Showing posts with label පේරාදෙණිය විශ්වවිද්‍යාලය. Show all posts
Showing posts with label පේරාදෙණිය විශ්වවිද්‍යාලය. Show all posts

Sunday, 21 July 2013

විසේකාර පෙම්වතී (My Girlfriend) - "පට්ට කෑල්ල බං"



සැප්තැම්බර් 30

මට අඩි දෙක තුනක් ඉදිරියෙන් ඇය ගමන් කරමින් සිටියාය.කුමක් හෝ හේතුවකට මම ඇයට වඩා අඩි දෙක තුනක් පසුපසින් ගමන් කලෙමි.
නැත..හේතුවක් නැත..මා සෑම විටම සිටියේ ඇයට පිටු පසිනි..
ඇගටම ඇලුණු ඩෙනිම් කලිසමෙන් ඇයගේ පශ්චාත් ප්‍රදේශය ඉස් මතුවී පෙනේ.ඇය අඩි 5කුත් අගල් 6ක් උස වූවත් දමා ඇති අගල් තුන හතරක් උස අඩි පාවහන් හේතුවෙන් ඇයගේ උස වැඩියෙන් පෙනේ.අමුතු ලෙස පීරා තිබූ කොන්ඩයට දමා තිබූ විලාසිතාව කුමක්දැයි මට තවමත් තේරුම් ගත නොහැකිය.ඉතින් මේ පිරිමි හිත හිරි වැට්ටීම අරුමයක් නොවේ.හිරි වැටුනේ මේ පිරිමි හිතම පමනක් නොවේ.ඇය පසු කර යන හැම පිරිමි හිතක්ම හිරි වැටී ගොස් ඇති බව, ඔවුන් ඈ දෙස බලන බැල්මෙන් වැටහේ..

"පට්ට කෑල්ල බං"

ඇය පසුකරගෙන යන හිරිමල් වයසේ කොලු ගැටයෙකු පවසනවා මාගේ සවනත වැටුනි.
තවත් බලා සිටිය නොහැක..පෙර කියූ අඩි තුන හතරක පරතරය අවම කර ගැනීමට හනි හනිකට මම පා තැබුවෙමි.කලබලයත් , ඉක්මන් ගමනත් නිසා වැරදීමකින් ඇයගේ දකුණු පාදය මත මාගේ වම් පාදය පතිත විය..එසැනි මාවෙත හැරුණු ඇය කට හඩ අවදි කලාය...

"ඌයීයා තාරක...මට රිදුනා"
ඔබගේ හිත්වලද ඇය ගැන බලාපොරොත්තු තිබුනා නම් කරුණාකර ඒවා ඉවත් කරගන්න..ඇය මාගේ පෙම්වතියයි.
මා ඇයගේ පාදය දෙස බැලූයෙමි..රක්ත වර්ණ ගැන්වූ නියපොතු දුඹුරු පැහැ මඩ තට්ටුවකින් වැසී ගොස් තිබුනි.සුදු පැහැති දකුණු කකුල ක්ෂණයකින් අවලස්සන කිරීම හේතුවෙන් මම මටම බැන ගත්තෙමි.

"සොරි නෙත්මි..වැරදිලා පෑගුනේ.."
"මැට්ටා.."

එක් අතක් මාගේ උරහිස මත තැබූ ඇය වම් පාදයට බර දි දකුණු පාදය ඔසවා ගත්තාය.අඩි 6කට වඩා උස තිබීමේ වාසිය එයයි.

"ඉන්නවකෝ හොද වැඩක් කරන්න "

ගමන් මල්ලෙන් එලියට ගත් ටිෂූ කඩදහියකින් දෙපා පිහිදන ගමන් ඇය තොදොල් වූවාය.
පාදය හොදින් පිස දමා ටිෂූ කඩදහිය අසල තිබූ කානුවක් වෙත විසි කල ඇය , මා වෙනතක් බලාගත් සැනෙකින් මාගේ පාදය මත ඇයගේ උස්වූ , වුල් වූත් සෙරෙප්පුව පතිත කලාය.

"ආවු.."

සිතුවාටත් වඩා වැඩි හඩකින් පිටවූ ඒ ශබ්දය වට පිටේ ගමන් කරමින් සිටි කිහිප දෙනෙකුගේම දෙනෙත් මා දෙස එල්ලවීමට හේතුවක් විය.
ඇය සිනා සුනාය..මා තුරුලු කරගෙනම සිනා සුනාය..විටෙක ඇයගේ ඔලුව මාගේ උරහිස මත තබාගෙන ඇය සිනාසෙයි.පිරිමියෙක් අඩි 6ක් වත් උස විය යුතුයැයි මම නැවත නැවත ඔබට කියන්නේ එබැවිනි...මේවා මට අමුතු දේවල් නොවීය.ඇය මට කෙලිලොල් ප්‍රේමවන්තියක්ම වූවාය.විසේකාරම ප්‍රේමවන්තියක් වූවාය.

"ආ...මෙන්න..."

තවත් ටුෂූ කඩදහියක් මාවෙත දිගු කරමින් ඇය පැවසයි.
මම මගේ දෙපා දෙස බැලූවෙමි..පෙරේදා අලුතෙන් පටියක් දැමූ නිසා රබර් සෙරෙප්පු කබල් දෙකේ වෙනසක් නොපෙනෙයි.
මා ජීවිතයේ සැබෑ තතු දැන දැනත් නෙත්මි මට ආලය කලාය..කැම්පස් වචන වලින් කිවතොත් ඇය මට බොක්කෙන්ම ලව් කලාය..
විශ්ව විද්‍යාලීය ජීවිතයේ මේ තාක් ගතකල අවුරුදු දෙක ඇතුලත ඇයගේ ආදරයේ අඩුවක් දක්නට නොලැබුනි.මම ඇයට කිසිදු තහංචියක් නොදැම්මෙමි.එසේයැයි කියා ඇය ඒ නිදහස අයුතු ලෙස ප්‍රයෝජනයට ගත්තේම නැත.මගේ හිතටත් වඩා මම ඇයගේ සිත විශ්වාස කලෙමි.එය අයිතිව තිබුනේ මටම පමනක් බව ,මම හොදාකාරව දනිමි.ඉතින් ඔබලා ඉරිසීයා නොකරන්න..ඇය මාගේ විසේකාර පෙම්වතිය වූවාය.
අඩුවක් තිබුනා නම් තිබුනේ ඇයගේත් මගේත් සමාජීය මට්ටමය.ඇය ඉහල පන්තියක එකියක් වූවාය.
එම වාක්‍යය තුල මා පහල පන්තියක එකෙක් බව ද ගැබ්ව තිබේ.එය සදහන් නොකලත් මාදෙස බලන්නෙකුට එය හොදින් වැටහේ.නෙත්මි ඒ කිසිවක් නොසැලකුවාය.ඉතින් ඒ ගැන මම තවත් හිතන්නේ කුමකටද?

------------------------------------------------

"ලොකු පුතේ......තාරක..."

මම කාමරයේ දොර රෙද්ද දෙස බැලූවෙමි..එය මෑත් කරමින් අම්මා කාමරයට ආවාය.

"පාඩම් කරනවද.."

"හ්ම්ම්ම්ම්"

කෙදිරියකින් පමනක් මම පිලිතුරු දුන්නෙමි..

"කවද්ද ආයේ යන්නේ?"

කතාවට මගෙන් ආරම්භයක් නොමැති තැන ඇය නැවත පැනයක් විමසුවාය.

"කැම්පස් එකටද?"

"හ්ම්ම්ම්ම්.." 
එවර කෙටි පිලිතුර ඇයගෙනි..

"අනිද්දා උදේම යන්න ඕනේ අම්මේ..එක්සෑම්  එක ඊලග සතියේ පටන් ගන්නවා.."
"හ්ම්ම්ම්ම්ම්"

දෙවරක් පමන මාගේ හිස අත ගෑ ඇය යන්නට හැරුනාය..මම නැවත පොත දෙසට ඔලුව හරවා ගත්තෙමි..

"ලොකු.."
"හ්ම්ම්ම්.."

ඔයා ලග රුපියල් 2000ක් විතර ගන්න නැද්ද පුතේ."

මාගේ මුහුණ දෙසවත් නොබලා ඇය විමසුවාය.සමහර විට කෙලින්ම මගෙන් විමසන්නට ඇයට ලැජ්ජා සිතෙන්නට ඇත.තැනින් තැන ඉරීගොස් තිබූ ගවුම් රෙද්දකින් මසා නිමකල ඇයගේ ඇදුම , තව තවත් පරන වීගොස් යැයි මට සිතේ..දැනට මාස කිහිපයක සිටම ඇය දහවල් කාලයේ ගෙදර වැඩ කරනා විට හැදගෙන සිටින්නේ එම ඇදුමමය.ඇරත් ඇයට ඇදුම් තුන හතරකට වඩා නොතිබූ බව මම හොදාකාරවම දනිමි..

"එච්චර සල්ලියක් කොහේද අම්මේ.සර්ලා පන්ති පටන් අරන් දැන් ටික දවසක් නිසා පෝස්ටර් ගහන්න දෙන්නේ නෑ. මහපොල සල්ලි වලින් තමා මෙච්චර දවසක් කෑවේ.කොහොම හරි මමත් class එකක් කරන්න හිතන් ඉන්නවා.ඒකත් ඉතින් කවද්ද කියන්න බෑ."

"හ්ම්ම්ම්ම්...මම හිතුවා මහපොල සල්ලි කීයක් හරි ඇති කියලා."

"අනේ නෑ අම්මේ...මොකටද?"

"මල්ලිට, දොස්තරලා ලියන පොත් වගයකුයි පෑන් වගයකුයි ගන්න ඕනලු..පලවෙනි අවුරුද්ද නිසා ඔක්කොම අලුතෙන් ගන්නෝන කියන්නේ.."

දොර රෙද්ද මෑත් කරමින් ඇය යන්නට සැරසුනාය.සමහර විට මගෙන් මුදල් ඉල්ලීම ගැන ඇයට ලැජ්ජා සිතෙන්නට ඇත.

"මම කිව්වා අයියට කෝල් එකක් දීලා අහන්න කියලා.හෙට අනිද්දට කෝල් එකක් එයි.සල්ලී කීයක් හරි හොයා ගන්න පූලුවන් උනොත් ඌට දෙන්න පුතේ.."

"බලමු අම්මා..මම මොනවා හරි කරන්න බලන්නම්.."

දොර රෙද්ද වැසෙනවාත් සමගම මම මුදල් පසුම්බිය අතට ගත්තෙමි.කොල ගොඩක් අස්සට වන්නට දමා තිබූ රුපියල් දෙදහසේ කොලය අතට ගෙන මම නැවත පොත දෙස බැලුවෙමි..

-----------------------------------------------------------------------------

අවසානයේ මම සියල්ල අහවර කර ගත්තෙමි...දැන් මුලු මුදලම සම්පූර්ණ වනු ඇත.
ගමන් මල්ල තුල ඔබාගෙන සිටි අවසාන පෝස්ටරයත් තාප්පයේ අලවා හමාර කල මම ඩෙනිම් කලිසමේ ඉහිරී ගොස් තිබූ පාප්ප ටික දකුණු අතින් ගසා පිස දැමූයෙමි.කෙසේ හෝ මෙම ඩෙනිම තව දවස් 5ක් වත් එක දිගට ඇදිය යුතුය.මෙහි කුණු ගෑවුනොත් අදින්නට කලිසමක් නොමැති බව මම දැන සිටියෙමි.

"දිවයිනේ  ජනප්‍රිය දේශක නදීර හෙන්නායක මෙහයවන රසායන විද්‍යා නව පන්ති ආරම්භය"

පොල්ගෙඩි අකුරින් පෝස්ටරයේ ලියා තිබූ වදන් කිහිපය අඩි විස්සක් තිහක් ඈතට ගිය පසුවද පෙනේ.
පාර අයිනට වන්නට නවතා තිබූ බයිසිකල් කටුවට නැගී නැවත වරක් පොස්ටරය කියවා බැලූවෙමි...
නදීර හෙන්නායක වෙනුවට තාරක ගුණවර්ධන නම පෝස්ටරයෙන් මතුවී මැකී යයි..
එය තනිකරම සිහිනයක් යැයි වටහා ගැනීමට මට හොදටම ඕනෑකම ඇත.නමුත් කෙදිනක හෝ එය සැබෑවක් වුවහොත්..
අනුන්ගේ පෝස්ටර් ඇලවීමෙන් මා ලද විශාලතම ආත්ම තෘප්තිය එයයි. මේ පෝස්ටර් ඇලවීමත් සිහින දැකීමත් ,විශ්ව විද්‍යාලට පැමිණි දින සිටම ඒකාකාරව සිදු කෙරේ.වෙනසක් වූවා නම් සිදු වූයේ පෝස්ටර් ඇලවීම වෙනුවෙන් වෙනුවෙන් ගෙවන මුදලේ පමනි..

බයිසිකලය මත නැගි මම තවත් පැය භාගයකට පමන පසු ටියුශන් පන්තිය ඉදිරියට පැමිනියෙමි.තට්ටු කිහිපයක උස ගොඩනැගිල්ල පැත්තකට වන්නට තිබූ මාර ගසට බයිසිකලය හේත්තු කෙලෙමි.

"නදීර සර් ඉන්නවද?"

කාඩ් මිටියක් දකුනු අතේ හිරකරගෙන,නිල් පෑනින් මේසයට තට්ටු කරමින් සිටි තරුණයාගෙන් මම විමසීමි.

"ඇතුලේ ඇති" යැ‍යි මුවින් නොකී හෙතෙම දකුණු අත කාර්‍යාල දෙසට දිගු කලේය.

ටියුශන් පන්තියට එන නානා ප්‍රකාර තරුණියන් අතරේ මට ඇයගේ මුහුණ මතුවී පෙනේ.ඇයගේ සිනහවන් මතුවී පෙනේ...සැප්තැම්බර් 30 වීමට තව වැඩි දවසක් නොමැත..නමුත් මා කෙසේ හෝ ඇයව පුදුමයට පත් කල යුතුමය.මාගේ විසේකාර පෙම්වතිය මා පුදුමයට පත්කල යුතුමය.
සමහරවිට මේ ඉතුරු කල රුපියල් දෙදහසක මුදල සෑහීමට පුලුවන.නමුත් එම මුදල මදි වුවහොත්..නැවත ඇයගේ රූපය මතුවී පෙනේ.ඒ සියුමැලි මුහුනට නොගැලපෙන සිනහ හඩක් එක් වරම මතුවේ...ඒ සමගම ශරීරයම සෙලවෙන බවක් දැනේ.

"තාරක...තාරක.."

"සර්"

නදීර හෙන්නායක මහතා මා ඉදිරියේ සිනහ සෙමින් සිටියි.

"මොකො බං..මොනවද හිතන්නේ.."

"මුකුත් නෑ සර්." මම සිනහසෙමින්ම පැවසීමි..

"ඔන්න ඕකනේ මම කැම්පස් කොල්ලොන්ට වැඩ දෙන්න කැමති නැත්තේ.පොඩ්ඩ ඇත්නම් මනෝ ගහනවා..හරි කියපන්..ඔක්කොම ටික ඇලෙව්වද?"

"ඇලෙව්වා සර්..මට දීපු Area එකම Cover වෙන විදිහට ඇලෙව්වා.."

"උඹත් එක්ක ආව අනිත් උන් නම් ගාන අරන් ගියා.උඹ විතරයි එන්න හිටියේ.මම හිතුවා උඹ පෝස්ටර් මිටියත් අරන් මාරු වෙලා කියලා.."

රුපියල් පන්සියයේ කොලය මාගේ අත්ලේ තබමින් හෙතම සිනාසෙමින් පැවසීය.

"හරිනේ...ආයේ වැඩක් ආවොත් මම කෝල් එකක් දෙන්නම්."

"සර්..." යන්නට හැරුනු ඔහු මාගේ ආමන්ත්‍රනයත් සමගම නැවතුනේය..

"මොකෝ ඒපාර"

"පොඩි උදව්වක් ඕනේ..මේ පන්සීයේ කොල හතර අරන් මට දෙදාහේ කොලයක් දෙන්න පුලුවන්ද?"

ඔහුට සිනහ ගියේය..එම සිනහවත් සහිතවම මුදල් පසුම්බිය අතට ගත් හෙතෙම දෙදහසේ කොලයක් පිටතට ගත්තේය.

අවසානයේ පන්සියයේ කොල හතර වෙනුවට දෙදහසේ කොලයක් මා අත්ල මත ගුලි විනි.පසුම්බිය එලියට ඇදගත් මම , එහි තිබූ කොල කෑලි කිහිපයක් අතරට තබා එය සගවා ගත්තෙමි...

--------------------------------------------------

හන්තාන කදු මුදුන මත ඇති දුරකතන කුලුණ දෙස මමත් ඇයත් අක්බාර් පාලම මතට වී බලා සිටියෙමු.අප පසුකර යන ඉන්ජිනේරු පීඨ සිසුන් මට නොදැනෙන්නට ඇය දෙස බලාගෙන යන බව මම හොදා කාරයෙන් දැන වුන්නෙමි.එය මට ආඩම්බරයට කරුණක්ද එසේත් නැතිනම් ඉරිසියා කිරීමට කරුණක් දැ‍යි මම නොදනිමි.

"අර Tower එක හදන්න ඕන කරන දේවල් කොහොම හන්තාන උඩට ගෙනිච්චද මන්දා"

සෑහෙන්න සංකීර්න ප්‍රශ්නයක් ලෙස ඇය පහු ගිය මිනිත්තු කිහිපයේදීම නොකඩවා මේ ගැනම මගෙන් ඇසුවාය.
නැත...එක් අතකට ඇයට ප්‍රශ්න විය යුත්තේ මේවාය.ජීවිතය ඉතා සැහැල්ලුවෙන් ගෙවා දමන ඇයට වෙන මොන ප්‍රශ්නද..?
මට සිහින් සිනහවක් මතු වේ..

"මොකො යකෝ හිනාවෙන්නේ..."

ඇය මා කොනිත්තයි...වට පිට යන අය තව තවත් අපදෙස බලයි..

"පිස්සියේ,අනිත් අයට පේනවා..."

"ඉතින් මොකො...මගේ නේ..."

"පිස්සු....මම මගේ විතරයි...මගේ අත..මගේ කට... මගේ..."

"ආ....කට ඔයාගෙද....ඉන්නවකෝ එහෙනම්..."
ඉන් පසු ඇය වටපිට බලයි..පාලම මතින් කිසිවෙකුත් ගමන් නොකරන තුරු හිත තදින් මා දෙතොල සිපගනී.විදුලි දහරාවක් ඇගපුරා ගලාගෙන යන ඒ තත්පර කිහිපය..

"ඇද්ද...දැන් කට මගේ...ම්ම්ම්ම්ම්ම්ම්..අයිස්ක්‍රීම් රසයි..." තම දෙතොල් දිවෙන් පිරිමදිමින් ඇය පවසයි..

ඇයට ආලය කිරීමට හේතු ඇසුවහොත් උඩින්ම ඇති හේතු කිහිපයට මේ විසේකාර බව ඇතුලත් විය යුතුමය.

"අයිස්ක්‍රීම් නෙමේ...ඔන්න ලිෆ්ස්ටික් තට්ටුවයි , මේකප් තට්ටුවයි ගැලවිලා බිමට වැටුනා..දැන් හැටි බලනවකෝ කන්නාඩියෙන්..කබරියෙක් වගේ.."

"ර්‍රර්‍රර්‍රර්‍ර...ඌරා.."
"තෑන්කියු අනේ..."
"කලවැද්දා.."
"තව ටිකක් තැන්කියු"
"ජිරාෆ්"
"හෙහෙ..ඉතින් මොකො ඔයා මේ ඌරා,කලවැද්දා,ජිරාෆ් එක්ක ඉන්නේ.."

"ඉන්නේද.."  ඇය නැවත වට පිට බලයි..ඉන්පසු පෙර කියූ විදුලියක් ගමන් කරන සුලු මොහොතක අත්දැකීම.

"ඉන්නේ ආදරේ නිසා.."

 ඔව්...සැබැවින්ම ඇය මට ආලය කලාය.පුරා වසර දෙකක් මුලුල්ලේ මාහා සිටියේ ඇය සැබැවින්ම මට ආලය කල බැවිනි..
ඉතින් මේ සැප්තැම්බර් 30 වන දින මම ඇයට විශේෂ යමක් දිය යුතුමය.

අහා....සමාවන්න..සැප්තැම්බර් 30 ,  මට එය මීට පෙර ඔබට සදහන් කිරීමට නොහැකි වින..ඇයගේ උපන්දිනය සැප්තැම්බර් 30 වන දිනට යෙදී තිබුනි.
ඉතින් පෙම්වතෙකු ලෙස මම ඇයට කුමක් හෝ විශේෂ දෙයක් ලබාදිය යුතුයමය.
ඔව්...එම විශේෂ දෙය කුමක්දැයි මම මේ වනවිටත් තීරණය කර හමාරය.සැබැවින්ම එය තීරණය කිරීම එතරම් අපහසු වුනේම නැත.

"නෙත්මි.."

"මොකො ඒ පාර"

"දැන් ඔයාට ඉන්න අර ටෙඩිබෙයාර් , බෝනික්කෝ Collection එකේ ඔක්කොම කීයක් විතර ඉන්නවද?"

"අනේ යනවා යන්න විහිලු නොකර..ආයේ ඒක අල්ලගත්තා මට විහිලු කරන්න.
"විහිලු නෙමේ..කියන්න ඉතින්.."

"විසි එකයි"

"ඉතින් තාත්තා මේ අවුරුද්දෙත් උපන්දිනේට එකක් අරන් දෙනවා කිව්වද?"

"පිස්සු...මම දැන් පොඩි එකෙක්යැ..අනික මට මේ ලොකූ ටෙඩි බෙයාර් කෙනෙක් ඉන්නේ..." නැවත පෙර කියූ විදුලිය ගමන් කල මොහොත...

"ඒත් ඉතින් මගේ ලග ඉන්න ඔක්කොම මේන් මෙච්චර සයිස්.."
ඇය දණහිස මට්ටමට අත තබා පෙන්නුවාය..ඒත් මම ආසයි මේන් මේ සයිස් එකෙකුට..."  
ඉගටිය තෙක් අත ඉහලට ගෙන ආ ඇය නව මට්ටම සලකුනු කලාය..මම දැක්කා ඒ සයිස් එකෙක් ඉන්නවා නුවර Shop එකක."

මම සිනාසීමි.ටිකක් අමුතු වීදිහකට සිනාසීමි.

"මොකො ඔහොම හිනාවෙන්නේ.."

"නෑ ඉතින්...ඔහොම එක එක සයිස් කඩවල විකුනන්න තිබුනම අහිංසක අපිට මොකද වෙන්නේ..."
"ආ....පෝ.......ඔයා නම්.....හඃ... හොද නෑ...."

ලැජ්ජාවෙන් තව තවත් ඇය මාහට තුරුලු වූවාය..

-----------------------------------------------------------------

"ඒයි.....මොනාද හිතන්නේ..."

ඇය තවමත් ටිශූ කඩදාසිය මාවෙත දිගු කරගෙනමය.මඩ තට්ටුව තවමත් පාදය මත තිබූ ලෙසටම තිබේ..
ටිශූ කඩදහිය ඇයගෙන් ගත් මම පාදය පිසදාගත්තෙමි..

"හරි යමු.."

ඇය වහ වහා මාගේ දෑතේ එල්ලීගත්තාය..

"ඉතින් දැන්වත් කියන්නකෝ තාරක..අපි කොහේටද යන්නේ කියලා"

"ඒවා දැන්ම කියන්නෑ...පොඩි කුතුහලයක් තියෙන්නත් ඕනේ නේ.."

"හුහ්.." 
ඇය ගස්සා ඉවත බලාගත්තාය.ඉන් පසුව කට ඇද කලාය..
සෙනග පිරුනු වීදී අතරින්, කහ ඉරි වලින් පාර මාරු වෙමින්ම අපි අදාල ස්ථානයට පැමිනියෙමු.
අහා...මට නැවත වරක් අමතක විනි.අපි මේ යන්නේ කොහේටදැයි ඔබට කීමට මට මතක නැතිවී ගොස් තිබුනි.සැබැවින්ම එය කුඩා ලමුන්ගේ කෙලි සෙල්ලම් බඩු විකිනීමට තබා තිබූ කඩයකි.එහි ඉදිරිපිට වීදුරු ඇසුරුම තුලින් නෙත්මිගේ ඉගටිය දක්වා උස්වූ බෝනික්කෙක් විය.

Rs:1999.99 .

 මිල සදහන් කල කොල කැබැල්ල බෝනික්කාගේ කරෙහි එල්ලා තිබුනි.

"තාරක.."
ඇය නොසන්සුන් හඩින් මා ඉදිරියේ දෑස් ලොකු කරගෙන බලාගෙන සිටියාය..

"ඔයා ඇත්තටම ඒක ගන්නද යන්න්?"

ඔව් කියන්නට මෙන් මම සිනහසුනෙමි...

"අනේ...ඒත් කොහෙන්ද සල්ලි....?"

"අනේ පිස්සී...ඔය ප්‍රශ්න වලට පස්සේ උත්තර දෙන්නම්..ඉස්සෙල්ලා අපි ඒක අරගෙන ඉමුකෝ..."

කඩය තුලට අඩිය තබනවාත් සමගම මාගේ ජංගම දුරකතනය නාදවන්නට විය..

"Malli Calling....."
ජංගම දුරකතනයේ තිරය මත සදහන් වී තිබේ..
දෙවරක් නොසිතාම ඇමතුම විසංදි කල මම නෙත්මිත් රැගෙන කඩය තුලට පිය මැන්නෙමි...
  
   නිමි.
 

  (නම් ගම් පමනක් නොව , කතාවද මනඃකල්පිතයි )
      

Tuesday, 11 September 2012

ඇස්.බී දිසානායකගේ පරම්පරාවට ගණදෙවි පිහිටයි!


ආදරණීය මාමි,

 මාමා කියා කියන්නද අයියේ කියා කියන්නද මට හිතා ගන්න බෑ අයියෝ,රනිල් නම් අයියා ඔයැයිට මම මාමි කියන්නම්.ඇත්තටම මාමි ඔයැයි උසස් අධ්‍යාපන ඇමති උනයින් පස්සේ මම කැම්පස් එකේ ඉන්න කාලෙට වැඩිය වැඩි කාලයක් ගත කරේ ගෙදර පවුලේ උදවිය එක්ක.අපිට එහෙම ගත කරන්න වෙන්නේ එක්කෝ වැකේශන් එකට නැති නම් වෙන විශේෂ නිවාඩු දවසක විතරයි.අපේ ලෙක්චරස්ලටත් එහෙමයි.ඒ සර්ලට ගෙදර ඉන්න වෙලාවක් ඇත්තෙම නැති තරම්.දැන් ඒ අදුරු යුගය නෑ.ඔයැයි සෝ ග්‍රේට් මාමි.මට ඔයාව අල්ලගෙන ඉබින්න හිතෙනවා.ඔයා කොට නිසා මට ඔයාගේ නලලම ඉඹින්න පුලුවන්.ඒත් ඉතින් රටේ මිනිස්සු මොනවා නොකියයිද මම ඔයාව ඉම්බොත්.එයාටට තේරෙන්නේ නෑ නේ මේ හැමදේම කරන්නේ ඔයා අපිට තියෙන ආදරේ නිසා කියලා.
ඇත්තටම මාමේ අර z මෙව්වා මෙහෙම කරලා මෙහෙම එකතුකරන විදිහ කිව්වේ මාමා නේද? හොරා,...බොරු කියන්න එපා හොදේ! මම දන්නවා ඒක හොයාගගන්න ඇත්තෙත් ඔයා කියලා.ඔයාගේ ඔය චූටි මොලේට ඔව්වත් මහ වැඩ නෙමේ නේ.
මාමටයි මාමගෙ උසස් අමාත්‍යංශේ අයටයි ඊට පහල අමාත්‍යංශේ අයටයි පින් සිද්ද වෙන්න අපේ මල්ලි තාම ගෙදර.අපි අවුරුදු දහතුනක් ඉස්කෝලේ ගියා.මල්ලිටයි මටයි කතා කරන්න හම්බ වුන වෙලාවල් ගොඩක් අඩුයි.දැන් මමයි මල්ලි දවසේ පැය විසි හතරෙම කතා කරනවා.පොඩි කාලේ කරන්න බැරි උන සෙල්ලම් අපි දැන් කරනවා.ඊයේ ගිනි ගිනි බෝලේ කරා.පෙරේදා කොපර කොපර පිපිඤ්ඤා කරා.අද උදේ එලුවන් කන්න යනකොට මල්ලි සිංහයා උනා එළුවට ගන්න කෙනෙක් නැතුව ඒක අතර මග නැවැත්තුවා.අපරාදේ...ඒ වෙලාවේ මාමා ලග ඉදිය නම් කියලා හිතුනා.
දැන් කැම්පස් වල ඉන්නේ කොටි නේද මාමේ.අපේ අම්මලට නම් විකාර.මම නම් බයෙන් ඉන්නේ අපේ මල්ලිව කැම්පස් යවන්න.හදිස්සියේ මල්ලිගේ නරක තැනක් කොටියෙක් කෑවොත්,මොකෝ ආයේ වවන්න කියලද..මාමා එක පාරක් පේරාදෙණියේ කැම්පස් එකට ඇවිල්ලා අර විවෘත කරපු මෙව්වා එකක් ආයේ විවෘත කරන්න ගිහින් කොටියා කෑව සිද්දිය අහනකොටත් ඇග කිලිපොලා යනවා.ඒක නෙමේ මාමේ..සරසවි වල ඉන්න ඇදුරෝ හෙන නෝටි කට්ටිය නේද? දෙන දේ කාලා ඇදලා ඉන්නේ නැතුව තව අනම් මනම් ඉල්ලන්නත් එනවා.හ..මට නම් පුදුම තරහක් එන්නේ එයාලා එක්ක.මේ කැම්පස් කියන ඒවා ඔක්කොම වහලා දාන්න ඕන.වහලා දාලා සල්ලි දීලා උගන්නන්න ඕන.එතකොට එයාලා ඉල්ලන දේවල් දෙන්න පුලුවන් නේ.
           දැන් නම් කැම්පස් කියන එක අපිටත් එපා වෙලා තියෙන්නේ.මාමාට ඕන උනෙත් ඒක නේද? මාමා හරිම කුප්පයි මාමේ.ලබන අවුරුද්දේ කැම්පස් යන්න තේරුන ලමයි දැන් කොත්තු දානවා , කඩවල් ගානේ බඩු විකුනනවා ..අන්න බලන්න එයාලා ස්වයං රැකියා වල නි‍යැලිලා ඉන්නේ.ඒක අපේ රටට කොච්චර හොදද? ලබන අවුරුද්දේ කැම්පස් එන ලමයි ගාන අඩු වේවි.ඊට පස්සේ තව අඩුවේවි.අපි මෙව්ව නැත්තටම නැති කරලා දාන්න ඕන.අන්න ඊට පස්සේ අර ලමයා කොත්තු දාලා , බඩු විකුනලා හම්බ කරන සල්ලි වලින් එයාටම එයාගෙ ඉගෙනීමට වියදම් කරගන්න පුලුවන්.අපේ අල්ලපු ගෙදර එකා මේ පාරත් විභාගේ ලිව්වා.මම දන්නවා ඌ මේ පාරත් ෆේල්.අන්තිම ගොන් මැටි හරකෙක්.පොරගේ පන්තියේ ඉන්නේ හෙන බ්‍රයිට් කොල්ලෙක්ගෙන් කොපි කරන්න ගියාම ඌ පෙන්නුවේ නෑ කිය කිය අඩනවා.ආයේ පාරක් විභාගේ ලියන්න ගියොත් නම් මම ඌට කනට දෙකක් ගහනවා.ඇයි වදේ මෙච්චර හොද රස්සා තියෙද්දේ මොන ලබ්බකට මේ විභාගේ ලියනවද මංදා.ඊලග පාර ඡන්දේ ඉල්ලන්න දාලා ඌව ඡන්දෙන් දින්නවනවා.ඊට පස්සේ බැරියෑ පොරටත් උසස් අධ්‍යාපන ඇමති වෙන්න.නැද්ද මම අහන්නේ.ආන්න ඊට පස්සේ පුලුවන් අර කොපි කරන්න නොදුන්න එකාගේ පඩි අඩු කරන්න.කොච්චර ඉගෙන ගත්තත් මෝටර් බයික් එකෙක් ලෙක්චර්ස් දෙන්න යන කොට අර වෙඩි නොවදින මෙව්වා එකකින් ඇවිල්ලා කොලොප්පම් කරන්න..හූ කියන්න..
මේ කරන කියන දේවල් වෙනුවෙන් මාමා ලබන ආත්මේ තව ටිකක් උස යන්න ඕන.
            ඉතින් මාමේ මම නවතින්නම්.මාමට තව තවත් අධ්‍යාපනේ කන්න ශක්තිය ලැබෙන්න ඕන.මාමා තව තව කෑගහන්න.තව තව කතා කියන්න.ඔය කක්කා කටින් පිටවෙන වචනයක් වචනයක් ගානේ රටේ මිනිස්සු ඇත්ත තේරුම් ගනීවි.ඔව්.පරක්කු වෙලා හරි උන් ඇත්ත තේරුම් ගනීවි.මාමට කපිල වස්තු ධාතූන්වහන්සේලාගේ පිහිටයි
 මාමාගේ අම්මට දෙවි පිහිටයි (ඒක කැම්පස් වල කොල්ලෝ කියන්න කියලා කිව්වේ )

සරසවි ආචාර්‍යවරුන්ගේ සටනට ජය වේවා!!

ප.ලි - මේක ආතල් එකට ලිව්ව එකක් නොවන බව සලකන්නේ.අමර මලෙන් ලිව්වේමි.

                         මේ ලියලා තියෙන අකුරු මොන තරම් ලොකු කතාවක් කියනවද?

Monday, 27 August 2012

සිහිනෙන් ඇවිදින් (කෙටි කතාව) - "ඊයා හිරූෂ..ඔයා හරි නරකයි.තමුසේ කියන්නේ ජරා වචනයක්.."


හවස් වෙන්න වෙන්න නුවර වැව් බැම්මට හීනියට සීතලක් එනවා.දකුණේ ඉදලා ආපු අපිට මේ සීතල උහුලගන්නටිකක් අමාරුයි.වැව් බැම්ම උඩට වෙලා මාලිගාව දිහා බලාගෙන ඉන්නකොට කලුවර වැටෙනවා තේරෙන්නෙම නෑ.පේරාදෙණියෙ කැම්පස් එකට ඇවිල්ලත් අදට හරියටම අවුරුද්දක්.දෙවියනේ අපි වයසට යන ඉක්මන!!.
මේ කාලෙට කැම්පස් එක පුරාවටම රොබරෝසියා බල් පිපෙනවා.පුදුම ලස්සනක් ඒ මල් වල තියෙන්නේ.සමහරු මගෙන් අහනවා රොබරෝසියා මල් ගැන මෙච්චර ලියන්නේ මොකද කියලා.මම ඇරෙන්න ඒකට උත්තරේ දැනගෙන ඉදියේ ඔයා විතරමයි.ඔයත් එක්ක තුරුල් වෙලා මේ රොබරෝසි මල් අස්සේ ඇවිදින්න කොච්චර නම් හීන මැව්වද,දවස් දෙක තුනක් පිපිලා බිමට වැටෙන රොබරෝසියා මල් වගේම ඒ හීනත් පරවෙලාම බිමට වැටුන හැටි....
       මීට අවුරුදු හතරකට කලින් ගාලු කොටු බැම්ම උඩ බංකුවක වාඩි වෙලා ඔයත් එක්ක හිනා වුන හැටි මට තාමත් මතක් වෙනවා.අවුරුදු හතරක් අපි ආදරේ කරා.සමහර විට ඊටත් වැඩි කාලයක් වෙන්න ඇති.ටියුශන් පන්ති අස්සේ කාතවත් නොදැනෙන්න හොර රහසේ අපේ ආදර කතාව ගලාගෙන ගියපු හැටි මතක් වෙනකොට හිනා වෙන්නද අඩන්නද කියලා හිත මගෙන්ම අහනවා..
 කැම්පස් එකට එන්න දවස් දෙකකට කලින් ඔයාව හම්බ වුනෙත් ඒ කොටු බැම්ම උඩදිමයි. 

 "මොකෝ මැට්ටෝ මූන එල්ලන්"
"මුකුත් නෑ..කවද්ද යන්නේ කැම්පස්"
"අනිද්දා යන්නේ මැණික"
"ඊයා අනේ..මැණික කියන්නෙපා..ඒක කැතයි."

ඔයා මැණික කියනවට කැමති නැති බව දැන දැනම ඒ වචනේ කිව්වේ චුට්ටක් විතර කේන්ති ගස්සන්න.කේන්ති ගිහින් කම්මුල් වල ගැහෙනකොට ඔයා මාර ලස්සනයි.

"මෙන්න වැඩක්..මැණික නොකියා මොනවා කියන්නද?"
"වෙන මොකක් හරි කියන්න"
"හරි එහෙනම් බූරු පැට්ටෝ..තමුසෙ මගෙන් කන පලාගන්නේ නැතිව හිනා වෙලා ඉන්නවද.."
"ඊයා හිරූෂ..ඔයා හරි නරකයි...තමුසේ කියන්නේ ජරා වචනයක්.."
"ඔච්චර බොලද වෙන්න එප බං" 

"හරි හරි බොලද නෑ.."
ටික වෙලාවක නිශ්ශබ්දතාවයක්.මම නැගිටල ඈත මුහුදට පුංචි ගල් කැටයක් විසි කරනකොටම ඔයා ආයෙත් කතා කරා..
"ඒක නෙමේ හිරූ."
"හ්ම්ම්ම්"
.කැම්පස් එකේ කෙල්ලෝ ගොඩක් ඉන්නවා නේ"
 "හ්ම්ම් හ්ම්ම්..ගොඩක් ඉන්නව නම් තමා..ඒත් ඉතින් අවුරුදු හතරක් නඩත්තු කරපු සජිනි කියනේ මේ මෙන්ටල් කේස් එක අමතක කරන්නේ කොහොමද මම"

"ඔයාට නම් විහිලු..ඔය ඕන තරම් කොල්ලෝ කැම්පස් ගිහින් වෙන කෙල්ලොත් එක්ක යාලු වෙනවා..එහේ ගියාට පස්සේ ඔයාට මාව මතක් වෙන එකක් වත් නෑ."
"අන්න හරියටම කිව්වා.ඔයාව පොඩ්ඩක් වත් මට මතක් වෙන එකක් නෑ."
ඒ වචන ටික කියද්දි ඔයාගේ හිත කොච්චර දුකකින් පිරුනද කියලා මම හොදටම දන්නවා සජිනි.ඇස් දෙකම රතු වෙලා මූනත් බිමට හැරුනා.
"ඒයි මෙන්ටලේ..මේ බලපන් බං..මතක් වෙන්නේ අමතක වෙච්ච කෙනෙක්ව..ඔයාව මට කවදාවත් මතක් වෙන්නේ නෑ.මොකද හැම වෙලාවෙම හැම මොහොතෙම ඔයා මගේ මතකෙ ඉන්නවා."
ඔයාගේ ඔය ඇස් දෙක දිහා බලාගෙන මම කිව්වේ ඇත්තටමයි..ඇස් වලින් වැටුන පුංචි කලුදු කැටයක් අල්ලට අරගෙන විසි කරලා දැම්මේ හැමදාම ඔයා අඩන වෙලාවට ලගින් ඉදන් කදුලු පිහිනවා කියලා හිතාගෙන.

දෙවියනේ..මම මොනවද මේ මතක් කර කර මටම රිද්ද ගන්නේ.මගේ හිත සෑහෙන්න බොලදයි..කොල්ලොත් මෙච්චර බොලදයිද?
අමතක කරන්න ඕන දෙයක් හිතා මතාම අමතක කරන්න බැහැ කියන එක දැන දැනම මෙහෙම රිද්ද ගන්න එක මෝඩකමක්

"දැන් ඔයා මොකක්ද කරන්න ඉන්නේ..ජොබ් එකක් වත් කරන්න අදහසක් නැද්ද? "

"අදහසක් තියෙනවා.ෆැක්ට්‍රි එකක වැඩට එන්න කියලත් තියෙනවා.ඒත් යන්න කම්මැලි හිරූ"
"කම්මැලිකමේ ඉදලා බෑ නේ මැණික..ඔයා එතන වැඩට යන්න.ගිහින් හොදට වැඩ ටික කරන්න"
"ඔය ඉතින් ආයේ මැණික කිව්ව..හැමෝමලා පාවිච්චි කරන වචන අපි පාවිච් කරන්න හොද නෑ.."
"හරි හරි ගෙම්බෝ..ඔයා පරිස්සමෙන් ඉන්න.."
"ඔය ඉතින් යන්නද හදන්නේ."
"ඇදුම් ලැස්ති කරගන්න තියෙනවා සජිනි.අපි ආයේ දවසක ඉක්මනට හම්බෙමු"
ඉරත් ටිකෙන් ටික බැහැගෙන යනවා.ජීවිතේ තිබුන සතුටත් ටිකෙන් ටික මේ විදිහටම නැතිවෙලාම යනවා.මාලිගාව දිහාට නෙලුම් මල් අතේ තියාගෙන මහා ගොඩාක් මිනිස්සු ඇවිදගෙන යනවා.මේ හැමෝමලා යන්නේ බුදුන් වදින්න ද නැතිනම් එතනට ගිහිල්ලා තමන්ගේ ජීවිතේට මොනවා හරි ඉල්ලන්නද?
"මල් තියලා බුදුහාමුදුරුවොන්ගෙන් මුකුත් ඉල්ලන්න හොද නෑ" ඉස්සරම දවසක ඔයා මට කිව්වා යාන්තමට වගේ මතක් වෙනවා.මට පිස්සු හැදීගෙන එනව වත්ද?!! දෙයියනේ මම ඔයාව අමතක කරන්න ඕන!!

දින සති මාස ගෙවිලා ගියේ කට හඩින් විතරක් අපි දෙන්නව ලංකරවලා.ජංගම දුරකතනය හදපු කෙනාට පින් සිද්ද වෙන්න අපි දුරින් ඉදියත් හිත් වලින් ලං වෙලා ඉදියේ.දුරින් ඉන්න දෙන්නෙක් ඉක්මනට දුරස්ම වෙලා යනවලු.කවුදෝ දවසක් මට කිව්වා.
පහු ගිය මාස දෙක ඇතුලත ඔයාගෙන් කෝල් එකක් තියා කෙටි පණිවිඩයක් එන එකත් අඩු උනා..ඒත් මම පොඩ්ඩක් වත් අහිතක් හිතුවේ නෑ සජිනි..පොඩ්ඩක් වත් නෑ.

"පව්..උදේ ඉදලා ෆැක‍්ට්‍රියේ මැරිලා මැරිලා වැඩ කරනවා ඇති."
හැමදාමත් හිතේ තිබුනේ ඒ සිතුවිල්ල නිසා ඔයාට කරදර කරලා තවත් රිද්දවන්න මට ඕන උනේ නෑ
ගිය ඉරිදා මහ රෑ ජාමේ ඔයාට කෝල් එකක් ගත්තේ ඔයාව ඇහැරවන්න හිතාගෙන නෙමේ..එලි වෙනකල් පාඩම් කරලා හිතට ආපු තෙහෙට්ටුව පොඩ්ඩක් මග ඇරවගන්න..
ඒත් දෙයියනේ!! මර රෑ 1 ටත් ඔයාගේ ෆෝන් එක waiting.එක පාරටම ඒ කෝල් එක කට් කරලා මගේ කෝල් එකට ආන්සර් කරපු ඔයාගෙන් අහපු ප්‍රශ්න වලට ගොත ගගහා දීපු උත්තර හැම එකක්ම පිලි ගත්තා වගේ ඉදියට හිතෙන් දහස් වාරයක් මැරි මැරී ඉපදුනා..විභාගේත් පැත්තක දාලා සදුදා උදේ පාන්දරම කෝච්චියට නැග්ගේ ඒ හැම දෙයක්ම කතා කරලා විසදගන්න..
දවල් 3 ඉදලා හවස 7 විතර වෙනකල් ඔයා වැඩ කරන ෆැක්ට්‍රියේ ගේට්ටුව ගාවට වෙලා බලාගෙන ඉදියේ ඔයත් එක්ක විනාඩි 15ක් හරි කතා කරලා හිත හදාගෙන යන්න..
ඒත් දෙවියනේ...
ඔයා වෙන කෙනෙකුගේ අතේ එල්ලිලා හිනා වෙවී ආවේ අවුරුදු හතරක් කරපු මගේ ආදරේ මාස දෙකකින් අමතක කරලද මැනික...කැම්පස් යන කොල්ලෝ විතරද කෙල්ලෝ එක්ක යාලු වෙන්නේ??



 ලා රෝස රොබ රෝසි මල් වැටුන ගුරු පාරේ
පටලවා අප දෑත් පිය නැගූ හැටි සිහිවේ
හැරදමා මගේ දැත ඔහු තුරුලේ හිටි තාලේ
මතකයෙන් විසිකරන හැටි කියා දෙනු මැණිකේ

පැය ගනන් වරු ගනන් ඔබ හින්දා ගෙව ගෙවා
පොද වැස්සේ සීතලට තෙමි තෙමී සිටි එදා
ඒ වගෙම වහිනවා අහස් කුස දෙදරවා
තෙමෙන්නට කවුරුවත් නෑ සිටියේ ඔබ නිසා

කදුලු නෑ අඩන්නට ඇසුත් බොද වී ගියා
වෙර දරමි හිනැහෙන්න දෙනෙත් පිස දම දමා
ආදරේ දුක දන්න පුංචි හිත හඩවලා
හිනැහෙමින් මගේ මැණික ඔහු තුරුලේ සැනසුනා

( මීට සෑහෙන්ඩ කාලෙකට පෙර ලියපු පද බැදුමකට කතාවක් ලිව්වෙමි..සත්‍ය සිදුවිමක් නොවේ )

Thursday, 23 August 2012

පේරාදෙණිය කැම්පස් එක ලස්සනයිද?

   
මේ ටොපික් එකේ තියෙන ප්‍රශ්නෙට උත්තරේ ඔය උඩින් තියෙන ඡායාරූපෙන්ම හම්බෙන්න ඇති නේ

දැන් මේක ලියන්නේ කොහොමද? ම්ම්ම්...සර්පයා යවන ආකාරයෙන් ලියනවද සාමාන්‍ය ආකාරයෙන් ලියනවද? හැමදාම සර්පයා යවන ආකාරයෙන් ලියලා ඇති වෙලා නිසා සාමාන්‍යාකාරයෙන් ලියන්නම් .

 
මේ ස්ට්‍රයික් එකක් නිසා කරනන් කිසිම වැඩක් නෑ.ගෙදර යන්නෙත් නැතුව කැම්පස් එකටම වෙලා ඉදලත් දැන් ඇති වෙලා.ඊයේ උදේ පාන්දරම ( 10 ට 11 ට විතර ) නැගිටපු ගමන් දැක්කේ ඇද ඉස්සරහා මේසේ උඩ කාගෙද මන්දා කැමරාවක් දාලා ගිහිල්ලා.
                                        මෙච්චර කාලයක් හිත හිත ඉදපු මෙව්වා එක අද ඉටු කරගන්න පුලුවන් කියන සිතුවිල්ලත් එක්කම කැමරාවත් අතින් ආරන් ඇදුමක් දාගෙන එලියට බැස්සා..
කොහෙන්ද පටන් ගන්නේ...ඉවර කරන්නේ කොහෙන්ද? හිතට අම්බානෙක ප්‍රශ්න ගොඩක්.ඇත්තටම පේරාදෙණියේ කැම්පස් එක පටන් ගන්නේ මෙතනින් ඉවර වෙන්නේ මෙතනින් කියලා පෙන්නන්න තරම් මායිමක් නැ.කැම්පස් එක වටේට වැටක් ගහලා නෑ නේ..
                                      ඉතින් ඕන දෙයක් වෙද්දෙන් කියලා මම ගහලා හන්දියෙන්ම පටන් ගන්න හිතුවා.කොළඹ ඉදලා එද්දි ගම්පොල පාරත් නුවර පාරත් වෙන් කරන පේරාදෙණිය හන්දියේ ඉදලා මීටර් 50ක් විතර නුවර පැත්තට යනකොට තමයි ගලහා හන්දිය තියෙන්නේ.පේරාදෙණිය උද්භිත උද්‍යානයට මුහුනලා තියෙන ගහලා හන්දියේ ඡායාරූපයක් තමා මේ තියෙන්නේ


  ගලහ හන්දිය




       ගලහ හන්දියේ දකුනු අත පැත්තට වෙන්න තියෙමේ මේ පුවරුව විශ්වවිද්‍යාලයේ ආරම්භය ලෙස සලකන්නත් පුලුවන්.



ගලහා හන්දිය ආරම්භවෙන තැනම තියෙන්නේ Medical Faculty එක.


 එතන ඉදලා තවත් මීටර් 100ක් විතර ගියපු තැන පාරේ දකුණු අත පැත්තට වෙන්න තියෙන්නේ විජේවර්ධන ශාලාව.ගලහා ඉදලා එනකොට හම්බවෙන ගැහැනු ළමුන්ට වෙන්කරලා තියෙන පලමු නේවාසිකාගාරය තමයි විජේවර්ධන ශාලාව.ඔය උඩින් තියෙන ඡා‍යාරූපයට හසුවෙලා තියෙන්නේ විජේවර්ධන ශාලාවේ කොටසක් විතරයි..


  විජේවර්ධන ශාලාව 


 විජේවර්ධනශාලාවට දකුණු පස තියෙන්නේ විද්‍යා පීඨය.මෙතන තියෙන රොබරෝසියා මල් ගස්වල මල් පිපෙන කාලෙට විද්‍යා පීඨ පුවරුව වටේට තියෙන තණ බිස්ස රෝස පාටට හැරෙනවා.මේ මල් පිපෙන කාලේ නෙමේ නිසා එතන මල් දකින්න නෑ


    විද්‍යා පීඨය ඉදිරිපිට ඇති පුවරුව

මේ පහලින් තියෙන ඡායාරූප දෙක මම ගත්තේ මල් පිපිලා මුලු කැමපස් එකම එකම මල් යායක් වෙලා තිබුන දවස් වල.



   රොබරෝසියා මල් පිපී බිම වැටෙන දිනවල විද්‍යා පීඨ පුවරුව අවට



                           මලල ක්‍රීඩා පිටියට මුහුනලා ඇති විද්‍යා පීඨ ගොඩනැගිලි.


විද්‍යා පීඨයට ඉදිරිපසින් පාරේ අනික් පැත්තට වෙන්න තමයි ජයතිලක ශාලාව තියෙන්නේ.ගලහා හන්දියේ ඉදලා එනකොට හම්බවෙන පලවෙනිම පිරිමි ළමුන්ගේ නේවාසිකාගාරය තමයි ජයතිලක ශාලාව.ජයතිලක ශාලාවේ ආකෘතියට අනුවම සැදුනු අරුණාචලම් ශාලාව , මාස් ශාලාව , මාක්ස් ශාලාව ,ජේම්ස් පීරිස් ශාලාව වගේ පිරිමි ලමුන්ගේ නේවාසිකාගාරත් තියෙනවා.ඒ ගැන ඉස්සරහට ලියන්නම්..


                                                   ජයතිලක ශාලාව


ජයතිලක ශාලාවත් , විද්‍යාපීඨයත් , විශ්වවිද්‍යාලීය මලල ක්‍රීඩාංගනයත් අරුණාචලම් ශාලවත් කියන මේ හතරම මැදි කරලා තියෙන මං සන්දියේ පිහිටා තියෙන පොකුන හදුන්වන්නේ අල්විස් පොකුණ එහෙමත් නැති නම් අල්විස් පොන්ඩ් එක කියලා.විශ්ව විද්‍යාලයේ මැද ලේස සලකන්නේ මෙන්න මේ කිව්ව අල්විස් පොකුන.

                                                          අල්විස් පොකුණ


අල්විස් පොකුණ තියෙන තැන ඉදලා බැලුවහම අරුණාචලම් ශාලාව පේන්නේ ඔන්න ඔය පහල තියෙන විදිහට.

                                                     අරුණාචලම් ශාලාව

අරුණාචලම් ශාලාවට හරියටම ඉදිරි පසින් පාරේ අනෙක් පැත්තට වෙන්නේ තියෙන්නේ විශ්ව විද්‍යාලීය මලල ක්‍රීඩාංගනය.
ලෝකයේ තියෙන ගල් අගුරු වලින් සෑදුන ධාවන පථ දෙකෙන් එකක් පිහිටලා තියෙන්නේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මෙන්න මේ මලල ක්‍රීඩාපිටියේ

                                                  මලල ක්‍රීඩා පිටිය

 මලල ක්‍රීඩාපිටියත් එක්කම තියෙන්නේ ක්‍රිකට් ක්‍රිඩා පිටිය.ක්‍රිකට් ක්‍රීඩා පිටියට අනෙක් පැත්තේ රග්බි ක්‍රීඩා පිටිය පිහිටලා තියෙනවා.
මේ ක්‍රීඩාපිටි තුනම තියෙන්නේ එක පෙලට.පාරේ ඉදලා බැලුවම මේ ත්‍රිත්වයම එක පෙලට බලාගන්න පුලුවන්


 ක්‍රිකට් ක්‍රීඩාංගනය


 
                                                    රග්බි ක්‍රීඩාංගනය

අදට මේ ටික දාලා නවත්තනවා..ඔක්කොම එකම දවසින් දාන්න ගියොත් ලෝකේ දිගම බ්ලොග් පෝස්ට් එක මේක වේවි.තව දවස් දෙක තුනකින් ඉතුරු පින්තූර ටිකත් දාන්නම්.මේක මතු සම්භන්ධ කරන්න කලින් ආයේ කියන්නේ මේ ඡායාරූප ඔක්කොම ගත්තේ මෙගා පික්සල් 8ක කැමරාවකින්.ආර මල් වැටිච්ච ෆොටෝ දෙක නම් ගත්තේ මගේ ඇන්ඩ්‍රොයිඩ් මෙව්වා දුරකතනයෙන් ( ඇඩ් එක නොමිලේ )

Saturday, 30 June 2012

මල්ලිලා වර්ජනය කරමු!!! - "අනේ බුදු අයියේ...මට වාවන්නේ නෑ මගේ දෙයියෝ...."


දුක් කරදර ගලාගෙන යනවා ඉවරයක් නැතුව.පහු උන සති ටික ගෙවිලා ගියේ හුස්මත් හදවතත් රත්කරලා..සමහර දේවල් අමතක කරන්න ඕන.අමතක කරන්න බැරි උනත් අමතක කරන්න ඕන.ඒවා අමතක කරලා දාන්න ඕන නිසා මම හිනා වෙලා මෙහෙම ලියනවා...

සති අන්තයේ දවසක් උවත් මම බිසී උනෙමි.නෑදෑ ගෙවල් කිහිපයකම යා යුතුය.ඒ අතර කැම්පස් එකේ මිතුරන් කිහිප දෙනෙකුගේ පුද්ගලික ජීවිතය කඩා කප්පල් කිරීමට උන්දලාගේ ගෙවල් වලද යා යුතුය.මා මක්කා කරම්දැයි සිත සිතා සිටින විටදීම ජංගම දුරකතනය දෙදරන්නට විය ( ඒකට කියන්නේ වයිබ්‍රේටරය කියාය.)  නන්නාදුනනා අංකයකි.සුදු වෑන් එකක් එක් ඇසකින් මතු වී අනෙක් ඇසින් නොපෙනී යයි.යකෝ මේ නම්බරේට බලහත්කාරකමක් වත් කරලද දන්නේ නෑ නමක් නැත්තේ..

"හෙලෝ"

"හලෝ..මම මේ අහවලා" (අහවලා යනු වලත්තයෙකුට යෙදෙන කෙටි යෙදුමක් නොව නිර්නාමික කිරීමට යෙදූ යෙදුමකි."

"ආ..අහවලා කියපන්"

"ඕයි හැන්දාවෙලා අපේ ගෙදට්ට වරෙන්.."

"ඒ...අර මක්කටෙයි"

"නෑ නිකන් බන්.අපේ මමීට උඹව බලන්න ඕන ලු."

හුටා මමී.මෙන්න මූ මට කඩ්ඩෙන් බනිනෝ.. 

"අඩෝ අවලම් වල් ඉත්තෑවා,සුදු රෙදි හොරා,උන්ඪුක පුච්චයා..ෆේස් ටු ෆේස් වර ඩෝ..කඩ්ඩෙන් කුනුහර්ප කියන්නේ නැතුව..මමී වෙන්ටු ද ශෝ,අයි වෝන්ට් ටු ගෝ ටු ද ටොයිලට්,සාමා අර බලන්න අතන සල් මල් පිපිලා.." 

 "තොට නට්ද යකෝ..අපේ අම්මට උඹව දකින්න ඕනලු"

"හෑ....යකෝ මම එච්චර ජනප්‍රියද බන්.ෆෝටෝ එකක් එවන්නෙයි"

"ෆෝටෝ නෙමේ යකෝ.උඹව ලයිව් දකින්න ඕනලු.."

"ඒ..ඔයත් එක්ක බෑ ඒයි..ඔට්ටු නෑ ඒයි..හ..සිංහලෙන් කියන්නෙත් නෑ තේරෙන්න..තලායි හොදේ.."

"යකෝ කකුස්සියෝ,උඹත් එක්ක අපේ අම්මට කතා කරන්න ඕනලු.ඒක නිසා හවහට අපේ ගෙදෙට්ට වර"

"අන්න එහෙම කියහන්.මම හවහට මගේ හයිබ්‍රිඩ් කාර් එකෙන් එන්නම්"

"ඕන @#$%& වර"

කට් කරන බොත්තම ඔබපු මම කරන්නේ මොකක්ද කියලා හිතාගන්න බැරුව තත්පර දෙකයි දශම පහක් බලාන උන්නා..මල්ලි ලංකාවෙන් දෙක උනත් හරි මම රටේම ජනප්‍රිය චරිතයක් වෙලානේ.අපේ මල්ලිට මෙහම තැනකට එන්න පාර කපපු z ස්කෝර් එක ගනනය කරන කට්ටියයි අධ්‍යාපනේ කරවන ඇමතිතුමාලයි ලබන ආත්මේ පරෙයියෝ වෙලා ඉපදෙන්න ඕන.එතකොට මම කූඩුවක දාලා ඇති කරනවා.හැමෝටම පලවෙනියා වෙන්න පුලුවන් එතකොට.

"ලොකු මල්ලියේ..."

මම ආදරෙයෙන් උන්දව ඇමතුවා..

"ඇයි පොට්ටයෝ.."

ඌ ආදරයෙන් මාව අමතනවා.අන්න බලන්න හැදෙන ගහ වචන භාවිතයෙන් දැනේ කියන්නේ ඔන්න ඕකටයි..

"මේ ඕයි...දැන් ඔය අලුත් z මෙව්වා එක එනකොට උඹ අන්තිමයා වෙලා ඉදීවියැ."

"එහෙම උනොත් මම අරූගේ අන්නශ්‍රෝතය කනවා.."

අපේ මල්ලිට තරහා ගිය පාරට ඌ මනුස්සයෙක්ය කියන එකත් අමතක වෙලා.ශරීර අවයවයක් පේන්න බෑ ඒක කන්නමයි හදන්නේ..

"කියන්න බෑ නේ බන්.දැන් ඔය z දෙක මෙන්න මෙහම අරන් මෙහම එකතු කරාම උඹ පලවෙනියා වෙන්නත් පුලුවන්."

මම උගේ ගැන ඇති උන ආත්ම අනුකම්පාවෙන් කිව්වා.මමත් ටිකක් ඔය z මෙව්වා එක හදන හැටි දන්නවා කියලා පොරට තේරෙන්න ඇති..

"අනේ බුදු අයියේ...මට වාවන්නේ නෑ මගේ දෙයියෝ...."

එකපාරටම සුනාමියක් ආවා වගේ මූ අඩන්න ගත්තා.දැන් ඉතින් හොයපන්කෝ කුවේනියක් මුහුදට බිලිදෙන්න (ඉතිහාසය පිලිබද මගේ දැනුම කෝමෙයි..) 

"ඇයි තෝ පලවෙනියා වෙනවා කිව්වම අඩන්නේ.ඒක ප්‍රීති වෙන්න ඕන කාරනයක් නේ යකෝ.."

"මට බෑ ඕයි එයාව දෙවනියා කරන්න..මට බෑ..මට වාවන්නේ නෑ.."

මූ ආයේ අඩනවා..

"එයා?? කවුද යකෝ මම නොදන්න එයා??"

ඌ දුවලා ගේ ඇතුලට ගිහින් තුන හතරට නවලා තිබුන පත්තර කෑල්ලක් මගේ අතේ ගුලි කරා..
ඒකේ පොල්ගෙඩි සයිස් අකුරෙන් ලියලා තියෙනවා..

"වානිජ අංශයෙන් ලංකාවෙන් පලමු තැන @#$^@#amp; දිස්ත්‍රික්කයේ @#$%& #$%^ දියණියට"

අප්පට සිරි..මෙයාද එයා..නෙද්දකින්...තෝ නම් හරිම පැනියෙක් තමා..

අන්න බලන්න ප්‍රිය පාඨකයිනි..දැන් කාලේ කෙල්ලෙකුට නිදහසේ ලංකාවෙන් පළවෙනියා වෙන්න නෑ නේ මේ වගේ නරක සමනල්ලු ඉන්නකල්..

අහවල් යාලුවට වුන පොරොන්දුව ඉටු කරන්නත් එක්ක උගේ ගෙදර දවල් කෑමටම යන්න කියලා මම හිතා ගත්තා.අද චූටි මල්ලී නෑ..ඌට පන්ති..ඒක නිසා ඌත් එක්ක පරම්පරා ගැටුමක් ඇති කරගන්න හේතුවක් නෑ..

දවල් 1 විතර වෙද්දි මම අහවල් යාලුවගේ ගෙදරට ආවා.සමහර විට මුන්ගේ අම්මා මට එන්න කියන්න ඇත්තේ උගේ ගැන විස්තර අහන්න වෙන්න ඇති.අපි හොද හැදිච්ච දරුවෝ උනාට මුන් එහෙම නෑ නේ.ඒකනේ අහවලා කියන්නේ..

 "ආ..පුතා ආවද...නියම වෙලාවට ආවේ..දවල්ට කාලම යන්න පුලුවන්.."

"අනේ ඕන නෑ ඇන්ටි..කරදර වෙන්න එපා."

මමත් ඉතින් අහිංසක පොඩි එකා වගේ ලාවට හිනාවක් දැම්මා..

"ඉතින් පුතා කොහොමද? මල්ලිගේ රෑන්ක් එකට එහෙම ප්‍රශ්නයක් නෑ නේ..?"

"ප්‍රශ්නයක් වෙන එකක් නෑ ඇන්ටි.අම්මා විභාගේට කලින් බෝධි පූජා , තොවිල් එහෙම කරලා නේ තියෙන්නේ.තාම ඒවා වැඩ කරනවා නේ."

"හී..හී....."

 "ඉතින් දැන් මල්ලි මොකද කියන්නේ..තව කොච්චර කල් බලන් ඉන්න වේවිද කැම්පස් යන්න?"

මේක හරි කෙලියක් නේ යකෝ..මාව ගෙන්න ගත්තේ මල්ලි ගැන අහන්නද? ඔන්න බලන්න මල්ලිලා උඩ ගියාම අයියලට වෙන දේ.අනේ මේ වගේ දුකක් කිසිම අයියා කෙනෙකුට වෙන්න එපා දෙයියනේ!!

"අනේ මන්දා...ඌ දැන් අර චාට‍ර් අකවුන්ටන් ද මොකක්ද එක කරනව නේ.."

"චාටර් නෙමේ යකෝ..චාටඩ්.."

"ආ...ඔව් ඒක කරනව නේ..ඒකේත් ඔන්න උඩින්ම ඉන්නවලු...මමත් ඉතින් ඔය වයසෙදි හරි හරි දස්කම් තමා කරේ ඇන්ටි..ඇන්ටිට කියන්න ඒකාලේ ස්පෝර්ට් මීට් එකේ විල් බැරක්ක තල්ලු කරන රේස් එකෙන් මම පලවෙනියා,තව තනි කකුලෙන් දුවලා පලවෙනියා..තව...."

"ආ...නෑ කමක් නෑ පුතා..ඊලග දවසේ එනකොට මල්ලිවත් එක්කගෙන එන්නකෝ..මම කෑම ලෑස්ති කරන්න යනවා.."

මේ ලෝකේ හරිම අසික්කිතයි..ඇයි යකෝ..මට පුලුවන් මේ වගේ කාට හරි මඩක් ගහලා දාන පෝස්ට් එකක් බ්ලොග් එකේ දාන්න විතරයි..ඒත් ඉතින් ඒකෙන් ඇති වැඩේ මොකක්ද..ඔන්න පත්තරේකට හරි පොඩි ලිපි කෑල්ලක් දාගන්න තියෙනව නම් ඒකත් එකක්.ඒත් ඉතින් පත්තරේ දාන්න පුලුවන් ඒවයැ ලියන්නේ.මේ ඔක්කොම අත ඇරලා පොතක් අරන් කාගෙන යන්න හිතෙන්නේ මේ වෙලාවට තමා.එත් දෙයියනේ කන්න උනත් කෝ පොත්...
ඇන්ටි ගිය හැටියේ මම යාලුවා ලගට කිට්ටු උනා..

"ඒ බං උඹට නංගි කෙනෙක් වත් ඉන්නවද? "

"ඇයි උඹ එහෙම අහන්නේ.." පොර මගෙන් අහනවා,

"නෑ ඉතින් උඹලගේ අම්මා අපේ මල්ලි ගැනම අහන්නේ මොකො මාව ගෙදරට ගෙන්නගෙන.මම කලු‍ය.හ..."

 "නංගි කෙනෙක් නම් නෑ බන්..ඒත් උඹ නම් කලුයි, කැතයි, උසයි.ඒ මදිවට කණ්නාඩි දෙකකුත් දාගෙන.උඹ වගේ පොට්ට‍යෙකුට දෙන්න නංගිලා අපේ ගෙදර නෑ."

නෙද්දකින්..මේ වගේ ගස් ගෙම්බෝ නේ අපිත් ආස්සරේ කරන්නේ..

මේ අවනඩුව මම කාට කියන්නද දෙයියනේ..අටේ ප්‍රවෘත්ති වලට වත් දාන්න ඕන..මේක මානව හිමිකම් කඩ කිරීමක්.අපහාසයක්..ඒත් දැන් කරන්න දෙයක් නෑ..දෙන බත් එකක් කාලා මෙතනින් මාරු වෙන්න ඕන.

"ආ...එන්න පුතා කෑම කන්න..."

ඇන්ටියා ගේ ඇතුලේ ඉදලා කෑගහනවා.

"වැඩිය මුකුත් හැදුවේ නම් නෑ පුතා..මේ හදලා තියෙන ඒවයින් මල්ලි කන්නේ නැති කෑම මොනව හරි තියෙනවද?"

යකෝ එතනත් මල්ලි..මේක හරිම අසික්කිත ක්‍රියාවක්..අපේ මල්ලි විතරයිද දන්නේ නෑ මේ ගෙදර උන්ට ටෙන්ඩර් දාලා තියෙන්නේ.මේකත් හරියට ක්‍රිකට් පෙන්නන්න CSN එකට දුන්නා වගේ තමා.අවුරුදු තුනකට මුන්ගේ ගෙදර කතා වෙන්නේ අපේ මල්ලි ගැනද කොහේ.

"ඒ මොකටද ඇන්ටි මල්ලි කන කෑම? "

මමත් ඉතින් පුදුමෙන් වගේ ඇහුවා.

"නෑ පුතා..මල්ලිටත් එක්ක බත් පැකට් එකක් දෙන්න කියලා බැලුවේ.."

ඇයි දෙයියනේ මේ ලෝකේ කුනුහර්ප මෙච්චර ටිකක් විතරක් හැදුවේ..මට මේ මතක් වෙන ටික මදි මෙතන කියන්න..

"ඌ කිසිම එලවලුවක් කන්නේ නෑ..ඌ කන්නේ තණකොල මලවලා විතරයි."

එහෙම කියන්න මට හිතුනත් මම එහෙම කිව්වේ නෑ.

"එහෙම ප්‍රශ්නයක් නෑ ඇන්ටි.එයා ඕන ජාතියක් කනවා.."

"එහෙනම් පුතා කන්නකෝ..මම ඉක්මනට බත් එක බදින්නම්.."

එහෙන් මෙහෙන් බත් ටිකක් අනාගෙන කාපු මම බත් පැකට් එකක් අරන් හෙමීට මාරු වෙලා ආවා..
අපි මේ අධ්‍යාපන රටාව වෙනස් කරන්න ඕන.මේක අයියලව පහත් කරන රටාවක්.මේකට එරෙහිව අපි හඩක් නගන්න ඕන..ඒක කරන්න සැලසුමක් හිතෙන් හදහද ගෙදරට එනකොට 4ත් පහුවෙලා...
-----------------------------------------------------------------------------------

ප.ලි - පහුගිය ටිකේම දාපු කමෙන්ට් වලට රිප්ලයි දාන්න බැරි උනා.ඒ මදිවට කාගෙවත් බ්ලොග් එකක් පැත්තේ එන්නත් බැරි උනා.අද සිට සුපුරුදු පරිදි බ්ලොග් අස්සේ රිංගනවා.මාත් සල්ලි සල්ලි කියලා බලන්නේ නැතුව ගත්තා අතේ ගෙනියන්න පුලුවන් කනෙක්ශන් එකක්.. ඒක නිසා පරිස්සමෙන් ඉන්න...රත්ගමයා සැරිසරනවාලු... 

Sunday, 8 April 2012

රොබරෝසියා මල්....



මුලු කැම්පස් එක පුරාවටම රොබරෝසියා මල් පිපිලා පුදුම ලස්සනක් තියෙන්නේ.රෝස පාටින් පාට වෙච්ච රොබරෝසියා ගස් උඩින් පේන හන්තාන කන්ද චිත්‍රයකට අදින්න ඇත්නම් කියලා මට් හිතුනේ පාරක් දෙපාරක් නම් නෙමේ.


"මලිතු මෙන්ටලේ"


කිරි හලේ බංකුවක් උඩට වෙලා ඒ ලස්සන බල බල ඉදපු මගේ ඇස්,කටහඩ ආපු දිහාවට හෙමීට යොමු උනා.රොබරෝසියා මලේ රෝස පාටට හුරු ස්කර්ට් එකක් ඇදලා ඉදපු ඔයාවත් මට පෙනුනේ රොබරෝසියා මලක් වගේ.ඒ ලස්සන වැඩි වෙලාවක් බලාගෙන ඉන්න ලැබෙන්නේ නැ කියලා හිතට දැනෙනකොට මට ආවේ දුකක් එක්ක කේන්තියක්.


"මොනවද මෙච්චර වෙලා කරේ,විනාඩි 20ක් පරක්කුයි.ඊලග Lecture එකට තව විනාඩි 40යි තියෙන්නේ.ඔයාට නම් ගානක් වත් නෑ."


එයා පරක්කු උන හේතුව අහන්නෙත් නැතුව මම බැනගෙන බැනගෙන ගියා.රොබරෝසියා මල් හැමදාම රෝස පාටින් ලස්සනට පිපෙනවා වගේම එයාගේ මූනේ තිබුන රෝස පාටත් කිසිම වෙනසක් නැතුව ඒ විදිහටම තිබුනා


"අයියෝ.අද Lecture එක විනාඩි 10ක් වැඩිපුර කරා.සයන්ස් එකේ වගේ නෙමේ ආර්ට් එකේ Lectures තියෙන්නේ.ඒක මම කලිනුත් කියලා තියෙනවනේ Mr.Science "


"ඔන්න පුරුදු විදිහටම කච බචේ පටන් ගත්තා..ඔක්කොම ආර්ට් කාරියෝ ඔහොමයි.මොනවද ඉතින් හිටගෙන බලගෙන් ඉන්නේ.මෙතනට වෙන කෙල්ලෙක් ඇවිල්ලා වාඩි වෙන්න කලින් ඇවිත් වාඩිවෙන්න"


ඒ වචන ටික මම කිව්වේ වෙනද වගේම හුරතල් විදිහට ඉනට අත් දෙක තියාගෙන ඇදකරගෙන ඉන්න ඔය ඇස් දෙක දිහා බලන්න හිතාගෙන.ඒත් ඒ ඇස් වෙනදා වගේ නෙමෙයි.පුදුම විදිහට පොඩි වෙලා තිබුනා.පරවෙන්න ඔන්න මෙන්න තියෙන රොබරෝසියා මල් වල තියෙන රෝස පාට ටිකෙන් ටික අඩුවෙලා ගිහින් සුදුපාට මතු වෙනවා වගේ ඔයාගේ මූනේ තිබුනු රෝසපාටත් අඩුවේගන එනවා..



"අපරාදේ මලිතු,ඔයාට තිබුනේ ආර්ට්ස් කරන්න.එහෙනම් ඔයත් Art Faculty එකේ.මමත් Arts එකේ.එහෙනම් අපි දෙන්නට හම්බෙන්න කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නෑ නේ"


"ඉතින් Miss.Arts , මම සයන් කරාට කලාකාරයෙක් වගේ නේ.ඒකනේ බකමූනියකගේ වගේ තියෙන ඔයාගේ ඔය මූනයි,ගිරා හොටයක් වගේ තියෙන ඔයාගේ ඔය චූටි නහයයි ගැන මාරම ලස්සන කවි ලියලා ඔයාට දෙන්නේ"


"ඔය ඉතින්,ඔයාට ගානක් වත් නෑ.හැමදේම විහිලුවට ගන්න එප මලිතු"


"විහිලු නෙමේ ලිහිණි,මේ අහන්නකෝ..ඇත්ත..මම Science කරේ.එහෙම කියලා මම ඔයාට ආදරේ කරන්නේ අවකලනයෙන් වත් නිව්ටන් නියම වලින් වත් නෙමේ.ඒ වගේම ඔයා මට ආදරේ කරන්නේ ජර්මන් භාෂාවෙන් වත් දේශපාලනයෙන් වත් නෙමේ.ඒක මේ මුලු කැම්පස් එකටම පොදුයි "


"අපි දැන් යමු.ඔයාට Lecture එකට යන්න පරක්කු වෙනව නේ."



"දැනටමත් පරක්කුයි.අදවත් අපේ Faculty Common එකෙන් කන්න එනවද Miss.Arts"


"අම්මෝ...මම කියලා තියෙනව නේ..ඔයා ඇර වෙන Science තියෙන තැනක මම ගෑවෙන්නෙවත් නෑ"


"කවුද හලෝ කිව්වේ එතනට ගිහින් එක එක්කෙනාගේ ගෑවී ගෑවී කෑම කන්න කියලා..වාඩි වෙලා කන්න යමු..මට පරක්කුයි නේ අද..."


මම එහෙම කිව්වේ මට පරක්කු නිසාම නෙමේ..ලිහිනිවත් අරගෙන අපේ ෆැකල්ටි කොමන් එකෙන් බත් කටක් කන්න තිබුනු ආසාව නිසා.


"මට බෑ..පුරුදු විදිහටම ගෙම්බා එකට කන්න යමු...කෝ නැගිටින්න..පරක්කු නම් දුවලා යමු..මගේ පස්සෙන් දුවගෙන එන්න"
ඔයා දිව්වා..මාව දාලා ගොඩක් දුර දිව්වා..
කිරිහල ගාව තියෙන රොබරෝසියා ගහේ මල් තුන හතරක් එක පාරට හුලගට පාවෙලා ගිහින් බිමට වැටුනා..හිතුවට වඩා ඉක්මනට වසන්තය ඉවර වෙයි වගේ..

පහුගිය අවුරුදු හතර පුරාවටම කිරිහල ලග තියෙන බංකුවට වෙලා රොබරෝසියා ගහෙන් වැටෙන මල් දිහා බල බල දෙන්නා දෙන්නා ගුලි වෙලා එක අයිස්ක්‍රීම් එකක් බෙදාගෙන කනවා.ඒත් මම  ඒ බංකුවක් උඩටම වෙලා,අවුරුදු හතරක් තිස්සේ ඔයා ඒ දුවගෙන ගියපු හැටි මතක් කරලා තාමත් විදවනවා..
ජීවිතේ හරිම පුදුමයි කියන්නේ ඒකයි.කලාකාරයෙකුට විද්‍යාව දැනගන්න අයිතියක් තියෙනවා වගේම විද්‍යාව කරපු මට කලාවට ආදරේ කරන්න ඉඩක තියෙනව නේද..
ඉස්සර වගේම තාමත් මේ ගස් වල රොබරෝසියා මල් පිපෙනවා.ඒවගේ ලස්සන දැක්කම කොල පුරවලා ලියන්න තරම් කවි සිතුවිලිත් මට එනවා..
ඒත් ඒවා ලියලා දුන්නම ආදරෙන් කියවපු ඔයා අද මගේ ලග නෑ...Miss.Arts...ඔයා අද කොහේද?.



ආදරණීය  රොබරෝසියා මලේ,
උපතේ සිට විපත තෙක්...
පරපරාගනයේ සිට ස්වපරාගනය තෙක්........
මුදුන්මුලේ සිට කේශනාලිකා තෙක්.... 
නුඹ ගැන ලියන්නට හැකිසේම මට,
වසන්තයට පෙරම පීදී එන
නුඹේ ඔය රෝස පෙති ගැනද
ලියන්නට හැකි බව.......
නුඹ මෙන්ම,
ඇයත් දැනගෙන සිටියා නම්........
                                                    ----- මලිතු ----


                      

Tuesday, 13 March 2012

හමුවුනේ ඇයිදෝ......

නිමිත්ත - රුහුණ මෙඩ්ඩන් සමග හන්තාන නැග්ගෙමි.....



හන්තාන කෙතරම් කුරිරුදෝ...
වෙන් වෙන්න අප හමුවුනේ ඇයිදෝ.....
ඔබත් මමත් වෙන් වෙන්න මුන ගැසුනු
හන්තාන මෙතරම් නපුරුදෝ.....

සුදු පාට මිහිදුමේ සියලු දෙන වෙලෙද්දී,
නුපුරුදුම හැගුමෙන් අප වෙලුනේ ඇයිදෝ....
ජීවිතේ මෙතරම් කුරුරුදෝ...
වෙන් වෙන්න අප හමුවුනේ ඇයිදෝ....

ඈත අහසින් හිරු බසිද්දී,
සමුගන්න ඔබ සැරසුනේ ඇයිදෝ...
දෙනෙත් රතුවී,කදුලැල් සැලෙද්දී,
දෙතොල් ගොලු වුනේ ඇයිදෝ...

හන්තාන මෙතරම් කුරිරුදෝ...
වෙන් වෙන්න අප හමු වුනේ ඇ‍යිදෝ.... 


Saturday, 3 March 2012

පොශ් අක්කාගේ දෙක........

නිමිත්ත - සාහිත්‍ය මාසය වෙනුවෙන් කැටයක් එකතුකිරීමට යාම

 


කැටේ අරන් යනකොට අපි පාර දිගේ                  පාන්දරින්
එයත් හිටියා බස් රථයේ මැදට වෙන්න              උජාරුවෙන්
කොන්ඩේ වනලා ඇදලා හිටියේ වැඩි හරියක් ඇග   එලියෙන්
සිනාසුනා මමත් ඉතින් ඇහැක් ගහලා කට           කොනකින්

අම්මේ තාත්තේ අයියේ අක්කේ       බලන්
පේරාදෙණියේ අපි ආවේ කැටේ       අරන්
මාරුකාසි තියෙනව නම් අතට          අරන්
දෙන්න අපිට බය නැතුවම පින්       පුරවන්

තෙලක් ගහලා බස් එකටම      ඇඩෙන්නට
කැටේ අරන් ආවා මම                ඉක්මනට
ටිකෙන් ටිකම කිට්ටු උනා ඇය         ලගට
එලිය බලන් හිටියා ඇය පොශ්           කමට

අනේ මෙයා මේ පේරාදෙණියෙ          කැට
කරන්නේ නෑ වැරදි වැඩක් ඔයා            හට
ඔයා නෙමෙයි ගෙනියන්නේ මම       එහෙට
තියෙනව නම් පොඩි රුපියල මට       දෙන්ට 

ආයේත් කට කොනෙන් රවා සොදුරු        එයා
චික් විතරක් බැලැඩි නොන්සන්ස් කියලා    කියා
ඇරලා පසුම්බිය උකුලෙන් අරන්               තියා
රුපියල් දෙකේ කාසිය මට දීලා                ගියා

දාහේ බ්ලවුස් ඇදගෙන මුන් පාරේ      යති
ටයිඩ් ඩෙනිම් ඇදගෙන විලි වහ        ගනිති
ස්මාර්ට් පෝන් කනේ ගහන් ගී         අහති
දහයේ කොලේ හංගාගෙන දෙකක්     දෙති

Wednesday, 18 January 2012

නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් අපි *පේරා*





පහුගිය සති කිහිපය පේරාදෙණිය සරසවියට නම් හුස්මක් කටක් ගැනීමට හැකි වූ සති කිහිපයක් නොවුනි.විවිධ මාධ්‍ය සංදර්ශන,ගැටුම්,උද්ගෝෂන මැද කලබලකාරී සති කිහිපයක් ගෙවී ගියේය.


          ගැටලු සියල්ල ආරම්භ වූයේ පහුගිය 22 වන දින පේරාදෙණිය මහා ශිෂ්‍ය සංගමය මගින් ආරම්භ් කිරීමට යොදා තිබූ පාගමනත් සමගය.ගලහ හන්දියේ සිට කොළඹ කොටුව දක්වා සාමකාමී ලෙස පෞද්ගලික විශ්ව විද්‍යාල පනතට එරෙහිව සංවිදානය කර තිබූ මෙම පාගමන සදහා විශ්වවිද්‍යාල සිසු සිසුවියන් 8000ක් පමන සහභාගී වීමට නියමිතව තිබුනි.
         කරුනු කාරනා සියල්ල නිසිලෙස සූදානම් වූ අතර,සාමකාමී පාගමනක් සදහා 21 වන දින මධ්‍යම රාත්‍රිය වන විටද සූදානමෙන් සිටියෙමු.නමුත් 22 වන දින අලුයම 3 පමන වන විට නොසිතූ යමක් සිදුවිය.


"කැම්පස් එක වටේට හමුදාවෙනුයි පොලීසියෙනුයි දාලා"


නිදිමතේම අවදී වූ සියලු දෙනා කලබලයෙන් විවිධ දේ පවසන්නට විය.
උදෑසන 5 පමන වන විට එම ආරංච්ය සැබෑවක් බව සියලු දෙනාටම දැන ගන්නට ලැබුනි.විශ්වවිද්‍යාලය ඉදිරිපස මාර්ගය වසා දමා මාර්ගය අවහිර කරමින් 2000ක පමන නීතිය සුරකින මහත්වරු රැසක් සිසු පාගමන නැවැත්වීමේ අරමුනින් මග බලමින් සිටියේය.සාක්ච්චා වලින් පසු මුලු සරසවිය තුලම ක්‍රියාත්මක වන පරිද්දෙන් පන්ති වර්ජනයක් ආරම්භ කල අතර,ඉන් පසු 8000 ක් පමන සිසුන් ගලහ හන්දිය තෙක් පාගමන ආරම්භ කරමින් ගලග හන්දියට ගොස් සාමකාමී ලෙස විරෝධතාවයේ යෙදුනිඋද්ගෝෂනය අතර තුර සිසුන් නොවන යම් යම් පිරිස් උද්ගෝශනය කරමින් සිටිනා අතරට පැන කලහාකාරී ලෙස පොලීසියට හිරිහැර කිරීමට සැරසුනු අතර සිසුන්ගේ ප්‍රභල විරෝදය මත ඔවුන්ව එලවා දැමීට හැකි විය.ඔවුන් කාගේ හෙන්චයියන්දැයි අපි නොදනිමු
සිසූ උද්ගෝශනයට පෙර පේරාදෙණිය සිසුන්ගේ අම්මලා තාත්තලා කියාගත් පිරිසක් සිසුන්ට විරුද්දව පොලිසියේ රැකවල් මැද උද්ගෝශනයේ යෙදුනි.ඔවුන් කවුරුන්දැයි මාධ්‍ය මගින් හෙලි දරවු කර තිබේ.
       22 වන දින රාත්‍රී අසූචිවාහිනියේ කතාවක් ලෙසින් යන පුවත් වලට අපූරුවට නාටකයක් ලෙසින් උද්ගෝෂනය පිලිබදව අඩහැරය දිග හරින ලදී.
විශ්ව විද්‍යාල මිනීමරු සිසුන් පොලීසියේ අහිංසක මහත්වරුන්ට අතවර කරන්නට යන හැටිද,අහිංසක පොලිස් මහතුන් 2000ක් බයෙන් බලා සිටින ආකාරයද හරි අපූරුවට නාටකයට නැගුනි.
ඇත්ත ඇති සැටියෙන් පවසන්නේ නම් බොරුව පවසන්නේ කෙසේදැයි සිතා ගැනීමට නොහැක. 

රාත්‍රී 10 පමන වන විට 20 වසරකට පමන පසු සිසු අයිතීන් වෙනුවෙන් පෙනී සිටිමට ලියාපදිංචි වී තිබූ පේරාදෙණිය විශ්වවිද්‍යාලීය මහශිෂ්‍ය සංගමය ඇතුලු සියලු පීඨ ශිෂ්‍ය සංගම් තහනම් කරමින් නියෝගයක් ගෙන ආවේය.
දවස් දෙක තුනක් යන විට ඊට විරෝධතාවය දක්වමින් සරසවිය තුල ප්‍රදර්ශනය කර තිබූ කටවුට් සහ පෝස්ටර් වලින් ඉතුරුව තිබුනේ කිහිපයක් පමනි.ඉන්ජිනේරු පීඨය ඉදිරි පස තිබූ අඩි 100ක බැනර් දෙකක් දැවෙමින් තිබුනේ නිදහස් අධ්‍යාපනයද ගිනි ගන්වමිනි.
සරසවි ගිනි තබා නිදහස් අධ්‍යාපනයද ගිනි තැබීම ඇතමුන්ගේ අරමුන බව දනිමි.
එය එසේ වුවහොත් නිශ්මි බාලේලා ත්‍රිමා වෙනුරලා ගිය පාරේ යාමට නිදහස් අධ්‍යාපනයට ආදරේ කරන සියලු දෙනා සූදානමින් සිටිනු ඇත.....


අම්මා පෙවූ කිරි ලේ වල තිබෙන     තුරු
බැන්දත් මගේ මග වලකා ගල්       පවුරු
කැපුවත් දෙපා දෑතින් ගෙන කිහිලි    කරු
සුරකිමි සදා ඉගෙනුම පන තිබෙන    තුරු

Tuesday, 17 January 2012

හන්තාන ගැන හිතෙන විකාර....



"ඔයා හදිස්සියේවත් පේරාදෙනිය කැම්පස් එකට සිලෙක්ට් උනොත්


හැමදාම උදේට ෆැකල්ටියට එද්දි කලබලයක් නැතුව හෙමීට එන්න..."


"ඒ මොකටද..."


"මැට්ටෝ..උදේ පාන්දරට තමා කැම්පස් එකේ ලස්සන පේන්නේ...ඒ


 ලස්සන කොච්චරද කියලා මම කියන්න දන්නේ නෑ පිස්සෝ...."


ඔයා ඇස් නටව නටව හිනා වෙවී කියපු හැටි...


" හ්ම්ම්ම්ම්ම්ම්ම්....."


මමත් ඕනවට එපාවට උත්තර දුන්නා...
එහෙම කියලා දැන් කොච්චර කාලයක් ගිහින්ද.
.

උදේ පාන්දරම හෙමීට හෙමීට මේ පාර දිගේ එන එක මගේ පුරුද්දක්


වෙලා.....

මම දකින මේ ලස්සන ඔයාටත් පෙන්නන්න මම මග බලාගෙන 


ඉන්නවා...


මම ආදරෙයි...ගොඩා......රියක් ආදරෙයි......


                                                        


                                                  2012/11/28
















දුර ඈත අක්බාර් පාලම උඩ ඉදන් හන්තාන දිහා බලාගෙන





 ඉන්නකොට,හන්තාන කන්දට උඩින් හද පායගෙන එන හැටි ගැන





 නිසදැස් ලියන්න හිතෙන්නේ නැති මගේ කවි හිතට ඔයාගේ ආදරේ





 ගැන විතරක්ම ලියන්න හිතෙන්නේ ඒ ආදරේ හන්තානට උඩින් පායන





 පුර හදටත් වඩා ලස්සන නිසා............



ඇත්තටම මම ආදරේයි.................


                                                   


                                              2011/12/16

















හන්තාන ගැන කවි ලියන්න පෙරුම් පුරන අය කොච්චර නම් ඉන්නවද.


පෙරේදා හැන්දෑවේ හයට විතර අක්බාර් පාලම උඩින් යනකොට හන්තානේ පැත්තකට ගින්නක්


 ඇවිලිලා...තද රතු පාටට අක්බාර් පාලම උඩට පේනවා


...ඒ ගින්න නිවන්න යන්න බෑ වගේම,මගේ හිතේ ඇවිලුන ගින්න නිවා ගන්න බැරුව මම ලත වෙනවා....



අද වෙනකොට හන්තානේ ගින්න නිවිලම ගිහිල්ලා...



ඒත් මගේ හිතේ ගින්දර කවදා නිවේවිද?........





                                                           2012/01/ 14