Monday 4 April 2011

සයිබරයේ සිත් එකතුව...සිහිනය සැබෑ වීම........

                        

කියලා නිම කරන්න බැරි තරම් අමරණීය දවසක්...සයිබර් සිහින බක් මහා උලෙල...සිහිනෙකින් දැකපු මේ උත්සවේ අද දවසේ ඉතාමත්....සාර්ථක විදිහට පැවැත් උනා..ජීවිතේ පලවෙනි පාරට අක්ෂරේ සෙට් එක ඇරෙන්න අනිත් බ්ලොග් ලියන සහෝදර සහෝදරියන්ව හම්බුනා..මම කොහෙත්ම හිතුවේ නෑ මේ වගේ මනා සංවිධානයක් ඇතුව මේ උලෙල මේ විදිහට පැවැත්වේවි කියලා..
 මම හිතන්නේ මම පොඩි පෝස්ට් එකක් දාන එක හොදයි..මට වඩා අනිත් අය මේ ගැන හොදට විස්තර කියාවි...
සිහින බක්මහා උලලේ අවුරුදු කුමාරයා විදිහට අභිශේක ලබන්න ලැබුන එක නම් ලොකු භාග්‍යක්...(හික්...කුප්ප කමට අර සාටකේ දාලා ෆොටෝ එකක් ගහ ගත්තා...) ඒ ඡායාරූපය මෙතනින් බලන්න
අපි නිකම්ම ඇවිල්ලා මේකට සහභාගි උනාට මේ උලෙල මේ විදිහට පවත්වන්න කට්ටක් කාපු මේක පිටිපස්සේ ඉදපු හැමෝටම ස්තූති...
අද මගේ ජීවිතයේ අමරණීය දවසක්..... :)
 ඒ වගේම මාව ග්‍රවුන්ඩ් එකට එක්කගෙන ගියපු මගේ යාලුවටත් ස්තූති..... :) තෑග්ගටත් ස්තුති....
තව තවත් මේ වගේ කුජීත හීනම පෙනේවා කියලා ප්‍රර්ථනා කරමින් මම නිහඩ වෙනවා..

24 comments:

  1. ඔවු ඔවු.. අද දවස අමරණීය "ප්‍රේමණීය" දවසක්නේ උඹට... ඉ___ ♥♥

    ReplyDelete
  2. අන්න මම ළමයාගෙ එකට ලයික්

    ReplyDelete
  3. අද ඉතින් මම ඉස්සෙල්ලාම හරියටම අඳුර ගත්තේ ඔයා ව :)

    ReplyDelete
  4. තවත් දවසක නැවත හමුවෙමු...

    ReplyDelete
  5. ශික්.. අද දවසේ තවත් කුප්පයෙක් මිස් විය.~~~ තෝ කරපු කුප්ප ව්ඇඩේ නිසා මටත් එන්න බැරි උනා.. පකිස්බූරුවා..

    ReplyDelete
  6. කශ්ටිය නොගිය අපිටත් එක්ක හරියන්න සතුටු උනා නම් ඇති

    තව දින 1 යි කියලා බැනර් එකේ තිබුන නිසා අපි මේ බලාගෙන ඉන්නවා ඒ දිනෙත් එනකල්..

    ReplyDelete
  7. උඹලට හැපීනම් අපිටත් හැපී ....

    ReplyDelete
  8. බලන්ඩ එපැයෑ නිනූ අක්කා ඉරුවා දැක්කාමම නිකං මංඤඤං වෙලා ගියා.. :P

    ReplyDelete
  9. හුගක් කට්ටිය අදුනගන්න ලැබුනා නියමයි...... ගින්දර

    ReplyDelete
  10. ෂික් ...ඉකේයියා .. හම්බවෙන්ටම හිටපු එකෙක්ව මට මිස් වුනානෙ අද ...

    ReplyDelete
  11. වැඩේ නැගලම ගියා ආයි කතා 2 ක් නැති වෙන්න

    ReplyDelete
  12. ඉකේයියා .. යකෝ .. උඹව අර වතුරෙන් නාවන කොට මම එතන හිටියනේ...
    කවුද දන්නෙ උඹ රත්ගොමයා කියලා ...

    ReplyDelete
  13. නියමයිනේ.... අවුරුදු කුමාරයා උනේ රත්ගමයාද? හොදයි හොදයි... ඔන්න අපෙන් සුභ පැතුම්...

    ReplyDelete
  14. එදා මටත් එන්න බැරි උනා.. අපරදේ... මම කලින් දාගත්ත වැඩක් තිබුණා. මග අරින්නම බැරි...

    රත්ගමයවනම් දුටිමි......

    ReplyDelete
  15. ඉකේයියා උඹද බං රත්තා. හිතාපු තරං ඉකේයියා එකක් නැත උඹේ.

    ReplyDelete
  16. අවුරුදු උත්සවේට ආවත් ඉක්මනට යන්න උනා. ඒත් රත්ගමයා දැකගත්තා. කතා බහ නොකලත් ටිකක් වෙලා හැසිරෙන විදිහ බලා ගත්තම මට තේරුම් ගියා මේ නම් රත්ගමයාම තමා කියලා.

    ReplyDelete
  17. අපටත් ආරංචියි රත්ගමයා, රත්ගමියත් එක්ක ආවයි කියලා.

    ReplyDelete
  18. නව පව්ලට ජය වේවා :D

    ReplyDelete
  19. අනේ බොල තොට මාව අඳුර ගන්න බැරි උනානෙ

    ReplyDelete
  20. රත්ගමයව මීට කලින් සිරීපාදෙ ගිය පොටෝ එකකින් දැකලා තිබුණා.රත්ගමයානම් හැඩයි.රත්ගම කිව්වහම කට්ටිය ගැස්සිලා ගියත් අපේ රත්ගමයට නම් එහෙම පෙනුමක් ගෑවිලාවත් නැහැ.අපි ඉතින් පොටෝ බැලුවා.ඕගොල්ලන්ට සතුටු නම් අපිටත් සතුටුයි.

    ReplyDelete
  21. හිහි කුප්ප කුජීත අජූත කතා කියන එකාව ඇස් දෙකින්ම දැක්කේ ඊයේ... :D

    ReplyDelete
  22. කුප්පය. ‍තෝ වගේ කුප්ප රජෙක්ට අවුරුදු කුමාරය තැන ගැලපෙන්නෙ නෑ බොල. අනික ‍තෝ එන ගමන් බස් එකට ගෙම්බො දෙන්නෙක් ගෙනැල්ල කුප්ප වැඩකුත් කලා. නොදෝකින්. තොට දෙන්න ඕනෙ වසරේ කුප්ප කුමාරය තනතුර. ලොලේ ලොල්.

    ReplyDelete
  23. කුප්පයා කියන්නෙ නිකම් කට කහනවට නෙවෙයි කියලා ඊයේ දැනගත්තා.. :D

    අඩෝ ඔය ස්තූති ක‍රපු එකේ මටත් නිකමට හ‍රි ස්තූති ක‍රපන්. හේතුවක් ඕනෙ නෑ.. :D

    ReplyDelete
  24. අනේ රත්ගම මල්ලි... තරහ ගන්නේ නැතිව මේ ලින්ක් එකත් බලන්ඩකෝ...... සිහින කුමරාගේ හැටි.....
    http://www.facebook.com/photo.php?fbid=210700075609959&set=a.210700072276626.56967.100000099050911&theater

    ReplyDelete

ඔබේ වචන මට හයියකි...මේතන ලියා යන්න(ඔන්න හොදින් කිව්වා..අඩෝ...ලිව්වේ නැතිනම් කපනවා ඩෝ...)