Sunday 1 January 2012

මල්ලී ලංකාවෙන් දෙක වීම නිසා අයියාට ලැබෙන බෙනිෆිට්......





                               අපේ එකාටත් ඕනෑ නැති මගුලක් නැත.රටේම ඇති ඇට්ටර වැඩ කොර මූ ලංකාවෙන් දෙකද වූයේය.
මූ දෙක වීම අයියා වශයෙන් මට අම්බානෙක බලපායි.


                   අප මේ ටොපික් එකේදී සාකච්චා කොරන්නේ බෙනිෆිට් ගැන පමනි.
පලමු බෙනිෆිට් එක ලෙස මා දකින්නේ මල්ලීගේ මීඩියා කෝඩිනේටර් ලෙස කටයුතු කිරීමට අවස්තාව සැලසීමයි.එන තරමක් ඇමතුම් එන්නේ මගේ ජංගම දුරකතන අංකයටය.එය පට්ටා විනෝද රාජකාරියකි.වෙනදාට මොබිටෙල් ඩබල් බොනැන්සා එකෙන් එන කෝල් හැරෙන්නට මගේ ජංගම අටමගුලට කෝල් එන්නේ නැත.


                     පහු ගිය දොහේ එක් මාධ්‍ය ආයතනයකින් ඇමතුමක් ලැබුනි..
"හෙලෝ.....රවිදු ඉන්නවද...."
මාධ්‍ය සමග ගනුදෙනුවේදී පරිස්සම් වියයුතුය.ආචාරශීලී විය යුතුය..

"හෙලෝ..සුබ උදෑසනක් මහත්මයා.මම රවිදු මහත්මාගේ (නොදකින් මට මූට මහත්මා කියන්නට සිදුවිය ) සහෝදරයා කතා කරන්නේ..ඔබතුමා කවුද? "

"සුබ උදෑසනක්..අපි XXX පත්තරෙන් (XXX ලෙස දැමුවේ අසභ්‍ය පත්තරයක් නිසා නොව මාධ්‍ය ආයතනයේ නම නිර්නාමික කිරීමටය ).අපිට රවිදුගේ ඡායාරූපයක් ගන්න පුලුවන්ද.."

"ඉකේ...අපේ මල්ලි දැන්ම බදින්නේ නෑ යකෝ..චික් විතරක්..ඒ කිරිසප්පයගේ පොටෝ ඉල්ලන්න ලැජ්ජ නැද්ද"

"මහත්මයා වැරදියට තේරුම් අරගෙන..අපට ඕනෑ උඩුකය ඡායාරූපයක් පත්තරේට දාන්න ප්‍රතිඵලයත් එක්ක...."

"ආ ඒක මිසක්..එහෙම කියන්න එපැයි...මම හිතුවා මේ මංගල යෝජනා තීරයෙන් කතාකරනව වත්ද කියලා..උඩුකය නිරුවත් ඡායාරූපයක් නම් ඇති...ඕන නම් ඇදුම් අන්දවලා ගන්න.."

එක වරම අසභ්‍ය වදනින් බැන වදින සද්දයකුත් දඩාස් ගාන සද්දයකුත් සමග ඇමතුම විසංදි විය...
අද කාලයේ මාධ්‍ය ආයතන වගකීමෙන් තොරව කටයුතු කරනා බව බොද මීදුම් නාට්‍යයේ සංසලා නංගි ධනුක අයියාට කනට කර පැවසූ කතාව මට සිහිපත් විය...

            කෙසේ හෝ එක් වරක් දෙවරක් නොව කිහිප වරක්ම මල්ලීට පින් සිද්ද වෙන්නට පත්තරයට මුහුන ඔබා ගැනීමට මට අවස්තාව ලැබුනි.

   මල්ලිට පැමිනි කරදර අතර ටියුශන් සර්ලාගෙන් පැමිනි කරදරද අනන්තය අප්‍රමානය.මම අපමන වෙහෙසක් ගෙන මල්ලී හැදුවේ එක එකාට නම පෝස්ටර් වල හා හෑන්ඩ් බිල් වල ගසා ගැනීමට නොවන බව මම වගකීමෙන් ප්‍රකාශ කරමි.
                  මූ දැන් දේශපාලකයෙක් වගේය.යන යන තැන කතා පවත්වයි..මු දෙන්නේ හෙන පොර ටෝක් ය.
ලගදී දවසක පැවැත් වූ කතාවක මූ උජාරුවෙන් මෙසේ කියයි.....

"මම පොඩි කාලේ ඉදලම පිලිවලකට වැඩ කරා.(උන් මුගේ පුද්ගලික විස්තර නොදන්න නිසා හොදය ).ඇත්තටම මගේ ගම රත්ගම..."

එසේ කියනවා සමගම පන්තිය පුරා කසුකුසුවක් සමග හිනා හඩකි...

"ඇයි ඔයාලා හිනා වෙන්නේ රත්ගම කිව්වහම"

මල්ලී පෙරලා ප්‍රශ්න කරයි..

ඉස්සරහම සිටින කට හැකර පොඩි එකෙක් මෙසේ පවසයි..

"නෑ අයියේ..රත්ගම කියන නමෙන් මෙලෝ රහක් නැති බ්ලොග් එකක් ලියන මඤ්ඤන් බුවෙක් ඉන්නවා..අයියා ඒ ඩයල් එකගේ නෑයෙක් කියලා හිතලායි කට්ටිය හිනා උනේ..."

එතනින් එහාට මල්ලී "ර" යන්න කිව්වේද දෙවරක් හිතා බලලාය

            අපමන වාසි අතර අවාසි කිහිපයක් ද ඇත.මම ඒවා සැකව්න් ප්‍රකාශ කරමි.
දෙක වීමට පෙර මූ මට වැන්දේ අවුරුද්දට පමනි.ඉස්සරහට ඒ වදින එකත් නැත.
මූට කියා වන්දවා ගැනීමේ ආසාවක් මට නැත.(නෑ මම මේ සිරාවට කියන්නේ...අපිට මක්කටෙයි අනේ ඔය කාටවත් කියලා වන්ද ගන්නේ..)

                     අද හවස් වරුවේ බඩගින්න නිසා මාලුපාන් ගෙන්නා ගත්තෙමු..මාලුපාන් මල්ලත් රැගෙන ගෙට ගොඩ වූයේ මල්ලීය..චූටි මල්ලීට සහ මට මාලුපාන් එක බැගින් වෙන් කල මූ ගෙඩි දෙකක් ගත්තේය..ලංකාවෙන් දෙක වුවත් මූට බෙදාගෙන කන පුරුද්දක් නැත.වෙනදාට නම් දෙකක් ඇන චූටි එකා සහ මම ඉතුරු මාලුපාන් ගෙඩිය උදුරාගෙන කෑවද දැන් එසේ කිරීමට නොහැකිය.
ලාවට දෙකක් ඇන්නද මාධ්‍ය ආයතන වලින් ඒ සිදුවීම ටොම්බා සයිස් අකුරු වලින් මුල් පිට්ටේ දමයි.. 
''ලංකාවෙන් දෙවනියාට අමානුශික ප්‍රහාරයක්''
හිරේ යාමට මා තුල එතරම් කැමැත්තක් නැති බැවින් මම එක මාලුපාන් ගෙඩියකින් සෑහීමකට පත් වුනෙමි..
           මූ නිසා මට රටේ ලෝකේ මිනිස්සුන්ට පාටි දීමටද සිදුවී ඇත..පාටි නොදෙනා තුරු කැම්පස් එකට මාව වද්ද ගන්නේ නැති බවට තර්ජනය කරමින්  නිර්නාමික මිස්කෝල් වගයක් ඇවිත් තිබුනේය
කැම්පස් එකට ඇතුලු වූ සැනින් අල්විස් පොකුනේ පතුලේ ගැඹුර බැලීමේ අවස්තාවද ලැබෙනු ඇත..මක්කා කොරන්නද....
මෙහෙව් මල්ලී කෙනෙක් මටම වාසනාවක් ය....


ප.ලි - මල්ලීට (මේ පෝස්ට් එක දැකලවත් මට වැදපන් ඊලග අවුරුද්දේ )
             පෝස්ට් එක කොටය. ගෙදරින් පිටත් වීමට පෙර ඉක්මනට        දැමුවෙමි...අනේ දෙවියනේ මිඩ් exam එක කල් පලයා...න්

38 comments:

  1. මගේ මලයා නම් උසස් පෙල ෆේල් වුණු නිසා මගේ ඔද තෙද මුළු හතර වරිගය පුරාම තව තවත් පැතිර ගියේය.

    ඒ කතාව කොටස් කීපයක කයි-කතන්දරයක් ලෙස ලියූ නිසා නැවත නොලියමි.

    මළයාත් පේරා යන්නද ඉන්නේ?

    අල්ලිස් පොකුණ ගැන සඳහන නිසාය ඇහුවේ.

    ReplyDelete
  2. සිකේ මෙහෙමත් කුජීත අයියලා

    ReplyDelete
  3. උඹ වගේ අයියා කෙනෙක් ඉන්න මල්ලි පට්ට වාසනාවන්තයි බං සිරාවටම.. :P උට ඉතින් බොක්කෙන්ම සුබපැතුම්..!

    ReplyDelete
  4. පාටි නොදෙනා තුරු කැම්පස් එකට මාව වද්ද ගන්නේ නැති බවට තර්ජනය කරමින් නිර්නාමික මිස්කෝල් වගයක් ඇවිත් තිබුනේය

    මිස් කොල් එකෙන් එහෙම කියන හැටි කියලා දියන්කෝ.......වැචගත් වැඩක් තිබේ

    ReplyDelete
  5. මුට පුදුම ඉරිසියවක් තියෙන්නේ :D

    ReplyDelete
  6. අයියා පත්තරේ වැටෙන එක මරුනේ බං....උඹට තියෙන ඉල්ලුම වැඩි වෙයි....හි හි....මිඩ් කල් යන එකක් නෑ...
    සුභ අළුත් අවුරුද්දක්

    ReplyDelete
  7. අයියටයි මල්ලිටයි දෙන්නටම සුභ පැතුම්....

    ReplyDelete
  8. පට්ට වැඩේ කියන්නෙ මිස්කෝල් වලින් බොට තර්ජනය කරන එකනෙ...අඩේ කියපන්කො කොහොමද කරන්නෙ කියලා...ගානත් ඉතුරුයිනෙ...

    මල්ලිට සුභ පැතුවා කියපන්!

    ReplyDelete
  9. මල්ලිට තදින්ම සුබ පතන අතර ... උඹට සුබ අලුත් අවුරුද්දක් පතමි.

    ReplyDelete
  10. ප.ලි.
    මට අමතක වුනා උඹට '' ඉකේයිය'' කියන්න.

    ReplyDelete
  11. මල්ලිට තදින්ම සුබ පතන අතර ... උඹට සුබ අලුත් අවුරුද්දක් පතමි.

    ReplyDelete
  12. අල්විස් පොකුණේ රෑට පොන්ඩ් වේවා !!!
    උදේ පාන්දරම ඇඟේ ලේ සුද්ද කර ගත්තා. රවිඳු ඉරිඳු අනිත් එකාගේ නම මොකද්ද ?

    මල්ලිට හදවතින්ම සුබ පතන අතර රත්ගමයාට සුබ නව වසරක් වේවා කියා විතරක්ම පතමි !

    මේ දවස්වල මල්ලිට වෙනම ආරක්ෂක සැලසුමක් යොදවන්න වෙයි නේ. ඒකට වැඩ පිලිවෙලක් යොදවලාද තියෙන්නේ ? හික්ස් :)

    ReplyDelete
  13. මෙහෙවු අයියලා ලැබීමට මල්ලිලා වාසනාවන්ත විය යුතුය.
    හරිද මංද?

    ReplyDelete
  14. @ මධුරංග :- අනිත් එකා නිරිඳු වෙන්ඩෑ...

    ReplyDelete
  15. අපිත් රවිදුව දැක්ක පත්තරෙන්.පැහැදිලි ඊරිසීයවක් තියෙන්නෙ මල්ලි බොලාට වඩා උඩ යයි කියල.:))

    ReplyDelete
  16. මෙහෙමත් කුජීත අය්යෙක් හෑබෑටම .... :P

    ReplyDelete
  17. "මම අපමන වෙහෙසක් ගෙන මල්ලී හැදුවේ එක එකාට නම පෝස්ටර් වල හා හෑන්ඩ් බිල් වල ගසා ගැනීමට නොවන බව මම වගකීමෙන් ප්‍රකාශ කරමි."
    හිකිස්ය.... මල්ලිට සුභ පැතුම්ය...

    ReplyDelete
  18. අනේ බන් උබ පේරේ ගියාට හැදිලා නැනේ....
    සුභම සුභ වඩේ වැඩි වැඩියෙන් ලැබෙන අළුත් අවුරුද්දක් වෙවා..!!
    මල්ලිටත් කියපන්

    ReplyDelete
  19. මෙන්න අපිත් ලිව්වා හොදේ.... උඹටත් උඹේ දෙවෙනියා වූ මල්ලීටත් පවුලේ සැමටත් සුබම සුබ නව වසරක් වේවා....!!! මල්ලිටත් මගෙන් උණුසුම් සුබ පැතුම්....!!!

    ReplyDelete
  20. මේ.. නොදන්නා කමටයි අහන්නේ.මිස් කෝල් ඒකෙන තර්ජනය කිරීම දරුනුගනේයේ අපරාධයක්ද .

    ReplyDelete
  21. රවිඳු ඉරිඳු අනිත් එකාගේ නම විරිඳු වෙන්නෝන මම හිතන්නේ! ඩබලටම සුබ අලුත් අවුරුද්දක් වේවා! හැම බලාපොරොත්තුවක් ම ඉෂ්ඨ වේවා කියලා මමත් ප්‍රාර්ථනා කරනවා!

    ReplyDelete
  22. ඔබටත් ඔබ සමඟ සිටින සියල්ලන්ටත් 2012 සුභම සුභ නව වසරක් වේවා !

    ReplyDelete
  23. ඔන්න ඕකට තමයි ඊර්ෂියාවෙ සන්තෝසෙ බෑ කියන්නෙ

    ReplyDelete
  24. හපුච්චියේ.....මෙහෙමත් අජූත වැඩ කරන එව්න් ඉන්නවනේ.....කොහොමහරි කමක් නෑ.ඔයාටත් ලැබුවා වූ නව වසර සුභම සුභ නව වසරක් වේවා කියල කෝඩුකාරයත් එක හිතින්ම ප්‍රාර්ථනා කරනවා...!!

    ReplyDelete
  25. මිස් කොල් නං තර්ජනේ කලේ කොහොමෙයි...

    එ්ක නෙවෙයි, අර ඔයාගෙ මල්ලියි ටියුෂන් කාරයෙක්ගෙයි හුටපටයක් ගැන මූනුබුකියෙ දාල තිබ්බ නේද?

    ReplyDelete
  26. මල්ලී නෙව හැබෑ හපනා . යකඩෝ මලයා ලංකාවෙන්ම දෙක වුණා . ඒක සාධාරනයි මොකද කීවොත් ඌ පවුලේ දෙවනියා උඹට බැරි වුණේ මොකද එක වෙන්න . උඹ නෙව පලමුවැනියා

    සුබ නව වසරක් වේවා !

    ReplyDelete
  27. සුභ නව වසරක් රත්ගමයෝ....

    ReplyDelete
  28. උබ මලයගේ සෙකට්‍රි වියන් බන්... හික් හික්... ස්කෝලෙ කොල්ලෙක් නෙ.. උපරිමෙන්ම හැපි.

    ReplyDelete
  29. සුභ නව වසරක් වේවා....

    මල්ලිටත් සුභ පැතුවා කියන්න...

    ReplyDelete
  30. ඉකෙයියා රත්ගමයෝයෝ යෝ යෝ යෝ යොර් ..
    මල්ලිට සුභ පැතුවා කියන්නන න නනන..
    අපිට සන්තෝසයි කියලත් කියන්න...
    තව හැපි නිවු ඉයර් කියලත් කියන්න...

    ReplyDelete
  31. මුගෙ ඉරිසියාවෙ තරම, මේ සබ්ජෙක්ට් එකට දාපු දෙවෙනි පෝස්ට් එක, චික් විතරක් !!

    ReplyDelete
  32. මල්ලිට අපෙනුත් සුභපැතුම්...

    ReplyDelete
  33. යකෝ ....
    මට කියපන් මිස් කොල්ස් වලින් කොහොමඩ තර්ජනය කරන්නෙ කියල......
    :D

    ReplyDelete
  34. මෙවන් අයියලා වෙන කොයින්දා
    මෙවන් මල්ලිලා වෙන කොයින්දා :))

    ReplyDelete
  35. මල්ලිට සුබපැතුම් වේවා..ආපු මුල්ම දවස අද..සතුටුදායක පුවතක්නෙ අහන්න ලබුනෙ..මේ පෝස්ට් එක කියවල ඔන්න අපේ නංගි එයාව දන්නව කිව්වා..එයාලගෙ ක්ලාස් එකටත් ඇවිත් මල්ලි කතා කලා කියන්නෙ..:D

    ReplyDelete
  36. චැහ්.. ඉරිසියාව මුගේ මෙව්වා එකෙන් ඉතිරෙනවා...

    ReplyDelete
  37. hey hey me rainage aiyada,,, mama aka danne danne, rathgamayai, rainai dennama dannawa, ath nakama danne danne ela ela :D

    ReplyDelete

ඔබේ වචන මට හයියකි...මේතන ලියා යන්න(ඔන්න හොදින් කිව්වා..අඩෝ...ලිව්වේ නැතිනම් කපනවා ඩෝ...)