Tuesday 27 December 2011

මල්ලී ලංකාවෙන් දෙක වීම හා මට කෙලවීම......

ටොපික් එක බැලූ විට පාඨකයාට ජුගුප්සාජනක හැගීමක් ඇතිවනු නිසැකය.
මක්කා කොරන්නද..කතාව ඇත්තය.අපේ කිරිසප්පයා ලංකාවෙන් දෙකය(උසස්පෙල මෙව්වා එකෙන්).ඌව ඉඹින්නට තරම් මට සිතේ.ඒත් ඌ මට කියා ඉම්ඹව ගන්නේ නැත.
පොර කොරේ කොමර්ස්ය.අයියා වගේ පොරක් වන්නට සයන්ස් කොර ඇන ගත්තේ නැත.ඒ අතින් ඌ දිනුම්ය..ඌ දිනනවා කියන්නේ අයියාද දිනුම්ය.
ඇස්.බී මමාගේ වැඩ සුපිරිය.ඒ ගැන කතා කොර නැති ලෙඩ දමා ගැනීමට බැරිය...
ඉතින් හිතවත් පාඨකය,
ඔන්න ඔය යටින් දාන කිරිබත් කෑල්ලක් කාලා ප්‍රීතිය බුක්ති විදිමු.වෙලාවක් ලැබුනු සැනින් මලයා සමග පවත්වන සම්මුඛ සාකච්චාවක් දැමීමට බලාපොරොත්තු වෙමි....
මලයෝ....උඹට ජය!!!!
           මීට,
          විශ්වාසි 
          ලොකු අයියා


පලි - මල්ලීට මංගල යෝජනා ඕඩර් බාරගනු නොලැබේ...

60 comments:

  1. මල්ලිට සුභම සුභ පැතුම්

    ReplyDelete
  2. මල්ලියාට සුබ පැතුම් .මල්ලි දස්සයා බොලාට වඩා.

    ReplyDelete
  3. මොකද අර මට කෙල වීම කියල දාල තියෙන්නෙ?හූ හූ දැන් ඔයාව ගනන් ගන්නෙ නෑ අම්මලා මගෙ පොඩි පුතා තමා දස්සය කියයි.

    ReplyDelete
  4. මුගේ ඉරිසියාව. කොල්ලා ගොඩ ගියාට :D
    දැන් ඉතිං මූට ගෙදරින් ආදරෙ නැනේ.. හූ හූ
    අඩෝ අර අක්කට තුරුල් වෙලා ඉදපං.. ඔය පොඩි එකාට ඉරිසියා නොකර :D ;ඩ

    ReplyDelete
  5. අඩෝ..කොල්ල දෙක වුනා නේ එහෙනම්..හොඳයි හොඳයි..
    සුභ පැතුම්!!!

    (මේ පාර මහින්දෙට මොකෝ බන වුනේ??)

    ReplyDelete
  6. අනේ අයියා.. එයාගේ tp no එක දෙන්නකෝ.. plz plz plz.. !!

    ReplyDelete
  7. ඉරිසියා පාර නොදා හිටපන්... අපිටත් ඔහොමම තමයි වුනේ මැත කොරල...

    මලයට සුභ පැතුව කියපන්!...

    ReplyDelete
  8. මල්ලිට සුභ පතනවා!
    "මල්ලීට මංගල යෝජනා ඕඩර් බාරගනු නොලැබේ" කියලා දැම්මේ? දැන් හිටු කියලා එනවා ඇති නේ? :D

    ReplyDelete
  9. උනුසුම් සුබ පැතුම් (උබට නෙමෙයි මල්ලිට )
    හවසට උබලාගේ ගෙවල් පැත්තේ ආවොත් කිරිබත් කන්න පුලුවන්ද?

    ReplyDelete
  10. අඩේ මම හිතුවා බයිසිකලේ කල්ච් එක මාරු වෙන බොට වඩා ඌ දස්ස ඇති කියල...ඌට ත් මල්ලි නිසා ප්‍රස්ද්ධ වුන ආයියාටත් මගේ උනුසුම් සුභ පැතුම්..

    ReplyDelete
  11. අ‍ඩේ සුභම සුභ පැතුම්.....

    ReplyDelete
  12. ඔන්න රත්ගමයෝ මල්ලිටයි බොටයි දෙන්නාටම මගෙන් සුභ පැතුම්.

    ReplyDelete
  13. ඇස් බී මාමා මුගේ මොලේ සෝදා පාලුවට ලක්කොට ඇතිබව පෙනේ.... මේ ඔක්කොම මූ අර නායකත්ව පුහුනුවට ගිය පසුය එතැන්පටන් මුගේ කුප්පකම් වලින් 80%ක් පමන නැතිවිය මුගේ අවසන් කුප්ප පෝස්ටුව (මගේ මතයේ හැටියට) වුයේ ජුලි 16 වන දින දැමූ කැම්පස් යාමට පෙර රත්ගමයා !!!!....... නම් පෝස්ටුවයි එයද මතුසම්බන්ධයි කියා දැම්මත් තවමත් එහි ඉතුරු කොටස් පලවී නැත එතැන් පටන් මූ ලියූ පෝස්ටු සියල්ලම වාගේ කුප්ප ගතියක් ගත්තේ නැත මේ ඉන්නේ එදා සිරි රත්ගමයානම් නෙවේය පේරේ ගියපසු මූට මොකක් හෝ වී ඇත.... සමහරවිට කුප්පකම් අමතක වෙන්නම මූ සුපිරි රැග් එකක් කන්නට ඇත.... මේ සම්බන්දව මාගේ ශෝකට ප්‍රකාශ කර සිටින අතර බොගේ මල්ලියාට සුභ පතමි

    ප.ලි.
    ජනවාරි මුල් සතිය දෙක ඇතුලත උබ ගාල්ලට එනවද අපිටික ආපහු සෙට් වෙන්නයි කතාකරේ ඒ සති දෙක ඇතුලත කොහෙද බොට ගියපාරත් එන්න බැරිවුනානෙ එස් බී මාමා උබව නායකයෙක් කරන්න ගෙනිච්චානෙ....

    ReplyDelete
  14. එලකිරි.... සුභ පැතුම්!!! උඹ ඌත් එක්ක තියන තරහකටද ප්‍රථිඵල ආපු ගමන් මංගල යෝජනා හොයන්නේ????

    ReplyDelete
  15. මල්ලී දෙක වී අයියාට කෙල කිරීම පිළිබඳ මාගේ බලවත් ප්‍රීතියි!!!

    ReplyDelete
  16. 2ක වුණු මල්ලිටද කෙළ වුණු අයියාටද මගෙන් උණුසුම් සුභ පැතුම්.... :) මල්ලීට තව තවත් හොද වෙයන්..අයියාට තව තවත් කෙළ වෙයන්.. :D :P

    ReplyDelete
  17. එහෙනම් ඔයාට මංගල යෝජනා ගන්නවද?

    ReplyDelete
  18. S B mama la ge kattiya karana weda ohoma thami

    ReplyDelete
  19. සුභ පැතුම මලයෝ... ඌත් මේක හොරෙන් බලන්වනෙ....;DD

    ReplyDelete
  20. මලයාට මගෙනුත් උණුසුම් සුබ පැතුම්....!!

    ReplyDelete
  21. මල්ලිට ජය වේවා... :D

    ReplyDelete
  22. මල්ලිට හා අයියාට ජය වේවා!

    ReplyDelete
  23. මලයාට සුභ පැතුම්....

    ReplyDelete
  24. අපිත් සුභ පැතුවා කියල කියන්කො එහෙනම් !

    ReplyDelete
  25. මගෙනුත් සුභපැතුම්!!!

    ReplyDelete
  26. එළ එළ මලයාට සුභ පැතුවාය කියන්න.....

    ReplyDelete
  27. ඒ රත්ගමය මේ අඩේ උබෙ යාලුවෙක් කියන්ඩත් අපිට ආඩම්බරයි බං ඈ..... උබලදෙන්නටම ජය වේවා ඈ...

    ReplyDelete
  28. සියලු සයන්ස් කාරයෝ අනිත්්‍යයි . . . නොපමාව කොමස් කරන්න . . .

    ඔය කතාව ඇත්ත කියල මට වැටහුනේ මගෙ ඒ ලෙවල් රිසාල්ට්ස් ආවට පස්සෙ බං . . .

    මලයට සුභ පැතුව කියහං

    ReplyDelete
  29. මළයට ෂුභපැතුම් කිව්ව :)

    ReplyDelete
  30. නුඹගෙ කිරිබතට කිරි මදි හැඩයි. මල්ලි කැමතිනං රටවල් වලිං ශිෂ‍යත්ව ලබාදෙයි. නුඹගේ පවුලටම ජය. නුඹලාට ජයනං කවදා හරි නුඹලා රට භාරගත් දාට අපටත් ජය ඒකාන්තයි..........

    ReplyDelete
  31. මල්ලී සුපිරිය.. රත්ගොමයාට කෙලවී ඇත්තේ කෙසේදැයි සඳහනක් ද නැත.. :P:P... කෙල වීම කෙසේ වෙතත්.. කිරිබත් දුටුවිට කෙල ගිලේ.. :D... ස්තූති වේවා..!!!

    ReplyDelete
  32. මලයට සුභ පැතුවා කියන්න.
    බලන් යද්දී දැන් ඔයත් ලේසි පහසු කෙනෙක් නෙවෙයි නේ.එල එල.

    ReplyDelete
  33. උඹ මොකෙද්ද බං මල්ලිනේ නියම පොර ..

    මල්ලිට මමත් සුබපැතුවා එහෙනම් .

    ReplyDelete
  34. ඔන්න එහෙනම් මල්ලිටත් සුබ පැතුම්
    -අපේ සෙට් එකෙන්-

    ReplyDelete
  35. අඩෝ ඒ උබේ මල්ලිද??රවින්දු සුපුන් ලියනගෙ.මට ඉස්කෝලෙ ට්විටර් එකෙන් මැසේජ් එක ආවා.උබෙ මල්ලි කියල කව්ද දන්නෙ.මල්ලිලෑ මල්ලිට මගේ සුභ පැතුම්!සුභම සුභ පැතුම්!!!.එළ කොල්ලෙක්නෙ.
    Proud to be a Richmondite.

    ~ආදී~

    ReplyDelete
  36. අපි දෙන්නගෙනුත් සුභ පැතුම් මල්ලිට....... මං හිතුවා මෙහෙම පෝස්ට් එකක් වැටෙයි කියලා.....

    ReplyDelete
  37. අපෙන් සුබ පැතුම්!

    ReplyDelete
  38. හි හී.... කිරිබත් සංග්‍රහය නම් පංකාදුයි......

    ඔන්න මමත් මල්ලිට සුබ පතනවා රත්ගමයෝ!!!!!!!

    ReplyDelete
  39. මල්ලී විසින් අයියාට අමතක නොවන මහා කුප්පකමක් කර ඇත...
    හිකිස්....

    ReplyDelete
  40. චැහ්.. අහෝ මෙපමණ කලක් අප වැටී හුන් මුළාවක මහත. මලය නෙව වැඩකරු. මූ මෙකෙක්ද චිහ් !

    ReplyDelete
  41. හී හී හී පුවත්පත් ලිපිය දු‍ටුවෙමි, මලයා වැඩකරුවෙක් බව පෙනේ. . . රත්ගමයා කුප්පකම උපෙස් යුවලෙන් වසාගෙන සිටිනු දුටිමි.

    ReplyDelete
  42. උඹේ මලයට කෝඩුකාරයාගේ සුභ පැතුම්.......

    ReplyDelete
  43. අඩෝ.. උඹ දාන පාටියකට මාත් එනවා.. එල එල.. මල්ලි ට සුභ පැතුම් ගෙන එන්නේ මම..තව ඕන නම් එහෙන් මෙහෙන් තව ටිකක් එවුන් සෙට් කරලා දෙන්නම්..

    ReplyDelete
  44. ප්‍රීතී ප්‍රීතී.... අයියාට කෙළ වීම සහ මල්ලි දෙවනියා වීම ගැන මාගේ සාතිශය ප්‍රීතිය!!!

    ReplyDelete
  45. මල්ලීට සුභ පැතුම්.උඹලා ඉන්නේ ගමක නම් මල්ලිට ඇස්වහ මතුරලා දෙහි ටිකක් කප්පෝපං

    ReplyDelete
  46. මමත් සුබ පැතුවයි කියන්න....

    ReplyDelete
  47. පොඩි වඩේ ට සුභ පැතුම් ඔන්න.......!!!. අනේ උබ ගැන නම් කියන්න දෙයක් නෑ...

    ReplyDelete
  48. ලබන්නාවූ 2012 නව වසර ඔබ ඇතුළු පවුලේ සැමගේ සුභ සිහින ඉ‍ටුවන සුභම සුභ නව වසරක් වේවා - [නවම්-චූටිමැණිකේ-ලීනු]

    ReplyDelete
  49. ඒ උඹේම මල්ලිද බං?

    ReplyDelete
  50. ඔය වගේ කෙලියක් තමා මටත් සිද්ධ උනේ. අපේ මල්ලි මට වඩා සෑහෙන්න හොදට පාස් උනා. මට කෙල උනා.

    රත්ගම මල්ලිගේ මල්ලිට (වැරදියට හිතන්නෙපා) මගේ සුබ පැතුම් !!!
    එල එල.
    මල්ලිගේ සරසවි ජීවිතයට සුබ පතනවා.

    ReplyDelete
  51. සුභ නව වසරක් වේවායි පතනවා..මගේ යාළු..!

    ReplyDelete
  52. මලයාට සුබ පැතුම්, මචන් උබත් ඔය මොකක් හරි ලේසි විභාගයක් කරල රෑන්ක් එකක් දාපන්. හික් හික්

    ReplyDelete
  53. පොඩි එකාට තදට සුභ ප්‍රාර්ථනා එක් කරන අතර රත්ගමයා අයියේ උඹට ඉක්කේයියා කියමි !

    ReplyDelete
  54. ඔයාගේ බ්ලොග් එකට ඔයා කැමති .com .net .org .info වගේ top level paid domain එකක් දිනාගන්න
    අලුතින් වෙබ් එකක් හදන්න paod domain name එකක් සහ paid hosting දිනාගන්න
    දැන්ම එකතුවන්න
    http://www.sinlix.org/info/free_domain_hosting.html

    ReplyDelete
  55. mallita suba pethum ... aiyata hada wede huu huuuu......

    ReplyDelete

ඔබේ වචන මට හයියකි...මේතන ලියා යන්න(ඔන්න හොදින් කිව්වා..අඩෝ...ලිව්වේ නැතිනම් කපනවා ඩෝ...)