Friday 10 June 2011

නුඹ රහසින් ඇවිත්..... (7 කොටස )




පලමු වතාවට අපගේ කතාව සෙනසුරාදා දිනයකටද යමුවේ...

උදෑසන හයේ කනිසමට නැගිට ගත් තරූශ මුහුන කට සේදීමටද ප්‍රථමයෙන් කොහු හැලී ගිය කොස්සක් කොහේදෝ තිබී සොයාගෙන ආවේය..
කාමරයේ අපිලිවටට තිබූ පොත් සියල්ල එක ගොඩකට එකතු කල ඔහු සිවිලිමේ තිබූ මකුලු දැල් කඩා ඉවත් කිරීමට පටන් ගත්තේය...

"කාලකන්නියා..."

ඔහු සිනාසෙමින් තමාටම මුමුනයි...

 මකුලු දැල් කඩා දැමූ තරූශ කාමරය සම්පූරණයෙන් අතුගා දැමුවේය..
පොත් පත් ඔහේ විසිරී තිබූ මේසය පිලිවලට සෑදුවේය...
ඔහු තව දුරටත් රස්තියාදුකාරයෙක් නොවේ..කතාව ආරම්භයේදීම මම ඔහුට රස්තියාදුකාරයා යැයි කියමින් එය කොතෙක් දුරට ගැලපේදැයි නොදනිමියි කීවෙමි...
සැබැවින්ම දැන් ඔහුට එය ගැලපෙන්නේම නැත....

"ඔක්කොම වැඩ ඉවරයි.."
දැන් බලමු රස්තියාදුකාරයෙකුට කරන්න පුලුවන් මොනවද කියලා"
ඔහුගේ බොරලු පැහැ දෑස දිලිසෙමින් තිබුනි.....

අම්මාගේ කාමරයේ එල්ලා තිබූ කැලැන්ඩරය ඔහු ගලවාගෙන ආවේය.විභාගයට ඇත්තේ තවත් මාස දහයකට අඩු කලයක් බව කැලැන්ඩරයේ කොල පෙරලා බැලූවිට මැනවින් දිස් වේ..
මේ මාස දහය ඔහුට හොදටම ප්‍රමානවත් ය.ඉලංදාරියා කාලසටහනක් සැදුවේය...
  ඉන්පසු හොදින් නෑවේය..වෙනදාටත් වඩා නැවුම් ගතියක් දැනේ..
අම්මා උදේ පාන්දර සාදා ගොස් තිබූ උදෑසන ආහාරය සීතල වී ගොස තිබුනත් අපුලක් නැතුව බඩට දාගත්තේය..
කාමරයට ගොස් පුටුව ඇදග්ත් ඔහු රාජකාරිය කිරීමට පටන් ගත්තේය..

                   ආදරයට කල නොහැකි දෙයක් නැත.ජීවිත වෙනස් කරන්නේ ආදරයයි..ඔබත් එක වාරයක් හෝ කාටම හෝ ආදරය කර ඇතැයි සිතමි.ඒ ආදරය හමුවේ ඔබ ජීවිතයට වැදගත් දේ හෝ නොවැදගත් දේ සිදුවන්නට ඇත.තරූශ නොදැන හෝ ඔහුගේ ජීවිතය ආදරයක් නිසා වෙනස් වෙමින් තිබුනි...

                     මේ සතියම ඔහුට පාඩම් කරන්නට ඉඩ හැර ඊලග සිකුරාදා දිනය වෙත අපි යමු...

වෙනදා කාටත් හොරෙන් ආදරය කල ජෝඩුවක් දැන් එලිපිටම ඔවුන්ගේ ආදරය පටන් ගෙන තිබුනි.අනුත්තරා සහ සකුන්තල ජීව විද්‍යා පන්තියේ සිටි ජනප්‍රියම යුවල වූවෝය.

"අරයා අලුතෙන් ඇවිල්ලා සකුන්තල අල්ලගත්ත නේ හලෝ..අපිට ඉතින් හුලං තමා.."
චික් බන්...මම කොච්චර කාලයක් බලන් ඉදියද..මේකි වැඩේ ගැස්සුව නේ..."

කෙල්ලන් ඒ විදිහට ඕපාදූප සොයද්දී කොල්ලෝ ද ඊට නොදවෙනි වූවෝය....

"සකුන්තලයා තමා බන් ඒකිට ගැලපෙන්නේ..ඌ බ්‍රයිටා..ඒකි පට්ට ලස්සනයි නේ බන්..අපි උඹලා දිහා හැරිලවත් බලාවිද ඉතින්"
 "කොහොම හරි සකුවා කෙල්ලව අල්ල ගත්තා නේ...ඔව්ව ලොකු ලොකු අතු බන්..අපි අත නොදා ඉමු..ලස්සන කෙල්ලෝ අපිට උරුම නෑ.."'

                      අප කතා නායකයාට ඕපාදූප වලින් වැඩක් නැත..ඔහු ජීවිතයේ එකම එක වාරයක් ආදරය කලේය..ඒ ආදරය ඔහුට හිමි වන්නේ නැත..නමුත් තාමා ජීවිතය හදා ගත යුතුය..අද ඔහුව පිලිකුල් කරන අයට එදාට ඔහුව ඕනෑ වනු ඇත

පන්ති පටන් ගැනීමට විනාඩියකට හෝ දෙකකට කලින් ඔහු පන්තියට ආවේය..පන්තිය වෙනස් වී නැත..නමුත් ඔහු වෙනස් වී ඇත..වෙනදා තිබූ අවුල් වූ කොන්ඩය දැන් පිලිවෙලකට පැත්තකට බෙදා තිබුනි.හොදින් මැද තිබූ කමීසය චාම් ගතියකින් යුතු විය...
                      අවසාන පේලිය සමීපයේ ඔහු මදක් නැවතුනේය..අනුත්තරා ඊට පේලි ගනනකට ඈතින් සකුන්තල සමග අතින් හා ඇස් වලින් කතා කරමින් වුන්නාය...

ඉදිරි පස බංකුව දෙස බැලු ඉලන්දාරියා තමාගේ සුපුරුදු බංකුව දෙසද බැලුවේය..ඔහුට නොදැනීම බංකුවේ ලියා තිබූ මැකී යමින් පැවති වදනක් දෙස ඔහුගේ දෑස් යොමු විය...

"බුද්ධිමතින් බිහිවන්නේ පසු පස පේලියෙනි"

ඔහුට සිනහවක් ගියේය...තවත් වරක් නොහිතාම තම සුපුරුදු ආසනයේම ඔහු වාඩි වුනේය...පන්ති කාලය පුරාම ගුරුවරයාගේ හඩට පිටින් කිසිම දෙයක් ඔහුගේ දෙසවනට වැටුනේ නැත....
ගෙදරදී පෙර සටහන් බැලූ නිසා අද පාඩම ඔහුට තේරුම් ගැනීම ඉතාමත් පහසු විය.මෙච්චර කල් ගුරුවරයා පන දමාගෙන උගන්වා ඇත්තේ මේ දෙවල් දැයි ඔහු තනිවම සිතුවේය....
 පන්තිය සුපුරුදු ලෙසම අවසන් විය....

සමාවන්න...
සුපුරුදු ලෙසම නෙවේ...තරූශ පෙරේරා යොදාගෙන කරනු ලැබූ විහිලු වලින් පන්තියට විනෝදයක් නොලැබුනි..ගුරුවරයාට පවා තරූශව අමතක වී ගොසිනි..ඔහු ඒ තරමට නිශ්ෂබ්දව සිටියේය.......

  ---------------------------------------------------------------------------------------------------

කාලය ගෙවී ගියේය...සකුන්තලගෙත් අනුත්තරාගේත් ආදර වදන් වලින් මගේ කතාව පිරවීමට අදහසක් නොමැත..වෙනත් ආදර කතාවක් කියවීමෙන් ඔබට ඔවුන්ගේ ආදර කතාව සහ ආදර දෙබස් තේරුම් ගැනීමට හැකි වනු ඇත..මගේ කතාව එක් රස්තියාදුකාරයෙක්ව සිටි තරුණ ඉලංදාරියෙකු ගැනය...ඉදින් මම ඔබට එය පමනක් කියමි...
 තවත් මාසයකට පසු පන්තියේ මාසිකව පවත්වන පෙරහුරු විභාගය පැවැත් වුනි.වෙනදා ලෙඩ නිවාඩු දමා එයට නොපැමිනෙන සිසුන් පවා එයට පැමින සිටියෝය..උසස්පෙල කඩයිමට පෙර තමන්ගේ මට්ටම ඔවුන්ට බලා ගත යුතුය..සියල්ලෝම එය ලිව්වෝය..
පුදුම නොවන්න..අප ඉලංදාරියා වෙනදාට වචන 20 කට 30ක සීමා කරන ප්‍රශ්න පත්‍රය සම්පූර්ණයෙන්ම ලියුවේය..ජීවිතයේ පලමු වතාවට සතුට ඔහු වෙත පැමිනෙමින් තිබුනි....
සකුන්තල අනුත්තරා ඉරේශා යන සෙසු චරිතද විභාගයට මුහුන දුන්නෝය..
සුපුරුදු ලෙසම සකුන්තලට ප්‍රශ්න පත්‍රය අපේ භාෂාවෙන් කියනවා නම් ගේමක් තිබුනේම නැත...අනුත්තරා සහ ඉරේශා ගැන නම් මම නොදනිමි..ගැහැනු ලමුන්ගේ ඕපා දූප අපට කුමකටද....
-----------------------------------------------------------------------------------------------------

 තවත් සිකුරාදාවන් දෙකක් පසු කිරීමට මම ඔබෙන් අවසර ඉල්ලමි...ඔබ අවසර දුන්නත් නැතත් මම එය පසු කරමි.මෙය මෙගාවක් කිරීම මගේ අරමුණ නොවේ..මෙය ආදර කතාවක් ද නොවේ...
එන්න අපි පන්තියට යමු....ගුරුවරයා පැමින සිටියේය...
"එදා දීපු ටෙස්ට් එකේ ලකුනු අද මගේ ලග තියෙනවා..මුල් කීප දෙනාගේ ලකුනු මගේ අතේ..අනිත් ටික පුරුදු විදිහටම නෝටිස් බෝඩ් එකේ දාලා ඇති...
ඔබත් මමත් පුල පුලා බලා සිටි අවස්ථාව එලඹී තිබේ..ගුරුවරයා තරූශගේ නම කියනු ඇත....අපි බලා සිටිමු....


"පලවෙනි තැන ලකුනු 91 ක් අරගෙන ලබාගන්නේ  සකුන්තල සූරියබන්ඩාර"


සුපුරුදු අත්පොල්සන් නාදය පන්තිය පුරා රැවු දුනි..

ඔබේ බලාපොරොත්තු බිද වැටුනා නම් සමා වන්න..එහි තරූශ පෙරේරාගේ නම කියවුනේ නැත..පලවෙනි තැනට තබා මුල් තුන් දෙනා අතරවත් ඔහු සිටියේ නැත...කුමක් හෝ සිදු වී තිබේ...

       එන්න අපි අනුත්තරා හා ඉරේශා පසු පසින් දැන්වීම් පුවරුව දෙසට යමු...ඉරේශා ලකුනු 70ක් ද අනුත්තරා ලකුනු 56 ක් ද ලබා සිටියාය..

"පලවෙනි පාරනේ ඩියර්..මට මුල් ටෙස්ට් එකට ලකුනු 40 යි...ඔයා හොදයි නේ..තව මහන්සි වෙන්න..සකුන්තලට ආඩම්බරයක් වෙන්න ඕන නේ එයාගේ නෝනා"

ඉරේශා සිනහ සෙමෙන් කීවාය..

            ගැහැනු ලමෝ සතුටු සාමීච්චියෙන් පඩිපෙල බැස ගියෝය.ලකුනු ලැයිස්තුවේ සියල්ල නොවෙනස් ය..ඒත් එක වෙනසක් සිදුවී ඇත...
පන්තිය හිස් වූයේය..ඒත් එක බොර පැහැ දෑසක් පමනක් දැන් වීම් පුවරුව දෙස බලාගෙන සිටියෙය...ඒ දෑස අයිති වූයේ වෙනස කල පුද්ගලයාටය..ලැයිස්තුවේ අවසානයට ඔහුගේ නම නැත.වෙනදා 250 ක් වූ සිසු සිසුවියන් ගෙන් අවසාන ස්ථානය නිසැකවම හිමි කරගන්නා තරූශගේ නම අද එතැන නැත..

        තරූශ පෙරේරා ලකුනු 79 යි 18 වන ස්ථානය...

ඔහුට කොපමන සතුටක් දැනුනේද මම දනිමි.කතාව ලියනා මමද වරෙක පන්තියේ තිස් හතලිස් ගනන් වල සිටියෙමි.. එක් වරක් පමනක් පාඩම් කර ලියූ විභාගයකදී මම සය වැන්නා වූයෙමි..ඉදින් කොපමන සතුටක් දැනුනේද යන්න මම දනිමි..ඔබලාට එය දැනී තිබේදැයි කීමට නම් මම දන්නේ නැත....
අපේ කතාව වෙනස් වෙමින් තිබේ...පොත් ගුල්ලන්ට යන එන මං නැති වීමේ කාලය අත ළගය..

සකුන්තල,
ඔබ පරිස්සම් වන්න....අතින් පයින් ඔබව පැරැද්දූ ඉලංදාරියා දැනුමෙන්ද ඔබට බිම වැටෙන්නට පහර දෙනු ඇත..එදාට ඔබ හැම අතින්ම පරාදය...ඒ දවස එන තෙක් අපි බලා සිටිමු..............


-------------------------------------------------------------------------------------
තව කොටස් දෙකක් හෝ තුනක් වගේ තමා තියෙන්නේ....හෙට මට හදිස්සියේම කොළඹ යන්න වෙලා..හෙට කියන්නේ සිකුරාදා...ඒක නිසා කතාව ඉවර කරන්න ටිකක් පරක්කු වෙයි..මම දැනට දවසට එක පෝස්ට් එක වෙන්න දැම්මා..ආයේ ගෙදර එන්නේ ඉරිදට තමා..ඒක නිසා ඉරිදා සදුදා අහගරුවාදා ඇතුලත කතාව ඉවර වේවි...අර නායකත්ව පුහුනු මගුලකුත් තියෙනවා නේ..ඒක එන කලින් ඉවර කරන්නත් ඕන...

47 comments:

  1. "ආදරයට කල නොහැකි දෙයක් නැත.ජීවිත වෙනස් කරන්නේ ආදරයයි..ඔබත් එක වාරයක් හෝ කාටම හෝ ආදරය කර ඇතැයි සිතමි.ඒ ආදරය හමුවේ ඔබ ජීවිතයට වැදගත් දේ හෝ නොවැදගත් දේ සිදුවන්නට ඇත."
    පට්ට ඇත්ත මචං.ලස්සනට ලියල තියෙනව...උඹ මනසෙ ලස්සනට කතාව ගොඩනගාගෙන අපූරුවට වචන වලට පෙලරනව.....
    එළ දිගටම ලියපං...
    සුභ පැතුම්........

    ReplyDelete
  2. kiyala wedak nee ban kalekin kiyawapu amuthuma vidiyaka katharak
    marai hodee

    ReplyDelete
  3. "ඔහුට කොපමන සතුටක් දැනුනේද මම දනිමි.කතාව ලියනා මමද වරෙක පන්තියේ තිස් හතලිස් ගනන් වල සිටියෙමි.. එක් වරක් පමනක් පාඩම් කර ලියූ විභාගයකදී මම සය වැන්නා වූයෙමි..ඉදින් කොපමන සතුටක් දැනුනේද යන්න මම දනිමි..ඔබලාට එය දැනී තිබේදැයි කීමට නම් මම දන්නේ නැත...."
    "අපේ කතාව වෙනස් වෙමින් තිබේ...පොත් ගුල්ලන්ට යන එන මං නැති වීමේ කාලය අත ළගය.."
    තරූශ පෙරේරාට ඉරු ආදේශ වෙමින් පවතින වගක් හැගේ...
    පුහුනු මගුලට කලින් කතාව ඉවර කරපන්.... නැත්නම් camp එකේදී ඉතිරිය කියන්න ලේස්ති වෙලා වරෙන්....

    ReplyDelete
  4. අයියෝ තවත් බලන් ඉන්න බැහැ අනේ.මොකක්ද ඉරු අයියෙ.. :-(

    ReplyDelete
  5. අපෝ බන් මට සකුන්තලයට රගපාන්න නම් බෑ එකෙක් හොයා ගනින් ඒකට..මේක ඉක්මනින් ඉවර වෙනවා කියන්නේ ටෙලියට ශූටින් ලංවෙනවා...නියමයි නේ...කොහොමහරි සැර පරුශයා,,හොද තරුශයෙක් කෙරුවා නේ...

    ReplyDelete
  6. කොහෙද යකෝ රෝ‍න්දෙ ගහන්න යන්නෙ... රත්ගමටම ඇවිත් කපනව ඩෝ... ඉතුරු ටික දාපන් කැෆේ එකකට ගිහින් හරි... හොඳින් කියන්නෙ හරී.....

    ReplyDelete
  7. kathawa aththatama lassanai....aththa jiwithe siddz wena deyak lassanata hithata danena widyata liyanawa.....mn adare karna kenath mita auruddakta withara kalin thanikarama oya tharusha wagemai.... et dan........e hamadema wenaswela.....adareta karanna beri deyak na...

    ReplyDelete
  8. උඹ මේ කියන්නේ උඹත් එක්ක හිටපු කොල්ලෙක් ගැන... සිරාවටම ආදරය පුලුවන් මිනිහෙක් ඇති කරන්නත් නැති කරන්නත්.. ඉක්මනට ලියපන් බන්.. දැන් නම් ඉතුරු ටික දැන ගන්නකල් ඉන්න බැරියෝ....

    තරූශය එළ කොල්ලෙක් බන්... උඹට ඌව තාම හම්බවෙනවද ?....

    ReplyDelete
  9. හ්හ්ම්ම්ම්... මේ කතාවට මම හරිම ආසයි. මොකද කොහොමහරි තමන්ගේ ජීවිතේ හදා ගන්න තරුශ මහන්සි වෙනවනේ.

    ReplyDelete
  10. 'බුද්ධිමතුන් බිහිවන්නේ අන්තිම පේළියෙනි' ඔහොම යං.....

    ReplyDelete
  11. මචං මගේ ශොර්ට් ෆිල්ම් එකට මං මේක ගන්නවා.. ශුවර්..!

    ReplyDelete
  12. ම්ම්ම්ම්ම්.....
    \\තරූශ පෙරේරා ලකුනු 79 යි 18 වන ස්ථානය...

    ඔහුට කොපමන සතුටක් දැනුනේද මම දනිමි.//

    මෙහෙමයි.. ඔය සතුට ඔයිටත් වඩා ලැබෙනව සුපුරුදු රස්තියාදුකාරයම විභාගෙට ලිවුවනම්... විය යුත්ත එයයි. :D :D :D

    ReplyDelete
  13. හොදයි හොදයි උබ තාම තරුෂව සකුන්තල වගේ නපුංසකයෙක් කරල නෑ.... හැබැයි මෙහෙම එකක් තියනවා කවදා හරි තරුෂ සකුන්තලට වඩා හොදට ඉගන ගන්න කොල්ලෙක් වුන දාට අනුත්තරා සකුන්තල අත ඇරලා තරුෂගේ ආදරේ හොයාගෙන ආවොත් තරුෂ අනුත්තරාගේ ආදරේ බාරගන්න හොද නෑ මොකද අර මනමේ කුමරි වගේ තත්වෙකට එතකොට අනුත්තරා පත්වෙන නිසා...

    ReplyDelete
  14. කෙල්ල ලබාගන්නම නෙමෙයි ඇත්තටම ජීවිතේ හොඳ පැත්තට හරව ගන්න කියලා තරුශ හිතපු එක හොඳයි.

    ReplyDelete
  15. බලමු ඊගාවට මොකද වෙන්නෙ කියලා .......
    හොඳයි එල .........
    මොකද නායකත්ව පුහුණුවට ඇඹරෙන්නෙ ..........
    බයද .........

    ReplyDelete
  16. ඇති යන්තම් මන් බයේ උන්නේ ..යන්තම් කොල්ලගේ ඇස් පාදන්නයි හදන්නේ .

    ReplyDelete
  17. ඉක්මනට කොළඹ ගිහින් ඇවිත් ඉතුරු ටිකත් ලියමුකො..
    නායකත්ව පුහුණුවේ අත්දැකීම් එක්ක අයෙමත් කතාවක් ලියමු.
    නුවනි

    ReplyDelete
  18. ඉක්මනින් අවසන් කරන්න හදන නිසාද මන්දා කියවගෙන යනකොට පොඩි හදිසි ගතියක් දැනෙනවා.
    එහෙම කරන්න එපා. කතාවට නිවීහැන හිල්ලේ ගලාගෙන යන්න ඉඩ දෙන්න.
    හැමදාමත් කියවන්න අපි එනවනේ.

    ReplyDelete
  19. ආදරය තරූශව සැබැවින්ම වෙනස් කරලා.. එක පාරම සකුන්තලව වට්ටන්න බෑ.. තරූශ එක හිමීට කරාවි..

    ReplyDelete
  20. සින්ඩි10 June 2011 at 11:29

    තරුෂ ඉගැනීමට දක්ෂයෙක් උනාම අනු සකුන්තලව අතහැරලා තරුෂ ලගට යනවා නම් ඒ කෙල්ල ගේ ආදරෙන් වැඩක නැහැ නේ...අනේ එහෙම නම් සාර්ථක නැහැ නේ... :(((

    කතාව ගොඩක් ලස්සනයි ගලාගෙන යන විදිහ.දිගටම ලියන්න.... :)

    ReplyDelete
  21. මුල් පොස්ට් එකට කමෙන්ට් කරලා එක හුස්මට කතාව කියෙවුව....ලස්සනයි අයියා....ඉක්මනට ඉතිරිය ලියන්න....

    ReplyDelete
  22. අයේ එකෙන්ම. මාත් නම් බන් පන්තියේ අන්තිමයගෙන් බෙරුනේ කාලෙකින්. කවුරුත් නොහිතපු විදිහට මන් o/l ගොඩ දැම්ම. ඒක තාමා මගේ සතුට. විචාර නම් දන්නැ කතාව එල සහො. විශේෂත්වය ලියන විදිහේ. සුබ පැතුම්...

    ReplyDelete
  23. අදරයට කරන්න බැරි දෙයක් නැ ..එල

    ReplyDelete
  24. අමතක උනා . ගොඩක් වෙලාවට ආදරේ විසින් මිනිස්සු ඇති කරන්නවා වගේම ඒ ආදරේම මිනිස්සු නැති කරනව.

    ReplyDelete
  25. වෙලාවට තරුශත් සකුන්තල වගේ පන්ඩිතයෙක් නොවුනෙ..බැරි වෙලා හරි මිනිහත් ඉස්සරහ පේළියට ගියානං කතාව එපා වෙලා යයි... :/

    ReplyDelete
  26. මේ කතාව තාත්ත්විකයි.බොලද ආදර කතාවකට වඩා වටින යමක් තියෙනවා.තරුෂ වගේ ළමයෙක් අපි ඉගෙන ගන්න කාලෙත් හිටියා.මෙයා ටියුෂන් ක්ලාස් එකකදි ගෑනු ළමයෙක්ට විහිළුවක්(ඒක එච්චර නරක විහිළුවක් නෙවෙයි.)කරලා ඒ ගෑනු ළමයාගේ තාත්තා ඇවිල්ල සර් ඉස්සරහ අර පිරිමි ළමයට ගැහැව්වා.එදා ඉදල පිරිමි ළමයා වෙනස් වුනා.මම ඇත්තමයි කියන්නේ අර ගෑනු ළමයා විභාගෙ ලියන්නත් කලින් කොල්ලෙක් එක්ක පැනලා ගියා.අර පිරිමි ළමයා කෙලින්ම ඉංජිනේරින්.

    ReplyDelete
  27. අනුත්තරා සහ සකුන්තල මේ දෙන්නට කෙල වෙන්න යන්නේ. මම දන්නවා නේ. ඒ ලෙවල් කාලේ කරන ලව් හරියන්නේ නෑ. විභාගේ කෙල වීම විතරයි වෙන්නේ. තරූශයාට හරි යයි. මල්ලිගේ කතාව හරි. බුද්ධිමතුන් බිහි වෙන්නේ අන්තිම පේලියෙන් තමා. ඒකනේ මාත් අන්තිම පේලියේ හිටියේ.

    ReplyDelete
  28. හ්ම්ම්... මම හිතාන උන්නෙ උඹ කුප්පයෙක් විතරයි කියලනෙ. දැං උඹ පට්ට කුප්ප ලෙඛකයෙක් වෙලානෙව. මල් හතයි රත්තෝ. පරිස්සමින් ගිහින් එන්න ඇවිල්ල කියපන් ඔයි කියන තරං යකා කළුද කියල....

    ReplyDelete
  29. ගොඩාක් ආසාවෙන් කියවන්නේ.... ඉක්මනට ඉතිරි ටික දාන....

    ReplyDelete
  30. අන්න කොල්ලෝ............

    නියමයි මලේ............. ලියන්න පුලුවන් වෙලාවට.......

    ReplyDelete
  31. කවදාවත් නැතුව මටත් කොමෙන්ටුවක් දාන්න හිතුනා.

    නියමයි රත්ගමයා මල්ලි එල... පට්ට....

    :-)

    පලි. මම හැමදාම ඔයාගෙ පොස්ට් කියවනවා...
    රත්ගමයා එක්සෑම් ගොඩදැම්මෙත් මේ වගෙ අාදර සිද්ධියක් මුල්කරන්ද?

    ReplyDelete
  32. kash- ayye oya kathawa liyana style ekanam maru...atthatama ehama style ekak meeta kalin mama dekala ne...ane kohe giyath kamak ne ithuru tikath ikmanata danna..gd luck

    ReplyDelete
  33. ලස්සන කතාවක් වගේ පේන්නෙ කියවන්න ගොඩක් තියනවා පස්සෙ කියවන්නම්.

    ReplyDelete
  34. අ‍ඩෝ සිරා... මම දවස් 4ක කොලඹ හිටිය නිසා බලන්න බැරි උනා. අද තමයි පෝලිමට කොටස් 4ක්ම කියවල ඉවර කලේ..:D :D :D

    සුජීව ප්‍රසන්නආරච්චි උබට මොනව හරි කලාද...??? :-o

    ReplyDelete
  35. කොහෙද ඉතින් කලින් හිතන් හිටියට සතියක් විතර ඉදල ඔක්කොම එක පාර කියවන්න, වැඩේ ගොඩ දාන්න බැරි උනා.
    වෙන අහවල් **** නිසා නෙමේ, කතාව ඒතරමටම සුපිරි.. ඔහොම යමන් කොලුවෝ...

    ReplyDelete
  36. ඔන්න රත්ගමයො උබ අද තමා යාන්තම් කියෝගන්න පුලුවන් වුනේ..මාරම පට්ට ඕයි..ඉතුරු එක හෙට දැම්මෙ නැතුවට කමක් නෑ..අනිද්ද අනිවා දාපිය (හෙට මම දවසම කොලබ බන්..ඒ ලෙවල් එෆා වෙනව..ඔන්න ඔය කතාවෙ විදියට කෙල්ලෙක් වත් සෙට් වෙන්නෙ නෑ නෙ බන් අපිට :පී )

    ReplyDelete
  37. මලයෝ උඹ කතාවක් ලියාගෙන යන බව මම ටික දවසකට කලිනුත් දැක්කා. මේ දවස් වල මාර කොන්දෙ අමාරුවක් හැදිලා තියෙනව බං. ඒක නිසා කම්පියුටර් වැඩත් හබක් වෙලා තියෙන්නේ. හොදයි හොදයි තව ලියපංකෝ. ඔක්කොම ටික එකතු කරල හරි බලන්නම්...

    ReplyDelete
  38. ඒ මේ මොකද මේ කුප්පයාට උනේ.මෙන්න මූ කතා ලියනවා. :O
    මේ ලගක් වෙනකං මූට ඉහෙන් බහින රෝගයක් තිබ්බෙ නෑනේ..
    කව්ද මේකට වග කියන්නෙ?

    ReplyDelete
  39. එල එල කුප්පයෝ.. කොහොමහරි නායකත්ව මගුලට ගිහින් වරෙන්කෝ..හැබැයි පුතෝ මේක ඉවර කරලා පල... :D

    ReplyDelete
  40. මේක සාමාන්‍යය කතාවක් විදියට යනවනම් සකුන්තල ඔය කෙල්ලව අමතක කරනවා එක්සෑම් එකෙන් පස්සේ...

    ReplyDelete
  41. 'ආදරයට කල නොහැකි දෙයක් නැත.ජීවිත වෙනස් කරන්නේ ආදරයයි...' නියම කතාව...කියන්න ගොඩක් දේ හිතට ආවා. ඒත් වචනවලට පෙරලෙන්නෙ නෑ... කොණ්ඩෙ අවුල් උන රස්තියාදු කාරයම විභාගේ පාස් කරානම් මං ගොඩක් ආසයි...

    ReplyDelete
  42. ඉක්මනට ඊලග කොටසත් දාහන් බන්... කතාවනම් පට්ටම ලස්සනයි

    ReplyDelete
  43. මුල් කොටසත් හත සේම , මෙම කොටසද කියවා ගිය බවට සටහනක් පමණක් තබා යමී

    ReplyDelete
  44. ඉලග කොටස ඉක්මනට දාහන් මචන්..කතාව නැගල යනවා..

    ReplyDelete
  45. ආදරයට කල නොහැකි දෙයක් නැත.ජීවිත වෙනස් කරන්නේ ආදරයයි..
    සහතික ඇත්ත...

    ReplyDelete
  46. This comment has been removed by the author.

    ReplyDelete
  47. mmm....me kathawa dakkama mta mge ganama mathak wna...clz eke 14,15 wnu mama meeta tikak wenas siddiyk hinda ilaga paara kelinma 3 wna! eda danunu dewal nm thama mathakai...ilagta 1 weni thana hamadmath mge wna..aththatma thamnta deyk karna oni kiyla aththatma hithenwanm, eka karna puluwan bawa thamnta wishwasanm......onim wenask karna puluwn... :)

    ReplyDelete

ඔබේ වචන මට හයියකි...මේතන ලියා යන්න(ඔන්න හොදින් කිව්වා..අඩෝ...ලිව්වේ නැතිනම් කපනවා ඩෝ...)