Thursday 9 June 2011

නුඹ රහසින් ඇවිත්.....( 6 වන කොටස )




                       කාටත් නොදැනෙන්න ඊලග සිකුරාදා දිනය උදාවී තිබුනි..පෙරදාටත් වඩා ලස්සනට හැඩ වූ සකුන්තල වේලාසනින්ම ගාලු බස් නැවතුම වෙත පැමින සිටියේය..

සුපුරුදු සිදුවීම් කියවා කතාව තවත් දීර්ඝ කිරීමට මාගේ අදහසක් නැත.මෙට හැකිතාක් කෙටියෙන් කීම මාගේ යුතුකමක් බව මම දනිමි...

සකුන්තලත් අනුත්තරාත් වෙනදාටත් වඩා සමීපව පන්තියට ඇතුලු වූ බව ඈත සිටම තරූශ දුටුවේය.
අපි නොදන්නා කුමක් හෝ සිදු වී තිබේ..එය ඔබටත් මටත් වඩා රස්තියාදුකාර තරුණයාව නොසන්සුන් කලේය...

"අද හවසට බලාගම්මුකෝ...."

ඔහු තනිවම මිමුනුවේය..... 
තරුණ යුවලකගේ ඉගි බිගි ද රස්තියාදුකාරයෙකුගේ රැවුම් ගෙරවුම් වලින්ද පන්ති කාලය ගෙවී ගියේය...

පන්තිය අවසානයේ හනි හනිකට පඩිපෙල බැසගත් තරූශ තම ගොදුර එන තෙක් පඩිපෙල පාමුලට වී බලා සිටියේය..
 සිදුවන්නට යන දේ ඔබ අනුමත නොකරන බව සැබැවි..නමුත් එය එසේම සිදු විය..

"අඩො ගෑනු හොරා..."

සකුන්තල දොරටුවෙන් පිටවනවාත් සමගම තරූශ බෙරිහන් දුන්නේය...
සකුන්තල එය නෑසුනා මෙන් සිටියේය..මේ තරූශට පිලිතුරු දිමට කාලය නොවේ..තරුණයා සැබැවින්ම උගතෙකි..ඔහු කිසිත් නොකියා අනුත්තරා එනතුරු බලා සිටියේය..

"අඩො ගොබ්බයා...තොගේ කන් ඇහෙන්නෙ නැද්ද.. මෙහේ වර..."

එවර නම් සකුන්තලගේ උගත් කමටද අභියෝගයක් එල්ල විය..මෙතැන හිටගෙන සිටීමෙන් පලක් නැත.ඔහු සෙමෙන් සෙමෙන් තරූශ අසලට ආවේය..

 "කියන්න..මොකක්ද අද කරන්න හදන්නේ.."

"අඩෝ සෙවලයා...තෝ දැන් අර කෙල්ලට පැනි හලනවා වැඩියි..තොගේ පාඩුවේ පොතක් පතක් බලන් ඉදපන්...නැති නම් බොට දොස්තර නලාවක් දාන්න කන් දෙකක් ඉතුරු වෙන්නේ නෑ..."

"ඇයි උඹ මට මොනවා කරන්නද....."

"මම උඹට එදා කරලා පෙන්නුවනේ කරන්න පුලුවන් දේ...එදා ටිකයි උඹට කරේ..ඉතුරු ට්කත් එක්ක දෙන්න පුලුවන් ඕන නම්.."

"මේ තරූශ....උඹ මොන හේතුවක් නිසා අනුත්තරාගෙන් අයින් වෙලා ඉන්න කියලා මට කියනවද මම දන්නේ නෑ..ඒත් ඒකි මට කැමතියි..ඉතින් මාත් එක්ක ඉන්න එක එයාට ප්‍රශ්නයක් නැති නම් උඹට තියන ප්‍රශ්නෙ මොකක්ද?" 

තරූශ අසරණ විය...අම්බානෙක අසරණ විය..ඔබ මීට පෙර ඔහු මේ තරම් අසරන වී තිබෙනු කවදාවත්ම දැක නැති වෙන්නට ඇත...නමුත් ඔහු අනුත්තරා අත හැරීමට සූදානම් නැත...

මට තියන ප්‍රශ්නෙද....මට තියන ප්‍රශ්නෙ තමයි උඹ අනුත්තරා එක්ක ඉන්න එක...මම අනුත්තරාට ආදරෙයි..."

ඔහු එය කිව්වාද ඔහුට එය කියවුනාද යන්න මම නොදනිමි.නමුත් එය ඔහු කියා අවසන්ය..රස්තියාදුකාර ඉලංදාරියෙකු ආදරය හමුවේ මෙල්ල වී තිබේ..

සකුන්තල කිසිත් නොකීවේය...
ඔහු සිනාසුනේය...හඩනගා සිනාසුනේය...

"උඹ හිතන්නෙ අනුත්තරා උඹට කැමති වේවි කියලද...බලපන් යකෝ..උඹට මොනවද තියෙන්නේ...උඹට ඉගෙන ගන්න පුලුවන්ද? අඩුගානේ උඹට කෙල්ලෙක් බලාගන්න විදිහක් තියනවද? මෙච්චර කාලයක් කෙල්ලොන්ට පන්තියේ ඉන්න දුන්නේ නැති උඹ මේ කෙල්ලට ඉන්න දේවිද...."

සකුන්තල සැර බාල කලේය..වට පිටද බැලුවේය..අවසානයේ ඔහු එය කීවේය...

"තෝ වගේ තාත්තෙක් නැති අවලමෙක් එක්ක ඉන්න මොන කෙල්ලද යකෝ කැමති..."

එය හරියට පිදුරු ගොඩකට සිකරට් කොටයක් දැමුවාක් මෙන් විය..තරූශට කාගෙන් වත් ලයිසන් ඕනා නැත..

ඔහු පහර දුන්නේය..
සකුන්තලද පුලුවන් ආකාරයට පහර දුන්නේය..නමුත් හැඩි දැඩි තරූශ සමග ඔහුට මොන බේරීමක් ද... ඉලංදාරියා පිස්සුවෙන් මෙන් පහර පිට පහර දුන්නේය.පන්තියේ සියල්ලෝ කාලෙකින් දක්නට නොලැබුන වලියක් බලා ගැනීමට එතනට වට විය...

"අනේ...මගේ සකුන්තල"

කොහේදෝ සිට කවුදෝ කෑ ගසනු ඇසුනි..
මට වැරදීමක් සිදු වූයේ නැත..ඒ හඩ "මගේ සකුන්තල" ලෙසම උච්චාරනය විය..
පඩියෙන් පඩිය කලබලයෙන් බිමට බැසගත් අනුත්තරා දිවගෙන විත් සකුන්තලව තුරුල් කර ගත්තාය..
සකුන්තල කලේ සිනාසීම පමනි..ඔහුගේ දෑත දෙපය පමනක් නොව මුහුනද දැඩි ලෙස සීරී තිබුනි..
"නේ ඇයි රත්තරන් මේ අමුනුස්සයා එක්ක රංඩුවට ගියේ..මම කිව්ව නේ පැටියෝ ඔයාට..ඇයි කියන දේ අහන්නේ නැත්තේ..ඔයාට මොනවත් කරන්න මම ඉඩ තියන්නේ නෑ වස්තුවේ.." 
සකුන්තලගේ දෙසවනට ලං වූ ඇය කෙදිරුවාය...

ඔබත් මමත් නොදැන සිටියාට සකුන්තලගේත් අනුත්තරාගේත් ආදර කතාව ඇරඹී තිබුනි..අප රස්තියාදුකාරය එය දැන ගන්නා විට හොදටම ප්‍රමාදවී ඇත...මා ඔබට පලමුවෙද කියුවෙමි..ආදරයක් ඇති වීමට තත්පරයක් වත් ගත නොවේ...

"තමුසේ මහ ජරා බල්ලෙක් ඕයි..මේ අහිංසකයා තමුසෙට කරපු අපරාදේ මොකක්ද.ඇයි මිනිස්සුන්ට මෙහෙම කරන්නේ...මම දන්නවා...මේවා තමුසෙගේ වැරදි නෙමේ...ඒත් ඕයි අවජාතක හැම එකාම මේ විදිහ නෑ...හොද හිතින් යනවා...අපිට පාඩුවේ ඉන්න දීලා යනවා"

මුලු ලෝකයම තමාට සිනාසෙනවා තරූශට දැනුනි..ජීවිතයේ කෙදිනකවත් මෙලෙස කාගෙන් වත් අවමන් විද නැත.තමා මුලු හදින්ම ආදරය කල යුවතිය තමාට මෙසේ කියාවියැයි ඔහු සිහෙනෙන් වත් නොසිතුවේය..නමුත් එය එසේම සිදුවිය...
             කාගෙන් වත් ආදරයක් ලබන්නට ඔහු සුදුසු නැත..ඔහු රස්තියාදුකාරයෙකි.ඔහු නිකමෙකි..ඔහු මැරයෙකි..ඒත් ඔහුට අහිංසක ආදරවන්තයෙක් වීමට නොහැකිද...තරූශට හැඩුම් එයි.ඒත් රස්තියාදුකාරයෝ ප්‍රසිද්දියේ හඩන්නේ නැත.උන්ට දුක තේරෙන්නේ ද නැත..උන්ට හිතක් පපුවක් ද නැත..ඉතින් මෙතන හඩන්නට නොහැකිය..
ඔහු ඇවිද ගියේය...වේගයෙන් ඈතට ඇවිද ගියේය....
------------------------------------------------------------------------------------------
         ඇද මිට්ටමට කොට්ටයක් තබා ගත් තරූශ තමා ගැනම සිතුවේය.රස්තියාදුකාරයෙක් වූ නිසා ආදරය කිරීම ඔහුට තහනම් ද....අම්මාගේ වැරදි නිසා ඔහු ලෝකයා හමුවේ බැනුම් ඇසිය යුතුද...මේ ආදරය අපරාදේ යැයි විටෙක ඔහු සිතුවේය...ජීවිතය කෙසේ හෝ වෙනස් විය යුතුය..නැත වෙනස් කරගත යුතුය..
 ඔබත් පාඩම් කරන කාලයේ මෙසේ සිතන්නට ඇත..කවුරුන් නිසාහෝ හිතට දුකක් දැනුන නිසා පොත් ටික අරගෙන අනන්තවත් පාඩම් කරන්නට ඇත..දිනකින් දෙකකින් ඒ දුක මග ඇරී ගිය පසු නැවත් සුපුරුදු ජීවිතයටම ඔබ හුරුවන්නට ඇත..ඒත් තරූශට එසේ වීමට වුමනාවක් නැත...ඔහු වෙනස් විය යුතුය..මේ වෙනස් වීමට කාලයයි...

              සෑම ආදර කතාවකම මෙන් මේ කතාවේ කතානායකයාට සුන්දර යුවතිය හිමි වනේ නැත...වෙනත් ආදර කතා වල මෙන් රස්තියාදුකාරයන්ට සැබෑ ජීවිතයේදී තරුණියන් ආදරය නොකරයි...ඔවුන් සිහින් මවන්නේ සකුන්තලලා වැන්නවුන් ගැනය..නැති නම් සල්ලිකාර වැදගත් ඉලංදාරීන් ගැනට..ඔබ කියවා ඇති ප්‍රේම කතාවකදී මෙන් සැබෑ ජීවිතයේදී එය එසේ වන්නේ නැත...ඔබ කොපමන තරූශට කැමැත්තෙන් සිටියද අනුත්තරාගේ කැමැත්ත ඔහුට හිමි නැත..

         මා කියනා කතාව අනෙක් ආදර කතා වලින් වෙනස් වන්නේ එබැවිනි...තරූශ පෙරේරා වෙනස් විය යුතුය..
එන්න ,,
අපි ඔහුට වෙනස් වීමට බල කරමු.. 

41 comments:

  1. කතාව ඉවර නෑ නේද?
    ලස්සන කතාවක්.........ඉතුරු ටිකත් ඉක්මනට දාන්න

    ReplyDelete
  2. නියමයි මල්ලි කාලෙකින් ලිව්වකියෙව්ව ලස්සන කතාවක් ඉක්මනට ඊලඟ කොටසත් දාන්න

    ReplyDelete
  3. ගොඩාක් ලස්සනයි අයියේ ගොඩාක් ලස්සනයි දිගටම ලියන්න ඔයාට හොද හැකියාවක් තියේනවා කියලා තේරෙනවා අයියේ .......

    ReplyDelete
  4. අර කෙල්ල වැඩක් නෑ . ඒකිට ලැජ්ජ නෑ මිනිස්සු ඉස්සරහා අරූට රත්තරන් කියන්න . ගොන් බැ **
    තරුෂගෙ තාත්තා අරකිගෙ තාත්තා කරලා ඒකි නොනඩි කරලා කතාව ඉවර කරපන් . කෑම්ප් යන්නත් ඕනනේ

    ReplyDelete
  5. අඩො මෙක දැම්මම ඉවර කරන්න එපා..මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා..මෙකෙ දුශ්ටයා කව්ද බ්න්.මට හිතෙන්නෙ මම මෙකට ඇඩික්ට් වෙලා වගෙ ;)

    ReplyDelete
  6. එළ රතා.. උඹ කතාව වෙන පැත්තකට ගෙනියනවා.. තරූශය පව් එක අතකින්... තරූශගේ වෙනස හොද විදියට උනොත් අනුත්තරා වුනත් වෙනස් වෙන්න පුලුවන්..බලමු...

    ඉතුරු ටික ලියපාන් ඉක්මනට... දැන් තමයි කතාවේ හොදම හරිය....

    ReplyDelete
  7. මේක ඉක්මනට ඉවර උනොත් හොඳයි බන්! රත්ගම ජනවහරට, සංස්කෘතියට පොඩි නොගැලපීමක් තියනවනේ..
    කුප්ප කුජීත ඉකේයිය කියවෙන ගතිය අඩු වෙනව කියල තෙරෙන්නෙ නැද්ද කාටවත්?

    ReplyDelete
  8. හැක් හැක්...
    ගෑණු ජාතිය ජරා ජාතිය
    ගලේගහලා මරා දපිය...
    කුණු ලේ බොල ඔකුන්ගේ.... :D :D :D

    ReplyDelete
  9. meka danma nawaththuwoth api naraka minissu kiyala kiyanna epa....hariya.....??

    ReplyDelete
  10. කතාව හැරවුම් ලක්ෂයට එලඹ ඇතිමුත් අවසානයක් ගැන නොසිතන්නේ කතාවේ රචකයා කුප්පයා වන බැවිනි...
    ඉරුවෝ කතාව නම් එලය...

    ReplyDelete
  11. ඔන්න මචෝ උඹ දැන්නම් මට මල පන්නන්න හදන්නේ..තරූශයා උඹට මොන කුප්ප කමක් කලාටද උඹ ඌට මෙහෙම කරන්නේ..? අච්චර සෙනඟ ගොඩක් මැද උඹ ඌව කුජීත කරලා දැම්මානේද...පව් යකෝ.. :D :D කතාවට මම පට්ටම කැමතී බං..පොඩ්ඩක් තරූශගේ ගැන්ග් එක ගැනත් ලියපන් කතාව තාත්වික වෙන්න.ඔය වගේ චරිත තනිව හැසිරෙනවා අඩුයි නේ.අනික දුක නැති කිරීමේ මාර්ගයත් වෙනස් නේ.. :O ඕන ඔට්ටුවක් උඹට මේක කොටස් 10න් නම් ඉවර කරන්න හම්බුවෙන්නේ නෑ..උඩ කොමෙන්ට් දාලා තියන කස්ටිය උඹව අල්ලන් කාවී... :D :D

    ReplyDelete
  12. awasanayan dekak liya kathawa awasan karanna. kathawa nam top.

    ReplyDelete
  13. Anonymous
    තාම ඉවර නෑ..තව ටිකක් තියෙ...
    ----------------------------------------------------------------------------------------
    Anonymous
    ඉක්මනට දාන්න තමා හිතාගෙන ඉන්නේ....
    ------------------------------------------------------------------------------------
    ADMIN | Malith Madushanka
    හැකියාව වගේද මලයා රැකියාව....
    -------------------------------------------------------------------------------------
    Gihan
    ඒකි කනට කරලා කොදුරන්නේ යකෝ...කියවලා බලපන්...17 වෙනිදා බඩු බනිස්.....
    ----------------------------------------------------------------------------------
    Bunny
    නොදකින්...තෝ කොහෙන් හරි එනවා පැනියා...
    -----------------------------------------------------------------------------------
    Anonymous
    මේකේ සකුන්තලගේ පැත්තෙන් දුෂ්ඨය තරූශ..තරූශගේ පැත්තෙන් සකුන්තල...ලියන්නේ තරූශගේ පැත්තෙන් නිසා සකුන්තල දුශ්ඨයා විදිහට දැනෙනවා ඇති...
    ------------------------------------------------------------------------------------
    නචියා
    හොද විදිහට වෙනස් වේවි....කෙල්ල කතා නායකටයම හම්බෙන්න ඕන නෑ නේ..මට තියනවා ඊට වඩා කතාවක් කියන්න...
    -----------------------------------------------------------------------------------
    දොලේ
    ඉදපිය තව කොටස් දෙකක්...කුප්පයා ඉස් බැක් අගේන්....
    -------------------------------------------------------------------------------------
    සුළඟිල්ල | pinkie
    දැන් බොට සතුටුද...සකුන්තලයා මරන්න ඕන නෑ නේ....කෙල්ල ඕනත් නෑ නේ...

    ReplyDelete
  14. Anonymous
    බොලේ මේක මෙගාවක් කරන්න බෑ හොදේ....
    -----------------------------------------------------------------------------------
    ~RN~
    අන්න ඒකනේ...බොලා අද මේකේ අවසානය මේකයි කිව්වොත් මම ඒක හෙට වෙනස් කරනවා...
    --------------------------------------------------------------------------------------
    sudheera
    ගැන් එකක් ගැන ලියන්නත් තිබ්බා..එතකොට කතාව තව දිගට ගෙනියන්න වෙනවා..අම මේ පුලුවන් තරම් අඩු කරලා ලියන්නයි බලන්නේ..ඒකයි චරිත හතරක් ගත්තේ...තව ගොඩක් චරිත දාන්න ඕනකම තිබ්බත් අඩු කොටස් ගාන නිසා ඒක කරගන්න බෑ....
    -----------------------------------------------------------------------------------
    sl130
    තාම අවසාන නෑ ඉස්සරහට හොද සෙල්ලම්....

    ReplyDelete
  15. @ රතා..
    එළ... උඹට කියන්න තියන දේ තමයි අපි බලන්නේ... මට හිතුන විදිය මම කිව්වේ... අවුලක් නෑ.. කොහොමත් මම කියවනවා...

    ReplyDelete
  16. පට්ට ඕයි..සකුන්තලය ගුටි කෑවත් මොකෝ..ඌට පට්ට ආතල් සීන් එකක්නෙ :)

    ReplyDelete
  17. වසරේ හොදම බ්ලොග් නව කතාව වෙන්න යන එක සුවර් රතෝ....කොහොමත් මෙගා එකත් හිට් වෙයි අනිවා...උබ මාවත් කෑල්ලකට ගනින්කෝ බස් ස්ටෑන්ඩ් එකේ කඩල කාරයෙක්යවත්

    ReplyDelete
  18. ඒත් රස්තියාදුකාරයෝ ප්‍රසිද්දියේ හඩන්නේ නැත.උන්ට දුක තේරෙන්නේ ද නැත..උන්ට හිතක් පපුවක් ද නැත..
    යකෝ බොක්කටම වැදුනා බන් ඒ කතාවනං මොන වැරැද්ද තිබුනත් ඌත් මිනිහෙක්නෙ ඌට හැදෙන්න චාන්ස් එකක් දෙන්න වටිනවා.... බලමු ඌ හැදෙයිද කියලා.... හැබැයි ඌ සකුන්තල වගේ එකෙක් කරන්න උබ හදනවනං ඌට ඒ චාන්ස් එක නොදුන්නට කමක් නෑ....

    ReplyDelete
  19. පට්ටයි මස්සිනා..එළකිරි නිකං ටැමිල් ෆිල්ම් එකක් වගේ..මෙහෙම වෙනස් කතා තියෙන්නේ ටැමිල් ෆිල්ම් වල තමයි...උඹ ගෑනු පීටර් වුනත් මමනං තරූශයගේ පැත්තේ..සොරි තමයි මස්සිනා

    ReplyDelete
  20. නියමයි. මුල් දවසෙ ඉදන්ම කියෙව්වෙ.. දිගටම ලියමු.. ජය!!!

    ReplyDelete
  21. මන් දිගටම කියෙව්වා.ලස්සනයි නෙමේ. වෙනස් කතාවක්ඉතුරු ටික ඉක්මනට ලියන්න.

    ReplyDelete
  22. නියමයි කතාව... රස්තියාදුකාරයෙක් කියන්නෙත් මානුශීය හැගීම තියෙන කෙනෙක්. ආදරේ , දුක , කඳුල හංගන්න හැදුවට කවදා හරි ඒ රස්තියාදුකාරයාගේ ඇතුලෙ ඉන්න ප්‍රේමවන්තයා එලියට එනවා. එදාට ඒ වගේ ප්‍රේමවන්තයෙක් නවත්තන්න කාටවත් බෑ..

    ReplyDelete
  23. කතා සීරීස් එකම කියෙවුවා. නියමයි රත්ගම මලේ.
    කුප්ප කුජීතම ටික දැන් පටන්ගනී වගේ කියලයි මට හිතෙන්නෙ.
    ඊගාව එකත් ලියහං.

    ReplyDelete
  24. මොකද මූට යාලුවෙක් නැත්තෙ .........
    ඒක ලොකු අඩුවක් වගේ .......
    රස්තියාදුකාරයෙක් උනාම සෙට් එකක් ඉන්න එපායෑ .......

    ReplyDelete
  25. එපා වෙනස් වෙන්න එපා. දඩබ්බර කොල්ලොන්ට ආදරේ කරන කෙල්ලොත් ඉන්නවා.

    ReplyDelete
  26. නචියා
    කියවන්ඩ කියවන්ඩ,,,,තව කොටස් තුනක් යයි උපරිම....
    -------------------------------------------------------------------------------------------
    AdmiN teChtRikzz
    බොලා හෙන කැමතියි නේ ඒ අහිංසකයා ගුටි කනවට..
    -------------------------------------------------------------------------------------------
    ItalyDilan
    ගන්න ඉන්නේ..සකුන්තලයගේ චරිතෙට එකෙක් නැතුව ඉදියේ....
    ------------------------------------------------------------------------------------
    කිඩෝ
    නෑ නෑ ඒ වගේ කරන්නෙ නෑ..මූ මැර බ්‍රයිටෙක් කොරමු....
    -----------------------------------------------------------------------------------
    ජනරඟ විජඉදු දේවසුරේන්ද්‍ර
    මමත් උගේ පැත්තේ තමා බොල...මම සකුන්තලගේ පැත්තෙන් කතාව ලිව්ව නම් තරූශය දුෂ්ඨ වෙනවා..ඒත් මම ලියන්නේ තරූශගේ පැත්තෙන්...
    -------------------------------------------------------------------------------------
    හිම කුමාරි
    මරු මරු...
    ---------------------------------------------------------------------------------------
    Anonymous
    දානවා දානවා..ගිය සදුදා පටන් ගත්ත...ඉරිදා වෙනකොට ඉවරයි....
    ------------------------------------------------------------------------------------
    ප්‍රාර්ථනා
    ඒ ඒ ප්‍රේමවන්තයව සමාජය පිලිකුල් කරනවනේ....
    ---------------------------------------------------------------------------------------------
    Praසන්ன
    තව ටිකයි තව ටිකයි,....
    --------------------------------------------------------------------------------------------
    කල්හාර දිසානායක
    යාලුවෝ ඉන්නවා බන්..උන් ගැන ලියලා නම් කතාව කොටස් දහයකට අඩුවෙන් ඉවර කරන්න බෑ...චරිත අඩු කරේ එකයි,,,,
    --------------------------------------------------------------------------------------------
    පිණිබිඳු..
    දඩබ්බර රස්තියාදුකාර නොසන්ඩාලයොන්ට???ඉගෙනගන්න බැරි බොර පාට ඇස් තියන පන්තියේ හැමෝටම එපා වෙච්ච් කෙනෙක් ට??

    ReplyDelete
  27. දැන් නම් ඊලග කොටස ඉක්මනින් ඕන.. නියමයි කතාව ආසාවෙන් කියවනවා...:)

    ReplyDelete
  28. අද එකනම් එල ඇ.මාර හැකියාව. එල සහො...

    ReplyDelete
  29. කතාව හරි ආසාවෙන් බලාගෙන ආවේ.ඒත් සකුන්තලයි අනුත්තරයි ක්‍ෂණික ආදරවන්තයෝ වෙලා තියෙන හැටි දැක්කම එපා වුනා.ඒත් බලමු ඉස්සරහට මාකද වෙන්නේ කියලා.

    ReplyDelete
  30. ඉක්මනට ලියමුනේ...... 15ට කලින් ඉවර කරන්න එපැයි ඉතින්. :D

    මල්ලිට කොහාටද යන්න ආවේ මල්ලි?????????

    ReplyDelete
  31. හසී
    අනිවා ඉක්මනට දානවා අක්කේ....
    --------------------------------------------------------------------------------------
    පිස්සු පුසා
    පින් සිද්ද වේවා!!!!
    -------------------------------------------------------------------------------------
    JHOTHISHALANKA
    මමත් එහෙම කරපු එකට කැමති නෑ අයියේ..ඒත් මේක කොටස් දහයට අඩුවෙන් ඉවර කරන්න ඕන..දැන්ම ඔහොම කරේ නැත් නම් මට ලියන්න වෙන්නේ මෙගා එකක් ම තමා...ආදරේ හෙමීට ඇති කරන්න තිබ්බා මට කාලය තිබ්බ නම්...
    පුද්ගලිකව මමත් කැමති නෑ ඒක වුනාට...ඒත් ආදරය ති වන්නට තත්ප්‍රයක් වත් යන්නේ නෑ කියලා එතනින් ශේප් උනා..අයියට විතරයි ඒ වෙනස් දැනුනේ හරියට..මේ කතාවේ චරිත අඩු කරෙත් ඒකයි..ඉක්මනට ඉවර කිරීඅම් නිසා කතාවට අඩුපාඩු උනා නම් වගකීම මම භාරගන්නවා.කතාව හරියටම තේරුම ගත්තම තමා ඔය වගේ පොඩි අඩු පාඩු හිටන් පේන්නේ.ස්තූතියි කොමෙන්ට් එකට... :))
    ----------------------------------------------------------------------------------------------------------
    හා පැටික්කි (MS)
    17 වෙනිදා තමා තියෙන්නේ...අල්ලපු ගමේ කෑම්ප් එකට නේ..බුස්ස හමුදා කදවුර...

    ReplyDelete
  32. ඉක්මනට ඉවර කරන්න ගිහින් තියෙන ගතිය අඩු කරන්න එපා බන්.. යන විදියට යන්න දීපන්

    ReplyDelete
  33. තරුශ වෙනස් වේවි.. මම හිතනවා.. කාලයක් මගෙත් තිබුන දඩබ්බරකම් පූජා නිසා නැති උනා.. ඒත් මගේ ජීවිතයට වඩා තරුශ වෙනස්.. තරුශ වෙනස් උනත් අනුත්තරා කැමති වේවිද? උත්තර ඔබෙන් ඊලග කොටස් වලින් බලාපොරොත්තු වෙමි..

    ReplyDelete
  34. පට්ට... එල... නියමයි... සාතන් කැමති විදිහෙ ලව් ස්ටෝරියක් කවුරුහරි ලියනවමයි මේ... ඔය තරුෂයව චා කරල විනාසම කරල දාපන්... එතකොට තමයි පොර වෙඩිකාපු ඌර වගේ වෙන්නෙ... ඒවගේ උන් කවදාවත් ටාගට් එක අතඅරින්නෙ නෑ(උගේ ටාගට් එක කෙල්ල සෙට් කර ගැනීම නොවේවා!...) අන්න එතකොට ඌ තමයි බුවා... කථාව ෆුල්ම කික්... සකුන්තලයටයි කෙල්ලටයි හෙන ගැහුවත් කමක් නෑ...

    ReplyDelete
  35. හ්ම්..

    කියන්න දෙයක් නෑබං පට්ටම කතාවක් සෝබනේට කියනවා නෙවේ පට්ටම පට්ට කතාව ..මේක මගේ ඇඟට පුදුම විදිහට දැනුනා ...උඹනම් පුදුමෙනුත් පුදුම කතා ගොතන්නෙක් කොහොමද මේවගේ කතාවක් එකපාර ඔලුවට ආවේ ..?

    මගේ කෙල්ලගේ ගෙදරින් ඇවිල්ලා කෙල්ල ඉස්සරහා මගේ මූනටම ඇහුවා මේ වගේ රස්තියාදුකාරෙයෙක් එක්කද උඹ යාළු උනේ කියලා ! .එහෙම අහපු කෙල්ලගේ දෙමවුපියන්ට ආයේ කවමදාකවත් මැරෙන්න වැටිලා හිටියත් වතුර ටිකක්වත් දෙන්න යන්නේ නෑ මමනම් ...බලන්නේවත් නෑ ...මට උංගෙ දූ කුමාරිවත් එපා උනා උං හැතිකරේත් එපා උනා ..අනේ මන්දා බං මේක මොකට ලියවුනාද මන්දා ..

    ReplyDelete
  36. ඉවසිල්ලක් නැතෝ.....ඉතුරු ටික බලනකම්.

    ReplyDelete
  37. මේ කතවේ එකම කුතුහලයක් තියෙන්නේ. කතාව කොයි යහක ගලාගෙන යනවද කියලා කියන්න බෑ. ඒ තරමටම කුතුහලය වැඩියි. කතාවත් පට්ට කතාව. මේ කතාව පොතකට ප්‍රින්ට් කරලා වික්කොත් හෙනම ආදායමක් උපයා ගන්න පුලුවන්.

    මොකෝ කියන්නේ වැඩේ කරමුද >???

    නියමයි රත්ගමයෝ. කතාව එලටික් !!!!!

    ReplyDelete
  38. මචං.. පිස්සු ආහ්.. කලෙක ඉදන් බලන් හිටපු විදියේ කතාවක්. සුපිරි. පර සුද්ද පෙට්ටියෙන් එළියේ හිතනවා කියන්නේ ඕකට තමා.. පෙට්ටිය අතුල බලන්නවත් එපා. එලියේම හිටපන්. එලියේම කිව්වට ඇතුලට එන්න වෙනවනේ කොයිවෙලාවක හරි. වැඩේනම් උපරිමයි..

    ReplyDelete
  39. එළ එළ ඔහොම යං...

    ReplyDelete
  40. අයියෝ!!!....මේ අනුත්තරාට කිසිම සංයමයක් කියල දෙයක් නෑ නෙ!

    ReplyDelete

ඔබේ වචන මට හයියකි...මේතන ලියා යන්න(ඔන්න හොදින් කිව්වා..අඩෝ...ලිව්වේ නැතිනම් කපනවා ඩෝ...)