Sunday 6 May 2012

අටපට්ටම සෑදීම - " කවුද යකෝ තේ ගොට්ට බිම දාලා ඊට උඩින් ජංගියක් දාපු වල් @#$%$ "



උදේ පාන්දරම් කාගෙද මන්දා මර ලතෝනියෙකින් මම උඩ ගිහින් බිම වැටිලා ඇහැරුනා.

"කවුද යකෝ මගේ නින්දට මෙව්වා කරන්නේ "

කෑගහපු එකාටත් වඩා මම සද්දෙට කෑගැහුවේ උගේ පරම්පරාවම සිහි කරන ගමන්.

"අඩෝ...රත්තෝ....අපි වෙසක් එකට කූඩුවක් හැදුවෝ..."

එහා කාමරේ ඉන්න මැන්ටල් ඩයල් එක පාන්දරම් බීලද දන්නේ නෑ කූඩුවක් ගැන කිය කිය කෑ ගහනවා.යකෝ කැම්පස් එකේ බෞද්ධ සංගමේ ඉදලත් කූඩුවක් හදන්න හිතෙන්නේ නැති මට කවුරු හරි එකෙක් අහිංසකව හදන කූඩුවක් වත් පේන්න බැරි හැටි.

ඒත් මෙච්චර ඉක්මනට කොහොමද කූඩුවක් හදන්නේ.උදේ පාන්දර මේකා සරම නැතුව කන්නාඩිය ඉස්සරහට ගිහිල්ලවත්ද දන්නේ නෑ..
ලාවට හිත කොනකින් මතු උන ඒ භයංකාර සිතුවිල්ලත් එක්කම මම ඇදෙන් බිමට බැස්සා.

"හත් ඉලව්වේ.."

අඩිය තිබ්බ ගමන් මොකක්දෝ උන්ඩුකපුච්ච්යක් මගේ කකුලට පෑගිලා කකුල කිලිපොලා ගියා.

"කවුද යකෝ තේ ගොට්ට බිම දාලා ඊට උඩින් ජංගියක් දාපු වල් @#$%$ "

 මුන් යාලුවොද මංදා..බලන බලන අත ඇදුම් කෑලි..ඒත් ඉතින් මේක මගේ ජංගි කොටයක් නේ.හෑ....මුන් මේකත් ශෙයාර් කරලා ඇදලද..

සැදැහැත් සිතින් මම පින් අනුමෝදන් කරන ගමන් එහා කාමරේට දිව්වේ හැදුවා කිව්ව කූඩුව බලන්න..

"3363 එක්ස්කියුස් මී...."

 දෙපාරක් දොරට පතබාලා අවසර අරගෙන මම දොර ඉස්සරහා හිට ගත්තා..

"යතුර හිලේ ඇති..ඇරගෙන වරෙන් "

කාමරේ ඇතුලෙන් ආපු විධානෙත් එක්ක මම හිල (දොරේ ) දිහා බැලුවා.හිලේ යතුරක් නෑ පපඩමෝ..ඇවිල්ලා ඇරපිය (දොර )

"එහෙනම් දකුනු පැත්තේ පඩිය උඩ බලපිය."

කැම්පස් එක පැත්ත පලාතේ නැති උගේ ගෑනු දැරිවිව අසභ්‍ය වචන දෙකක් ඉස්සරහට දාලා මම හිලෙන් අත දැම්මා ( දකුනු පැත්තේ පඩිය උඩ ).
 අතට අහු උන යතුරත් අරන් දොර ඇරගෙන කාමරේ ඇතුලට රින්ගුවේ මේකා හදපු කූඩුව බලන්න හිතාගෙන.

"හෑ...කෝ බොල කූඩු.තෝ උදේ පාන්දරට කෑවේ මුං ඇටද?"

මම එහෙම ඇහුවේ උදේට මුං ඇට කෑවම නරක හීන පේනවා කියලා ටීවී එකේ නූල්ඩස් ඇඩ් එකක් දැකපු නිසා.කියන්න බෑ නේ.වැරදිලා හරි ඇටයක් කටේ ගෑවුනා නම් මොන දෙයියන්ට කියන්නද..පව් නේ..කාගේ උනත් දරුවෙක් නේ..

"නෑ ඕයි රත්තෝ..මම මේ බැලුවේ මේ පාර අපිට කූඩු 30ක් හදලා එල්ලන්න තියෙනවා කැම්පස් එක වටේට.දවස් දෙකෙන් ඕක කොහොම කරන්නද කියලා.මගේ හිත කීරි ගැහිලා යනවා ඕයි කූඩුව මතක් වෙද්දි."

කූඩුව තොට බලහත්කාරකමක්වත් කරාද යකෝ ඕක කීරි ගැහෙන්න.කූඩු හදන වැඩේ හරිම සිම්පල්.කට්ටියක් යනවා බට කපන්න.තව කට්ටියක් යනවා වෙසක් කොල ගේන්න.තව ටිකක් කූඩු බදින්න,පාප්ප හදන්න,පාප්ප උලන්න,..
ඒ වැඩ ටික කොල්ලොන්ට කරන්න පුලුවන් නේ..අලවන වැඩේ කෙල්ලෝ ටික කරයි..

"එතකොට තෝ මොකක්ද කරන්නේ"

මගේ දිහාට වපර ඇහැදාපු පොර ඇහුවා.

"කෙල්ලො ටික බලාගන්නත් එකෙක් ඕන නේ බන්.ඒක මම කරන්නම්"

අනිත් උන්ට කලින් ඕන වැඩක් එක පාරටම භාර ගන්න මම යටහත්ව කිව්වා.

"තෝ කෙල්ලෝ බලන්නයි,අපි බට කපන්නයි.. අනේ යකෝ..."

"හා....නරකට තියේ..මම තමා අමාරුම වැඩේ කරන්නේ..ඒවයින් වැඩක් නෑ...බට කපන්න සෙට් එකක් යවමු..අපි කූඩු ටික බදිමු."

වැඩේ කෙරෙන්නත් ඕන නිසා මම එක හිතින්ම කිව්වා.

කොහොමින් කොහොම හරි කපපු බට ටික දවසක් විතර පහු වෙලා අපේ අතට ලැබුනා..

"මේ ඕයි,.රත්තෝ...මොන කූඩුවක්ද බන් හදන්නේ ?"

අපේ උන්ටත් මම නැතුව කිසිම වැඩක් කර ගන්න බෑ..

"ලංකාවේ බහුලව භාවිතා වෙන්නේ අටපට්ටමනේ බන්,ඒක නිසා අපි අටපට්ටම් හදමු"

මගේ යෝජනාවෙන් පස්සේ කට්ටියම ඒකට එකග උනා.හැම බැජ් එකකම ඉන්නව නේ එක මඤ්ඤන් බුවෙක් (තොපි මොකෝ මගේ දිහා බලන්නේ ) අන්න ඒ වගේ ඩයල් එකක් සෙනග මැද්දේ අත උස්සගෙන.යකෝ මම ප්‍රොපෙසර් කෙනෙක් වගේ නේ..

"හා..කියපන් බලන්න උඹට තියෙන ප්‍රශ්නේ,සර්වාංග සම්භන්ද එකක් නම් හොද ඩොකෙක් චැනල් කරපන්"

"නෑ අයියෝ,ලංකාවේ බහුලවම අටපට්ටම භාවිතා වෙන්නේ මොකද බන්"

මුන්ටත් තියෙන ප්‍රශ්න.මුන් අත උස්සලා ආපු උන්ද මන්දා.


"යකෝ..ඒක තමා ලේසිම..මෙන්න බලපන්.."

මම කඩදාසි කොලේකුයි පෑනකුයි ගත්තා.මුන්ට මූලික සිද්ධාන්තේ ඉදලම උගන්නන්න වෙනවා..

"මේ තියෙන්නේ අටපට්ටම.ඒක ටෙසලාකරනයාකාරයි නේ.ඒක නිසා සමමිතික අක්ශය ලම්භකව ඡේදනය කරන්න පුලුවන්.ඒක නිසා ඒකේ ලම්භසමච්චේදකය කැපෙන තැනට පයිතගරස් ප්‍රමේය දැම්මම සුලු වෙන උත්තරයක් එනවා.දශම ගානක් ආවොත් වර්ග මූලේ හොයන්න හෙන අමාරුයි නේ බන්..අන්න ඒකයි ලංකාවේ බහුලව භාවිතා වෙන කූඩු වර්ගය අටපට්ටම වෙන්නේ" 

මගේ බිද දාන්න බැරි තර්කෙන් පස්සේ හැම එකාම නිශ්ශබ්ද උනා..

 කොහොමින් කොහොම හරි කූඩු ටික හදලා කෙල්ලොන්ට බාර දීලා කූඩු ටික අලවත් ගත්තා..
වෙසක් එකට කලින් දවසේ රෑ..ඒකියන්නේ සිකුරාදා රෑ කූඩු වලට ලයිට් දෙන්න ගිහින් උන අප්‍රිය සහගත කතාව නෙක්ස්ට් එපිසොයිඩ් එකෙන් බලාපොරොත්තුවන්න...
 (වේලාව මදි නිසා කොට පෝස්ට් එකක් ලිව්වෙමි..)

85 comments:

  1. හයියෝ හුස්ම.....හික්ස්.....

    ReplyDelete
  2. කතාව වෙනදා වගේම රසවත්ය. කියන්නට දෙයක් නැත. ඒ කිසා මොනවත් ලියන්නේ නැත. එහෙම කියලා කපන්න එන්න එපාය. ආවොත් උඹට වෙන්නේ කපාගෙන යන්නය. දිගටම ලියපන්ය. අපි කියවනවාමය.....!

    ReplyDelete
    Replies
    1. කපනවාමය..කැපුවොත් ජංගි ඇදීමෙන් වැඩක් නැත...

      Delete
    2. එසේනං තේ ගොට්ට ඇදගන්න බලනවානං හොදය ...

      Delete
    3. තේ ගොට්ටාකාර ජංගියක් මහගන්න ඕනා

      Delete
  3. අපිත් පලවෙනි අවුරුද්දේ කට්ටිය එකතුවෙලා කාමරේට එක ගානේ වෙසක් කූඩු හැදුවා. ඒ දවස්වල මම් හිටියේ 3225හේ !! හික්ස් :)

    ReplyDelete
    Replies
    1. සරම නැතුව හදපු කුඩුද මධුරංග අයියේ!

      Delete
  4. හොදම හරිය උබ ලියලා නෑනේ...

    ReplyDelete
    Replies
    1. අර උඹේ ජංගිය පෑගුන හරියද?

      Delete
    2. ජංගිය පෑගුනේ ඌ ඇදගෙන ඉදිද්දිද? ?

      Delete
    3. එහෙනං පෑගෙන්න ඇත්තෙ ගෙයි පඩිය

      Delete
    4. ඌත් එක්ක පැගුනේ නෑ බොල...ඌ බිමදාලා තිබ්බේ

      Delete
  5. හරි ලෙසයි නේ බන් ..!! මොකෙක් ගේ හරි සරමක් ගහක එල්ල ලා දාපං " 'පැටව' දහසේ මහා කුඩු රාජයා" කියල වැඩේ ඉවරයි නේ
    (do u know what i mean..??)

    ReplyDelete
  6. බකට් එල්ලුවා...

    ReplyDelete
    Replies
    1. ගෙදර යකෝ.. නැත්තං අහවල් එකේ එල්ලනයැ...?

      Delete
  7. හැකරැල්ලට වුන දේ තමයි මටත් සිද්ද වුනේ පුංචි කාලේ ඉදලා හදපු අටපට්ටම .......
    මොලේ කොලොප්පන් උනා
    අට පට්ටම ගැන ඔය කියපු ටික දැනගෙන ඒකක් හදන්න තව ආත්මෙකට බැරිවෙයි..

    ReplyDelete
    Replies
    1. මේක තමා සාම්ප්‍රදායික ක්‍රමේ

      Delete
  8. ## නුත් හිනා ගියේ නැ.. !

    ReplyDelete
    Replies
    1. එතනින් කොහොමත් හිනා යන්නෙ නෑ යකෝ...කටින් නේ හිනා යන්නේ

      Delete
  9. හෑ.. මොකක්ද බං අර ජංගියෙ කතාය උබ අදින්නේ... :O

    ReplyDelete
    Replies
    1. මම අදින එකක් නෙමේ යකෝ....බිම තිබුන එකක්

      Delete
  10. උඹලා කූඩු හදන්න ගියත් හිකිස්ම තමා

    ReplyDelete
    Replies
    1. ඒක ප්‍රමාන සමීක්ෂනය කරලා හදන්නේ

      Delete
  11. අර අන්තිම පැහැදිළි කිරීම ඇරෙන්න අනිත් ඔක්කොම තේරුණා...

    ReplyDelete
    Replies
    1. එව්වා හැමෝටම තේරෙන්නේ නෑ අයීයේ

      Delete
  12. අම්මපා?? ඒක නිසාද බං අටපට්ටම් භාවිතා වෙන්නේ?

    ReplyDelete
    Replies
    1. නැතුව...ඒක තමා හේතුව පාවිච්චි කරන්න

      Delete
  13. කපනවාට අප අකමැතිය....ලියන්න වදන්නක් මතක් වෙන්නේම නෑ... ඒත් කථාව සුපිරිය..

    ReplyDelete
    Replies
    1. එහනම් කපන්න වෙනවාමය

      Delete
  14. "ලම්භසමච්චේදකය කැපෙන තැනට පයිතගරස් ප්‍රමේය දැම්මම සුලු වෙන උත්තරයක් එනවා." මේ මොන හුට්ටලමක්ද මචෝ.යකෝ දන්න කාලේ ඉදන් අටපට්ටම් හැදුවා.මට හැදුනේ නෑනෙ ඔහොම අසනීපයක්.දැන් ඉතින් හොද සිංහල වෙදෙක් ගාවට වත් ගිහින් ඉසකුඩිච්චියක් දාගනින්.

    ReplyDelete
    Replies
    1. ඕකනේ කියන්නේ...කොච්චර අටපට්ටම් හැදුවත් ඒකේ මූලික සිද්ධාන්ත දන්නේ නෑ නේ

      Delete
  15. අටපට්ටමක් හදන හැටිද ?

    ReplyDelete
  16. අනේ නොදකින් ඊයෙ දාන්න තිබ්බෙ නැද්ද මේක? මම බලාගෙන ගියා අක්බාර් එක ගාව කූඩු ටික. බොලාවයි මලන්වයි මතක් උනා. සික් මෙහෙම කතාවක් තියේ කියල දන්නෙ අදනෙ. කලින් දන්නව නම් ආවා කියල මැසේජ් එකක් තියල යනව කූඩුවකට ගලකින් ගහල

    ReplyDelete
    Replies
    1. හැකිස්....ගල් වලින් ගහලා අක්බාර් එක ලගින් ලේසියෙන් යන්න හම්බෙන්නේ නෑ

      Delete
  17. ආ..... ඒකයි මේ සෙනග නැත්තෙ...

    ReplyDelete
  18. පෛතගරස් ප්‍රමේය දැම්මට සුළු වෙන උත්තරයක් ආවේ නෑ බොල . නිගමනය -ඒ කියන්නේ මම හදලා තියෙන්නේ අටපට්ටමක් නෙවෙයි :/

    ReplyDelete
    Replies
    1. නෑ නෑ...ඕක අටපට්ටමක් නෙමේ...අටයි දශම ගානක පට්ටමක්

      Delete
  19. ජාතියක් වශයෙන් අප අටපට්ටම තෝරා ගැනීමේ මූලික සිද්ධාන්තය ඇතුලත් රත්ගමයාගේ ප්‍රමේයය අපේ රජතුමාට ඊ තැපැලෙන් යැව්වෙමි.කළිං කිව්වානං දහ අට වංගුව කෙළිං කරන්ඩ ඕක පාවිච්චි කරන්ඩ තිබුණාලු.දැං ඉතිං පරක්කු වැඩි නිසා සල්ලි ගොඩක් එක එකා ගහගන්න තැනට වැඩ යෙදුණා කියා උන්නාන්සේ විස්සෝප උනා ය.

    ReplyDelete
    Replies
    1. ඒකනේ කියන්නේ..මගෙන් නිකමට වත් ඇහුවේ නෑ නේ ඔය වංගු සීන් එක..එහෙනම් එතනටත් ලම්භසමච්චේදක ප්‍රමේය දාන්න තිබුනා

      Delete
  20. බට කපන්න යන එකත් නරකම නෑ නෙව.. අර "අහවල් මාවත" පැත්තෙත් කොල්ලො සෙට් එක එක්ක කරක් ගන්න ලැබෙන චාන්ස් එකනෙ :P
    //3225 .. මේ කියන්නෙ අක්බාර් එක ගැන වෙන්ඩැ

    ReplyDelete
    Replies
    1. යා යා...අක්බාර් අක්බාර්....අපිට ඉතින් චෙක් කොරන්න යන දවසටයි බට කපන්න යන දවසටයි තමා ඕකට රිංගන්න වෙන්නේ

      Delete
  21. රත්තො ඉතුරු ටිකත් දාපිය ඉක්මනට....උබේ ජංගිය ඇදපු එකට නම් සොරි වෙලා ඇති දැන්,කුට්ටම හොයනවා ඇති දැන් ඌ...හි හි හී

    ReplyDelete
    Replies
    1. අපි පිරිසිදු මිනිස්සු..හරිය...

      Delete
  22. හි ... හි ...... :)

    ReplyDelete
  23. මොකක්ද බං ටෙසලාකරනයාකාරයි කියන්නෙ. @#$%$

    ReplyDelete
    Replies
    1. ඕකනේ කියන්නේ...සාමාන්‍ය දැනීම අන්තිමයි

      Delete
  24. හික්ස්ස්... අන්තිම පැහැදිලි කිරිල්ල මරු!!! ;)

    ReplyDelete
    Replies
    1. ඒක ඉතින් මම වගේ බුද්ධිමතුන්ට විතරයි තේරෙන්නේ

      Delete
  25. හික් හික් කාලෙකින් මේ පැත්තේ ආවේ...

    ReplyDelete
    Replies
    1. ආ...හසී අක්ක...තේ උගුරක් බීලම යමු

      Delete
  26. හිකි හිකිස්
    මේකට රත්ගමයාගේ අටපට්ටම් නියමය කියල දැම්මනං හරිනේ.. :D

    ReplyDelete
    Replies
    1. දාලා පේන්ටන් බලපත්තරෙත් ගන්න ඕනා

      Delete
  27. කුප්පයි.........

    ReplyDelete
  28. නියම කතාවක්

    ReplyDelete
  29. මරු පැහැදිලි කිරීම අයියා.. හුගක් තේරුනා ඒ ටික නම්.. :P

    ReplyDelete
    Replies
    1. හැමෝටම තේරෙන්නේ තමා පැහැදිලි කරේ...

      Delete
  30. හුහ් උඹ හිතාගෙන ඇති එහෙම නේ? උඹේ ඔය මහලොකු අටපට්ටං තර්කෙ බිඳහෙලන එක ගේමක් නෙවෙයි මට උඹ කියන හරුපෙ යන්තං හරි තේරුනා නං.

    ඔබා අය්යා මේකා කෙල්ලො පරිස්සං කරන්න ගිහිං ලෙක්චර්ස් මිස් කරගෙන තියෙන්නෙ. ඒකයි අර බැජ් පාඩම දන්නෙ නැත්තෙ. නැත්නං නිදා ඉඳලා. ඒකනෙ ඔය ජීවමාන උදාහරණ සපයන්නෙ. හෙහ් හෙහ්

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. ඉකේ..අපි නම් කෙල්ලෝ පරිස්සම් කරන්න යන්නේ නෑ..ඔව්වා මඩ ප්‍රහාර හරිය

      Delete
  31. ප. ලි. ඉතින් අර ජංගිය යට මුලු ‍රැයක් තිබ්බ තේ ගොට්ටෙන් උඹ තේ වක්කරගෙන බිව්වද? එහෙම කලානං කියහං ආයෙ මේ පැත්තෙ නෑවිත් ඉන්න.... :D :D :D

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. ඒක මගේ තේ ගොට්ටක් නෙමේ.....අනික අපි තේ ගොටු නැතුව නේ තේ හදන්නේ

      Delete
  32. මේ මචන් දන්නෙ නෑති නිසයි අහන්නෙ . මොකටද ඔය කෙල්ලෙz පරිස්සම් කරන්නෙ.. ??

    ReplyDelete
    Replies
    1. ආරක්සාවට නේ... (මගෙන් )

      Delete
  33. හම්මේ......හප්පුච්චියේ...
    හුස්ම ගන්නත් අමතක උනා.. බොල..!
    එල...එල..

    ReplyDelete
  34. දැන් එතකොට අටපට්ටමක් හැදුවා කොහොම හරි :D

    ReplyDelete
  35. හොද වෙලාවට "අටපට්ටමක්" විග්‍රහ කරන්න උනේ "තරුවක්" වගේ එකක් උනා නම් පට්ට සීන් එකක් වෙන්නෙ ....

    ReplyDelete
  36. ඒ මචං දශමස්ථාන එන උත්තරේකට වර්ගමූලේ දැම්මොත් දශමස්තානෙ සුවර් එකටම ලොවෙත් නැති වෙනවද බං ???

    ReplyDelete

ඔබේ වචන මට හයියකි...මේතන ලියා යන්න(ඔන්න හොදින් කිව්වා..අඩෝ...ලිව්වේ නැතිනම් කපනවා ඩෝ...)