Thursday 26 April 2012

අයියා නිරුවත් කිරීම - "යකෝ!!,ජනාධිපතිතුමා මගේ බ්ලොග් එක කියවනවා.."


    අද නම් මගේ ජීවිතයේ අමරණීය දිනයකි.මේක නම් අදහා ගන්නටත් බැරිය.අපේ ලොකු අයියාට බ්ලොගර් එකෙන් ලොග් අවුට් වීමට අමතක වී ඇත.ඒ අපතයා දැන් පේරාදෙනියට වී පච කෙල කෙල සිටිනු ඇතැයි මම සිතමි.මූ නැති නිසා අපි ගෙදර සතුටින් වෙසෙමු.මට කරනා අපහාස සියල්ලකටම පලි ගැනීමේ වේලාව පැමින තිබේ....කෙසේ පටන් ගනිමුදෝයි සිතා ගත නොහැක.

        අපේ ලොකු අයියා වනාහි අමානුශික ලෙස කුප්පයෙකි.කොටින්ම ඔහු මුහුන සෝදන්නේද සුනාමියක් එනවා යැයි කිව්වොත් පමනි. මක් නිසාද යත් සුනාමි දවසට පමනක් ඌට කාර් එක එලවීමට ලැබෙන නිසාය.දැන් දැන් සුනාමි අනතුරු ඇගවීම් නිතර නිතර වන නිසා කාර් එකට එයාර් ෆ්‍රෙශ්නර් එකක් සවි කලමු. ( නිකන් මොකටෙයි කාර් එක ගද ගස්ස ගන්නේ ).
ලියාගෙන යනවිට මට මුගේ රසකතා එකින් එක මැවී මතුවේ..

මෙදා අවුරුද්ද දවසේ පොර මාර සතුටින් මා කරා පැමිනියාහුය...

"මේ ඕයි චූටි මල්ලි.."

ශුවර් එකටම මේ පැමිනෙන්නේ මාව කඩේ යවන්නට බව මම නුමාන කලෙමි..

"ඇයි ලොකු අයියේ.."

බයාදු ලෙස මම ඔහුගෙන් අසන්නේ කඩේ යාමට ලැබෙන රුපියල් 20 ගැන සිතමිනි..

"අද මගේ ජීවිතේ අමරණීය දවසක් ඕයි.."

 එසේ කියා ඔහු නිවසේ සිවිලිම දෙස බලා සිනා සෙයි..

"මම මේ වගේ කෙනෙක් කියලා....දෙවියනේ මම පොඩ්ඩක් වත් දැන ගෙන ඉදියේ නෑ.."

ලොකු අයියා හැගීම් බරව කියාගෙන යයි

"උඹට පිපිඤ්ඤද බං ලොකු අයියේ,නැති නම් සමාජ රෝගයක් වත් හැදුනද?"

 ඔහුගේ හැගීම් තේරුම් ගත නොහැකිව මා ඇසුවෙමි.

"නෑ ඕයි....අද මට මාර සතුටක් තියෙන්නේ..අද මට බොන්න ඕන.දිව රතු වෙනකල් බොන්න ඕන..නෙක්ටෝ බෝතලයක් ගේනවකෝ..ආ.....පුලුවන් නම් බයිට් පැකට් එකකුත් සාක්කුවෙ දාගෙන එනවා..හරිය..."

"නොදකින් ගල් ඉබ්බා..මාව කඩේ යවන්න ආවා මෙතන..තොගේ සතුටට හේතුව කියපිය කුප්පයෝ මාව යකා අවුස්සන්නේ නැතිව..තෝ සුරාන්තයට පත් උනාවත් ද හිටගෙන ඉන්දැද්දිම..

මුගේ අප්‍රභ්‍රංශ තේරුම් ගත නොහැකිව මා ඇසුවෙමි..

"යකෝ..තෝ දන්නවද අපේ ජනාධිපතිතුමාව"

"ඉතින්"

"ඉතින් නෙමේ යකෝ..ජනාධිපතිතුමා මගේ බ්ලොග් එක කියවනවා.!!!!."

මූට සිරාවටම සමාජරෝගයක් සෑදී තිබේ යැයි මම මොහොතකට සිතුවෙමි.නමුත් මාගේ භය තුනී කරමින් ඔහු කතා කලේය..

"මේ බලපන් යකෝ මගේ ෆෝන් එක.."

එසේ කියමින් ඔහු ජංගම දුරකතනය මා වෙත දික් කරයි..

 මෙන්න තියෙනවා අද උදේ ජනාධිපතිතුමා මට සුබපතලා එව්ව මැසේජ් එක..බලපන් ඇස් ඇරලා.....මම වගේ පාඩුවේ බ්ලොග් එකක් ලියාගෙන ඉන්න එකෙක්ගේ නම්බරේ කොහොමද එතුමා දන්නේ..අන්න බලපන්...රත්ගමයා බ්ලොග් එක කියවලා..ඈ....ඊට පස්සේ රහස් පොලීසියෙන් දාලා මගේ නම්බරෙත් හොයාගෙන මට අවුරුද්දට විශ් කරලා මැසේජ් එවන්නේ අනිවාර්යයෙන් මගේ බ්ලොග් එකට කැමති නිසානේ ඕයි.,."

"නොදකින් හිපාටුවෝ..ඔය මැසේජ් එක පොඩි අයියටත් ඇවිල්ලා තිබ්බා ඕයි...."

"හෑ.....ඌත් බ්ලොග් එකක් ලියනවද එතකොට"

එතනින් එහාට මා කතා කිරීමට නොගියෙමි.

මේ මාසය ආරම්භයේදීම ලොකු අයියා නිවාඩුවට ගෙදර පැමිනියේය.මෙතක් කල් පොඩි අයියා එකම ඇදුම ගෙදරට ඇදීමේ හේතුව සොයා ගත්තේ එදාය.

මූ පොඩි අයියාගේ ඇදුම් සියල්ලක්ම හොරෙන් ගෙන ගොස් තිබේ..දැන් ඉතින් ඒවා කාටව්ත් ඇදීමට බැරිය..

"ඩෙටෝල් ටිකක් දාලා වත් ගමුද ? "යයි පොඩි අයියාගෙන් විමසූ විට

 "උබ හිතුවද යකෝ මමත් උරුලෑවෙක් කියලා" යැයි  කියමින් ඔහු මට බැන වදී..

නිවාඩුව අවසන් වීමෙන් පසු පොඩි අයියාගේ අලුත් ඇදුම් සෙට් එකද හොරාට බෑගයේ දමා ගැනීම මට මාට්ටු වුවද රුපියල් 20ක් අතේ ගුලි කිරීම නිසා මම කට වහගෙන සිටියෙමි..
 
මෙදා පාර සයිබර් සිහින බක්මහා උලෙලට ඇදගෙන ආවේ ඒ ඇදුමක් බව මම ඉතා පිලිකුල් සහගතව ප්‍රකාශ කරමි..

අවුරුදු කුමාරයා වීම අපේ ලොකු අයියාගේ සිහිනයකි.එය සිහිනයක් වන තරමට හොදය.නැති නම් අපට කනක් ඇහිලා ඉන්නට නැතිය.ගිය අවුරුද්දේ කාගේදෝ සාටකයක් දමාගෙන හොරෙන් අවුරුදු කුමාරයා වී අපේ කන් වින්ද දුක් අපමනය.අප්‍රමානය...

නිවාඩුවට පැමිනි අලුත ලොකු අයියා දත් බුරුසුවක් ගත්තේය.එය ලබන අවුරුද්දේ අවුරුදු නිවාඩුවට පැමිනෙන තෙක්ම අලුත් පිට තිබෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.ඒ අතින් නම් අපේ ලොකු අයියා සරල පුද්ගලයෙකි..දත් බෙහෙත් ,සබන් ආදී දේ වලට යන වියදම් අවම කර ගැනීමට ඔහු කට යුතු කර තිබේ.

ලොකු අයියා සිතාගෙන සිටින පරිදි පොර හෙන හැන්ඩ්සම්ය.හැන්ඩ්සම් යන වචනයේ තේරුම වෙනස් වී ඇද්දැයි මම ගූගල් එකේ හිටන් සර්ච් කර බැලුවෙමි.නමුත් වචනය එසේමය.අහිංසකයෙකුගේ සිහින සිතුවිලි සමග කොලොප්පන් කර මට ලැබෙන බයිට් පැකට් එකක් නැත.ඒම නිසා මම කට පියාගෙන සිටිමි..ඌ පව් ය

මෙම සටහනෙන් පසු සමහර විට මට ලැබෙන රුපියල් විස්ස නොලැබෙනු ඇත.ඉතින් මට සමන් පිච්ච මල්ද...ඌ නැති උනාට මට පොඩි අයියා සිටීය.

තවත් ඉදිරියට මේකාගේ අප්‍රිය සහගත කියුම් කෙරුම් රැසක් එලි කිරීමට බලාපොරොත්තුවෙන් සිටිමි..ලොකු අයියේ , උඹ ඉවරයි!!!!

73 comments:

  1. ලොකු අයියේ , උඹ ඉවරයි!!!! ලොලේ ලොල්!

    ReplyDelete
  2. මළා... රත්ගමයා ඉවරයි....

    ReplyDelete
  3. හිහ් හිහ් හී...!!!

    ReplyDelete
  4. හැක්ඩ් ඇන්ඩ් පොව්න්ඩ්

    ReplyDelete
  5. දාපං දාපං මල්ලි ඕකගෙ කුප්ප වැඩ සේරම ටික එලියට.

    ReplyDelete
  6. ආයෙමත් "රත්ගමයාගේ ඇත්ත හෙලි වෙයි" වගේ සීන් කෝන් එකක්ද...? :O :O

    ReplyDelete
  7. අනේ පොඩි එකෝ, අයියට බනින්නේ නැතුව අයිය වගේ හැදෙන්න බලපං. දැන් බලපං අයියට කෑලිම කීයක්ද... ඒ ඔක්කෝම එකතු වුනාම ෆුල් එකක් වෙනවා... අන්න උඹගේ නෑනා... ආස්සා නැද්ද උඹලා ඉක්මනට නෑනෙක්ව දකින්න... අයියා වගේ හැදියන් වරදින්නේ නෑ...! :D

    ReplyDelete
  8. රත්ගමයෝ.... උබ එවරයි :P

    ReplyDelete
  9. අයියා නම් කුප්පයෙකි. මල්ලී කුප්පයන්ගෙත් කුප්පයෙකි.

    ReplyDelete
  10. ඉවරයි....ඌ විනාසයි :)))))

    ReplyDelete
  11. රත්ගමයම ඌ ගැන ලියලද කොහෙද නැත්නම් උගෙන් comment එකක්වත් තියෙන්න එපයි. මොකද ඌ උගේ blog එක කියවන්නේ ගෙදර ගියාම විතරද?

    ReplyDelete
  12. මට එක ප්‍රශ්ණයක් ඇත්තේය.පොඩි මල්ලී යයි කියා ගත්තාට මූ දෙසා බා ඇත්තේ රත්ගමයාගේ වචන සැට් එකමය. ඒනිසාම පුලුල් ලෙස පර්යේෂණයක යෙදුනෙමිය.සියලු පරීක්ෂණ නිරීක්ෂණ අවසානයේ මෙවන් නිගමණයකට ආවෙමිය.එය තරමක් අසබ්යය. එනම් මූ රත්ගමයාගේ පොඩි මල්ලී නොව රත්ගමයාගේ මල්ලී බවය.[මමත් දැන් බ්ලොග් එකක් කොටනවාය.ඇහැක් වෙලාවක 'සරාගේ ලෝකයට' ඇවිත් යනවා නම් මමත් මනාපය.] ජය...!

    ReplyDelete
  13. ඉකේයිය....හිකිස්...

    ReplyDelete
  14. පොඩි එකාට ඉන්න දිය!

    ReplyDelete
  15. එල කිරි පොඩි රතෝ ඈඩෙන්න දීපං අයියට

    ReplyDelete
  16. ඒ මල්ලි මං බොට කියන්නමයි හිටියේ . . බොත් ලියහන් බ්ලොග් එකක් . . . මුට මේවා අහුවුණා දාට උබ ඉවරයි

    ReplyDelete
  17. හොඳ වෙලාවට මූ වගේ මල්ලියෙක් මට නොහොටියේ....... මූට හිටියේ

    ReplyDelete
  18. ඔය මල්ලිලා දෙන්නා දන්නවානම් උඹේ ඔළුව පලයි. උන්ගෙ නම විකුනල කෙලින්ම කියා ගන්න බැරි ටික මේකේ දානවට.

    ReplyDelete
  19. මේක නම් මල්ලිගේ නම විකුණන් කෑමට අර අදින කෙප්ප රත්ගමයාගේ කුප්ප වැඩකි

    ReplyDelete
  20. ඔක ඉතින් වෙනවනේ වඩේ... උබව ඔන කඩේ යන්න තමයි

    ReplyDelete
  21. රත්ගමය මෙදා පොටේ ඈවර වෙන්න හදනවද, එහෙමත් නැත්නම් මේක තවත් එක කතාවක් විතරද....

    ReplyDelete
  22. ලීවෙ මල්ලි.. FB එකේ පබ්ලිසිටි අරන් දෙන්නෙ අයියා.. සෝයි :D

    ReplyDelete
    Replies
    1. අන්න කතාව බනියා!! :D

      Delete
  23. එළැය.මම හැමදාමත් ආසා ඇතුලේම උන් කා කොටා ගන්නවාටය.එතකොට මාර ෆන් ය.පොඩි එකෝ දිගටම ලියාපං.

    ReplyDelete
  24. අය්යා මල්ලි දෙන්නම එක වගේ

    ReplyDelete
  25. ලොකු අයියාගේ රෙදි ගැලවිලාය...:(

    ReplyDelete
  26. මලයො, අයියව ඉවර කරලම දාපං.

    ReplyDelete
  27. ලොක්කය්යේ.. උබ ඉවරා..........යි !! :P

    ReplyDelete
  28. රත්ගමයගේ රෙදි ටික මහවැලියෙද මන්දා.

    ReplyDelete
  29. niruwathvee aththea rathgamaya nowa, podigamayaya......

    ReplyDelete
  30. තවත් එක්තරා කුප්ප කතාවක්..!

    ReplyDelete
  31. උඹ රු 20 ක කප්පම් ගන්නේ සිගරට් බොන්න නේ??
    ;)
    මටත් ඔය කියන මැසේජ් 1 අවා,ඒ කියන්නේ ජනාධිපති ලොක්ක මගේ බ්ලොගේත් කියවනව ඇති:P

    ReplyDelete
  32. හැබැයි එක අච්චුවෙ කොකිස් එකවගෙ කියලා තමා මම නම් අහලා තියෙන්නෙ

    ReplyDelete
  33. ලොකු අයියටත් පිළිතුරු දෙන්න අවස්ථාවක් දීපන්...රත්ගමයෝ උඹෙත් පටි රෝල් කරයි ඕන්.. මේක දැකල මටත් හිතුන ටිකක් හොයල බලන්න අපේ මලයත් හොරාට බොලොග් ලියනවද කියල.. මම දන්නෙත් නැතිව මගෙත් පටි රෝල් කරලද දන්නෙත් නෑ. ඌත් උඹට නොදෙවනි කුපාඩියෙක් තමා

    ReplyDelete
  34. Yeeee.... Matath oya msg1 awa. e kynne, mage blog 1th janadipathithuma kywanawa...... :D :D :D

    Apoi, mea Rathgamayagema wachana set 1 nea. Me Rathgamayagema thawath kuppa wadak.... :P :P

    ~~~**Daga Malla**~~~

    ReplyDelete
  35. අයියාගේ රහස් එළි කරන උඹලා වැනි මලයන්ගේ කටේ මසුරන් දැමීමට වටිනවාමය........ඌ ගෙදර ආ පසු උඹට ලැබෙන කනේ පාර මතක් වනවිට මටද ලොලේ ලොල්ය......

    ReplyDelete
  36. මලයා වැඩේට බැහැලා එහෙනම්

    ReplyDelete
  37. Hafoi mama athal ekata euwa msg ekata ochchara keliyak unada??

    ReplyDelete
  38. Hafoi mama athal ekata euwa msg ekata ochchara keliyak unada??

    ReplyDelete
  39. මල්ලි ගේ නම විකුනගෙන අය්යා කනවා වගේ... ඔය හදන්නේ මල්ලිට දෙන රුපියල් 20ටත් ගේම අදින්න.. මල්ලිට කියන්න ඔනා බ්ලොග් එකක් පටන් ගන්න කියලා

    ReplyDelete
  40. හනේ වාසනාවන්....

    ReplyDelete
  41. කුප්ප රත්ගමයාගේ කුප්පම කුප්ප පොඩි මල්ලි

    ReplyDelete
  42. meka nam gon jork ekek taman ganama liya ganna eka lol hiks rathgamayath dan moda jork denna aran wage

    ReplyDelete
  43. අයියා අල්පෙක්ෂිත ජිවිතයක් ගත කරන්නේ හිනා වෙන්න එපා බොලවූ..

    ReplyDelete
  44. මල්ලී ලොකු වූ විට රත්ගමයා කඩේ යවන එක සුවර්ය....

    ReplyDelete
  45. නැවත වරක් මල්ලිව කඩේ යවා ඇත!

    ReplyDelete
  46. හෆොයි මූ නාන්වත් නැද්ද..

    ReplyDelete
  47. මල්ලිද අයියාටම කියා ලියවාගෙන ඇති බව පෙනේ

    ReplyDelete
  48. ලොකු අයියා ඉස්සරහට ඉවරෙටම ඉවර වෙයි වගේ :D

    ReplyDelete
  49. අයියෝ සල්ලි කිවුවාලු..!!!

    ReplyDelete
  50. නිරුවත් කොරලා නිකන් ඉඳලනම් බැරියෑ... අහවල් එකත් ශුන්‍ය කරලම දාලනෙ.. අනේ මෙහමත් මල්ලිලා....

    ReplyDelete
  51. හික්ස් අයිය මලෝ දෙන්නම එකයි :D

    ReplyDelete
  52. මේ රත්තෝ නුඹ රහසින් ඇවිත්....... වගේ කුප්ප නව කතාවක් ලියපංකො බං ආයෙත්

    ReplyDelete
  53. මේ කුප්පයා හදන්නේ අපිව ගොනාට අන්දන්නටය.. නාලා වරෙන්කොව් !!

    ReplyDelete
  54. මේ කුප්පයා හදන්නේ අපිව ගොනාට අන්දන්නටය.. නාලා වරෙන්කොව් !!

    ReplyDelete
  55. අයියා නම් කුප්පයෙකි. මල්ලී කුප්පයන්ගෙත් කුප්පයෙකි.

    ReplyDelete
  56. මල්ලි දස කුප්පය රතෝ

    ReplyDelete
  57. පවු යකෝ අයියා අනේ මෙහෙම මල්ලිලා...වාසනාවන්

    ReplyDelete
  58. මලා මටත් එහෙම වෙයිද? :'(

    ReplyDelete
  59. මූ මල්ලි වගේ ලියනවා.

    ReplyDelete
  60. .නෙක්ටෝ බෝතලයක් ගේනවකෝ

    ReplyDelete
  61. This comment has been removed by the author.

    ReplyDelete

ඔබේ වචන මට හයියකි...මේතන ලියා යන්න(ඔන්න හොදින් කිව්වා..අඩෝ...ලිව්වේ නැතිනම් කපනවා ඩෝ...)