Thursday, 5 April 2012
කලු කුහරය - විද්‍යා ප්‍රබන්දය
"මහාචාර්යතුමා මාව විශ්වාස කරන්න.මාව බැරිනම් මේ ගණිත සූත්‍ර දිහා වත් බලලා මාව විශ්වාස කරන්න"
"මම හිතන්නේ නෑ ක්ලාක් මහත්තයා ඕක වෙන්න පුලුවන් දෙයක් කියලා.ගණිත කර්ම වල නම් වැරද්දක් හොයන්න නෑ.ඒත් අභ්‍යවකාශය ගැන කිසිම දෙයක් දන්නේ නැති ඔබතුමා කොහොමද මේ වගේ සූත්‍රයක් ඔප්පුකරන්නේ"
"මම සාමාන්‍ය මිනිහෙක් බව නම් ඇත්ත මහාචාර්යතුමා,ඒත් ඒක සිතුවිල්ලක්...මේ හැමදේටම මුල සිතුවිල්ලක්..ඒ සිතුවිල්ල කොහෙන් ආවද කියන්න මම දන්නේ නෑ..ඒත් ඒක එහෙම වෙන්න පුලුවන්.මම ඒක හොදටම දන්නවා. කලුකුහරයක් ඇතුලේ තියෙන්නේ මේ අපි ජීවත් වෙනවා වගේම විශ්වයක් මහාචාර්යතුමා...ඔව් ඒක ඇතුලේ තියෙන්නේ විශ්වයක්..."
"කලුකුහරයක් ඇතුලේ තියෙන්නේ මොනවද කියන එක ගැන එක එක අය එක එක මත පලකරලා තියෙනවා.ඒත් කලුකුහරයක් ඇතුලේ විශ්වයක් තියෙනවා කියලා ඔය සමීකරන ඇරුනාම වෙන ඔප්පු කරන්න විදිහක් නෑ නේ ක්ලාක් මහත්තයා .ඔබ වගේ සාමාන්‍ය කෙනෙක් මේ වගේ මතයක් ඉදිරිපත් කරාම ඒක කොහොමද පිලිගන්නේ"
"ඒක පිලිගන්නම වෙනවා මහාචාර්යතුමා.මම උදාහරනයක් දෙන්නම්"
"හොදයි..මෙන්න ඔබතුමාගේ විශ්ව ආකෘතිය.මේ තියෙන්නේ කලුකුහරයක් කියලා හිතමු.සාමාන්‍යයෙන් විශ්වය හැදිලා තියෙන්නේ මොනවගෙන් කියලද ඔබතුමන්ලගේ මතය තියෙන්නේ "
"විශ්වය කියන්නේ ශක්තිය ගැබ්වෙලා තියෙන තැනක්.එහෙමයි තාරකාවිද්‍යාවෙදි අපි සලකන්නේ"
"අන්න නියමයි.එතකොට කලුකුහරයක් හැදිලා තියෙන්නේත් ශක්තිය එක් රැස් වෙලා.ඒක නිසා ඒකට යන ආලෝකය ඔක්කොම උරාගන්නවා.ඉතින් මේ අපි ජීවත් වෙන විශ්වය තියෙන්නෙත් අන්න ඒ වගේ කලුකුහරයක් ඇතුලේ කියලා හිතුවොත් අපේ සූර්යයා වගේම අනිත් තාරකාවලින් එන ආලෝකය මේ විශ්වය තියෙන කලුකුහරය ඇතුලෙන් පිටට යන්නේ නෑ නේ..ඒ වගේම අපි හදුනාගත්තු කලුකුහර ඇතුලෙන් එන ආලෝකයත් එලියට එන්නේ නෑ."
"මේ සමීකරණ දිහා බැලුවත් ඒක ඔප්පුවෙනවා මහාචාර්යතුමා.මේ හැම දෙයක්ම පෙන්නන්නේ එකම දෙයයි..කලුකුහරයක් ඇතුලේ තියෙන්න ඕන විශ්වයක්....."
අවුරුදු තුනකට පසු
"කාලෝ 11 යානය අමතන්න..පෘතුවි නිරීක්ෂන මැදිරියට ඔබගේ තත්වයන් වාර්තාකරන්න..අමතන්න..."
"කාලෝ 11 යානය පෘතුවිය අමතනවා..අපි දැනට බී 34 කලුකුහරයට ආලෝකවර්ශයකටත් වඩා අඩු දුරින් සිටින්නේ.මහාචාර්ය ලූපින් ඇතුලු සත් දෙනෙක් තාරකා නින්දේ පසු වෙනවා.දැනට යානය තුල අවදියෙන් සිටින්නේ මමත් ක්ලාකුත් පමනයි.තව සුලු මොහොතකින් අනිත් සත් දෙනා තාරකා නින්දෙන් අවදි කිරීමට සූදානම්.තවත් දින දෙකකින් අපි කලුකුහරයේ ආසන්නටයම පැමිනීමට නියමිතයි"
"නිරතුරු ඔබගේ දත්තයන් අප වෙත ලැබීමට සලස්වන්න.ඔබත් අපත් අතර දුර වැඩි නිසා තරංග ලැබීමේ ප්‍රමාදයක් තිබෙනවා"
දින දෙකකට පසු
''කාලෝ 11 ඔබේ විස්තර පවසන්න..අමතන්න''
''අපව දැන් කලුකුහරයේ ගුරුත්වයට හසුවී අවසන්.යානයත් සමග එය වෙත අප ඇදී යනවා.දෙවියනේ!!! මේක නම් පුදුමයක්.මේ විශ්වයේම තවත් ජීවීන් ඉන්නවා.අපිට වෙනත් ග්‍රහලෝකයකින් පනිවිඩයක් ලැබෙනවා..ඔවුන් කියනවා කලුකුහරය දෙසට යන්න එපාලු...... ටීක්....ටික්,......ටීක්......."
අමතන්න කාලෝ 11 අමතන්න.....ඔබව බිද වැටුනා අමතන්න''
අවුරුදු 50කට පසු
"මම හිතුවා හරි..කලුකුහර ඇතුලේ තියෙන්නේ මේ අපි ජීවත් වෙනවා වගේම විශ්වයක්.ඒකෙන් නිකුත්වෙන තරංග ජීවී සිතුවිලි ආකර්ෂනය කරගන්නවා හරියට කාන්දමක් වගේ.කොයිතරම් නූගත් කෙනෙකුට උනත් කලුකුහරයේ තරංග බලපෑම නිසා ඒක හොයාගෙන යන්න තරම් හැකියාවක් ලැබෙන සමීකරන උනත් ගොඩ නගන්න පුලුවන.සිතුවිලි වලට අපි නොහිතන ශක්තියක් තියෙනවා.අන්න ඒ ජීවී සිතුවිලි වලින් තමා කලුකුහරය ඇතුලේ තියෙන විශ්වයට ශක්තිය ලැබෙන්නේ.මේ අපි ජීවත් වෙන විශ්වය උනත් එහෙමයි.ඒකට ශක්තිය ලැබෙන්නෙත් පිටින් තියෙන විශ්වයක ජීවී සිතුවිලි වලින්:.ඇක්ස්නෝෆ්,ඔබ මොකද සිතන්නේ මේ ගැන.."
"ඔබ කියන එක මට පැහැදිලියි දිමිත්‍රි.ඒත් සිතුවිලි කොහොමද මෙච්චර දුර ඉදලා ඇදලා ගන්නේ..ඒක ශක්තියක් වෙන්න නම් කුහරය ඇතුලටම යන්න ඕන නේද..."
"ඔව්..ඒක හොයාගන්න එකම එක ක්‍රමයයි තියෙන්නේ...ඔබත් මාත් එක්ක එනවා නේද මේ ගමන යන්න.."
"විශ්වයේ රහස් හොයාගෙන මැරුනත් කමක් නෑ දිමිත්‍රි.මම ඔබත් එක්ක එනවා.."
ඇක්සිනොෆ්,ඉවාන් සමග තවත් 6 දෙනෙක් රැගත් ලින්ඩියා 34 යානයද කලුකුහරය අසලදී තරංග බිදීමකට ලක්වී අතුරුදහන් වී ඇත.
එසේ අතුරුදහන් වූ අවසන් යානයද මෙය නොවේ.
තවත් යාන 20 ක් පමන මෙම ඉරනමට මුනුන දී ඇත.කලුකුහරයක සත්‍ය පසුව සොයාගන්නා ලදී.
නමුත් සත්‍ය සිද්දිය සොයාගනිද්දී අතුරුදහන් වූ 150කටත් අදික මිනිස් ජීවීත හා සිතුවිලි තවත් විශ්වයකට ශක්තිය ලෙස එකතුවී හමාරය.
කලුකුහරයක් ඇතුලේ ඇත්තේ විශ්වයකි.එම විශ්වයේ තාරකාවන් ආදී ශක්තිය සපයන ප්‍රභව
සියල්ලකටම මූල ශක්තිය ලැබෙන්නේ පිටස්තර විශ්වයක ජීවී සිතුවිලි වලිනි.ජීවියෙකුගේ එක් සිතුවිල්ලක් කුහරයක් තුලින් යාමේදී ජනිත වන ශක්තිය අතිමහත්ය.එම ශක්තියෙන් කොටසක් නැවත පරාවර්තනය වී තවත් ජීවී සිතුවිලි කලුකුහරය වෙත ගෙන්වා ගැනීමට මග පාදයි.
මේ සියල්ල අනාවරනය වීමෙන් පසු පෘතුවියෙන් කලුකුහර වෙත දියත් කෙරෙන සියලුම යානා නතර කරන ලදී.
දැන් කුහරයන් ශක්තිය සපයා ගන්නේ කෙසේද...? විශ්ව විශ්ව විනාසයක් නොවේද...?
තවත් අවුරුදු 50කට පසු
"අපට සංඤා ලැබෙමින් පවතිනවා..ජීවී යානයක්..ඔව් ඒක ජීවී යානයක්..ආලෝකයේ වේගයට ආසන්න වේගයකින් ගමන් කරනවා...නියමයි...මේක විශ්වාස කරන්නත් බෑ..අපි විශ්වයේ තනිවෙලා නෑ.."
"තරංග මාර්ගයෙන් පනිවිඩයක් යවන්න..ඔවුන්ට කියන්න අපි පෘතුවියෙන් බව"
"පනිවිඩය යවා අවසන්...ඒත්.....සර්...මොහොතක් ඉන්න...දෙවියනේ....ඔවුන් යන්නේ කලුකුහරයක් දිහාවට.."
"ඉක්මන් කරන්න කලුකුහරය දිහාවට යන්න එපා කියලා පනිවිඩයක් යවන්න "
-------------------------------------------------------------------------------
පලවෙනි පාරට තමා විද්‍යා ප්‍රබන්දයක් ලිව්වේ..මේ කතාව මේ විදිහට නෙමේ හිතේ ඇදුනේ..මීට වඩා ගොඩක් දිගට.ඒත් දිගට ලිව්ව නම් මේක කියවන කට්ටිය අඩු වෙයි.වෙනද වගේ නෙමේ දැන් කමෙන්ට් වැටෙන එකත් අඩුයි නේ.. :/ .
මේ කතාවේ වගේ දේවල් ඇත්තටම සිදුවෙනවා කියලා මම කියන්නේ නෑ..ඒත් කියන්න ඕන සිතුවිල්ලකට පුලුවන් ගොඩක් දේවල් කරන්න..ඉතින් මට අනුව ඒ සිතුවිල්ල ශක්තියක්..
" නුඹ රහසින් ඇවිත් " නවකතාව වගේ තවත් දිග කතාවක් ලියන්නත් හිතෙනවා..ඒ කතාවට ප්‍රතිචාර සෑහෙන්ඩ තිබුනා..කොටින්ම දේශපාලනේ ගැන ලියපු ලිපි බලන්න ආපු කට්ටියට වඩා වැඩි ගානක් නවකතාව බලලා තිබුනා. PDF එකක් විදිහට අප්ලෝඩ් කරාට පස්සේ 567 දෙනෙක් ඒක ඩවුන්ලෝඩ් කරගෙන තිබුනා...
ඉතින් ඒ ගැන පොඩි සතුටක් වගේම ආඩම්බරයකුත් තියෙනවා..
අන්තිමට කියන්නේ මේ කතාවේ අඩුපාඩු තියෙනව නම් කියලා යන්න.මොකද එතකොටයි ඒවා හදාගන්න පුලුවන්
Subscribe to:
Post Comments (Atom)

ela.............
ReplyDeleteස්තූති ඇනෝ
Deleteනියමයි රත්ගම. මමනම් මේකට කැමතියි. හැබැයි තව ටිකක් අර වේගෙන් යන ගතිය අඩුකොලොත් නාකද?
ReplyDeleteඑහෙම කරා නම් මේක කොටස් හත අටක් දිගට යවන්න වෙනවා..ප්‍රභන්දයක් එක දිගට කියවයි කියලා හිතන්නේ නෑ මම නම් අපේ කට්ටිය
Deleteනියමයි... කලුකුහරයක් කියන එක ඇතුලෙ තවත් විශ්වයක් තියෙනව කිව්වට වඩා කලුකුහරයක් කියල කියන්නෙ තවත් විශ්වයකට දොරටුවක් කියල තිබුනනම් මේක තවත් සාර්ථක කරගන්න තිබුන කියල හිතනව...
ReplyDeleteකියවන් යද්දි හිතුනෙ මේ විශ්වය ඇතුලෙ තියෙන කලුකුහරයක් තුල තව විශ්වයක් වුනොත්, විශ්වයක් ඇතුලෙ තවත් විශ්වයන් ගනනාවක් තියෙනව නේද කියල....
තව එකක් ලියපන්... හිට්ස් කමෙන්ට් අඩුවෙන එකනම් දන්නෙ නෑ... හැබැයි මමනම් දැක්කොත් කියවල කමෙන්ටුවක් දාල යනව :)
දොරටුවක් කියන දේ දැම්ම නම් හොදයි කියලා හිතෙනවා...ඒත් ඒක දැනට පවතින අදහසක් නේ...අන්න ඒක නිසයි මම විශ්වයක්ම කුහරය ඇතුලේ තියනවා කියලා දැම්මේ
Deleteකමෙන්ට් හිට්ස් නම් බලාපොරොත්තු වෙන්නෙපා බං.. මගුල..
ReplyDeleteකතාව සිරා මාත් ආසයි.. ! මේ පෘතුවියේ අභ්‍යාවකාශ තාක්ශණය දියුනු වෙන්න කලින් කලුකුහර වලට ජිවින් ගියෙ කොමද ?
ඒවා නැති නම් ලියන්න හිතෙන්නේ නෑ බන්..අපි බ්ලොග් එක විකුනන්න ලියනව නෙමේ නෑ පත්තර කාරයෝ වගේ..අන්තිමට ඉතුරු වෙන්නේ තෘප්තිය විතරයි..ඒකටත් ඉතින් කමෙන්ට් එකක් ඕන..නැති නම් අහවල් එකකටද අපි ලියන්නේ බං
Deleteරත්ගමයාකේ පිළිතුර නියමයි.
Deleteඇත්ත මචං මානසිකව සතුටු වෙන්න ඒව තියෙන්ට ඕනේ. සමහර බ්ලොග් මග නවතින්නේ හිට්ස් කමෙන්ට් නැති නිසා. මමත් අමාරුවෙන් ගොඩ ආවේ එපා වෙලා ඉදලා.
ජය පතමි..
මෙතනම කියන්නම් සිරා කතාව. ඉස්සර අපේ ඉස්කෝලෙ එකෙක් ලිව්ව මේ වගේ කතා.
අඩේ මාත් නවත්තන්නයි හිතාන උන්නෙ..
Deleteඑපා බොල !
Deleteනියමයි...මචන් කලු කුහරය කියන කන්සෙප්ට් එක මටනම් අන්ඩර දෙමල වගේ....එල එල..:)
ReplyDeleteඒක නිසා තමා ඒ ගැන කට්ටිය කතා ලියන්නේ
Deleteමට ප්‍රශ්න ටිකක් තියෙනවා.
ReplyDelete1. සංනිවේදනය කරන්න EM තරංග වලින් නම් වෙන්න බෑ නේද?
2. ආලෝකයේ වේගය වගේ කීප ගුනයක් වත් වේගවත් වෙන්න ඔනේ නේද?
කලු කුහර හොයාගෙන යන එකයි, ඒක ගැන පැහැදිලි කිරීමයි සම්බන්දවෙලා තියන විදිහ ලස්සන නෑ.
කොහොම උනත් හොඳ ආරම්භයක්. යමක් දියුනු කරන්න කලින් පටන් ගන්න එපායැ.
Deleteබොහොම ස්තූති අදහසට.සිතුවිල්ල කියන තරංගය තමා මම කතාවේ තීම් එක වීදිහට ගත්තේ.සිතුවිල්ලකට තියෙන ශක්තිය ගැන කියන්න ඕන නිසා තමා ඒක විශ්වයේ ශක්තිය කියලා කිව්වේ..
Deleteසම්භන්ද කිරීම නම් පැහැදිලි නැති වෙන්න ඇති.මොකද මේ කතාව හිතේ ඇදුනේ එක කොටසකින් ඉවර කරන විදිහට නෙමේ...
මේක ගැන මට කියන්න තියන්නේ සාර්ථක නිර්මාණයක්. අධියථාර්ථවාදී දෘෂ්ටි කෝණයකින් විශ්ව සංකල්පය ගැන මෙහෙම සිතිය හැකියි. මේ ගැන වෙනම චිත්‍රපටියක් තිබෙනවා. ඉන් කියවෙන්නේ මලක් තුල වෙසෙන ජීවීන් ගැන. කාටූන් චිත්‍රපටියක්. මේ ගැන බුදු දහමේත් කියවෙනවා. එහිදී කළු කුහර හඳුනවා ඇත්තේ වේරම්භ වාතය ලෙසින්. මම හිතනවා සාතන් කිව් ලෙස ඔබගේ නිර්මාණය කළානම් තවත් සාර්ථක විය හැකියි. සුභ පතනවා. මේ ඔබට ගැලපෙන මාධ්‍ය විය හැකියි. කැමති නම් ඔබට ලක්බිම විද්‍යා ප්‍රභන්ධය ලෙස මෙය නැවත සකස් කර යවන්න. මම එය පලකර දෙන්නම්. දිගටම ලියන්න.
ReplyDeleteසිතුවිල්ලට කරන්න බැරි දෙයක් නෑ කියලා බුදුහාමුදුරුවොත් කියලා තියනව නේ.අන්න ඒක තමා මට කියන්න ඕන උනේ..මෙච්චර විශ්ව ශක්තියක් එන්නේ මිනිස් සිතෙන් කියලා..මම මේක සකස් කරලා ඔබ තුමාට ඊමේල් එකක් දාන්නම්
Deleteඔබතුමා මේ කියන චිත්‍රපටිය Horton hears a Who කියන එක වෙන්න ඕනේ....
DeleteYes That is the film. THANK YOU
Deleteආරම්භය හොදයි.. ඉක්මණට ඉවරකරපු එක නරකයි..
ReplyDeleteකරොත් කරන්නේ ඔයවගේ වැඩක්ම තමයි.
තව කොටස් 10ක් විතර දාපංකෝ කියවන්න
ජයවේවා..
ලව් ස්ටෝරියක් නම් එහෙම දැම්මට අවුලක් නෑ..අපි ආතර් සී ක්ලාර් සර් ලා වගේ නෙමේ නේ,,,ඉතින් කොහොමෙයි දිගට ලියන්න....
Deleteමේක දැකල මටත් ආයෙත් විද්‍යා ප්‍රබන්ධයක් ලියන්න හිතුණා... දිගමට ලියන්න.. හිට්ස් කොමෙන්ට්ස් ගැන හිතන්නේ නැතුව ලියන්න.. හිතට ආපු ඔරිජිනල් එකම ලියන්න.. කට්ටිය බලනව ද නැද්ද එක හිතල කතාව එඩිට් කරන්න ගියාම ඔයාගේ නිර්මාණයටම නේ හානි වෙන්නෙ..
ReplyDeleteබොහොම ස්තුති..ඒත් මම කාලයක් නොලිය හිටිය නිසා ඉස්සර බ්ලොග් එක කියවපු ගොඩක් දෙනෙක් කියවන එක අත ඇරලා
Deleteකතාව හොදයි ...මටත් හිතුනේ තව ටිකක් වේගේ අඩුකලානම් හොදයි කියල ..
ReplyDeleteදැන් නම් මටත් හිතෙනවා කොටස් 10කට වගේ දැම්ම නම් කියවන්න එන කට්ටිය ගාන අඩු වෙන එකක් නෑ කියල
Deleteකළු කුහර ගැන, විශ්ව ශක්තිය ගැන මාත් කාලයක් පිස්සු වැටිල හිටියා. නමුත් දැං ඒ ශක්තිය කළු කුහර විසින් උරාගෙනද කොහේද මුකුත් හිතෙන්නෙ නෑ..!!
ReplyDeleteසර්ට මුකුත් හිතෙන්නේ නැති වෙන්නේ විදිහක් නෑ නේ සර්... :D
Deleteෆර්ස්ට් ඉයර් එකේ කොල්ලෙක් වගේ මෝඩ නොවී තමන් ට හිතෙන දේ ලියන්න, අනුන් ගැන සිතා තමන්ව මර්ධනය කර ගන්නේ ඇයි?
ReplyDeleteමේ කෙමෙන්ට් එක ගොඩක් වටිනවා..මෙච්චර දවසක් මම ලිව්වේ එහෙමයි..ඉස්සරහටත් එහෙමයි..
Deleteමිස්ටර් කතාන්දර අනුන්ට උපදෙස් දෙන්නෙ තමනුත් එහෙම නොවී ලියනවකෝ.
Deleteනනියමය් මචං........ සුපිරි.....ඒත් තව ටිකක් දිගට ලිව්වනම් එළමකිරි
ReplyDeleteනියමයි රත්තෝ.. ආසාවෙන් කියෙවුවේ.. සමහර දෙබස් නම් දෙපාරක් විතර කියෙවුවා.. බොරු කියන්න ඕන නෑනේ.. එක පාරම තේරුනේ නැති නිසා.. කලින් වගේ කතාවක් ලියමුකෝ මලයා..
ReplyDeleteදිග කතාවක් ලියන්න වෙලාව තමා මදි අයියේ...බලමු උත්සහ කරලා
Deleteඇට්තම කියනවනං කතාවක් උනාම රහ වෙන්න ඕනෙ... ඒත් මේක රහ නෑ.. මොකද කියනවනං කතාව කෙටි කරපු නිසා... කන්සෙප්ට් එක නියමයි... විද්‍යා ප්‍රබන්ද කියවන්න මම මාර ආසයි... මේක දිගටම ලියාගෙන ගියානම් පට්ටයි කියල තමයි කියන්න වෙන්නෙ... කතාව කොට කරපු නිසා අල වී ඇති ගතියක් තමයි මට පේන්නෙ... කට්ටිය මීට වඩා කතාව බලාවි කියල හිතෙනවා දිගට ජොටස් වශයෙන් ලිවුවනං....
ReplyDeleteඒත් කතාව දිග කරානම් මගේ හිතේ තිබුන සමහර දේවල් කියාගන්න බැරි වෙනවා
Deleteමගෙත් පොඩි කාලේ ඉදං ආස සබ්ජෙක්ට් එකක් ත්මා තාරකා විද්‍යාව...
ReplyDeleteපොඩි කාලේ සේම් හියර්
Deletechaa
ReplyDeleteචාටර්...
Deleteනියමයි රත්ගමයෝ, කාලෙකින් ඇවිත් වැඩ අල්ලා තියෙන්නේ මරු සබ්ජෙක්ට් එකකින්... මොන විකාරයක් වුනත් කමක් නෑ. මේ වගේ දේවල් තියේ නම් සංස්කරණය නොකර දාපන්, අපි එනවා කියවන්න...
ReplyDeleteවිද්‍යා ප්‍රබන්ධයක් ලියන්න මටත් ආසාව තියෙනවා... පොටක් පාදගන්න බැරුවයි උන්නේ. බලමු මේ පාර වත් කික් වෙයිද කියලා !!!
මරුනේ..අලුත්ම එකක් වෙනස් විදිහකට හිතලා ලියමු එහෙනම්
Deleteඒ කියන්නේ කලුකුහරයත් නිකන් බාදුරා ගහක් වගේ කියලද? කතාව නම් හොදයි.
ReplyDeleteඑත් සම හැර තැන් වල පොඩි නොගැලපීමක් තියනවා නේ .
ඔව්..ගොඩක් දුරට ඒ වගේ....නොගැලපෙන තැන් පෙන්නුවොත් හදාගන්න පුලුවන්
Deleteආසාවෙන් කියෙව්වා.. වේගය අඩු කරලා සමහර තැන් වලදි හිතුණ විදිහට ලිව්වනම්.. තවත් ලස්සනවෙයි කියලා හිතුණා.. :)
ReplyDeleteවෙනසක්..!
වෙනසක් කරන්න තමා හිතුනේ...ඒක කොච්චර සාර්තකද කියලා දන්නේ නෑ
Deleteකතාවේ තේමාවටනම් මම උඩින්ම කැමතියි. හැබැයි කතාව දිගට නැති එක තමයි ප්‍රශ්නේ. නරකද මේක හොඳට රස කරලා... හොඳ සිදුවීම් ටිකක් දාලා තව ලස්සන කරලා ලිව්වනම්. මොකද මේ වගේ සිංහල නවකතා හොයා ගන්න නැතිම තරම්. ඉතින් මේ වගේ දේවල් වැඩි වැඩියෙන් ලියවෙනවනම් කියවන්න හරිම කැමතියි...
ReplyDeleteහික් හික්...අපිත් ඉතින් අක්කගේ ප්‍රභන්ද කියවපු මිනිස්සු නේ.නරකද අක්කම බ්ලොග් එකක් පටන් ගත්තොත් ප්‍රභන්ද විතරක් ලියන්න..අපිත් සප් එකක් දෙන්නම් පුලුවන් විදිහට
Deleteමම නම් දෙපාරක් කියෝලා තමා ඔලුවට වට්ට ගත්තේ,,, බ්ලොග් අවකාශයේ යුගයේ ජන අප්‍රියම නව කතාකරු වෙච්චි රත්ගම අප්‍රසන්න කුප්ප ආරච්චි වෙච්ච උබේ කතා නොකියා ඉන්නවද බන්න්,,කොහොම උනත් ආයේ නග්ගලා ගනින් බන් උබලට ලියන්න පුලුවන් නිසා ආයේ ඒ හිටිය විදිහට ඉක්මනින් එන්න පුලුවන්,,
ReplyDeleteමේකා මට නම්බුනාමත් දීලා නෙව...දෙපාරක් කියවන්න උනේ මොකෑ බොල..එක ඇහැකින්ද කියෙව්වේ
Deleteඋඹ කතාව ගොඩනගල තියෙන විධිය මරු. කළු කුහරයක් ගැන මේ අදහස හරියට මට ගෑණු ළමයි ගැන තියෙන අදහස වගේ. ගෑණු ළමයිනුත් අපිව එයාලට ඇදල ගන්නව. අපිත් හිතනව එයාල ගාව හෙන ලොකු විශ්වයක් තියෙනව කියල. අන්තිමේ අපි එයාල ඇතුලෙ දිය වෙලා යනව. අපි නැති වෙනව :P ඒ අනුව ගත්තම ගෑණු ළමයි = කළු කුහර කියල උපකල්පනය කරන්නත් පුළුවන්... ;-)
ReplyDeleteමම හිතන්නෙ කතාව මේ ගානට හොඳයි වැඩිත් නෑ කොටිත් නෑ. :-)
මරු සමීකරනේ...එක කොල්ලෙක්ගෙන් පස්සේ තව එකෙක් ඇදලා ගන්නවා...ඔය සමීකරනෙත් ගොඩ නැගෙන්න ඇත්තේ සිතුවිල්ලකින් වෙන්න ඕනා
Deleteකළු කුහරේ කිව්වම මමත් බැලුවා මේ මොකක්ද කියලා එළ ඈ...ඉස්සර විදුසර පත්තරේ මතක් උනා...
ReplyDeleteසිරාවටම. විදුසර, විජය පත්තර නැතිනම් අපි හිතන කුහරේ..
Deleteවිදුසර පත්තරේ තාරකාවිද්‍යාව ලංකාවේ ප්‍රචලිත කරන්න ලොකු වැඩ කොටසක් කරනවා
Deleteඅර අව්රුදු පනහකට පස්සේ උනුදේ එක පාරටම හිතුනේ ඒ අය කළු කුහරෙත් එක්ක කාල රව්මේ කැරකිලා කියලා
ReplyDeleteඒක ඒ විදිහට හිතන්නත් පුලුවන් කියලා මේ කමෙන්ට් එක බැලුවම තමා මට තේරුනේ...ඒකත් හොද අදහසක් තව නිර්මානයකට...
Deleteඑල මචං... ඊළඟ එකට ලංකාවේ නම් ටිකක් ගාවපන්...
ReplyDeleteප්‍රසන්න,වල් මාලුවා වගේ නම් හොදෙයි
Deleteරත්ගමයාගේ විද්‍යා ප්‍රභන්දෙ කියෝලා මටත් එකක් ලීන්න ආසාවක් ආවා..
ReplyDeleteඑල එල.. මේ පැත්තට අළුතෙං ආවෙ...
ඉස් ඉස්සෙල්ලම කියෙව්වෙ මේක. එල එල..
ජය වේවා!!!!!!!!
මරු මරු..එකක් ලියමුකෝ අපිටත් බලාගන්න
Deleteට්‍රයි කරමු නේ????
Deleteඅපරාදෙ බොලේ.හිතට ආපු ඔක්කොම ලියලා දාලා පස්සෙ ආයෙ කියවලා තමුන්ට හිතෙන විදිහට කපා කොටා ඔප මට්ටං කොරන එකලුනෙ කතා ලියද්දි කරන්න ඕනෙ.මමත් එහෙම කොරන්නෙ නෑ තමයි.ඒත් ලියන්න ගද්දිම තමුන්ට සීමා දා ගත්තම කොහොමද බොලේ සාර්ථක නිර්මාණයක් බිහි කොරන්නෙ.ඒක හරියට උපත් පාලන ක්‍රමයක් පාවිච්චි කොර කොර ළමයි හදන්ඩ හදනවා වගේ වැඩක් නෙව.අනිත් පාර ලියද්දි අත දිග ඇරලා ලියපන් පුතේ.කියවන්ඩ කම්මැලි උන්ට කියවන්ට එපා කියපං.
ReplyDeleteදිග කතාවක් ලෙස තවත් ලස්සන වී පැමිනීමට නියමිතයි
Deleteපට්ටයි රත්තෝ!
ReplyDeleteස්තූති සමාධියෝ
Deleteකතාවනම් හොඳයි රත්තො..වරදකට තිබ්බේ වේගේ වැඩි එක තමයි..මොනා උනත් වැඩේ හොඳයි..
ReplyDeleteස්පිඩ් එක ලිමිට් කරන්න... වෑඩේ එලස්
ReplyDeleteපට්ටයි ආ
ReplyDeleterathgama aiya wade sira, me blog item tika allala yanna rathgamayama inna ona ithin ..... ;)
ReplyDeleteProud of u! 😘😘😘😘
ReplyDeleteසුපිරි කතාවක්.. මාත් ආසයි තාරකා විද්‍යාවට.. දිගටම ලියන්න..
ReplyDelete