Sunday 7 September 2014

සචිනි , මගේ කුක්කු බෝලේ... ( චූටි මල්ලීගේ පෙම්වතියට ලියූ ලියුම)


අවවාදයයි - මෙම ලිපිය පෙර ලියූ ලිපියක් හා බැදේ..එබැවින් එය පලමුව කියවා මෙය දෙවනුව කියවන්න.


සචිනි , මගේ කුක්කු බෝලේ...
ඔයාට කොහොමද කුක්කු බෝලේ.මම නම් සුවෙන් සිටිමි.
මේ විදිහට ලියුම පටන් ගන්න කියලා මට කියලා දුන්නේ අපේ සිංහල ටීචර්.කුක්කු බෝලේ කෑල්ල මම අතින් දැම්මේ.මට ඔයාව නිතරම මතක් වෙනවා සචිනියෝ.
චූ කරන්න ගියත් මතක් වෙන්නේ ඔයාවමයි.සමහර වෙලාවට විනාඩි විස්සක් විතර ඔහේ කල්පනා කර කර ඉන්නවා ලැට් එකට වෙලා.බලන්න,හොර කෙල්ල,මට නිදහසේ ඒ වැඩේ වත් කරගන්න දෙන්නේ නෑ නේ.
මට දැන් නින්ද යන්නෙත් නෑ කුක්කු බෝලේම මතක් වෙනවා.මගේ මල් මල් උරයක් තියෙන කොට්ට උරේ මම හැමදාම හපනවා.හපලා කටේ දාලා උරච්චි කරනවා.දැන් අම්මා වෙන කොට්ට උරයක් දාලා තියෙන්නේ ඒකට. 
"ඇදවල් වලට වේයෝ බෝ වෙලා කොට්ට උර හිටන් ගන්න දෙයක් නෑ මේ චූටි මල්ලිගේ ඇදේ" අම්මා ලොකු අයියත් එක්ක කියනවා මම අහගෙන. 
මට පිස්සු නේ හලෝ...ඔයාගේ ඔය ඇස් දෙක මාව පිස්සු වට්ටලා ඉවරයි මැනික
පෙරේදා මම අම්මත් එක්ක පොලේ ගියා.පොලේ තිබ්බ ගස් ලබ්බක් ගස් ලබ්බක් ගානේ මට මතක් උනේ ඔයාගේ මූන.අනේ මට ඔය මූන කන්න තියෙනව නම්.මට දහස් වාරයක් එහෙම හිතුනා.ඒත් කවුද දන්නේ.මට කලින් ඔයාව වෙන කෙනෙක්ට අයිති වෙයිද කියලා.පොලේ තියෙන ගස් ලබු ඕන කෙනෙක්ට අරගෙන යන්න පුලුවන්නේ..වෙන කෙනෙක් ලබ්බට වහ වැටෙන්න කලින් මට ඔයාව කන්න ඕන.
 අපේ අම්ම නම් කියන්නේ ලොකු අයියා කසාද බන්දලා දෙන්න වයස හරි කියලා..ඒත් මට හිතෙන්නේ ඌට කලින් අපි ඉක්මන් වෙන්න ඕන කියලා.අපි දෙන්නා 18 උන ගමන් බදිමු??
මට ඒ ප්‍රශ්නෙට නම් උත්තරයක් ඕනෙමයි.
ඒකට උත්තරේ "හා" නම් , හෙට කෝච්චියට නගිද්දී මගේ බුරිය මිරිකන් නගින්න , මම පා පුවරුවේ ඉන්නම් . "බෑ " නම් බුරියට ටිකක් යටින් මිරිකන්න.
ඔය ඉතින්.ඔයා මහ වලත්ත එකියක්.බුරියට යටින් කිව්වේ යටි බඩ මිරිකන්න.එක්කෝ ඕන නෑ.මට යටි බඩට කිති.
ආ.....කුක්කු බෝලේ....මම මේ අහන්නමයි හිටියේ , ඔයෑලෑ තාත්තා ඇත්තටම ඔයාගේ  Biological Father ද?
ඒ වචනේ මම හොයා ගත්තේ අපේ ලොකු අයියා  A/L කරද්දී යාලු වෙලා හිටිය බයෝ කරපු අක්කාගේ පොතෙන්.
ඒවයින් වැඩක් නෑ.අපි කතා කර කර හිටියේ ඔයාලෑ තාත්තා ගැන නේ...ඔයා වගේ ලස්සන දුවෙක් ඒ හිපෝපොටේ මස්කාරයට කොහෙන් ලැබුනද දන්නෑ.උගේ මූණේ හැටියට ඌට ලැබෙන්න ඕන කොන්ඩලීසා රයිස් වගේ දුවෙක්ව.ඔයා මම කියනවට කෝකටත් , ඔයාගේ අම්මගෙන් අහලා බලන්න.
මම අර ලොකු අයියා යාලු වෙලා හිටිය අක්කාගේ බයෝ පොත ඔක්කොම කියව්වා.
ඒ පොතේ හරි හරි ඒවා තිබ්බා..ලියුමෙන් කියන්න බෑ..කරලා පෙන්නන්න තමා වෙන්නේ..මම පස්සේ දවසක ඒවා කරන්නම්...නැති නම් මේ ලියුම දිග වැඩි වෙනවා..
මම හිතන් ඉන්නේ අපි දෙන්නගේ සම්භන්දේ ඉක්මනටම ගෙදරට කියන්න..අපේ ලොකු අයියා කෙල්ලෝ එක්දාස් හාරසිය විසි දෙකයි , කොල්ලෝ තුන්දෙනෙකුයි එක්ක යාලු වෙලා ඉදලා ඒ ඔක්කොම අම්මට මාට්ටු උනා..ඉතින් මේ සම්භන්දේ හොරෙන් කරලා risk එකක් ගන්න මට බෑ.ඒක නිසා ඉක්මනටම කියන්න වෙනවා.
මටත් ආසයි ඔයා වෙනුවෙන් ටජ් මහලක් හදන්න.ඒත් එයින් එකක් හදලා වැඩක් නෑනේ දැන් , කවුද කාලකන්නියෙක් ඒක කලින්ම හදලා නේ.කවුරුත් කරන දේවල් කරන්න එපා කියලා තමා ලොකු අයියා මට කියලා තියෙන්නේ.
ඌ කියන විදිහට කරොත් අපිට ලමයි හදන්න වෙන්නෙත් නෑ.ඇයි...මීට කලින් ගොඩක් කට්ටිය ළමයි හදලා තියෙනවනේ.
ලබන පෝයට අපි දෙන්නා හන්දියේ තියෙන බෝ ගහට පඩුරක් ගැට ගහලා අපි අපේම වෙලා ආත්ම දෙකක් ඉපදෙන්න කියලා ප්‍රාර්ථන කරමුද?  රුපියල් දෙකේ කාසියක් ගැට ගහලා ආත්ම දෙකක් ඉල්ලන්නත් මොකක්ද වගේ...විස්සේ කොල පහක් වත් තිබ්බ නම් ඔක්කොම එකතු කරලා ගැටගහලා 100ක් කරලා ආත්ම ටිකක් වැඩියෙන් ඉල්ලන්න තිබ්බා.ඒත් එක්කෝ ඕන්නෑ කුක්කු බෝලේ...එච්චර කල් එකට ඉන්න ගියොත් අපිටම එපා වෙයි.
 මේ ටික ලියලා මගේ අතත් රිදෙනවා අනේ.
ඒත් ඔයාගේ ඔය සුදු පාට නහය පොඩිය මතක් වෙද්දී තව ලියන්න හිතෙන , ලියලා මේ ලියුම කන්න හිතෙනවා..
ගිය සතියේ එක දිගට දවස් දෙකක් ඔයා කොච්චියේ එන්නේ නැතුව හිටියාම මම හිතුවෙ ඔයාටත් අහවල් වැඩේ වෙලා කියලා . 
ඔය ඉතින් , වනචර කෙල්ල!! හ... මම කිව්වේ එබෝලා වයිරස් එක ගැන...ඒක හැදිලා කියලා අප්‍රිකාවේ ගොඩක් අය ලෙඩ වෙලාලු. ඔයාලෑ තාත්තාකාරයා සෝමාලියන් ඩයල් එකක් වගේ නිසා කියන්න බෑ නේ..අනේ කෝකටත් පරිස්සම් වෙලා ඉන්න කුක්කු බෝලේ...මට කියලා කුක්කු බොන්න ඉන්නේ ( ටිපෙක්ස් එකක් නෑ..කුක්කු බොන්න ඉන්නේ නෙමේ කුක්කු බෝලේ කියන්න ඉන්නේ කියලා නිවැරදි වෙන්න ඕනේ ) ඔයා විතරයි.
අම්මා කොයි වෙලේ හරි කාමරේට එයි..තවත් ලිව්වොත් අම්මට සැක හිතෙනවා..

.මම අදට නවතින්නම්...හෙට උදේට කොච්චියේදී හම්බෙමු.

ප.ලි - ඔයාට වාරියපොල පැත්තේ නෑයෝ කවූරු හරි ඉන්නවද? ඉන්නව නම් දැන්ම කියන්න.

පස්සේ ප.ලි - බුරිය මිරිකන්න එපා හොදේ

Thursday 4 September 2014

-------- කවිකාරයා ---------------



" වාව්! මේක නම් ඇත්තටම ලස්සනයි " 
පොතේ එක් පිටුවක් කියවා අවසන් කල ඇය හුස්ම පහත නොහෙලාම පැවසූවාය.

"මොන? " 
නොසැලකිලිමත් බවක් බොරුවට මවා පාමින් මම පැවසූවෙමි.

" මේ තියෙන්නේ"
ලා රෝස පැහැයෙන් වර්ණ ගැන්වූ දඹරැගිල්ල පොතේ පිටුවක් මත තබමින් ඇය මා දෙස බැලුවාය...

ඇයගේ දෙනෙත් සහ මාගේ දෙනෙත් තත්පර කිහිපයක් යාවී තිබෙන්නට ඇත. යුවතිය පලමුවෙන්ම දෑස් ඉවතට ගත්තාය

"අයියමද මේ ඔක්කොම කවි ලිව්වේ? "
අසන්නට කිසිවක් සිතාගත නොහැකි වූ නිසාදෝ ඇය නොගැලපෙන ප්‍රශ්නයක් ඇසුවාය.

"නංගි...මම යන්න ඕන... ලෙක්චර් එකට තව විනාඩි පහයි තියෙන්නේ"
ඇ‍යගේ ප්‍රශ්ණයට පිලිතුරක් නොදුන් මම , මෙතනින් ගැලවී යැමේ අදහසින් පැවසීමි.

"කෝ ඉතින් මගේ ප්‍රශ්නෙට උත්තර දුන්නේ නෑ නේ..මේ ඔක්කොම කවි ලිව්වේ අයියමද?"

"ඔව් " යැයි හැගවෙන පරිද්දෙන් මම හිස සෙලවීමි.

"කවිකාරයා" 

හිස මදක් ඇලකරමින් සිනහසෙමින් ඇය මුමුනයි..
ඉන් පසු සිනාසෙයි..

"ඇත්තටම මෙහෙම උනාද? "

"මේ ලියලා තියෙන්නේ ඔයාගේ කලින් ගෑනු ලමයා ගැනද? "

"අපෝ මේ මේ කවිය නම් මට තේරෙන්නෑ.."

 
"ඇයි මේ පිටුවේ කවි දෙකක් ලියලා?"

ඇය ඔහේ කියවාගෙන යයි....ප්‍රශ්න අසයි...නැවත සිනාසෙයි...
තවත් බලා සිටිය යුතු නැත.ඇය මේ කියවාගෙන යන්නේ මාගේ ජීවිතයයි...

කවි පොත බලෙන් මෙන් ඇයගේ අතින් උදුරාගත් මම ඇය කෙරෙන් ඉවතට අඩි තබා දේශණ ශාලාවට දෙසට පිය නැගුවෙමි.

අඩි හත අටක් ඈතට යන තෙක් සිට යුවතිය නැවත කටහඩ අවදි කලාය.

"ඒයි කවිකාරයා...මටත් කවියක් ලියලා දෙනවද?"

"කවිකාරයා මැරිලා නංගි"

හෙමීට මිමිණූ මම තවත් අඩි ඉක්මන් කලෙමි...

------------ අරමුණක් නැති අපේ ජීවිත-------------