැන හිමි කරගත්තය.ඔහු මිය ගියේ තරගයක් අතරතුරදී මෝටර් රථයක හැපීමෙනි.
උපත - 1948.09.08
විපත - 1971.03.15



6.එමිලියෝ රාවාසියෝ (ඉතාලිය)


එවිට සුප්‍රකට ඉතාලි සවාරියේ පලමු අධියරට සහභාගී වන වන විට බරපතල ලෙස තුවාල සිදුවිය.අනතුරින් සති දෙකකට පසු මිය ගියේය.



7.ඇන්ඩ්‍රෙයි කිවිලෙව් (කසකස්තානය)



පැරිස්-නීස් සවාරියේ දෙවන අදියරේදී අනතුරට ලක් විය.එහිදී හිසට සිදු වූ තුවාල වලින් මිය ගියේය.මේ සිදුවීමෙන් පසු ඇතැම් ප්‍රධාන සවාරි සදහා සහභාගීවන විට ආරක්ෂිත හෙල්මට් පැලදවීම ජාත්‍යන්තර පාපැදි සංගමය ක්‍රීඩකයන්ට අනිවාර්ය කලේය.
උපත - 1973.09.20
විපත - 2003.03.12



8.ඇලෙසියෝ ගැලෙට් (ඉතාලිය)


සුබීඩා නාරන්කෝ පාපැදි සවාරියට සහභාගී වා විට හෘදයාබාධයකට ලක් වීමෙන් මිය ගියේය.ඒ තරගය නිමා කිරීමට තවත් කිලෝමීටර් 15ක් ඉතිරිව තිබියදීය.මිය යන විට වයස අවුරුදු 37 කි



9.ෆාබියෝ කැසාර්ටෙලී(ඉතාලිය)


1992 බාර්සිලෝනා ඔලිම්පික් මාර්ග ධාවන ශූරයාය.ප්‍රංශ සවාරියේ 15 වන අදියරයේදී අනතුරකට ලක්වීමෙන් පසුව මියගියේය.
උපත - 1970.10.16
විපත - 1995.07.16



Saturday, 14 May 2011

චින්තනලා, මංජුලා සහ මාලිංගලා.....


අද කාටවත් නොදැනෙන්න මංජුගේ රන් පදක්කම නැති වී තිබේ.එදා මංජුව කරේ තියාගෙන යන්නට සිටි බොහෝ දෙනක් මංජු සමග නැත.
මා මීට පෙරද මේ ගැන ලිව්වෙමි.මංජුගෙන් ශ්‍රී ලංකාවට ලැබුනු රන් පදක්කම වේල්සයට යද්දි අද මංජු සුසුම් හෙලනවා විය හැක.එදා රන් පදක්කම පිටින් රන් තලියකටත් වඩා වටිනා ක්‍රීඩකයකු අද වන විට මුල්ලකට දමා ඇත්තේ ඔහුගෙන්
තවත් ගත යුත්තක් නොමැති බැවිනි.
චින්තන ගීතල් විදානගේ රන් පදක්කම රැගෙන එන විටද තත්වය මෙයම විය.පදක්කම රැගෙන ලංකාවට පා නගන විට ඔහුට කාර් ලැබුනේය,ගෙවල් ලැබුනේය ක්‍රීඩා කරන්නටද අම්බානෙක භාන්ඩ ලැබුනේය.ඒවා සියල්ල කටින් ලැබුන දේවල් බව පසුව හොදාකාරවම වටහා ගත හැකියාව ලැබුනි.එදා චින්තන කාර් ,ගෙවල් ඉල්ලුවේ නැත.චින්තන ඉල්ලුවේ හද්දා පිටිසර පොලොන්නරුවට අංග සම්පූර්න ව්‍යායාම් මධ්‍යස්ථානය
ක් පමනි.කාර් ගෙවල් කෙසේ වෙතත් චින්තනට එය ලැබුනෙත් නැත.
අපේ කෙල්ලෝ කොල්ලන් මාස ගනන් මහන්සි වී දහඩිය මුගුරු දමාගෙන දිවා රෑ නොබලා පුහුනු වීම් කර ශ්‍රීලංකාවට ගෙන එන රන් රිදී ලෝකඩ හෝ ඕනෑම ජයග්‍රහනයකදී ගොඩ වඩා ගන්නේ දේශපාලුවෙකි.දිනුවාම අම්මා තාත්තටවත් නැති දරු කැක්කුමක් හැදේ.පලමු මල් මාලය දාන්නේද උන්නාන්සේය.ඒක එතනින් එහාට ගෙනියනවා නම් කමක් නැත.ඒ නමුත් සිදුවන්නේ එච්චරය.ආයේ උන්නාන්සේ එන්නේ තවත් කවුරුන් හෝ පදක්කමක් දිනා ගත් විටය.


මේ ලිපිය මංජුගෙන් ඇරඹුවද ගමේ මනුස්සයා ගැන නොලිව්වොත් එයද අඩුපාඩුවක් වනු ඇත..
ඉතින් ලසිත් මාලිංග දෙසට හැරෙමු.,
රත්ගම එක්ස්ප්‍රස් එහෙමත් නැති නම් සුද්දාට අනුව ස්ලින්ගා මලින්ගා යනුවෙන් හදුන්වන මාලින්ගටද වන්නේ කාගේවත් බයිටට් එකක් වන්නටය.සහතිකවම මාලිංගට පාදයේ
ආබාධයක් තිබුනි.ජනාධිපතිතුමාගේ ඩොක්ටර් අංකල්ගෙන් බෙහෙත් ගත් පසු නැවත ක්‍රීඩා කිරීමට හැකි ලෙසට සනීප වූවත් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කිරීමට තරම් සනීපයක් නැති බව ඔහු එක් වරක් දෙවරක් නොව කීප වරක්ම මාධ්‍යට ප්‍රකාෂ නිකුත් කලා හොදට මතකය.අදාල බලධාරීන්ට මාලින්ග සමග මුල සිටම ප්‍රශ්න තිබූ බව කියවේ.මාලිංගගේ කොන්ඩය ගැන විනය පරීක්ෂන කරන්නට ගිය හැටිද අමතක නොවේ.ක්‍රීඩකයන් අදින පලදින විදිහෙන් රටක කීරිතිනාමයට හානියක් වන බව සැබැවි.නමුත් ඒසේ හානියක් වන්නේ නොගැලපෙන විලාසිතා හෝ පරුශ හැසීරීම් නිසා බව අදාල බලධාරීන්ට චූටි මොල වලට නොවැටහීම දුකට කාරනයකි.
පිටිය මැදදී නිතරම සිනහවෙන් සිටිනා (හතරේ එකක් ගැහුවත් හිනා වෙන ක්‍රීඩකයකි) ක්‍රිකට් විචාරකයන්ගේ පවා පැසසුමට ලක් වූ මාලිගේ කොන්ඩය අපේ එවුන්ට ප්‍රශ්නයක් ය.හර්බුජාන්ලා ,රිකී පොන්ටින්ග්ලා , ශෝන් ටේට් ලා එක්ක තැබූ විට මාලිගේ හැසිරීම අංක 1 ට පවතී
.රත්ගම සිටින්නේ මැරයන්ම පමනක් නොව වැඩකරුවන්ය යන්නට මාලිංග හොද උදාහරණයකි.ඔහුගේ පුද්ගලික ජීවිතය ගැන විවිධ ප්‍රශ්න තිබුනත් ක්‍රීඩකයෙකු ලෙස ඔහු සුවිශේෂය.
ටෙස්ට් ක්‍රිකට් වලින් සමු ගැනීමට තීරනය කිරීම ඔහු දේශද්‍රෝහියෙකු කිරීමට මූලික හේතුව කර ගත් පාලක මන්ඩලය රටට ආතල් දෙන ප්‍රකාශ නිකුත් කරේ කිසිදු වගක් නොදැනය.පාදයේ ආබාධය නිසා ශ්‍රීලංකා ක්‍රිකට් සමග තිබූ ගිවිසුමද අවලංගු කර දැමූ පුද්ගලයින්ම අද කියන්නේ මාලිංගට පාදයේ ආබාධයක් නොමැති බවය.IPL සල්ලි නිසා ටෙස්ට් ක්‍රිකට් අත අරින්නට තරම් මාලිංග ගුනමකුවකු නොවන්නේ එබැවිනි.අනෙක් අතට මාලිංගගේ රස්සාව ක්‍රිකට් ගැසීමයි.සල්ලි හොයන්නේ ක්‍රිකට් වලින් නම් තවත් ටෙස්ට් ක්‍රීඩාකර ආබාධ නිසා බන්කුවට වී තරුන ක්‍රීඩකයෙකුගේ අවස්තාව කා දමනවාට වඩා මාලිංග ක්‍රියා කල ආකාරය අගනේය.පාලක මන්ඩලයට දුක ඇත්තේ මාලිංග යෑම ගැන නොවන බව සැබෑව. සියලුම ක්‍රීඩකයන් කලින් ගෙන්නා ගැනීමට පොර ටෝක් දුන්නාට සිංහ නාදය හකුලව ගන්නට ඔවුන්ට සිදු වුනේ පෙර කල වැරදි බැවින් බව අද සියලු දෙනාම දනී.අන්තිමට රත්ගම මාලිංග ,පොලොන්නරුවේ චින්තන සමග පමනක් නොව කන්ද උඩරට මංජු සමගද අපේ රටේ ජනතාව එකතු වී සිටින්නේ ඔවුන්ට ඇති සැබෑ ආදරය නිසාය..එය දේශපාලුවන්ගේ සල්ලි මලු වලට යට නොවන ආදරයක් බව පුන පුනා කීමටද උවමනා වන්නේ නැත.
ඉතින් මාලිංග...
ඔබේ යෝකර් පන්දුවෙක් එක්දින සහ 20-20 කඩුලු බිද වැටෙන හැටි නැරඹීමට රත්ගමයා තවමත් සූදානම්ය.
ඔබලාට ජය!!!!

Monday, 4 April 2011

සයිබරයේ සිත් එකතුව...සිහිනය සැබෑ වීම........

                        

කියලා නිම කරන්න බැරි තරම් අමරණීය දවසක්...සයිබර් සිහින බක් මහා උලෙල...සිහිනෙකින් දැකපු මේ උත්සවේ අද දවසේ ඉතාමත්....සාර්ථක විදිහට පැවැත් උනා..ජීවිතේ පලවෙනි පාරට අක්ෂරේ සෙට් එක ඇරෙන්න අනිත් බ්ලොග් ලියන සහෝදර සහෝදරියන්ව හම්බුනා..මම කොහෙත්ම හිතුවේ නෑ මේ වගේ මනා සංවිධානයක් ඇතුව මේ උලෙල මේ විදිහට පැවැත්වේවි කියලා..
 මම හිතන්නේ මම පොඩි පෝස්ට් එකක් දාන එක හොදයි..මට වඩා අනිත් අය මේ ගැන හොදට විස්තර කියාවි...
සිහින බක්මහා උලලේ අවුරුදු කුමාරයා විදිහට අභිශේක ලබන්න ලැබුන එක නම් ලොකු භාග්‍යක්...(හික්...කුප්ප කමට අර සාටකේ දාලා ෆොටෝ එකක් ගහ ගත්තා...) ඒ ඡායාරූපය මෙතනින් බලන්න
අපි නිකම්ම ඇවිල්ලා මේකට සහභාගි උනාට මේ උලෙල මේ විදිහට පවත්වන්න කට්ටක් කාපු මේක පිටිපස්සේ ඉදපු හැමෝටම ස්තූති...
අද මගේ ජීවිතයේ අමරණීය දවසක්..... :)
 ඒ වගේම මාව ග්‍රවුන්ඩ් එකට එක්කගෙන ගියපු මගේ යාලුවටත් ස්තූති..... :) තෑග්ගටත් ස්තුති....
තව තවත් මේ වගේ කුජීත හීනම පෙනේවා කියලා ප්‍රර්ථනා කරමින් මම නිහඩ වෙනවා..

Thursday, 31 March 2011

ලෝක කුසලානය දිනන්න නම්.................


අපි ඔක්කොමලා බලන් ඉන්නේ අප්‍රේල් මාසේ 2 වෙනිදා තියෙන අවසාන මහා තරගය දිහා නේ...සමහරු බලන් ඉන්නේ නම් අප්‍රේල් 3 වෙනිදා තියෙන සිහින බක් මහා උලෙල එනකල්..කොහොම හරි මම හිතුවා අපේ ක්‍රිකට් කණ්ඩායම මේ අවසාන මහා තරගයෙන් දිනන්න නම් මොන වගේ දේවල්ද කරන්න ඕන කියලා පොඩි පෝස්ට් එකක් දාන්න.....
ඉන්දියානු කන්ඩායම අවසාන මහා තරගයට ආපු එක පකිස්තානය ආවට වඩා හොද උනත් ඔවුන්ගේ රටේ ඔවුන්ගේ පිට්ටනියක ඔවුන්ගේ නරඹන්නන් ඉදිරියේ ක්‍රීඩා කරන එකේ වාසිය ඉන්දියානු කන්ඩායමට තියෙනවා..ඒත් ඒකම ඔවුන්ට මානසික පීඩනයක් ගේන හේතුවක් වෙන්නත් පුලුවන්..
ඔවුන්ගේ පිතිකරු ලැයිස්තුව ගත්තොත් මුල්පෙල පිතිකරුවන් ලකුනු අතර ඉන්නවා..නමුත් මැදපෙල එකපාරටම කඩා වැටෙන තත්වයක් තමයි තිබුනේ..රයිනා මැදපෙල ක්‍රීඩා කරන්න ගත්ත එකෙන් මැදපෙලත් ශක්තිමත් වෙලා තියෙනවා..
ශේවාග් සහ සචින්ගේ විකට් දෙක අපි ඉක්මනට ලබා ගන්න ඕන..ශේවාග් ඉක්මනට යන තරමට ඉන්දියාව ලබා ගන්න ලකුනු ගාන ඉක්මනට අඩු වෙනවා..මම දැකපු දෙයක් තමයි ශේවග් බවුන්සර් පන්දු වලට නිදැල්ලේ යන්න ඉඩ හරින එක..ඒක තේරුම් අරගෙන විකට් එක කෙලින් ඒ කියන්නේ විකට් ටු විකට් පන්දු යැව්වොත් ශේවග් ඉක්මනට දවා ගන්න පුලුවන්..ටෙන්ඩුල්කාර් ක්‍රීඩා කරපු විදිහට නම් ඔහුව දවා ගන්න ඉතාමත් හොද පන්දුවක් වැටෙන්න ඕනා..
ඊලගට අපි සලකා බලන්න ඕන ක්‍රීඩකයා තමා යුවරාජ් සිං.තරගාවලියේ වීරයා වෙන්න ඉඩකඩ තියෙන ක්‍රීඩකයෙක් තමා ඔහු..ඉන්දියාව මේ ලෝක් කුසලානයේ ගොඩක් දුරට යැපුනේ ඔහුගේ පිත්තෙන් රැස්කර ගනිපු ලකුනු වලින්..ඒක නිසා ඔහුවත් ක්‍රීඩාගාරයට ඉක්මනට යවන්න ඕන..රයිනා කියන්නෙත් ශුවර් කරන්න බැරි ක්‍රීඩකයෙක්...ඉන්දීය නායකයා දෝණි නම් මේ තරගාවලිය ලකුනු පැත්තෙන් හොද එකක් නෙමේ..ඒත් කොයි වෙලේ ක්‍රියාත්මක වේවිද දන්නේ නෑ..
      ඉන්දිය කන්ඩායම මුලින් පන්දුවට පහර දෙනව නම් ලකුනු 250ට අඩුවෙන් නියත වශයෙන්ම දවා ගන්න ඕනා..අපේ බැටින්ග් ලයින් අප් එක ගත්තොත් මුල් පිති කරුවන් තුන් දෙනා ගැන ලොකු බලාපොරොත්තුවක් තමා තියෙන්නේ...ඩිල්ශාන් සහ තරංගගේ හොද ආරම්භය ගොඩක් මේ තරගයට ඕන වෙනවා..සංගා ගැන ඉතින් කියන්න දෙයක් නෑ නේ..ඔහු දන්නවා ක්‍රීඩා කරන්න..හැම කෙනාටම වඩා..මහේලත් ඉදලා හිටලා වැදීමේ න්‍යායට නැතුව නිසැකවම වැදිමේ න්‍යාය පාවිච්චි කරොත් ගොඩම තමා..අපේ මැද පෙල ගැනත් කතා නොකරම නෑ..චාමර සිල්වා සහ තිලාන් සමරවීර
ලකුනු අතර නෑ..මම දැකපු දෙයක් තමයි චාමර සිල්වට පන්දුව ස්ථාන ගත කරන්න බැරි වීම..බෝල දහයක් ගැහුවොත් ඒ දහයම යන්නේ ෆීල්ඩ් එක අතට..හතරේ එකක් ගැහුවොත් ඊලග බෝල 10ම ලෑලි..චාමර කපුගෙදර අවසාන තරගෙදිවත් උත්සහ කරන එකක් නෑ කියලයි මම හිතන්නේ..කපුගෙදර එක තරගයකදි අසර්තක උනාම ඉතුරු තරග හැම එකටම දැම්මේ සිල්ව..ඒත් සිල්වා අසාර්තක වෙන කොට දිනන කන්ඩායම කියලා වෙනස් කරන්නේ නෑ..මේ වගේම දෙයක් ගිය පාර ලෝක කුසලානයේදිත් උනා..ඒක ක්‍රීඩකයට කරන ලොකු අසාධාරනයක්..ඊලගට මැතිව්ස් ගැන කතා කරමු..මැතිව්ස් කියන්නේ අපි හොයා ගත්තු හොදම ක්‍රීඩකයෙක්..මැතිව්ස් ඔය ගහන තැනට වඩා උඩට දාන්න පුලුඒන් නම් මීට වඩා ලොකු සේවයක් ගන්න පුලුවන්..ඒත් එහෙම දාන්න බැරි ඊට උඩින් දෙන්න අසර්ථක නිසා...
මම හිතනවා මැතිව්ස් සහ මුරලිගේ අබාධ තත්වයන් සෙනසුරාදා වෙනකොට හොද වේවි කියලා.
මුරලි වෙනුවට යවපු රන්දීව් මුරලිගෙන් වෙන්න පුලුවන් සේවය 75% ක් වත් කරාවි කියලා හිතන්න පුලුවන්..ඒත් මැතිව්ස් වෙනුවට වාස් නම් කොහෙත්ම ගැලපෙන්නේ නෑ..මැතිව්ස් කියන්නේ අපේ මැද පෙලේ කොදුනාරටිය.වාස් එතනට පොඩ්ඩක් වත් ආදේශ කරන්න බෑ..සමරවීර සහ සිල්වා රිද්මයේ නැතුව ඉන්න කොට වාස් එතනට කොහෙත්ම හරියන්නේ නෑ..ඒත් මම හිතන්නේ මුරලි සහ මැතිව්ස් අනිවාර්‍ය‍යෙන් අවසාන තරගයට ක්‍රීඩා කරාවි කියලා...එහෙම උනොත් ගොඩාක් හොදයි..
පන්දු යැවීම ගත්තොත් ශ්‍රීලංකාව ඉන්දියාවට වඩා ගොඩක් ඉදිරියෙන් ඉන්නේ..මාලිංග,මුරලි ඇරුනම මෙන්ඩිස් ක්‍රීඩා කරාවි අනිත් පන්දු යවන්න රංගන සහ කුලසේකර කියන දෙන්නගෙන් කෙනෙක් තමා ඇතුලට එන්නේ..මගේ මතය නම් කුලසේකර.. දග පන්දු වලට පහර දෙන ඉන්දියානු ක්‍රීඩකයන්ට කුලසේකර උත්තරයක් වේවි කියලා හිතනවා...
ඉන්දියාවේ කට්ටිය ගත්තොත් හර්බුජාන් ගෙන් පරිස්සම් වෙන එක හොදයි..පරිස්සම් වෙනවා කියන්නේ නරක බෝලේට අත දිග ඇරලා ගහන්න ඕනා.එතකොට තමා හර්බුජාන් වැටෙන්නේ...නේරා කියන්නෙත් ඉතා හොද පන්දු යවන්නෙක්...එහෙම නැති නම් තින්කින්ග් බෝලර් කෙනෙක්..නේරා පන්දු යවන්නේ තරගයට ඕන විදිහට..ඒ පන්දු වලිනුත් බේරෙන්න ඕනා...යුවරාජ් හොදට පන්දු යවලා තියෙනවා.
කොහොම උනත් එදා දවසේ හොදට සෙල්ලම් කරන කන්ඩායම සහ වාසනාවන්ත කන්ඩායම දිනාවි..ඉන්දියාවට වඩා අවසාන මහා තරග වල අපිට වාසනව තියෙනවා..
මුරලි සහ මැතිව්ස් වෙනුවට වාස් සහ රන්දීව් ගෙන්නුවේ කුප්ප කමකටද කියලත් හිතෙනවා..ඉන්දියන්කාරයෝ චූන් කරන්න කරපු කුජීත වැඩක් වෙන්නත් පුලුවන්.
 මැතිව්ස් සහ මුරලි 100%ක් සුව වෙන්න කියලා අන්තිමට ප්‍රාර්ථනා කරනවා....

Wednesday, 2 March 2011

පුංචි ඡන්දයයි , පොලීසියයි , ලෝක කුසලානයයි......



මේ දවස් වල අපි බිසී වෙමු..එක අතකින් ලෝක කුසලානය පැවැත්වේ..තවත් අතකින් පුංචි ඡන්දයට පොරකති..ලෝක කුසලාන උනුසුම හමුවේ ඡන්දය කාගේ කාගේත් බයිට් එක වී ඇත..
 පාර්ලිමේන්තු මැතිවරනයකදී වියදම් කරන්නේ කෝටි ප්‍රකෝටි ගනන් ය..අත යටින් තවත් එවැනිම මුදල් කන්දරාවක් ගලාගෙන යයි..එසේ වියදම් කරාට පාර්ලිමේන්තුවට පැනගත්තාට කාටවත් පාඩු වන්නේද නැත..එය දියවන්නාව මැද නිවසට රින්ගාගත් හැම එකාම සහ රින්ගා ගැනීමට පොර කන හැම එකාම පාහේ දනී..කොටින්ම අපිද දනිමු..
පුංචි ඡන්දයට වියදම් කරන්නේ දාහේ ,සීයේ කොලය...ලගදී කරලියට ආ පන්දාහේ කොලයද විදුලි වේගයන් අතින් අතට මාරු වෙයි..
කොපමන මුදල් වියදම් කරද ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුගේ මූලික වැටුප රු 5000 කි.මාසයක් සදහා ලැබෙන මෙම රුපියල් 5000 ක මුදලට දිනපතා 5000 කොල විසි කරන්නේ ඒ ලැබෙනා මුදලට වඩා ගසා කෑමට දත මැදගෙනය..සිරාවටම ප්‍රාදේසීය සභා මන්ත්‍රීවරයෙකුට ගසා කෑ හැක..මුලින්ම ඇමතියෝ ගසා කති..ඉන් පසුව ඇමතියන්ගේ ගෝලයෝ ගසා කති.තවත් අතර මැදියෝ ගසා කති..
අවසානයේ ප්‍රාදේශීය සභාවෙන් ගසා කති..එතින් ඉතුරු වන සොච්චම් මුදල ඔබ අපට මහත් බැති සිතෙන් ලැබේ..
ඉතින් පුංචි ඡන්දයද බයිට් එකට ගැනීමේ වරදක් නැත..මර්වින් සිල්වා ගේ පටන් මහින්ද රාජපක්ෂ දක්වා ගමන් පටන් ගන්නේ මේ පුංචි ඡන්දයෙන් ය..
ලෝක කුසලානයද ඔහේ ගලාගෙන යයි.ලෝක කුසලානය අස්සේ අපේ පොලිස් පති තුමා මාර පොර ටෝක් වගයක් දුන්නේ ය..ඒ තරගාවලිය ආරම්භවිමට පෙරය..
  • .sks wú
  • r;s[a[d ÿï fndaïn
  • msyshd ;shqKq wdhqO
  • ùÿre fnda;,a" lEka
  • u;ameka /f.k tau fyda î meñKSu
  • cd;sl fldäh fkdjk fjk;a fldä
  • fldä i|yd fmd¨
  • lsisu wdldrhl igka mdG ,shQ fldä nek¾ í,elald¾Ü
  • wmydijk f,i ,shQ jdlH iys; fld<
  • ix.S; NdKav
  • f,ai¾ fmdhskaÜia o¾mK
  • jD;a;Sh ùäfhda leurd

 එතුමාට අනුව ලෝක කුසලාන තරග නැරඹීමට යන විට පුවරු රැගෙන යාමට බැරිය..බෝතල් ද බැරිය..කොටින්ම පපරයක් වත ගෙන යාමට බැරිය..
පපර බෑන්ඩ් සංගීතය යනු ශ්‍රී ලංකා ක්‍රිකට් සමග එකට යන එකකි..කොටින්ම ප්‍රේක්ෂකාගාරයෙන් ඇසෙනා පපර සද්දය යනු අපේ රටේ සංකේතයක් බදු විය. නමුත් අති ගරු පොලිස්පති තුමාට අනුව පපර හොද නැත..එව්වා ඔට්ටු නැත...හෙන මාධ්‍ය සංදර්ශනයක් පවත්වා පොර ටෝක් දුන් හැටි හොදට මතකය.. පකිස්තානය සමග පැවති තරගයේදී පපර පමනක් නොව දැන්වීම් පුවරුද ඕනෑ තරම් පෙනෙන්නට තිබුනි..එව්වා දකින විට සහ අසන විට අපේ රටේ පොලීසියේ ලොක්කාගේ කීම කොයිතරම් දුරට වලන්ගු වනවා දැයි ඔබට මට සිතා ගත හැකිය..
පොලීසිය ගැන මෙයට වඩා කතා නොකරමි..මාගේ බ්ලොගය කුජීත බව සැබැවි..නමුත් පොලීසිය ගැන දමා මෙය කුජීත තුප්පහි කර දැමීමට මගේ තුන් හිතේ වත් බලා පොරොත්තුවක් නොමැත...
බලාගෙන ගියාම මේ රට මාරය...කියා වැඩක් නැත...පාසල් වල ක්‍රීඩා උත්සව වලට ආරාධිත අමුත්තා ලෙස දැන් දැන් සහභාගී වන්නේ ඇමැති වරුන්ය..ඊට වඩා උපාධියක් ඇති ගුරුවරයෙක් සහභාගී කර ගන්නේ නම් හොද යැයි අපේ මුල් පුටු වල ගොන් නැටි වලට නොවැටහෙන්නේ මේ දේශපාලනය වටා ඇති බලය නිසාය..
ඔබද මමද බලයට ආසා වෙමු..ඒ අප ද සාමාන්‍ය මිනිසුන් වන බැවිනි...බලය ලැබුනු විට ඔබද මමද ක්‍රියා කරනුයේ එක එක ආකාරයටය...
ඒ ගැන තවත් කතා නොකරමි...මම රටට ආදරය කරමි...
මා දන්නේ එපමනකි....
බිකෝස් අයි ඈම් ශ්‍රී ලංකාය....

Monday, 31 January 2011

ලෝක කුසලානය සහ කලාව විකිනීම



අපේ රටේ ජනප්‍රියම ක්‍රීඩාව ක්‍රිකට් ය.එය අවිවාදයෙන් පිලිගත යුතුය.ලෝක කුසලානයට ඇත්තේ තවත් මාසයකටත් වඩා අඩු කාලයකි..
කලාකරුවා යනු අපේ රට නියෝජනය කරන්නා වූ වටිනා සම්පතකි.මේ වන විට කලා කරුවා යනු එදා වේල වෙනුවෙන් කඩේ යන බොම්බයි මොටයි චරිත බවට පත් වී අවසානය.රූපවාහිනී හෝ ගුවන් විදුලිය දැමූ විට වැඩිපුරම ඇහෙන්නේ මොවුන් අපේ රටට ලොක කුසලානය ගෙන ඒමට දරනා මහන්සියයි..එකාට එකා නොදෙවෙනි වෙමින් එක පිට එක ලෝක කුසලානය වෙනුවෙන් ගී නිරමානය වේ.ගීතය ගයා අවසානයේ පවසන්නේ ''මේක වෙනස්ම ගීතයක්.අපේ රට ගැන කැක්කුමක් ඇති වෙන විදිහට තමා මේක නිර්මානය කරලා තියෙන්නේ.රට වෙනූවෙන් යුතුකම මම ඉටු කරා'' ආදී වදන්ය.
             මේ කලා කරුවාම එදා සුනාමිය වෙනුවෙන් ගී ගැයුවේය....නියගයකටද ගී ගැයුවේය..වහිනා විටද ගී ගැයුවේය..මහින්ද රාජපක්ෂ ජනාධිපති කරන්නට ගී ගැයුවේය. ඒ ගීත මගින් වේරලියද්දලා,සහේලිලා රූකාන්තලා ගොඩ ගියෝය..අද ගීතය යනු එදා වේලා හම්බකර ගන්නා මගක් වී අවසානය...ඔය කලා කරුවාම ඔඩෙල් එකෙන් බඩු හොරකම් කර හිරිකිත ලෙස තවමත් රගපායි..අදාල මාධය ආයතනද තම කුට්ටිය වඩා ගැනීමට ඒවා යට ගැසීමට උත්සහා කරයි.. විශිෂ්ට කලාකරුවෙකු වන ජයලාල් රෝහන මහතා පැවසූ වදනක් මෙහිදී සිහිපත් කිරීමට කැමැත්තෙමි.."අද කඩේකට යන්න බෑ..ගියාම මුලු ඇගම චෙක් කරනවා...ඒ මිනිස්සු හිතන්නේ අපිත් හොරු කියලා..ඔන්න ඕකයි අද කලාකරුවගේ තත්වය"
                                      එදා 1996 ලෝක කුසලානය දිනා ගැනීමට පසු නිර්මානය උන 'පුන්සද පායා මගෙ රට දිලෙන්නා'' ගීතය තවමත් අපට අමතක නැත්තේ එය හතු පිපෙන්නා මෙන් නිර්මානය වූවක් නොවු බැවිනි.අද ලෝක කුසලානය වෙනුවෙන් කොපමන ගී නිර්මානය වී ඇද්දැයි කිසිවෙක් නොදනී..
                    එසේම......


                    අද ගායකයා යන වචනයට තේරුමක් දීමට සමත් කිසිවෙකුත් නොසිටී...හෙට ඔබත්,මමත් අපි සැවොමත් ගායකයෝ වෙමු..මක්නිසාද ඔබට,මට අපිට ගීතයක් ගායනා කරන්නට නොහැකි බැවිනි......


                        --------------------ඉලන්දාරියා වෙනුවෙන් අපි ---------------

Friday, 5 November 2010

අනාවැකි කියනු නොලැබේ...පෝල් මිය යයි..............


ඒ 2010 ලෝක කුසලාන පාපන්දු තරගයයි.ස්පාඤ්ඤ්ය සහ නෙදර්ලන්තය තරග බිමේය.දින්නේ කවුරුන්දැයි සැවොම ඇස් නොපියා බලා හිදී.
නමුත් තරගයේ ප්‍රතිඵලය කලින්ම දැනගෙන සිටි අයෙකු විය.සුමිතුරු බූවල්ලා
නමින් පෝල් විය..ස්පාඤ්ඤය දිනනවා..ඒ පෝල් ගේ අනාවැකිය විය.
ලොව පුරා සියලු දෙනා පුදුමයට පත්කරමින් ස්පාඤ්ඤය ලෝක කුසලානය දිනා ගත්තේය.

                                     එය පෝල්ගේ පලමු අනාවැකිය නොවුනි.එයට පොර පැවති තරග සියල්ලකම ප්‍රතිඵල තරගයට පෙර නිවැරදිව පැවසීමට මේ අනාවැකි කරුවාට හැකි වී තිබුනි.අද වන විට මුහුණු පොතේ පෝල් ගේ නමින් මිතුරු අඩවි රැසකි.පෝල්ගේ ජනප්‍රිය බව කියා පෑමට අතවත් ඕනෑ තරම් කරුනු ඇත.
                       අවසන් තරගය අවසානයේ පෝල් ජීවත් වන මින් මැදුර වෙත තර්ජනාත්මක ඊමේක් රැසක් ලැබුනි.ඒවා බොහොමයකින් කිය වුනේ පෝල්ව මරා දමන බවයි.පාපන්දුලෝලීන්ගේ විශ්වාසය වූයේ අවසන් තරගය නෙදර්ලන්තය පරාජයට පත්වූයේ පෝල්ගේ අනාවැකිය නිසා බවයි.තරගයෙන් අනතුරුව ඔවුන් බූවලු විරෝධී ගීතිකා ගයමින් විරෝධය පලකල බව සදහන් වුනි.

තරගෙයෙන් අනතුරුව පෝල්ගේ ආරක්ශාව පිලිබදව සලකා බැලූ නිලධාරීන් පෝල් ජීවත් වන මින් මැදුර අවට විශේෂ ආරක්ශාවක් ලබා දුනි..
   මේ බූවලු මිතුරා පසුගිය දා ජීවිතයෙන් සමුගත්තේය.ඒ කිසිවෙකුගේ ප්‍රහාරයක් නිසා නොවේ.බූවල්ලෙකු ජීවත් වන අවුරුදු 3ක කෙටි ජීවිට කාලය සම්පූර්ණ කර අවසන් වීමෙන් පසුවය..පෝල්ගේ වියෝවෙන් කදුලු සලනා විදේශිකයන් රැසක් වේ.ඒ අතර ස්පාඤ්ඤයන් විශේෂ වේ.ඔවුන් පෝල්ව තම ජාතික වස්තුවක් ලෙස සැලකනු ලැබුනි.

කෙසේ හෝ පෝල් දැන් මිය ගොස් ඇත...
                    "තවත් අනාවැකි නොකියනු ලැබේ..සතුටින් ජීවත් වන්න"
මුහුනු පොතේ පෝල්ගේ මිතුරු අඩවියක එසේ සටහන්ව තිබුනි