නුඹ රහසින් ඇවිත්.....( 1 වන කොටස )
නුඹ රහසින් ඇවිත්.....( 2 වන කොටස )
නුඹ රහසින් ඇවිත්.....( 3 වන කොටස )
නුඹ රහසින් ඇවිත්.....( 4 වන කොටස )
නුඹ රහසින් ඇවිත්.....( 5 වන කොටස )
නුඹ රහසින් ඇවිත්........(6 වන කොටස)
සුපුරුදු ලෙස නොවුනත් පන්තිය අවසාන විය..මාගේ කතාවද එතනින් අවසන් කර වෙනතක් බලා ගැනීමට මට හොදටම ඉඩ තිබුනි..නමුත් කතාව ඉවර නැත..ඔබට තව කියන්නට බොහෝ දේ තිබේ..මා මේ කතාව සම්පූර්ණ කල යුතුමය...ඔහු මා ඉදිරියේ තවත් කියවමින් සිටියේය...නුඹ රහසින් ඇවිත්.....( 2 වන කොටස )
නුඹ රහසින් ඇවිත්.....( 3 වන කොටස )
නුඹ රහසින් ඇවිත්.....( 4 වන කොටස )
නුඹ රහසින් ඇවිත්.....( 5 වන කොටස )
නුඹ රහසින් ඇවිත්........(6 වන කොටස)
විභාගය ඔබටත් මටත් තරූශටත් නොදැනෙන්නම අවසන් විය.ඒ අතර කාලයේ සිදු වූ සිදුවීම් ගැන විස්තර කිරීම තේරුමක් නැති දෙයක් යැයි හැගේ.තරූශ සකුන්තල අනුත්තරා සහ ඉරේශා වැනි ලක්ෂයකට ආසන්න වූ දරුවන්ද උසස්පෙල ජීවන කඩයිමට බියෙන් යුතුව මුහුන දුන්නහ.
විභාග ප්‍රතිඵල ගැන ඔබට විශේෂයෙන් කිව යුතුය...
ආදරය ඉගෙනීමට භාදාවක් කර නොගත් සකුන්තල ගාල්ල දිස්ත්‍රිකයෙන් 37 වෙනි ස්ථානයට පත් වී සිටියේය..අනුත්තරා සාමාන්‍ය සාමාර්ථ තුනක් ලබාගෙන උසස්පෙල සමත් වී තිබ් තිබුනද විශ්ව විද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් නොලැබුවේය.කෙසේ නමුත් ඉරේශා සුදුසුකම් ලැබුවාය.මේ කතාවේ ඉරේශාට දී තිබූ ඉඩ අඩු වුවත් ඇය සැබැවින්ම දක්ශ දැරිවියක් වූවාය...
මොවුන්ගේ ප්‍රථිඵල ඔබට වැඩකට නැති බව මම දනිමි...
තරූශ පෙරේරා නොහොත් රස්තියාදුකාරයෙකුව සිටි කතානායකයා...ගාල්ල දිස්ත්‍රිකයෙන් 9 වෙනි තැන ලබා කොළඹ වෛද්‍ය පීඨයට තේරී තිබුනි.ඔව්...ජීවිතය හරිම පුදුමාකාරය...මීට බොහෝ කලකට පෙර රස්තියාදුකාරයෙකුව සිටි අයෙකු ගැන ඔබට මම කීවා මතක ඇතැයි සිතමි...මේ ඔහුය..ඔහුමය...
කාලය ගත වී ගොස් ඇත...
මම සෙමෙන් ඉදිරිය බැලුවෙමි...උපැස් යුවලට යටින් පෙර තිබූ බොර පැහැ දෙනෙත් යුවල දිලිසෙමින් තිබුනි..පිලිවෙලකට පීරා නොතිබූ කෙස් රොදක් නලලට වැටී සුලගට ඒ මේ අත
වැනේ.
තම දීර්ඝ කතාව අවසානයේ ඩොක්ටර් තරූශ පෙරේරා සුසුමක් හෙලුවේය.
සමාවන්න... ඔහු නිකම්ම ඩොක්ටර් තරූශ පෙරේරා නොව විශේෂඥ වෛද්‍ය තරූශ පෙරේරා විය.
"ඩොක්ට, පේශන්ට සිහිය ආවා"
කඩි මුඩියේ දොර හැරගෙන පැමිනි හෙදිය කීවාය...
"යමුද බලන්න උඹේ ජීවිතේ වෙනස් කරපු සුරංගනාවිව..."
මම ඔහුට ඔච්චමට මෙන් කිවෙමි...
සිනහවකින් පිලිතුරු දුන් තරූශ නැගි සිටියේය..අප වෛද්‍ය ජීවිතයේ දී කොතරම් කිට්ටු මිතුරන් වුවත් මේ සිද්ධිය ඔහු කෙදිනකවත් මට පවසා තිබුනේ නැත...
ජීවිත වෙනස් කරන්නේ ආදරයයි...මම වාට්ටුව වෙත යමින් සිතුවෙමි...
අනුත්තරා ඉපල්වත්ත...ලෙඩාගේ ඇදේ එල්ලා තිබූ වෛද්‍ය වාර්ථාව මම කියවා බැලුවෙමි.අනුත්තරා දිසානායක ඉපල්වත්ත වී සිටියාය...ජීවිතය හරිම පුදුමාකාරය..ආදරය ඊට වඩා පුදුමාකාරය.
බය වන්නට දෙයක් නැත..සියල්ල යහපත් ය.
තාරුන්‍ය පසු කරමින් සිටියත් අනුත්තරා සැබැවින්ම සුන්දර වූවාය.රස්තියාදුකාරයෙකුගේ සිත ආදරයෙන් උමතුකීරීමට ඒ ලස්සන ප්‍රමානවත්ය...
කෙදිනකවත් දැක නොතිබූ කෙනෙක් දෙස බලන්නාක් මෙන් තරූශ ඒ සුන්දරත්වය විදිමින් සිටියේය...
මම ඔහුට භාදා කලමි..
"තත්වය සාමාන්‍යයි.අපි දැන් යමු නේද ඩොක්ට"
"හ්ම්ම්ම්...යමු"
රෝහල් වැරෙන්ඩාව දිගේ අපි පිය මැන්නෙමු....
වැඩි දුරක් ඇවිදයාමට අපට හැකියාව ලැබුනේ නැත...
"doctor..do you have a moment to talk about Anuttara please"
පසු පසින් නැගුනු හඩ අපගේ ගමන නවතාලීමට සමත් විය.
"yes sure"
මටත් පෙර තරූශ පිලිතුරු දුන්නේය...
"මම තරංග ඉපල්වත්ත"
ඔහු අත දිගුකලේය...
ඒ නම අසා පුරුදුය...ඒත් කොහේදීද.....මම මතක් කිරීමට උත්සහා කලෙමි...
නමුත් පිලිතුර ඔහුගෙන්ම ලැබුනි...
"මම මම සුළග F.M එකේ මීඩියා කෝඩිනේටර් විදිහට වැඩ කරනවා..අනුත්තරා කියන්නේ මගේ වයිෆ්.එයාට දැන් කොහොමද කියලා දැනගන්න පුලුවන්ද ඩොක්ට"
ආදර කතා හරිම පුදුමාකාරය..කතා ලියන්නෝ සැමවිටම ලියන්නේ විවාහයකින් කෙලවර වෙන ආදර කතාවන් ය..ඒත් මාගේ කතාව එසේ නොවන බව මම කොතෙකුත් කීවෙමි.ඔබ සැම අත්විදිනා ජීවිත වෙල ඇත්ත මෙය නොවේදැයි මදක් නතර වී සිතන්න...
සකුන්තල කොහේ දැයි මම නොදනිමි.මම තබා තරූශ වත් එය නොදන්න බව මට හැගේ..
සියල්ලෝම විසිර ගොසිනි...ජීවිතය හරිම පුදුමාකාරය....
"බයවෙන්න එපා..ඇක්සිඩන්ට් එක නිසා දකුනු කකුලේ අස්ථියකට හානියක් වෙලා තියනවා.ඒක නිසා මාස තුනක් විතර එක තැනට වෙලා ඉන්න වේවි.ඒ ඇරෙන්න කිසිම ආබාධයක් නෑ..."
ඉපල්වත්ත මහතා සුසුමක් වාතලයට මුසුකලේය....
'තෑන්ක් යූ ඩොක්ටර්..තෑන්ක් යූ වෙරි මච්"
අපි නැවත එන්නට පිටත් වීමු..ඒ අතර ඉපල්වත්ත මහතා දුරකථනයෙන් අමතනු යාන්තමට ඇසේ...
"බය වෙන්න එපා චූටි දුව..අම්මිට දැන් හොදයි...තාත්ති අම්මිව අරන් ඉක්මනට එනවා..."
ඔව්...ජීවිතය පුදුමාකාරය....සැබැවින්ම පුදුමාකාරය......
සික් මොකක්ද කොල්ලෝ මේ කොරලා තියෙන්නේ කෝ සකුන්තල අන්තිමට කෙල්ල දෙන්නාගෙන් එක්කෙනෙක්ටවත් නෑනේ
ReplyDeleteඅඩෝ කුප්පයා උබ ලියපු හොදම කතාව මේකද කොහෙ අනිත් කතා වලට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් ආදර කතාවක් නියමයි බන් ඇත්තටම නියමයි.. හරියට නිකන් අපි එතන හිටියා වගේ... කතාව මුල ඉදන් අගට යනකම්ම කතා රසය අඩු වෙලා නෑ කතාව ඉවරවුනු එක ගැනනම් දුකයි
ReplyDeleteමම උඹට කිව්වනේ කතාව ඉවර වුනාම කමෙන්ට් කරන්නම් කියලා. ඔන්න මම දැන් කමෙන්ට් කරන්න යන්නේ.
ReplyDeleteඋඹ මේක ලියපු ශෛලය පට්ට! ඒ වගේම මම දැකලා තියනවා ගොඩක් බ්ලොග් ලියන අය මේ වගේ මෙගා කතා කියාගෙන යනවා ඒත් ගොඩක් අයගේ කමෙන්ට්ස් එන්න එන්න අඩුවෙලා ගියා. හරියට අර සිරසේ මහ ගෙදර බලන එක මිනිස්සුන්ට එපා වුනා වගේ. හැබැයි උඹේ මේ කතාවෙදී ඒක වුනේ නෑ.
අන්තිමට කියන්න තියෙන්නේ උඹට හොඳ සුජීව ප්‍රසන්නආරච්චි කෙනෙක් වෙන්න පුළුවන්! :D
හදිස්සියට ඉවර කලා යයි නොසිතමි. හරියටම සාමාජයේ බොහෝවිට සිදුවන්නාවූ දෙය මෙයයි.
ReplyDeleteඉතින් කතාව හරිම ලස්සනයි මල්ලි.
එහෙනම් සුභ ගමන්.
පරිස්සමට අල්ලපු ගෙදරට ගිහින් ඉඳලා එන්නකෝ....... :D
මචො තරහ වෙන්න එපා ඇවිත් ගියා ඒත් මේ කතා සිරිස් එක නම කියෙව්වෙ නැ..මම උඹෙ විතරක් නෙවෙ බ්ලොග් අවකාශෙ යන මේ වගෙ series විදිහට ලියන නවකතා කියවන්නෙ ම නැ..අර එදිනෙදා විදින හිතෙන දේවල් විදින දේවල් ලිව්වම තමා මම කියවන්නෙ..අවුලක් නැ ඒ වුනාට උඹට හුගාක් පාඨකයො මේ කතා එක්ක නිසා උඹ සාර්ථකයි මලේ.මගේ සුභ පැතුම්...මගෙ කුජීත ටෙස්ට් එකෙ හැටි නෙ බං.තරහ නැනෙ
ReplyDeleteයා යා ඉවර කරපු එකට නම් දුකයි...කතාව ගැන නම් ඉතින් කියන්න දෙයක් නෑ..සුපිරිම තමා..කුප්ප කතා ලියන අතරෙ මේවත් ලියපන් :)
ReplyDeleteරත්මගයෝ..කතාවනං තරුපහයි...නියම සත්‍ය කතාවක්.. ලස්සන අවසානයක්,,, ඇත්තෙන්ම සමාජයෙ ගොඩක් දෙනෙක්ට තමන්ගෙ බිඳුණු ආදරේ අළු ගසාදාලා ආපහු ඊට වඩා පරිණත විදිහට ආදරේ කරන්න ශක්තිය තියෙනවා..ඔය බොළද ප්‍රේමකතා වල ඒක කියලා නැති වුණාට... :)))
ReplyDeleteමම මේ කතාව කියවන්න එකතු උනේ තුන් වෙනි කොටසේ ඉදලා ... හැබැයි පරණ කොටස් වලට කමෙන්ට් කරන්න ගියේ නැහැ ...
ReplyDeleteකතාව ලියාලා තිබුණු ආකාරය හරිම අපූරුයි ..ඒ ශෛලයට තියන දැඩි කැමැත්තට තමයි එක කොටසක් ඉවර වෙලා අනික් කොටස ලියන කල් බලන් හිටියේ ...
නියමයි රත් ගමයා ... නියමයි
හැබැයි අර කුප්ප කතාවක් ලඟදි ලිව්වේ නැහැනේද? :DDD
රත්ගම මලේ කතාව නං උපරිමයි.
ReplyDeleteකොහොමද බං මේකට කුප්පම කතා ඇතුලත් කුජීතම බ්ලොගය කියන්නෙ.
නියමයි මචං. මගෙ හිතෙත් ලාවට තිබ්බ අවසානයක්. තරූශ ගැන මට ආඩම්බරයි. එක ප්‍රශ්නයක් තියනවා මට.
ReplyDeleteසහන් කියන්නේ කවුද ?...
Gud wrk malli....i read all..
ReplyDeleteThumbs up මචං..
ReplyDeleteමාත් පාඩම් කරන්න පටන් ගන්න ඕනේ...
හැබෑම වෙනසක්..ඇත්තමයි
ReplyDeleteමම නම් මාරම satis උඹේ කතාව ගැන.
තව එකක් ලියමු..තව දවසක.
මචන් අද දවසම බල හිටිය මේක කියවන්න ..
ReplyDeleteවෙලාවකට hack කියලා පෙන්නුවා මම හිතුවේ කතාවත් ඉවරයි කියලා , මම මේ වගේ කතා කියවන්නේම නෑ ..
ඒත් මේකේ තියෙන කතා ෂයිලිය ට මට ආස හිතුනා ඔක්කොම කියෙව්වා , සිරා ස්ටෝරි එකක් වගේම තියනවා . අන්තිමට දානකන් ඉවසුමක් නැති උනා ..
නායකත්ව පුහුණුවට යනවනේ ඊට කලින් ඉවර කරපු එකට thank you .
oya puhunuwa gana hamoma eka eka dewal kiyanawa, gihin awith sira wisthare kiyapan,apith oke karana ewata wada okedi gahana thela gana danaganna asai, kohoma unath jeppo nathi karannane hadanne, oke thiyana honda dewal witharak aragena parissamen waren...
(රාසී ...)
අඩෝ කුප්පයා, මට හිතුන උඹ මේ කතාව අපි හිතන්නේ නැති පැත්තකට අරං යයි කියල.මොනවා උනත් සාර්ථක අවසානයක් බං.උඹේ ඊළඟ මහා තොරන් රාජයා එලි දකින්නේ කවද්ද? මේක කොටස් වශයෙන් ඉරිදා පත්තරේකට යවමුද?
ReplyDeletenext next...
ReplyDeleteපට්ට කතාව. අනිත් කතා වලට වඩා මේ කතාව හුගක්ම වෙනස්.කතාවේ ආදරයක් තිබුනට අන්තීමට විවාහයකින් කෙළවර වෙන්නේ නෑ. වෙනස්ම ආරක ගිය කතාවක්.
ReplyDeleteරත්ගමයා ලියන ජුගුප්සාජනක යුගයේ නව කතාව මෙසේ නිවා මු බව සියලු පාඨකයින්ට හුදී ජන පහන් සංවේගයගෙන් ලියා තබමි.
ඇත්තටම මේ කතාව ගොඩක් ලස්සනයි. එල එල එලටික් රත්ගමයෝ !!!!
This comment has been removed by the author.
ReplyDeleteසිරා කතාව මුල ඉඳංම කියෙව්වා. අවසානය ඔක්කොටම වඩා සුපිරියි. අපේ කොල්ලන්ට කෙල්ලන්ට දෙන්න ඕන අත්‍යවශ්‍යම පණිවිඩය උඹ දීල තියනව මලේ. ඒක ලොකු දෙයක්. එක බස් එකක් ගියාට තව එකක යන්න පුළුවන් කියල නිකංම කිව්වම ඒක දරුණු වැඩියි ආදරයක් අහිමි වෙලා ඉන්න කෙනෙකුට. මීට පස්සෙ කාට හරි එහෙම දෙයක් උනොත් මං කියන්නේ මේ කතාව කියවල ඉගෙන ගන්න කියල ලින්ක් එක දෙනවා. සිරාවට. පට්ට කතාව. අර යුද්ද පුහුණුවට ගිහින් ඇවිත් තව මේවගේ ජුගුප්සාජනක කුප්ප කතා ලියන්න ශක්තිය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව මලයෝ. :D :D ඔබට ජය!!
ReplyDeleteඅඩෝ පට්ටම කතාව මම කියවපු බ්ලොග් වල.. අනිත් අය තරහ වෙන එකක් නෑ කියල හිතනවා... උබ උබේ අනන්‍යතාවය සිරාවටම තිබ්බ මචං.. සුබපැතුම්...!!! You are the BEST!!!! ;-)
ReplyDeleteathi wishishtai.......niyama kathawa..hithuwe nathi widihata awasana une....e unata kathawa godak sarthakai..... anith kathawa koooooo?????????
ReplyDeleteතවත් එක් ආදර කතාවක නිමාව. නමුත් එය තවත් එක් ආදර කතාවක්ම නොවීය. ජිවිතයේ අර්ථය මැනවින් වටහාගත් ආදර කතාවක නිමාවය.
ReplyDeleteඑල කිරි කතාව!
ReplyDeleteපට්ටයි මචං.....
ReplyDeleteතව කතාවකට ආරම්භයක් කර ගනිඔ මචං මේ නිමාව..
උබට හොදට ලියන්න පුලුවන්....
කතාවේ අවසානය ගැන මගේ පැත්තෙන් තෘප්තිමත් නැහැ (හේතුව උබ දන්නවා)
මගේ කෝනයෙන් පිටට ගියාම සාර්තක නිමාවක්..
ගුඩ් ලක් මචං... :)
(වාසු)
පට්ට මචං... මටත් ගොඩක් දේවල් ලැබුන මේකෙන්. අවුල තියෙන්නේ මම AL කරල ඉවරයි. අද තමා මම මේක බැලුවේ. කීප් ඉට් අප්
ReplyDeleteරත්ගමයෝ, මේ කතාව කියපු ශෛලිය බොහොම ලස්සනයි. ඒ වගේම ඒකේ 3.50 බොලද කෑලිත් නෑ.
ReplyDeleteදැන් තියෙන හුගක් ලව් ස්ටොරිවල තියෙන්නෙ එකම කතාව.මේක ඊට වෙනස්. තවත් හොද කතාවක් බලාපොරොත්තුවෙන් සිටිමි.
මෙච්චර ලස්සන කතාවක් මෙච්චර ගති බ්ලොග් එකක් වෙනුවෙන් දවසක් වැඩට නොගිහින් හිටාම මක් වෙනවාද බං ? මම 12.30 විතර පොඩි නින්දකින් පසු ආයෙමත් වැඩට ගියා ..
ReplyDeleteඋඹගේ කතාව නම් කියලා වැඩක් නෑ මෙන්න මේවගේ අවසානයක් දුන්නම් කතාව කියවන කෙනාට කවමදාකවත් මේක අමතක නොවේවි . උඹනම් සුපිරි ලියන්නෙක් .අඩෝ අඩම්බර වෙන්න එපා !
මේ වගේ බ්ලොගයක් අනික් අයට නොපෙන්වා තියන එක කොයිතරම් අපරාදයක්ද . ඒකයි මම කොහොම හරි මේක හදන්න වැඩ කලේ . හැබැයි උඹ මගෙන් ඇහුවේ නෑ අයියේ මොනාහරි බොන්න එවන්නද කියලාවත් .කමක් නෑ බොන්න ඕන නෑ . තව මේ වගේ කතාවක් ලියපං . මෙන්න මේ වගේම හිත වදින සුපිරිම සුපිරි අවසානයක් .. සහිත සිරා කතාවක් .
ජය වේවා ..
පස්ටයි මචං.එක්කෝ මේ වගේ සීන් එකක්වත් උඹ අහන්න ඇති.නැත්නම් ඒ උඹේ කල්පනාවක් වෙන්නත් පුලුවන්.කොහොම උනත් උපරිමයි.
ReplyDeleteදිගටම කියෙව්ව කමෙන්ට් නොකලට.
නිකම්ම කියවන්න කතාවක් නොවී,ආදර්ශෙයක් දීපු එකත් වටී...
කියන්න වචන නෑ රත්ගමයො... සුපිරිම කතාවක් කියලා කිවුවොත් මම හරි... කතාවේ මේ අවසානයට මම ගොඩක් කැමතියි.. මොකද බැරිවෙලාවත් කතාවේ තරුශ අනුත්තරා අදරවන්තයෝ උනානම් මුලින් තිබුන ගතිය නැතිවෙන්න තිබුනා..
ReplyDeleteඅන්තිමට ලියලා තියෙන දේ හරියටම හරි රත්ගමයෝ.. අපි අතර තරුශලා ඕනතරම් ඉන්නවා.. කොටින්ම මමත් තරුශ කෙනෙක්දෝ කියලා මට දැන් හිතෙනවා.. ජිවිතේ මොහොතකට නැවතුන තැන හැමදාම නවතින්නේ නැතුව ඉස්සරහට යන එක තමයි කරන්න ඕන..
මේ කතාවට රාජ්‍ය සම්මානය දෙන්න වටිනවා.. එත් අපිට ඒක දෙන්න බෑනේ.. ඒ නිසා ජනතා සම්මානය මේ විදිහට දීලා යන්නම්..
ඇයි මෙච්චර ඉක්මනට කතාව ඉවර කරේ? මේ කතාව තව දිගට ලියවෙයි කියලා බලාගෙන හිටියෙ. ලස්සනම ලස්සන යථාර්තය ගැන් කතා කරන කතාවක්.
ReplyDeleteනියමයි අයියන්ඩියෝ... :D :D ගුඩ් ජොබ් කිව්වා ඔන්න ....
ReplyDeleteගොඩාක් ලස්සනයි.තවත් ලස්සන කතාවක් ඉක්මනටම ලියන්න.එත්කම් බලන් ඉන්නවා.මගෙන් සුබ පැතුම් අයියා..
ReplyDeleteඇත්තම කියනවානම් රත්ගම මලයෝ මම නවකතා වලට එතරම් ප්‍රිය නැහැ.ඒ වුනත් ඔයා කොටස් අටකින් මේ වගේ කතාවක් කියවන්න ආස හිතෙන විදියට ලියපු එක හොදයි.ඇත්තටම ඒක ලොකු හපන් කමක්.
ReplyDeleteshanu
ReplyDeleteචික් නොදකින්...කෙල පෙර පෙර බලන් ඉන්න ඇති ජෝඩු සැට් කරන්න....
---------------------------------------------------------------
කිඩෝ
හොදම කතාව මේක වෙන්න ඕන..මීට කලින් මම කතා ලියලා නෑ බන්....
---------------------------------------------------------------
පූසා
මේක තමා දිගට ලියනවා කියලා මුලින්ම ලිව්වේ...ප්‍රතිචාර නම් උපරිමයි හොදේ....
----------------------------------------------------------------
හා පැටික්කි (MS)
මම මේ ගිහිල්ලා ගෙදර ඇවිල්ලා නිදාගන්න ඉන්න්නේ.....
----------------------------------------------------------------
පැන්ඩා
ඔව්වා මොකක්ද...ටෙස්ට් එක ඉවර උනාම නිවාඩුපාඩුවේ එන්නකෝ පැන්ඩයියේ....
චාටර් කොල්ලා
ReplyDeleteබෑ බෑ..මගේ රෑන්ක්ස් පහල යනවා මේවා ලිව්වම....
------------------------------------------------------------------
මකුළු පැංචි
ඒක නේ කිව්වේ...මේක යුගයේ අබිලික් ලව් ස්ටෝරිය කියල....හික් හික්..
--------------------------------------------------------------
වැප්
හොරෙන් හොරෙන් කියවලා වැපා මාමා...හික්..කුප්ප කතාවක් ලගදීම....
-------------------------------------------------------------
Praසන්ன
ඔන්න ඕකනේ ලව් කතා ලියන්න බැරි..මම තාම කුප්පමයි...මම තාමත් කුප්පමයි...කුප්පකතා ලියාපු
රත්ගම මලයා..අති විශිෂ්ඨයි...විශේෂයෙන්ම උඹ කොහොම හරි රටාව ආරක්ෂා කර ගත්තා..ඒකයි මටනං වැදගත්ම දේ..කතාවටත් වඩා මට වටින්නේ අර තුන්වෙනි දෘෂ්ඨිය...ඒක බිඳ වැටුනනං මේකත් තවත් කතාවක් විතරක් වෙන්න තිබුනා..ඒත් මේක ඒ ලියාපු රටාවත් එක්ක හොඳම කතාවක් බවට පත් උනා...අවසානයේදී සහන් කතාව කිව්වා තරුෂ වෙනුවෙන්...
ReplyDeleteඒ වගේම මෙගා නොකර ලිවීම ගැනත් ස්තූතියි..මම කලින් කොටසෙන් කතාව නැවතුනානං හොදයි කියලා හිතුවා උනත් මේ ගෙනාව තැන හරියටම හරි තැන කතාවේ අවසානයට...දැන් තරූෂල කැමති විදියට එයාල තෝරගත්ත පැතිවලට ගියපුවාවේ..
(උඹ අර පුහුණුවට පලයං..)
නචියා
ReplyDeleteමට හිතුනා එතන තේරුම් ගන්න බැරි ගතියක් ඇති කියලා..සහන් කියන්නේ කතාව කියන කෙනා...අනික් ඩොක්ටර්....
--------------------------------------------------------------------
Anonymous
ස්තූති වේවා!!!
----------------------------------------------------------------------
තාරක Dilsh@n
නොදකින් රස්තියාදුකාරයා.....
-----------------------------------------------------------------
- නිල් අහස -
ආයෙ ඉතින් කුප්ප කතා තමා ලියන්නේ....
--------------------------------------------------------------------
Anonymous
හැක් කරපු එකක් නෙමේ ඒක...එකෙක් ආතල් එකක් අරගෙන...හික් හික්..
බලමුකෝ නායකත්ව පුහුනුව මොනවගේද කියලා...
------------------------------------------------------------------
තිශ්
ඉකේ....ආයේ කුප්ප කතා තමා ලියන්නේ...දාමු දාමු පත්තරේට....
--------------------------------------------------------------------
Bunny
ඉවරයි....
-----------------------------------------------------------------
මධුරංග
බොහෝම ස්තූති කිව්වා,,,අර හදුන්වාදීමේ ටයිටල් එක නම් මරු,..ආයේ මෙව්වා ලියන්න නම් අදහසක් නැත...
දොඩන්
ReplyDeleteඒක තමා මට කියන ඕන උනේ අයියේ....ආදරය කියලා හැගීමක් ඔය කාලෙදි හිතට ආවට ඒක ඇත්තටම ආදරය නෙමේ...සමහර විට ආදරය වුනත් ඒක හරියට කරන්න පුලුවන් වේවිද කියන එක සැකයි...
---------------------------------------------------------------------
සුපර් මාරියෝ
අර අන්තිමට උඹ මට කඩ්ඩෙන් බැන්න නේද??
-------------------------------------------------------------------
Anonymous
අනිත් කතා ආදර කතාවක් වෙන එකක් නම් නෑ හොදේ....
-------------------------------------------------------------------
සිහින ඉසව්ව
ඔන්න උඹ එහෙම ලව් කොරන්න යනවා නෙමේ කොල්ලෝ...හොදේ....
--------------------------------------------------------------------
pissi
පිස්සිට පිස්සු....
----------------------------------------------------------------------
SpongBob
ඒ කෝණය හැමෝටම හරියන්නේ නෑ නේ...ඔය තරූශට අනුත්තරා සැට් උනාට අපේ කතාවේ තරූශට එහෙම නෑ...
-----------------------------------------------------------------------
උත්පල
ඒකනේ...ප්‍රමාදය පසුතැවිල්ලට හේතු වේ
නිර්මල
ReplyDeleteතව කතාවක් ලියන්න නම් අදහසක් නෑ..ඒත් බලමුකෝ...කියන්න බෑ නේ....
----------------------------------------------------------------
හිස් අහස
ආ...වැඩට ගියාද..බොසා බැන්නයි....
ගල් බෝතලයක් ද ඕන......කොහොමෙයි අප්පා එවන්නේ...පුලුවන් නම් මම සිරාවටම එවනවා...අම්මාපල්ල....
------------------------------------------------------------------
කුරුං ගුරුං
පිස්සුද බන්..මගේ හිතේ මේ කතාවට අවසානයන් හයක් තිබ්බා..මේක තමා මගේ හිතට අල්ලපු අවසානේ...
---------------------------------------------------------------------
Dinesh
මේ ලැබෙන ජනතා සම්මාන හොදටම ඇති..ආයේ ලීයක කොටලා දෙන්න ඕන නෑ....කට්ටියගේ අදහස් අනුව මගේ හිතේ කතා පහක් විතර ගොඩ නැගුනා..කාටවත් අසාදාරන නොවෙන්න මෙහෙම ඉවර කරා...
---------------------------------------------------------------------
හංසි
ඇස්.බී මාමා තමා අක්කේ හේතුව,..බනිනව නම් ඔන්න එයාට බනින්න....
--------------------------------------------------------------------
Querida Udele
පුදුමයි කමෙන්ට් එකක් දාල....
---------------------------------------------------------------------
Anonymous
ස්තූති වේවා!!
---------------------------------------------------------------------
JHOTHISHALANKA
මේක ලියන්න කලින් මමත් කැමති වෙලා ඉදියේම නෑ....කොටස් වශයෙන් යන ඒවා කියවන්න....
---------------------------------------------------------------------
මලයාගේ කතාව පට්ට වෙලවට මම අන්තිම එක දැම්මට පස්සේ දැකපු හින්දා ඔක්කොම එකවැරම කියෙව්වා.
ReplyDeleteමාරයාගේ හෝරාව
ReplyDeleteඅප්පේ...කමෙන්ට් එක කතාව ලිව්වට වඩා සන්තෝශයක් ලැබුනා...
ස්ටයිල් එක නම් එලකිරි නේ..
පුහුනුවට ගිහින් වෙඩි තියලා කුඩු කරලා තමා එන්නේ..එනකල් මගේ බ්ලොගේ බලනනිත්වා......
---------------------------------------------------------------
rasthiya
එලෑ එලෑ....
ඔන්න අදයි මම මේ පැත්තේ ආවේ.. එහෙනම් මම අවසාන කථාවයි මුලින්ම කියවලා තියෙන්නේ..:O මේ කතාවේ මුල ඉදන් අගට යනකම්ම තිබුණු කතා රසය නිසා දිගටම කියවගෙන ගියා.කතාවට විචාරයක් දෙන්න තරම් මම කතාව දන්නේ නෑ නේ.. :(
ReplyDeleteහැමෝම කියෙව්වේ මුල ඉදන් අගට නේ..මම අග ඉදන් මුලට කියවන්නම්.. එතකොට ඔයා ලියපු කවුරුත් නොකියපු අලුත්ම කතාවක් වෙයි නේ.. :P :D
මම කතාව සෑහෙන්න වින්දා ස්තූතිය්....
ReplyDeleteකතාවනං නියමයි. ආයෙ ඒ ගැන කියන්න දෙයක් නෑ. ඉක්මනින් ඉවර කරන්න ඕනි නිසා ඉවරකලාදෝත් හිතෙනව. කොහොම වුනත් නියමයි ඈ...
ReplyDeleteආයෙත් එකක් ලියමුනේ.. :) මම මේක මුල ඉදන්ම කියෙව්ව. අර මොනාද ඔයාගෙ වචනතියෙන්නෙ ඒව නං ගෑවිලාවත් නෑ... තවත් ඉදිරියට මේ විලාසෙන්ම කතා ලියනව නං හොදයි. ගලාගෙන යාමක් තියෙනව. ජය!!!
:(... චික් මට මුල්ම මෙව්ව එක දාන්න බැරිඋනා...
ReplyDeleteඅඩො මං හිතුවෙ තරුශ් නාරි හා ප්‍රසව එකෙක් කියල... :D :D කොක වෙතත් උබත් පැන ගත්ත නේද කතාව අස්සට අහ්...?? :P
මාරයි මල්ලි.
ReplyDeleteනියමම තැනට අරගෙන අැවිල්ලා තියෙනවා.
අායිමත් කියන්න දෙයක් නෑ කුප්පයි කිව්වට උෙඹ් අැතුලෙ හොද පරිණත මනුස්සයෙක් ඉන්නවා මල්ලි. උගෙන් මේ සමාජයට වැඩක් ගන්න අවස්ථාව හදලා දීපන්. නායකත්ව පුහුණුවෙන් පස්සෙ විශ්ව විද්‍යාලෙටත් ඉන්පස්සෙ සමාජයටත් ජයෙන් ජය ලබලා ඒකතු වෙන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා...
අහා .. ඇත්ටම නියමයි.මම උඩ කමෙන්‍ටුව දාන කොට 9.08යි. දැන් 10.20 පැයක් විතර මම කතාව එක දිගටම කියවගෙන ගියා.එ තරමටම කතාවේ හොද ගලා ගෙන යාමක් තියෙනවා.එක අතකින් මම සතුටු වෙනවා අද මම මේ පැත්තට ගොඩ වැදුන එක ගැන..ඉදිරියටත් මේ වගේ කතා බලාපොරොත්තු වෙන් රැදි ඉන්නම්...
ReplyDeleteකියන්න වදන් නැත ...........
ReplyDeleteවිග්‍රහ නොකරමි .......
මචං මේකනම් කතවක් නෙවි බං
ReplyDeleteඇත්ත ජිවිතේ නේ
හැමදේම වෙන්නේ හොදට කියල කියන්න පුලුවන් උදාහරනයක් නේ
උබේ ලිවීම ගැනනම් කියන්න වචන නැ තෝ
පට්ට කතාව
ReplyDeleteආයේ කියන්න දෙයක් නෑ බං සුපිරි අවසානයක්.. අවසන් ඕවරේ අවසන් පන්දුව දක්වාම සුපිරි..මට තියන ප්‍රශ්නේ තමයි සකුන්තලයා ඉරේශාව සෙට් කර ගත්තද කියන එක.. :O ඔය නායකත්ව මඟුලට ගිහිල්ලත් කතාවකට මොකක් හරි වස්තු බීජයක් අරන් වරෙන් කොල්ලෝ අපි මෙහේ වේලි වේලි ඉන්නේ :D
ReplyDeleteඇති විශිෂ්ටයි . සුජීව අය්යාගේ බඩටත් නොගහ ශේප් වුනා. ඇත්තමයි හරිම අගෙයි . අවන්කවම හොඳ කතාව. තව ලියන්න .
ReplyDeleteඑලස් හැබැයි අරකිගෙ මෝඩ කමට අර එෆ් එම් කාරයා හොඳ වැඩියි . අර මාරයා කියපු එක උඹට තේරුනාද මට නම් නෑ
ReplyDelete:D
බුස්ස පෙල්ලලා එමු
අපොයි..ගිහාන්..ඒක තේරුං ගන්නනං මීට කලින් මේ කතාවේ මුලට මම දාපු කොමෙන්ටුව කියවන්න එපැයි..රතා එක දන්නවා ඒත් ඉතිං ඔයා දන්නවැයි..ඒකයි ඒ අවුල...ගණන් ගන්න එපා..ඔය හැම එකම අපිට තේරුං ගන්නත් බැහැ..එහෙම ඕනත් නැහැ...
ReplyDeleteසතුටුදායක අවසානයක් තියන කතාවලට මම කොහොමත් කැමතියි... ඒ නිසාත් කතාවට මම ආසයි.. ඒ වගෙම පිටස්තර කෙනෙක් කියන විදියට දිගටම කතාව කියද්දිත් කතාව අමුතු වෙනසක් විදියට දැනෙනවා... ඒත් සමහර කොටස්වලදි ඒ තුන්වෙනි කෙනාගෙ බලපෑම පොඩ්ඩක් වැඩිත් වගෙ මට දැනුනා... කියාගෙන ආ කතාව වෙනස් කරද්දි (ඒ කිව්වෙ අනුත්තරා ගැන කතා කරල තරුෂ ගැන කතා කරන්න කතාව මාරු කරද්දි එහෙම)...කතාව ගැන මගෙ අදහස ඒ...
ReplyDeleteමුලු කතාව ගැනම කිව්වොත් නම් ඒක ඔයා අතින් වටිනා විදියට ලියවිලා තියනවා. උසස්පෙළ කරද්දි සමහර ළමයි ආදරේ කරන්න පටන් අරගෙන ඒක මත්තෙ ඔක්කොම විනාශ කරගන්නව මාත් දැකල තියනව...ඒත් ඒ කාලෙ ආදර කතා හුඟක් ඉවර වෙන්නෙ නම් මේ විදියට තමා...
ei umba mata mehema kale.?
ReplyDeleteබොරුවට කියනවා එහෙම නෙවෙයි. මම කියවල තියෙන කතා වලින් මගේ හිතට ගොඩක්ම වැදුන කතාව මේක. හරිම ලස්සනයි....
ReplyDeleteඅඩෝ උබ යකෙක්නේ මචං. කතාවට මීට වඩා හොද අන්තිමයක් මට හිතාගන්නවත් බෑ. කතාව සුපිරි කියල අලුතින් කියන්න දෙයක් නෑනේ. උඩ තියන දේවල් කියෙව්වම ඕන ජෝන්ටෙක්ට තේරෙනවා හොදද නරකද කියල. උබේ ලිවීමේ ශයිලිය ගැන උඩ කීප දෙනෙක් කියල තියනවා වගේ මමත් සැහෙන්න ආසයි. ලොකු වෙනසක්, වඩා වැදගත් වෙන්නේ හොද වෙනසක්.
ReplyDeleteනායකත්ව පුලුනුවට සතුටින් පලයන් ගිහින් ඉක්මනට වරෙන්. ඇවිල්ල තව කතාවක් ලියපන්.. අපි උබ එනකල් බලන ඉන්නවා.
සුබ ගමන් මිත්‍රයා...
චතුමිතු
ReplyDeleteඅලුත්ම කතාවක්ද දන්නේ නෑ ඉතින්.,..ඔහේ ලියාගෙන ගියපු කතාවක්,,,
---------------------------------------------------------------
ලක්ශාන්
ස්තූතියි කමෙන්ට් එකට....කියවපු හැම කෙනෙක්ම මේ විදිහට අන්තිමට කෙමෙන්ට් එකක් දානව නම් ලොකු දෙයක්.....
---------------------------------------------------------------
හිම කුමාරි
ඉක්මනට තමා ඉවර කරේ අක්කේ..මේක කොටස් නමයකට ගොනු කරගත්තේ සෑහෙන්න කට්ටක් කාලා...
------------------------------------------------------------------
සුළඟිල්ල | pinkie
මගේ සමහර මෙව්වා තියේ බන් කතාවේ...නාරි හා ප්‍රසව නෙමේ...කැඩුම් බිදුම්...
-------------------------------------------------------------
Aruna
අප්පටසිරි...මගේ ඇතුලේ එහෙම එකෙක් ඉන්නවද? අඩේ අලවලා බලන්න ඕන ඔක්කොම ටික...
---------------------------------------------------------------
චතුමිතු
හෙහෙ...ටැන්කුයි ඒ වෙලාව කැපකරාට මේ කතාව කියවන්න....
කියන්න වදන් නැ. අවසාන කොටසත් කලින් එකත් කියවන්න ලැබුනේ එකට. බොහො විට පෙනෙන සමාජ යතාර්තයක් ගැන සරලව කතාකරල පාටකයන්ගේ සිත් ඇදතාබාගන්න පුලුවන් විදිහට සරලව ලියපු කාතාවක්. අවසන කොට්ස් දේක කියවනවිට ඇති උන හැගිමනම් කියන්න තේරෙන්නේ නැ. ඇත්තටම ගොඩක් ලස්සනයි සහො. සුබ අනාගතයක්....
ReplyDeleteදැන් කවුද මේ කතාව කුප්ප නෑ කියන්නෙ... මේකත් කුප්ප විලම්බීත ලවු ස්ටෝරියක් තමයි.. ආයෙ හෝදන්න දෙයක් නෑ ඒකෙ.. රට පටලවල වෙහ්ච ලවුස්ටෝරියක්... බෙන්තර ගගෙන් මෙහා සීන් එකක්නෙ..අන්න රහස...
ReplyDeleteඅන්තිම කොටසදි සෙට් වෙලා ඕය දවසෙදි ඔක්කොම කියවල දැම්මා...
කල්හාර දිසානායක
ReplyDeleteවිග්‍රහ නොකරන්න....කියවන්න... :)
----------------------------------------------------------------
mahima
ඇත්ත ජීවිතේ නිසාද දන්නේ නෑ කට්ටිය මෙකට මෙච්චර ඇදිලා හිටියේ....
---------------------------------------------------------------
Kavinda
ටැන්කුයි හොදේ.....
----------------------------------------------------------------
sudheera
කුප්ප කතාවකට වස්තු බීජයක් තමා ඉතින් අරන් එන්න වෙන්නේ.....
---------------------------------------------------------------
Bindi
අපෝ...ලව් ස්ටෝරි නම් ඇති...පව් නේ සුජීව අයියා....
--------------------------------------------------------------
Gihan
මට තේරුනා...මා ඉතින් සද්ද න්තුව ඉදියා..මොකෝ මේ මම නෙමේ නේ...මම නේ කතාව කිව්වේ...
---------------------------------------------------------------
මාරයාගේ හෝරා
ඒක නේ මාරයියේ මම සද්ද නැතිව ඉදියේ..මට තේරුනා කුප්ප කතාව...තරූශලා විතරක් නෙමේ කෑම්ප් යන්නේ....මමත් යනවා...හැක් හැක් හැක්....
චේජනා
ReplyDeleteඑක එක්කෙනාට එක එක විදිහනේ..මම ඉතින් කතාව මැදදි මගේ කතාවත් ගොඩක් දැම්මා..ගොඩක් අය කැමති ඒ ටිකට තමා..ඒකෙන් කතාවට සමහර විට හානි වෙන්න ඇති..ඇත්ත කතාවක් වගේ ලියන්න තමා මට ඕන උනේ...
-------------------------------------------------------------
sakunthala
උඹට කොහොමවත් කරේ නෑ බන්..උඹ ඩොක්ට කෙනෙක් නේ....
----------------------------------------------------------------
StArry aNgeL
බොහොම ස්තූති...එච්චරයි ඕන....
------------------------------------------------------------------
ADK කොලුවා
ටැන්කුයි හොදේ.....ඔහේ ලියාගෙන ගියා මිසක් මම ඉතින් ස්ටයිල් එකක් හිතුවේ නම් නෑ ...
----------------------------------------------------------------
පිස්සු පුසා
බොහොම ස්තූති...එක දිගට දෙකම ගොඩ දාන්න ලැබුන නම් වැඩිපුර හැනේවි...ටැන්කුයි හොදේ ආයෙ....
---------------------------------------------------------------
පොඩි මෑන්
ඒකනේ පොඩියෝ...අපි කවද්ද කුප්ප නැති කතා ලිව්වේ...
Rathgamaya, Wow! in my words, "PATTAI" :D:D:D:D:D:
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteනියමයි රත්ගමයෝ, ඒත් මම හිතුවේ අනුත්තරා තරුශව බඳීවි කියලා, කමක් නෑ.. :'('
ReplyDeleteඇත්තටම ලස්සනයි.. ගොඩාක් ආසාවෙන් කියවපු කථාවක් මම,
me kathawa kiyawana labena keeeeeedenek ge jeeeewithe esarahata wenas weida....wenas weewa kiyala prarthana karanawa hoda athata......mee kathaawa kalekata esala kiyawana labunanan apith kochara wenas wena thibunadaaaa.........sthuthiya rathgamayata adarshamath kathawak gena aawata
ReplyDeletekash-niyamai...tarushata anuttharawa lebune netath honda jeewitayak lebuna ekagena sathutui..mewage tawath katawak enaturu api balan innawa......
ReplyDeleteහ්ම්...පාසල් කාලයේ අදර කතා බොහෝ විට ඔය වගේ තමා.....ලස්සනයි කතාව....තවත් අලුත් එකක් ඉක්මනට කියන්න අයියා.............
ReplyDeleteකුප්පයෝ... මුලු කතාවම කියෙව්ව... නිකන් මැවිල වගේ පේනව ඉතින් ගාල්ල කිව්වම... උබ ලියල තියෙන්නෙ අමුතු විඩියකට කතාවා... ඒකේ ගතියක් තියෙනවා... ජීවිතෙ කියන්නෙ මහ පුදුම දෙයක් කියල එක ආයෙ හිතට වැදුනා බන්... මේක ප්‍රබන්දයක් ද ඇත්තක්ද වැඩක් නෑ... ඒත් දැනෙනවා බන්...
ReplyDeleteඅන්න බලපන් පුතා...ලස්සන අවසානයක්....දෙන්න පුළුවන් උපරිමේටම දීලා තියෙනවා...පට්ට....තව කතාවක් ලියපන්...බලාගෙන ඉන්නේ කියවන්න....
ReplyDeleteGOOD..
ReplyDeleteමා 9 වසරේ සෙට කෙලන්ට ට්‍රය් කලමේ
ReplyDeleteනමුත් 12 වසරේදේ සිරාවටම කෙලෙකුට මගේ සිත ගෙයේය
නමුත් ඒ කෙල්ල්ල මට අක්මටහි උන මේ වගේම .........................
ඒ කෙල එක ලගින්ම ටව යාලුවෙකුත් හෙටය ........................
මගේ එගේනෙම AL වලින් න්වතුනේ නෑ ...............
අල කරලා අව්රුදු 4 ගිහිලා මම අන්තිමට බලනකොට ඒ කෙලේග යාළුවව මර්ර්ය් කරන යනවා
Life එකනම් maraei .............................
අවසානෙට මං හරි කැමතී ඉරූ..
ReplyDeleteඇත්ත ප්‍රබන්ධයට වඩා රසවත්..ඔයා මේ කතාව ගොතලා කිවුවතතේ කියලා තියෙන්නේ සමාජයේ වෙන ඇත්ත...
ලස්සනයි..^_^..ගොඩාක්...
මචන් මේ කතාව ලස්සනයි... මම මේක මගේ සයිට් එකේ දැම්මා ඔයගේ ලින්ක් එකත් එක්ක...
ReplyDeleteසේරෝම කොටස් ටික කියෙව්වයි කියහන්කො.....
ReplyDeleteඑළම කිරි ආහ්.....
මරුම මරු, මරු ස්ටයිල් පොජ්ජ....
කතාව මාරම ලස්සනයි අයියේ.. පට්ට් කතාව
ReplyDeleteඅර්තයක් ගන්න පුලුවන්
තවත් ලස්සන කතා ලියන්න අයියට සුභ පැතුම්...........!!!!!
.
ReplyDeleteඇත්තටම මට මේකතාව මාර විදිහට වැදුන.
මට මගේ ස්කොලේ කාලේ මතක්උනා
ඇත්තමනං මමත් එ රස්තියාදුකාරයම තමා කීවෙත් වැරදිනැ
කපනව කීවටනම් නෙවෙය් ඔන්න ලිවුවේ...
මෙක උබට උන දෙයක්නම් ඇත්තටම මමත් බෙක්කෙන්ම දුක්වෙනව
මෙකද මාත් එවගේ හන්ද.
thumbs up.. :D
ReplyDeleteනියමයි...
ReplyDeleteකතාව තාත්විකයි! ඇත්තටම ලස්සනයි!
ReplyDeleteමේ කතාවට මම ගොඩක් කැමතියි.....හේතුව, කතාවෙ ප්‍රධාන චරිත තුන එක එක විදියට හරවල බැලුවම, මම දන්න කියන අය මතක් වෙනව. ඒ අය මීට වඩා ගතිගුණ වලින් වෙනස්....දෙයාර් ඉස් ඔන්ලි 2, නොට් 3 දෙයර්....ඒ කතාව තාම ලියවෙනව.
And I hope the ending would be the fairy tale story....and not what happend here!
තව මේ වගේ ලස්සන කතාවක් ලියන්න! ගුඩ් ලක්!
ReplyDeleteඅද තමයි උඹෙ කතා සෙට් 1 කියෙව්වෙ මලයෝ,
ReplyDeleteමරේ මරු කියන්නෙ උපරිම කුජීතයි.
සිරා වටම ලියල තියනව ධමනියේ වදින්න.
ජය වේවා කොල්ලෝ, හැබැයි බොළ සුජීව ප්‍රසන්න වගේ නම් වෙන්න එප බන්
මට අදනේ මේක හම්බුනේ.. මාරම මාරයි අයියේ.. ෆට්ටම සිරා.. මට එක පාර මතක් උනේ මලිත් ගේ "මතක මන්දිර තනා" සිංදුව..
ReplyDeleteපට්ට.....
ReplyDeletekathawa lassanaii..... niyamai...:))
ReplyDelete