Tuesday 17 January 2012

හන්තාන ගැන හිතෙන විකාර....



"ඔයා හදිස්සියේවත් පේරාදෙනිය කැම්පස් එකට සිලෙක්ට් උනොත්


හැමදාම උදේට ෆැකල්ටියට එද්දි කලබලයක් නැතුව හෙමීට එන්න..."


"ඒ මොකටද..."


"මැට්ටෝ..උදේ පාන්දරට තමා කැම්පස් එකේ ලස්සන පේන්නේ...ඒ


 ලස්සන කොච්චරද කියලා මම කියන්න දන්නේ නෑ පිස්සෝ...."


ඔයා ඇස් නටව නටව හිනා වෙවී කියපු හැටි...


" හ්ම්ම්ම්ම්ම්ම්ම්....."


මමත් ඕනවට එපාවට උත්තර දුන්නා...
එහෙම කියලා දැන් කොච්චර කාලයක් ගිහින්ද.
.

උදේ පාන්දරම හෙමීට හෙමීට මේ පාර දිගේ එන එක මගේ පුරුද්දක්


වෙලා.....

මම දකින මේ ලස්සන ඔයාටත් පෙන්නන්න මම මග බලාගෙන 


ඉන්නවා...


මම ආදරෙයි...ගොඩා......රියක් ආදරෙයි......


                                                        


                                                  2012/11/28
















දුර ඈත අක්බාර් පාලම උඩ ඉදන් හන්තාන දිහා බලාගෙන





 ඉන්නකොට,හන්තාන කන්දට උඩින් හද පායගෙන එන හැටි ගැන





 නිසදැස් ලියන්න හිතෙන්නේ නැති මගේ කවි හිතට ඔයාගේ ආදරේ





 ගැන විතරක්ම ලියන්න හිතෙන්නේ ඒ ආදරේ හන්තානට උඩින් පායන





 පුර හදටත් වඩා ලස්සන නිසා............



ඇත්තටම මම ආදරේයි.................


                                                   


                                              2011/12/16

















හන්තාන ගැන කවි ලියන්න පෙරුම් පුරන අය කොච්චර නම් ඉන්නවද.


පෙරේදා හැන්දෑවේ හයට විතර අක්බාර් පාලම උඩින් යනකොට හන්තානේ පැත්තකට ගින්නක්


 ඇවිලිලා...තද රතු පාටට අක්බාර් පාලම උඩට පේනවා


...ඒ ගින්න නිවන්න යන්න බෑ වගේම,මගේ හිතේ ඇවිලුන ගින්න නිවා ගන්න බැරුව මම ලත වෙනවා....



අද වෙනකොට හන්තානේ ගින්න නිවිලම ගිහිල්ලා...



ඒත් මගේ හිතේ ගින්දර කවදා නිවේවිද?........





                                                           2012/01/ 14         

16 comments:

  1. හන්තානට පායන හඳ,
    ලස්සනයිද කියන්න...
    මා නොදකින ඒ පුරහඳ,
    ඔබට හැකිය දකින්න...

    ReplyDelete
  2. ඉක්මනටම නිවේවා කියලා ප්‍රාර්ථනා කරනවා.... :)

    (නිවෙන්න පුළුවන් විදිහේ ගින්නක් නේද මචං....නිවන්න අමාරු නම් අළුත් විදියට පටන් ගනින්...)

    ReplyDelete
  3. උඹ අවුලෙන් ඉන්න බව නම් තේරුනා,ඔවා එච්චර හිතන්න එපා මචන්,කාලයට ඉඩ දීපන් හෑමදෙම වෙන්නේ හොදට කියලා හිතපන්,අනික උඹ්ට නෑති දෙට වඩා තියන දේ ගෑන හිතපන්,උබට ජය .....!!!!!!!!!

    ReplyDelete
  4. මල්ලි දැන් ඔහේ උෂ්නත්වය කීයද???

    ReplyDelete
  5. රත්ගමයා මේ ටික කාලෙට සෑහෙන්න වෙනස් වෙලානේ.. හන්තාන ගැන කියන්න දේවල් නම් කොච්චර තියෙනවද..

    ReplyDelete
  6. මේ කාලෙට හන්තාන ගිනි තියනවා.
    හොදට වේලිලා තියෙන ගස් ටික පිච්චෙනවා.
    අපෝ එහෙමත් අපරාදයක් !!!

    ReplyDelete
  7. හන්තානෙට පායන සද අපට නැත
    ජ'පුර වගේ එකට තුනක් අපට නැත
    කොළඹ වගේ හැඩ පොෂ් බඩු අපට නැත
    බීල ගත්තු ආතල් නම් එමට ඇත

    ReplyDelete
  8. ඒයි සහෝදරයා වතුර ටිකක් ගහල බැලුවේ නැද්ද? හන්තාන ලගින්ම නේද මහවැලිය ගලන්නේ බැහැල නෑවොත් ගින්න නිවෙයි.

    පොඩි විහිළුවක් කලේ. තරහ ගන්න එපා. හිතේ ඇති වෙච්ච ගින්දරක් නිවන්න බැහැ ලේසියෙන්. හැබැයි එකක් හන්තාන විතරක් නෙමෙයි ලංකාවෙ තියෙන කැලෑ ගිණිතියන එවුවො ගැන නම් දෙයියොම බලත්වා.

    ReplyDelete
  9. කාලයත් එක්ක ඔය ගිනි ඔක්කොම නිවිල ගිහින් ලස්සන මල් වත්තක්ම හදේ පිපේවා.... [කෝ මේ කුප්ප ගති... ? ගෑවිලාවත් නෑ ]

    ReplyDelete
  10. කැම්පස් යන්ට "වරම්" නැති වුනාට අක්බාර් පාලම උඩට වෙලා මමත් දවසක් දා කවියක් නම් ලිවුව.... මම ඒ කවිය ලියල දුන්න කෙනා මගෙ කවියත් අරන් "වරම"ත් අරන්යන්ටම ගියා..... ඒක ලිවුවෙත් ඔන්න ඔය අක්බාර් පාලම උඩ ඉදන් 2008 වර්ෂයෙ එකමත් එක දවසක.... ඒ මම ඔය පාලම උඩට ගියපු දෙවෙනි සහ අවසන් වතාවෙ...

    ReplyDelete
  11. උබ මොනාදෝ ගැන කියනව වගේ... ඕනි මඟුලක් කියල ඔන්න ඔහේ ඉන්න උන් ටිකක් අරන් වරෙන් හෝ ගාන පොකුණ පෙන්නන්න

    ReplyDelete
  12. මාත් ඔහේ හිටියා කාලයක්.. හන්තානට ගියාම විකාර හිතෙනව කියන්නෙ ඇත්ත වෙන්ටැ..
    ඕනි විකාරයක් කියල හිතට වතුර බාල්දියක් ගහන්ට මලේ.. හන්තානෙ ලස්සන විතරක්ම බලල.. අර නිවුනු හන්තානෙ ගින්න වගේ නිවිලා යාවි..

    ReplyDelete
  13. හන්තානේ සිසිලසෙන් ඹබගේ සිත සිසිල් වේවා!!!

    ReplyDelete
  14. hanthana gana kawi,kathandara ambanak liyapu ohegen bokken love krpu kella pera uni ekta therila inna benthara gagenuth meha hadda game kollek cmpus 1 gna ohegen dna gnna kemathi...ohe kyna katha nm pankadui...

    ReplyDelete

ඔබේ වචන මට හයියකි...මේතන ලියා යන්න(ඔන්න හොදින් කිව්වා..අඩෝ...ලිව්වේ නැතිනම් කපනවා ඩෝ...)