Saturday 2 April 2011

හැපි බර්ත් ඩේ ටු රත්ගමයා මහතා.................

ඊයේ අප්‍රේල් 1 වෙනිදා...මෝඩයගේ දවස...අද අප්‍රේල් 2 වෙනිදා රත්ගමයගේ දවස..
අද තමා මේ චූටි කොල්ලගේ උපන් දිනේ..සමහර් විට ඊයේ උනා නම් එක එකා හින්ට් පාස් කරාවි එව්ව මෙව්ව කියලා..ඒත් සුද්දට අනුව අප්‍රේල් 1 වෙනිදා මෝඩයගේ දවස උනාට අපේ සිංහල ක්‍රමේට අනුව අලුත් අවුරුද්ද තියෙන මාසේ පලවෙනි දවස තමා ඊයේ..එදාට අපි කිරිබත් උයන්නේ මෝඩයගේ දවස නිසා නෙමේ පින්බර බක් මාසේ පටන් ගත්තු නිසා..ඉතින් ඒ වගේ පින් බර දවසකට පස්සේ දවසේ හුරතල් කොලු පැන්චෙක් මේ ලෝකෙට ආවලු..ඒ තමා රත්ගමයා මහතා
කට්ටිය වටලප්පන් ඉල්ලුව නේ...මාරයියා තමා ප්‍රචාරය ඇරලා තියෙන්නේ මේ වටලප්පන් කතාවේ..ඒක නිසා මාරයියාගෙන්ම කන වටලප්පමක් ඉල්ලගෙන කෑව නම් හරි...ඔන්න හෙට මගේ ගානේ පොඩි පාටියක් තියෙනවා..හෙට එන හැමෝටම මගේ ගානේ වතුර බෝතලයයි කෑම පැකට් එකකුයි ලැබෙනවා..එහෙම වෙන්න නම් ටිකට් එකට මුදල් ගෙවලා ඇතුල් වෙන්න ඕනා හොදේ..
  අද ලෝක කුසලානේ අවසන් තරගේ තියනවානේ..ඉතින් අද වගේ පින් බර දවසක ඒක අනිවා දිනන්න පුලුවන්..හෙට සයිබර් බක් මහා උලල..ඒකත් මගේ උපන් දිනේට පස්සේ දවසේ..
මට කතා කරලා සුබ පතපු හැමෝටම ස්තූති..මුහුනු පොතේ වෝල් එක පුරවපු හැමෝටමත් ස්තූති..මැසේජ් එවපු හැමෝටමත් ස්තූති...හරියටම රෑ 12ට මාව නැගිට්ටවපු පිස්සු හොල්මන ඉෂ් ටත් ස්තූතියි...

ප.ලි - සිහින බක් මහා උලෙල අපි දකින්නේ හෙට..ඒක ඇත්තක් කරගන්න වෙහෙස උන සංවිධායක මංඩලේ හැමෝටම ගොඩක් පින්.මෙහෙම දෙයක් සංවිධානය කරන්න කොච්චර කට්ටක් කන්න ඕනද කියලා මම හොදටම දන්නවා..අපිට තියෙන්නේ ටිකට් එකට ගාන ගෙවලා ඇතුල් වෙන්න විතරයි..ඒත් ඒ ඇතුල් විම පිටි පස්සේ කී දෙනෙකුගේ මහන්සිය තියෙනවද කියලා හිතා ගන්න පුලුවන්...

ඔක්කොටම ජය වේවා!!ඔන්න වටලප්පන් තියෙනවා පල්ලෙහා ඇතිවෙන්න කන එකයි ඇත්තේ...

වටලප්පන් වලට කඩ්ඩෙන් කියන එක හොයා ගන්න බැරුව හෙන කට්ටක් කෑවේ...හොද වෙලාවට ගූගල්ට සිංහල වටලප්පමත් තේරුනා...






46 comments:

  1. මෙව්වා අපිට එපා තියාගන්න එකයි ඈත්තේ

    ReplyDelete
  2. රත්ගමයා මහතාට ජය වේවා...
    නෑ නෑ කුප්ප උපන්දිනක් වේවා... :)

    ආ බොල ගොබිලෝ මේක එක කටකටත් මදිනේ...

    ReplyDelete
  3. මොකෝ බන් උඹ උඹටම මහතා කියාගන්නෙ?
    කුජීතයි ඈ.
    මොනා උනත් බොට හැපි මෙවුව එකක් වේවා.

    ReplyDelete
  4. තොට සුබ උපන්දිනයක් කියන්නේ නෑ.. අද ඉන්දියාව පැරදුනාම උඹ ඉපදුනු අද දවසේ වරද තමා.. දැනගනිං ඒක.. හෙට ටොපියක් හරි ඇරන්දුන්නේ නැත්තං එල්ලනවා දැනගනිං..

    ReplyDelete
  5. හි හි හි චතුවා කිව්ව එකම තමා මටත් කියන්න තියෙන්නේ

    ReplyDelete
  6. එව්වා නම් හඳේ රත්තා , අපිට මේ ඩිජිටල් වටලප්පන් නෙමෙයි සිරා වටලප්පන් ඕනේ නැත්නම් බලාගන්න පුලුවන් :D

    P.S = උබ ඉපදුන ගමන්ම ඩොකාට පගාවක් දීලා වෙලාව මාරු කරගත්තා නේද කියපන් :P

    ReplyDelete
  7. හැපි මෙව්ව එකක් වේවා රත්ගමයා මහතා....

    ReplyDelete
  8. ඔක්කොම හරි මචං.. මාතෘකාවමයි උබ හැමදාම අල කරගන්නෙ.. උබට මහතා කිවාම අපිට කියන්නෙ කුප්පයා කියලද ? :D


    හෙට මචං අපි එක්ක නේද යන්නෙ ?? බස්එකේදිම ඕක සෙලිබෙරෙට් කරමු ඇහ් :D :D

    ReplyDelete
  9. මොනාද බං උඹම හැපි බර්ත්ඩේ කියලා දා ගන්නේ? :P දැම්මෙ නැත්නම් ඉතින් මං දන්නෙත් නෑ...

    කමක් නෑ කමක් නෑ ...කොහොමහරි සුභම සුභ උපන් දිනයක් වේවා!

    හෙට නම් එන්න වෙන්නේ නෑ... අපේ සෙට් එක පිළිගන්න යන්න වෙනවා...

    ReplyDelete
  10. සුභ උපන් දිනයක් වේවා

    ReplyDelete
  11. රත්ගම මලේ වටලප්පන්....... මතකනේ........ :D :D

    හැපි මෙව්වා එකක් වේවා......!!!!

    ReplyDelete
  12. සුභම සුභ උපන් දිනයක් රත්ගමයෝ.... ඒවගේද අද ලංකාව දිනපුවහම.... රත්ගමයාටත් සතුටු උනැහැකි.. හැබැයි රතෝ... ලංකාවේ සිංහයෝ දින්නහම අපි කාටත් මාර හැපි..... ඉන්දියාවෙන් උබට බැනනොත් ගනන්ගන්න එපා හෝදේ... :D ;)

    ReplyDelete
  13. අහ් හෙට සිහින බක්මය උළෙලට සෙට් වෙන හැමෝටමත් සුභ පැතුම්...

    ReplyDelete
  14. ලොල්ය.. හෙ හෙ උබේ අද මෙවුව එක කියල දැන ගත්තෙ දැන්නෙ බන්.. ලොල්ය.. උබට එහෙනම් එකසිතින් ප්‍රර්තනාකරනව එසේමවෙවුවා කියල.. හරිය..???

    ReplyDelete
  15. සුභ උපන්දිනයක් රත්තෝ.....

    ReplyDelete
  16. හැපි මෙව්වා එකක් වේවා......!

    ReplyDelete
  17. පලයං බං අපිව අන්දන්නේ නැතිව..උඹ උපන්නේ 1990-04-01 වෙනිදා රාත්‍රි 11.58 ට එහෙමයි උඔ මට දුන්න කේන්දරේ තියෙන්නේ..ඒත් උඔ උබේ උත්පත්තියත් දැන් වෙනස් කරගෙන නේද..කැතයි මල්ලි..කැතයි...

    කමක් නැහැ ඊයේ උපන් දිනය සැමරූ උඹට කැළණියට අධිපති විභීසණ දෙවියන්ගේම පිහිටයි..ආරස්සාවයි...

    ReplyDelete
  18. මචං පොඩ්ඩක බලපං උමේ උප්පැන්නේ අරං, ඒකෙ තියෙන්නේ හරිම දවසද කියලා... මට නම් හිතනේනේ ඊයේ තමා දවස....

    ReplyDelete
  19. --------------------------------------------------------------------------------------------------
    Anonymous
    නිකන් දෙන මෙව්ව එකත් එපාලු...
    ----------------------------------------------------------------------------------------------------
    MaRLaN
    ඒක තමා හෙට බත් පැකට් එකයි වතුර බෝතලෙයි දෙන්නේ :)
    -----------------------------------------------------------------------------------------------
    රංග - මගේ ලෝකය
    ආයි....මේන් බලාපල්ලකෝ ඉතින්..අපි මහත්තරු නමේ එතකොට...
    පින් සිද්ද වේවා!!!
    -----------------------------------------------------------------------------------------------
    චතුවා (ළමයා)
    හෙට ඉල්ලන එකක් ඉශ් ගෙන් ඉල්ල ගන්න..මම නම් නෑ....
    ----------------------------------------------------------------------------------------------
    Anonymous
    එහෙනම් මොකක් හරි තියේ බොලා දෙන්නා අතරේ
    ------------------------------------------------------------------------------------------------
    DarKneT | ඉෂාර
    තෝ තමා වටලප්පම් මගුල පත බෑවේ...පලවෙනිදා ඉපදුනානම් මම සතුටුයි යකෝ...අවුරුදු මාසේ..
    ------------------------------------------------------------------------------------------------

    ReplyDelete
  20. හැපි හැපී බර්ත් ඩේ මිස්ටර් රත්ගම !!!!

    අද රත්ගම පැත්තේ මල්ලි වෙනුවෙන් දානයක් දෙනවා කියන්නේ ඇත්තක් ද? එහෙම උනොත් හවස් ජාමේ ඒ පැත්තේ එන්ඩ බැරුව යෑ.

    ReplyDelete
  21. දොලේ
    පින් සිද්ද වෙච්චාවේ දොලේ...
    --------------------------------------------------------------------------------------------------
    Bunny
    ඇයි අපි මහත්තරු නෙමේද..තෝ මහතයි නේ..
    නෑ..මම හෙට යන්නේ ඉශ් එක්ක..අපි දෙන්නා අකුරු තුනේ බුරියානි එකක් කාලා යනවා
    ------------------------------------------------------------------------------------------------
    හරී
    ඇයි බොල..මගේ හැපි බර්ත්ඩේ එකට මම කියන්නේ නැත්තන් කවුද කියන්නේ...
    ------------------------------------------------------------------------------------------------
    Nadun
    පින් සිද්ද වේවා නදුන් අයියා..........
    ------------------------------------------------------------------------------------------------
    හා පැටික්කි (MS)
    අපොයි ඔව්...මතකයි...චික් විතරක්..මේ හාවිටත් තියෙන උදුපියලියක් කාගෙන ඉන්න බෑ නේ...
    -----------------------------------------------------------------------------------------------
    සූරි..
    මට බනින්න ඉන්දියාවෙන්...කුනු හබ්බ තමා..මම බැන්නා දව්සක් ඉන්දියාවේ එකෙකුට කඩ්ඩෙන්ම...
    ------------------------------------------------------------------------------------------------
    සුළඟිල්ල | pinki
    හරි හරි...අප්‍රේල් මෝඩයා...ගනින් ස්මාර්ට් බොනැන්සා....
    ------------------------------------------------------------------------------------------------
    nawammawatha
    බොහොම පින් නවම් මාමේ
    -----------------------------------------------------------------------------------------------
    හසී
    ඉකේ....මගේ වචන වලින් මටම ගහනව නේ
    -----------------------------------------------------------------------------------------------
    මාරයාගේ හෝරාව
    අඩේ....පලවෙනිදා තිබ්බ නම් මම වෙනස් කොරන්නේ නෑ..බක්මාසේ පටන් ගන්න දවසේ එන්නේ කවුද? අවුරුදු කුමාරයා..එහෙම උනා නම් මම අවුරුදු කුමාරයා නේ මාරයියේ...
    ------------------------------------------------------------------------------------------------
    prasanna86k
    මම මාරයියට කියපු ටිකම තමා මාලුවෝ කියන්න තියෙන්නේ....
    -----------------------------------------------------------------------------------------------
    මධුරංග
    ඔව් ඔව්..බලු කපුටු දානයක් දෙනවා...එන්නකෝ හොට දාලා යන්න

    ReplyDelete
  22. අලේ මේ පෝස්ට් එක හරියටම නියම දවසේ පෝස්ට් කරලා තියෙන්නේ අප්‍රේල් 1

    කොහොම හලි කමක් නැ.
    හැපි බර්ත් ඩේ එකක් වේවා රත්ගමයෝ.

    ReplyDelete
  23. Sinhala watalappan? ane ****

    ReplyDelete
  24. මල්ලිට සුබම සුබ උපන්දිනයක් වේවා.

    ReplyDelete
  25. හැපි බර්ත්ඩේ....
    ඔය පොඩි වටලප්පම අපිට එපා

    ReplyDelete
  26. අඩේ මං ඒත් බස් එකෙ දැක්ක හිතුවෙ නැ සිරාවටම කියල..සමාවෙයන් මගෙ බුදු මල්ලියේ...

    උඹට කුප්ප කම් වලින් තොර හොඳ අනාගතයකට මම මගෙ හදවතින්ම සුභ පතනව...

    තුනුරුවන් සරණයි

    ReplyDelete
  27. හැපි බර්ත් ඩේ එකක් වේවා.
    බක් මාසේ පටන් ගන්නේ අප්‍රියෙල් පලමු වෙනි දා නෙමේ. මැදින් අමාවකට පස්සේ දවසේයි මට හිතෙන විදියට.

    ReplyDelete
  28. ලොල්ය.. හරි බොල එකසැරයයි මොඩය උනේ..! හරිය??? ඊයෙ දවස නැතිඋනාට මට තව දවස් 364ක් තියෙනව..

    ReplyDelete
  29. කූප්ප කුජීත නොවන මරුම මරු උපන්දිනයක් වේවා............

    ReplyDelete
  30. සුභම සුභ උපන් දිනයක් වේවා!!!!!!! (අවුරුද්දකින් වයසට යැම සුභ පතන්න පුලුවන් දෙයක්ද?)

    ReplyDelete
  31. හෙටම බලාගමුකෝ

    ReplyDelete
  32. අපිටනම් ආරංචි වුනේ උඹේ උපන්දිනේ අප්‍රේල් 1 වෙනිදාලු එදා ඉපදුනාය කියලා කියන්න ලැජ්ජ නිසා අප්‍රේල් 2 වෙනිදා උපන්දිනේ සමරනවාලු. ඇත්ත්නේ ඒ කතාව?

    ReplyDelete
  33. රත්ගමයට හැපිම හැපි කුජීතම උපන්දිනයක් වේවා.... :D

    ReplyDelete
  34. අන්තිම විනාඩියෙ උනත්..... සුභ උපන්න් දිනයක් වෙවා මල්ලියේ.... ඒ වගේම සිතුම් පැතුම් සියල්ල සඵල වෙන සුභ අනාගතයක් වේවා....

    ReplyDelete
  35. සුභම සුභ උපන්දිනයක් වේවා අයියේ...

    ReplyDelete
  36. මගේ වෙලාව දන්නවනේ බං.... මහ රෑ තමයි දැනගත්තේ... මොනවා වුණත් තොගේ තියෙන කුජීත තුප්පහි කමටම මැච් එකත් පරාද වුණ‍ා නෙව... අපරාදේ තෝ ඊයෙනේ ඉපදෙන්ඩ තිබුණේ...
    තව අවුරුද්දකින් මරණෙට ලඟා ‍වුණු සුබ ම සුබ උපන් දිනයක් වේවා...

    ReplyDelete
  37. සුභම සුභ උපන් දිනයක් වේවා මල්ලියේ...

    ReplyDelete
  38. හෙන ගහපිය, තොගෙ උපන් දිනේ නිසා තමා අපි කප් එක පැරදුනේ. :(

    මොනව වුනත් කුප්පම කුප්ප උපන් දිනයක් වේවා ! තොගෙ බ්ලොග් එකෙන් ආයෙ මට බැනල තිබ්බොත් බලාගමු. lol

    ReplyDelete
  39. @ මාක් සකර්බර්ග්

    සිරා සිරා ඒ නිසා තමා පැරදුනේ :)

    ReplyDelete
  40. සුභම සුභ උපන්දිනයක් රත්ගමයෝ.............!

    ReplyDelete
  41. මෙව්වා දිනයක් වේවා!

    ReplyDelete
  42. සුබ උපන්දිනයක් වේවා රත්ගමයා මහත්තයෝ !~

    ReplyDelete
  43. හපෝයි මම හොදටම පරක්කු වැඩියි. දවසක් 2ක් අන්තර්ජාලේ සැරිසරන්න බැරි උනා. ඒ නිසා මට ඔන්න සුභපතන්න පරක්කු උනා. ඔන්න ප්‍රමාද වෙලා හරි කියන්නම් යාළු ඔයාට සුභම සුභ උපන්දිනයක් වේවා!!!!!!!!!!!

    ReplyDelete
  44. උපන් දිනය සුභම සුභ එකක් වේවා!!!!!!!!

    ReplyDelete
  45. අර මොකක්දෝ එක කටකටත් මදිය......
    පරක්කු වෙලා හරි කියනවා ඔන්න සුභම සුභ උපන් දවසක් වේවා...!

    ReplyDelete
  46. watalappan walata engireesiyen kiyanne mokak da?
    happy upan dinayak wewa

    ReplyDelete

ඔබේ වචන මට හයියකි...මේතන ලියා යන්න(ඔන්න හොදින් කිව්වා..අඩෝ...ලිව්වේ නැතිනම් කපනවා ඩෝ...)